Monday, October 24, 2011

කොල්ලෝ හෙන මෝඩයි බං........

ඊයේ මුළු රෑම වෙලාවකට අඬ අඬා, ආයෙත් වෙලාවකට හිත හිතා ඉඳලා දන්නෙම නැතිව ඉර එළියත් වැටිලයි කියලා චමත්ට තේරුම් ගියේ එහා ගෙදර මාෂි නංගිව ඉස්කෝලේ ගෙනියන්න එන වෑන් එකේ අංකල් කන පැලෙන සයිස් එකට ගහන හෝන් සද්දේ නිසා. ඊයේ හැන්දෑවේ අරුණගෙන් කෝල් එක ඇවිත් විස්තර දැනගත්තු වෙලේ ඉඳන් හිතට දැනුනු, දුකක්ද තරහක්ද කියලා හිතාගන්න බැරි මහා පාළු, මූසල හැඟීම තාමත් චමත්ගේ හිතේ එහෙම්මමයි.


චමත් රුචිනිත් එක්ක යාළු වෙලා දැනට අවුරුද්දකටත් වැඩියි. චමත් වගේ නිවිච්ච ගති පැවතුම් තියන කොල්ලෙක් රුචිනි වගේ විසේ කාර කෙල්ලෙක් එක්ක යාළු උනේ මොන හේතුවකටද කියලා චමත්ගේ යළුවන්ටත් හිතා ගන්න බැරිවුනා.


"මචං ආදරයක් ඇති කරගන්න කොට තමන් ගාව තියන ගති පැවතුම් වලට වඩා වෙනස් ගති පැවතුම් තියන පාර්ට්නර් කෙනෙක් හොයාගන්න මිනිස්සුන්ගේ හිත් ගොඩක් වෙලාවට පෙළබෙනවලු. අන්න ඒ හින්දා තමයි බං හෙන රස්ති කොල්ලන්ට බෝ පැළ වගේ කෙල්ලෝ සෙට් වෙන්නෙත් චමත් වගේ කොල්ලෝ රුචිනිලා වගේ කෙල්ලොන්ව සෙට් කරගන්නෙත්"
ඔය වගේ කතා චමත්ගේ කනට නොවැටුනාමත් නෙමෙයි. පුංචි හිනාවක් දාලා නිකා ඉන්නවා මිසක් කවදාවත් යාළුවොත් එක්ක ඒ දේවල් ගැන තර්ක කරන පුරුද්දක් චමත්ට තිබුණේ නෑ.


අම්මා කහට වැඩියෙන් දාලා හදන කිරි තේක චමත් හැමදාම බ්ව්වේ භාවනාවක් කරනවා වගේ. කිරි තේකෙන් උගුරක් බිව්වාම ඒ කිරි තේ උගුර බඩට වැටෙනකම්ම කිරි තේ උගුරේ රසය උපරිමෙන් විඳින එක චමත්ගේ පුරුද්දක්. පළවෙනි තේ උගුර ඇස් දෙක පියාගෙන උගුරෙන් පහළට දාගන්න වෙලාවලුත් ඕන තරම්. ඒ වගේ වෙලාවක ඒක අම්මාගේ ඇහැට අහු උනොත් හිනා වෙන ගමන් "ළමයෝ හැබෑටම උඹට පිස්සුද?" කියලා අහන්නේ, අම්මා හදන කිරි තේකට චමත් කොච්චර ආසද කියලා අම්මාත් දන්න නිසයි.


ඒත් කඳුලින් පිරුණු කල්පනා සාගරයක ගිලිලා හුස්ම හිරවෙලා උන්නු චමත්ට අද අම්මාගේ කිරි තේකෙන් ආවේ මහා පල් රහක්. "හිතේ තියන මෙලෝ රහක් නැති හැඟීම් තේකට කලවම් වෙලා මහා පල් රහක් එනවා" චමත්ට හිතුනා. චමත් අම්මාට නොපෙනෙන්න තේක මල්පෝච්චියකට හලලා වතුර වීදුරුවක් බ්ව්වා. ඇඳුම් නොඇද පාරේ යන්න බැරි කමට වගේ පොඩි පට්ටං වෙච්චි කමිසයක් ඇඳගත්තු චමත් පන්ති යන්න බෑග් එකත් එල්ලං පාරට බැස්සේ පන්ති යන මුවාවෙන් අවසාන වතාවට රුචිනිව මුණ ගැහෙන්න හිතාගෙන.


