මට ප්‍රථම වරට ජංගම දුරකතනයක් ලැබෙන්නේ 2005 වසරේදීය. එකල මම උපේක්ෂාට ට්‍රයි කරන අවදිය වූ බැවින් ඒ ජංගමයෙන් ගත් ප්‍රයෝජන බොහෝය.එකල මාගේ ජංගමය ඉතාමත් කාර්යබහුලය. එය විනාඩි කිහිපයකට සැරයක් හඩනගයි. ඒ උපේක්ෂාගෙන ලැබෙන රින් කටු නිසාවෙනි. එමෙන ඇයත් සමඟ කතා කළ අවස්ථාද බොහෝ විය. ක්‍රමයෙන් රින් කටු වැඩි වන්නට වූ කළ මම ජංගමය නිෂ්ශබ්ධ කර එය දෙදරන පරිදි තැබූවෙමි. නමුත් ඒ ක්‍රමය එතරම්ම සාර්ථක නොවූයේ ජංගමය මේසයක් උඩ ඇති අවස්ථාවන්හීදී දෙදරන්නට ගත් කළ එයින් මහා ශබ්ධයක් නිකුත් වීම නිසායි. ඒ දින වල මාගේ ජංගමය නිතර නිතර නද දීම අපේ නිවැසියන්ගේ සැකයට හේතු වෙමින් තිබිණි. ඒ නිසා මම ජංගමයේ දෙදරීමද නවතා දමා සැරෙන් සැරේට ජංගමය දෙස බලන්නට පුරුදු වුනෙමි.එකල මම නිවසේ සිටින විටදී පවා ජංගමය සාක්කුවේ දමාගෙන සිටියෙමි. ඒ දිනවල මට මහා වේගයෙන් මැසේජ ටයිප් කිරීමේ හැකියාවක්ද තිබිණි. තවකෙක් සමඟ කතාවක් කරන ගමන් මම ජංගමය දෙස නොබලාම මැසේජ ටයිප් කළෙමි. නමුත් ඒ වේගයෙන්ම ජංගමයේ ශේෂයද බැස ගියේය. ඒ එකලය.
මෙකල තත්වය හාත්පසින්ම වෙනස්ය. නමට ජංගමයක් තිබුණත් එයට ලැබෙන ඇමතුමක් නැත. රුපියල් සියයේ කාඩයක් දැමූ විට මාසයක් දෙකක් පමණ භාවිතා කළ හැකිය. මේ ළඟකදී මැසේජයක් ටයිප් කිරීමට ගොස් මට මා ගැනම දුක සිතිණි. ඒ "ඉස්සර කොච්චර ස්පීඩ් එකකින් මැසේජ් ටයිප් කරපු එකෙක්ද මේ" යන්න සිහි වීමෙනි. එදා මට මා පළමු වරට මැසේජයක් ටයිප් කරපු දිනය සිහි විය. අද මම ඒ පළමු දිනයට වඩා පොඩ්ඩක් හොඳය. දැන් මම ජංගමය නිෂ්ශබ්ධ කරන්නේ ගුරුවරුන්ගේ දේශන වලදී පමණි. නමුත් එයද බොහෝ විට අමතක වී යන නමුත් ඇමතුම් නොලැබෙන බැවින් හානියක් නැත.
ඉතාමත් කලාතුරකින් ඇමතුමක් ලැබෙන අවස්ථාද ඇත. ඒ දුරකතන සංවාද බොහෝමයක් මෙසේය.
මම: හලෝ
මම: හලෝ
එහා පැත්තේ එකා: හලෝ..... චූටි බාප්පා ඉන්නවාද?
මම: කව්ද?
එහා පැත්තේ එකා: චූටි බාප්පා.....සුනිල්
මම: එහෙම කෙනෙක් නෑනේ
එහා පැත්තේ එකා:ඔය බදුල්ලෙන් නෙමෙයිද?
