Wednesday, February 1, 2012

අනිත්‍යය..‍. (අමුතු කවි)

කෝ කවිය? මේ මොකක්ද? කියන ප්‍රශ්න එන අයට පුළුවන් මම මීට කලින් ලිව්ව අමුතු කවි දෙකේ වැටුනු ප්‍රතිචාර කියවන්න.

67 comments:

  1. හැමදේම අනිත්‍ය හන්දා ඉතින් ඔය කවි කියවලත් වැඩක් නෑ මගෙ හිතේ. :D:D:D

    අද මම එකනේ.

    ReplyDelete
    Replies
    1. රූපය අනිත්‍යයි කිව්ව හන්දා පොඩ්ඩි අක්කාට තරහා ගිහින්ද මන්දා :D

      ඔව් පොඩ්ඩි අක්කා අද එක. මීට කලිනුත් කීප වතාවක්ම එක වෙලා තියෙනවා. ඒ දවස් වල "මම එක" ට්‍රෙන්ඩ් එක තිබ්බේ නෑ :D
      හැරත් මගේ බ්ලොග් එකේ එක වෙන එක පොඩ්ඩි අක්කලාගේ බ්ලොග් වල එක වෙන තරම් අමාරු නෑ :D

      Delete
  2. යකෝ උම කියන කියන තැං වලට යන්න අපිට බෑ... :D

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට යන්න බැරි නම් එන්නත් එපා

      Delete
    2. සෝරෝ : හරි ඉතිං මං කිව්වයැ යන්නම ඕනැයි කියලා :D

      ඇනෝ : මගේ බ්ලොග් එකට ඕන කෙනෙක්ට එන්න පුළුවන්! ඇනෝලට උනත් :D

      Delete
  3. පසුගිය ටිකේ අනිත්‍ය තවත් හොඳින් වටහා ගත්තා :D

    ReplyDelete
    Replies
    1. අර මොකෝ ගිම්හානි අක්කේ?
      "බ්ලොග් නම් අනියතං" නිසාද :D

      Delete
  4. (සිහිනයා සමාවෙයන් වැරදීමකින් උඹේ කමෙන්ටුව මගේ අතින් මැකුනා. මේ තියෙන්නේ ඒක.)



    මදැයි උදේ පාන්දර කවියක් බලන්ඩ ආවා.... කේව සුපියල් පා...



    Posted by සිහින යා to වීදුරු ගෙවල්............ at February 1, 2012 7:49 AM

    ReplyDelete
    Replies
    1. උඹේ කමෙන්ටුව මගේ අතින් මැකීයාමට සහ උඹේ රුපියක් පහ සම්බන්ධව මගේ සාතිශ්‍ය සංවේගය :D

      Delete
  5. මේකට කවි කියලා කියන්නේ කොහොමද? මේක චිත්‍රයක් නේ

    ර්~

    ReplyDelete
    Replies
    1. මේවට තමයි සංයුක්ත කවි කියන්නේ! සිංහලෙන් නම් මේ ගැන අන්තර්ජාලයේ තොරතුරු අඩුයි. Concrete poetry කියලා ගූගල් සර්ච් එකක් දුන්නානම් වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි :)

      Delete
  6. මෙව්වටද ඇ සම්බාව්‍ය එව්වයි කියන්නේ.....................

    ReplyDelete
    Replies
    1. හැම දේම විහිලුවට නොගෙන දෙයක් රස විඳින්න පුරුදු වෙන්න

      බෝතලයට සෙට් උනාට ට්‍රිප් ගියාට ..මේ බ්ලොග් එක බලන හැමෝම එහෙම නැහැ

      Delete
    2. හුටා... මේ මක්කැයි උනේ.. හා.. මං අද ඉදන් රස විදින්න පුරුදු වෙන්නං ඇ.. තැන්කූ හොදේ.. :-D

      Delete
    3. එතකොට කොවුවද උඹ සම්භාව්‍යයි කියන්නෙ.. අර කෙල්ලෙක් එක්ක රූම් එකකට ගියා කියන එක හෙන සම්භාව්‍ය ඇති නේ ?? කොල්ලෙක්ට අත දීපන් කකුලෙන් අදින්නෙ නැතුව.. හූ...

      Delete
    4. කෙල්ලෙක් එක්ක රූම් එකකට යන්නේ නැතුව උබ වගේ ලොල්ලෙක් එක්ක රූම් ගානේ යන්න කියලාද කියන්නේ?