මෙච්චර කාලයක් තිස්සේ රුචිනිත් එක්ක කතා වුනු දේවල්, කිසි කෙනෙක්ට නොකිව්ව රහස් රුචිනිත් එක්ක බෙදා ගත්තු හැටි, හිනා වෙවී අත් වැල් පටලන් පාරවල් වල ඔහේ රස්තියාදු ගැහුව හැටි, බීච් එක අයිනේ තුරුල් වෙලා හිටපු හැටි... ඊයේ අරුණට කෝල් එක ආව මොහොත වෙනකම්ම මේ හැම දෙයක් ගැනම හිතෙන වාරයක් පාසා චමත්ටත් නොදැනීම චමත්ගේ මුවඟට හිනාවක් මතු වුනා. ඒත් මේ හැම දෙයක් ගැනම හිතෙනකොට දැන් චමත්ගේ ඇස් අඟින් කඳුලක් එන්නේ චමත්ටත් නොදැනීමයි. ඊටත් වඩා තමන් එක්ක මේ කරපු කියපු හැම දෙයක්ම රුචිනි, චමත් එක්ක යාළු වෙලා ඉන්න ගමන්ම තවත් කොල්ලෙක් එක්කත් කළයි කියලා මතක් වෙද්දී චමත්ට දැනුනේ තමන්ගේ ඔළුවටයි හදවතටයි කවුරුහරි උල් පිහියක් දාලා හාරනවා වගේ හැඟීමක්.


ඔහේ කල්පනා කර කර බස් එක ළඟට ගිය චමත්ට හැමදාම මඟදී මුණ ගැහිලා හිනාවෙන සේපාල අංකල් චමත්ගේ මූණ දිහා පුදුමෙන් බලාගෙන හිටි බවක් චමත්ට දැනුනෙවත් නෑ. එදා චමත් ඇවිදන් ගියෙත් බස් එකේ ගියෙත් ගන්ධබ්බ අවධියක ඉන්න එකෙක් වගේ.


ඊයේ රෑ රුචිනිට කෝල් කරලා තරහින් කිව්වේ බීච් එකේ වෙනදා මුණ ගැහෙන තැනටම එන්න කියලා විතරයි. හැමදාම වගේම අදත් රුචිනි පරක්කුයි. වෙනදා රුචිනි එනකම් වෙරළේ ඉඳගෙන ඈත මුහුට දිහා බලං ඉන්නකොට මුහුදෙන් එන හෝ හඩ චමත්ට දැනුනේ චමත්ටයි රුචිනිටයි ආශිර්වාද කරන්නාක් වගේ හඩක්. ඒත් අද චමත්ට දැනුනේ රුචිනිගේ බොරු ආදරේට රැවටුනු තමන්ට මුහුද හූ කියනවා වගේ හඩක්. ඒ හඩ අමතක කරන්න මනස වෙනතකට යොමු කරන්න හිතුන නිසා චමත් ඈත පේන මාළු අල්ලන් ගොඩට ආව ඔරුවක් දිහා බැලුවා. ගොඩට දාපු මාළු දැලේ පැටළුනු මාළු ටික දෙනෙක් තාමත් ඉන්නවා.
"මමත් පැටළුනා රුචිනිගේ දැලේ, මගේ ආදරෙත් අර මාළුවෙක් වගේ පණ අදිනවා" චමත්ට හිතුනා.


අරුණ කෝල් කරලා කියපු දේවල් තාමත් චමත්ගේ ඔළුවේ දෝං කාර දෙනවා වගේ..


"හෙලෝ මේ චමත් ද?"


"ඔව් චමත් තමයි. කවුද මේ කතාකරන්නේ?"


"මචං මගේ නම අරුණ. මම මේ පොඩි කාරනයක් දැන ගන්න කතා කළේ..."


"ඔව් කියන්න. ඔයාට කොහෙන්ද මගේ නම්බර් එක ලැබුණේ"


"නම්බර් එකනම් රුචිනිගේ ෆෝන් එකෙන් ගත්තේ. මචං මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා. උඹගෙයි රුචිනිගෙයි අතරේ මොකක් හරි එෆෙයාර් එකක් තියනවද?"


