Monday, September 12, 2011

ආදරේ විකිණීමට තිබේ!

අතේ සතේ
නැති එදා
තිබූ සතෙත්
බසයටම පුදා
ඇගේ පස්සෙන්
ගියේ
සැරසිලා
කැරකිලා

ආදරෙයි මා
සදා
කියූ විට
එදා
ගියේ වෙනතක්
බලා
ගස්සලා
ඔරවලා

අතේ සතේ
නැති නිසා
ගියෙමි
පිටරට බලා
මාළිගා තනන්නට
හීන
බල බලා
හිත හිතා

දෙවසරක් ගෙවා
ආවේ මා
මෙදා
රත්‍රං
මාල
මුදු
පළඳලා
සැරසිලා

හැරී මා දෙස
බලා
කෙල්ලෝ
දොඩමලු වෙනා
ෂඃ බලන්නකෝ
ඔයා
තර වෙලා
සුදු වෙලා

ළඟදී දවසක්
එයා
ඇගේ හැප්පුනා
බොරු තරහක්
මවා
ගියානේ එයා
හිනැහිලා
බිම බලා

එදා වගේද
මෙදා
ආදරේ ඉල්ලයි
එයා
මා දෑත බදා
බොරු
ගොත ගොතා
හඬ හඬා
 
ප/ලි : මටත් නොදැනිම මගේ බ්ලොග් එකේ පළවෙනි පෝස්ට් එක දාලා අද වෙනකොට අවුරුද්දකටත් වඩා ගතවෙලා.....
මෙච්චර කාලයක් මාත් එක්ක හිටපු අදටත් ඉන්න හැමෝටම ස්තූතියි.....
(පින්තූරෙ - http://goo.gl/8GQb1)

37 comments:

  1. අවුරුද්දට සුබ පැතුම්...!!!

    කෝ...කෝ...කොහෙද අර ආදරේ විකිණීමට තිබේ කියලා තියෙන්නේ...:D

    ReplyDelete
  2. සුබ පැතුම් මලේ!

    ඔයා කියල තියන එක නම් ගොඩක් වෙලාවට ඇත්ත.

    ReplyDelete
  3. කාසිය භගෙ තියෙනවනම් ඒ ළඟ හැම දෙයක්ම විකිණෙන එක මේ අද ඊයෙ ඉඳන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි.
    තවම එක අවුරුද්දයිනෙ. අවුරුදු සීයක්වත් මේකෙ මොනව හරි ලියපං :))

    ReplyDelete
  4. මට ලව් කරල අත්දැකීමක් නම් නෑ! නමුත් අනුංගෙ ලව් study කලාම තේරෙනව පූසයියා කිය එක අැත්ත කියල! මගෙ නම් වැටහීම අාදරේ කියල දෙයක් මිහිපිට නැති බව! නිර්මාණය ලස්සනයි!

    ReplyDelete
  5. අවුරුද්දට සුභ පැතුම් පූසො !... :)

    ReplyDelete
  6. පූසෝ..මොනව වුනත් වැදගත් කතාවක්නෙ කියලා තියෙන්නෙ. හැබැයි ඔය ආදරයමද කියලා දෙපාක්ක් විතර හතලා බලන්න වෙනවා... :D

    ReplyDelete
  7. දිග කතාවක් ලස්සන ඇති...

    ReplyDelete
  8. සුභ පැතුම් අවුරුද්දට පූෂෝ.. දැන් එතකොට කව්ද උඹෙ අතේ එල්ලිලා අඬන දැරිවි?

    ReplyDelete
  9. අවුරුද්දක ගමන වෙනුවෙන් මගේ සුභ පැතුම්. තවත් දිගු කලක් ලියන්නට වාසනා.

    අර "සුදු වෙලා, තර වෙලා" කෑල්ල කියවනකොට මගේ හිතේ මැවිලා පෙනුණා, හොඳ පුෂ්ටිමත් සුදු පූසෙක්. :D

    ReplyDelete
  10. සුභ පැතුම් මචං...

    කව් ටිකත් එල.

    ReplyDelete
  11. අවුරුද්දට සුභ පැතුම්........ :)

    ReplyDelete
  12. අවුරුද්දට සුභපැතුම් පුසෝ......

    ඕක ආදරයමද......? කොහොම උනත් සහතික ඇත්ත

    ReplyDelete
  13. අවුරුද්දට සුභ පැතුම්.. :)

    ReplyDelete
  14. අවුරුද්දට මගෙනුත් සුභ පැතුම් පුසෝ.. ඔය අත්දැකීමම මටත් ලැබුනා පහුගිය ටිකේ... අනේ හැබෑටම වීසා එකකට තියෙන වටිනාකමක්...

    ReplyDelete
  15. මගෙනුත් සුභපැතුම් පූසෝ. ඤාව් ඤාව්

    ReplyDelete
  16. ආ... සුබපැතුම් පූස්...... =D7

    ReplyDelete
  17. PASSEN ENAVITA AHAKA BALANA...
    AHAKA BALANAVITA PASSENA ENA..A.D.A.R.A.Y.A

    PUSATA SUBA PATHUM.

