වසර ගණන් එකතු කරපු
අනේක විධ පැතුම් පොදිය
පොඩි පට්ටම් කර විසිකොට
ආදරවන්තයින් හැඩවූ
යක්ෂයෙක්ය ඌ
විශ්වාසයේ ගඩොල් වලට
හාදු වලින් බදාම ලා
හැදූ සිහින මාළිඟ සැම
අනේක විධ පැතුම් පොදිය
පොඩි පට්ටම් කර විසිකොට
ආදරවන්තයින් හැඩවූ
යක්ෂයෙක්ය ඌ
විශ්වාසයේ ගඩොල් වලට
හාදු වලින් බදාම ලා
හැදූ සිහින මාළිඟ සැම
එක මොහොතින් පුපුරවා හැරි
යක්ෂයෙක්ය ඌ
සිහිකොට ගෙන සිනහ නඟපු
ඒ සුන්දර හැම මතකෙම
සිහිවන විට දෙනෙත් අඟින්
යක්ෂයෙක්ය ඌ
සිහිකොට ගෙන සිනහ නඟපු
ඒ සුන්දර හැම මතකෙම
සිහිවන විට දෙනෙත් අඟින්
රුහිරු බිංදු කඩා හැලන
කටුක මතක බවට හැරවූ
යක්ෂයෙක්ය ඌ
තෝ හන්දා වෙන්වී ගිය
පෙම්වතුන්ගේ කඳුළු වලට
ඇවිදින්නට දොඩවන්නට
හැකි වූවානම්,
උන් සැම එක් වී දවසක
ලිප්ටන් වට රවුමට විත්
මහා හඩින් කෑ ගසාවි
මා ලියනා මේ දේවල්
සත්‍ය බව කියා
තවත් කුමට බලන් ඉන්නේ
තෝ හින්දා වෙන්වෙන අර
පෙම්වතුන්ගේ කඳුළු බිංදු
ඒ හන්දා තවත් නොයිඳ
හෙලිකරනෙමි උඹගේ නම!
කටුක මතක බවට හැරවූ
යක්ෂයෙක්ය ඌ
තෝ හන්දා වෙන්වී ගිය
පෙම්වතුන්ගේ කඳුළු වලට
ඇවිදින්නට දොඩවන්නට
හැකි වූවානම්,
උන් සැම එක් වී දවසක
ලිප්ටන් වට රවුමට විත්
මහා හඩින් කෑ ගසාවි
මා ලියනා මේ දේවල්
සත්‍ය බව කියා
තවත් කුමට බලන් ඉන්නේ
තෝ හින්දා වෙන්වෙන අර
පෙම්වතුන්ගේ කඳුළු බිංදු
ඒ හන්දා තවත් නොයිඳ
හෙලිකරනෙමි උඹගේ නම!
පැතුම් පොදිය විසි කරාපු
සිහින මැදුරු කුඩු කරාපු
සිහින මැදුරු කුඩු කරාපු
කටුක මතක ඉතිරි කරපු
ඌගේ නම
"කේන්දරය"
වසර ගණන් නොකැඩි තිබුණු
ඔබ දෙපලගේ විශ්වාසෙද?
සම්භාවිතාවේ බලෙන්
කණා ගහන කේන්දරෙද?
ඒ බව තීරණය කෙරුම
ඔබටම බාරයි!
ඌගේ නම
"කේන්දරය"
වසර ගණන් නොකැඩි තිබුණු
ඔබ දෙපලගේ විශ්වාසෙද?
සම්භාවිතාවේ බලෙන්
කණා ගහන කේන්දරෙද?
ඒ බව තීරණය කෙරුම
ඔබටම බාරයි!
[පින්තූරෙ-http://fc06.deviantart.net/fs71/i/2011/354/3/8/dont_know_by_love_struck_heart-d4jn3lf.jpg]
සෙනසුරා හතේ...
ReplyDeleteදතේ කියන්නේ? :D
Deleteඅනේ මන්දා පූස්... සංසාරේ........
ReplyDeleteඇයි මුකුත් කියන්න බයද අයියේ? :D
Deleteමටනම් සිකුරු මහ දසාව මේ දවස්වල . :D
ReplyDeleteඑහෙනම් ඉතින් පරක්කු කරන්න එපා අක්කා.:)
Deleteඒක නම් අපිත් දන්නවා :-D
Deleteඒක ලැබුවාම මොකද වෙන්නෙ අක්කේ? :D
Deleteහැක හැක .....සහතික ඇත්ත...