"හ්ම්ම්ම් ඔව් අපි දැන් යාළු වෙලා අවුරුද්දක් විතර. කවුද ඔය කතා කරන්නේ ඔයාට මොකටද මේ දේවල්?"


"ඒකි මාත් එක්කත් දැන් අවුරුදු එක හමාරක් තිස්සේ ඉඳන් යාළුයි බං. ඒකිගේ ෆෝන් එක බලනකොට මේ නම්බර් එක ගැන සැක හිතිලායි කෝල් කළේ. මට පේන්නේ ඒකි අපි දෙන්නවම රවට්ටලා මචං"


"නෑ නෑ ඒක වෙන්න බෑ. මම කොහොමද ඔයා කියන ඒවා විශ්වාස කරන්නේ...."


"මචං මම මේ ඇත්තමයි කියන්නේ. උඹට මං කියන ඒවා සැකනම් උඹ හොයලා බලපන් මචං. මට නම් තව මේකිත් එක්ක යාළු වෙලා ඉන්න කිසිම උවමනාවක් නෑ. හැබැයි මචං මම නැති උනත් ඔය වගේ කෙල්ලෝ කවදාවත් හැදෙයි කියලානම් මට හිතෙන්නේ නෑ"


"හරි මම හොයලා බලන්නම්කෝ..." කිව්ව චමත් කෝල් එක කට් කළා.


ඊට පස්සේ තමයි පරණ සිද්ධී එකින් එක චමත්ගෙ ඔළුවට එන්න ගත්තේ. තමන් එක්ක ඉන්න සමහර වෙලාවට රුචිනිට එන කෝල් වලට චමත්ට නෑහෙන තැනකට ගිහින් මුකුළු කර කර කතා කරන හැටි. චමත් කෝල් කරන සමහර වෙලාවල් වලදී කෝල් එක කට් කරලා පස්සේ එක එක හේතු කියන හැටි. දවසක් කෝල් කළාම මුහුදේ රැල්ල ගහන සද්දේ ආව නිසා බීච් එකේද ඉන්නේ ඇහුවාම නෑ කිව්ව හැටි. එදා මේ හැම දෙයක් ගැනම අඹමල් රේනුවක තරම්වත් සැක නොකළ චමත්ට මේ වෙලාවේ ඒ හැම දෙයක් ගැනම ආවේ ලොකු සැකයක්. ඒ වගේම තරහක්.


පැය බාගෙකට විතර පස්සේ  රුචිනි, හර්ෂිනි එක්ක ඈත එනවා පෙනුනා. රුචිනිගේ මූණ මළානිකවෙලා.
ඒ මූණ දැක්ක චමත්ට, රුචිනිට බනින්න කියලා හිතාගෙන ආව වචන සේරම අමතක වෙලා ගොළු උනා.


"මම දන්නවා ඇයි ඔයාට තරහා ගිහින් තියෙන්නේ කියලා. ඔයාට අරුණ කෝල් කළා නේද?"


"කෝල් කළා විතරක් නෙමෙයි මට හැම දෙයක්ම කිව්වා. ඇයි ඔයා මට මේ වගේ බොරුවක් කළේ? ඔයා මටත් කළින් අරුණත් එක්ක යාළුවෙලා ඉන්නැද්දි ඇයි මාත් එක්ක යාළු උනේ."


"නෑ නෑ නෑ..... ඒක බොරුවක් චමත්! ඔයත් එක්ක යාළු වෙන්න කලින් එයත් එක්ක යාළු වෙලා හිටපු එක ඇත්ත. ඒත් ඔයත් එක්ක යාළු වෙනකොට ඒ එෆෙයාර් එක තිබ්බේ නෑ. දැන් ඒකා ආයේ මගේ පස්සෙන් එනවා. ඔයාට කෝල් කරලා බොරු කියලා අපි දෙන්නව තරහා කරන්නයි ඌ හදන්නේ..."

"එහෙනම් ඇයි ඔයා මට කලින් මේ දේවක් නොකීවේ?" 

