Saturday, January 29, 2011

මම ඔයාලට ගොඩාක් ආදරෙයි... (මොකටද මගේ කට #@*$& )


අපේ ගෙදර අනවසරෙන් පදිංචි වී සිටින සතුන් කිහිප දෙනෙකි. උන්ගෙන් අපට ඇති උදව් උපකාරනම් නිමක් නැතිය. ඒ නිසා අපි උන්ට හරිම ආදරේය. ගෙදර හැමෝටම වඩා මම උන්ට ආදරේය. ඒ වෙන කිසිවක් නිසා නොවේ. උන් මොනවා කළත් අවසානයේ පෝරියල් එක සෙට් වෙන්නේ මට නිසාය. මේ ඒ අනවසර පදිංචි කරුවන් කිහිප දෙනෙක් පිළිබඳව ගෙනෙන ගුණ වර්ණනාවකි.

ඔය සතුන්ගෙන් අපට ලැබෙන උපකාර සත්වයා අනූව කලින් කලට වෙනස් වෙයි. මේ තරමක වැසි සහිත කාලයක් නිසා මේ දිනවල අපට වැඩියෙන්ම උපකාර කරන්නේ මදුරුවන්ය. මේ දවස්වල නම් හවස් වරුවේ උන් ගැවසෙන්නේ බොහෝම මද වශයෙනි. කෙතරම් ටිකද කියනවානම්, හවස හයෙන් පසු සාලේ ඇවිදින විට ඇඟේ වැදන ගානට, නැත්තම් අත්දෙක එකතුකර අත්පුඩියක් ගැසූ විට මදුරුවන් දෙන්නෙක් අභාවප්‍රාප්ත වන තරමට සිටිති. අපේ අම්මාගේ නියමය අනූව මඳුරු කොයිල් ගේන්න වෙන්නේ මටය. ගෙදර හතර කොනේ මඳුරු කොයිල් පත්තු කළද උන්ට ගානක් නැත. වෙලාවකට උන් මඳුරු කොයිල් දුම සමඟ සෙල්ලම් කරයි. මා සිතනා පරිදි මදුරු කොයිල් සාදා ඇත්තේ මඳුරුවන්ට නාසය හිරවූ විට දුම් ඇල්ලීමට වියහැකිය.
අනේ බලන්නකෝ පුතා මුන් මඳුරු කොයිල් පත්තු කළත් යන්නේ නෑනේ. අපේ අම්මා මැසිවිලි නගයි. මුන්ට මොනවා කරන්නදැයි මට අද වනතුරුත් සිතා ගැනීමට නොහැකිය.

නිදා ගන්නාවිට නෙට් එක නොදැම්මොතින් පහු වෙනිදාට ඇඟේ ලේ බිඳකුදු ඉතිරි වේදැයි සැක සහිතය.  දිනක් මම නෙට් එක දමාගෙන නිදා ගතිමි. උදේ අවදිවූ මාහට කවුරුන් හෝ පොල්ලකින් තඩි බෑවාක් මෙන් වේදනාවක් දැනුනි. නෙට් එකෙන් එළියට පැමිණි විට වෙනදා මා අවදිවී නෙට් එකෙක් එළියට එන විට මට ගුඩ් මෝනින් කියන මදුරු රෑන නැත. ලෝක පුදුමයකි. වට පිට බැලූ මා හට කරුණ පසක් විය. නෙට් එකේ තිබූ කුඩා සිදුරෙන් එළියේ උන් මදුරුවන් සේරම ඇතුළට පැමිණ ඇත. එදා සිට සතියක් යනතුරු මම ඉදිමුම් බසින්නට තෙල් ගෑවෙමි. නෙට් එක දැමූවත් ඒකේ පුංචි හෝ සිදුරක් ඇත්තන්ම් නිදාගෙන හමාරය.
අනිත් කට්ටිය මීයන්ය. උන්ද අපිට බොහෝ උදව් උපකාර කරයි. උන් වැඩිය අපට දිස් වෙන සීමවේ ඉන්නේ නැතිය. හිටියත් සිටින්නේ අපට ලං විය නොහැකි තැන්වලය. හිටි හැටියේ වහලේ පරාල අතරින් මතුවෙන එකෙකු අපට දිව දික් කර පස්ස පෙන්නා හිනා වෙවී දුවයි. ඌ ඒ කොලොප්පම් කරන්නේ අපට ඌව අල්ලා ගැනීමට නොහැකි බව දන්නා නිසාය. උන් වැඩ පටන් ගන්නේ අපි සේරම නිදා ගැනීමෙන් පසුවය. ගෙදර හැමෝම තද නින්දේ පසුවන වෙලාව උන් හොඳට දනී.

