Wednesday, August 21, 2013

හඳ කඩාගෙන වැටුණා හදෙන් පලුවක් ගලවගෙන...



හීනෙකින්වත් නොහිතපු වෙලාවක ආදරේ හමුවෙලා හදවත හොඳටම ගිලන් වුණා. එදායින් පස්සේ දවස් කීපයක් යනකම් කාටවත් නොපෙනෙන ගන්ධබ්බ ආත්මයක් වගේ මාවත් දිගේ මම ඔහේ පාවෙලා ගියා.

ජීවිතේ ලස්සනම දවසකුයි කැතම දවසකුයි එකම දවසට වැටිලා තිබුණු බවක් මම කලින් දැනගෙන හිටියේ නෑ.

"අහන්න රත්තරං.... හැමදේටම දැන් හොඳටම පරක්කුයි. මම ලබන සිකුරාදා බඳිනවා"

එයා කිව්වේ ලොකූ හුස්මක් අරන්. අපේ ජීවිත තරම් නොවුණත් එතකොටත් අපේ ඇඟිලි එකිනෙකට පැටලිලා තිබුණේ. ඒ පැටලිල්ල ලිහන්න මට පුළුවන් කමක් තිබුණේ නෑ. ශක්තියක් තිබුණේ නෑ. හීනෙන් වගේ ඇහුණු ඒ වචන වලට මගේ හීන මාලිගා මහා සද්දෙට කඩාගෙන වැටෙනවා මට අහුණා. ඒ සද්දෙට මගේ කන් අඟුලු වැටුනා. මුළු ලෝකෙම නැවතුනා වගේ දැනුනා. මම ඇගේ අත අතහැරිය යුතුව තිබුණා. ඒගේ මගේ හිත මට අවනත උනේ නෑ. මගේ ඇහැට කඳුළු ආවේ නෑ. මගේ හිතට සිතිවිලි ආවෙත් නෑ. මට දැනුනේ මහා ශූන්‍යත්වයක්. එයා මගේ මූණ දිහා බලාගෙන හිටපු බව මං දන්නවා. ඒත් එයාට කිසිම හැඟීමක් කියවගන්න බැරි වුණු බව මට විශ්වාසයි. මම ගන්ධබ්බ ආත්මයකට ඇතුළු වුණේ ඒ මොහොතේ බව මට දැන් හිතෙනවා.

අපි ආපසු යා යුතුව තිබුණා. මට නැඟිටින්න පුළුවන් කමක් තිබුණේ නෑ. කාලය ඒ මොහොත තුල සදාකල් නවතිනවා නම් කියලා හිතුනා. මම ඇගේ අත අතහැරිය යුතුව තුබුණා. ඒත් අපි අත් පටලගෙනම හිටියා.

ආදරේ උමතුවක් බව මම කලින් දැගෙන හිටියා. ඒත් උන්මන්තකයෙකුට තමන්ගේ උන්මන්තක ස්වභාවය දැනෙනවා ද? ජීවිත ගමනේ අනන්ත මාවත් තියෙද්දී අපි අහම්බෙන් තැන් තැන් වලදී නැවත නැවතත් හමු වුණා. හැමදේම අවසානයි කියලා හිතාගෙන වෙනම මාවත් වල ගමන් කරලත් ආයේ අහම්බෙන් අපි හමු වුණා. හමු වුණු හැම අවස්ථාවකදිම අපිටත් නොදැනී අපි ආදරෙන් උමතු වුණේ ඇයි කියන්න මට තාමන් තේරෙන්නේ නෑ. අපි ආයෙත් ජීවිතේ මං සන්ධියකට ඇවිත් එකිනෙකට විරුද්ධ මාවත් දෙකක් වෙන වෙනම ගමන් කරන්න පටන් අරං. අපි ආයෙත් අහම්බෙන් ජීවිත ගමනේ දී මුණ ගැහෙන එකක් නැද්ද? මගේ හිත නිශ්චිත අවිනිශ්චිත තාවකින් බර වෙලා.

වාහනේ ඇතුලේ අපි දෙන්නම සීතල වෙලා හිටියේ ඒසී එකටම නෙමෙයි කියලා මං දන්නවා. හරිම වේගෙන් ඔයාගේ හදවත ගැහුන සද්දේ මට තාමත් දැනෙනවා. ඒ වෙව්ලන දෙතොල් මට තාමත් දැනෙනවා. සීතලට ගල්වෙලා තිබ්බ අත්වලින් ඇඟිලි තුඩු මිරිකෙන තරම් තදින් අපි අල්ලගෙන හිටියේ. ඔයාට දැනුන ද?