"ඔයා මේවා අහලා කලබල වෙලා අරුණත් එක්ක පැටලෙයි කියලා හිතුනා"
රුචිනි හෝ ගාලා අඩන්න ගත්තා. රුචිනිගේ කඳුළු..... ඔව් රුචිනිගේ කඳුලු තමයි චමත් මේ ලෝකේ තියෙනෙ දේවල් වලින් දකින්න අකමැතිම දේ. චමත්ගේ හිතට මහා වේදනාවක් දැනුනා. හදවත හිස් වෙලා ඇකිලිලා යනවා වගේ දැනුනා.


චමත් රුචිනිව තුරුළු කරගත්තා.
"මට සමාවෙන්න රත්තරං. මම මහා මෝඩයෙක්. මම කොහෙවත් යන එකෙක් කිව්ව දෙයක් අහලා ඔයාව සැක කළා. ඔයා අඩන්න එපා ඔයා මට සමාව දෙනවා නේද?" චමත්, රුචිනිගේ කම්මුල් දිගේ ගලන කඳුළු බොහෝම සියුම් මූර්තියක් අඹන මූර්ති ශිල්පියෙක් වගේ හෙමිහිට පිහිදැම්මා.


"මං සමාව දෙනවා මගේ මෝඩයාට. හැබැයි දැන් පන්ති යන්න ඕනේ අපි හවසට හම්බවෙමු" රුචිනි කිව්වේ චමත්ගේ පපුවට තුරුළු වෙලා කඳූලු අතරින් හුරතලේට හිනා වෙන ගමන්.


රුචිනිත් එක්ක තව ටික වෙලාවක් කතා කර කර හිටිය චමත් පන්තියට පරක්කු වෙලා හරි යන්න පිටත් උනේ හිතේ පුදුම සැහැල්ලුවක් එක්ක. චමත් වෙරළ දිගේ ඈතට යන දිහා රුචිනියි හර්ෂිනියි බලාගෙන හිටියා.


"ඇයි බං රුචී උඹ මේ කොල්ලෝ දෙන්නාට මෙහෙම කරන්නේ. උඹට පව් කියලා හිතෙන්නේ නැද්ද?"


"හර්ෂි මේ උඹ පණ්ඩිතයා නොවී කට පියන් හිටපන්. මට උන් දෙන්නම ඕනේ. චමත්ට මොළේ තියනවා. මට පාඩම් අහගන්න ඌ ඕනේ. අරුණයට සල්ලි තියෙනවා. සල්ලි තියන එකෙක් කොහොමත් ඕනේ"


"අනේ මංදා රුචී කොහොම උනත් උඹ බොරුවට අඩන්නනම් මාර දක්ෂයි"


"මගෙන් ඉගෙන ගනිං ඔව්වා. කොල්ලෝ හෙන මෝඩයි බං. කඳුළු තමයි කෙල්ලෝ අපි ගාව තියන භයානකම ආයුධේ. ඒකට පුළුවන් දියමන්ති වලටත් වඩා ගණකම හිතක් උනත්, රත් වෙච්චි තාච්චියකට දැම්ම බටර් තලියක් වගේ උණු කරලා දාන්න. ඒ විතරක් නෙමෙයි කොල්ලන්ට නොදැනෙන්න උන්ගේ නහය විදලා නාස් ලණුවත් දාන්න පුළුවන්" රුචිනි කිව්වේ චමත්ගේ ඡායාව වෙරළේ ඈත නොපෙනී යනවා බලන් ඉන්න ගමන්.




[පින්තූරෙ - http://fc06.deviantart.net/fs39/i/2009/001/f/b/FAKE_LOVE_White_by_fakestencils.jpg]

42 comments:

  1. මම ඉතින් ඔය කතාව කලින්ම කීවානේ. කෝ කවුරුත් පිලිගත්තද???...:D

    ReplyDelete
  2. සම්පූර්න ඇත්ත..මමත් ඔය වගේම ලනුවක් කැවා...රසටම කෑවා පස්සේ දන්නේ ලනුවක් කියලා......

    ReplyDelete
  3. උඹ කතාව ගෙතුව වුනත් ඇත්ත කතාව මචං. දැන් නං මගේ හිත ගෑණුන්ගේ කඳුළු ඉස්සරහා බිංදුවක්වත් පස්ස ගහන්නේ නෑ බං. ඇත්තටම ගෑණු අඩද්දි මට හෙන කේන්තියි.

