අප ගමන් ගත්
පාර දෙපසම
තිබුණු ගහ කොළ
තවම දළුලන
පුරුදු ලෙසටම
පිපෙන කුසුමන්
සුවඳ කරමින්
පාර සරසන
එදා උන් ඒ
සියොත් කැළ තව
අතු අතර හිඳ
ගීත ගයමින
දෑත් පටලන්
සිනාසෙන අර
මහළු ජෝඩුව
තවම යන එන
වෙනස් වී නැත
එදා මෙන්මයි
සොඳුරු මාවත
අප ගමන් කළ
එකම වෙනසයි
අද තනිව යන
මගේ හදවත
කීරි ගස්සන
පාර දෙපසම
තිබුණු ගහ කොළ
තවම දළුලන
පුරුදු ලෙසටම
පිපෙන කුසුමන්
සුවඳ කරමින්
පාර සරසන
එදා උන් ඒ
සියොත් කැළ තව
අතු අතර හිඳ
ගීත ගයමින
දෑත් පටලන්
සිනාසෙන අර
මහළු ජෝඩුව
තවම යන එන
වෙනස් වී නැත
එදා මෙන්මයි
සොඳුරු මාවත
අප ගමන් කළ
එකම වෙනසයි
අද තනිව යන
මගේ හදවත
කීරි ගස්සන
[පින්තූරෙ - http://farm7.static.flickr.com/6228/6340908255_3195818aae.jpg]
එව්ව එහෙම තමයි පූසෙ! :(
ReplyDeleteහ්ම්.....:(((
ReplyDeleteහ්ම්ම් ඕව ඔහොම තමයි අනේ
ReplyDeleteවෙනස් වෙන්නේ මිනිස්සු විතරයි පූසෝ. අනේ පව්...:(
ReplyDeletehow come i have a same feeling?
ReplyDeleteලස්සනයි මචං... මැක්ස්...
ReplyDeleteලස්සනයි දිගටම ලියන මචං
ReplyDeleteලස්සන නැ පුවා.. දිගටම ලියන්න එපා..!! :P
ReplyDeleteමේකක් ගැන නේද පූෂ් කියන්නෙ මේ ?
ReplyDeletehttp://www.youtube.com/watch?v=f3sX30NubTs
හැම දේම එලෙසම
ReplyDeleteඒත්,
නුඹ විතරක්
වෙනස් වී අද...
මතකයන් අමතක කල නොහැක!
ReplyDeleteඑදා දෙන්නෙක් එක්ක ගිය පාරෙම අද තනියෙන්ම යන සීන් නම් මට ඕන තරම් !!!
ReplyDeleteකවි ටික ගින්දර යෑ.
අර මර්වින් පෙරේරා කියන මේ නගරය මා නුඹ මුණගැසුනු නගරයි..සින්දුව මතක් වුනා..
ReplyDeleteපූසා දැන් කතා ලියන එක නතරම කරලා වගේ ..
ReplyDeleteමට එකපාරම මතක් වුණේ
//කොලොම් තොට නැත මහලු වී // ඔන්න ඔය සින්දුව
කවි ටික ගොඩක් ලස්සනයි සිරාවටම ගතියක් තියනවා මේ කවි කීපයේ
ස්වබාධර්මය වෙනස් නොවුනට මිනිස්සුන්ගෙ හිත් ඒ වගේ නෑ නෙ.ඉතින් ඒව වෙනස් වෙනව එක තප්පරෙට.හිතට දැනුන වචන ටිකක්
ReplyDeleteලබා උපං හැටි තමා බං..
ReplyDeleteතනි මඟ ගමනුත් අපූරුයි පූස්. එහෙම නැත්නං කවි ලියවෙයි යැ අඬ අඬා ඉන්නව ඇරෙන්න....
ReplyDeleteම්ම්ම්...
ReplyDeleteඔබ තනිව යන
ඔය මාවතේ
තව ටිකක් දුර
යන්න තනිවම
මුණගැහෙයි නුඹට
තනිව යන තව හිතක්
ලඟදීම..
ලස්සන කවියක්..
ප්‍රියා කිව්වා එකම වීදියේ දෙතුන් වතාවක් එහා මෙහා අපි ඇවිද ඇති, බිමට නැමුණු මල් අතු ඉති අතරේ අපේ කතාවන් රැදී ඇතී කියලා... පුන්සිරි සොයිසා කිව්වා ඔබ වෙන්වුන බව මා තනිවුන බව බස් නැවතුම තව නෑ දන්නේ කියලා... අමරදේව මාස්ටර් කිව්වා මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැගවීලා කියලා... සනත් නන්දසිරි කිව්වා ඉර නෑ වෙනස් වෙලා, සඳ නෑ වෙනස් වෙලා, ඉර හඳ දිවුරා පොරොන්දු වූ ඔබ ඇයි අද වෙනස් වෙලා කියලා... තවකීදෙනෙක් ඔහොම කියන්න ඇද්ද...
