Tuesday, February 22, 2011

එදා පෙම් පත් අද ලොවෙත් නැත!


පෙම් කරන්නට මූණුපොත ඇත
 
මල් කඩන්නට ස්කයිප් ඇත
 
කවි ලියන්නට බ්ලොග් පිටුත් ඇත
 
උපන් දිනයට ඊ කාඩ් ඇත
    
වැඩක් නැති විට ඊ මේල් ඇත
 
පොත් අතර සඟවා හුවමාරු කළ
 
එදා පෙම් පත් අද ලොවෙත් නැත!


(මූණුපොතේ කෙනෙක් ලියා තිබූ කවියකට මම ලියූ කමෙන්ටුවක් මදක් වෙනස් කර බ්ලොගයට දැමුවෙමි.) 

Friday, February 18, 2011

වලක් දැක්කොත් ගෙම්බෙක්!


කල දුටු කළ 
වල ඉහ ගැනීමට සිතා 
මම වල අසලට ගියෙමි
මළ කෙලියකි 
වල අරක් ගත් තඩි ගෙබ්බෙකි!

Monday, February 14, 2011

අපිට කොයින්ද වැලන්ටයින්..............


මොකද බොලේ හැමතැනක්ම රතු පාට වෙලා?
ඈ බං කොහෙන්ද උඹට තෑග්ගක්?
අද උඹේ උපන්දිනේ නෙවෙයි නේ
යකෝ උඹ කිව්වාමයි මතක් වුනේ
සිරාවටම අද වැලන්ටයින් ඩේ එකනේ
!

Friday, February 11, 2011

ලස්සන වෙන්න ගිහින් කැත වෙන කෙල්ලෝ.....


කොළඹ අවට සැරිසරනකොට දැකපු කෙල්ලෝ නිසා ලියන්නට හිතුනු........... හ්ම්ම්ම්ම්............ මොකක්ද? කතාවක්? හ්ම්ම්ම්...... නෑ.....
හ්ම්ම්ම්ම් කොළඹ අවට සැරිසරනකොට දැකපු කෙල්ලෝ නිසා ලියන්න හිතුනු මොකක් හරි එකක්........

ඔය කොළඹ අවට සැරි සරනකොට, කොල්ලො හැටියට අපිට ඉබේටම වගේ ඇහැ යන විදිහේ කෙල්ලෝ ඕන තරම් ;) බොරුද? එයාලා අතරින් කිසිම විදිහක බාහිර අලංකාරයක් නොකර(තොල් පාට නොකර, කොන්ඩ මෝස්තර නැතුව,මූණේ පාට නොගා, බාගෙට ඇඳුම් නොඇද) හිටපු අය කීදෙනයිද? :t දෙතුන් දෙනෙක්? සමහර විට එක්කෙනෙක්වත් නැතුව ඇති.

කෙල්ලෝ වුනාම ලස්සනට ඉන්න පුදුම උත්සාහයක්නේ ගන්නේ. ඒ එයාලගේ හැටිනේ. ඉස්සර රජකාලේ ඉඳන්ම කෙල්ලෝ මූණේ එක එක ජාති ගාලා ලස්සන්ට හිටියයි කියනවනේ. ගල් යුගයේත් එහෙම වෙන්න ඇති. ඊට කලිනුත් එහෙම වෙන්න ඇති. ඒ කියන්නේ ඒක කෙල්ලන්ගේ හැටියක්. ඇත්තටම එයාලා එහෙම හිටියයි කියලා ඒකේ වැරැද්දක් නෑනේ :) කොල්ලෝ අපිනම් ඔය මූණේ එක එක ජාති ගාගෙන පැය ගනන් ඇස් වලට පිපිඤ්ඤා කෑලි තියාගෙන ඉන්නේ නෑනේ. එහෙම ඉන්න කොල්ලොත් ඇති ඕන තරම් :O හැබැයි කෙල්ලෝ නම් ඔය එක එක ජාති මූණේ උලාගෙන කොහොම හරි තමන්ගේ ලස්සන වැඩි කරගන්න තමයි උත්සාහ කරන්නේ.
මම කියන්නේ කෙල්ලෝ මොනදේ කරලා හරි ලස්සනට හිටියට ප්‍රශ්නයක් නෑ. ඒත් පාරේ යන කොට මම දකිනවා සමහර කෙල්ලෝ ලස්සන වෙන්න කියලා හිතාගෙන එක එක දේවල් කරගෙන කැත වෙලා ඉන්නවා :( සමහරු ලස්සනට කෙලින් තිබ්බ කොණ්ඩෙට මොකක් හරි මෝස්තරයක් දාගන්න ගිහින් කැතවෙලා. කොණ්ඩ මෝස්තරේ ලස්සනයි ඒ වුනාට ඒක ඒ කෙල්ලට ගැලපෙන්නේ නෑ.