[පින්තූරෙ - http://wallpaperhdfree.com/wp-content/uploads/2013/03/When-Love-is-Not-Madness-it-is-not-Love.jpg]

24 comments:

  1. මේක මටනම් තදින්ම දැනුනා. එයාටත් දැනෙන්න ඇති.

    ReplyDelete
  2. අහිමි බව දැන දැන අවසන් හමුවීමද?

    බැන්දට පස්සෙ හම්බුනොත්, මේ සම්බන්දෙ දිගටම තිබ්බොත් අවුලක් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. "අහිමි බව දැන දැන අවසන් හමුවීමද?"
      එක්තරා විදිහක.... ඔව්!

      "බැන්දට පස්සෙ හම්බුනොත්, මේ සම්බන්දෙ දිගටම තිබ්බොත් අවුලක් වෙයි නේද?"
      වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්!

      Delete
    2. ඔහොම කතා වල අවසානවන්ත අවසානය තමා මේ තියෙන්නේ

      http://www.divaina.com/2013/08/20/news20.html

      Delete
    3. හැම කතාවක්ම එකම වගේ වෙන්නෙත් නෑ, නොවෙන්නෙත් නෑ. එකම අවසානයක් තියෙන්නෙත් නෑ, නොතිබෙන්නත් නෑ!

      Delete
  3. මචං මේ කතාවට අනුවනම් ආයෙ ආයෙත් ලෝකෙට හොරා ඒ කෙල්ලට ඒ උමතු කොල්ලව හම්බවෙන්ඩ චාන්ස් එක තියනව. හැබැයි මචං ගෑනු වෙනස් වෙනව. පණ වගේ කිවුවට එහෙම දේවල් නෑ බං. ටික කාලයක් යද්දි අලුත් ජීවිතේට හැඩ ගැහෙනව. අර උන්මත්තක කොල්ලත් වෙනස් උනොත් සතුටුයි.

    ReplyDelete
  4. පූසෝ පූසෝ හිමින් හිමින් හිතෙන් යන්න දියන් මේවා

    ReplyDelete
  5. හිත තවත් කෙනෙක් ලඟ තියල වෙන කෙනෙක් කසාද බඳින්නෙ කොහොමද කියල මටනම් හිතා ගන්න අමාරුයි .

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට අපි නොහිතන අකමැති දේවල් නොකරම බැරිව යනවා!

      Delete
    2. ගිම් අක්කි- මටත් ඒකනම් ප්‍රශ්නයක්...

      අකමැති දේවල් කරන්න වෙනවා තමයි, සමහර වෙලාවට, අසරණකමට..., ඒත් අකමෙත්තෙන් කසාදයක් බඳිනවා කියන එක ලේසියෙන් කරන්න බෑ. මංදා මටනම් බෑ.. ඊටවඩා නොබැඳ ඉන්නවා හොදයි! :(

      Delete
    3. ඔව් මං පිළිගන්නවා විරල සිද්ධියක් බව. මාත් කලින් විශ්වාස කළේ නෑ ඔයාලා වගේම. ඒත් මං ඇස් දෙකටම දැක්කා එහෙම වෙනවා!

      Delete
  6. ඔය කසාද බැඳිල්ල තියෙනවා නේද? ඕක තමන්ගේ උවමනාවටම සිද්ද වෙන්නෙ නෑ හැමතිස්සෙම. ඕවට මහා පොදු ගුණාකාර බලපානවා. එතකොට ගුරුත්වය, ගුරුත්වජ ත්වරනය, සාපේක්ෂතාවදය, අප්පේ තව කීයක් බලපානවද...

    ReplyDelete
  7. *ද මා පුතා *ද . . . . !!!

    ReplyDelete
  8. කසාදේ , ආදරේ එකම නියත ත්වරනයෙන් ගමන් කරලා එක ඒකාකාර ප්‍රවේගයක් ලබා ගන්නේ බොහෝම කලාතුරකින්... ඒකට ගොඩාරියක් පිං කරන්න ඕනෙ මගෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් තියෙනවා ඔය ප්‍රස්ථාර ගහලා ප්‍රමේය යොදලා සාධනය කරන්න බැරි. හරියට ජීවිතේ සමහර සිද්ධි වගේ!

