Sunday, January 1, 2012

ලෝක විනාසය, කාලකණ්නි සතුට සහ 2012......


"මම මැරෙන්න භය නෑ"
2012 ජනවාරි මාසේ පළවෙනි පාරට යාළුවොත් එක්ක සෙට් වුනු දවසේ අපේ ප්‍රධාන මාතෘකාව උනේ ලෝක විනාසේ.

"මම මැරෙන්න භය නෑ. ඔය ලෝක විනාසේ වෙනවනම් මම නම් පට්ට කැමතියි බං"
අරක්කු වීදුරුවක් හිස් කරන ගමන් එහෙම කිව්ව මමම ද අද මෙතන ඉන්නේ කියලා මටම හිතාගන්න බෑ.

ජීවත් වෙන්න තියෙන්නේ තව විනාඩි කීපයයි කියලා දැන දැන් ජීවත් වෙන එකෙක්ගේ  හිතේ තියෙන මරණය පිළිබඳ හැඟීම්, මරණය කියන දේ පේන මානයකවත් නැතිව බීලා දොඩවන එකෙක්ට වඩා කොච්චර වෙනස්ද?

"ඇත්තටම මම මැරෙන්න භයයිද?"
මම ආයෙමත් හිතන්න උත්සාහ කළා.
"නෑ මං මැරෙන්න භය නෑ. මට මේ දැනෙන්නේ භය නෙමෙයි. මේ දැනෙන්නේ මැරෙන්න තියෙන නොයිවසිල්ල වෙන්න ඇති."
"අපේ උන් සෙල්ලම් කරන, දිනුමයි පැරදුමයි අතරේ දෝලයන වෙන මැච් එකක අන්තිම ඕවර් දෙක තුන බලනකොටත් මට දැනෙන්නේ මේ වගේම හැඟීමක්. ඒක භයත් නෙමෙයි. සතුටත් නෙමෙයි. ඔව් ඒක ඒ දෙක අතර හැඟීමක්."
"එක අතකින් බැලුවාම උඹ ඔය උඹටම ආත්ම වංචාවක් නේද කරගන්නේ? ආත්ම වංචාවක්.... ඔව් මිනිස්සු හැමදාමත් තමන්ට කරගත්තේ ආත්ම වංචාවමයි. ඉතිං මාත් මිනිහෙක්"

මැරෙනවා...... ඔව් තව ටික වෙලාවයි. මට ඒක ගැන සතුටුයි. හැමෝම මැරෙනවා. ලෝකේ විනාස වෙනවා. ඒත් ඒ ගැන සතුටක් දැනෙන්නේ කොහොමද? ඒක මහා කාලකණ්නි සතුටක්. ඒක අර මිනිස්සුන්ටත් නොදැනී මිනිස්සුන්ගේ හිතේ තිබ්බ කාලකණ්නි සතුටම වෙන්න ඇති.....අර හොඳක් වෙනවානම් මටම විතරක් වෙයං. මට නරකක් වෙනවානම් හැමෝටම වෙයං කියලා හිතපු මිනිස්සුන්ගේ හිතේ තිබ්බ කාලකණ්නි සතුට. මට හොඳක් උනා අනිත් උන්ට කෙලඋනා කියලා එහෙමත් නැත්තම් මට කෙලඋනා කමක් නෑ අනිත් උන්ටත් කෙලවෙලානේ කියලා වින්ද ඒ කාලකණ්නි සතුට.

ලෝක විනාසේ ඔව් තව ටික වෙලාවයි. හැම දේම විනාස වෙලා යනවා. මම හෝ මට විතරක් නෙමෙයි. මුළු ලෝකෙම.

කාලකණ්නි සතුටක්.....
ඔව් කාලකණ්නි සතුටක්!
කාලකණ්නි සතුට දැනෙන්නේ මිනිස්සුන්ට....
මිනිස්සු......
මාත් උන්ගෙන් එකක්!


ප.ලි :
හැමෝටම සුභම සුභ නව වසරක් වේවා!!!!!



