Monday, September 5, 2011

මගේ වරදින් මා හැරදා ගිය ඈ එනතුරා.............


ළඟ සිටි කළ නොදැනුනි මට ඔබේ         අගේ
ළඟ නැති විට දැනුනයි මට ඔබේ           අගේ
නිවාඩුවට පාළු වූ පාසලක්                   වගේ
දරන්න බෑ පාළුයි මුළු සිතම                මගේ

මටත් හොරා මගෙ සිත පෙම් බැන්ද         වග
පසක් උනේ නැතිවිට ඔබ මගේ               ළඟ
ගුලි වී වකුටු වී මම දැන් ඇඳේ               අග
ඔබ එනතුරා නෙතු නොපියා බලමි           මඟ

නොගැලපෙනා පෙම්වතියක් උනත්           එදා
මුණගස්සා දුන් පාඩම් මෙමට               බෙදා
ඒ පාඩම් පවතියි තව සිතේ                   රඳා
එකලත් මා සුවපත් කළ ඔබයි              වෙදා

බ්ලොග් ලියන්න මඟ සැදුවෙත් ඔබම      තමයි
නව මිතුරන් හමු වූයෙත් ඔබ               හින්දයි
දැන් ඒ කිසිත් නැත්තේ ඔබ නැති          හින්දයි
තව ඉවසන්න බෑ ඔබවම හද               ඉල්ලයි

අලුත් සිංදු නෑ ඔබ ළඟ නැති              හන්දා
අලුත් ෆිල්ම් නැත්තෙත් ඔබ නැති          හන්දා
යලි කවදා බ්ලොග් කියවන්නද            මන්දා
බෙල්ල රිදෙයි උඩ බලාන උන්            හන්දා

මෙය කියවා ඔබසැම යන්නට                     යාවී
තව සමහරුන් අදහස් දක්වා                      යාවී
ඒ  අය  හට  මගේ පිළිතුරු නැති                වේවී
"ඇය නොමැතිවද කමෙන්ට්ස් නැත්තේ"   විමසාවී

කුමක් නිසාදැයි මා හට ඇය නැති          වූයේ
පැනයක් නොවෙද ඔබහට දැන් ඇති       වූයේ
ලං වී සවන් දෙනු මෙලෙසයි සිදු           වූයේ
ඔබහට කියන්නත් ලැජ්ජයි සිදු වූ             දේ

සිත්තර තරඟයක් පෙරදා               පැවතූයේ
එම තරඟෙන් මා පළවෙනියා                වූයේ
එම සතුටටයි මොඩමය උඩ විසි            වූයේ
ගිලිහුනු නිසයි සියතින්, එය කුඩු             වූයේ

මා මෙන් කිසිදා ඔබ නම් කරනු                  එපා
සතුට නිසා මොඩමය උඩ දමනු                 එපා
රවුටර් උනත් කිසිදා උඩ දමනු                  එපා
හතුරෙකුටවත් මෙලෙසින් නම් වෙන්න         එපා

මේ කවි පෙල දමා යන්න මේ            පැත්තේ
ලොකු මුදලක්ය මා අද වැය කර         ගත්තේ
යලි කවදා ඈ හමුවේද නොම            දත්තේ
ඇය කවුදැයි ඔබ හට පැහැදිලි          ඇත්තේ

24 comments:

  1. උදේ පන්දරම දුක හිතෙන සීන් එකක් තමා දැක්කේ.
    ඕකම තමා මටත් උනේ. මගේ වරදින් තමයි මම් යාලුවෙලා හිටපු කෙනත් ගියේ.
    කවි ටික නම් සුපිරි.
    මගේ අතීතය මතක් කරලා දුන්නා මේ කවි ටික.