ReplyDeleteඅක්කා උනත් දැකලා ඇති නොවැ අක්කාගේ යාළුවන්ටම වෙච්චි දේවල්! :D
Deleteඕනම බැඳීමක් පදනම් වෙන්නෙ විශ්වාසය මත, කේන්දරෙන් දෙන්නෙක්ගේ අදහස් ගැලපෙනවද නැද්ද කියලා තරමක් දුරට හිතා ගන්න පුලුවන්, ඕන කේන්දරයක් වෙනස් කරන්න පුලුවන් විශ්වාසය කියන දේ තියනවා නං ........
ReplyDelete1000+ මචං කල් !!!
Deleteලස්සනට ගලපලා ලියලා තියනවා, එල ........
ReplyDelete"කේන්දරෙන් දෙන්නෙක්ගේ අදහස් ගැලපෙනවද නැද්ද කියලා තරමක් දුරට හිතා ගන්න පුලුවන්"
Deleteඅනේ මන්දා!
ඔව් විශ්වාසයයි වටින්නේ ඔය කොයි දේටත් වඩා..
ස්තූතියි
වේලාවට ගැලපුනා
ReplyDeleteහෙහෙහ් වෙලාවට! පොඩ්ඩක් හිතලා බලන්න ඕක නොගැලපුනා නම්? අද ආදරෙන් ඉන්න ඔය දෙන්නා වෙන් වෙලා නේද?
Deleteඒවනං සුම්මා පුතා. මම දන්න විදිහට කේන්දරේ කියන්නෙ නයිට් විෂන් කන්නාඩි කුට්ටමක්. නයිට් විෂන් කන්නාඩියෙන් නියම ප්‍රයෝජනේ ගන්න ඒක ගැන ටිකක් දැන ගෙන ඉන්ඩ ඕනැ.
Deleteමගෙත් සිකුරු. මේ අවුරුද්දේ නම් බඳිනවාමලු. කේන්දරේ සමහර වෙලාවට ඇත්තත් තියනවා. ඉතින් ඒක විශ්වාස කරනවද නැද්ද කියන එක දෙන්නා අතේ තියෙන්නේ...
ReplyDeleteඇයි මොකක් හරි කේන්දර ප්‍රශ්නයක් එහෙම ආවද?...:D
අක්කාගෙනම් සිකුරා ටිකක් සැර වැඩිද මන්දා :D
Deleteඅපේ ගෙදර කට්ටිය දන්නවා මම ඔය කේන්දර විශ්වාස කරන්නේ නෑ කියලා. කවදා හරි හම්බවෙන කෙල්ලගේ ගෙදරින් කොහොම වෙයිද දන්නේ නෑ. :D
අනේ මන්ද බං සීයට සීයක්ම අයින් කරලා දාන්නත් බෑ ඕක මට තේරෙන විදියට නම්. ප්‍රශ්න තමයි ඉතින්...
ReplyDelete100% අයින් කරන්න බෑ අපේ මිනිස්සුන්ගේ හිත්වලට මේවා කා වැදිලා!
Deleteඅනේ මන්දා මගේ නම් ඉන්න ඕන හතුරෝ ඔක්කොම 7 කියලා කියනවා. මම මේ කල්පනා කලේ ඔය කියන සිකුරා කවදාවත් මේ කොටුවක උච්ච වෙන්නැද්ද? කියලා.
ReplyDeleteකොටු බල බලා හිටියොත්නම් කවදාවත් ගොඩ ඒමක් නැති වෙයි බට්ටියේ!
Deleteමටනම් පිස්සුවග්.........
ReplyDeleteඒ මොකද ඒ?
Deleteලිප්ටන් එකටමයි යන්න ඕන. කස්ටිය සෙට්වෙමුද බැනර් එහෙම ඇදගෙන...
ReplyDeleteඅමතක කරන්න එපා අපේ රටේ ඉන්න ලොකුම නායකයාගේ හිටං සෑහෙන පිරිසක් මෙව්වා හිස් මුදුනින් පිළිගන්න බව. එහෙව් නායකයෝ ඉන්න රටේ මේ ගැන බැනර් ඇඳන් පාරට බැස්සොත් සුදු වෑන් එන්න බැරි නෑ :D
Deleteකේන්දරේ කියන්නෙ මක්කටද?
