Saturday, January 15, 2011

මම අකමැති ඔබේ ආදරය..........


ඔන්න මම කලින් කිව්වනේ සුමුදුගේ කතාව. ඔන්න ඒක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්නකෝ. ඒක 10 වසර ඉවර වෙනවත් එක්කම ඉවර වුනා. ඊළඟට පටන් ගත්තේ චාමිගේ විකාර. චාමිනම් ඇත්තටම මට ලොකුම ලොකු ඇණයක් උනා.

චාමි ගැන කියනවා නම් එයා අපේ මුළු ශ්‍රේණියේම ඉන්න පුංචිම කෙල්ලන්ගෙන් එක්කෙනෙක්. ඒ නිසා වෙන්න ඇති හුරු බුහුටි පෙනුමක් තිබ්බා. හැබැයි පොඩි විසයක් නම් නමෙයි තිබ්බේ. කොයි වෙලාවක බැලුවත් එහෙට දුවනවා මෙහෙට දුවනවා උඩ පැන පැන, හිනා වෙනවා එක විකාරයයි.

මම කලින් කතාවෙදිත් කිව්වනේ සුමුදු, චාමි, උපේක්ෂා තුන්දෙනා 10 වසරේදී හොඳම යාළුවෝ තුන් දෙනෙක්. ඒත් 11 වසරදී සුමුදු පන්තියේ වෙන කෙල්ලෝ සෙට් එකකට සෙට් උනා. අනිත් දෙන්නත් එක්ක වැඩි ඇයි හොඳයියක් තිබ්බේ නෑ. හේතුවනම් මම දන්නේ නෑ. චාමි මාත් එක්ක ගොඩාක් ෆිට් වුන සිද්ධිය මේකයි.

10 වසරේ මාස කීපයක් යනකොට ඔය තුන්දෙනා මාත් එක්ක ගොඩක් ෆිට් උනා. සමහර දවස් වලට ඉස්කෝලේ පටන් ගන්න කලින් පංතියට වෙලා ඉන්නකොට (මම ඉස්කෝ
ලෙට කිසිම දවසක මම පරක්කු වෙලා ගිහින් නෑ. පොඩි කාලේ ඉඳන්ම ඉස්කෝලේ පටන් ගන්න පැය බාගෙකට කලින් ඉස්කෝලෙට යනවා. 13 වසරේදිනම් ඉස්කෝලේ පටන් ගන්න විනාඩි 5කට කලින් පංතියේ :D ) චාමි හොරෙන් පිටි පස්සෙන් ඇවිත් මගේ ඇස් දෙක වහලා

හා... කියන්න බලන්න කව්ද කියලා

ඔන්න ඔය වගේ වැඩත් කරනවා.
ඉතින් ඔය කාලෙදී චාමියි, උපේක්ෂායි ගණන් සහ විද්‍යාව ටියුෂන් ගියේ මමයි මගේ යාළුවෙකුයි ගිය පංති වලටමයි. ඔය අස්සේ මගේ යාළුවාට චාමි ගැන හිතක් පහල වෙලා. ඇයි හරි හුරු බුහුටු කෙල්ල නොවැ ;) මිනිහා මට කිව්ව අනේ බං සෙට් කරලා දීපන්කෝ කියලා. මම අද උනත් යාළුවෙක් ඔය වගේ උදව්වක් ඉල්ලුවොත් බැහැලා කරනවා. එදත් එහෙම්ම තමයි. මම ඉතිං දන්න කියන ශිලප ඔක්කොම දාලා දෙන්නට දෙන්නා හම්බ වෙලා කතා කරන්න වැඩේ සෙට් කළා. සෙට් කළා තමයි මට උනේ ලෝක ලෙඩක්. පළවෙනි පාරට කතා කරලා ආවා විතරයි මගේ යාළුවා කියපි
 
අපෝ බං ඒක හරියන්නේ නෑ ඒකිට හොඳටම පිස්සුනේ

මොකක් උඹ දැන් ඒකිට මොනවද කිව්වේ?