    ReplyDelete
  2. @මධුරංග: අයියා කතාව පටලගෙන වගේ... තව පාරක් හිමීට කියවලා බලන්නකෝ :))

    ReplyDelete
  3. මේ නම් කතා කරන්නේ ගෑනු ලමයෙක් ගැන නෙමේමයි. එහෙමනම් තමාගේ වැරැද්ද මෙහෙම ප්‍රසිද්ධියේ පිලිගනීවියැ.

    ඔය //මොඩමය//වගේ මෝඩ දෙයක් ගැන වෙන්ටැති....:)

    ReplyDelete
  4. ආ තරඟෙට තෑග්ග උඹම අරගෙන වගේ....

    ReplyDelete
  5. මීට පස්සෙ මෝඩම් එක පරිස්සමින් ගලවල පැත්තකින් තියලා.. පීසී එක උඩ දමන්න..මීට වඩා ලස්සන නිර්මානයක් බිහි වෙයි.. මේකත් මල් හතයි..

    ReplyDelete
  6. :-O හික්ස්ස්ස්ස්ස්ස්.... මරු වැඩේ... වෙලාවට මොඩම් එක උඩ දැම්මෙ.. පී සී එක/ ලැප් එක වගේ එහෙම උඩ දැම්මානම් ඉවරායි...:-| ;)
    මරු නිර්මාණයක්...!!!

    ReplyDelete
  7. ක්ෂනික සතුටත් ක්ෂනික දුකත් උන්හිටිතැන් ..අමතක කරනවා...
    හොඳ නිමාණයක් ...

    ReplyDelete
  8. දරන්න බැරි සතුටක් ආවිට මල්ලී
    අපිත් කොරනවා ඔය වාගේ වැරදී
    කමෙන්ට් කෙරුව වාගේ හිතුවක් කාරී
    කොම්පීතරේ පරිස්සමට ඇති මල්ලී...

    ReplyDelete
  9. සතුටට මොඩමය උඩ දාලා නැවතුනා ඇති... සතුට සැමරීම නම් අනර්ඝයි.. කවි ටික ඊටත් වඩා අනර්ඝයි... කොමෙන්ට් නැති එක ගැන කතා කොරලා වැඩක් නෑ ඉතින්......

    ReplyDelete
  10. හික්ස්....කොරගෙන තියෙන දෙයක්. :))

    @මධුරංග - මල්ලි හිතේ තියාගෙන හිටපු දේ මේ කවියෙනුත් දැකලා වගේ

    ReplyDelete
  11. ඇත්ත තමයි ඕකට පුරුදු උන කෙනාට එක නැතිඋනා දාට නිකම් බුට් හතක් වැදුන වගෙයි..

    ReplyDelete
  12. පූසෝ උඹ ඔය කියන කෙනාට මං දෙ‍වියොත් දෙවෙනි කරලා සළකන්නේ.. "එයා නැත්තං මං ජීවත් වෙල මොකටද" වගේ සීන් එකක් යන්නේ.. අනේ යකෝ උඹත් කරගන්න දේවල්.. දැන් ඉතින් කාපං කට්ට..!

    ReplyDelete
  13. උඹට උඩ දාන්න වෙන දෙයක් තිබ්බෙම නැද්ද අම්මප :)

    ReplyDelete
  14. හලේ කොම්පීතර් ගර්ල් ෆ්‍රෙන්ඩ් .. පුසා පවු අෆ්ෆා.

    ReplyDelete
  15. දැන් පූසට හිතෙනවා ඇති අපරාදේ තරගෙන් පළවෙනියා උනේ කියලා.. එහෙමෙ නොවුනනම් මොඩම් එක උඩ දාන්නේ නෑනේ..

    ReplyDelete
  16. මදෑ කරගෙන තියෙන දේ....පනින්න පෙර සිතා බලනු පූසෝ...ඉදිරියටවත් ;)

    ReplyDelete
  17. තරඟෙන් දිනුවට උඹට මහා පාඩුවක් නේ මචං වෙලා තියෙන්නේ ..?

    ලස්සන කවි ටික ..