උන්ගේ කෙරුම් අපි දකින්නේ උදේ අවදි වූ විටය. උන්ට හසුවන මායිමේ සබන් කෑල්ලක් තිබුණොත් උන් එය අරන් යයි. උන් ඩෙටෝල් සබන් නෑම සඳහා හා සන්ලයිට් රෙදි සේදීම සඳහා භාවිතා කරනවා ඇතිය. උන්ට හසු උනොත් සමහර වෙලාවට ඇඳුම් වලින් කැබලි කපන් අරන් යයි. නමුත් උන් කිසිම දවසක ඇඳුම් ඇඳන් සිටිනවා මා දැක නැත. දිනක් මාගේ මේස් කුට්ටමකින් එකක් අතුරුදහන් විය. ඊට දින කිහිපයකට පසු නිවස අස් පස් කරන අවස්ථාවක එය හමුවූ අතර එහි මීයන් විසින් තැනින් තැන් හිල් කර තිබිණි. මුළු විලුඹම ආවරණය වනවාට වඩා තැනින් තැන හිල් තිබීම කකුලට පහසුවකැයි උන් සිතන්නට ඇත.

එක් දිනක් පාන්දර 2.30 ට පමණ මා තද නිනින්දේ සිටින විට අහස ඔළුවට කඩා වැටුනාක් මෙන් දැනුන නිසා මම ක්ෂණිකව ඇඳේ වාඩි වීමට උත්සාහ කළෙමි. නමුත් නැඟිටින්නට බැරිය. ලොකු මකුළු දැලක පැටලී ඇති සෙයකි. හැරී පොටර් කතාවේ සිටින ලොකු මකුළුවා මගේ කාමරයට ඇවිත් දැයි සිතිණි. සමහර විට සිහිනයක් විය හැකිය. මම මාවම කොනිත්තාගෙන බැලුවෙමි. සිහිනක් නොවේ. පසුව නිදිමත ගතිය පහවන විට මට කරුණ අවබෝධ විය. නෙට් එක ඇඟට කඩා වැටී ඇත. විශාල ප්‍රයත්නයකින් පසුව නෙට් එකෙන් එළියට පැමිණි මම ගිහින් ලයිට් එක දැමූවෙමි. වහලේ සිටි මීයෙක් හිනා වෙවී දුවනවා දුටුවේ එවිටය. ඌ නෙට් එක පරාලයේ එල්ලා තිබූ රෙදි පටිය කපලාය. උගේ දෙමාපිය නෑදෑ හිතමිතුරන්ට සිතින් පින් දෙමින් නෙට් එක අයින් කර නැවත නිදා ගැනීමට තැත් කළද, මා පෙර සඳහන් කළ මාගේ මිත්‍ර මදුරු සේනාව මා ඔසවා යාමට මුළු රෑ පුරාම ගත් උත්සාහය නිසා එදා මට නිදා ගැනීමට නොහැකි විය.

මුන්ව කම්බස් කිරීමට විවිධ ක්‍රම භාවිතා කළද ඒ ක්‍රම වල විවිධ දුර්වලතා පවතියි. උදාහරණයක් ලෙස මී කතුර ගතහොත්, දැන් දැන් එය සාදන්නේ මීයන්ට ආහාර සුරක්ෂිතව තබන උපකරණයක් ලෙස විය හැකිය. නැත්නම් අපේ ගෙදර සිටින මීයන් විසින් සිදුකළ පරීක්ෂණ රාශියක ප්‍රතිඵලයක් ලෙස උන් මී කතුරින් බේරීමට දනී. බොහෝ අවස්ථා වලදී උන් මී කතුරට දමන කෑම කිසිම ආපදාවකින් තොරව අරගෙන යයි. අනෙක් කරුණ නම් අපේ ගෙදර සිටින බවලත් උදවියට මී කතුර පෙන්නන්නට බැරිය. 