මුකුත් නෑ බං


මට ඒ වෙලාවෙනම් යකා නැග්ගා. මම අදටත් කැමති නෑ ඔය බොරුවට ලව් කරන සීන් එකට. හැබැයි බොරුවට ලවු කරලා රෙකෝර්ඩ් තිබ්බ මගේ යාළුවෝ ඔක්කෝම වගේ අද ෆුල් සීරියස් ලව් කරනවා. බොරුවට ලව් කරනවාට අකමැති මට තමයි තාමත් කවුරුත් නැත්තේ :t

කොහොමින් කොහොම හරි මගේ යාළුවා තව දවස් දෙක තුනක් මගේ වදකිරීමට බෑ බෑ කිය කියා ගිහින් චාමිව හම්බ උනා. ඒට පස්සේ ඒකා චාමිව මඟහරින්න ගත්තා. ඒ වැඩේටනම් මට ගොඩක් අප්සට්. මම එක එක ඒවා කියලා චාමිගේ හිත හදන්න උත්සාහ කළා.

ඔය දේවලුයි සුමුදුගේ දේවලුයි ඔක්කෝම ඉවර වෙලා 11 වසරට එනකොට එනකොට අපි හැමෝටම සාපෙ ගැන උනන්දුව වැඩි උනා (සාපෙ කිව්වේ මේ..... සාමන්‍ය පෙළ :D ) මොන දේ වුනත් මම උපේක්ෂායි මමයි හොඳ යාලුවෝ විදිහට හිටියා.

11 වසරට යනකොට අර තුන් දෙනා වෙනදා වගේ හොඳ යාළුවෝ වෙලා හිටියේ නෑ. චාමියි උපේක්ෂායි වෙන කෙල්ලෝ සෙට් එකක් එක්ක හිටියේ. ඒ තුන් දෙනා අතරේ මොකක් හරි ප්‍රශ්නයක් වුණා මම හිතන්නේ. 11 වසරේදී චාමි මට ගොඩාක් ලං වෙන්න උත්සාහ කළා. සුමුදුගේ වගේම කේස් එකක් වෙන්න යනවයි කියලා දැනුන නිසා මම ගොඩාක් පරිස්සමෙන් තමයි චාමිව ආස්‍රය කළේ. හැබැයි ඔය අතරෙදී මමයි උපේක්ෂායි එස්.එම්.එස් වලට පින් සිද්ධ වෙන්න ගොඩාක් හොඳ යාළුවෝ වෙලා හිටියේ.

අවුරුද්දේ මාස කීපයක් යනකොට විද්‍යාව අතිරේක පංතියේ හිටපු කොල්ලෙක්ටත් චාමිගේ හිත ගිහින් තිබුණා කියලා මට දැනුනා. ඒකටනම් මට සතුටුයි. මොකද ඒ දෙන්නා යාළු වුනාට පස්සේ චාමිගේ වදෙත් ඉවරයි නේ. ඔය කාලෙදී දවසක් චාමි මට දවසක් කඩදාසියක් අතට දීලා කියවලා බලන්න කිව්වා. ඒක නිසඳෙසක්. මැද්දේ කැත රතු පාටකින් හාට් එකක් ඇඳලා අයි ලව් යූ කියලා ලියලා තිබ්බා. 

ඕක කියවලා බලන්න ලස්සනද කියලා
මම ඒක කියවනකොට ආයේ කියනවා

මම ඔය  මැද්දේ තියන හාට් එකයි අනිත් ටිකයි ලිව්වේ ලේ වලින් මේ..
 
එයා තුවාල වෙලා ප්ලාස්ටරයක් ගහලා තිබ්බ සුලඟිල්ල මට පෙන්නුවා.

ඒ එක්කම මම කඩදාසිය කොනෙන් ඇඟිලි දෙකෙන් අල්ලන්
ගෙදර ඉන්න බල්ලගේ මැක්කෝ ඉන්නවා නේද?

