Monday, September 12, 2011
Monday, September 5, 2011
මගේ වරදින් මා හැරදා ගිය ඈ එනතුරා.............
ළඟ සිටි කළ නොදැනුනි මට ඔබේ අගේ
ළඟ නැති විට දැනුනයි මට ඔබේ අගේ
නිවාඩුවට පාළු වූ පාසලක් වගේ
දරන්න බෑ පාළුයි මුළු සිතම මගේ
මටත් හොරා මගෙ සිත පෙම් බැන්ද වග
පසක් උනේ නැතිවිට ඔබ මගේ ළඟ
ගුලි වී වකුටු වී මම දැන් ඇඳේ අග
ඔබ එනතුරා නෙතු නොපියා බලමි මඟ
නොගැලපෙනා පෙම්වතියක් උනත් එදා
මුණගස්සා දුන් පාඩම් මෙමට බෙදා
ඒ පාඩම් පවතියි තව සිතේ රඳා
එකලත් මා සුවපත් කළ ඔබයි වෙදා
බ්ලොග් ලියන්න මඟ සැදුවෙත් ඔබම තමයි
නව මිතුරන් හමු වූයෙත් ඔබ හින්දයි
දැන් ඒ කිසිත් නැත්තේ ඔබ නැති හින්දයි
තව ඉවසන්න බෑ ඔබවම හද ඉල්ලයි
අලුත් සිංදු නෑ ඔබ ළඟ නැති හන්දා
අලුත් ෆිල්ම් නැත්තෙත් ඔබ නැති හන්දා
යලි කවදා බ්ලොග් කියවන්නද මන්දා
බෙල්ල රිදෙයි උඩ බලාන උන් හන්දා
මෙය කියවා ඔබසැම යන්නට යාවී
තව සමහරුන් අදහස් දක්වා යාවී
ඒ අය හට මගේ පිළිතුරු නැති වේවී
"ඇය නොමැතිවද කමෙන්ට්ස් නැත්තේ" විමසාවී
කුමක් නිසාදැයි මා හට ඇය නැති වූයේ
පැනයක් නොවෙද ඔබහට දැන් ඇති වූයේ
ලං වී සවන් දෙනු මෙලෙසයි සිදු වූයේ
ඔබහට කියන්නත් ලැජ්ජයි සිදු වූ දේ
සිත්තර තරඟයක් පෙරදා පැවතූයේ
එම තරඟෙන් මා පළවෙනියා වූයේ
එම සතුටටයි මොඩමය උඩ විසි වූයේ
ගිලිහුනු නිසයි සියතින්, එය කුඩු වූයේ
මා මෙන් කිසිදා ඔබ නම් කරනු එපා
සතුට නිසා මොඩමය උඩ දමනු එපා
රවුටර් උනත් කිසිදා උඩ දමනු එපා
හතුරෙකුටවත් මෙලෙසින් නම් වෙන්න එපා
මේ කවි පෙල දමා යන්න මේ පැත්තේ
ලොකු මුදලක්ය මා අද වැය කර ගත්තේ
යලි කවදා ඈ හමුවේද නොම දත්තේ
ඇය කවුදැයි ඔබ හට පැහැදිලි ඇත්තේ
Labels:
අනං මනං,
කවිද මන්දා
Subscribe to:
Posts (Atom)