තවද කැරපොත්තන් සහ මැස්සන්ගෙන් අපට බොහෝ උදව් උපකාර ලැබුණත් උන්ගේ වීර වික්‍රම වැඩිය ලිවීමට නොහැක්කේ අවාසනාවට මේ දිනවල ඒ දෙවර්ගයම අප නිවසින් තුරන් වී සිටීම නිසාය. කැරපොත්තන්ට නම් දත් බුරුසු පේන්නට බැරිය. උන් විත් ඒවායින් උන්ගේ දත් මැද ගනී. මැස්සන් සිටින කාලයට උන් උදේ සිට හවස් වනතුරුම අප නිවසේ හාත්පස යමින් අපගේ පාළුව දුරු කරයි. ඉන්පසු හවස 5ට පමණ උන් ඩියුටිය මදුරුවන්ට බාර කරයි.


අන්ත්‍රාවයි.............මේ සතුන්ට ඔබ නිවසේ අනවසරයෙන් රැඳී සිටීමට ඉඩ නොතබන්න!!!!!!!!!!!

44 comments:

  1. මරු බං........
    මදුරුවොනම් අපේ ගෙදරත් රෑ දවල් නැතුව ස්වේච්චාවෙන්ම, සෑහෙන කැපවීමකින් වැඩ කරනව.අපරාදෙ කියන්න බෑ හතර, හතර හමාර වෙද්දි වාර්තා කරනව. අපේ පූසෝ ටික හින්ද මීයෝනම් නෑ. මීයන්ට විසදුම ඉතින් පූසො තමයි බං.

    ReplyDelete
  2. අනේ අපේ අවාසනාව බං.. අපේ ගෙදර මදුරුවෝ ගොඩක් ඉන්නවා... මීයොත් එහෙමයි.. ඔයාලා‍ගේ වගේ මදුරුවෝ මීයෝ ටිකක් හිටියනම් උන්ට නිවන් යන්න පාර පෙන්නලා අපිටත් පිනක් කරගන්න තිබ්බා... ;)

    ReplyDelete
  3. ඔය නෙට් එක කඩන් වැටෙන වැඩේනං මට අම්බානකට වෙලා තියනවා..ඒ වෙලාවටනම් හෙනම චා.ඇයි නිදිමතේ.....කිව්වත් වාගෙ හැරී පෝටර් එකේ මකුළුව එන්ටර් උනා වාගෙ තමා..හික්.....අනිත් එවුන් තමා කැරපොත්තො.ඉස්සර මම හිටපු කාමරේ එහා පැත්තෙ තිබුනෙ පොඩි කැලෑවක්.ඉතිං රෑට පොඩ්ඩක් හරි ජනේලෙ ඇරල තිබුනොත් ඔවුන් එකෙක්,දෙන්නෙක් කාමරේට පියාඹනව.මම ඔය සීන් එකට ඒ දවස් වල මාර බයයි.

    ReplyDelete
  4. col3neg : නෙට් එක දාලා එළියෙන් නිදා ගත්ත නම් හරි.. :)) (මදුරුවො ටික ඇතුලෙ නෙ.. =)) )

    ReplyDelete
  5. @wiaw: ඔව් බං මාස කීපයකට කලින් අපේ ගෙදර හිටපු පූසා මැරෙනකම් අපිට මී කරදරේ තිබ්බේ නෑ :(

    ReplyDelete
  6. @චතුවා (ළමයා): උඹලා අපි වගේ ගිය ආත්මේ පින් කරලා නෑනේ ඒකයි :))

    ReplyDelete
  7. @dinesh: අඩේ දිනේශ් අයියා උඹට දැන් සනීපයිද? :) හදිස්සියේ මොකද වුනේ?

    ReplyDelete
  8. @Col3Neg: ඒ වැඩේ හරියන්නේ නෑ. උන් නිකම් බොඩිගාර්ඩ්ලා වගේ පස්සෙන්මයිනේ

    ReplyDelete
  9. =)) =)) =)) ඔය සත්තුනම් මහම වදයක් තමා ~x( ~x(

    ReplyDelete
  10. උඹට කියන්න බං, අපේ ගෙදරත් මීයෝ ඉන්නවා, උන්ට දාන්න වස වගයක් ගෙනාව, උන් ඒ ටික කාලා, මගේ මාලු ටැංකියෙන් වතුරත් බීලා බං යන්නේ...

    මේ අනිත් එක, මට කියපං , අර පූසා කියන එකා ඔය ගෙදර ඉන්නේ අවසර ඇතුවද?