ReplyDeleteසමහරුන්ට දිගමාගලක් වගේ එකකී
Deleteමට නම් ඇත්තේ පුංචි පොතකී
කොටු දොලහක් ඇදලා ඇතේ
ගහයොත් ඒ වටේ යතේ....
අප්පේ ඕක නොදැන ඉන්න තරමට හොඳයි අයියේ! :D
Deleteකේන්දරේ බල්ලට දාල බැඳල, දැනට අවුරුදු 32 වෙනව. තාම අපි දෙන්න නං ජොලියෙ ඉන්නව.
ReplyDeleteනියමයි ඔබා මාමේ ජය වේවා
Deleteමේං සාක්ෂි! තව මොන කතාද?
Deleteඕකට කියන්නෙ ඔබා , කේන්දර පලිය කියල
Deleteනිහාල් අයියා . . . ශුවර් එකටම ඔබාගෙ නැකත් පලවෙන්න ඇති
Deleteඕය හැම බම්බුවම තියෙන්නේ හිතේ බං....කේන්දරේට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑ....
ReplyDeleteහැබෑව හැබෑව
Deleteඉක්මනට මාරයියාට කතා කරලා කේන්දරේ බලාගන ඕනේ
ReplyDeleteඇයි කේන්දර නොගැලපෙනවානම් කෙල්ලව අතාරින්නද?
Deleteඋඹ මගේ එකේ අහල තිබුන ප්‍රශ්නෙට උත්තරේ මම දන්නවෝ.. කේන්දරේ නේ ;)
ReplyDeleteමම නම් ඕව ගනන් ගන්නෙ නෑ.. හැබැයි ඕව විස්වාස කරන්න වෙන විදිහෙ දේවල් අහල දැකල තියෙනව... එක සිද්ධියක් විතරක් දාන්නම්.. මේක කිව්වෙ අඳුරන අංකල් කෙනෙක් තමන්ගෙ යාලුවෙකුට වුන දෙයක් කියල...
කසාද බන්දල දෙන්න කියල පොරෙන්දම්ද නැකතක්ද(හරියට මතක නෑ) බලන්න ගිහින් දුන්නහම කේන්දර බලන මනුස්සය එක දිහා බලන් ඉඳල කියල තියෙනව මේක බලල වැඩක් නෑ මේ දෙන්න දැන් ජීවතුන් අතර නෑ කියල.. පස්සෙ පොරටත් බැනල කොල්ලගෙ තාත්ත ගෙදර ඇවිත්.. ටික වෙලාවක් යද්දි නිවුස් එක ආවලු කෙල්ලයි කොල්ලයි දෙන්නම ඇක්සිඩන්ට් වෙලා එතනමයි කියල...
මම නම් මොන ග්‍රහය කොහෙ තිබුනත් මට කරන්න ඕන එක කරන්න උත්සහ කරනව.. :)
හෙහෙහ්! අහු උනා නේද? මම කාලෙක ඉඳන් ලියන්න හිටපු දෙයක් මේ. ඒකත් මං දන්න අඳුනන අක්කා කෙනෙක්ට වෙච්චි සිද්ධියක් හන්දා...
Delete"මේක කිව්වෙ අඳුරන අංකල් කෙනෙක් තමන්ගෙ යාලුවෙකුට වුන දෙයක් කියල" අඳුරන අංකල්ටත් එයාගේ යාළුවෙක් කිව්ව දෙයක් වෙන්න බැරි නෑ! ;)
ශා.... නියමයි පූස් අයියා!!! ලස්සනට ගලපලා තියෙනවා... නියමයි!! ඔය හඳහ්න් කතානම් මටත් සෑහෙන්න අත්දැකීම් තියෙනවා...
ReplyDeleteස්තූතියි :)
Deleteඅත් දැකීම් කිව්වේ? කේන්දරේට කියවිලා හරිගිය ඒවද? එහෙනම් හරි නොගිය ඒවා ගාන ඊට වැඩිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න :)
මාත් ඔය කේන්දරේ ගැන හිතන්නේ ඔබා මමා හිතනවා වගේ අදහසක්.. දෙන්නා ගැලපෙනව නම් එච්චරයි ඉතින්..
ReplyDeleteඔව් දෙන්නට දෙන්නා විශ්වාසනම ආයේ තව මොනවද :)
Deleteකේන්දරය යකෙක් රකුසෙක් නොව හිස් පඹයෙකි!
