Monday, July 18, 2011

නූතන පංච කල්‍යාණියේ සිරි............


මුහුණ සුදට
ඇඟ කළුවට
ඡවි කළණේ

ස්ට්‍රේට් කරලා
ටින්ට් කරපු
කෙස් කළඹේ

දත් දොස්තර
යළි සැකසූ
දත් මුතු සේ

නෙක පැහැයන්
තදට තැවරු
තොල් සඟලේ
 
දිගට වවා
සිතුවම් ඇඳි
නිය දිලිසේ

පංච කල්‍යාණියේ
සිරි වෙනස්ය
 මේ කාලේ

෴෴෴

...:::විශේෂ ස්තූතිය:::...
මට අමතක වෙලා තිබුණු පංච කල්‍යාණිය මතක් කරලා දුන්නු වත් අක්කාට......


[පින්තූරෙ-http://4.bp.blogspot.com/_U4wZju5_ZxU/SyNNerPknDI/AAAAAAAAG7E/xweH8Uv7_xY/s400/muthu-imesha.jpg]

32 comments:

  1. ඉරිසියාව ඉරිසියාව.. පූසාගේ පැහැදිලි ඉරිසියාව.. කෙල්ලෙක් පාරේ ලස්සනට යනවාට.. :D උඹලාට ඔවා බලලා රසවින්දනය කරන්න හොදයි... කරන එකීට අකැපයි ? මරු :P

    ReplyDelete
  2. Bunny : ඕං ඉතිං උඹ තේරුම් අරං තියන විදිහ :))
    මම කොතනකවත් කිව්වද ඕවා නරකයි කියලා. මම කිව්වේ අද ඉස්සරට වඩ වෙනස් වෙලා කියලනේ :D

    ReplyDelete
  3. සමහරු කැමති ස්වාභාවික සුන්දරත්වයට.. සමහරු ඒකෙ අනිත් පැත්ත. ඒ නිසා මුකුත් කියන්න බෑ..
    මමනම් ඉතින් කැමති ස්වාභාවික සුන්දරත්වයට.

    ReplyDelete
  4. හික්ස්.. අනේ පුසෝ... :P :-bd

    ReplyDelete
  5. පැහැදිල ඉරිසියාව ;) ;) ;)

    ReplyDelete
  6. හික් මේක දැක්කා නම් ඒ ගැටිස්සියෙක්ථ, තෝගේ නැට්ටෙන් උස්සලා උසික්කා කරයි

    ReplyDelete
  7. කොයි කල්‍යානි ගැනද මේ කීවේ............

    ReplyDelete
  8. මගෙ නමත් ගෑවිලා...

    පරණ පංචකළ්‍යානේ මාත් දන්නෙ නැහැ පූසො... ගූගල් දෙයියන් තමයි ඒක සොයල දුන්නේ..කාටත් දැන ගන්න මෙන්න ආයෙත්. (හැබැයි මේව පූසා කීව වගේම පරණයි.ආදි කාලේ )

    * ඡවි කල්‍යාණිය - සම
    * කේෂ කල්‍යාණිය - කෙස් කළඹ
    * දන්ත කල්‍යාණිය - දත් දෙපෙල
    * මාංශ කල්‍යාණිය - තොල්
    * නිය කල්‍යාණිය - අතැඟිලි නිය

    මං දන්න කළ්‍යාණිට නම් මේ කල්‍යාණ පහ කියන තරම් ලස්සනට තිබ්බෙ නැහැ.නමුත් හිත හොඳ කෙල්ල...

    ReplyDelete
  9. පූසා මොකෝ මේ ගැන කලකිරිලාද. දැන් කාලෙ ඔය පහ වෙනස් නොකරපු කෙල්ලෙක් හොයාගන්න බෑ බන්...

    ReplyDelete
  10. හික් හික්!! නියමෙට ලියලා තියෙනවා පූසෝ.

    ReplyDelete
  11. අපේ පූසා ඉක්මනටම, කනවලු රාලේ...

    ReplyDelete
  12. ස්වභාවික ලස්සන එපා වෙන්නෙ නැ.ඒත් කෘතීමව එක එක දේවල් කරලා ඉන්න අයත් ලස්සනයි.

    ReplyDelete
  13. අනේ මන්දා බං.. උන්ට හොඳනම් අපිට ලස්සනනම් එච්චරයි..