    ReplyDelete
  11. @prasanna86k: අපෝ ඔය වහ ගැනනම් මතක් කරන්න එපා ඒකට වෙනම කතාවක් ලියන්න පුළුවන් :-L

    පූසාටත් අවසරයක් නෑ. හැබැයි තාම ඌව ගෙදරින් එළෙව්වේ නෑ කවුරුවත්. කියන්න බෑ තව ඉස්සරහාට මොනවා වෙයිද කියනලා :))

    ReplyDelete
  12. මක් කොරන්නද මේ සත්තුත් ජීවත්‍ වෙන්න එපැයි. ඒත් මුං වෙලාවකට මිනිස්සු වගේමයි. බලාගෙන ඉන්නෙ අපිට ගේම දෙන්නමයි.

    ReplyDelete
  13. හෙහ් හෙහ් ෆට්ටයි හොඳේ.......... :)) " අප නිවසේ උදවියද ඔය සතුට එකසේ භුක්ති විඳී '" =))

    ReplyDelete
  14. ඔය ඔක්කම තම තමන්ගෙම වැරදි...

    ReplyDelete
  15. අඩේ පට්ට පොස්ට් එක මචං. ඔය කියන ජාතියේ සත්තු වත්තක් මෙහෙත් තියෙනවා. අනේ අපොය් ඔය මී මල්ලිලගෙන් තමයි බේරෙන්නම බැරි... :((

    ReplyDelete
  16. @ජේ.ඩී: ගොඩාක් ගෙවල් වල ඔහොම තමයි බං :))

    ReplyDelete
  17. @සොඳුරු සිත: 8-} අනේ මොකක්ද අක්කේ ඒ කතාවේ තේරුම?? පොඩ්ඩක් පැහැදිලි කොරන්නකෝ :-/

    ReplyDelete
  18. @..ChAnDiKa..: ඔව් බං දැන් බලන් යනකොට මුන් නැති ගෙයක් නෑ x(

    ReplyDelete
  19. අනී අම්මියෝ මම මගේ කාමරේ ට ආව මී පැන්චෙකුට ෆොටෝ ෂූට් එකකුත් දුන්නා ලගදි...! හලි ශෝයි අප්පා ඒගොල්ලෝ... මෙහෙ හැබැයි මදුරුවෝ නම් නෑ දෙයියනේ කියලා.

    ReplyDelete
  20. ඔවුන් මේ පූසා මල වදයකි අපි කරන හැමදේටම අකුල් හෙලන්නෙකු ලෙස දකිනවා ඇති. :(

    නමුත් මෙයද විය හැක.

    පූසාගේ ගදගහන මේස් ගඳ ඉවසිය නොහැකිව පූසා කලන්තේ දැම්මොත් යයි සිතා මීයා එය විසික් කිරීමට උස්සන් ගියා විය හැක. :-/

    පූසාගේ නෙට් එක ගැට ගසා ඇත්තේ මීයන්ගේ ප්‍රධාන මහා මාර්ගයක් හරහා විය යුතුය. මහා මාර්ග හරහා ලනු රෙදිපටි ඇද ගැට ගැසීම නොකල යුත්තක් බව ඔවුන්ද දනිති. මී කතුරෙහි කෑම තියන්නේ වෙන කාටවත් නොව ඔවුන්ටම බව ඔවුන් දනිති. ;;) ;;)

    තවද පූසා මෙන් ගඳ ගගහ සිටීමේ පුරුද්දක් නැති හෙයින් නොනාන පූසාට සබන් වැඩක් නැති බව සලකා පූසාගේ සබන් උස්සාගෙන යාමද සාධාරණය. :D

    මදුරුවන්ටද එසේමය........ දැල් දමන්නේ ඔවුන් ඇල්ලීමට යයි ඔවුන් සිතනවා විය හැක. ඒ නිසා පූසා මහන්සි වීම පව් බැවින් ස්වකැමැත්තෙන් පුංචි හෝ තැනක් හොයා රිංගනවා විය යුතුය. :x

    මදුරු දඟර ඔවුන්ගේ සීතල මඟ අරවා ගැනීමට පූසා අනුකම්පාවෙන් දල්වනවා යැයි සළකනවා විය යුතුය. කවුරුවත් නැති වූවිට ගෙවල් පාළුවට යන හෙයින් මඳුරුවන් නොවරදවා ගෙදර සිටිනවා විය යුතුය...... :D :D

    හා පැටික්කිට කතාව තේරුම් ගන්නට හැකි වූයේ එලෙසය....... එනම් පූසාට මඳුරුවන් මීයන් පණටත් වඩා ආදරය කරති. :x ඒ අනුව පූසා හරිය පූසා මාතෘකාවට යෙදූ "මං ඔයාලට ගොඩක් ආදරෙයි" යන්න හරියටම හරිය. :D