      Delete
  9. ආදරේ කරද්දි හොර්මොන් එකක් මොලයෙන් නිකුත් කරනවා. ඒකට කියන්නෙ Oxytocin කියලා.(Oxytocin is more likely released just by sitting next to someone you have chemistry with. Eating with them can be intimate at times also.) ඒක නිකුත් වෙද්දි අපිට මාර ෆන්. ඒකයි අපි ආදරෙන් හෑම තිස්සෙම එයගෙ ලගම ඉන්න බලන්නෙ. දන්නවද පෑබ්ලො ගෙ බල්ලගෙ කතාව. එවගේ. අපි හිතනවා මට සතුට තියෙන්නෙ මෙයත් එක්ක විතරයි කියලා. ඒත් ඈත්ත ඔය හොර්මොන් එක.

    ReplyDelete
    Replies
    1. ඔබ දුන්නු ලින්ක් එක ඔස්සේ ගිහින් සහ තව තව දේවල් හොයාගෙන කියවලායි මං ආවේ. හෝමෝනය පිට වෙද්දී අපිට ෆන් එකක් දැනෙන බව ඇත්ත. නමුත් ඒ ලිපි වල සඳහන් උනේත් ඔබ මුලින් කියලා තියෙනවා වගේ අපි ආදරේ කරන කෙනෙක් සමඟ ඉන්නා විට ඔක්සිටොසින් හෝර්මෝනය නිකුත් වෙන බව මිසක් ඔක්සිටොසින් හෝමෝනය නිසා අපිට ආදරේ ඇති වෙන බවක් නෙමෙයි නේද? ඒ වගේම මං කියවපු එක ලිපියක සඳහන් උනේ අපිට "එයාවම ඕනේ" හැඟිම ඇති කරන්නෙත් ඔය ඔක්සිටොසින් හෝමෝනය බවයි.

      ඔබ අන්තිමට පැව්ලෝගේ බල්ලාගේ කතාව ගෙනත් සත්‍යාපනය කරන්න හදන්නේ හරියට නිකං "ඔය කවුරු එක්ක හිටියත් එකයි" වගේ අදහසක් බව දැනුන නිසයි එහෙම ඇහුවේ...

      Delete
    2. අපොයි නෑ.. මට කියන්න උවමනා උනේ, "ඔය කවුරු එක්ක හිටියත් එකයි" කියන එක නෙවි, ඔය කාට ආදරය කලත් කියන එකයි,,, ආදරය කරද්දි පිට උන හොර්මොනය අපිව ආදරයට අන්ද කලා. අපි හිතනවා මෙයා තමයි මට ඒ සතුට ගෙන දෙන එකම කෙනා කියලා. එහෙම නෑතුව අපි තව කෙනෙකුට ඒ විදියටම ආදරය කලොත් අර සතුට අපිට ඒ විදියටම ලෑබෙනවා වා,, කාට හරි හදවතින්ම ආදරය කලොත් ලෑබෙන ප්‍රතිපලය එකයි,...
      Pavlov presented dogs with a ringing bell followed by food. The food elicited salivation (UR), and after repeated bell-food pairings the bell also caused the dogs to salivate. In this experiment, the unconditioned stimulus is the dog food as it produces an unconditioned response, saliva. The conditioned stimulus is the ringing bell and it produces a conditioned response of the dogs producing saliva.

      Dog= me
      Bell= My ex-girl friend
      Saliva= Oxytocin
      food= Love

      So I thought bell release saliva. But it is actually food :D

      Delete
    3. මිත්‍රයා උඹ අපූරුවට පැහැදිලි කළා! :D

      Delete
  10. Read this too
    http://www.jamesaltucher.com/2012/08/10-unusual-ways-to-release-oxytocin-into-your-life/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ ජීවවිද්‍යාත්ම පැහැදිලි කිරීමට. අලුත් දේවල් ගොඩක් දැනගත්තා!

      Delete
  11. මේකේ කමෙන්ට් කියව්වම අග මුල පැටලෙනවා පූස්.........


    මට මේක තෙරෙඋනේ නැහැ.

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...