මම: නෑ
එහා පැත්තේ එකා: අහ් නොම්මරේ වැරදිලා
මම: :@
දැන් මිතුරන් හැම දෙනාම පාහේ මූණුපොතේ සිටියි. ඉතින් පණිවිඩ බොහෝවිට හුවමාරු වෙන්නේද මූණුපොත හරහාමය. ඒ නිසා උන්ගෙන් ඇමතුමක් ලැබුණොත් ලැබෙන්නේ කුමක් හෝ හදිසියකදී පමණි. ඒ බව දන්නා මා හැකි ඉක්මනින් ඇමතුමට පිළිතුරු දීමට සෑම විටම උත්සාහ කරයි. ළඟදී සිට මට එක කෙල්ලෙක්ගෙන් ඇමතුම් නිතරම පැමිණෙයි.
දැන් මට ඉස්සර වාගේ නිවසේ සිටින විට ජංගමය ළඟ තබාගෙන සිටීමේ පුරුද්දක් නැත.
දැන් මට ඉස්සර වාගේ නිවසේ සිටින විට ජංගමය ළඟ තබාගෙන සිටීමේ පුරුද්දක් නැත.
දිනක් මම වැසිකිලියේ සිටින විටදී ජංගමය නාද විය. ඒ ඇමතුම මිතුරෙකුගේ හදිසි ඇමතුමක් විය හැකියැයි සිතූ මා කරමින් සිටි වැඩයද භාගෙට නවත්වා ජංගමයට පිළිතුරු දීමට ගියෙමි. නොදන්නා අංකයකි.
මම: හලෝ
එහා පැත්තෙන් කිසි සද්දයක් නැත
මම:හලෝ
පසුබිම් සංගීතයක් ඇසෙන්නට විය. ඉන්පසු ඉතා මිහිරි කටහඩකින් කෙල්ලෙක්.
මේ නවතම මොබිටල් එම් ටියුන්...............
මට එවෙලේනම් යකා ඇවිස්සිණි. මොබිටල් එකේ @#$%%^%# යැයි සිතිණි :@ මේ කරදරය තාමත් නිමක් නැතිය. මම කුමක් හෝ වැදගත් වැඩක නිරතවී සිටින අවස්ථා වලදීම මේ කෙල්ල මට වද දෙයි. ඒකිගේ ටියුන් එක මට වැඩක් නැතිය. එක්කෝ ඒක මැසේජයකින් එව්වානම් කරදරයක් නැත. මොබිටෙල් එකේ උන්ටත් පිස්සුද මන්දා. ජංගමයක් ගත් දා සිටම භාවිතා කරන අංකය මාරු කිරීමට ඇති අකමැත්ත නිසා සියල්ල ඉවසාගෙන සිටිමි :(
මම: හලෝ
එහා පැත්තෙන් කිසි සද්දයක් නැත
මම:හලෝ
පසුබිම් සංගීතයක් ඇසෙන්නට විය. ඉන්පසු ඉතා මිහිරි කටහඩකින් කෙල්ලෙක්.
මේ නවතම මොබිටල් එම් ටියුන්...............
මට එවෙලේනම් යකා ඇවිස්සිණි. මොබිටල් එකේ @#$%%^%# යැයි සිතිණි :@ මේ කරදරය තාමත් නිමක් නැතිය. මම කුමක් හෝ වැදගත් වැඩක නිරතවී සිටින අවස්ථා වලදීම මේ කෙල්ල මට වද දෙයි. ඒකිගේ ටියුන් එක මට වැඩක් නැතිය. එක්කෝ ඒක මැසේජයකින් එව්වානම් කරදරයක් නැත. මොබිටෙල් එකේ උන්ටත් පිස්සුද මන්දා. ජංගමයක් ගත් දා සිටම භාවිතා කරන අංකය මාරු කිරීමට ඇති අකමැත්ත නිසා සියල්ල ඉවසාගෙන සිටිමි :(
අපෝ මචෝ ඔය මගුල නම් මතක් කරන්න එපා බං. මහම මහ වදයක්... මමත් දවසක් බස්එකේ මිරිකිලා තෙරපිලා බස්කේ යද්දී කෝල් එකක්... ගත්තා ඉතිං .. උන්ගේ අම්මට... වැඩක් නෑ කියලා...