    ReplyDelete
  14. කුජීතයි තුමනි :) :))

    ReplyDelete
  15. Gimhani : කමක් නෑ ඉතිං කොහොම හරි ලස්සන වෙනවනම් එච්චරයිනේ :)

    ----------------------------------------------------------------------------------------------------------

    චතුමිතු : ඇයි අනේ කියන්නේ මම වැරදි දෙයක් කිව්වේ නෑනේ :D

    ----------------------------------------------------------------------------------------------------------

    ශානු : අනේ ඉතිං අහවල් දේකටයැ ඉරිසියා කොරන්නේ.... කෙල්ලෝ ලස්සනට ඉන්න්වට තමයි අපිත් මනාප ;)

    ----------------------------------------------------------------------------------------------------------

    වැප් : අප්පටබොල එහෙමැයි? අත් දැකීම් තියන පාටයි :D

    ----------------------------------------------------------------------------------------------------------

    සුදු හංසි : මේ පංච කල්‍යාණි ගැන අක්කේ :)

    ----------------------------------------------------------------------------------------------------------

    සොඳුරු සිත : ඔය පහ තියා මොන මොනවා තිබ්බත් වැඩක්යැ හිත හොඳ නැත්තම්....

    ----------------------------------------------------------------------------------------------------------

    නචියා : මොකටද බං කලකිරෙන්නේ කෙල්ලෝ මොන මොනවා හරි කරගෙන ලස්සනට ඉන්නවට තමයි මමත් කැමති ;)

    ----------------------------------------------------------------------------------------------------------

    blog gadol : තැන්කූ වේවා සහෝදර පූස් වරුනි :D

    ----------------------------------------------------------------------------------------------------------

    prasanna86k : මම උඹ වගේ නොහොබිනා කතා කියන්නේ නෑනේ බං කෙල්ලන්ට :D

    ----------------------------------------------------------------------------------------------------------

    ගලායන ජීවිතය : ස්වභාවික කෘතිම ඕන එකක් ලස්සනට ඉන්නවනම් එච්චරයි :)

    ----------------------------------------------------------------------------------------------------------

    ආගන්තුකයා | Stranger : ඔව් බං කොහොම හරි ලස්සනට ඉන්නවනම් ඒ මදෑ....

    ----------------------------------------------------------------------------------------------------------

    රත්ගමයා : මොකක්ද බං කුජීත? :-/

    ReplyDelete
  16. නියම පංච කල්‍යාණි තමා. මම නම් ඔය කොණ්ඩේ කෙලින් කරලා ඇස් මැදලා ඉන්න කෙල්ලන්ට ආස නෑ. නඩත්තු වියදම් වැඩියි නේ !!!!!

    ReplyDelete
  17. කවුද බං පංච කල්‍යාණි කියන්නෙ?
    පංච දාන එක්කෙනෙක්ද

    ReplyDelete
  18. ලස්සන කියන දේ අර්ථ දැක්වෙන විදිහත් කාලෙන් කාලෙට වෙනස් වෙනවනෙ. අර පරණ කාලෙ අරන් තියෙන කල්‍යාණවලට මමත් එච්චර මනාපයක් නෑ. අලුත් කල්‍යාණ හොඳයි.
    මේ.... පූසියොන්ටනම් වල්ග කල්‍යාණෙ, පුරු පුරු කල්‍යාණෙ වගේ ඒවත් ඇති නේද?

    ReplyDelete
  19. අනේ මේ ඔය කල්‍යාන පහ බලන්නේ නැතුව ලස්සන කෙල්ලෙකුට කැමතිවෙන්ට. එකක් නම් වයඃ කල්‍යානය වෙන්ට ඕනි අත්තම්මා කියල දීපු හැටියට. ඒ කියන්නේ වයස ගියාට වයස පේන්නේ නෑ දැන් කාලේ කොල්ලන්ට වගේ....:)

    ReplyDelete
  20. මේ ඔය මොන මොන විදියට හැඩ වැඩ උනත් වැඩක් නැහැනේ හිත හොද නැතිනම්..+ අනිත් හැම දේම වෙනස් වෙන එකේ ඉතින් පංච කල්‍යාණිය විතරක වෙනස් නොවී තියෙද

    ReplyDelete
  21. හිකිස්... කොහොම කරත් හිත ලස්සන නම් ඒක තමයි වටින්නේ.. ඔය දේවල් තාවකාලිකයි,..