    ReplyDelete
  18. ගති කවි ටික.....මැදැයි දුවගෙන ආවා

    ReplyDelete
  19. අපොයි අපොයි පූසෝ!!!!! :(

    ReplyDelete
  20. ෂෝක් කවි ටික! :) එච්චරටම බරපතල සතුටක් වෙන්නැති! මාතෘකාව දකිද්දි මම හිතුවෙ මට වෙච්ච එක පූසයියටත් වෙලා කියල!

    ReplyDelete
  21. අපොයි පූසෙක් සතුටට කරගෙන තියෙන හරිය. :) දැන් අලුත් මොඩම් එකක් අරගෙනද?

    ReplyDelete
  22. Podi Kumarihami : නෑ නෑ අක්කේ මේ මොඩමය වගේ මෝඩ දෙයක් ගැන නෙමෙයි මේ ඉන්ටර්නෙට් වගේ ඉන්ටෙලිජන්ට් දෙයක් ගැන!

    ----------------------------------------------------------------------------------------------------------

    prasanna86k : වෙන කාටවත් දෙන්නේ මක්කටැයි ;)

    ----------------------------------------------------------------------------------------------------------

    weni : අපෝයි ඇඟ හිරිවැටෙන කතා කියන්ට එපා!

    ----------------------------------------------------------------------------------------------------------

    හිතුවක්කාරි : අපෝ එව්වා උඩ දන්නේ නෑ. ස්තූතියි :)

    ----------------------------------------------------------------------------------------------------------

    Gimhani : ඒක නේන්නම්! ස්තූතියි :)

    ----------------------------------------------------------------------------------------------------------

    සාතන් අයියා : ෂා අයියත් හොඳ කවි කාරයෙක්නේ

    ----------------------------------------------------------------------------------------------------------

    ගොඩයා : ඔව් හොඳ වෙලාවට මොඩමේ විතරයි උඩ දැම්මේ :D

    ----------------------------------------------------------------------------------------------------------

    නිසූපා : අනේ ඉතිං ඔහොම හිනා වෙන එක හොඳයැ

    ReplyDelete
  23. සරත් ලංකාප්‍රිය : ඒකනම් ඇත්ත!

    ----------------------------------------------------------------------------------------------------------

    චතුවා : ඒකනේ බං ආයේනම් උඩ දාන්නේ නෑ...

    ----------------------------------------------------------------------------------------------------------

    ``` Outsider``` : අතට අහුවෙන සැහැල්ලු දේකට තිබ්බේ ඔච්චරයි.....

    ----------------------------------------------------------------------------------------------------------

    පබළු : නෑ අක්කේ මේ ඉන්ටර්නෙට් ගර්ල් ෆ්‍රෙන්ඩ් ;)

    ----------------------------------------------------------------------------------------------------------

    Dinesh : අප්පේ එහෙමනම් හිතෙන්නේ නෑ ;)

    ----------------------------------------------------------------------------------------------------------

    දිල : නෑ අක්කේ උඩ දාන්න පෙර සිතා බලනු! :))

    ----------------------------------------------------------------------------------------------------------

    හිස් අහස : ඔව් බං!

    ----------------------------------------------------------------------------------------------------------

    පිසාචයා : ස්තූතියි :)

    ----------------------------------------------------------------------------------------------------------

    ..ChAnDiKa.. : ඔව් බං මාර පාඩුවක් උනේ!

    ----------------------------------------------------------------------------------------------------------

    තනි අලියා : පිස්සුද මලයෝ මගේ වරදින් නම් මම කෙල්ලෙක්ට යන්න දෙන්නේ නෑ....... ;)

    ----------------------------------------------------------------------------------------------------------

    නලිනි : නෑ අක්කේ මේ යාළුවෙක්ගෙන් ටික කාලෙකට රවුටරයක් ඉල්ලගත්තා.......

    ReplyDelete
  24. ඔයාගෙ කවිය මරේ මරු බොහොම ඉස්තූතියි යාලුවා...!

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...