Sunday, January 16, 2011

ඇයි කෙල්ලෝ මෙහෙම කරන්නේ :'( .....(මේ දැන් වුන ඇත්තම ඇත්ත කතාවක්)



දැන් වෙලාව රෑ 11.52යි මේ වගේ ලිපියක් ලියනවා තියා හිතකවත් තිබ්බේ නෑ. මේක ලියන්නේ දුක මිශ්‍රිත තරහකින්.
දැන් පැයකට විතර කලින් මගේ ඉන්න හොඳම යාළුවෝ හතර පස් දෙනාගෙන් එකෙක් මට ෆේස් බුකියේ චැට් කළා.

මචං පූසා
උඹ ඉන්නවද?
පුළුවන්නම් ස්කයිප් එක දාපන්කෝ


වෙනදා හද්ද කුණු හරුපයකින් කතා කරන එකාට අදනම් මොකක් හරි අවුලක් කියලා මට නිකමට වගේ හිතුනා.

මුලින් මම මගේ යාළුවා ගැන හඳුන්වලා දෙන්නම්.
මිනිහා ගැන පිටින් බලන කෙනෙක්ටනම් හිතෙන්නේ අමුම අමු පිස්සෙක් කියලයි. ඒත් ඌව ආස්‍රය කරන උන් තමයි දන්නේ උගේ ඇතුලින් ඉන්න හිත හොඳ කොල්ලාව. මට මගේ යාළුවාව මුලින්ම් හම්බ වෙන්නේ 10 වසරේදී විද්‍යාව අතිරේක පංතියකදී මගේ වෙන් යාළුවෙක් නිසා. ඇත්තටම මටත් ඒ දවස් වල මිහාව වැඩිය දිරෙව්වේ නෑ. ඒත් පස්සේ පස්සේ මට තේරුනා ඒකා පිටින පේන එකා නවෙයි කියලා. මම ඌත් එක්ක ගොඩාක්ම ෆිට් උනේ ඒලෙවල් කරන කාලේ. අපි ගියේ එකම පංති වලට නිසා මට මිනිහාව ගොඩක් ආස්‍රය කරන්න ලැබුණා. රටේ ප්‍රසිද්ධම පාසලකට ගියත් ඒ පාසල් වල ඉන්න සමහර උන් වගේ ලොකු පාසලකට යනවයි කියලා පොඩ්ඩක්වත් ආඩම්බර උනේ නෑ කවදාවත්.

ඒ තරම් පිස්සු කෙළින එකෙක් මම කවදාවත් දැකලා නෑ. ඉස්කෝලේ එකෙක්ගේ වලියක්නම් ඌ එතන. මම ඇස් දෙකෙන්ම දැක්කා ඒකා වෙන කාගෙද වලියකට ගිහින් පස්සේ අනිත් උන් ගහන්න හෙව්වේ වලිය පටන් ගත්ත එකාව නෙවෙයි මගේ යාළුවාව. ඔය ඔක්කෝම ජරමර අස්සේ මිනිහා කෙල්ලෙක් එක්කත් යාළුවෙලා හිටියා. ඒලෙවල් ඉවර උනාම ඒ කෙල්ලව මොරටුව යුනියට සෙට් උනා. අපේ එකා ලාවට පාස්. ඒ ගෑණි මගේ යාලුවාව අත හැරියා. මම දැක්කා යාළුවා ගොඩාක් දුක් වෙනවා. පස්සේ මිනිහා ඔක්කෝම දේවල් අමතර කරලා කොහොම හරි යුනි යනවාමයි කියලා වැඩට බැස්සා තරහටත් එක්ක. කොහොම හරි දෙවෙනි පාර මොරටුවට බැරි උනත් කොළඹ යුනි මිනිහට සෙට් උනා. දෙවෙනි පාර ඒලෙවල් අතරේ තමයි වෙන කෙල්ලෙක්ව මගේ යාළුවාට සෙට් උනේ.

ඒ කෙල්ලත් එක්ක නම් මිනිහා ෆුල් බොක්කෙන්මයි යාළු වෙලා හිටියේ. හැමදාම බොන්නම හොයන එකා ඒ කෙල්ලව යාලු උනාට පස්සේ දෙන්නා අතරේ ඇඟට දැනෙන ප්‍රශ්නයක් ඇති වුන දවස වෙනකම්ම බිව්වේ නෑ.

යාළු වෙලා මාස තුනක් ඇති දවසක් කෙල්ලට ඉගෙන ගන්න එකේ එක්සෑම් ෆී ගෙවන්න සල්ලි නෑ කියලා ඉන්නකොට(කෙල්ල ප්‍රයිවට් තැනක ඉගෙන ගන්නේ) මගේ යාළුවා ඌ ගාව තිබ්බ සල්ලි සේරම එකතු කරලා ඒ කෙල්ලට  දුන්නා. ඒ එක්කම කෙල්ලට මොනවදෝ ප්‍රශ්න නිසා මගේ යාළුවාගෙන් ඒ ගෑණි ඈත් වෙන්න හදපු වෙලාවක ඒ ගෑණිගේ ගෙදරට ගිහින් කතා කරන්න ඕනේ කියලා දවසක් ගියේත් අපේ ගෙදරට ඇවිල්ලමයි.

ඔය මම දන්නේ දේවල් ටිකක් විතරයි. මට හොඳටම විශ්වාසයි කෙල්ලට සල්ලි ප්‍රශ්න එහෙම තිබ්බ නිසා මගේ යාළුවා ඒකිට ගොඩාක් උදව් කරන්න ඇති. මගේ යාළුවා ඒවා හැම තැනම කිය කියා යන එකෙකුත් නෙවෙයි. බීලා ඉන්න වෙලාවක වැරදිලා කියෙව්වොත් මිසක් නැත්තම් දැන ගන්න වෙන්නෙම නෑ.

අද මහ රෑ මිනිහා මාත් එක්ක කතා කළේ අඩ අඩා. ඇත්තටම ඌ අද තරම් මානසිකව වැටිලා ඉන්නවා මම කවදාවත් දැකලා නෑ. උන්ගේ ගෙදරත් සල්ලි ප්‍රශ්න ඕන තරම්. මිනිහගේ පර්ස් එකේ සමහර දවස් වලට යන්න එන්න සල්ලි විතරක් තියනවා මම ඕන තරම් දැකලා තියනවා. ඒත් හැමතිස්සේම හිනා වෙලා ඉන්න එකා අද අඩනවා දැක්කාම මට මට පුදුම විදිහට දුක හිතුනා.
මගේ යාළුවායි කෙල්ලයි අතරේ මොකක් හරි පොඩි ප්‍රශ්නයක් කාලයක් තිස්සේ ඉඳන් තිබ්බා. ඒත් දෙන්නා නිතරම හම්බ වුනා. කතාකළා. අද මගේ යාළුවා මට කතා කරලා මෙහෙමයි කිව්වේ.( මේ මුළු දෙබස පුරාම් මිනිහා අඩ අඩා කතා කළේ)

මචං පූසා
මගේ ගෑණි වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලාලු බං

මොකක්?

ඔව් බං

පලයන් බොරු කියන්නේ නැතුව

සිරාවට බං මම මේ දැන් කතා කළේ බං. මට මාර අප්සට් බං මට මේක කියන්න කියන්න කතා කරන්න කවුරුත් නෑ බං. මම ඒකයි උඹට කතා කලේ.

විහිළුවට කියනවාද දන්නේ නෑ බං. කෙල්ලෝ ඔය වගේ කතා කියල නිකම් ටෙස්ට් කරලා බලනවා බං

නෑ බං නෑ මම දැන් පැයකටත් වඩා ඒකිත් එක්ක කතා කළා බං.

ඒකිද උඹට කිව්වේ ඒකි යාලුයි කියලා වෙන කොල්ලෙක් එක්ක.

මම දැක්කා බං ෆේස්බුක් එකේ කොල්ලෙක් ඒකිගේ ෆොටෝස් වලටයි හැම මඟුලකටම කමෙන්ට් කරනවා. මම ඒකිගෙන් ඇහුවාම තමයි කිව්වේ.
මට තේරෙන්නේ නෑ බං ඇයි බං මට ඒකි මෙහෙම කළේ. උඹ දන්නවා බං මම ඒකිට කොච්චර දේවල් කළාද කියලා. අඩුම තරමේ මට කියන්න තිබ්බා බං මම අහනකම් ඉන්නේ නැතුව. මට තේරෙන්නේ නෑ බං මොනවා කරන්නද කියලා. අනිද්දා ම
යුනි එකේ එක්ස්සෑම් බං තාම පොතක් අතින් අල්ලලාවත් නෑ. මේ පාර මට එක්සෑම් කරන්න නම් බෑ බං. මට දැන් එයාත් නෑ එක්සෑමුත් නෑ අනේ මන්දා බං.