ReplyDeleteඑක එක අයට එක එක විදිහට අර්ථකතනය කරන්න පුළුවන්...
Deleteසමහරු කියාවි "කේන්දරය යනු මනුෂ්‍යයාට තමාගේ අනාගතය පිළිබඳ ඉඟි සපයනු වස් දෙවියන් විසින් හඳුන්වා දුන්නා වූ අසමසම විෂයක්ය" කියලා :D
කේන්දර නම් මහා හෙන ගෙඩියක් තමයි..
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteසහතික ඇත්ත මට නම් තඹ සතේකට ෂුවර් නෑ කේන්දරේ බදින දවසට ඉල්ලුවොත් මම කියනවා හැමෝටම බම්බු ගහගන්න කියලා.එකෙක්ට දෙන්නේ නෑ
Deleteනඟාටත් අත්දැකීම් තියෙනවද මන්දා :D
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteවචන භාවිතයේදී ඔයිට වඩා සංවර උනානම් ඔය ප්‍රතිචාර කොහොමටවත් මකා දාන්නේ නෑ :)
Deleteපට්ට
ReplyDeleteස්තූතියි :)
Deleteඋඹට නම් අවුලක් නැහැ පූසා, පූසන්ට මොන කේන්දරද? :-D
ReplyDeleteමේ යන විදිහටනම් ඉස්සරහට ගෙදරකට බල්ලෙක් පූසෙක් ගේන කොට උනත් කේන්දර බලන්න පටන්ගන්න බැරි නෑ :D
Deleteමම නම් සත පහකට විශ්වාස කරන්නේ නෑ මගේ යාළුවෙක් යාළු වෙලා හිටිය කෙල්ලත් මේ බම්බු කේන්දරයක් පිටින් දාලා බූට තිබ්බා මේක මහා විකාරයක් මම නම් එකෙක්ට දෙන්නේ නෑ මගේ කේන්දරේ ඕවා බලලා වැඩකුත් නෑ විස්වාසෙයි වැදගත්....ඉසුරු යෝගය මතක් වුනා(මම කවදාවත් කේන්දරේ බලවන්නෙත් නෑ)
ReplyDeleteමගේ කේන්දරේ තියෙන්නේ අම්මා ගාව. අම්මානම් ඉඳලා හිටලා ගිහින් ඕක බලං එනවා. බලං ඇවිත් මටත් එක එක එව්වා කියනවා. මම ඉතිං ඒවා මේ කනෙන් ඇහුවව මේ කනෙම් පිට කළා. :D ඒ වගේම එයා දන්නවා මම ඕවා විස්වාස කරන්නේ නෑ කියලා.
Deleteඕකට සරළම උත්තරේ "ගනන් ගන්න එපා" කියන එක, ඒත් සමජීය සහ පවුල් බලපෑමත් එක්ක තත්වය වෙනස් වෙනව. ඕකට හොඳ අවබෝධයකුත්, ස්ථීරසාර හිතකුත් තමයි උවමනා කරන්නෙ. ඒවගේම කේන්දරයට පිටුපාල බඳිනවනම් ඊටපස්සෙ ආයෙ මොනම හේතුවකටවත් කේන්දරේ ලංකරගන්න එපා. මොකද විවාහයේ ගැටළු වලට උත්තර කේන්දරෙන් හොයන්න ගියොත් සේරම විනාසයි.
ReplyDelete"කේන්දරේට පිටුපාල බඳිනවනම් ඊටපස්සෙ ආයෙ මොනම හේතුවකටවත් කේන්දරේ ලංකරගන්න එපා"
Deleteනියමයි නවම් අයියේ නියම උපදෙස් ටිකක්! බොහෝම ස්තූතියි :)
කතාව හරියටම හරි
ReplyDeleteස්තූතියි මචං :)
Deleteඔන්න අපිනම් කේන්දර බැලුවෙ නෑ ඕං.
ReplyDeletehenryblogwalker the Dude
බලන්නකෝ ඒ උනාට කිසිම අවුලක් නැතුව බොහොම ආදරෙන් ඉන්නවා නොවෙද අයියණ්ඩි? :)
Deleteකතාවනම සහතික ඇත්ත.. ඒත් ඔය කේන්දර වලටත් වරදින වෙලාවල් නැත්තෙමත් නෑ..
ReplyDeleteකේන්දර වලට බොහෝවිට වරදිනවා!
