Friday, July 22, 2011

මිරිඟුවකට පෙම් කළ කාලේ.......


මිරිඟුවකට පෙම්කරයි
හදවත යළිත්
පෙනි පෙනී
හැරයන්නත්
බෑ
ලං වෙලා
නැතිකරගන්නත්
බෑ


ප.ලි : කාලෙකට කලින් ලිව්ව එකක් පොතක් අස්සේ තිබිලා හම්බවුනා.........

[පින්තූරෙ-http://farm4.static.flickr.com/3045/2671845245_9ebfd6be7c.jpg]

18 comments:

  1. ඒ කාලේ කොච්චරක් විතර වයසද දන්නේ නෑනේ. මිරිඟුව කියලා තේරුම් ගත්තේ ඒ කාලෙද නැත්නම් කවිය නැවත හම්බ උනාමද?...:)

    ReplyDelete
  2. ඔයවගේ දේවල් නම් අපි කොච්චරවත් කරනවනේ.මම නම් මේ දැනුත් එකක් කරමින් ඉන්නෙ :)

    ReplyDelete
  3. ඒක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ ලං වෙලා බලන්නත් බෑ. ඈත ඉදලා බලලා වැඩකුත් නෑ. ජීවිතයේ ගොඩක් වෙලාවට වෙන්නේ ඕකනේ. මිරිගුවක් දකලා හිත හදාගන්න වෙනවා. සමහරු මිරිගුව පස්සේන් දුවනවා.

    පුද්ගලික අත්දැකීමක්ද මන්දා !!!

    ReplyDelete
  4. මිරිඟුවක් කියලා හොඳටම දන්නවා නම් අත අරින්න සහෝ. බිඳෙන බව දැන දැන මොකට වීදුරු බඩු ළං කරගන්නවද. අන්තිමට පසුතැවීම දුක විතරයි.

    ReplyDelete
  5. උඹ නොදන්නවා උනාට සමහර විට මිරිඟුව වුනත් හොයාගෙන එන්න බැරි කමක් නෑ...

    ReplyDelete
  6. මිරුගුවක් කියලා දැනගත්තේ පස්සේ. කරන්න දෙයක් නෑ. වෙන කාටවත් පෙම් කරන්නෙත් නෑ.වචන වෙනස් කරන්නෙත් නෑ. පෙම් කරනවා මැරෙනකම්ම ඈතින් ඉදන්. තහනම් කරන්න බෑනෙ කාටවත් එපා කියලා.

    ReplyDelete
  7. මචං මමත් කාලයක් කෙනෙක්ට ආදරේ කලා. එයාත් මට ආදරේ කලා නමුත් අවංකව නෙවේ...ඒ කරද්දි ඔහොම හිතුවා එයා මිරිඟුවක් කියලා.... ඒහෙම හිත හිත ආදරේ කලා එයා පස්සේ ගියා... ඒත් මචං දැන් තේරෙනවා මිරිඟුව පස්සේ ගිහින් වුනේ මං නාස්ති වුන එක විතරයි කියලා... මිරිඟුවකින් අපිට ලැබෙන්නේ පොඩි ආත්ම ශක්තියක් විතරයි... මම නම් කැමති ඒ ආත්ම ශක්තියට වඩා මෝඩ ශක්තියක් කියන්නයි... මොකද අපි ඒ මිරිඟුව පස්සේ යන්න යන්න වෙන්නේ අපි හෙම්බත් වෙන එක විතරයි.... අන්තිමට අපි නාස්ති වෙලා...

    තව ටිකක් හිටියනම් හසියටත් ඔය ආනිශංසේම තමා....

    ReplyDelete
  8. අර උඩ කිව්වේ මගේ අදහසක් විතරයි හොදේ....

    මොනාවුනත් ලියලා තියෙන කවිය මැක්සා.....

    ReplyDelete
  9. හ්ම්. ඉන්න තැන වෙනස් නොකර, එතනම ඉන්න ආස හිතෙන කාලයක්.

    ReplyDelete
  10. කෙල්ලොත් නිකම් මිරිඟුවක් වගේ .. පස්සෙන් ගිහිං ගිහිං ඇති වුණාම තමයි අපිට . මේ මොකද වුණේ කියලා තේරෙන්නේ . එතකොට ආයේ හැරිලි නෑ .. සදා අනාතයි !!

    ReplyDelete
  11. මිරිගුවකට පෙම් කරන කාලේ.. සුදු හංසි අක්කා තමා මට හැම වෙලාවෙම කීවේ මිරිඟුවක් පස්සේ දුවන්න එපා කීලා. :)

    ReplyDelete
  12. උඹ පොත් කියවනවද බන් පූසෝ.......... :)

    ReplyDelete
  13. මිරිගුව පව් බං ඒක නිසා පස්සෙන් දුවපං

    ReplyDelete
  14. Podi Kumarihami : ඒකාලේ කිව්වේ දැනට මාස කීපයකට කලින් :) මිරිඟුව කියලා ඒ කාලෙම තේරුම් අරන් තිබ්බේ.

    ----------------------------------------------------------------------------------------------------------

    නදී : දැනුත් මිරිඟුවකට පෙම් කරනවද?

    ----------------------------------------------------------------------------------------------------------

    මධුරංග : ඔව් බං......

    ----------------------------------------------------------------------------------------------------------

    පිණුබිඳු... : අක්කා හරි. ඒකනිසා මම කොහොම හරි ඒක ඒදවස් වලම මතක කරලා දැම්මා

    ----------------------------------------------------------------------------------------------------------

    prasanna86k : මම නම් හිතන්නේ නෑ බං...

    ----------------------------------------------------------------------------------------------------------

    ෴ හසියා ෴ : හසියා ෆුල් සීරියස් විදිහට ලොකු කතාවක්ම කියලා :D
    උඹ කියලා තියන දේවල් සහතික ඇත්ත බං.

    ----------------------------------------------------------------------------------------------------------

    නලිනි චන්දිමා : හ්ම්ම්ම් ඒ වුනාට අක්කේ මටනම් හිතුනා එතන ඉඳලා පලක් නෑ කියලා..

    ----------------------------------------------------------------------------------------------------------

    හිස් අහස : සිරාවට!

    ----------------------------------------------------------------------------------------------------------

    රත්ගමයා : නෑ බං මම පොත් පෙරලනවා :))

    ----------------------------------------------------------------------------------------------------------

    ``` Outsider``` : එතකොට මම පවු නැද්ද?

    ReplyDelete
  15. ඉතින් ඔයත් දුරින් ඉඳන් ආදරේ කරන්න.
    හරියට අරවින්ද වගේ.
    නැත්තන් දේව්දාස් වගේ.
    ඒ ආදරෙත් මිහිරක් තියෙනව.

    ReplyDelete
  16. හ්ම්ම්. උණු හින්දා බොන්නත් බෑ . කිරි හින්ද අහක දාන්නත් බෑ .. නේ

    ReplyDelete
  17. දුරට වී හිඳ
    හිතේ හැටියට
    බලා ගනු මිස
    කුමක් කරමුද

    ReplyDelete
  18. හ්ම්ම්ම්... කාටත් එක වගේ දේවල් වෙනවා වගෙ..
    මෙහෙම අත්දැකිමක් ලබමින් සිටිමි..

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...