ඌ කියාගෙන කියාගෙන ගියා. මම පුළුවන් තරම් දේවල් කියලා හිත හදන්න බැලුවා. මම දන්නවා මගේ යාළුවා ගැන. ඒකා අද රෑට එක මොහොතක්වත් නිදාගන්නේ නෑ. හෙට නැත්තම් ලඟදීම දවසක සමහර විට මට කතා කරයි බොන්න යන්න. සමහර විට කතා කරන එකක් නෑ. මේ දවස් වල ඒකා අතේ සත පහක් නෑ. කොහොම හරි කරලා මොන මොනවා හරි කියලා එක්සෑම් එක කරන්න යවන්න ඕනේ.

බයේ බෑ මේ කෙල්ලෙක් හින්දා මූ හැම දෙයක්ම නැති කර ගනීද? නෑ නෑ ඌට මොලේ තියනවා. මිනිහා වලට යන එකක් නෑ.

මට හිතා ගන්න බැරි ඇයි කෙල්ලෝ මේ වගේ කරන්නේ කියලා. අනිවා ආයේ කතා දෙකක් නෑ ඒ කෙල්ලට මගේ යාළුවාට වගේ සල්ලි ප්‍රශ්න නැති හොඳ සල්ලි කාරයෙක් එක්ක යාළුවෙලා ඇති. ඒත් ඇයි ඇයි එහෙම කරන්නේ? මම විතරයි දන්නේ අද මගේ යාළුවා කොච්චර දුක් වෙනවාද කියලා. මගේ යාළුවා අද නිදාගන්නේ නැතුව අඩ අඩා ඉන්නකොට ඒකි අලුත් කොල්ලත් එක්ක නිදිවරාගෙන හිනා වෙවී මල් කඩනවා ඇති. මට හිතා ගන්න බෑ මේ කෙල්ලන්ගේ හැසිරීම. මට දුකයි මගේ යාළුවා ගැන ඊට වඩා කේන්තියි අර කෙල්ලත් එක්ක. ඕකි ඉගෙන ගන්නේත් මම ඉගෙන ගන්න තැනමයි. වෙන පංතියක ඉන්නේ. කමක් නෑ අහුවෙන්නැතෑ සඳුදාට.


ප.ලි: හෙට මම මගේ යාළුවාගේ හිත කොහොම හරි පොඩ්ඩක් හරි හදන්න ඕනේ. එයගේ හිත හදන්න මම මොනවා කියන්නද කියලා මට හිතා ගන්න බෑ. මම මොනවා කියන්නද?
දැන් වෙලාව 1.45 යි තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ.

99 comments:

  1. පුලුවන් තරම් හිත හදන්න බලපන්.. මොනවා වුනත් කොල්ලෙක්ට වැටෙන්න දෙන්න බැ. කොහොම හරි විභාගේ ලාවට හරි කර ගන්න කියන්න. නැත්තම් අපරාදේ.

    අර කෙල්ල හම්බුනොත් හොදවයින් ලුනු මිරිස් ඇතුව දෙසා බාන්න. මටත් අම්බානක අප්සෙට් ගියා කතාව ඇහුවම. මහා ජරා කෙල්ලෙක් වෙන්න ඇති. කන්න දුන්න අතනේ හපා කාලා තියෙන්නේ.

    කොහොම හරි යාලුවගේ හිත හදපන්. පවු ඌ... පුලුවන්නම් ලගින් හිටපන්.. ඔය වගේ වෙලාවට යාලුවෙක් තමයි වැඩිය වටින්නේ..

    කොයි දේ වෙන්නෙත් හොදටයි කියලා හිතා ගන්න.

    ReplyDelete
  2. @සියපත: ඔව් බං මම පුළුවන් තරම් ට්‍රයි කරනවා හිත හදන්න. කොහොමහරි විභාගේ කරන්න යවන්න ඕනේ. තව ටිකකින් යන්නඕනේ මිනිහගේ ගෙවල් පැත්තේ :(

    ReplyDelete
  3. @nuwansrimal: ජීවිතේ හැටිද නැත්තම් විශ්වාස කරන්න බැරි කෙල්ලන්ගේ හැටිද? x(

    ReplyDelete
  4. මැදුම් පිළිවෙත අනුගමනය කරන්න පුළුවන් නම් හරි.. :|

    ReplyDelete
  5. @සෝරෝ: මොනවා කරන්නද බං එක එක මිනිස්සුන්ගේ හැටිනේ. මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ මගේ යාළුවා ඒ කෙල්ලට එච්චරම බොක්කෙන් ලව් ඇති කියලා :(

    ReplyDelete
  6. Never Trust a women. that ever she said. ever!

    ReplyDelete
  7. @Anonymous:ඔක්කෝම කෙල්ලො එහෙම නෑනේ බං. ඔය වගේ චාටර් කෙල්ලෝ ටිකයි ඉන්නේ. හැබැයි උන් කරන දේවල් නම් පොඩි නෑ x( x( x( x(

    ReplyDelete
  8. මචං මොනා හරි කරල උගේ ඔළුව හදපන්.කෙල්ලෝ ගැනනම් කතා කරලා වැඩක් නෑ බං පට්ට වේ තමා... හැමෝම නෙමේ බං සමහර නෂ්ට කෙල්ලෝ විතරයි. සමහර කෙල්ලන්ව ලබාගන්න අපි පිං කරන්න ඕනෙ බං. ඒත් වැඩි හරියක් ඉන්නේ කොල්ලව සූරා කන ජරාම ජාතියක්.

    මගේ යාළුවන්ටත් අනන්තවත් ඔහොම වෙලා තියෙනවා බං. උන් විඳවන හැටි, කියලා වැඩක් නැහැ. ඇත්තටම අපේ වැරැද්ද. බොක්කෙන් කරන්න යන එක තමා.

    ReplyDelete
  9. @prasanna86k: ඔව් බං ඔය බොක්කෙන් කරන්න යන නිසා තමයි අපි හැමෝටම කෙළවෙන්නේ :( x(

    ReplyDelete
  10. ජීවිතේ අපට ඔයවගේ දෙවල් වලට ම්හුන දෙන්න සිද්ශවෙනවා.නමුත් අපි වෑටෙන්න නරකයි.අනික සල්ලි වලට ඉන්න කෙල්ලොනම් ඔන නෑ.ඉට වඩා හොදයි අපි තනියම ඉන්නවා.

    ReplyDelete
  11. @අසංක Asanka: ඔව් ඔයටික මගේ යාළුවාට තෙරුම් කරලා දෙන්න ඕනේ. ඔය සල්ලි වලට, හැකියාවට, ප්‍රසිද්ධියට කෙල්ලෝ ඕන තරම් සෙට් වෙනවා. හැබැයි ඒවා නැති වෙනකොට උන් ඉන්නේ නෑ. අද රටේ ඇත්තටම ආදරේ කරන අය හරිම අඩුයි මම හිතන්නේ :(

    ReplyDelete
  12. සාමාන්‍ය කෙල්ලෙක්.

    ReplyDelete
  13. ඇත්තමයි බං මේ ජාතියේ උන් දැන් සාමාන්‍යයි..... :(

    ReplyDelete
  14. මචං හැමදේකිදිම ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ,උඹේ යාළුවා ගැන දුකයි:(,ඒත් කොහොමහරි විභාගයට යවපන්,අරකි කවදාහරි දුක් වේවි x(,ඒක අනිවාර්යෙන් වෙනවා.උඹ වගේ යාළුවෝ ඉන්න එකත් වාසනාවක්:)

    ReplyDelete
  15. @ගලා: ඕව් බං ඕනෑවට වඩා බලපොරොත්තු තියාගත්තාම තමයි ගොඩාක් දුක දැනෙන්නේ :(

    ReplyDelete
  16. මල්ලි උඹේ යාළුවට පුලුවන්නම් චංචලා සීරීස් එක පෙන්නපං. ගඩොල් මල්ලි හරි සාමාන්‍ය කෙල්ලෙක්.