Deleteවෙලාව පොඩ්ඩක් ඇජස් කලානම් ඕනේ විදියට කේන්දරේ ගන්න තිබ්බා... රැවුලයි කැඳයි දෙකම බේරිලා...
ReplyDeleteඑහෙම තැනක් දන්නවානම් මටත් කියලා තියන්ට බීටලයියා. මෙහෙම කතා කියෙව්වට මට කවදා හරි සෙට් වෙන කෙල්ල මෙව්වා හිස් මුදුනින් පිළිගන්න එකියක් උනිත් මළකෙලියයිනේ! :D
Deleteයකෝ ඕක හොයාගත්ත එකා දන්නවනම් මම කනව...
ReplyDeleteඅත් විඳලා තියෙනවා වගේ! :D
Deleteඅපේ කේන්දර පළ හිලව්ව ඇහුවා නම් උඹට යස කතාවක් ලිවිය හැකි...
ReplyDeleteකොහොම නමුත් අපි ඌව කෑවා....අපි හොඳාන් ඉන්නවා
ඕං මගේ කතාවට උඹේ කතාවත් සාක්කි! උඹනම් නූලෙන් බේරිලා තියෙන්නේ ඈ....
Deleteඔහෙප් පලයන්... ,.. ඇත්තටම ඕක හදපු එකාගේ කෙන්දරේ මොනවගෙද දන්නෙ නැනේ..!
ReplyDeleteකවුරු උනත් හොඳ බුද්ධියක් තිබ්බ මිනිහෙක්!
Deleteහප්පා.... කේන්දරත් කරන දේවල් හැබෑට...
ReplyDeleteඕං අක්කාත් පරිස්සමෙන් ඈ :D
Deleteස්තුති සහො මෙ ලිපිය පල කරාට මට මෙ දවස් වල ලොකු හිසරදයක් වෙලා තියෙන් නෙ මෙ කෙන්දර"" කෙන්දර වල තියෙන දෙවල් ඇත්ත කරන් නෙ ඒක විශ්වස කරන මනුශයා මෛයි. ""අවුරුදු ගනනක් අදරය කරපු කෙනවත් අත් හරින් න වෙල තියෙන් නෙ මෙ කෙන්දරයක් නිසා ගෙදර අයට මෙ ඇත්ත වටහා ගන්න බරි විම තම ලොකුම හෙනහුරා වෙලා තියෙන් නී
ReplyDeleteඔය උඩ ඔබා මාමාගේ ප්‍රතිචාරයයි පහල ඕනයියාගේ ප්‍රතිචාරයයි බලන්න..
Deleteමටනම් ඔබට කියන්න තියෙන්නේ මම ලියලා තියෙන කවි පෙලේ අන්තිම කවිය තමයි!
ඔව්වා හිස් මුදුනින්ම පිළිගන්න කෙල්ලක් වගේම නැන්දම්ම කෙනෙකුත් හම්බුනා කියපන්කො.
ReplyDeleteඔය උඹ කියපුවා ඔක්කොම ඒ විදිහටම වුනා.
ලොවෙත් නෑ මචන් සිරාම පබැදුමක්.
මම මේක කොපි කරල ඒකිට ඊයකුත් යවලා දැම්ම මේ දැන්.
උඹ ගැන කණගාටුයි මචං. නැන්දම්මාට කෙසේ වෙතත් ඒ කෙල්ලටවත් සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්!
Deleteමගෙයි මගෙ හාමිනේගෙ කේන්දරෙයි බලපු හැමෝම කිවුවෙ ගැලපෙන්නෙ නෑ කියල. ඒත් අපි දෙන්න කසාද බැඳල පැටියෙකුත් හදාන ජොලියෙ ඉන්නව.
ReplyDeleteප.ලි.
උඹල අපි දන්න බ්ලොග් වලිංම සෙට් වෙච්චි බ්ලොග් කාරයෙකුටයි බ්ලොග් කාරියෙකුටයි මේ ලඟදි වෙං වෙන්න උනා කේන්දර අවුල නිසා.
ඕං මං මතුකරන කාරණේ ඔප්පු කරන්න තවත් සාක්කි!