එයාට මම කිව්ව දේ මීටර් වෙන්න ටිකක් වෙලා ගියා. ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා

අනේ යනවා යන්න කියලා මූණ හකුල ගත්තා.

හ්ම් මේක හොඳයි
කියලා මම නිසඳෙස ආපහු එයාට දුන්නා.

මගේ මෝඩ විහිළුවට එයා අප්සට් ගියා කියලා මට තේරුනා. මූණ එල්ලන් ඉන්නව දැකපු මට දුක හිතුන නිසා මම ආයේත් ගිහින් චාමිත් එක්ක කතා කළා.

මේ කාට දෙන්නද ඉතිං ඔයා ඕක ලිව්වේ?


පොඩි හිනාවක් දාලා
ම්ම්ම්ම්... මම මේක ඔයාට දෙන්න කියලා ලිව්වේ ඒත් මම දන්නවා ඔයා කැමති නෑ කියලා. ඒක නිසා මම අද හවසට මේක වසිකට දෙනවා ( වසික කියන්නේ අර විද්‍යාව පංතියේ ඉන්න කොල්ලා)

යාන්තම් බේරුණා කියලා මට හිතුනා.

ඊට පස්සේ එදා දවසේම චාමි හරි සතුටින් උඩ පැන පැන කෑගගහා හියියා. පස්සේ දැන ගත්තා වසිකයා චාමිට කැමති වෙලා කියලා. ඒත් ඉස්කෝලෙදී චාමි මාත් එක්කම එල්ලි එල්ලී ඉන්නමයි බැලුවේ. හැමතිස්සේම උගන්නන්න ගුරුවරයෙක් නැති වෙලාවට මගේ ලඟ ඉන්න උන් දෙන්නාගෙන් එකෙක් නැත්තම් එතනට ඇවිත් වාඩි වෙලා ඔහේ කියවනවා. පස්සේ පස්සේ බැරිම තැන මගේ දෙපත්තේ උන් දෙන්නාගෙන් එකෙක් හරි නැති වුනොත් මමත් නැඟිටලා කොහේ හරි යනවා.

ඔය කාලේ දවසක් මාර වැඩක් වුනා.
ඉස්කෝලේ පටන් ගන්න කලින් උදේ මම පංතියේ ඉන්න කොට සුමුදු ඇවිත් මට මොකක්ද කිව්වා. මට ඒක ඇහුනේ නෑ. සුමුදු කතා කරන්නෙත් හරි හිමීට. අනික අපේ පංතියේ උන්ගේ සද්දේ. මම ආයෙක් ඇහුවා මොකක්ද කියලා. එයා ආයේ කිව්වට මට හරියට ඇහුනේ නෑ මොකක්ද කිව්වේ කියලා. ඔය අස්සේ චාමිත් ඇවිත් මොනවදෝ කියන්න හදනවා. මුලින් කතා කළේ සුමුදුනේ එයා කියන එක මුලින් අහන්න ඕනෙනේ. ඉතින් මම පොඩ්ඩක් පාත් වෙලා ඇහුවා ආයෙමත්. සුමුදු මගේ කන ළඟට කරලා කෑගහලා කිව්වා කියන්න ආපු දේ ඔන්න එතකොට තමයි මට ඒක ඇහුනේ. චාමිත් මට මොනවදෝ කියන්නනේ දඟල දඟලා හිටියේ. මම පාත් වෙලා සුමුදුගෙන් කියන්න ආපු දේ අහගත්තා විතරයි චාමි හිමීට මගේ කම්මුලට පාරක් ගැහුවා තරහෙන් වගේ. රිදෙන්න නොවුනත් මට ඊට කලික් කිසිම කෙනෙක් කම්මුලට ගහලා නෑ. අදටත් චාමි විතරමයි ඒ වගේ වැඩක් කළේ. එවෙල නම් මට පුදුම විදිහට තරහා ගියා. ඒත් කෙල්ලෙක්ට අතක් උස්සන්න අද වගේම එදත් මම අකමැති නිසා මම එයාට රිටර්න් එක දෙන්න ගියේ නෑ.( කෙල්ලෙක්ට අත උස්සන එක බොහෝම පහත් ක්‍රියාවක් කියලා මම අදටත් විශ්වාස කරනවා හෙටටත් එහෙම්මමයි ) හැබැයි මම එදා ඉඳන් අද වෙනකම්ම චාමිත් එක්ක වැඩිය කතා කරන්නවත් ගියේ නෑ. මම හිතන්
නෑ එදා ඉඳන් අද වෙනකම්ම චාමිත් එක්ක එක වචන 10ක් මම කතා කරන්න ඇති කියලා.