    ඌට පැහැදිලි කරලා දීපන් නැති උන දේට අඩනවට වඩා කරන්න දේ තියෙනව කියලා

    ReplyDelete
  17. කෙල්ලෙඕ ඔක්කොම එකයි ... ~x(

    ReplyDelete
  18. @නිශ්: ඔව් මම උපරිම උත්සාහයක් දෙනවා ඌට පැහැදිලි කරන්න

    ReplyDelete
  19. මොකුත්ම කියන්නේ නෑ මම නම්.. මතකයක් අලුත් වුනා විතරයි..
    http://sirakaruwa.blogspot.com/2010/12/blog-post_23.html
    =((

    ReplyDelete
  20. @සිරකරුවා: සමාවෙයක් අයියේ..... මම ලියන හුඟක් කතා නිසා උඹගේ මතකයන් අලුත් වෙනවා නේද? මොනවා කරන්නද මම ලියන්නේ මට වුන සහ මම දකින දේවල්.... ඒ අත් දැකීම් අපි හැමෝටම වගේ තියනවා :(

    ReplyDelete
  21. සොරි මචො මම දැන්දැක්කේ ????????????????/
    ඔය කෙල්ලො කොච්චර අදරේ කිවුවත් සුවර් කරන්න බැ,,,,,,,,,,,,,
    කොච්චර දිවට දිව ගාවන් හිටියත් තත්පරේන් වෙනස්වෙන්නේ?????????????????
    යලුවට කියපන් උ බෙරුනා කියල සතුටු වෙන්න කියල>>>>>>>>>>>
    හැම දැම වෙන්නේ හොදට මචො...
    බලපන් උබෙ යලුවගෙ දුකට කොල්ලො කියක් දුක්වෙනවද කියල >>>>>>>>>>>>>>.
    කොල්ලො එහෙමයි
    ????????????????
    සතුටින් ඉන්න කියපන් විඹගෙ ගොඩ දගන්න කියල එතකොට ඔය ගියපු අය ට නිකම්ම ඇඩෙයි>>>>>>>>>>>>>.
    ජයවෙව!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  22. කවදාවත් කිසිම කෙල්ලෙක්ට බොක්කෙන් ලව් කරන්න එපා.දන්වන්න තියෙන හොඳම ක්‍රමය කෙල්ල බූට් එක තියන්න හදන්නේ කියලා තේරෙනවා නම් ඊට කලින් අපි ඒකිට බූට් එක තියන එක. අඩුම ගානේ අපේ ආත්මයවත් බේර ගන්න පුලුවන්. ගෙදර ගිහිල්ලා පස්සේ කාටත් හොරෙන් කොට්ටේ බදා ගෙන එලිවෙන කම් අඬන එක වෙනම දෙයක්. හැබැයි ඔහොම කරන කෙල්ලොන්ට කොල්ලොන්ට ඕනම කෙනෙක්ට ඒකට රිටන් එක ලැබනවා කියලා නම් කියන්න පුලුවන්. මට උඹෙ යාළුවා ගැන දුකයි. උගෙ හිත හදන්න බලපන්.

    ReplyDelete
  23. සංධ්වනිJanuary 16, 2011 at 11:47 AM

    "never trust women", "කෙල්ලො ඔක්කොම එකයි" කියලා සිංහනාද කරන අයගෙන් අහන්න කැමතියි තම තමන්ගෙ අම්මලත් ඒ වගේද කියලා.

    "ගෑණු චපලයි" කියන එක කිසි වටිනාකමක් නැති සිල්ලර කියමනක්. මගේ අත්දැකීම් අනුව පිරිමි ඊට වඩා සෑහෙන්න චපලයි. කසාද බැඳපු ගෑණු අයගෙන් බොහොම අතලොස්සක් තමා තමන්ගෙ ස්වාමියගෙන් පිට අය සමග ඇසුරක් පවත්වන්නේ, නමුත් පිරිමි ඊට වඩා විශාල සංඛ්‍යාවක් තමන්ගෙ සේවා ස්ථානයේ, යන එන අතර හම්බුවෙන අයත් සමග ඇසුරක් පවත්වනවා. මේවා ප්‍රචලිත නොවෙන්න හේතුව මෙවැනි දේවල් මාට්ටු නොවෙන්න කරන විදිය ගෑණුන්ට වඩා පිරිමි හොඳින් දැන සිටීම හා තමන්ගෙ ස්වාමියාගෙ, පෙම්වතාගෙ මේ වගේ දෙයක් මාට්ටු වුනොත් ඒවා අනිත් අයත් එක්ක කීමට ගෑණු අය මැළි වීම.

    ඒ නිසා මේ වගේ දේවල්වලට හේතුව ගෑණු පිරිමි භේදයක් නොවෙයි. ඕක එක එක පුද්ගලයන්ගේ ලක්ෂණයක් නිසා වෙන දෙයක්. කීපදෙනෙකුගේ වැරදි වලට සමස්ත වර්ගයාමට බණින එක, ගරහන එක අනුමත කරන්න මට නම් බැහැ.

    පූසා, ඔයාගෙ යාලුවට ඒ ගෑණු ලමයා කරපු දේ මම හරියි කියනවා කියලා හිතන්න එපා හරිද? :) ඒක අන්තිම කැත වැඩක් බව මම පිලිගන්නවා.

    ReplyDelete
  24. සේරටම මුල කාමය. ස්ත්‍රීහු නම් කුස තුල රුවා ගෙන වත් ආරක්ශා කල නොහැක.

    ReplyDelete
  25. මචෝ උබේ යාලුවා ලොකු කරදරයකින් බේරිලා තියෙන්නේ ,මොකද ඔය කෙල්ල උබේ යාලුවා බෑදලා ඉන්න කාලෙක ඔහොම කරා නම් වෑඩක් නෑනේ ඉතින් මොකද බදින්න කලින්බම බේරුන එක උබේ යාලුවාගේ වාසනාව,කොහොම හරි කොල්ලගෙ හිත හදපන් මචෝ මොකද මටත් ඔහොම දෙයක් වෙලා තියෙනවා

    ReplyDelete
  26. ඔහොම තමයි බන් බහුතරයක් , ජීවිතේ හැටි කියලා හිත හදාගන්න තමයි වෙන්නේ , තව කෙල්ලො ඕන තරම් ඉන්නවනේ ,

    ReplyDelete
  27. aniwa gahapan bittarayak ekige munatama............

    ReplyDelete
  28. @සංධ්වනි: ඇත්ත ඔයා කියන දේට සම්පූර්ණයෙන්ම එකඟයි...ගැහැණු පිරිමි කියලා වෙනසක් නෑ වැඩි වාසි පැත්තට යන අය ඕන තරම් ඉන්නවා....... :(

    ReplyDelete
  29. @Astro Boy: ඒ කතාවටනම් මම එකඟ නෑ මචෝ. රාගය නෙමෙයි වඩිපුරම තියෙන්නේ මුදල්. අත මිටේ සල්ලි තියනවා නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒත් සල්ලි නැත්තම් කවුරුත් නෑ. හැම දෙයක්ම සල්ලි වලට යට වෙලා :(

    ReplyDelete
  30. @මෝල්ඩර් ෆයිල්ස්: මිනිහා ගොඩාක් දුකෙන් ඉන්නේ :( මම උපරිම උත්සාහා කරනවා හිත හදන්න. උඹටත් වෙලා තියන නිසා දන්නවා ඇතිනේ බං ඒ වෙලාවට මොනවා කිව්වත් දුක අඩු වෙන්නේ නෑ නේද?

    ReplyDelete
  31. නූතන ප්‍රේමය ඔහොම තමා බං.කොල්ලන්ව ආශ්‍රය කරන්න තියන අවස්ථා කෙල්ලන්ට දැන් වැඩියි.ඉතිං මුන් සංවර්ධන සූරනව වාගෙ බලල,බලල හොඳම එකාව තමා සිලෙක්ට් කර ගන්නෙ.ගොඩක් වෙලාවට සල්ලි තමා ඔතන අංක 1ට එන්නෙ.අනික ඕනැවට වැඩිය කෙල්ලට ඇලෙන්නම ගියොත් ඒකිට අපිව ඇනයක් වීමේ සම්භාවිතාව වැඩියි.
    පව් උඹේ යාළුව.දැන් අපි ඌට කොච්චර කිව්වත් උගෙ හිතෙන් ඔය වේදනාව නැති වෙන්න කොච්චර කාලයක් යයිද?සමහර විට ඒ වෙනකොට උගෙ ලයිෆ් එක අඳුරු වෙලා තියෙන්නත් පුළුවන්.මොකද ඌට මේ වෙලාවෙ ඕකිව අමතක කරල දාන්න පුළුවන්නම් තව වුරුදු 5-6ක් යනකොට අනිවා සුපිරි කෑල්ලක් සෙට් කර ගන්න පුළුවන්.මොකද අද කාලෙ සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ .මූ දැන් යුනියෙ කොල්ලෙක් හින්ද කොහොමත් ඔය කියපු කාලෙදි ගොඩ යන්න පුළුවන්නෙ.හැබැයි අද මූ මේ ගැනම හිතල දුක් වෙවී හිටියොත් සදා දුකේම තමා.

    ReplyDelete
  32. කෙල්ලො............... අනේ මන්ද

    ReplyDelete
  33. පූස් මලේ, ඔයා ඔයාගේ යාළුවාට කියන්න එයා බේරුණා කියලා හිතාගන්න කියලා. මේ වගේ මෝඩ හරක් කෙල්ලෙක් නිසා මගේ හොඳම යාළුවාටත් මේ වගේම උනා. අල්ලල දාන්න කියන්න ඔය වගේ (@#$%) කෙල්ලන්ව. ඇත්තමයි කියන්න වචනත් නෑ. මුන් ද අනාගතේ කාගෙ හරි බිරිඳක් වෙන්නේ ? කාගේ හරි අම්මා කෙනෙක් වෙන්නේ කියල හිතනකොට තමයි දුක හිතෙන්නේ.