ReplyDeleteමට අවපන් මල්ලී උඹේ නොම්මරේ මම කෝල් කරන්නම්...
prasanna86knew@gmail.com කෙලින්ම සබ්ජෙක්ට් එකටම නොම්මරේ දාපං මේල් එකේ
ලංකාවේ අපිට නම් ඩයැලොග් ම තමා.... :)]
ReplyDeleteමටත් එවපන්කො උඹේ නොම්මරේ. මමත් කතා කරන්නම්. පව් පොඩි එකා.
ReplyDeleteඅනෙක පූසෙක් එක්ක මම කතා කරලත් නෑ මෙච්චර කාලෙකට...
අපෝ මොබිටෙල් එම් ටියුන් නම් මතක් කරන්න එපා. හැමදාම රැවටිලා හෙලෝ කියනවා.
ReplyDeleteමටත් ඒ කාලෙ ඔය සන්තෑසියම තමා... සමහර දවස්වල රුපියල් 100 කෑලි දාල ඉවරයක් නෑ.
ReplyDeleteදැන් කෙල්ලො නැති හින්දද කොහෙද පෝන් එකෙන් කිසි කරදරයක් නෑ.
එකම කරදරයකට තියෙන්නෙ අර 2030 කියන මඟුලෙන් එන LOVE S.M.S විතරයි.
මට නම් තාම ඔය කෙල්ල එකපාරකට වඩා කතා කලේ නෑ බං.. අපේ අම්මා එක්කනම් හරි ෆිට්.. අම්මට දැන් දෙතුන් පාරක්ම කතා කරා.. අම්මත් ඉතින් කෙල්ලට කෙලින්ම බණින්න යන්නේ නෑ. පව් කියලා.. කොල් එක කට් කරලා මගෙත් එක්ක බණිනවා.. හික් හික්.. :))
ReplyDeleteආයෙත් අහලා ...... දු.ක. ට වැඩ තියෙන්නෙ කෙල්ලො නිසා තමයි.... :D ,,, ඉවර උන දාට දු.ක. ලඟ තියන් ඉන්න එකත් මහා දුකක් බන්ස් ..... :-/
ReplyDeleteඅනේ දෙය්යන්ගෙ පිහිටෙන් අපිට ඔය කරදර ඇත්තේම නැත. ඒ හේතු දෙකක් නිසාය
ReplyDeleteඑක. මං බැඳලා ය
දෙක. මං ඩයලොග් යැ.
ඔය මොබිටෙල් සින් එක මටත් නා නේ බොලේ...මම හෙන සතුටින් ආන්සර් කොරේ..ඇයි ඉය්හින් මුජු ජීවිත කාලෙටම මට කෝල් ඇවිල්ල ඇත්තේ 4ක් විතර වෙන්න ඇති...කවුද මට කතා කොරන්නේ කියලා බැලුවා...ඉකේයියා....මොබිල්ටෙල් එකේ නැන්දා කෙනෙක්.... ඉතින් %*(&*#@ :))
ReplyDeleteඅම්මපාඅ.. මටත් උනානෙ ඕකම..... අර කෙල්ලගේ වැඩක් නෑ ඉතින් කියලා.....
ReplyDeleteමොබිටෙල් එම් ටියුන් කරදරේ නම් සමනලීටත් මහම මහ වදයක් උනා.... බැරිම තැන සමනලී ඒ නොම්බරේ සේව් කරලා රින්ග් ටෝන් එකකුත් assign කලා. දැන් රින්ග් වෙද්දිම දන්නවා ඒ මොබිටෙල් එකේ අක්කා කියලා. ඉතින් ෆෝන් එක දිහාවත් බලන්නේ නෑ... වෙන මොනා කරන්නද??