      මෙතන කතාව පසන් කිව්ව එකට මිසක් මේ කවියට නෙමෙයි. හැමදේම විහිලුවට අරන් යාලු මිත්‍රකම් වලට කමෙන්ට් දාන එක නවත්තලා හූ තියපන් +- මෝඩ ගල් මූසලයා -+

      Delete
    5. උඩ කමෙන්ට් එක දැම්මෙ මම නෙමේ ය‍කෝ..

      Delete
    6. පසන් අයියා : අනේ මංදා :D

      Delete
  7. එතකොට අපියි හිට් වලට ලියන්නේ.... :D

    ReplyDelete
    Replies
    1. උබ ලියන්නේ මෝඩ චූන් දෙන්නනේ

      Delete
    2. හරි හරි.. ඕව අමතක කරල දාපල්ල.. යමල්ල පොඩි ට්‍රිපක් !!!

      Delete
    3. කොහෙද හොඳ?

      Delete
    4. කිතුල්ගල තමා ඉතිං.. වෙන කොහෙද...

      Delete
    5. යමු යමු කලින් ගිහින් නැහැ .....

      Delete
    6. අභීතයියා : අපි කවුරුත් හිට්ස් බලාගෙන ලියන අය නෙමෙයි කියලයි මං නම් හිතන්නේ. අපි සති කීපයකට සැරයයි බ්ලොග් පෝස්ට් එකක් දාන්නේ.
      හිට්ස් බලාගෙන නොලීවට කමෙන්ට්ස් වැටෙනකොට, හිට්ස් වැඩි වෙනකොට ඕනෙම බ්ලොගර් කෙනෙක්ට මට වගේම සතුටක් දැනෙනවා ඇති.

      Delete
  8. මම අද තමයි මෙතනට ආවේ.
    අර පෙන්නලා තිබුණු පාරවල් දෙකේ ගිහිල්ලා ඒවත් බැලුවා.
    කමෙනට් කියෙව්වම නම් තේරෙන්නෙ කවුරුවත් හරියට මේක
    මීටර් කරගෙන නෑ කියලයි.

    මේවට තමයි "සංයුත්ත කවි" කියන්නෙ.

    අජිත් තිලකසේන, ජනක මහබෙල්ලන....සමහර අවස්ථාවලදි
    කේ.කේ. සමන් කුමාරත් මේ මාධ්‍ය බාවිතා කරනවා...
    අලුත් පරපුරෙන් සුදු පූසා...

    ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබතුමාට.
      කලින් මම නිර්මාණය කළ සංයුක්ත කවි දෙක, අඩුම තරමේ ඒවා සංයුක්ත කවියක් බව දැනගෙන හිටියෙත් බොහොම ටික දෙනෙක් විතරයි. (සංයුක්ත කවියක රූපයෙන් දක්වන අදහස තේරුම් ගන්න ඒක සංයුක්ත කවියක් බව දැනගෙන සිටීම අත්‍යාවශය නැති වුනත්)මේ ඔබතුමා කමෙන්ට් කළා වගේ මේ මොකක්ද කියලා දැනගෙන දාන කමෙන්ට්‍ මගේ හිතේ ලොකු සතුටක් ඇති කරනවා :)

      Delete
  9. කවි නම් අමුතු වෙන තරමට වින්දනය වැඩී.අලුත් දෙයක් නියමයී පූසෝ... කලින් පොස්ට් දෙක අදයී බැලුවේ. මට ඒ දෙක මග ඇරිලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බට්ටි. කොහොමත් වෙනස් දෙයක් දැක්කාම ඒ දිහා උවමනාවෙන් බැලෙනවානේද? :)

      Delete
  10. තව වචනයක් දෙකක් තිබ්බ නම් හොඳා කියලා හිතුනා . . .

    එත් රූපේ හැඩේ බැලුවාම පූසා ඉදිරිපත් කරන්න හදපු නිර්මාණය මොකක්ද කියලා තේරුනා . .

    මේක මේ වචනයකින් සහ රූපයකින් පැහැදිලි කරන දෙයක් . .

    ඒක කවියක් විදිහටත් කතාවක් විදිහටත් කියවන්න ඇහැකි නේද පූසෝ . ..