    ReplyDelete
  34. ඌ ඔයිං බේරුනා මදෑ බං.. කොහොමද බැඳලා ලමයිනුත් හම්බුනාට පස්සෙ කලා නං.. ඒ ගැන හිතලා සතුටු වෙන්න කියපං.

    ReplyDelete
  35. කතා කරලා වැඩක් නෑ මලයා කෙල්ලෝ ගැන....වෙලාව අපරාදේ....:-/
    කවදාවත් දෙයක් එක හිතෙන් කරන කට්ටියක් නෙමේ... ~x(

    ReplyDelete
  36. කෙල්ලො සේරම එක වගේ. උන් හොයන්නෙ සැප විතරයි.ඒ වගේම ඔය Facebook ඉන්න ගොඩක් කෙල්ලො කොල්ලන්ව යොදා ගන්නෙ උන්ගෙ කාලෙ ගෙවා ගන්න. උන්ට හැමදාමත් අහු වෙන අපි පොල්ම පොල් බූරුවෝ. කෙල්ලන්ගෙ කපටිකම් වලින් බේරෙන්න අපි තාම ළපටි වැඩී. මම කියන්නෙ අත්දැකීමෙන් මටත් එක කෙල්ලෙක් සිරා ටෝක්ස් ටිකක් දුන්න facebook එකේදි. ඒකි මට හොදටම සෙට් කියලා තමා මට හිතුනේ. මම facebook නැති වෙලා වලදි ඒකි i miss uuuu so much .... patiyooooo / i miss u tin tin ...... කියලා type කර කර යනවා.අපේ කොල්ලො සෙට් එකත් කිව්වෙ ඒකි මට සෙට් කියලා.උන් කියපු නිසාම මම ඒකිගෙන් අහුවා.... ඉතින් ඒකි කියාපි මට BFක් ඉන්නවා.මම එයාට විතරයි ආදරේ !!! කියලා ..... ඇයි දෙයියනේ එහෙනම් මට මේ තරම් ටෝක් දුන්නේ කියල මට හිතුනා.මම ගොඩක් බලාපොරොත්තු තියාන හිටියේ.මට දුක වැඩි කමටම facebook account එක deactivate කරල දැම්මා.ඒකිට massage එකකුත් තියලා.දවසකට පස්සෙ ඒකි මගේ මොබියට කෝල් එකක් අරන් කියනවා facebook එන්න කියලා.මම දෙවනි සැරේටත් ඒකිට රැවටුනා......අයෙත් මට පරණ ටෝක්ස් ටිකමයි ~‍x( . මාව හොදටම අඩවලා ඒකි යන්න ගියා..... =(( .මට උන දේ වලින් බොහොම චුට්ටයි මේ.
    මොනා උනත් දැන් මගේ හිතේ දුක අඩු වෙලා.....හැබයි කෙල්ලො ගැන තිබ්බ විස්වාසෙ නම් දැන් පළුදු වෙලා.ඒක අයේ හරි යයි ද මන්දා............
    @ පූසෝ උබේ යලුව ගැන මට මාර දුකක් එන්නෙ.... ඒ වගේම තරහක් ඇයි කොල්ලො හැමදාම මෙහෙම රැවටෙන්නෙ ............?????????
    කොහොම හරි උගේ හිත හදපන් !!!! මොනා උනත් අහිංසක කොල්ලෙක්නෙ ....... කොහොම හරි විභාගෙටත් යවපන් ........
    මේ මොනා උනත් මේ ලෝකෙ හිත හොද අවංක කෙල්ලොත් ඇති .................

    ReplyDelete
  37. අනේ මල්ලී විභාගෙ කරගන්න කියන්න කොහොම හරි.අන්තිමට ඉතුරු වෙන්නෙ ඔච්චරයි.

    ReplyDelete
  38. මචං උඹේ යාලුවට උන දේම වුන කොල්ලෙක් බං මමත්,,මම යාලුවෙලා හිටිය කෙල්ලත් මට ඔය විදියටම කලා,සල්ලිකාරයෙක් හම්බෙලා මාව අමතක කලා දවස් දෙක තුනෙන්,ඒත් ඒකිට දැන් මගේ ආදරේ හොඳටම තේරිලා,,ආදරේ අමතකකරලා සල්ලි පස්සේ යන කෙල්ලෝ ගැන උන් එක්ක යාලුවෙන කොල්ලොත් හොඳට දන්නවා බං.,උන්ටත් ඒවා හොඳට තේරෙනවා උනුත් ටිකකාලයක් ආතල් අරන් අරකිට හොඳ පොල්ලක් තියෙනවා,මගෙ කෙල්ලටත් දැන් වෙලා තියෙන්නේ ඒක තමා ඒත් ඒ කෙල්ල අල්ලපු අත්ත අතාරින්නේ නැතුව ඉන්නවා ලොකෙට පෙන්න නටපුවයින් අන්තිමට විඳවන්න වුනේ ඒ කෙල්ලටමයි,අරූ දැන් ගනන් ගන්නෙවත් නෑලු,,මට කෝල් කර කර කියනව දැන්,මටත් දුකයි ඇත්තටම ඒත් දැන් මටත් කරන් දෙයක් නෑ,උඹේ යාලුවගේ කතාව දැකලා මටත් අතීතෙ මතක් උනා බං,,දුක්වෙන්න එපා කියපන් ඌ එල කොල්ලෙක් මමත් ඔය දුකම විඳපු එකෙක් p:,,

    ReplyDelete
  39. @dinesh: හැමදේම සල්ලි වලට යට වෙලා බං :(

    ReplyDelete
  40. @ලකී වික්‍රමසිංහ: ඇත්තමයි අක්කේ ඒ දේවල් ගැන නම් හිතාගන්නවත් බෑ :(

    ReplyDelete
  41. @Kanishka | කණියා: මමත් ඊයේ මිනිහාට ඔය ටිකම කිව්වා බං :(

    ReplyDelete
  42. @Tharindu Darshana (විකියා): ගොඩක් අය ඒ වගේ වුනාට එහෙම නැති කෙල්ලොත් ඉන්නවානේ අයියේ

    ReplyDelete
  43. @Anonymous: ඕවා මොනවාද බං මටත් ඔය වගේම කෙල්ලෙක් සෙට් වෙලා මම අපේ ගෙදරටත් කිව්වා. ඒකි මාව කීපාරක්නම් රැවැට්ටුවාද? අන්තිමේ මට එපාම වුන නිසයි අතහැරලා දැම්මේ ~x(

    ReplyDelete
  44. @Anonymous:ඔව් බං අනිවා කවදා හරි අර කෙල්ලටත් ඔය සිද්ධියම තමයි වෙන්නේ බං

    ReplyDelete
  45. කතාව විතරයි බැලුවේ. කමෙන්ට්ස් බැලුවේ නෑ.
    ඉතා කෙයියෙන් - කොල්ලන්ට වැරදෙන තැන තමයි කෙල්ලන්ට ඕනෑ මොනවද කියල (what women want) අදහසක් නැති වීම.

    ReplyDelete
  46. @Kathandara: ඈ කකා අයියේ මොකක්ද ඒ කතාවේ තේරුම??? ටිකක් පැහැදිලි කළානම් :-/

    ReplyDelete
  47. කකා කියූ එක හරි...!

    ReplyDelete
  48. @Loku: ඈ අනේ පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. දැන් මොනවාද කෙල්ලන්ට ඕනේ ඇත්තටම??? :-/

    ReplyDelete
  49. machan poosa. mn kawda kiyala ahanna nam epa, mokada math oyawage lanuwak kala mage hamadema nathikaragaththu ekek matath oyawage kellek gana hodata athdakim labuna . aye love nokarannama. eki mathak weddi danuth mata dukay ewagema tharahay bn. mokada mn e tharamata ekita love kala, adath eke ehemmay. ube yaluwa kochchara asaranada kiyala mata hithaganna puluwan, thamange thiyana hama sesathatama wada uta e kella watinawa athi. mokada kollo api hena moday. eka nisa...

    kaka kiyana kathawanam matath therene naha, eth kaka ayya kiwwe kello apith ekka sellam karaawa kiyana ekada kiyala ahala balanna

    oyage yaluwata hitha hadaganna monada kiyanne... hama dema nathi wenawa bn. atharapu eka sathutin athi mokada e ekige sathuta wenuwen eki gaththu thiranayak kiyala hithala hitha hadaganna kiyapan.

    kellata mokuth kiwwa kiyala wadak naha., ane poosa aruta bonna epa kiyapan. man kollo bonawatanam chuttak wath kamathi naha, wishesayen kello nisa.. budhusaranay ubala hamootama .

    loke saray eth me ganu maha asaray bn....