    ReplyDelete
  22. ඉස්සර සෙට් එකම නේද ඔය... දැන් ඉතිං ඕක ඔහොම තමයි. ඉස්සර නම් මමත් ඔය විච්චූර්ණ වලට කැමති නෑ... දන් නම් ගාණක් නැති වෙලා. ගොඩක් ඔය කල්‍යානෙ අප්සෙට් යන්නෙ ගැලපෙන විධියට ‍කොකර හොඳම විධියට කරන්න ගියාම. ගැලපෙන විධියට කලාම නම් මොනව වුණත් සුන්දරයි!

    ReplyDelete
  23. ඔන්න මම ඇස් වහගන්නවාලු එහෙම අය යනකොට.... X_X මෙන්න මේ වගේ

    ReplyDelete
  24. උඹට මතකද එදා අපේ ඉන්ටිටියුට් එකට උඹ ඇවිල්ලා අර කෙලෝරේ පරිගණකය ගාව වාඩිවෙලා .උඹ ඉඳලා යන්න කිට්ටු වුණාම ගවුමක් ඇඳගත්ත කෙලි පොඩ්ඩක් ආවා .? ඇවිත් පරිගණකයක ඉදිරියෙන් වාඩි වුණා මතකද ?

    ReplyDelete
  25. මධුරංග : අප්පේ උඹ හිතන දුර! :))

    ----------------------------------------------------------------------------------------------------------

    ``` Outsider``` : එහෙමද? :-/

    ----------------------------------------------------------------------------------------------------------

    නලිනි චන්දිමා : අක්කා දාලා තියෙන ඔය පුංචි පින්තූරෙන් පේන විදිහට, මම කිව්ව පහෙන් හතරක් විතරම අක්කා කරලා තියන පාටයි :D
    ඇයි පූසියන්ට තව තියනවා "කැට් වෝක්" කල්‍යාණිය, වගේම "කුරුමානම්" කල්‍යාණිය :))

    ----------------------------------------------------------------------------------------------------------

    Podi Kumarihami : වයඃ කල්‍යානය??? ඇත්තටම ඒක අදමයි ඇහුවේ :)

    ----------------------------------------------------------------------------------------------------------

    ChammA : ලොව නෙවස් නොවන එකම දේ වෙනස් වීමයි කියනවනේ....

    ----------------------------------------------------------------------------------------------------------

    ප්‍රාර්ථනා : හිත ලස්සන කෙල්ලෙක් දැන ගන්නේ කොහොමද? වත ලස්සන කෙල්ලොනම් මූණ බලලා දැන ගන්න පුළුවන්...

    ----------------------------------------------------------------------------------------------------------

    hare :-) : අන්න හරි බං. ඕවා කැතට පේන්නේ තමන්ට ලස්සන විදිහට නැතුව හොඳම වර්ග වලින් ලොකු ගණන් වලට අනිත් අයට පේන්න කරන කොට...

    ----------------------------------------------------------------------------------------------------------

    කිඩෝ : ඔව් ඔව් ඔහොමනම් වහනවා ඇති තමයි :))

    ----------------------------------------------------------------------------------------------------------

    හිස් අහස : අනේ මතක නෑ බං.... :(
    කමක් නෑ ඒ වුනාට කියපංකෝ කාරණේ? කව්ද එදා ඒ හිටියේ උඹ දැන් යාළු වුන කෙනාද?

    ----------------------------------------------------------------------------------------------------------

    සුශාන් ප්‍රියනාත් රත්නායක : ස්තූතියි :)

    ReplyDelete
  26. නියමයි අදහස..එල එල...

    ReplyDelete
  27. @පූසා නෑ බං ඒ හිටිය කෙල්ල මගෙන් උඹ ගැන ඇහුවා .. සත්තයි බං .. ඒකිනම් ගවුං අදින කෙල්ලෙක් බං ..

    ReplyDelete
  28. සීතල අයියා : ස්තූතියි මචං :)

    ----------------------------------------------------------------------------------------------------------

    හිස් අහස : අයියෝ බං උඹ දැන්ද මට ඕක කියන්නේ???????

    ReplyDelete
  29. මීට අවුරුදු කීපයකට කලිං මම ලියලා මේ වගේ එකක්, බැණුම් ඇහුවා එක්කෙනෙක්ගෙන්....... :D

    ReplyDelete
  30. හර සුන් දේ වලට වියදම් කොරන එකටනම් මං එච්චර මනාප නෑ. සල්ලි තියේනම් අකුසලයකුත් නොවෙයිනම් ඉතින් ඒකේ වරදකුත් නෑ

    ReplyDelete
  31. පූසො කයිද මෝර මාළු කියුවලු..

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...