Tuesday, January 1, 2013

100, 2 සහ ඌ...


ඌ ෆේස්බුක් එකේ ලින්ක් එකක් ක්ලික් කළා. කවුදෝ ශෙයාර් කරලා තිබ්බ එකක්. ඒ මීට අවුරුදු තුනකටත් කලින්. ඒ ලින්ක් එකෙන් ඇරුනු වෙබ් පිටුව ඌට තාමත් මතකයි. කළුපාට බැක්ග්‍රවුන්ඩ් එකේ සුදුපාට අකුරු. ලස්සන හෙඩර් එකක්. ඒකෙ මෙහෙම ලියලා තිබ්බා "ටොපිය, හරිහමන් හැඩයක් නැතිවුනාට රහ තීරණය කරන්නෙපා සූප්පලා මිසක්". ඌ කියවගෙන ගියා. මුළු බ්ලොග් එකම. ඌ කියවීමට යම් තරමක කැමැත්තක් තිබ්බ එකෙක් වීමටත් වඩා ඒ ලිපි වල සිත් ඇදගන්න සුළු ගතිය ඒකට හේතු වෙන්න ඇති. එදා ඉඳං ඌ ඒ බ්ලොග් එකේ(ඔය බ්ලොග් එක ළඟක් වෙනකම් ඔතන තිබ්බා) වැටෙන ලිපි පස්සේ පන්නන එකෙක් උනා. අන්තර්ජාලේ අකුරු කුරුටු ගාන එකත් මාර ආතල් වැඩක් කියලා හිතුනා. ටික කාලෙකින් ඌත් බ්ලොග් එකක් අටවා ගත්තා ඒ හරියටම 2009 නොවැම්බර් මාසේ. එකම එක පෝස්ට් එකකුත් දැම්මා. ඒකට ටොපියේ අයිතිකාරයත් කමෙන්ට් එකක් දැම්මා. ඒත් ඒ එක පෝස්‍ට් එකෙන්ම උගේ බ්ලොග් ලිවිල්ල නතර උනා. ඌට මොනවා ලියන්නද කියලා හිතාගන්න බැරි වුණු හන්දා. ඒත් ඌ කියවිල්ල අතෑරියේ නෑ. ඌ තව තව බ්ලොග් හොය හොයා කියවන්න ගත්තා.

කාලය ගෙවිලා ගියා. ඌ ආදර දැලේ පැටලුනා. ඒ හින්දම ඌ ආයෙත් බ්ලොග් එකක් පටං ගත්තා. අලුත් බ්ලොග් එකේ ඌ උගේ පළවෙනි පෝස්ට් එක දානවා 2010 සැප්තැම්බරේ. එදා ඉදං ඒ ආදර දැලෙන් ගැලවෙනකම්ම ඌ කවි ලිව්වා. කතා ලිව්වා. අන්න ඒ නිසයි ඌ තාමත් කියන්නේ, ආදරේ කියන්නේ ජීවිතේට කවි නොලියපු උන්ව කවි කාරයෝ කරපු දෙයක් කියලා. ආදර දැලෙන් ගැලවුණු ඌට ඉතිරි උනේ වැඩකට නැති කවි කතා ටිකක් එක්ක බ්ලොග් එකක්. ඌ පරණ පෝස්ට් ගලවලා දාන්නත් කල්පනා කළා. අතීතයේ අසුන්දර සිද්ධිවල මතකයන් සුන්දරයි. ඌ පරණ පෝස්ට් නොගලවන්න තීරණය කළා.