ReplyDeleteඅපිට අදාල නැත.
ReplyDelete@prasanna86k: :)]
ReplyDelete:))
@සෝරෝ: ඒ වුනාට අපි ළඟ තියෙන්නේ වැදගත් නොම්මරයක් හරිය :p
ReplyDelete@``` Outsider```: :)) ;)
ReplyDelete@පිණිබිඳු...: ඔව් අෆ්ෆා :(
ReplyDelete@kumaraya2030න් ලව් SMS? ඒ මොකක්ද බං මට එහෙම එකක් එන්නේ නෑනේ :-/
ReplyDelete@චතුවා (ළමයා):උඹේ වෙලාව හොඳයි ඕකිට අහු වුනොත් ආයේ ගැලවෙනවා බොරු :))
ReplyDelete@෴සිතුවිලි෴: ඒ වුනාට බං කෙල්ලව සෙට් වෙන්නත් කලින් ඉඳන් තිබ්බ දු.ක අයින් කරන්න පුළුවනැ කෙල්ල නැතිවුනා කියලා ;)
ReplyDelete@nawammawatha: අනේ වාසනාවන් අයියණ්ඩි! :)
ReplyDeleteඅපි වගේ උන්ටනම් මේ කරදර තව කොච්චර කාලයක් විඳින්ට සිද්ධ වෙයිද දන්නෙ නෑ :(
@රත්ගමයා: ඒ ලස්සන කටහඩ තියන අක්කණ්ඩිට තෝ නැන්දා කියන්ට එපා හරිය.. මට තරහා යනවා x( මට තරහා ගියාම මම හරි වසයි හොඳේ b-(
ReplyDelete@අභීත: හිර කොරන් ඉන්ට එපා අයියේ කියලා දාන්ට :D
ReplyDelete@punchisamanalee: හොඳ වෙලාවට කිව්වේ. මම හිතන් උන්නේ එක එක සැරේක එක එක නොම්මර වලින් එන්නේ කියලා. හිටුකො ඕකී ආයේ කතා කරන්නැතෑ. එතකොට අල්ල ගන්නවා :))
ReplyDelete@dineshචික් ඒක කිව්ව කැත විතරක් :| උඹලාටත් වුන දවසකට තේරෙයි :D
ReplyDeleteඅනේමන්ද මමනං 2007 ෆෝන් එකක් ගන්නකං මාර නිදහසේ හිටිය. දැං සමහර වෙලාවට ඒක වදයක් තමයි. හැබැයි මම මට කවුරුවත් සම්බන්ධකරගන්න ඒන නැති වෙලාවට ෆෝන් එක සයිලන්ස් කරල පැත්තක දාල මගේ වැඩක් කරනව. ඒ වෙලාවට කතා කලොත් සොරි තමයි...
ReplyDeleteඔය කුනු හරප මොබිටෙල් කාරයෝ මටත් ඔයවගේම වැඩක් කරා ඒක කියන්න බෑ නෝන්ඩි ! මචං පූසා මෙන්න මගේ නම්බර් එක උඹ ඉන්ඩ බැරි වෙලාවට මට කෝල් කරලා මොනවා හරි වල්පල් කියපං මචං ..119..මේකට කතා කරලා හිස් අහස ඉන්නවද කියලා අහන්න . සමහර විට තරුව ඔබන්න කියයි ..
ReplyDeleteජය වේවා !!
@hare :-): හුටා ඒ වෙලාවට කවුරුහරි හදිස්සියකට කතා කළොත්? :-/
ReplyDeleteහැබැයි නිදහසේ ඉන්න පුළුවන් නේද?