    මේකේ තව කෑල්ලක් තියේද බං?

    ReplyDelete
  4. හික් හික්.. ඇත්තම කතාවක් වගෙයි... මමත් ඔය ලනුව කාපු එකෙක්.. එත මම හිතන්නේ නෑ ගෑනු ළමයි සේරම එක වගෙයි කියල.. කතාව නම සම්පුර්ණ ඇත්ත,,

    ජය..

    ReplyDelete
  5. ලව් කලොත් සොරිම තමයි! :(

    ReplyDelete
  6. අනේ ඉතින් ඔයා මේ වගේ කතා දාන කොට අපි ඇත්තටම ඇඬුවත් කොල්ලො ගනන් ගන්න එකක් නෑ

    ReplyDelete
  7. මේ වගේ ලණුවක් මමත් කෑවා තවත් කයිද කියන්න බෑ... ඒක නිසා සූදානමින් සිටිමි....
    Atteeeeeeeeeeeeeeeeeeeention!!!!

    ReplyDelete
  8. ඕකෙ ඉතින් අනෙක් පැත්තත් ඔහොම්මම තමයි. කොල්ලොත් ඉන්නෙ ඩබල්, ට්‍රිබල් දාල යන. ඉතින් මොකැයි කරන්නෙ ඕවට.

    ReplyDelete
  9. හැබැයී රුවිනිලාගෙ මේල් සහ ෆීමේල් වර්ශන් ඔක්කොටම මට නම් කියන්න තියෙන්නේ ::::

    කළ කම් නම් මේ ලෝකෙදිම පලදේ... එතකොට නම් ඉතින් 'කනවෝ කනවෝ' කියල කෑගැහුවට වැඩක් නැතිවේවි.

    ReplyDelete
  10. අම්මා ගහයි.. මං ඔය කෙල්ලන්ගෙ කදුලු ගැන කියලා කාටදෝ මේ ලගදි උපදෙස් මාලාවක් දුන්නා.. ශිට්..! මේක තිබ්බා නම්... ඇත්ත කතාව.. :D

    ReplyDelete
  11. අපොයි...කදුලු තමයි ආයුදේ කියලානම් දන්නවා.ඒත් මේකනම් මහම මහ පල් වැඩක්.

    ReplyDelete
  12. //හැමදෙනාම එක මිම්මෙන් එපා මනින්න...!!//
    ඔන්න ඔහොම සින්දුවකුත් තියේ

    ReplyDelete
  13. හැමෝම ඔහොම නෑ.

    ReplyDelete
  14. මටත් කෙල්ලෙක් අඬන එක බලන් ඉන්න අමාරුයි.. පොඩ්ඩක් පරිසස්ම් වෙන්න ඕනේ.. :-/

    ReplyDelete
  15. මෙව්වා දැම්මම අපි ඇත්තට ඇඬුවත් අපේ උන් ගණන් ගන්න එකක් නෑ.

    ReplyDelete
  16. පූස් ට නේ මේක වුනේ... හිකිස්... පවු වැඩේ.

    කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැතිව ඔය කතා සිදු වෙනවා. කොයි තරම් හිතුවත් අනේ ආයේ නම් අහු වෙන්නේ නෑ කියලා සියක් පාරක් අහු වෙන්න ඉඩ තියෙනවා. අපි ඒ දේවල් වල ආකර්ශණය වෙන තරමට ඔය සයිඩ් එෆෙක්ස් වැඩි.

    ReplyDelete
  17. මට නම් කියන්න දෙයක් නෑ. මටත් එලෙසම වෙලා තිබේ

    ReplyDelete
  18. හ්ම්ම්ම්.. මේකට කාන්තා පාර්ශවයට විතරක් දොස් කියන්න බෑ. පිරිමි පාර්ශවයෙනුත් මෙහෙම දේවල් වෙනවා. කොහොම වුනත් තව කෙනෙක්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන එකනම් අනුමත කරන්න බෑ......

    ReplyDelete
  19. මම මේකට අදහස් දක්වන්නේ නෑ.....

