ආදරේ විකිණීමට තිබේ!
අතේ සතේ
නැති එදා
තිබූ සතෙත්
බසයටම පුදා
ඇගේ පස්සෙන්
ගියේ
සැරසිලා
කැරකිලා
ආදරෙයි මා
සදා
කියූ විට
එදා
ගියේ වෙනතක්
බලා
ගස්සලා
ඔරවලා
අතේ සතේ
නැති නිසා
ගියෙමි
පිටරට බලා
මාළිගා තනන්නට
හීන
බල බලා
හිත හිතා
දෙවසරක් ගෙවා
ආවේ මා
මෙදා
රත්‍රං
මාල
මුදු
පළඳලා
සැරසිලා
හැරී මා දෙස
බලා
කෙල්ලෝ
දොඩමලු වෙනා
ෂඃ බලන්නකෝ
ඔයා
තර වෙලා
සුදු වෙලා
ළඟදී දවසක්
එයා
ඇගේ හැප්පුනා
බොරු තරහක්
මවා
ගියානේ එයා
හිනැහිලා
බිම බලා
එදා වගේද
මෙදා
ආදරේ ඉල්ලයි
එයා
මා දෑත බදා
බොරු
ගොත ගොතා
හඬ හඬා
ප/ලි : මටත් නොදැනිම මගේ බ්ලොග් එකේ පළවෙනි පෝස්ට් එක දාලා අද වෙනකොට අවුරුද්දකටත් වඩා ගතවෙලා.....
මෙච්චර කාලයක් මාත් එක්ක හිටපු අදටත් ඉන්න හැමෝටම ස්තූතියි.....
(පින්තූරෙ - http://goo.gl/8GQb1)
අවුරුද්දට සුබ පැතුම්...!!!
ReplyDeleteකෝ...කෝ...කොහෙද අර ආදරේ විකිණීමට තිබේ කියලා තියෙන්නේ...:D
සුබ පැතුම් මලේ!
ReplyDeleteඔයා කියල තියන එක නම් ගොඩක් වෙලාවට ඇත්ත.
කාසිය භගෙ තියෙනවනම් ඒ ළඟ හැම දෙයක්ම විකිණෙන එක මේ අද ඊයෙ ඉඳන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි.
ReplyDeleteතවම එක අවුරුද්දයිනෙ. අවුරුදු සීයක්වත් මේකෙ මොනව හරි ලියපං :))
මට ලව් කරල අත්දැකීමක් නම් නෑ! නමුත් අනුංගෙ ලව් study කලාම තේරෙනව පූසයියා කිය එක අැත්ත කියල! මගෙ නම් වැටහීම අාදරේ කියල දෙයක් මිහිපිට නැති බව! නිර්මාණය ලස්සනයි!
ReplyDeleteඅවුරුද්දට සුභ පැතුම් පූසො !... :)
ReplyDeleteපූසෝ..මොනව වුනත් වැදගත් කතාවක්නෙ කියලා තියෙන්නෙ. හැබැයි ඔය ආදරයමද කියලා දෙපාක්ක් විතර හතලා බලන්න වෙනවා... :D
ReplyDeleteදිග කතාවක් ලස්සන ඇති...
ReplyDeleteසුභ පැතුම් අවුරුද්දට පූෂෝ.. දැන් එතකොට කව්ද උඹෙ අතේ එල්ලිලා අඬන දැරිවි?
ReplyDeleteඅවුරුද්දක ගමන වෙනුවෙන් මගේ සුභ පැතුම්. තවත් දිගු කලක් ලියන්නට වාසනා.
ReplyDeleteඅර "සුදු වෙලා, තර වෙලා" කෑල්ල කියවනකොට මගේ හිතේ මැවිලා පෙනුණා, හොඳ පුෂ්ටිමත් සුදු පූසෙක්. :D
Good luck :-bd
ReplyDeleteසුභ පැතුම් මචං...
ReplyDeleteකව් ටිකත් එල.
අවුරුද්දට සුභ පැතුම්........ :)
ReplyDeleteඅවුරුද්දට සුභපැතුම් පුසෝ......
ReplyDeleteඕක ආදරයමද......? කොහොම උනත් සහතික ඇත්ත
අවුරුද්දට සුභ පැතුම්.. :)
ReplyDeleteඅවුරුද්දට මගෙනුත් සුභ පැතුම් පුසෝ.. ඔය අත්දැකීමම මටත් ලැබුනා පහුගිය ටිකේ... අනේ හැබෑටම වීසා එකකට තියෙන වටිනාකමක්...
ReplyDeleteමගෙනුත් සුභපැතුම් පූසෝ. ඤාව් ඤාව්
ReplyDeleteආ... සුබපැතුම් පූස්...... =D7
ReplyDeletePASSEN ENAVITA AHAKA BALANA...