    ReplyDelete
  50. @Anonymous: ube comment eka mage bokkatama wadunaa bn :(

    uba kiyana kathaawa aththa bn. mama hawasa gihin uoowa meet unaa. uoo kiyanawa eki dan yaalu welaa inna kollawa atha arala aaye uoo gaawata aawoth eth baara ganna lasthiyi kiyalaa.

    mama dannawaa mama monawaa kiwwath mata uoo ge hitha hadanna ba. kaalayath ekka eka mihiita hadheyi. habayi godak kal yayi :(

    ReplyDelete
  51. @කතන්දර: අත්දැකීමෙන් වෙන්න ඇති කියන්න ඇත්තේ... :ඩ්
    …කොහොම උනත් ඒ කතාව නම් ඇත්ත (ඒක එහෙම වෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක කෙල්ලොන්ට විතරයි ).වංචාව කරන එවුන් කොහොමත් වංචාව, රවට්ටන එක කරනවමයි. උන්ව හදන්න අපිට බෑ. එහෙම වුන්ට හැදෙන්න ඒ ජාතියේ කොල්ලොත් ඉන්නවා.උන්ගෙන් දවසක මට්ටු වෙයි. වැදගත් ම දේ තමයි ආශ්‍රය කරන මුල් කාලේ කෙල්ල ව තේරුම් ගන්න එක.(කෙල්ලොන්ව කාලා බලන්නනම් බෑ තමයි, ඒත් කොහොමහරි-ඒක තමන්ගේ හැකියාව! ) ගැලපෙන්නේ නැත්නම් අයින් වෙන්නෝන,එතකොට දුක අඩුයි..
    …ඔයවගේ කෙල්ලෙක් ගෙන් දැන්ම බේරුන එක ලොකුදෙයක්. කොහොමහරි විභාගේ කරගන්න උනන්දු කරන්න.....

    ReplyDelete
  52. මුලින්ම පූසෝ ඔයාට ස්තූති කරන්න ඕන මේක බ්ලොග් එකේ ලිව්ව එකට.හොදට දැනෙන්න ලියලා තියෙනවා.ඇත්තටම ගෑනු ළමයෙක් එක්ක යාළු වුනහම ටික කාළයක් ගිහිල්ල හරි එයාගේ උපන් වේලාව ඉල්ලගෙන කේන්දරේ පොඩ්ඩක් බලල එයාගෙ ගතිගුණ ගැන ටිකක් දැනගෙන ඉන්නවනම් හොදයි.(මම කිව්වෙ පොරොන්දම් බලල හිත නරක් කර ගන්න නෙවෙයි.)කේන්දරෙන් 100%කම නිවැරදිව නොවුනත් යම් කිසි මට්ටමකට චරිත ගතිගුණ ගැන දැනගන්න පුළුවන්.

    ReplyDelete
  53. ආ තව එකක් කියන්න තියෙනවා.කොහොම හරි යාළුවට විභාගෙ හොදට කරගන්න කියන්න.ඉතිරි වෙන්නෙ එච්චරයි.

    ReplyDelete
  54. @Lahiru: මට හිතුන විදිහටනම් ඒ කෙල්ලටයි මගේ යාළුවාව තෙරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ..... :(

    ReplyDelete
  55. කලින් පාර කලා වගේ දුක සහ තරහව හොඳ දේකට යොමු කරන්න බලපං. කෙල්ලො නම් ඔහොම තමයි. විශ්වාස කරන්න මාර ම අමාරුයි :(

    ReplyDelete
  56. ගොඩක් කෙල්ලෝ ඔයවගේ තමයි . සල්ලි කොතනද කෙල්ලෝ එතන කියලයි මම හිතාගෙන උන්නේ . මොනා උනත් දැං කාලේ කෙල්ලෝ සතපහකට විස්වාස කරන්න බෑ

    මචං ඔන්න ඔය පුලු පුලුවං විදිහට ඔය යාලුවට කරුනු පහදලා දීල විබාගේ ගොඩ දාගන්න කියපං , ඔය දාල ගිය කෙල්ලට දෙන්න පුලුවන් හොඳම රිටන් එක තමයි එක්සෑම් ගොඩ යන එක ..

    ජය ..

    ReplyDelete
  57. @කොඩී: මම උත්සාහ කරනවා :(

    ReplyDelete
  58. @හිස් අහස: උඹ හිතාගෙන හිටපු එක හරි බං. ගොඩාක් කෙල්ලෝ ඒ වගෙ තමයි :( වැඩියෙන් සල්ලි තියන එකා ළඟට තමයි යන්න බලන්නේ. මගේ යාළුවාටත් ඒ වගේ එකක් තමයි වෙලා තියෙන්නේ x(

    ReplyDelete
  59. පුස් උබ උබේ blog එකයි මෙ comment ටිකයි ඔය පාහර කෙල්ලට පෙන්නපන්.අවංක එකාට වරදින් නැ බොල.උබේ යාලුවට ඉක්මනට හොද කාලයක් උදාවෙයි.

    ReplyDelete
  60. හ්ම්.. එග්සෑම් කරගන්න ඔයා යාලුවට උදව් වෙන්න. මොනා කියන්නද යාලු. කෙල්ලො මෙහෙම කරද්දි, කොල්ලො මෙහෙම කෙල්ලොන්ට බනිනව අහගෙන ඉද්දි ලැජ්ජයි. එහෙම උන් ඉන්නවා. එහෙම නොවෙන උනුත් ඉන්නවා.

    ReplyDelete
  61. @Shanika Sarathchandra: අනිවා මචං මම මේක දවසක ඒකිට පෙන්නවා. මම මේක ලිව්ව එක තාම මගේ යාළුවාටවත් කිව්වේ නෑ. ඌගේ හිත හැදුන දවසක ඌටත් පෙන්නලාම ඉන්නවා.

    ReplyDelete
  62. @පිණිබිඳු...: මොනදේ උනත් මමත් පිළිගන්නවා හොඳ කෙල්ලෝ ඉන්නවා කියන එක

    ReplyDelete
  63. අහල නැද්ද මචන් "විශ්වයේ අනන්තය සහ ගැහනියක් හිතන විදිහ ගැන හොයන්න එපා" කියල මගෙත් අදුරන කොල්ලෙක්ගෙ කෙල්ලෙක් ගිය සතියෙ එකිගෙ පරන කොල්ලා එක්ක නිදාගන්න ගිහින්..... එහෙම බලද්දි උබෙ යාලුව වාසනා වන්තයි බන්....

    ReplyDelete
  64. මචං ඕක තමයි බං ජීවිතේ කියන්නෙ. මම මේ කියන්න හදන්නෙ අර කෙල්ල හරියි කියල හරි කොල්ල වැරදියි කියලවත් නෙමෙයි. මිනිස්සු හරිම සංකීර්ණයි බං. යාළුවත් එක්ක ඉඳල හිත හදන්න බලපන්.

    ReplyDelete
  65. කතන්දර කියපු දේට තමා මාත් කැමති. ගැහැණු කැමති දේ සහ, එයාලා කැමතියි කියලා පිරිමි හිතන දේ අතර ලොකු වෙනසක් තියෙනවා.
    (එන්න පරක්කු උනාට සොරි. මේ ටිකේ දිගටම ඕෆ්ලයින් :|)

    ReplyDelete
  66. මචන් කසාද බදිනකම් කෙල්ලොන්ගේ හිත පට ගාල වෙනවස් වෙනව හරියට කෙල්ලක්ව ආශ්‍රය කරපු ඕන කෙනෙක් මේක පිලිගන්නව.. බැන්දට පස්සේ නම් ඉන්නව.. මොකද තාම ලාංකිකයො දික්කසාදෙට බය නිසා..
    මොනව වුනත් බැදීම් කියන්නේ දුකක් කියල බුද්ධාගමේ කියන දේ සත්‍යයි..