@හිස් අහස: ඈ බං ඒකට කතාකරලා තරුව ඔබන්නෙ මක්කටැයි? :-/ උඹ ඉන්නේ දිව්‍යලෝකෙද? =))
ReplyDeleteමොබිටෙල් එකට කිව්වම ඔය මගුලෙන් එකෙන් අපේ නම්බර් අයින් කරනව බං. මං අයින් කරවගත්ත :D
ReplyDelete@Malinthe Samarakoon: අහ් එහෙමත් පුළුවන්ද? එහෙනම් ඒක හෙටම කොරන්න ඕනේ :) (බොහොම ස්තූතියි දැනුවත් කළාට )
ReplyDeleteආ දැන් ඕකන සල්ලි නොගෙන කතා කරන්න පුළුවන් දෙපාරයි නේද? :(
matath dawasak mis call ekak tibba mama hituwe kellak kiyala hopes godak tiyagena ring kara balapuwama mobitel ane ane :D
ReplyDelete“උපහාරය“ , අපහරණව කිරීමෙන් පසුව “දෙබසට“ මාරු වූයෙමි. කරදරයක් නැත. අරය මෙයා ගැන එන කෝල්ස් ඇත්තෙම නැත. සතියකට එක කෝල් එකක් වුගේය. සමහර සති වලට එය ද නැත. ජංගමයක් තිබේද කියලාවත් මතක නැත. අගේය . උණ බැස ගොසිනි ...
ReplyDelete@මෝල්ඩර් ෆයිල්ස්: echchara hopes thiyaaganna ubata sahenna kellangen miss calls enawa athi neda? :))
ReplyDelete@සොඳුරු සිත: හික්ස් =))
ReplyDeleteඔය ඇම් ටියුන් සිද්දියනම් මල වදයක් තමා බන්. ඔය රෙද්දෙ නම්බරයෙන් මටත් කොල් එකක් ආව. හිතුවෙ ඉස්සර කොල කෑලි වල නොම්මර ලියල දීමෙ ප්‍රතිපලයක් කියල. අම්ම ලග හිටපු නිසා ඉස්සුවෙත් නැ. පස්සෙ යහනට ගොහින් හරි බැරි ගැකිල ගත්ත කෝල් එක.. ග‍්රර‍්රර‍්රර්
ReplyDeleteඅනිනිමෙ රුපියල් 5කුත් කැපුන... :-L
@සුළඟිල්ල | pinkie: කතාව මම ලිව්වට මොකෝ මේක නිසා මට වැඩිය දරුණු සිදුවීම් වලට මුහුණ දුන්න අය ඉන්නවනේ :))
ReplyDeleteඇත්ත ඔය මොබිටෙල් එකේ කෙල්ල මටත් මාර වදයක් දෙන්නෙ. ඊට අමතරව ඕකෙ තව එකියක් ඉන්නව. හදිසියෙ කාට හරි කතා කළොත් ඒකි මැදට පැනල කෑ ගහනව ඔබ ඇමතූ අංකය මේ මොහොතේ සමස්බන්ධ කළ නොහැක කියල. ඒ මදිවට එයාගෙ වැඩ පෙන්නන්න ආයෙ ඒකම දෙමළෙනුයි ඉංග්‍රීසියෙනුයිත් කියනව.
ReplyDeleteහලෝ කියන්න එපා, ඥාව් කියන්න, එතකොට හරිනේ!
ReplyDelete@ කතන්දර
ReplyDeleteඥාව් නොව ඤාව් ලෙස නිවරදි විය යුතු නොවේද ? එතකොට ඤාවු
@Kathandara:ඒකත් හැබෑව :))
ReplyDelete@Shyaman's thoughts: ඔව් ඔව් :))
ReplyDelete@සොඳුරු සිත: හැබැයි අක්කේ මමත් අහලා තියෙන්නේ "ඥාව්" කියලා
ReplyDeleteපූසෙක්ම කියනව නම් ‘‘ඥාව් “ හරි කියල ... පිළිගන්නම වෙනව ...
ReplyDeleteඑකඟයි...