    ReplyDelete
  18. ඔන්න එහෙනම් අවුරුද්දට සුබ පැතුම්.

    ReplyDelete
  19. ෂල්ලි අත්‍යවශ්‍ය සාධකයක් තමයි. හැබැයි ඒක විතරක්මත් නෙවෙයිනේ... ;-) සුභ අළුත් අවුරුද්දක් කිව්වා :D

    ReplyDelete
  20. ආ..... පූෂා.. එලකිරි ආ.... ඔහොම යා..න්න් :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd

    ReplyDelete
  21. ඔන්න පූසට සිංහයගෙනුත් සුභ පැතුම් ...........:D

    ReplyDelete
  22. මගෙත් හිතේ මැවුනේ අර ගමගෙදර කිරි කාල මහත් වෙච්ච සුදු මහත පුසව . අද ගනුදෙනුවක් නොවෙන දෙයක් නැහැනේ . ආදරෙත් එහෙම වෙන්න ඇති. වැඩිය නොහිත ඉන්න එක තමයි නුවණට හුරු.

    අවුරුද්දට මගෙන් සුබ පැතුම් ..තව තව පුස් කතා ලියන්නටත් ..පුස් චිත්‍ර අඳින්නටත් හැකිවේවා !!!!

    ReplyDelete
  23. ඔන්න් මගෙනුත් සුභ පැතුම්...!!!!!!!!!!!

    ReplyDelete
  24. අදහස ලස්සනයි අවුරුද්දක් ගියාට සුබ පැතිම් මචං ..උඹත් දැන් ප්‍රවීණ බ්ලොග් ලියන පූසෙක්

    ReplyDelete
  25. සියක් වරම් ලැබ
    දිගුකල් ලියනට
    ඔබහට හැකි වේවා!

    ආදරේ ගැන ලියපු කවිය නම් සහතික ඇත්ත. ඕක තමයි යථාර්ථය. කඩතුරාවෙන් වැහිල තියෙන ආදරයේ සැබෑ ස්වරෑපය. ස්ත්‍රී පුර්ෂ දෙපක්ෂයටම පොදුයි.

    ReplyDelete
  26. රන්මසු නෑ කියා... මා දිලිඳුයි කියා කීවා.....

    බැලුවෙ ඔබ අද මා දිහා පට පිලි දවටා ආ නිසා...

    සින්දුවක් මතක් උනා... සුබ පැතුම් අවුරුද්දට... දිගටම ලියමු.

    ReplyDelete
  27. Podi Kumarihami : ස්තූතියි අක්කේ :)
    ඉතිං අක්කේ ඔය තියෙන්නේ වැඩිම වටිනාකම දෙන්න හැකියාව තියෙන කෙනා ගාවට තමයි ආදරේ මුවාවෙන් ලං වෙන්න හදන්නේ..... විකුණුවා වගේ තමයි!

    ----------------------------------------------------------------------------------------------------------

    නදී : ස්තූතියි අක්කේ... ඔව්! ගොඩක් වෙලාවට......

    ----------------------------------------------------------------------------------------------------------

    ``` Outsider``` : ස්තූතියි අයියේ!

    ----------------------------------------------------------------------------------------------------------

    තනි අලියා : එහෙමනම් ලඟදීම අත්දැකීමක් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා මලේ!

    ----------------------------------------------------------------------------------------------------------

    සාතන් : ස්තූතියි!

    ----------------------------------------------------------------------------------------------------------

    නිසූපා : ආදරය මුවාවෙන් කරන බිස්නස් එකක් අක්කේ!

    ----------------------------------------------------------------------------------------------------------

    indi : හ හා ඔව්!

    ----------------------------------------------------------------------------------------------------------

    පිණිබිඳු : ස්තූතියි අක්කේ! අනේ මම වගේ හිඟන්නෙක්ගේ අතේ එල්ලිලා අඩන කෙල්ලෝ නෑ අක්කේ :))

    ----------------------------------------------------------------------------------------------------------

    නලිනි චන්දිමා : ස්තූතියි අක්කේ!
    හඃ හා එහෙනම් මම වගේම කෙනෙක් අක්කගේ හිතේ මැවිලා (කාටවත් කියන්න එපා... මම සුදු නෑ හොඳේ ;) )

    ----------------------------------------------------------------------------------------------------------

    Anonymous : ස්තූතියි!

    ----------------------------------------------------------------------------------------------------------

    prasanna86k : ස්තූතියි මචං!

    ----------------------------------------------------------------------------------------------------------

    Nushi : ස්තූතියි නඟේ :)

    ----------------------------------------------------------------------------------------------------------

    සිතුවිලි නිහඬයි : ස්තූතියි!
    ආදරයද? ආදරය නෙමෙයි අනේ බිස්නස් එකක්!