    ReplyDelete
  67. මම නම් තාම විදවනවා මට මේක කියා ගන්න විදිහක් තිබුනෙ නෑ.අවුරුදු 3ක් මං එයාට ආදරය කලා.මට එයාගෙන් තොර ජිවිතයක් තිබුනේ නෑ.යාලු වෙලා අවුරුද්දක් යන්න කලින් එයාගේ හොදම යාලුවා පස්සෙන් ආපු කොල්ලට 1ට උදවු කරන්න එ කොල්ලට ඇස්ම් ඇස් යවන්න ගත්තා එක දවසක් මට කියුවා එයා අරුත් එක්ක යලුයි කියලා මට මුකුත් හිතා ගන්න බැරි උනා. එත් මං කියුවා ඔක්කොම අමතක කරලා අලුතෙන් පටන් ගන්මු.මන් සමාව දෙන්න ලැස්ති කියලා.එයාගේ ඒ වැඩේ නිසා එයාගේ යලුවෝ ඔක්කොම එයත් 1ක්ක තරහා වෙලා ඉදියෙ.ඒත් මන් සමාව දීපු නිසා යලුවො ෂේප් වුනා.ඔහොම ලස්සනට අවුරුදු 1මාරක් ගෙවිලා ගියා.එයා අරුට මැසෙජ් යවන්නේ නැ කියල එකාලෙ පොරොන්දු උනා.මන් එයාට උ.පෙ ගොඩ දාන්න ගොඩක් උදවු කලා අපි දෙන්නට ඔන උනේ දෙන්නම කැම්පස් යන්න.අපේ යලුවො අතර හොඩම කපල් 1 විදිහට ප්‍රසිද්ධ උනේ අපි.අන්තිමට එයා හොදට පාස් උනා කැම්පස් සෙට් උනා.මන් යන්තම් ශේප්.මන් අත ඇරියෙ නැ.මන් සිලිට් සෙට් උනා.එයගේ අම්මට ගිහින් කියුවා.අවසරත් හම්බුනා.එත් එයාට කැම්පස් පටන් ගන්න ලං වෙනකොට එයා කියුවා අපි මෙක අවුරුදු 4කට නවත්තමු කියලා මන් අහුවා ඒ මොකඩ කියලා හේතු කියුවේ නැ.අන්තිමට නැන්දම්මත් 1කියුවා.මගේ සිලිට් විභාගේ එතකොත සෙට් වෙලා තිබුනේ.මන් පොඩි කලෙ බොන්නෙ නැ කියලා හිතන් ඉදපු නිසා බිවුවෙ නැ.
    මන් සිලිට් විබගෙ නිදාගත්තා

    ඉට පස්සෙ සිලිට් ගියෙ නැ.

    ගෙදරට බොරු කියලා කල් මැරුවා.

    මැරෙන්න හැඩුවා නිදි පෙති ගෙනාවා බී ගන්න බැරි උනා

    ආයි එයා මට කතා කරලා යාලුවෙක් විදිහට ආස්සරය කරමුඩ ඇහුවා

    මන් මුකුට් නොකිය 4න් 1 තිබ්බා

    මන් ආයි සිලිට් ගියා

    මාව ආයි ගන්න බැ කියුවා අවුරුදක් ඉවරයි ගෙදර පවු ලොකු ගානක් සිලිට් 1කට වියදම් උනා

    මන් තම ඉබාගාතේ යනවා.

    අනෙ මචන් මට යලුවො ඉදියෙ නැ උදවු කරන්න උට මට වෙච්ච දෙ වෙන්න දෙන්න එපා මන් 1 පාරයි බ්ලොග් වල කොමෙන්ට් කරලා තියෙන්නේ මට මේක දැක්කම ඇඩුන 1යි මේ ටික කියුවේ

    ලොකු කටවක් පොඩියට කියුවෙ මන් එයට ගොඩක් උදවු කලා. එයාගෙ ගෙදරට් සල්ලි අවුල් තිබුනා.මටත් ලොකු සල්ලි තියෙන කෙනෙක් නෙමෙ.මන් එයට දුකින් ඉන්න දිල නැ.

    එත් එයා මට අන්තිමට කියුව ඔය හින්ද නෙමෙ මන් විභාගේ පාස් උනෙ .... කියල මන් දන්නෙ නැ ඇයි මට මෙහෙම උනෙ කියල

    මෙ කටව කවුරුත් දන්නෙ නැ.මගෙ යලුවො වත් මන් කියලා නැ

    ReplyDelete
  68. ආ බන් පුසෝ කොහොමද බන් මේ කෙල්ලන්ව විශ්වාස කරන්නේ,තනියම ඉන්න එක හොදයි වගේ තවත් කාලයක්

    ReplyDelete
  69. ඔහොම උනු එක හොඳ බන්... නැත්තම් ඉතින් තව කල් ගිහින් බැඳල එහෙම පිට යන්න ගත්තනම්...

    ReplyDelete
  70. සංධ්වනි කිව්වා ව‍ගේ හැම ‍කෙල්ලම එකම මිම්‍මෙන් මනින එක කරනවා නම් ‍මේ ‍ලෝ‍කේ එක ‍කෙල්‍ලෙක්වත් ‍ජීවන සහකාරිය කර ගන්න සුදුසු නැති අය. ඒත් ඔය ව‍ගේ ‍කෙල් ‍ලො ගැන ‍කොල්‍ලන්ට විතරක් ‍නෙ‍මෙයි ‍කෙල් ‍ලො උන අපිටත් ති‍යෙන්‍නේ පිලිකුලක්. ‍මොකද ‍කෙල් ‍ලෙක් ‍කොච්චර අවංක උනත් ඔය ව‍ගේ කතා නිසා ඕනම ‍කොල් ‍ලෙක් බලන් ‍නේ ‍මේකිත් අරම ‍වෙන්නැති කියන බැල්‍මෙන්. හැඟී‍මෙන්. ඔ‍හොම අයවනම් ඉතින් ඔය ව‍ගේම ‍සෙල්ලක්කාර ‍කොල් ‍ලෙක්‍ගෙන් පාඩමක් ඉ‍ගෙන ගන්නකම් ඔ‍හොමම තමයි. ‍මොකද දන්න කියන යාළු‍වෝ හිටියා මැකුවත් හදන්න බැරි. කලකීරී‍මෙන් බලා හිටියා ඇ‍රෙන්න ‍වෙන කරන්න ‍දෙයක් නැ.

    යාළුවට විභා‍ගේ ලබන අවුරුද්‍දේ කරන්න පුලුවන් නම් හිත හදා ‍ගෙනම කරන්න කියන්න. ‍මොකද ‍මේ මානසිකත්වය උඩ අපි ‍කොච්චර ඕකි ඔ‍හොමයි කියලා බැන්නත් ආද‍රේ කරපු ‍කෙනා හිතන් ‍නේ ඒක ‍නෙ‍මෙයි. එයාට වරදීද එයාට කරදරයක් ‍වෙයිද කියලා. ‍කොච්චර හැංගුවත් හිතින් කරන් ‍නේ ඒකමයි. ඒකනේ ආ‍යේ ආවත් භාරගන්න බලන්‍ ‍‍නේ. ‍හොඳම ‍දේ හිත සන්සුන් ‍වෙනකම් ඉදලා පුලුවන් නම් විභා‍ගේ කරන්න කියන එක. ‍මොකද ඔය අස් ‍සේ විභා‍ගෙත් හදිස්සියට කරලා අවුල් උ‍නොත් ඒ පීඩ‍නෙත් එක්කම ජීවි‍තේම අවුල් කර ගන්න පුලුවන්. ෂුවර්මනම් කරන්න කියන්න ඒත් අවුල් උ‍න ‍වෙලාවට තමා අර හැම‍දේම ‍වෙන් ‍නේ මටමයි කියලා හිතිලා අන් ‍තෙටම කලකි‍රෙන් ‍නේ........ ‍
    වැඩකට නැති කෙල්‍ ‍ලෙක් නිසා අවුරුද්දක් නාස්ති ‍කරන් ‍නේ ‍මොකටද අහයි කට්ටිය. ඒත් ජීවිත කාලයක් නාස්ති වු‍නොත්????? ඒ නිසා එයාටම එයා ඉන්න තත්‍වය ගැන හිතලා තීරණය කරන්න කියන්න. ‍
    බොන එක නම් කරන එක හැමදාමත් මං කියනවා ව‍ගේ ප්‍රශ්න උගසට තියලා කරන වැඩක් මිසක් වැඩකට ඇති ‍‍දෙයක් ‍නෙ‍මෙයි.

    මං කිව්‍ ‍වේ මට හිගුන ‍දේ සුදු පූ‍සෝ ආ‍වෙ‍ගෙන් කතා කරනවා ව‍ගේම සිහිබුද්ධි‍යෙන් කතා කරන්නත් ඕන. ආ‍වේගයට හිතන ‍දේවල්ම කරන්න ගිහින් අහිතකර ‍වෙන්න පුලුවන්.

    සමා‍වෙන්න ටිකක් දිග වුනා ක‍මෙන්ට් එක. වැරදි ‍දෙයක් කිව්වනම් ඒකටත් සමාවෙන්න සුදු පූ‍සෝ..... මං කිව්ව ‍දේවල් ගැනත් ටිකක් හිතලා බලන්න පුලුවන් නම්.........

    ReplyDelete
  71. සාමාන්‍යයෙන් මෙහෙම දේවල් කරන්නේ කොල්ලො කියලනේ චෝදනා කරන්නේ.. මේ සිද්ධිය එකක් විතරයි. තව කොල්ලන්ට මෙහෙම වෙනවා.ඒත් ඒවා විස්වාස කරන්නේ කීප දෙනයි.. මගේ ජීවිතේට ගොඩක් සම්බන්ධ ලිපියක් පූසෝ..
    මටත් ගොඩක් දුකයි වෙච්ච සිද්ධියට.යාළුවට මම නම් කියන්නෙ නෑ හිත හදාගනින් කියලා.මොකද මට උඹල කොච්චර කිව්වත් තාම හිත හදාගන්න බැරිවුන නිසා..