    ReplyDelete
    Replies
    1. හරියට හරි දුකා අයියේ. ඔයානම් කලින් නිර්මාණ වලටත් කමෙන්ට් කළානේ... ස්තූතියි :)

      Delete
  11. අලුත් පර්යේෂණයක් ...නමක් නොදා අපිට තෝරන්න දෙන්නයි තිබුනේ .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම කළානම් හොඳයි තමා... කෝ ඉතිං මගේ මැටි මොළේට ඕක ආවේ නෑනේ අක්කේ :D

      Delete
  12. අනිත්‍යය හුහ්!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මේ මොකෝ හෙන්රි අයියටත් තරහා ගිහින් :D

      Delete
    2. තරහ ගිහින් නෑ බං. අනිත්‍යය කියන එකේ යථාර්තය සුන්දර නෑ නේ. ඒකයි හුහ්. උඹටත් හිතෙන දේවල්!!
      henryblogwalker the Dude

      Delete
  13. තේරුනා. රූපෙ දිහා බලන්න ඕනෙ අකුරෙන් අකුරට. පළවෙනි අකුර හරිම ලස්සනයි. දෙවනි අකුර normal තුන්වෙනි අකුර නිකන් බොද වෙලා ගිහිල්ල වගේ. හරියට නාකි වෙලා වගේ. ඇත්ත තමයි අකුරු තුන චුට්ට චුට්ට වයසට ගිහිල්ල. ඉතින් අනිත්‍ය වැටහෙනව. "රූපයේ". නියම නිර්මාණයක්. අමුතු කවියක් ඇත්තටම.න

    ReplyDelete
    Replies
    1. හරියට හරි :) රූපයේ අනිත්‍යය බවයි මං මේකෙන් පෙන්නන්න උත්සාහ කලේ! ස්තූතියි :)

      Delete
  14. කාලෙකින් පූසගේ බ්ලොග් එකට ගොඩ උනේ..මොකක්ද මේ එහෙ මෙහෙ ඇහෙන පූසා විසින් දමන ලද පෝස්ටුව බලන්න...

    ඔව් කියන්න සංතෝසයි අදනං යන්තං දැක ගත්තා...

    ඇත්තටම මේ චිත්‍රය බෝහෝම වටිනා නිර්මාණයක්..සෘජුකෝණාස්‍ර පසුබිමක හරි මධ්‍යයේ සම චතුරස්‍රාකාර කුඩා ඉඩක වර්ණ තුනකින් ඉස්මතු කර දක්වන්නට යෙදුණු කාරණාව නොයෙක් ආකාරයෙන් අර්ථ දැක්වීමට හැකි බවත් පැහැදිලිව පෙනෙන කරුණක්..ඒ අතරේ මේ පහලට කියවාගෙන ඒමේදී සංයුක්ත කවි පිළීබඳව කතිකාවතක් ඇති වෙමින් පවතින ආකාරය නිරීක්ෂණය කිරීමේදී මා මෙය අර්ථ නිරූපණය කිරීමට සිතු සිතිවිල්ල එක්වරම වැසිකිලි පෝච්චියකට වතුර බාල්දියක් දමා ගැසුවා සේ සේදී වියැකී ගිය අතර මා චිත්‍රයක් පිළීබඳව කතා කරද්දි තවත් අයකු කවියක් පිළීබඳව තෙපලන්නේ ඇයිදැයි මහත්ම වූ ගැටළුවක් මාගේ චිත්ත සන්තානයෙහි පහල විය...

    එහෙයින් මෙය තව දුරටත් විචාරයට ලක් කිරීම පසෙක ලා මා මෙය දුටු ආකාරය ඔබ හමුවේ තබමින් නැවතත් විමසා සිටින්නේ කුමන හේතුවක් නිසා අප මෙය දෙයාකාරයකින් දකින්නේද යන පැනයයි..



    මොකද මට මේක පේන්නේ මෙන්න මෙහෙමයි...

    ReplyDelete
    Replies
    1. මාරය හා බෙටි මළක් ඇදලද කොහෙද

      Delete
    2. මාරයියා තුමා බොහෝ කාලයටක පසු මගේ බ්ලොග් කඩමල්ලට පැමිණ මෙවන් වූ මහානර්ඝ කමෙන්ටුවක් දැමීම මා සිත විකසිත කරන්නකි. එසේම මාරයියා තුමා මාහට පැවසූ පරිදි මෙතෙක් කල් බ්ලොග් කෙරුවාව තුල බලොගයකට කමෙන්ටුවක් දැමීමට වැඩිම වේලාවක් ගත් උත්සාහය මෙය බවද අසන්නට ලැබීම ඉමහත් ප්‍රීතියට කරුණක්මය.
      කෙසේමුත් මාරයියා තුමාගේ ඉතා මන්දගාමි අන්තර්ජාල සම්බන්ධතාව පිළිබඳ බොක්කෙන්ම කණගාටු වන මා සකලවාසී බ්ලොග් කරුවන් සමඟ එක්ව මාරයියා තුමාගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය වැඩි වේවායි පතා ආශිර්වාද පූජාවක් පැවැත්වීමට සැලසුන් කරමින් සිටිමි :D

      Delete
  15. අමාරුවෙන් තේරුං ගත්ත, මේ කියන්නේ රූපය නොදිරයි, නාමය දිරයි කියන එකනෙ.