ඔය සිදුවීමෙන් පස්සේ මගේ උපන් දිනේට උපේක්ෂායි චාමියි දෙන්නාම මට  සුභ පැතුම් කාට් දෙකක් එවලා තිබ්බා. මම ඉස්කෝලේ ඇරිලා දවසක් ගෙදර යනකොට ඒවා ගෙදරට ඇවිත් තිබ්බා. මම මුලින්ම බැලුවේ අපේ අම්මලා ඒක කඩලා බලලද කියලා ඒත් ඒවා කඩලා තිබ්බේ නෑ. උපේක්ෂාගේ කාඩ් එක නිකම්ම යාළුවෙක්ට එවන එකක්. චාමිගේ කාඩ් එකේ මල් මල් අලවලා ඒ මදිවට කොලේක නිසඳෙසකුත් ලියලා දාලා. ඒක අම්මලා දැක්කානම් මට වස ලැජ්ජයි. කොල්ලෙක් ඉඳලත් මේකි මට විකාර කාඩ් එවනවනේ කියලා මට තරහත් ගියා. උපේක්ෂාහෙන් කාඩ් එකක් ලැබුණ එක ගැන මම ගොඩාක් සතුටු වුනා. මම කාඩ් එකක් එව්ව එක ගැන චාමිට ස්තූති කළේවත් නෑ.

මේ සේරම සිද්ධි අස්සේත් මගේ හිතේ තිබ්බේ උපේක්ෂා ගැනමයි. මේ හැම දෙයක්ම ඉවර වෙලා මම උපේක්ෂාට එයා ගැන මගේ හිතේ තිබ්බ දේ මම කියලා මට වුන වින්නැහිය ඊළඟ පෝස්ට් එකෙන්.......

ප.ලි: මේ ලඟදී දවසක මම ආදරේ කියලා රැවටීමකට අහු උනානේ. සයිබර් ආදරයක්. මම රැවටිලා ඉන්න දවස් වල අම්මාට කිව්වා අම්මේ මට මෙහෙම කෙනෙක් හම්බ වුනා කියලා. අපේ අම්මලා මට දැන් ඕවාට මුකුත් කියන්නේ නෑ. මම දැන් ලොකු පූසෙක් නේ ;) ඒක අම්මාට කිව්ව දවස් වල, දවසක් අම්මා මට කියනවා

මතකද ඔයාට අර ඕලෙවල් කරන කාලේ උපන්දිනේකට බර්ත් ඩේ කාඩ් දෙකක් ආවා

හ්ම්ම්ම්ම්ම්

මමයි තාත්තයි ඒව හිමීට ඇරලා බලලා ආයේ ඒ විදිහටම තියලා තිබබා.

:o මොකක්?????

