Thursday, January 13, 2011

පුර සඳක් පායා.... ඇති කලක සේමා.... ඔබේ වත බෝමා.... ලස්සනට දිස්වේයා..........


දුටුවේ මා එදා
අහිංසක වත පුරා
හසරැල් නැඟුනු යුරා
සිතුවේ නෑ මම මෙදා
හමුවේවි නොසිතූ යුරා
ඔබව දුටු විට මෙමා
හුන් තැනම නැවතුනා
සිතිනි මොහොතක් පුරා
ලොවම නැවතී ගියා

පුර සඳක් පායා
ඇති කලක සේමා
ඔබේ වත බෝමා
ලස්සනට දිස්වේයා
කැළුමන්හි මායා
මා අතරමං වූවා
දසන් දිස් වේයා
මුතු පන්ති සේමා
අද දිනේ මෙන්මා
හැම දිනක් පාසා
ඔබව හමු වේවා
පතමි මා සිතිනා

පෙර කළ පිනෙකා
පළ දී මෙමටා
ඔබේ සිත මා හා
බැඳුනොතින් මතුදා
ඔබේ පෙම සැමදා
රකිමි පණ සේමා!!!!!!


ප.ලි: කට්ටියම සමාවෙන්න මට. කතාවක් කියන අස්සේ ඒක දිගටම කියාගෙන යන්නේ නැතුව කවි ලියනවාට. මොනවා කරන්නද ඉතිං ඊයේ මම දෙවෙනි වතාවටත් දැක්කනේ එයාව(නම ගම තියා කිසිම විස්තරයක් නොදන්න එයාව). මගේ යාළුවාට එයාගේ කිසිම විශේෂ ලස්සනක් නොපෙනුනාට මටනම් එයාව පුදුම විදිහට හිතට අල්ලලා ගියා. මොකද මන්දා???

ආයේ කවදාවත් දකින්න ලැබෙයිදවත් කියලා දන්නේ නැති කෙල්ලෙක් ගැන මමත් කවි ලියනවා. මටත් පිස්සුද මන්දා  :D

16 comments:

  1. එහෙම තමා බං කෙනෙක් නොදකින සුන්දරත්ත්වයක් තවත් කෙනෙක් දකින්න පුළුවන්..

    කවිය නම් මගේ හිතටත් දැනුනා... නියමයි...

    ජය වේවා...!!

    ReplyDelete
  2. හද හුස්ම නොම වැටෙයි
    සුසුම් පොද නතර වෙයි
    නුඹ ඈව දකින සඳ
    මුළු ලොවම නිසල වෙයි.
    තත්පරෙන් දශමයද
    නුඹට කප්පරක් වෙයි..

    ReplyDelete
  3. @සෝරෝ: ඔව් ඔව් අනික එක එක අය කැමති එක එක විදිහේ දේවල් වලටනේ :)

    ReplyDelete
  4. @Hishan Melanga: මමත් දන්නේ නෑ බං 8-}

    ReplyDelete
  5. පූසට පූසියෙක් සෙට් වෙන්ඩ වෙගේ යන්නේ ඔන්න මමත් බොක්කෙන්ම සුබ පතනවා .එයා උඹේම වෙන්ඩ කියලා

    හැබැයි ඒ පූසිට දැනටමත් වෙන පූසෙක් ඉන්නවද මන්දා ? ඒත් අතහරින්න එපා . ලොවෙත් ගේමක් දියං පස්සෙන් පන්නලා . කොහොම හරි සෙට් කරගන්න .

    ජය වේවා !!

    ReplyDelete
  6. @හිස් අහස: හික්ස් :D බලමු බලමු ;)

    ReplyDelete
  7. රෑ කල අහසා,
    පිපි තරු රැසෙනා,
    එක් තරුවකටා,
    බැඳුනෙමි පෙමිනා,

    නෙක තරු අතරා,
    හෙට නුඹ පායා,
    දිලේද නොදැනා,
    පෙරුමන් පුරනා,

    ReplyDelete
  8. ගම දැන්ම අහගන්න
    නම දැන්ම අහගන්න
    ගෙවල් තියන තැන
    විස්තර දැන ගන්න
    මම මෙහෙම කිවාට
    අමනාප නොම ගන්න
    පමා වුනොත් වෙනනෙ
    අහන්නයි මෙන්න මෙහෙම
    “ අකොහෙද යන්නේ “
    “ දරුව මොන්ටිසොරි එක්ක යනවා “

    ReplyDelete
  9. @සොඳුරු සිත: එදා දෙවෙනි වතාවට දැකලා කවියක් ලිව්වට මොකද අක්කේ ඊට පස්සේ තාම දැක්කේ නෑනෙ :(

    ReplyDelete
  10. ඔය වගේ දෙයක් මටත් වෙලා තියෙනවා..ඒක හරි පුදුම දෙයක් :-o
    තවත් හොඳ කවි ලියමු :)) :))
    ජය වේවා!!!

    ReplyDelete
  11. මේ කවිය වේගෙන් ගලා යනවා. කවියේ අත්දැකිම ඒ වගේ නිසා එකත් හොඳයි. හැබැයි පූස් රාළ සුදු පාට පසුබිමේ කහපාට අකුරැ.. පාට දෙකත් කවියක් තමා ඒත් ඉතිං කියවන්න තමා අමාරැ.

    ReplyDelete
    Replies
    1. ඕක ලියන දවස්වල බ්ලොග් එකේ බැක්ග්‍රවුන්ඩ් එක කළු පාටයි. ඒකයි කහ පාටින් ලිව්වේ. ඔන්න දැන් හැදුවා!

      Delete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...