අප්පා මටත් එපා කරපුම චොර වැඩක් තමා ඔය ඇම් ටියුන්.....පිස්සු හැදෙනවා......
ReplyDeleteබුවාහ්හහ් හා.. ෆට්ට සීන් එක.. =)) =))
ReplyDeleteඒ කාලේ මතකයි මම එකෙක්ට කෝල් කරලා ඒ යකා ෆෝන් එක උස්සපු ගමන් "I love u raja FM" කිව්වෙ නැතැයි.. මට නිකන් පිස්සු වගේ.. පස්සෙයි කේස් එක දන්නේ රජ එෆ් එම් එකෙන් මොකද්ද සීන් එකක් කියලා.. :))
@සොඳුරු සිත: හි හී :)
ReplyDelete@෴ හසියා ෴: සිරාවට බං :(
ReplyDelete@සිරකරුවා: :))
ReplyDeleteහැමෝගෙම හිතසුව පිණිස ඒ අංක ටික කියන්නම්
ReplyDelete0713993993
0713544544
0713864861
0713826421
save කර ගන්න
ඔන්න ඔය numbers ටික ත්ම වද දෙන්නෙ
පරිස්සම් වෙන්න ඔන්න
=))
ReplyDelete@Anonymous: ස්තූතියි :)
ReplyDelete@Ansh Lucky Sri Jay: මිනිහෙක්ට කරදරක් වෙනකොට හිනාවෙන අපූරුව :(
ReplyDelete;)
ayye....
ReplyDeleteapitanam ennema ringcut witharai.........calls na.....
awath ammagen.....hari thaththagen call 1k thama.........
@Anonymous: kawda appe me podi babaa :D
ReplyDeletebayawenna epaa oyath likuwenakota call eyi ona tharam :)) mata nam thaamath call enne hari aduwen ;)
baba neme........Babi................
ReplyDeleteblog eka under constructions.ekai Annonymous comments danne.........
Api thama pody thama.........ok..!!
@Anonymous: aa ithin babi oyage blog eka haduwama apitath kiyannakoo :)
ReplyDeleteMa bageta handapu 1 post 1k dapu blog 1k thiyenawa.........kawruthma comnt karalanam na............... :(
ReplyDelete@Anonymous: 1 post ekak thibila hariyanne na. dhigatama liyanna. blog ekak thiyanawanam anonymous cmnts daanna epaa. account eken log welaa cmnt karanna. ko denna balanna oyage blog ekek link eka.
ReplyDeletemenna meeka ayya.. comment 1k dalama yannako :)
ReplyDeletehttp://bit.ly/97zL03
අම්ම පල්ලා මචන් මටත් මල පැනලා ඉන්නේ ඔය මගුලත් එක්ක. මම දවසක් කතා කරලා හොඳවගෙන් දෙකක් කිවා ඔකේ එකෙකුට. එකා කියනවා එක අයින් කරන්න බැලු සිස්ටම් එකෙන් වෙන වැඩක්ලු එක. පස්සේ සිම් එක විසිකරලා dialog එකක් ගත්තා. බිල ගෙවන එක මතක් කරන්න sms එකක් එනවා එච්චරයි කිසිම කරදරයක් නැ. දැන් etisalat ලගේ අලුත් මඟුලක් තියෙනවා voice male box එකක් දාල. රින්ග් ඉවර වෙලා කනේ තියාගෙන හිටියොත් රු 2 ට අරිනවා. පුලුවන්නම් කවුරු හරි හොයලා දෙන්න phone no black ලිස්ට් කරන සොෆ්ට්වරේ එකක java virsion එකක්.
ReplyDeleteසහතික ඇත්ත කතාව පූසෝ..
ReplyDeleteමටත් එකසිය ගාණට තද වෙන වැඩක් තමා ඔය කෙල්ලගේ කෝල් එක..:)
hatharawaram dewi pihiten matanam thama ekak wath awilla naa. habay welawakata hithenawa eken wath call pojjak enawanam kiyala.
ReplyDelete