අපේ තාත්තා ඔය වගේ සූක්ෂම වැඩ වලට හරි දස්සයා. ඒක කිව්ව වෙලාවෙ නම් මට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව ගියා :$

මේක ලියන් යනකොට සමහර තැන් වලදී මට මෙයාලගේ ඇත්ත නම් ලියවුනානේ මේක පබ්ලිෂ්කරන්න කලින් තව දෙපාරක්වත් කියවලා බලන්න වෙනවා :D

25 comments:

  1. අපේ ඉස්කෝලෙත් ඔය වගේ සිද්දිනම් වුනා.. :D

    හිහ් හී.. අපේ අප්පච්චිත් අර වගේ හොර වැඩ කරලා දන්නේ නෑ වගේ ඉන්නවා. x(

    ReplyDelete
  2. @චතුවා (ළමයා): හිහී ඔයවගේ අත්දැකීම් ලැබෙන්න,තව එක එක ෆන් වැඩ දකින්න නම් ඉතිං මිශ්‍ර පාසලකටම යන්න ඕනේ ;)

    අප්පච්චිලාට බොරු කරන්න බෑ බං. එයාලා අපේ වයස පහුකරලානේ ඉන්නේ :|

    ReplyDelete
  3. @සිරකරුවා: අයියාට නම් හිනා අම්මා අර කතාව කිව්ව වෙලේ මට පොළව පලන් යන්න තරම් ලැජ්ජා හිතුනා ~x(

    ReplyDelete
  4. අර මොකෝ කම්මුලට ගැහුවෙ?

    ReplyDelete
  5. @පිණිබිඳු...: දන්නේ නෑ අක්කේ... :/ සමහරවිට මම එයා කියන දේ වැඩි උවමනාවකින් අහන්නේ නැතුව සුමුදු කියන එක අහන්න අහුව නිසා වෙන්න ඇති. අනික සුමුදුත් ඒක මගේ කනට කරලනේ කිව්වේ x(

    ReplyDelete
  6. පොස්ට් එකේ අන්තිම හරිය කියවගෙන යනකොට මටත් සිද්ධියක් මතක් වුනා.. උඹේ නම් බර්ත්ඩේ කාර්ඩ් එකක්නෙ බැලුවේ..
    වෙලාවක් තියෙන වෙලාවක මේක බලපන්කො...
    http://sirakaruwa.blogspot.com/2010/07/blog-post_11.html

    මේවට පොළොව පලන් නෙමේ හිරේ යන්න හිතෙනවා...

    ReplyDelete
  7. යකෝ උඹේ කලින් කතාව මට මග ඇරිලනේ.මේ දැන් ඒකත් කියවල ආවෙ.අප්පට සිරි තාත්ත අර නිසදැස කියවලද බං.විලිලැජ්ජාවෙ බෑ නේන්නම්.මොකද එයාල හිතන්නෙ අපේ පුතා හරි පොඩි එකා කියලනෙ.
    "සුමුදු" කියල චරිතයක් උඹටත් හිටියද??ඒක නෙමෙයි පූස අන්තප්පුරේක වාගෙ ඉඳල තියෙන්නෙ.ෂෝයි බං.

    ReplyDelete
  8. @සිරකරුවා: මගේ බර්ත්ඩේ කාඩ්ස් දෙක මොකක්ද කියලා හිතුනා =))

    ReplyDelete
  9. @dinesh: ඔව් බං තාත්තත් කියවලා :(

    සුමුදු කියන්නේ මම හදපු නමක් බං. ඇත්ත නමත් ඕක ළඟින් යනවා එක අකුරයි වෙනස් ;)

    ඒ කාලේ මට තමයි ශ්‍රේණියෙන්ම ගණන් වලට වැඩිම ලකුණු. ඉතින් සමහර දවස් වලට කෙල්ලෝ වට වෙලා මගෙන් ගණන් අහගන්නවා. අපේ උන් ඒ වෙලාවට කියන්නෙත් මම අන්තඃපුරයක් දාගෙන ඉන්නවා කියලමයි. උඹ කිව්වමයි මතක් වුනේ :))

    ReplyDelete
  10. හපොයි පියතුමා සහ මවුතුමී කරපු වැඩේ තමා මරු............ =))

    සුමුදු ව​ගේ නම කුමුදු වෙන්නැති නේ........... :))

    ReplyDelete
  11. අප්පා මල්ලියාටත් වෙලා තියන වැඩ........
    අම්මයි තාත්තායි එදා හොඳට හිනා වෙන්නැති චාමිගේ විකාර දැකලා.......