ReplyDeleteදැන් පුසා කියනවා අප ගමන් ගත් පාර දෙපසම තිබුණු ගහ කොල තවම දළුලන කියලා... කොච්චර කිව්වත් ඉතින් ඔච්චර තමයි...
වට් ටු ඩූ නපුරුකලට පුතා..
ReplyDelete"දෑත් පටලන්
ReplyDeleteසිනාසෙන අර
මහළු ජෝඩුව
තවම යන එන"
මේ කවි පද ටික නම් හිතට වැදුනා,. මහළු ජෝඩුව අදටත් ආදරෙන් එක ලඟ,. ඒත් අපි,... හ්ම්ම්ම්
'මහලු ජෝඩු'
ReplyDeleteඕවට තමා මල පනින්නෙ...
තනි අලියා, නිසූපා, Gimhani : මේවා සාමාන්‍ය දේවල් නේද? :)
ReplyDelete----------------------------------------------------------------------------------------------------------------------
Podi Kumarihami : වෙනස් වෙන්නේ 'සමහර' මිනිස්සු විතරයි අක්කේ...
----------------------------------------------------------------------------------------------------------------------
Il mondo di una povera pazza : අක්කාටත් මේ වගේ අත්දැකීමක් ඇති.
----------------------------------------------------------------------------------------------------------------------
prasanna86k, අසරණයා : ස්තූතියි :)
----------------------------------------------------------------------------------------------------------------------
Bunny : හා! :D
----------------------------------------------------------------------------------------------------------------------
Chanaka Aruna Munasinghe : ඕක උනාට පස්සේ මේක උනේ :D
----------------------------------------------------------------------------------------------------------------------
Dinesh : හ්ම්ම්ම්
----------------------------------------------------------------------------------------------------------------------
Sabith : "මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ"
----------------------------------------------------------------------------------------------------------------------
මධුරංග : ස්තූතියි :)
----------------------------------------------------------------------------------------------------------------------
රූ.... : මේකටම ටිකක් සමානයි නේද? :)
----------------------------------------------------------------------------------------------------------------------
හිස් අහස : එහෙමමත් නෑ මචං. දිගට ලියන්න කම්මැලි කමක් ඇවිත්ද මන්දා...
----------------------------------------------------------------------------------------------------------------------
කස්ස : අනිවා කස්සා! :)
----------------------------------------------------------------------------------------------------------------------
සීතල අයියා : හැමදේටම එහෙම කියලා ගැලවෙන්නත් බෑ නේද මචං!
----------------------------------------------------------------------------------------------------------------------
nawammawatha : ඇත්තටම නවම් අයියේ මටත් කියන්න ඔන උනේ ගහ කොළ සහ අනිත් හැමදේම වෙනස් වෙලා නෑ. තියෙන එකම වෙනස එයා නැති එක විතරයි. ඉතිං ඒක ඒ තරම් දේකුත් නෙමෙයි නේද කියලා. හැබැයි ලියවුනේ ඔහොම :D
----------------------------------------------------------------------------------------------------------------------
Red Riding Hood : ළඟදීම නැතත් කවදා හෝ....
ස්තූතියි :)
----------------------------------------------------------------------------------------------------------------------
Beetle : බලාගෙන ගියාම එකම දේ එක එක විදිහට ලියලා. හෙහෙහ් කොච්චර කිව්වත් ඔච්චර තමයි බලාගෙන ගියාම... :)
----------------------------------------------------------------------------------------------------------------------
චතුවා : නපුරු කලට දුක් දැඩි වෙයි ගිනි සේ :D
----------------------------------------------------------------------------------------------------------------------
ප්‍රාර්ථනා : ස්තූතියි :)
----------------------------------------------------------------------------------------------------------------------
Observer : ඔබා මාමා බලෙන්ම තොප්පිය දාගෙනනේ :D
venasa mokakda nokiya harima lassanata vachana galapala thiyenava.love it!
ReplyDeletewarsha
ඔව් මම අද තනියම. ඔහු වෙන පාරක වෙන කෙනෙක් සමග ගමන් ගන්නවා ඇති. :((
ReplyDeleteගහකොල නිහඬව
ReplyDeleteඅලුතින් දලුලන
කොල මල් වෙත අපෙ
මතක කියනු ඇත..
වෙනදා හිනැහුණු
මහලු යුවල අද
නුපුරුදු දුකකින්
මට හමුවෙනු ඇත..
දෙදෙනෙකු ගිය මග
මගෙ තනි පියවර
සලකුනු දැක මල්
පෙති ගිලිහෙනු ඇත
එනමුදු වැලපෙන
මගෙ හදවත ගැන
වග නැතිවම නුඹ
මට හිනැහෙනු ඇත...!!!!
:((((
මට මේක හිතට වැදුනා. හරිම දුක්බරයි...:( :/
ReplyDelete