ඌ බ්ලොග් ඉතිහාසයේ දෙවෙනි සුහද හමුවේ ඉඳන් සෑම සුහද හමුවකටම වගේ සහභාගී උනා. ඒ දේවල් නිසාම මේ අඟල් කීපයක පුංචි කොටුව ඇතුලේ හිර වෙච්චි අදහස් වලින් මිතුරුන් වෙලා හිටි උදවියව හැබෑ ලෝකේ මිතුරන් බවට පත් උනා. තමන් දරණ අදහස් වලට තරමක් හෝ සමාන අදහස් දරණ මිතුරු මිතුරියන් ඌට හමුවුණා, තමන්ගේ අදහස් වලට හාත්පසින්ම විරුද්ධ අදහස් දරණ මිතුරු මිතුරියනුත් හමුවුණා. මේ බ්ලොග් ලිවිල්ලට ඌ තාමත් ආස ඒ විවිධත්වය නිසා වෙන්න ඇති. ඔය අස්සේ "ඔහෙම ලියන්න එපා කැතයි. ඕකම මෙහෙම ලිව්වැකි. එතකොට ලස්සනයි" වගේ ගොං ආතල් දෙන්න ආපු ඈයොත් හිටියා. පොඩි වෙනසකටත් එක්ක උනුත් ඉන්න ඕනේ. නැත්තම් එකම විදිහට හැමදාම ගියාමත් කම්මැලි හිතෙන්න පුළුවං. ඌ හිතා ගත්තා.

එදා ඌ බ්ලොග් එක පටං ගනිද්දී ලියුපු දේවල් සහ අද ඌ ලියන දේවල් ගත්තාම පැහැදිලි වෙනසක් ඌටම දැනෙනවා. වෙලාවට ඉස්සර ලියපු ලිපි කියෙව්වම ඌටම ලැජ්ජා හිතෙනවා. මේ ඌ ලියපුවාමද කියලා හිතෙනවා. ඒ අතරේ උගේ ඉස්සර ලිපි කියවලා කමෙන්ට් කරපු සමහර අය, අද පැත්ත පලාතේ නොඑන බවත් ඌ දන්නවා. ඒ එදා සහ අද වෙලා තියෙන වෙනස නිසා වෙන්න ඇති. කියෙව්වාම කොච්ච්ර ලැජ්ජා හිතුනත් පරණ ලිපි නොගලවා ඉන්න ඌට ලොකු හේතුවක් පෙනුනා. එදා සහ අද ගත්තාම උගේ අදහස් කොච්චර නම් පරිණාමය වෙලාද කියලා ඌට පෙනුනේ ඌ ලියපු බ්ලොග් ලිපි වලින්. ඒ දිහා බලන කෙනෙක්ට ඒ වෙනස හොඳයි කියන්නත් පුළුවං නරකයි කියන්නත් පුළුවං. කවුරු මොනවා කිව්වත් උගේ දැන් විදිට ඌට හොඳයි කියලා හිතුනා.

අවුරුදු දෙකකටත් වැඩි කාලයක් තිස්සේ අකුරු කෙටුව ඌ දැන් අකුරු කරමින් ඉන්නේ උගේ සියවෙනි පෝස්ට් එකයි. සියය කියන්නේ මහාලොකු ඉලක්කමක් නෙමෙයි අවුරුදු දෙකක් කියන්නේ මහාලොකු කාලයකුත් නෙමෙයි. නමුත් අවුරුදු දෙකක් සහ ලිපි සියයක් කියන්නේ ඌට වෙනම පෝස්ට් එකක් ලියන්න තරම් දෙයක්! ඒ ඌට සාපේක්ෂව. ඌ ලිවීමට (හෝ මැලවීමට) කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් දැන් ඌ කතන්දර එක බ්ලොග් එකකත්, කවි(ද මන්දා) වෙන බ්ලොග් එකකත් ලියන අතරෙම ඌ කියවන පොත්වල හිත ඇදිලා ගිය කොටසක් එහෙමත් නැත්තම් පොත ගැන අදහසක් වෙන බ්ලොග් එකකත් ලියනවා. ඒ එක්කම ඌ සියයටත් කතා සෑහෙන ප්‍රමාණයක් ලියලා.