    ReplyDelete
  20. මෙච්ච දෙයක් වෙලත් වලව්වෙ කුමාරිහාමිගේ හිනාව බලපල්ලකො

    ReplyDelete
  21. මේකට ඉතින් කියන්න දෙයක් නෑ.. ආයෙම නම් අහුවෙන්න එපා..

    ReplyDelete
  22. මටත් ඔය සීන් එක වුනා.හෆොයි මන් ඒක දැනගෙන වින්ද දුකක් ඇඩෙනවා මචන්. :D

    ReplyDelete
  23. බලාගෙන ගියාම රුවිනි කරන්නේ නෝට් ලවු එහෙකුයි සල්ලි ලවු එහෙකුයි නේ !!!
    පුදුම කෙල්ලෙක් !!!
    ඔය කෙල්ලන්ගේ කදුළු තමා ගොඩක් වෙලාවට අපට හෙනේට හිටින්නේ !!! :)

    ReplyDelete
  24. හ්ම්ම්.. එහෙම කෙල්ලෝ ඕන තරම් ඉන්නවා....

    ReplyDelete
  25. අත් දැක තිබේ!!!

    ReplyDelete
  26. හෙණ ගහපිය.. අපි හැමෝම 2කේ කොලේට වැටෙනව බන් කෙල්ලන්ගෙ කඳුළු ඉස්සරහ..
    කෙල්ලො හිතන්නෙ පිරිමින්ගෙ හිත් ගල් කියලා.. ඒත් මෙහෙම දෙයක් උනාම කොල්ලො අඬන විදිය දන්නෙ තවත් කොල්ලෙක්ම විතරයි..

    ReplyDelete
  27. ලෙසටම ලියලා... හැබැයි මචන් රුවිනිලා ගෑනු පිරිමි දෙකොට්ටාශයම ඉන්නවනේ....

    ReplyDelete
  28. අමම ගහයි බැට් එකෙන් කිව්වලු :D

    ReplyDelete
  29. කඳුළු තමයි භයානකම ආයුධේ . කෙල්ලෝ හැමෝම ඔහොම නැහැ .

    ReplyDelete
  30. ඔහොම කෙල්ලෙක් නම් මුණ ගැහිලා තියනවා. හැබැයි කඳුළු වලින් පහර දීල නම් නෑ. හැමෝම කියන විදියට ඒක මහා භයානක අවියක් වගේ නේ.

    ReplyDelete
  31. අදහසක් දෙන්න පමා වුණාට සොරි මචං . මම මේක දැක්කේ නෑ . මගේ බ්ලොග් එකේ ලිංක් පෝලිම අතරේ මේක මට මග ඇරුණා

    කෙල්ලෝ නම් බහුතරය ඔහොම්මයි . ඔය කෙලි කඳුලු කැට නිකම් දෙපැත්ත කැපෙන පිහිය වගේ . අපේ පැත්තේ පවා හිටියේ කෙල්ලන්ගේ කඳුලු වලට යට වෙලා ගෙදර අම්ම තාත්තා පවා එලවපු ඩයල් ..

    කෙල්ලෝ නිසා කොල්ලෝ කී දෙනෙක් මේ රටේ ගුටි ඇනගෙන ඇත්ද ?

    ReplyDelete
  32. හම්මෝ ලොකූ දෙයක් අර කන පාටයි කලු පාටයි අයින් කරපු එක. දැන් නියමයි.
    ම්මම මේ ආයෙම අහන්නෙ. සයිබර් යායෙ පූස වෙන එකෙක්ද?

    ReplyDelete
  33. Podi Kumarihami : මොකක්ද අක්කේ අක්කා කලින් කිව්වේ

    කෙල්ලෝ කපටියි කියලද? :D

    ------------------------------------------------------------------------------------------------------------------

    ඔබ නොදු‍ටු ලොවක්..... : ඔයත් තව එක්කෙනෙක් විතරයි

    ------------------------------------------------------------------------------------------------------------------

    Prasanna : උඹ හිතන්නේ මේක තනිකරම ගොතපු කතාවක් කියලද?

    හැබැයි මේ වගේ ඇත්ත සිද්ධි ඕනෑ තරම් තියෙනවා නේද බං?