    ReplyDelete
  21. @සංජු: මී පැන්චෙකුට පොටෝ ෂූට් එකක් කිව්වා :-/ හි හී මොන පොටෝද අක්කේ තුවක්කුවකින් ෂූට් කරනවා මිසක් :))

    ReplyDelete
  22. @හා පැටික්කි (MS): මම හිතුවේ නෑ හාවි මං ගැන මෙච්චර දේවල් හොයයි කියලා. වැඩේ කියන්නේ හාවි මගේ මේස් ගැන විතරක් නෙවෙයි නෙට් එක එල්ලලා තියන තැනත් දන්නවා නොවැ ;))

    මේ හාවිට පොඩි වැරැද්දක් වෙලා තියනවා. දැල් දාලා අල්ලනේ මදුරුවෝ නෙවෙයි මාළු :D මං හිතන්නේ හාවිට මේ දවස් වල තියන මඤ්ඤං ගතිය නිසා පොඩ්ඩක් අමතක වෙන්න ඇති :p

    ආ හාවි අපේ ගෙදර කවුරුවත් නැති වෙලාවත් දන්නවානේ :-o

    හාවිගේ තේරුම් ගැනීමේ හැකියාව පිළිබඳව මම සෑහෙන්න පැහැදුනෙමි =))

    ReplyDelete
  23. පුදුම ආදරයක්... සියලු සත්වයෝ හට පූසා ආදරය කරයි...

    ReplyDelete
  24. එල එල .......=)) ඔය සත්තු මේ ලෝකෙන් තුරන් වෙනවනම් එකක් බන්...ඒත් ඉතින් ජීව විජ්ජාවෙන් බැලුවොත් මුන් සේරම ජීවත් වෙලා ඉන්නත් එපැයි!!!!!!:-/

    ReplyDelete
  25. @-සිතුවිලි-: :-o පිස්සුද බං ඔය සත්තු හදිස්සියෙන් හරි තුරන් වෙලා ගියොත් රැකියා ප්‍රශ්නේ උග්‍ර වෙනවා. ඇයි බං බලපන් කීයක් දේවක් තියනවාද?
    eg:මඳුරු කොයිල්, නෙට්, මී කතුරු...ect :))

    ReplyDelete
  26. =)) =))
    සත්තු නම් පව් තමයි.. දැන් හිතපල්ලා මදුරුවොත් ජීවත් වෙන්න එපැයි.. උන් කියල මොනා කන්න බොන්නද බන්. උන්ට ඉතින් අපේ පිහිට තමයි..
    මීයෝ ගැනනම් මම කතා කරන්න කැමති නෑ.. මීයන් අපි හිතනවට වඩා දියුණුයි.. මේ පහළ ඇති මට අහම්බෙන් වෙච්ච සිද්ධියක්.. :(( :((
    http://sirakaruwa.blogspot.com/2010/07/blog-post_26.html

    (එකත් එකටම උඹේ ගොඩක් පොස්ට් එක්ක මගේ ජීවිතේ සම්බන්ධයි බන්) :|

    ReplyDelete
  27. @සිරකරුවා: ඒක නේන්නම් බං අපි දෙන්නාට බොහෝ දුරට එකම වැඩ නොවැ වෙලාතියෙන්නේ 8-}

    ReplyDelete
  28. අපොයි අපේ පුස් අයියා විදින දුකක්... ටිකට් එකක් අරන් මෙහෙ එන්න මෙයා..අපිට නැනේ ඔය කරදර...

    ReplyDelete
  29. @නිම්ශා: අනේ මේ සත්තුන්ගේ කරදර මැද්දේ වුනත් අපේ රටේ අපේ මිනිස්සුත් එක්ක ඉන්න එක සැපයි නඟා. වෙන රටක නොදන්න මිනිස්සුත් එක්ක ඉන්නකොට දැනෙන හැඟීම් මම විඳලා තියනවා :(

    ReplyDelete
  30. පූසා කියන කතා වෙත් ඇත්තක් තියනවා ....... මුන් නැත්නම් කී දාහක් බඩගින්නෙද??:-o ඒ පැත්තෙන් බැලුවම මට හිතෙන්නෙ මේකුන්ව බෝ කරල ඇති දැඩි කරන්නේ කොම්පැණි කාරයොද කියලා ~x( නැත්නම් ඉතින් වෙළද පොලේ අද තියන දේවල හැටියට මේ සත්තු තුරන් වෙලා ගොඩක් කල් =)) =))

    ReplyDelete
  31. කෝ යකෝ මම දාපු කොමෙන්ට් එක....