    ReplyDelete
  72. මමත් දවසක් ඔය වගේ දේකට කොට්ටෙ බදාගෙන ඇඩුවා :(( =((

    ReplyDelete
  73. poosa aiye ape comment danne naddo...

    ReplyDelete
  74. @Anonymous: ko kawuruth me post ekata comment karala thibbe na ne.

    ReplyDelete
  75. ane mama lokuu..... comment 1 damma....

    ReplyDelete
  76. ah ehenam oya eka post karala na. aaye liyanna

    ReplyDelete
  77. පූසො, අපේ එකෙක්ට එකම කෙල්ල බූට් එක දුන්න තුන් පාරක්.... මූ හිත හදාගන්නකොට ඇවිත් සෙට් වෙනව... කොච්චර කිව්වත් ඇහුවෙ නෑ... පළවෙනි දෙපාරෙදිම විභාග කෙලව ගත්ත... අපිට ඒකිව මරන් කන්න තරං කේන්ති වුනාට තාම ඒකිට මොකුත් කියනවට මූ කැමති නෑ... (ඒකිටම බැනලත් වැඩක් නෑ අපේ එකත් හරක... මට දැන් නම් හිතෙන්නෙ එහෙමයි)

    ReplyDelete
  78. පූස් අයියේ මෙහෙම දෙයක් තියෙනවා ඔය වගෙ කෙල්ලො වගේම කොල්ලොත් ඉන්නවා, ඇත්තටම ආදරේ කරන කෙල්ලො, කොල්ලෝ නෑ කියලා කියන්න බෑ. හැම කෙල්ලක්ම එකම මිම්මෙන් මනින්නත් එපා. මම කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීමක් මත,
    එයා මගේ හොදම යාලුවා, අවුරුදු 7ක් වෙනවා අපේ යාලු කමට. කොහොමින් කොහොම හරි අපිටත් හොරා අපි එකිනෙකාට ආදරේ කරන්න පටන් ගත්තා. ඒ ආදරේ දෙන්නම එලියට දාන්න බයෙනුයි හිටියේ. අන්තිමේ කොහොම හරි අපේ ආදරේ පටන් ගත්තා. ඒත් එයා මට විතරක් නෙවෙයි තවත් ගොඩාක් කෙල්ලොන්ට ආදරෙයි කියලා. ෆේස්බූකියේ එයාගෙ පෙම් පලහිලව් ගොඩයි, ඒ ඔක්කොම දැනගෙනත් මම එයාට සමාව දීලා ආදරේ කරා, ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා, වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයා කියන්නා වගේ එයා දිගටම එකම වැ‍රැද්ද කරා මම ඒ හැම අවස්ථාවකම සමාව දුන්නා. ඒත් අන්තිමේ අද වෙද්දි ඒ හැම දේකටම වැරදි කාරයා වෙලා තියෙන්නෙ මමයි. මම එයාගෙන කෙල්ලෙක් අහන්න පුලුවන් අන්තිම නරක වලිනුත් බැනුම් අහලා තියෙනවා, ඒකට එකම හේතුව මම එයාට ගොඩාක් ආදරේ කරපු එකම විතරයි.මම එයාව දාලා ගියා කියලා එයා මට වෛර කරනවා. හැමදාමත් මාව රවට්ටපු එයාට ත්වත් ආදරේ කරන්න පුලුවන්ද මට, එක පාරක් දෙපාරක් නෙවෙයි 4,5 පාරක්ම. ඔයාල මාව විස්වාස කරාවිද මම දන්නේ නෑ. ඒත් ඔන්න එහෙමයි ඒ කොල්ලගේ හැටි. හැමෝම එහෙම නැති බව මම දන්නවා. එයාට ආදරේ කරපු එක ගැන, ඒ ඔක්කොටම වඩා කරපු හැම වැ‍රැද්දටම එයාට සමාව දුන්න එක ගැන මම පසුතැවෙනවා. ඒක නිසා කෙල්ලොන්ට විතරක්ම වැරදි කියලා වැඩක් නෑ. අවංක ආදරයක් ලබන්නත් පිනක් තියෙන්න ඕනේ.

    ඔයාගේ යාලුවට කියන්න කොහොම හරි විභාගෙ කරන්න කියල. මම මේ කමෙන්ට් එක දාන්න ගොඩාක් පරක්කුයි කියල මම දන්නව, ඒත් තමන් හිසට තම අතමය සෙවනැල්ල කියල කියනවලුනෙ ඒ නිසා යුනි එකේ වැඩ ටික හොදට කරගන්න කියල කියන්න. මමත් ඔයාගේ යාලුවා වගේම ආදරේ නිසා යුනි එකේ එක්සෑම්ස් පවා මග ඇරුන කෙනෙක්. එවා ආයේ කොච්චර හොදට ලිව්ව්වත් මට ලැබෙන්නේ ලකුනු 40යි. ගිය දේවල් ගැන පසුතැවෙන්නේ නැතුව වැඩ ටික හරියට කරගන්න කියලා යාලුව දිරිමත් කරන්න, අන්තිමේ අපේ ගාව දුක සැප හැම දේටම ඉතිරි වෙන අම්මා, තාත්තා එයා ගැන දැක්ක හීනේ බොඳ කරන්න කොහේවත් යන කෙල්ලෙක්ට ඉඩ දෙන්න එපා කියන්න.
    වැරදි දෙයක් දැම්මා නම් සමාව ඉල්ලනවා,
    p.s - මම මගේ නම දාන්නේ මේ කතාව ඇත්තම ඇත්තක් නිසා, ඇත්ත හංගන්න අවශ්‍යතාවයක් මට නෑ. මාව වරදවා තේරුම් ගන්න එකක් නෑ කියල මම හිතනවා, බොහොම ස්තුතියි

    ReplyDelete
  79. ප්‍රාර්ථනා: ඔයා කියන කතාව ඇත්ත කොල්ලෝ කෙල්ලෝ කියලා වෙනසක් නෑ නරක අය වගේම හොඳ අය දෙගොල්ලන්ගෙම ඉන්නවා.

    ඔයා කොහොමද මට අයියා කියලා කියන්නේ :))මම නම් හිතන්නේ ඔයා මට අක්කා වෙන්න ඕනේ

    ReplyDelete
  80. හී හී ඔව්.. මම ඉතින් දන්නේ නෑ නේ? හී හී, :))

    ReplyDelete
  81. ප්‍රාර්ථනා: මම නම් දන්නවා ඔයා මට වඩා මාස ගාණකින් වැඩිමල් :D

    ReplyDelete
  82. මේකම මට උනා හැබැයි වෙනස් විදියකට, කොහොමද දැන් මිනිහට?

    ReplyDelete
  83. දැන් ඒ නම් සාමාන්‍ය විදිහට ඉන්නවා. ඒත් ඉතිං හිටපු ගමන් මතක් කරන්නේ නැත්තෙමත් නෑ

    ReplyDelete
  84. මෙන්න මගෙනුත් ඔය ගැන ලියවුන දෙයක් http://sulagawageawidin.blogspot.com/2011/06/blog-post.html

    ReplyDelete
  85. මම ඔය කතාව ඇතුලෙන් දැක්කෙ වානිජකරණය එක්ක මිනිහා පිරිහෙන තරමේ ලොකු පොඩි බව. අපි පෘතජනයන් වෙමු පූස් මලේ.

    මේක නවත්තන්නනම් ඇත්තටම ලෝකෙ තියෙන තරඟකාරිත්වය නවතින්න ඕනෙ. කෙටියෙන් කිව්වොත් කෙල්ල කරේ මෙච්චර කල් කරපු රස්සාව දාල වැඩිපුර පඩි දෙන තැනකට වැඩට ගියා වගේ වැඩක්. ඕකනේ අපි කවුරුත් කරන්නෙ ගැඹුරින් හිතුවේ නැතත්.