    ----------------------------------------------------------------------------------------------------------

    ප්‍රාර්ථනා : ස්තූතියි!

    ReplyDelete
  28. Dinesh : ස්තූතියි! ඇරත් ඉතිං අයියණ්ඩි ඉන්නේ සුළුපටු රටකයැ!

    ----------------------------------------------------------------------------------------------------------

    blog gadol : ඤාව් ඤාව් ඤාව්! :)

    ----------------------------------------------------------------------------------------------------------

    හිම කුමාරි : ස්තූතියි අක්කේ!

    ----------------------------------------------------------------------------------------------------------

    Gimhani : ආදරේ හරි පුදුමයි නේද :D ස්තූතියි අක්කේ!

    ----------------------------------------------------------------------------------------------------------

    මධුරංග : ස්තූතියි අයියේ!

    ----------------------------------------------------------------------------------------------------------

    hare :-) : අයියණ්ඩි කාලෙකින්! මම නම් හිතන්නේ මෙහෙමයි අයියේ... සල්ලි ගොඩායි නම් අනික්වා පෝඩ්ඩක් තිබ්බාම ඇති. හැබැයි ඉතිං අනික්වා ගොඩායි උනාට සල්ලි පෝඩ්ඩක් වෙලා මදි :D
    එසේම වේවා! අහ් වැරදුනා.... ස්තූතියි! :))

    ----------------------------------------------------------------------------------------------------------

    චතුවා (ළමයා) : ස්තූතියි මචං... ඔව් මෙහෙමවත් ගිහිං බලමු.......

    ----------------------------------------------------------------------------------------------------------

    The Lion : ස්තූතියි සිංහයෝ!

    ----------------------------------------------------------------------------------------------------------

    Bindi : අහ් මං ගැන තමයි හිතිලා තියෙන්නේ....
    පූස් චිත්‍ර :D ස්තූතියි අක්කේ! :)

    ----------------------------------------------------------------------------------------------------------

    සෝරෝ : මොකද බං හක හක ගාන්නේ අස්පයා ලෙඩ වෙලාද? :D

    ----------------------------------------------------------------------------------------------------------

    හිතුවක්කාරි : ස්තූතියි! :)

    ----------------------------------------------------------------------------------------------------------

    හිස් අහස : ස්තූතියි මචං....
    ප්‍රවීණ? පිස්සුද බං.. කාලෙන් නෙමෙයි ප්‍රවීණත්වය මනින්නේ! මම තාම ආධුනිකයි මචං..... උඹලගේ බ්ලොග් එකම බලලා මම තාමත් ඉගෙන ගන්නවා මොකද උඹලා ප්‍රවීණයි! :)

    ----------------------------------------------------------------------------------------------------------

    batti : ඔයාවනම් අද තමයි මුලින්ම මේ පැත්තේ දැක්කේ....
    ස්තූතියි! :)

    ----------------------------------------------------------------------------------------------------------

    පිස්සා පලාමල්ල : සී ටී ප්‍රනාන්දුගේ සිංදුවට මම ඊට වඩා ආසයි....(මම හිතන්නේ ඒක කියන්නේ සී ටී ප්‍රනාන්දු නැත්තම් සී ටී පෙරේරා... හරියටම මතක නෑ)

    මම එන්නේ ඩුබායි රටේ ඉඳන්
    සල්ලි හොඳට හම්බ කරන්
    හම්බ කරපු සල්ලි මා ළඟයි

    ඒකෙත් තියනවා ඔය වගේම කතාවක්
    ස්තූතියි අයියේ! :)

    ReplyDelete
  29. කය් පන්තිය මරු.
    අවුරුද්දෙ සංවස්තරය වෙනුවෙන් සුභ පැතුම්....!!!!

    ReplyDelete
  30. සුදු වෙලා තරවෙලා කිව්වම මාත් ආවනේ බලන්න පූසෙක්ව....

    ReplyDelete
  31. හැපී ඇනිවර්සරි... =D7

    ReplyDelete
  32. හෙහ් හෙහ්....හැපි ඇනිවසරි වේවා... අතේ සතේ නැති වුණාම ඔහොම තමා පූස්.. :D

    ReplyDelete
  33. පට්ටම නිසදැස සහෝ. හැබැයි උඹ ඕකිට අහුවෙන්න එහෙම එපා හොඳද. ඔහොම සල්ලි වලට ආදරේ විකුණන කෙල්ලො නම් ගොඩක් ඉන්නවා. ආදරේට ආදරේ කරන හොඳ කෙල්ලෙක් හොයා ගනින්.

    ඔන්න අවුරුද්දට මගෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
  34. නිර්මාණයක් විතරද නැත්නම් කතාව ඇත්තද? බ්ලොගියට ජයවේවා.
    henryblogwalker the Dude

    ReplyDelete
  35. මෙකක් උනත් වැඩේ හොදයි .මගෙන් උනුසුම් සුබ පැතුම්

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...