    ReplyDelete
  12. @සෝරෝ: ඔව් බං තාමත් මතක් වෙනකොට ලැජ්ජයි :((

    නම ගැන කියනවා නම් සමහර විට උඹ හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් :D

    ReplyDelete
  13. වසල නෝන්ඩිය පූසා ගෙදෙට්ට මාට්ටු . මචං උඹ චාමි ගැන ලියලා තියන විදිහට මටනම් හිතෙන්නේ උඹ එයාට ලවු කියලා . බලහං කෝ උඹටත් නොදැනීම බොක්කෙන්ම ලියවිලා තියන ගොඩ .

    අනිත් එක ඒකිගේ දාංගලේ උඹ ලියලා තියෙනවා මාරම ලස්සනට. මොකද්ද බං මේ අමුත්ත . උඹ චාමිට ලවු කරලා තියනවා . නෑ කියන්න එපා ...

    හරි හරි ඉතිරිය දාපංකෝ මට ඉක්මනට බලන්න ..

    හෙට දාන්න එපා අනිද්දා දාන්න මම හෙටනෑ

    ජය වේවා !!

    ReplyDelete
  14. @හා පැටික්කි (MS): බලන්නකෝ හා අක්කේ මටමයි නොවැ වෙන්නේ :-L

    ReplyDelete
  15. @හිස් අහස: මං චාමිට ලව්? අනේ පිස්සුද බං සිරාවටම එහෙම එකක් නෑ. ඒ දවස් වල මගේ හිතේ තිබ්බේ උපේක්ෂා ගැනමයි බං. මම මේ කල්පනා කරන්නේ ඊළඟ පෝස්ට් එක හුගාක්ම ලොකු වෙයි ඒ නිසා ඉතිං කොටස් දෙකකට දානවද කියලා :-/ බලමුකෝ....

    එළ මම අනිද්දාට දාන්නම් ඊළඟ කොටස :)

    ReplyDelete
  16. @Anonymous: අනේ ඊළඟ දවසේ නම කියලා හිනා වෙන්න හොඳේ :D

    ReplyDelete
  17. @පූසා මිශ්‍ර ඉස්කෝලෙක තියෙන ආතල් එක අනිත් කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝලෙක වුන්ට කිව්වට පිළිගන්නේ නෑ බං. ඒ වුනාට වෙලාවකට උන්ටත් ඊරිසියයිලු.. හික් හික්

    ReplyDelete
  18. @චතුවා (ළමයා): හිහ් හී....අනිවා අනිවා බං... ;)

    ReplyDelete
  19. අප්පා උඹේ අම්මයි තාත්තයි නියම බුලට් දෙකක් වගේ හෙ හෙ හේ

    මේ උඹට හොඳ කෙල්ලෙක් හොයල දෙන්නද?

    (මේ ජොබ් එක කරගෙන ඉඳලා බෑ පාර්ට් ටයිම් එකකුත් කරන්න ඕන . .හික්ස් )

    ReplyDelete
  20. @දුකා: :)) ඔය හොඳ කෙල්ලෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද? :))

    ReplyDelete
  21. ඒකත් ඇත්ත බන් . .

    කොස් ගෙඩියක් නම් හාරලා බලන්න පුලුවන්.

    පපොල් ගෙඩියක් නම් ඔබලා බලන්න පුලුවන්.

    පොල් ගෙඩියක් නම් හොල්ලලා බලන්න පුලුවන්.

    වැල ගෙඩියක් නම් ඇඟිල්ල ගහල බලන්න පුලුවන්.

    කෙල්ලෝ ඉතින් හාරලා, ඔබලා, හොල්ලලා, ඇඟිල්ල ගහලා බලන්න ඇහැක් ජාතියක්යැ . . ?

    ReplyDelete
  22. තව ඵක සැරයක් ඔබ හමුවන්නට ඇති නම්

    http://www.youtube.com/watch?v=ZggNLsnxeAc

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...