    නෑ මචං තව කෑල්ලක් නෑ

    ------------------------------------------------------------------------------------------------------------------

    Gayan Rupasinghe : වගෙයි? ඔව් හැම කෙල්ලම එක වගේ

    නෙමෙයි...

    ------------------------------------------------------------------------------------------------------------------

    තනි අලියා : එහෙම කියන්න එපා මචං!

    ------------------------------------------------------------------------------------------------------------------

    Gimhani : ඇත්තට ඇඬුවත් බොරුවට ඇඬුවත් අපි රැවටෙනවා

    අක්කේ :D

    ------------------------------------------------------------------------------------------------------------------

    lahirucc : උඹත් තව එක්කෙනෙක් විතරයි.....

    ------------------------------------------------------------------------------------------------------------------

    ``` Outsider``` : නැතුව නැතුව අයියේ..... කරන්න නම් දෙයක් නෑ

    තමයි....

    ------------------------------------------------------------------------------------------------------------------

    ජීවිතේ මල් : අක්කා මගේ බ්ලොග් එකේ කමෙන්ට් කරපු

    පළවෙනි වතාවද මන්දා මේ.......
    ඔව් මේ ජාතියේ මේල් ෆී මේල් වර්ශන් දෙකම ඉන්නවා.

    ------------------------------------------------------------------------------------------------------------------

    Beetle : මෙව්වානම් මොනවද අර බීටලයියාගේ කවිත් එක්ක

    බලද්දී....

    ------------------------------------------------------------------------------------------------------------------

    ශානු : උදාහරණ අඳුරනවත් ඇති නේද? ;)

    ------------------------------------------------------------------------------------------------------------------

    Bunny : ඒක නෙමෙයි දැන් උඹට කෙල්ලෙක් සෙට් උනාද මචං?

    :D

    ------------------------------------------------------------------------------------------------------------------

    නිසුපා : ඔය කියන්නේ කඳුලු ගැන දන්නවා නේද? :D

    ------------------------------------------------------------------------------------------------------------------

    රූ.... : නෑ නෑ එහෙම දෙයක් මම කොතනකදිවත් සඳහන් කරලා

    නෑ නේද? මේක නිකම් කතාවක් විතරයි :)

    ------------------------------------------------------------------------------------------------------------------

    Dude : ඒක ඇත්ත!

    ------------------------------------------------------------------------------------------------------------------

    මාරයාගේ හෝරාව : මාරයියා ඉතිං මෙව්වා ගැන අපිට වඩා

    අහලා දැකලා අඑති නොවැ?

    ------------------------------------------------------------------------------------------------------------------

    තාරක Dilsh@n : දැකිනකොට පරිස්සම් වෙන්න මතක් වෙයිද?

    ReplyDelete
  34. පිණිබිඳු... : ඒ කියන්නේ බොරුවට අඬන වෙලාවලුත් නැත්තෙම

    නෑ? :D

    ------------------------------------------------------------------------------------------------------------------

    Il mondo di una povera pazza : ඇත්තම කියනවානම් අක්කේ......මේක මට උනා කියන්නත් බෑ නොවුනා කියන්නත් බෑ :D

    ------------------------------------------------------------------------------------------------------------------

    රංග - මගේ ලෝකය : ආයේ ඉතිං..... මට මතකයි මේ සම්බන්ධව මම අවුරුද්දකට විතර කලින් ලිව්ව පෝස්ට් වල ඒ කාලේ රංගයියා කමෙන්ට් කළා ඔයාගේ කතාත් ලියලා. ඇරත් රංගයියා බ්ලොග් එක පටන් ගත්තු දවස් වල ඔය කතා ලිව්වනේ :)

    ------------------------------------------------------------------------------------------------------------------

    නචියා : ඔව්... මේකේ බොහොමය සිද්දි මම ගොතපු කතා..

    ------------------------------------------------------------------------------------------------------------------

    Dega : හි හී ඒ මොකෝ?

    ------------------------------------------------------------------------------------------------------------------

    බුද්ධි : අනේද කියන්නේ බුද්ධි අයියේ... දුකේ බෑ....