විශේෂම දේ නම්, ඌ ලියන ඉලව් කියවන පිරිසක් සහ ඒ කියවන පිරිස අතරින් අදහසක් දාලා යන කීප දෙනෙක් සිටීමයි. ඒ දෙපිරිස නොහිටින්න ඌ මේ කරුමාන්තේ මෙච්චර කල් කරගෙන නොයන විත්තිය ඌ දන්නවා. ඒකයි ඌ ඒ කට්ටියට කියන්නේ "උඹලට ස්තූතියි!" කියලා. බ්ලොග් එක පටන් ගත්තු අලුත කාලයක් තිබ්බා හිට්ස්, කමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා වැඩි වෙනකොට උගේ හිතට සතුටක් දැනුනු. ඒත් දැන්නම් එහෙම කියන්න තරම් මහා සතුටක් ඌට දැනෙන්නේ නෑ. හැබැයි උගේ නිර්මාණයක් ගැන විවේචනයක් දකින්න ඌ කැමතියි. 

මේ බ්ලොග් ලිවිල්ලට ඌ ආසයි. බ්ලොග් ලිවිල්ලෙං මුණගැහුනු අපූරු යහළු යෙහෙළියන්ට ඌ කැමතියි. මේ බ්ලොග් ලිවිල්ල නිසාම මුණ ගැහිච්ච සමහර උන් දැන් උගේ හොඳම යාළුවෝ වෙලා. ශොට් එකක් දාලා කරට අත දාගෙන සින්දුවක් කියන්න තරමටම ලං වෙච්චි යාළුවෝ වෙලා.  ඌ පුළුවන් තරම් කාලයක් බ්ලොග් ලියන්න තීරණය කරලා ඉවරයි. පුළුවන් තරම් කාලය කියන එක හෙට උනත් ඉවර වෙන්න පුළුවන්. හරියට ඌට බ්ලොග් ලියන්න සිතුවිල්ලක් පහල වෙන්න හේතු වෙච්චි ටොපිය බ්ලොග් එකේ අයිතිකාරයා ඒක වහලා දැම්මා වගේ. බ්ලොග් වහන්නත් වැහෙන්නත් හේතු තියෙනවා. ඒ හේතු අද ඇති වෙන්නත් පුළුවං හෙට ඇති වෙන්නත් පුළුවං. හෙට ගොඩාක් දුර වෙන්නත් පුළුවං. අවසානයේ මේ බ්ලොග් කරුමාන්තේ පටං ගන්න යන කවුරු හරි ඉන්නවනං ඌට දෙන්න තියෙන්නේ එකම එක උපදෙසයි..... "පරිස්සමෙන්! ඇබ්බැහි වෙයි!"


ප.ලි :
හැමෝටම සුභ නව වසරක් වේවා!!!!!




56 comments:

  1. එක එක කාලෙට එක එක රහ! සුබ වේවාර්!

    ReplyDelete
  2. පරිස්සමින් ඈ........

    ReplyDelete
  3. සුභ පැතුම් පූස්!...

    ReplyDelete
  4. සුභ අළුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  5. අවුරුදු දෙකටත්..ලිපි සියයටත් සුභ පැතුම් පුසා... සුඵ නව වසරක් වේව..!

    මේ ඒක නෙවෙයි අරූ අර ටොපියත් නවත්තලාද..?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාරයියේ..... මාරයියාටත් එසේම වේවා!

      නවත්තලානේ!

      Delete
  6. සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

    ReplyDelete
  7. සීයට සුබ පැතුම් පූස්

    කෙල්ලෙක් හින්දා අඬන හොටු කොල්ලෙක් ගෙ
    ඉඳන් කලින් පෝස්ට් එක වගෙ නිර්මාන බිහි කරන්න තරම් උඹ ආපු ගමන ගැන සතුටුයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      කවුද බොල හොටු කොල්ලා! :D
      හැමදේටම හේතුව මේ බ්ලොග් නිසාම මගේ කියවීම වෙනස් වීම වෙන්න ඇති. තාමත් කියවනවා තව තව වෙනස් වෙනවා :)

      Delete
  8. තවත් අපූරු රසවත් දේ ලිවීමට මැලවීමට හැකියාව ලැබෙන්න සුභ පැතුම් පූසාට..
    සුභ අළුත් අවුරුද්දක් ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ..
      එසේම වේවා!