    ReplyDelete
  32. @රත්ගමයා: :-/ උඹ කමෙන්ට් කරලා තිබ්බේ නෑ බං

    ReplyDelete
  33. කෝ මම දාපු කමෙන්ට් එක ...?
    අඩා මමත් කමෙන්ට් කරේ නෑ නේන්නම් ..

    මෙහෙම කරන්න මචෝ බ්ලොග් ගඩොල් ලියන බිලාලයෝ සෙට් එක එක්කටගෙන ගෙදර ඇවිල්ලා ඔය මීයෝ ටික අල්ලගන්න

    රෑට නිදාගන්නකොට මචං රෙදි ඇඳගෙන නිදාගන්න එතකොට අවුලක්නෑ මදුරුවෝ කන්නේ නෑ

    ..කොලොම්පුරේටත් ඔයතරම් දුක් කරදර තියනවා කියලා මම හිතුවේ නෑ ..මම හිතාගෙන උන්නේ ලංකාවේ ලස්සනම පලාත කොලඹය කියලා ..එහාටත් ඔහොම වදේ ද ? බලාගෙන යනකොට මෙහේ හොඳයි ...

    ඇත්තමයි මචං උඹ පූසා නේද මට අමතක උනා !ලැජ්ජයි බං හූ හූ ...උඹට මීයොංගෙන් කරදරයි කීවම ..පට්ට යන්න හිනා ...

    ජය වේවා !!

    ReplyDelete
  34. අපේ ගෙදරත් මදුරු කරදරේ නම් කියල නිමකරන්න බෑ. සේරම ඉවසතහැකි. උන්ගෙ රූං ගාල කියන සින්දුව ඉවසන්න පුලුවන් මොකාටද. අපේ තාත්තට තද වෙලා එක දවසක් ගෙනාව අර පාරෙ විකුනන්න තියෙන බැඩ්මින්ටන් රැකට් එක වගේ මදුරුවො මරන එකක්. ඒකෙන් නම් පට පට ගාල වැඩේ හම්බෙනවා. ඒත් වැඩේ කියන්නෙ ටික දවසකින් ඒක කැඩුනා මදුරුවො පස්සෙ පන්නල පුටු කකුල් වලට මේස කකුල් වලට තඩි බාලා.

    මී කරදරේ ගැන නම් කියන්න තියෙන්නෙ අපේ ඉන්න පූස් තඩියා පණ පිටින් මීයො අල්ලන්නෙ නෑ. ඌ අපෙ තාත්තා අමාරුවෙන් අටවන මී කතුරට අහුවෙන මීයො කතුර පිටින්ම අරන් දුවනවා. අන්තිමට හැමදාම මී කතුරු ගේන්න වෙනවා. අපේ තාත්තට පූසා දැක්කම ඌරු ජුවල්. පූසා පියාඹගෙන යනවා තාත්තා පයින් ගහලා.

    ReplyDelete
  35. නියම වාක්‍ය රචනාව. හොඳට රස වින්දා!
    එකම නිවරද කිරීම නම්-
    මදුරුවෝ සෙල්ලම් කරති.
    මියෝ දුවති යනුවෙන් ලිවිය යුතු වීමයි.

    ව්‍යවහාර භාෂාවෙන් ලියන්නේ නම් සෙල්ලම් කරනවා, දුවනවා යනුවෙන් ලියන්න.

    ReplyDelete
  36. @හිස් අහස: කොළඹ මොනවද බං ලස්සන :( බිල්ඩින් ගොඩවල් විතරයි! ඒ වගේද උඹලගේ ගමේ. ඇළ වැව බලපන් කොච්චර ලස්සනද කියලා :)

    ReplyDelete
  37. @Kathandara: බොහෝම ස්තූතියි අයියේ පෙන්නලා දුන්නාට :) ගොඩ කාලෙකට පස්සේ මේ විදිහට ලියන්න ගත්තේ(සාපෙ ට පස්සේ) මට ඒ අයියා පෙන්නපු තැන් මඟහැරිලා.
    මගෙ කතාව අයියා රසවින්ඳා කිව්වාම මට බොහෝම සතුටුයි :)

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...