    ReplyDelete
  86. මගේ කතවත් මන් ලියන්නම් කෙටියෙන්ම... මගෙ අදරෙ හම්බුනෙ මට ජංජාලයෙන්. අපි ටික කලයක්‌ කතා බහ කරල පස්‌සෙ උපාධිය කරන්න පන්ති ගියහම මට එය වද කරන තැන ඉහල නිලදාරියෙක්‌ ඇයට යොජනවක්‌ ගෙනවා කිව්වා. එදා තමා උපාධියත් නැවතුන දවස එස්‌.බි ලියාපදිංචිය නැවත්වපු නිසා. එදා මගෙ හිතෙ තිබුන ආදරේ ඇයට කිව්වා, සති දෙකකට පසු නැවත ඇය හමුවි ඒ ආදරය සැබැ ආදරයක්‌ බව ඇයට තේරුම් කර දි අපේ ආදරේ අපි පටන් ගට්‌ටා.. කාලයක්‌ අදරෙ ගලා යන කොට මට බැංකුවක රැකියාව ලැබුනා ව්‍යාපාර සන්වර්දන නිලදාරියෙකු ලෙස. ඒ අතරතුර කෙල්ලත් ලංකා බැංකුවේ වැද කරා මාස හයක පුහුනු කාලයකට, ඒ අතර තුර මා දන්නා වෙනත් පොඋද්ගලික බැංකුවකට දා ගන්න මන් වැද කරා. එය සර්තක උනා.. හැබැයි ඇය දැනුවත්ම තමා මන් මේ සියලු දේ කරේ. මන් එ ආදරය වෙනුවෙන් ගොදාක්‌ කැප කිරිම් කරා.. නමුත් අද ඇය මට කියනවා මන් ඒ උදවු කරේ යටි අරමුනක්‌ අතිව කියලා.. තුන් වරක්‌ අපගේ සම්බන්දය ඇයගේ ගෙදරට මාට්‌ටු උනා.. දෙපාරක්‌ මගෙම උත්සහයෙන් සම්බන්දය පවත්වා ගන්න කටයුතු හදාගත්තා.. නමුත් මේවර ඒය කරගැනිමට අපහසු උනා.. මන් නොකල දෙයක්‌ නැ.. දැන් කියනවා ඒය මට කැමති නැ කියලා.. ඔලුව පිස්‌සුයි වගේ දැන් නම්.. මොකක්‌ද කරන්න ඕනේ කියල හිතාගන්න බැ මට. මගේ විබාගය අත ලංගටම අවිත් තියෙන්නේ.. එයා මට දැන් රිදවනවා.. ජංගමය විසන්දි කරනවා.. මන් ඒයා වෙනුවෙන් ඒ ආදරේ වෙනුවෙන් ගොදාක්‌ කැපකිරිම් කරා.. න්මුත් අද මන් දුකින් ඉන්නේ.. මේ හැම දෙම ඒ ආදරය වෙනුවෙන් කරලා.. කෙලගෙ අම්මත් එක්‌කත් මන් කතා කරා.. හොන්දින් ඉගෙන ගෙන ඉන්න කිවා අපිට.. නමුත් ඇය මන් වැරදි කියලා මාව අතහරින්න හදන්නේ.. මන් ඇහුව්වට වැරැද්ද කියන්නෙත් නැ.. කුමන හෝ වැරැද්දක්‌ ඇත් නම් එය නිවැරිදි කරගෙන ආදරේ කරන්න පුලුවන් නේ.. නමුත් ඇය එය පිලිගන්නෙම නැහැ..මට වෙන කෙනෙක්‌ හොයගන්නලු.. එයාට නිදහසේ ඉන්න දෙන්නලු.. මන් මොකක්‌ද මේකට කරන්නේ..?? මන් මොකක්‌ද දැන් කරන්න ඕනේ..? ඇයව නැවත පෙර තත්වයටම ගන්න මොනවද කරන්න ඕනේ...? නමුත් මගේ ලංග එයට උන වැරැද්දක්‌ නැහැ.. වැරැද්දක්‌ ඇත්නම් මන් නිවැරිදි කරගන්න ලැස්‌තියි.. අදටත් මන් එයා ගැන හොයලා බලනවා.. මන් ගතයුතු තිරනය කුමක්‌ද කියන්න..? මට ඕනේ මේ ප්‍රස්‌නේ විසදගන්න... මට තේරෙන්නේ නැ ආදරේ කරලා ඇයි මොකක්‌ හරි උනාම මෙහෙම කෙල්ලො කරන්නෙ කියලා..

    ReplyDelete
  87. අනේ පූ‍සෝ...

    ආදරය කරන්න ති‍යෙන ඕනි හොඳම හා මූලික සුදුසුකම තමයි , කවදහරි ඒ සම්බන්ධය නැති වුනොත් ඒ ‍වේදනාවට මුහුණ ‍දෙන්න පුළුවන් ශක්තියක් ති‍යෙන ‍කෙ‍නෙක් වීම. දැන් හරි ක්ෂණිකව ආදර‍යෙන් බැ‍‍නෙවා ව‍ගේම හරිම ක්ෂණ‍යෙන් ආදර‍යෙන් මි‍දෙන්නත් කොල්‍ලො කෙල්ලො දෙ ගොල්ල්න්ටම තියෙන්නෙ පුදුම හැකියාවක්. මුණ ගැහෙන මං වැඩී, අදහස් හුවමාර් කැන ක්‍රම වැඩී, ඒ වගේ ලෝකයක දී ආදර සම්බන්ධයක් විතරක් නෙමෙයි විවාහය වුනත් දෙදරා යන්න වැඩිකලක් යන්නෙ නැහැ.

    මං ස්කෝලෙ ගියපු කාලේ මගේ යාහළු යෙහෙළියොන්ගෙ තිබ්බ ආදරසම්බන්ධකම් වලින් එකක් වත් විවාහය දක්වා ගියේ නැති ඒවා.
    විශ්ව විද්‍යාල ජීවිතේ දි වුනත් මට සම්බන්ධකම් නොතිබුනත් , දැකපු අහපු ඒවයින් විවාහයක් වෙලා එකවහලයක් යට නතර වුනේ කීයෙන් කීය ද?

    අනික , ගැහැණුන්ට වඩා පිරිමි සිත හදාගන්න ගොඩක් කල් යනවා. ගැහැණු සාපේක්ෂව ඉක්මනින් සිත හදාගෙන වෙන සම්බන්ධයකට වුනත් යනවා. පිරිමි එහෙම නැහැ.මොකද එයාලගෙ හිත හදාගන්න අමාරුයි.

    ඔයාගේ යාළුවට කියන්න හොඳට ඉගෙන ගන්න කියලා. තැවිලා දුක් වෙලා පලක් නැහැ. අත්තෙන් අත්තට පනින කිරිල්ලියෙක් ගෙ හැටි වේලාසන අඳුර ගන්න පුලුවන් වුන එක එයාගේ වාසනාවන් නේද?

    ReplyDelete
  88. @ මහේෂ්
    එයා ඔයාව එපා කියන්නේ , ඔයාගේ වරදක් නිසා නොවෙන්න පුළුවන්.සමහර විට ඇගේ හිත වෙන කෙනෙක් දිහාට හැරිලා ඇති. වෙන කෙනෙක් ඇගෙන් කැමැත්ත විසමනව ඇති. ඇගේ හිතත් ඒකට කැමැති නිසා , ඔයාගේ නැති වැරදිත් දැන් ඇයට පේනව ඇති.ඉතින් මොට ද තවත් එවැනි කෙනෙක්....

    ලෙට් හරි ගෝ... ඇයට යන්න දෙන්න. මට පේන විදිහට ඔයා ගොඩක් දුක් වෙන්නේ , ඔයා ඇය වෙනුවෙන් අච්චර මෙච්චර කරා කියල. ඉතින් ඇය ඔයාට ණයයි නේද? ඇය ඔයාට ආත්ම ගාණකට ණය ඇති. සමහර විට ඔයාගේ පරණ ණයක් ගෙවල දාන්න ඇති...

    හිත හදාගෙන විභාගෙට ලියන්න. වෙන්නෙ මොනාද කියලා ඔයාටම අනාගතේදි පෙනේවි. ඒවා දැකල , ආපොයි අපරාදේ මං කෙල්ලක් හින්දා මගේ ජීවිතයම නැති කර ගත්තා කියල නොතැවී ඉන්න නම් , අද මොනාද කරන්න ඕනි කියලා හිතටගන්න.... සුබ ගමන්...

    ReplyDelete
  89. මටත් කැමතියි මේ ගැන අදහස් ටිකක් දෙන්න...

    මමත් ගොඩක් කෙල්ලංට රැවටිල තියෙනව... ඒ ගැන මතක් වෙන කොටත් ගොඩක් දුකයි... ඒත් කවදාවත් පාඩමක් නං ඉගෙන ගන්න බැහැ... කෙල්ලංට ඉබේම රැවටෙනව... ඒක අපෙත් තියෙන පච්කාර කම... කියල තමයි මට හිතෙන්නෙ... කෙල්ලො මොන ජාති දැම්මත් අපි හරියට ඉන්නවනම් දුකක් නැහැ...

    මොකද අන්තිමට වෙන්නෙ බඳින එකනෙ.. මොකද ඒක කලා කියල ඉවරද නැහැනේ... අද කොච්චර පවුල් අවුල් ද... අනික දරුවො ලැබුනට පස්සෙ ආදරේ‍ කොහොමත් අඩු වෙනව..

    අපි මිත්‍යාවක ඉඳගෙන තමයි ආදරය කියල කරන්නෙ... කවුරු මොනව කිව්වත්..

    ReplyDelete
  90. Hama girl kenekma ehema na. awankawa bohoma kapakeremen adare karana aya innawa...
    Eth eya eka para affair eka nawaththapu eka waradi. nogalapeemak tibunanam eka adaren pahadili karala hitha hadala yanna thibune...
    Girlsa oita wada sanwedi wiya uthui...

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...