      Delete
  9. සුබ අලුත් අවුරුද්ද්දක් වේවා ..

    ReplyDelete
  10. //"පරිස්සමෙන්! ඇබ්බැහි වෙයි!"//

    ඒ ඇබ්බැහිය නරක දෙයක් නෙවෙයි.... හි හි...

    සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. හොඳ දේකට උනත් ඇබ්බැහි වීම පසු කාලීනව අනෙකුත් හොඳ දේවලට බලපෑම් ඇති කරන්න පුළුවන්!
      එසේම වේවා!

      Delete
  11. සැලබ්‍රේසොන්වලටත් අවුරුද්දටත් සුභ පැතුම්.....!!!

    සුබ අනාගතයක්....!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      එසේම වේවා!(ඒත් දැන් ඔය 'සුභ අනාගතයක්' කියන වචන දෙක ට්‍රේඩ් මාර්ක් එකක් වගේ වෙලා නිසා දකිනකොටත් තරහා යන ගතියක් තමයි තියෙන්නේ!) :D

      Delete
  12. "ඌ" හම්බ උනහම මගේ සුබපැතුම් මමම කියන්නම් ! මෙතන බොට ඒක කියලා වැඩක් ඇතෑ ?! :-D

    ReplyDelete
    Replies
    1. මට කිව්වනං මං උට කියනවනේ! :D

      Delete
  13. සුභ අළුත් අවුරුද්දක් වේවා.. ශතකයට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! ස්තූතියි මචං!

      Delete
  14. නියම ලිපියක්.ඔයාට සුභ නව වසරක් වේවා.මම සිංහ පීඩියාව ලියන යසිරු
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  15. සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  16. ඔක්කොටම සුබ පැතුම්,,

    ReplyDelete
  17. සුභ නව වසරක් වේවා! "පරිස්සමෙන්! ඇබ්බැහි වෙයි!"

    ReplyDelete
  18. ඌට මමත් සුභ පැතුවා ඔන්න,,ඌගෙ බ්ලොග් එකට මම එනවා ඒත් උගේ අර කවි මගුලට ආවට එතන නිකමටවත් කමෙන්ට් කරන්න හිතෙන්නේ නෑ,,, ඌ හොද මිතුරෙක් නම් තමා ඒත් ඕකා මහා නොසන්ඩාලයා

    ReplyDelete
    Replies
    1. නොසන්ඩාලයා කිව්වත් කමක් නෑ උඹ ඌට හොඳ මිත්‍රයෙක් කිව්වනේ(බොරුවට හරි) :D
      ස්තූතියි මචං! :)

      Delete
  19. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන්ම සියවෙනි පෝස්ට් එකටත් සුභ පතනව ඔයාට.....

    හී....තා මතකයි අයියො ඔයාට මතකද දන්නෙ නෑ....

    “අයියො ඔයාගෙ කමෙන්ට් එක මගෙ බ්ලොග් එකේ නෑ.....ඒවුනාට ඊමේල් එකේ තියෙනවනේ......:( “

    ස්පෑම් පාඩම.....:)

    තව තවත් දිගටම ලියන්න ඔයාට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව....!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!

      මතකයි මතකයි. දැන්නම් ඒ කාලේ වගේ කමෙන්ට් ස්පෑම් වෙන්නේ නෑ :D

      ස්තූතියි!

      Delete
  20. සුභ පැතුම් මචන්

    ReplyDelete
  21. සුභ පැතුම් පූසා..! සුභ නවවසරක් වේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බීටලයියේ! බීටලයියාට එසේම වේවා!

      Delete
  22. පූසාට උණුසුම් සුභපැතුම් පූසන්ගෙන්!!!

    ReplyDelete
  23. සුහ පැතුම් සහ සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! එසේම වේවා!