    ------------------------------------------------------------------------------------------------------------------

    Dinesh : ඔව් බලමු ආයේ අහු නොවී ඉන්න

    ------------------------------------------------------------------------------------------------------------------

    නිකමා : ඕවා අමතක කරලා දාපන් සහෝ!

    ------------------------------------------------------------------------------------------------------------------

    මධුරංග : නෝට් ලව්, සල්ලි ලව් කෙසේ වෙතත් මේක ෆේක් ලව් එකක්!

    ------------------------------------------------------------------------------------------------------------------

    හසී : එහෙම කොල්ලොත් ඉන්නවා අක්කේ...

    ------------------------------------------------------------------------------------------------------------------

    ..ChAnDiKa.. : තවත් එක්කෙනෙක්!

    ------------------------------------------------------------------------------------------------------------------

    cjgayan : "ඒත් මෙහෙම දෙයක් උනාම කොල්ලො අඬන විදිය

    දන්නෙ තවත් කොල්ලෙක්ම විතරයි"
    සහතික ඇත්ත මචං කොච්චර කතා කිව්වත් මේ වගේ දෙයක් උනාම කොල්ලෝ කොච්චර දුක් වෙනවද කියලා දන්නේ හුඟක් වෙලාවට ළඟම යාළුවෝ... සමහර වෙලාවට කවුරුවත්ම දන්නේ නෑ........

    ------------------------------------------------------------------------------------------------------------------

    පිස්සා පලාමල්ල : ස්තූතියි මචං.... ඔව් දෙගොල්ලොම ඉන්නවා

    ------------------------------------------------------------------------------------------------------------------

    ජේ.ඩී : බැට් එකෙන් ගහන්නත් මේ වගේ සිද්ධි අම්මලාට කටක්

    ඇරලා කියන්න පුළුවන්යැ බං? :D

    ------------------------------------------------------------------------------------------------------------------

    Bindi : ඔව් අක්කේ හැමෝම මෙහෙම නෑ... මේක සෑහෙන දුරට ගොතපු කතාවක්!

    ------------------------------------------------------------------------------------------------------------------

    Kasun : පරිස්සමෙන්... පහර දුන්නත් ගොඩාක් වෙලාවට හානිය අපිට දැනෙන්නෑ :D

    ------------------------------------------------------------------------------------------------------------------

    හිස් අහස : අනේද කියන්නේ උඹට ඉතිං ඉස්කෝලේ කාලේ මතක් කරලා දෙන්න ඕනයැ බං. ඒ කාලේ කොල්ලෝ දෙන්නෙක් ගහ ගත්තොත් හැම තිස්සෙම වගේ කෙල්ලෙක්ගේ නමක් කොහේ හරි ගෑවිලා තියනවාමයිනේ....

    ------------------------------------------------------------------------------------------------------------------

    Dude : ඔන්න මම ජනමත විචාරණයකුත් දැම්මා අලුත් ඇඳුම ගැන අහලා....
    සයිබර් යායේ චිත්‍ර තරඟේ දිනුව පූසා මම තමයි. ඒකෙ තෑග්ග හැටියට අර ගල් එල්ලගන්න කතාව ලිව්ව පූසත් මම මයි.. :)
    හැබැයි ඉතිං මගේ චිත්‍ර හෙන්රි අයියාගේ තරම් ලස්සන නම් නෑ ඕං.....

    ReplyDelete
  35. අම්මියෝ මේ වගේම ලණු වක් මම කමින් ඉන්නෙ තාමත් :-(

    කතාව හදවතටම වදිනවා පූස් අයියේ.. නියමයි :)

    ReplyDelete
  36. සික්.. මෙහෙමත් කෙල්ලො...
    මටනං පේන්න බෑ...

    මට ප්‍රශ්නයක් තියේ..............

    කොල්ලොත් ඔහොම කරනවද....?
    (කෙල්ලො 2ක්ව තියාගෙන)

    ReplyDelete
  37. උපරිමයි... තාත්විකයි...

    ReplyDelete
  38. එල බං උඹ...පට්ට කතාව....
    නොදකින් පට්ට බැල්ලියෝ ....

    ReplyDelete
  39. නිර්මාණයක් විදියටම මරු මචං....පට්ට....

    හැබැයි මම නම් කියන්නේ අපි අහුවෙයි ඕවට කියලා....හි හි හි.....

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...