    ReplyDelete
    Replies
    1. ඔබා මාමට ටැපලිලානේ.
      'කුණුකය දිරනා
      නාමේ නොදිරනා'

      Delete
    2. මට නෙමේ ටැපලිලා තියෙන්නේ බට්ටිට...හෙහ්..හෙහ්...ඔය ඔබා කියල කොමෙන්ට් එක දාල තියෙන්නෙ වෙන කව්ද...

      Delete
    3. වයසට යන්න යන්න තරුණවෙන්නමලු හිතෙන්නේ... ඇත්තද ඔබා මාමේ? :D

      Delete
  16. හරිම නිර්මාණ්ශීලීයි!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිතුවක්කාරි :)

      Delete
  17. Replies
    1. මේකනම් තේරුණේ නෑ වෙනී අයියේ. වෙනී අයියාගෙන් තේරුම අහගත්තත් ඒක පැහැදිලි මදි. මුණ ගැහුනු වෙලාවක අහගන්න ඕනේ :D

      Delete
  18. "රූපය" මුලින් ලස්සනට හැඩට... ඒත් අන්තිමට??

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හැමෝටම පොදුයි....

      Delete
  19. සංයුක්ත කවි....මාරයි....

    ReplyDelete
    Replies
    1. හී හී මාරයි කිවාර මාරම නෑ :)

      Delete
  20. කෝ කවිය ??? කවි නෑ !

    ReplyDelete
  21. රූපය සැමදා එකලෙස නෑ

    වැහැරෙනවා !

    ReplyDelete
  22. කමෙට්ස් ටිකෙන් තේරුනා....

    ReplyDelete
    Replies
    1. කොහොමහරි තේරුණානම් එච්චරයි මචං :)

      Delete
  23. මේක දැක්කාම මට ගොඩාක් දේවල් හිතුනා....

    අපි හිස් කොලයක් දිහා බලන් හිටියාමත් මේ වගේ හැඟිමක් නේද දැනෙන්නේ ඇස් මුළු කොලේ පුරාම දුවනවා......එක තැනක් දිහා බලන්න හිතුවත් එහෙම නිශ්චිත ස්ථානයක් නෑ....එතකොට මට හිතුනා මේක හරියට අයාලේ යන ජීවිතයක් වගේනේ කියලා.....අරමුණක් නැති නිසා හිත අයාලේ යනවා...

    නිකමට මේක මැද්දෙන් තිතක් තිබ්බනම් අපිට ඒ තිත දිහාවටම ඉබේම ඇස් යනවා....ඒ කියන්නේ හරියට ජීවිතේට අළුත් බලාපොරොත්තුවක් ආවා කියන එක වගේ නේද....ඒ නිසා පොඩි හෝ බලාපොරොත්තුවක් ඇති කරගෙන ජීවිත ගමන යන්නයි තියෙන්නේ නැත්තම් ජීවිතට දියවැලකට හසුවෙලා ගහගෙන යන බෝට්ටුවක් වගේ වෙනවා.....

    ReplyDelete
    Replies
    1. හුටා දැනුයි පින්තූරේ ලෝඩ් වුනේ....මම හිතුවා නිකන්ම නිකන් සුදු කොටුවක් විතරයි තියෙන්නේ කියලා හි හි....

      වයසට යන පුද්ගලයෙක් වයසට යන පෑනකින් ජීවිතේ විවිධ තැන්වලදි මේ වගේ අකුරු ලිව්වයි කියලා හිතමුකෝ....

      Delete
    2. හඃ හා! අපූරුයි ඔබට තියෙන හැකියාව... ඕනෙම ජාතියේ නිර්මාණයකට විචාර ලියන්න පුළුවන්... :D
      මාරයියට වෙච්චි දේමයි ඔබටත් වෙලා තියෙන්නේ :D

      Delete
  24. අර අන්තිම අකුරෙන් කියවෙන්නෙ ලොං ගැලිච්ච පූස් නාට්ටෙක් නේද?

    අනේ මම නං වැහැරෙන්නෙ නෑ [ඊට කලිං මැරිල යයි] ;)

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...