තව කෙල්ලෝ ලස්සන වෙන්න කියලා හිතාගෙන(වෙන්න ඕනේ) කරන මරුම වැඩක් තමයි ලස්සන ලස්සන ඇඳුම් ඇඳීම. ඔය ලස්සන ලස්සන් ඇඳුම් කියලා මම අදහස් කලේ අර ඇඟෙන් භාගයක් විතරක් වහගෙන යන ඒවා.(එතකොට ඉතුරු භාගේ?)  ;) තව අර, ඇඳුම ඇන්දේ කොහොමද කියලා පුදුම හිතෙන තරමට හිරට හිරේ ඇඳගෙන යන ඒවා. වැඩිපුරම අපේ ඇහැ යන්නේ ඒ වගේ අයව දැක්කාම තමයි නේද? මම කියන්නේ බොරුද? :O මම දැකලා තියනවා ඒ වගේ කෙල්ලෝ දිහා සමහර වෙලාවට කෙල්ලොත් පුදුම වෙලා බලනවා :D එතකොට ඒ ඇඳුම ඇදන් ඉන්න කට්ටියට හිතෙනවා ඇති මේ කට්ටිය හැරි හැරී බලන්නේ මම ලස්සන නිසා කියලා :$


අපෝ ඒ වගේ ඒවා ඇඳන් යන කෙල්ලෝ දන්නවානම් එයාලා ගැන අපේ උන් කියන කතා. සමහරවිට ආයේ එහෙම අඳින එකක් නෑ :r

ඊට පස්සේ අර මූණේ පාට ගාන එක. අර මේක් අප් කියන්නේ. ඒක හරියට කරගෙන ලස්සනට යන කෙල්ලෝ ඉන්නවා. ඒ අතරේ එක එක පාට ගානෙන හරියට පාට වැඩි වුන චිත්‍ර වගේ යන අයත් ඉන්නවා.

ඔය ටික මට ලියන්න හිතුනේ පහුගිය දවස් වල බස් එකේ යනකොට දැකපු හරි අපූරු කෙල්ලෝ කිහිප දෙනෙක් නිසා. මම කියන්නේ ලස්සන වෙන්න කරන ඕන දෙයක් තමන්ට ගැලපෙන විදිහට, ගැලපෙන තරමට කළානම් හොඳයි. නැත්තම් තමන්ගේ තියන ලස්සනත් නැති වෙයි.

ප.ලි: හා හා දැන් මදෑ ඔය කෙල්ලන්ගේ විච්චූරණ බැලුවා. 

මතක ඇතුව හෙට හවස දෙකට විහාර මහා දේවී උද්‍යානයට එන්න ඉලංදාරියා අයියාගේ ශල්‍යකර්මයට අවශ්‍ය මුදල සොයා ගන්නට අපිට එකතු වෙලා කරන්න පුළුවන් දේවල් ගැන සාකච්චා කරන්න. අපි හැමෝම එකතු වුනොත් අපිට මොනවද කරන්න බැරි!

Monday, February 7, 2011

කව්ද යකෝ කෝල් කරන්නේ?


මට ප්‍රථම වරට ජංගම දුරකතනයක් ලැබෙන්නේ 2005 වසරේදීය. එකල මම උපේක්ෂාට ට්‍රයි කරන අවදිය වූ බැවින් ඒ ජංගමයෙන් ගත් ප්‍රයෝජන බොහෝය.එකල මාගේ ජංගමය ඉතාමත් කාර්යබහුලය. එය විනාඩි කිහිපයකට සැරයක් හඩනගයි. ඒ උපේක්ෂාගෙන ලැබෙන රින් කටු නිසාවෙනි. එමෙන ඇයත් සමඟ කතා කළ අවස්ථාද බොහෝ විය. ක්‍රමයෙන් රින් කටු වැඩි වන්නට වූ කළ මම ජංගමය නිෂ්ශබ්ධ කර එය දෙදරන පරිදි තැබූවෙමි. නමුත් ඒ ක්‍රමය එතරම්ම සාර්ථක නොවූයේ ජංගමය මේසයක් උඩ ඇති අවස්ථාවන්හීදී දෙදරන්නට ගත් කළ එයින් මහා ශබ්ධයක් නිකුත් වීම නිසායි. ඒ දින වල මාගේ ජංගමය නිතර නිතර නද දීම අපේ නිවැසියන්ගේ සැකයට හේතු වෙමින් තිබිණි. ඒ නිසා මම ජංගමයේ දෙදරීමද නවතා දමා සැරෙන් සැරේට ජංගමය දෙස බලන්නට පුරුදු වුනෙමි.එකල මම නිවසේ සිටින විටදී පවා ජංගමය සාක්කුවේ දමාගෙන සිටියෙමි. ඒ දිනවල මට මහා වේගයෙන් මැසේජ ටයිප් කිරීමේ හැකියාවක්ද තිබිණි. තවකෙක් සමඟ කතාවක් කරන ගමන් මම ජංගමය දෙස නොබලාම මැසේජ ටයිප් කළෙමි. නමුත් ඒ වේගයෙන්ම ජංගමයේ ශේෂයද බැස ගියේය. ඒ එකලය.