ReplyDeleteAHAKA BALANAVITA PASSENA ENA..A.D.A.R.A.Y.A
PUSATA SUBA PATHUM.
ඔන්න එහෙනම් අවුරුද්දට සුබ පැතුම්.
ReplyDeleteෂල්ලි අත්‍යවශ්‍ය සාධකයක් තමයි. හැබැයි ඒක විතරක්මත් නෙවෙයිනේ... ;-) සුභ අළුත් අවුරුද්දක් කිව්වා :D
ReplyDeleteආ..... පූෂා.. එලකිරි ආ.... ඔහොම යා..න්න් :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd
ReplyDeleteඔන්න පූසට සිංහයගෙනුත් සුභ පැතුම් ...........:D
ReplyDeleteමගෙත් හිතේ මැවුනේ අර ගමගෙදර කිරි කාල මහත් වෙච්ච සුදු මහත පුසව . අද ගනුදෙනුවක් නොවෙන දෙයක් නැහැනේ . ආදරෙත් එහෙම වෙන්න ඇති. වැඩිය නොහිත ඉන්න එක තමයි නුවණට හුරු.
ReplyDeleteඅවුරුද්දට මගෙන් සුබ පැතුම් ..තව තව පුස් කතා ලියන්නටත් ..පුස් චිත්‍ර අඳින්නටත් හැකිවේවා !!!!
හක හක හක....
ReplyDeleteඔන්න් මගෙනුත් සුභ පැතුම්...!!!!!!!!!!!
ReplyDeleteඅදහස ලස්සනයි අවුරුද්දක් ගියාට සුබ පැතිම් මචං ..උඹත් දැන් ප්‍රවීණ බ්ලොග් ලියන පූසෙක්
ReplyDeleteසියක් වරම් ලැබ
ReplyDeleteදිගුකල් ලියනට
ඔබහට හැකි වේවා!
ආදරේ ගැන ලියපු කවිය නම් සහතික ඇත්ත. ඕක තමයි යථාර්ථය. කඩතුරාවෙන් වැහිල තියෙන ආදරයේ සැබෑ ස්වරෑපය. ස්ත්‍රී පුර්ෂ දෙපක්ෂයටම පොදුයි.
රන්මසු නෑ කියා... මා දිලිඳුයි කියා කීවා.....
ReplyDeleteබැලුවෙ ඔබ අද මා දිහා පට පිලි දවටා ආ නිසා...
සින්දුවක් මතක් උනා... සුබ පැතුම් අවුරුද්දට... දිගටම ලියමු.
Podi Kumarihami : ස්තූතියි අක්කේ :)
ReplyDeleteඉතිං අක්කේ ඔය තියෙන්නේ වැඩිම වටිනාකම දෙන්න හැකියාව තියෙන කෙනා ගාවට තමයි ආදරේ මුවාවෙන් ලං වෙන්න හදන්නේ..... විකුණුවා වගේ තමයි!
----------------------------------------------------------------------------------------------------------
නදී : ස්තූතියි අක්කේ... ඔව්! ගොඩක් වෙලාවට......
----------------------------------------------------------------------------------------------------------
``` Outsider``` : ස්තූතියි අයියේ!
----------------------------------------------------------------------------------------------------------
තනි අලියා : එහෙමනම් ලඟදීම අත්දැකීමක් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා මලේ!
----------------------------------------------------------------------------------------------------------
සාතන් : ස්තූතියි!
----------------------------------------------------------------------------------------------------------
නිසූපා : ආදරය මුවාවෙන් කරන බිස්නස් එකක් අක්කේ!
----------------------------------------------------------------------------------------------------------
indi : හ හා ඔව්!
----------------------------------------------------------------------------------------------------------
පිණිබිඳු : ස්තූතියි අක්කේ! අනේ මම වගේ හිඟන්නෙක්ගේ අතේ එල්ලිලා අඩන කෙල්ලෝ නෑ අක්කේ :))
----------------------------------------------------------------------------------------------------------
නලිනි චන්දිමා : ස්තූතියි අක්කේ!
හඃ හා එහෙනම් මම වගේම කෙනෙක් අක්කගේ හිතේ මැවිලා (කාටවත් කියන්න එපා... මම සුදු නෑ හොඳේ ;) )
----------------------------------------------------------------------------------------------------------
Anonymous : ස්තූතියි!
----------------------------------------------------------------------------------------------------------
prasanna86k : ස්තූතියි මචං!
----------------------------------------------------------------------------------------------------------
Nushi : ස්තූතියි නඟේ :)
----------------------------------------------------------------------------------------------------------
සිතුවිලි නිහඬයි : ස්තූතියි!
ආදරයද? ආදරය නෙමෙයි අනේ බිස්නස් එකක්!