ReplyDelete"උඹල අපි දන්න බ්ලොග් වලිංම සෙට් වෙච්චි බ්ලොග් කාරයෙකුටයි බ්ලොග් කාරියෙකුටයි මේ ලඟදි වෙං වෙන්න උනා කේන්දර අවුල නිසා"
පව් වැඩේ! ගෑණු ළමයිටනම් ඕවා නිසා පවුලෙන් එන බලපෑම වැඩියිනේ. ඒත් එන ඕන දේකට මූණ දෙන්න බලාගෙන කේන්දර අමතක කරන කෙල්ලොත් නැත්තෙම නෑ....
ඇත්ත කථාව...මගේ කේන්දරෙත් හැදුවේ ගෙදර එක්කෙනාගේ එකට හරියන්න....
ReplyDeleteමමනම් ඔය යකත් එක්ක බජනයක් නෑ... :D
ReplyDeleteමම නම් හිතන්නෙ බොරු වැඩ කියලා, ඇත්ත තමයි යකෙක් ම තමයි!
ReplyDeleteමාත් මේ කවි සෙට් එක සේව් කර ගත්තා.
ReplyDeleteපහු කාලෙක ඕන වෙයි නෙව.
හිත ෆිට් නම් ඔය මොකුත් අදාල නෑ බන් . .
ReplyDeleteකේන්දර විශ්වාස කරන්නේ බහුතරයක් බෞද්ධ අය.. කතෝලික අයට කේන්දරත් නෑ, සිකුරොත් නෑ, සෙනසුරොත් නෑ. අපිට තමා මේ හැම උලව්වම... !!!
ReplyDeleteකේන්දරය ගැන කතාකරන්න කිසිම හැඟීමක් නෑ පූසා මටනම් :-D
ReplyDeleteඒකෙන් මට හොඳක්වත් නරකක්වත් නෑ ඒක ඔහේ කවරයක් ඇතුලෙ අල්මාරියේ තිබුණාවේ :-D
සහතික ඇත්ත පුසා... සහතික ඇත්ත....
ReplyDeleteකේන්දර - පොරොන්දම් පෑහිල , අෂ්ඨක කියල පෝරුවේ නැගල හත් දා මගු කාපු මඟුල් කීයක් කැඩිල තියෙනවද ? මේ එකක්වත් නොකර හඳ පානේ ගිය ජෝඩු කීයක් උඹ නොදකින් කියා ගන්නෙ නැතිව පවුල් කනවද ?
ReplyDeleteකේන්දරයෙන් කියන දේ අවබෝධ කරගෙන එවැනි තත්වයන් ඇති නොවීමට දෙදෙනා අවබෝධයෙන් කටයුතු කරනවා නම් කිසිදු ගැටලුවක් ඇති නොවන බව මගේ හැඟීමයි..
ReplyDeleteමම මේක දැක්කේ නෑ නෙව වෙනත් බ්ලොග් රෝලක තිබිලා දැකලා තමයි මේ දුවගෙන ආවේ
ReplyDeleteඋඹට කියන්න ඔය පොරොන්දම් නම් අනිවා ගැලපෙන්න ඕනෙ නැත්තම් ඉතින් බඩු බනිස් . මගේ කෙල්ලගේ ගෙවල් වල අය ඔවුවා ඉහලින්ම විස්වාස කරනවා . ඉතින් මම එහේ ගිය විගහින්ම මගෙන් ඉල්ලුවේ ඔය කේන්දරේ .. අවුලක් නෑ මම ඒකෙන් පාස් ..
උඹට කියන්න බං ඒලෙවල් පේල් වුණත් කමක් නෑ පොරොන්දම් පෑහෙනවා නම් එච්චරයි .. අද්දැකීමෙන් කියන්නේ
අනේ මන්දා.. මන් නම් ඔව්වා විශ්වාස කරන්නෙ නෑ..විශ්වාස කර න අයට අකුල් හෙලන්නෙත් නෑ
ReplyDeleteමටත් ගැලපෙන්නේ නෑ කිව්ව බන් ඒත් අපි බැන්ද තාම නම් කිසි අවුලක් නෑ....:D
ReplyDeleteහොද කවි පන්තියක්,,
ReplyDeleteමටනම් සිරාවටම ගැලපුනා.
ඒ නිසා තමයි දැන් කෙලවෙලා ඉන්නේ :/
ඒත් ඉතින් කේන්දරේ නොගැලපෙනවා කිව්වයින් පස්සෙ ගෙවල් වල මිනිස්සුන්ගෙ හිත් වලට එන හැඟීම නැති කරන්නෙ කොහොමද මල්ලි.? :(
ReplyDelete