මෙකල තත්වය හාත්පසින්ම වෙනස්ය. නමට ජංගමයක් තිබුණත් එයට ලැබෙන ඇමතුමක් නැත. රුපියල් සියයේ කාඩයක් දැමූ විට මාසයක් දෙකක් පමණ භාවිතා කළ හැකිය. මේ ළඟකදී මැසේජයක් ටයිප් කිරීමට ගොස් මට මා ගැනම දුක සිතිණි. ඒ "ඉස්සර කොච්චර ස්පීඩ් එකකින් මැසේජ් ටයිප් කරපු එකෙක්ද මේ" යන්න සිහි වීමෙනි. එදා මට මා පළමු වරට මැසේජයක් ටයිප් කරපු දිනය සිහි විය. අද මම ඒ පළමු දිනයට වඩා පොඩ්ඩක් හොඳය. දැන් මම ජංගමය නිෂ්ශබ්ධ කරන්නේ ගුරුවරුන්ගේ දේශන වලදී පමණි. නමුත් එයද බොහෝ විට අමතක වී යන නමුත් ඇමතුම් නොලැබෙන බැවින් හානියක් නැත. 
ඉතාමත් කලාතුරකින් ඇමතුමක් ලැබෙන අවස්ථාද ඇත. ඒ දුරකතන සංවාද බොහෝමයක් මෙසේය.

මම: හලෝ

එහා පැත්තේ එකා: හලෝ..... චූටි බාප්පා ඉන්නවාද?

මම: කව්ද?

එහා පැත්තේ එකා: චූටි බාප්පා.....සුනිල්

මම: එහෙම කෙනෙක් නෑනේ

එහා පැත්තේ එකා:ඔය බදුල්ලෙන් නෙමෙයිද?

මම: නෑ

එහා පැත්තේ එකා: අහ් නොම්මරේ වැරදිලා

මම: :@

දැන් මිතුරන් හැම දෙනාම පාහේ මූණුපොතේ සිටියි. ඉතින් පණිවිඩ බොහෝවිට හුවමාරු වෙන්නේද මූණුපොත හරහාමය. ඒ නිසා උන්ගෙන් ඇමතුමක් ලැබුණොත් ලැබෙන්නේ කුමක් හෝ හදිසියකදී පමණි. ඒ බව දන්නා මා හැකි ඉක්මනින් ඇමතුමට පිළිතුරු දීමට සෑම විටම උත්සාහ කරයි. ළඟදී සිට මට එක කෙල්ලෙක්ගෙන් ඇමතුම් නිතරම පැමිණෙයි.

දැන් මට ඉස්සර වාගේ නිවසේ සිටින විට ජංගමය ළඟ තබාගෙන සිටීමේ පුරුද්දක් නැත. 
දිනක් මම වැසිකිලියේ සිටින විටදී ජංගමය නාද විය. ඒ ඇමතුම මිතුරෙකුගේ හදිසි ඇමතුමක් විය හැකියැයි සිතූ මා කරමින් සිටි වැඩයද භාගෙට නවත්වා ජංගමයට පිළිතුරු දීමට ගියෙමි. නොදන්නා අංකයකි.

මම: හලෝ
එහා පැත්තෙන් කිසි සද්දයක් නැත
මම:හලෝ
පසුබිම් සංගීතයක් ඇසෙන්නට විය. ඉන්පසු ඉතා මිහිරි කටහඩකින් කෙල්ලෙක්.

මේ නවතම මොබිටල් එම් ටියුන්...............

මට එවෙලේනම් යකා ඇවිස්සිණි. මොබිටල් එකේ @#$%%^%# යැයි සිතිණි :@ මේ කරදරය තාමත් නිමක් නැතිය. මම කුමක් හෝ වැදගත් වැඩක නිරතවී සිටින අවස්ථා වලදීම මේ කෙල්ල මට වද දෙයි. ඒකිගේ ටියුන් එක මට වැඩක් නැතිය. එක්කෝ ඒක මැසේජයකින් එව්වානම් කරදරයක් නැත. මොබිටෙල් එකේ උන්ටත් පිස්සුද මන්දා. ජංගමයක් ගත් දා සිටම භාවිතා කරන අංකය
මාරු කිරීමට ඇති අකමැත්ත නිසා සියල්ල ඉවසාගෙන සිටිමි :(
Related Posts Plugin for WordPress, Blogger...