----------------------------------------------------------------------------------------------------------
ප්‍රාර්ථනා : ස්තූතියි!
Dinesh : ස්තූතියි! ඇරත් ඉතිං අයියණ්ඩි ඉන්නේ සුළුපටු රටකයැ!
ReplyDelete----------------------------------------------------------------------------------------------------------
blog gadol : ඤාව් ඤාව් ඤාව්! :)
----------------------------------------------------------------------------------------------------------
හිම කුමාරි : ස්තූතියි අක්කේ!
----------------------------------------------------------------------------------------------------------
Gimhani : ආදරේ හරි පුදුමයි නේද :D ස්තූතියි අක්කේ!
----------------------------------------------------------------------------------------------------------
මධුරංග : ස්තූතියි අයියේ!
----------------------------------------------------------------------------------------------------------
hare :-) : අයියණ්ඩි කාලෙකින්! මම නම් හිතන්නේ මෙහෙමයි අයියේ... සල්ලි ගොඩායි නම් අනික්වා පෝඩ්ඩක් තිබ්බාම ඇති. හැබැයි ඉතිං අනික්වා ගොඩායි උනාට සල්ලි පෝඩ්ඩක් වෙලා මදි :D
එසේම වේවා! අහ් වැරදුනා.... ස්තූතියි! :))
----------------------------------------------------------------------------------------------------------
චතුවා (ළමයා) : ස්තූතියි මචං... ඔව් මෙහෙමවත් ගිහිං බලමු.......
----------------------------------------------------------------------------------------------------------
The Lion : ස්තූතියි සිංහයෝ!
----------------------------------------------------------------------------------------------------------
Bindi : අහ් මං ගැන තමයි හිතිලා තියෙන්නේ....
පූස් චිත්‍ර :D ස්තූතියි අක්කේ! :)
----------------------------------------------------------------------------------------------------------
සෝරෝ : මොකද බං හක හක ගාන්නේ අස්පයා ලෙඩ වෙලාද? :D
----------------------------------------------------------------------------------------------------------
හිතුවක්කාරි : ස්තූතියි! :)
----------------------------------------------------------------------------------------------------------
හිස් අහස : ස්තූතියි මචං....
ප්‍රවීණ? පිස්සුද බං.. කාලෙන් නෙමෙයි ප්‍රවීණත්වය මනින්නේ! මම තාම ආධුනිකයි මචං..... උඹලගේ බ්ලොග් එකම බලලා මම තාමත් ඉගෙන ගන්නවා මොකද උඹලා ප්‍රවීණයි! :)
----------------------------------------------------------------------------------------------------------
batti : ඔයාවනම් අද තමයි මුලින්ම මේ පැත්තේ දැක්කේ....
ස්තූතියි! :)
----------------------------------------------------------------------------------------------------------
පිස්සා පලාමල්ල : සී ටී ප්‍රනාන්දුගේ සිංදුවට මම ඊට වඩා ආසයි....(මම හිතන්නේ ඒක කියන්නේ සී ටී ප්‍රනාන්දු නැත්තම් සී ටී පෙරේරා... හරියටම මතක නෑ)
මම එන්නේ ඩුබායි රටේ ඉඳන්
සල්ලි හොඳට හම්බ කරන්
හම්බ කරපු සල්ලි මා ළඟයි
ඒකෙත් තියනවා ඔය වගේම කතාවක්
ස්තූතියි අයියේ! :)
කය් පන්තිය මරු.
ReplyDeleteඅවුරුද්දෙ සංවස්තරය වෙනුවෙන් සුභ පැතුම්....!!!!
සුදු වෙලා තරවෙලා කිව්වම මාත් ආවනේ බලන්න පූසෙක්ව....
ReplyDeleteහැපී ඇනිවර්සරි... =D7
ReplyDeleteහෙහ් හෙහ්....හැපි ඇනිවසරි වේවා... අතේ සතේ නැති වුණාම ඔහොම තමා පූස්.. :D
ReplyDeleteපට්ටම නිසදැස සහෝ. හැබැයි උඹ ඕකිට අහුවෙන්න එහෙම එපා හොඳද. ඔහොම සල්ලි වලට ආදරේ විකුණන කෙල්ලො නම් ගොඩක් ඉන්නවා. ආදරේට ආදරේ කරන හොඳ කෙල්ලෙක් හොයා ගනින්.
ReplyDeleteඔන්න අවුරුද්දට මගෙනුත් සුභ පැතුම්.
නිර්මාණයක් විතරද නැත්නම් කතාව ඇත්තද? බ්ලොගියට ජයවේවා.
ReplyDeletehenryblogwalker the Dude
මෙකක් උනත් වැඩේ හොදයි .මගෙන් උනුසුම් සුබ පැතුම්
ReplyDelete