      Delete
  24. මටනම් නෙල්ලි වගේ ..රස දන්නෝ දනිති

    ReplyDelete
    Replies
    1. බෙහෙත් නෙල්ලිද? සීනි නෙල්ලිද? ;)

      ඒ කිව්වේ? මුලින් පට්ට තිත්තයි ඒත් ටිකකින් එක එක රස දැනෙනවද? :D

      ස්තූතියි බින්ගෝ ඔයා වගේ අය කාලෙකින් ඇවිත් කමෙන්ට් කරනකොට දැනෙනවා මට නිහඩ පාඨකයෝ සෙට් එකකුත් ඉන්න බව! :)

      ස්තූතියි!

      Delete
  25. අම්මෝ! මේ කමෙන්ට් එක දැක්කාම මතක් වෙන්නේ කතන්දරගේ බ්ලොග් එකයි ඇනෝ කමෙන්ට් ටිකයි! :D

    ස්තූතියි!

    ReplyDelete
  26. 100ටත් අළුත් වසරටත් ජය පිට ජය වේවා!.. ටොපිය ගැන කීවම මතක් වුනා.. මමත් ටොපිය කියවන්න තාමත් ආසයි. දැන් ඒ අවස්තාව මගහැරිලනෙ. දිගටම ලියන්න ශක්තිය ලැබේවා.. ජය!

    ReplyDelete
  27. ඈහ් පූස් ගෙඩියෝ උඹ තාම සීයද? අවුරුදු දෙකට ඕක හොඳ ගාණක් congrats.....!
    (මම අවුරුදු හයක්ම ලියලත් තාමත් සීය පන්නලා විතරයි. ඒක දන්නෙත් මේ ඊයේ පෙරේදා මොකක්ද ලේ අවුට් එකක් මාරු කරන්න ගියාම.)
    සීයට කෙසේ වෙතත් ලියන සටහන් හා කියවන්න යමක් දෙනවාට බොහොම ස්තුතියි පූස්.

    ReplyDelete
  28. ඌට මගේ උණුසුම් සුබ පැතුම්! තව තවත් වැඩියෙන් ලියන්න අවස්ථාව මේ උදාවූ නව වසරේවත් ඌට ලැබේවා.
    අපිත් ඌට බොහෝම මනාප බව ඌට කියන්න කැමතියි.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  29. මගේ මුල්ම ආගමනය....

    ...//"පරිස්සමෙන්! ඇබ්බැහි වෙයි!"//... අනතුරු ඇඟවීම ලැබෙන්න පරක්කු වැඩියි පූසෝ.

    මගෙන් සුභ පැතුම්! සීයට හා නව වසරට.

    ReplyDelete
  30. ඔන්න අපිත් ගොඩවුණාලු...
    සුභ පතනවා 100 ඉක්මනින්ම 200 ක් වෙන්න කියලත්..
    " බ්ලොග් එක පටන් ගත්තු අලුත කාලයක් තිබ්බා හිට්ස්, කමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා වැඩි වෙනකොට උගේ හිතට සතුටක් දැනුනු"
    මෙක මම හිතන්නෙ කාටත් පොදුයි කියලා.....

    ReplyDelete
  31. ජයවේවා... පෝස්ට් 100. සුභ නව වසරක් වේවා... :D

    ReplyDelete
  32. චැහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්... මම පරක්කුයි අෆ්ෆා... :/ කමක් නෑ... සුභ පැතුම්ම් අයියෙ...:)

    ReplyDelete
  33. යකඩෝ අමාරුවෙන් සීයක් ගහලා තියෙන්නේ ඔය . . .

    බ්ලොග් ලියවිල්ල පට්ට ආතල් වඩක් උනාට එක දිගට කරගෙන යන්න නම් හොඳ ඉවසීමක් තියෙන්නේ ඕන බන් . .

    100ට ජය වේවා . .

    හෙමීට හෙමීට හරි කමක් නෑ ඔන්න ඔහේ ලියනන් හිතෙන හිතෙන වෙලාවල් වලට ලියන්න ධෛර්ය ලැබේවා . .

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...