[පින්තූරෙ-http://dudelol.com/oldimgs/why-the-world-wont-end-in-2012.jpg]

37 comments:

  1. මාත් මැරෙන්න නම් භය නෑ. ඒ උනාට අම්මයි අප්පච්චියි තනි වෙනවා කියලා හිතුනම දුක හිතෙනවා.
    2012 කියන්නේ මායාවරුන්ගේ ලෝක විනාසේ. එවුන් ලෝක විනාසෙටත් කලින් විනාස වෙලා ගියා.

    පූසා මල්ලිටත් ලැබුවා වූ මේ වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා !!!!

    ReplyDelete
  2. උඹේ සියළු බලාපොරොත්තු ඉටුවේවා... :D

    ReplyDelete
  3. The old world has to be destroyed 2 create a new one.Don't worry u'll be reborn again in a new environment a good one. Let's start the count down to the Armageddon with bright hopes(hi 5)

    ReplyDelete
  4. ලෝක විනාසෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් මාකට් කරගන්න පුළුවන් නම් මේ අවුරුද්දෙ හොඳට හම්බ කරන්න තිබුණා... :D

    දවස් ඔන්න ඔහේ ගෙවෙයි... අපි ජීවත් වෙයි... උඹ 2013දිත් සෙට් වෙයි... සමහර විට ලෝකෙ ලොකුම අහවල් එකක් ගැන මාතෘකාවක් එක්ක!

    ReplyDelete
  5. මමත් මැරෙන්න බය නැහැ. ඉක්මනින් විනාශ වෙලා යනවනම් කොච්චර හොදද

    ReplyDelete
  6. Sama tatparayakama me sitat gatat bidibidi vinasawei! meya obata tunwana asakin darshanaya wenam eyama obelokae vinahayai! LOKA VINASAYATA WADA TAMANGE ME LOWA VINASAYA DUTUWOT OBE SITA MADDIASTA BAWATA PATWEI! Kisida viduli akunu paharakin uwa obata kampawak nodanei! Me mage jiwana atdakiimai.Me ath dakiim labannata samdhi+vidarshana tulin aslomin aslomata vidina dunuwayaku wanna utsaha karanna

    ReplyDelete
  7. මොන පිස්සුද අපිට 2013ත් මේ වගේම නව වසරට සුභ පතන්න පුළුවන්...

    එතෙක් 2012 සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
  8. Sama tatparayakama me sitat gatat bidibidi vinasawei! meya obata tunwana asakin darshanaya wenam eyama obelokae vinahayai! LOKA VINASAYATA WADA TAMANGE ME LOWA VINASAYA DUTUWOT OBE SITA MADDIASTA BAWATA PATWEI! Kisida viduli akunu paharakin uwa obata kampawak nodanei! Me mage jiwana atdakiimai.Me ath dakiim labannata samdhi+vidarshana tulin aslomin aslomata vidina dunuwayaku wanna utsaha karanna

    ReplyDelete
  9. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  10. මාති කැමතී ලෝක විනාසෙ වෙනවනම්.. පොඩි චේන්ජ් එකකටත් එක්ක...

    සුභ නව වසරක් වේවා පූෂ්!

    ReplyDelete
  11. ඔක්කොම එකට මැරෙනවා නම් ඉතින් පොඩ්ඩිත් මැරෙන්ට බය නෑ. මම නම් හීනෙන්වත් හිතන්නේ නෑ ඔය දේ වෙයි කියලා.
    බයවෙන්ට එපා පූසෝ...ඔයාට මේ අවුරුද්ද ජයෙන් ජයම වෙනවා.:D

    සුබ අලුත් අවුරුද්දක්!!!!!!

    ReplyDelete
  12. ලෝක විනාසෙ වෙන්නෙ නෑ බන්...

    මොලේට වැඩ වැඩිවෙන 2012ක් වේවා !...

    ReplyDelete
  13. අවුරුදු පැතුමත් හංගලා දාන උඹලා වගේ උන් මැරෙන්නමයි ඕන....

    ReplyDelete
  14. ඔන්න ඔය විකාර පැත්තක දාලා... සුනිල් පෙ​රේරා කියනවා වගේ ... පොතක් පතක් බලං දැන්වත් හැදියන්.....

    සුභ අලුත් අවුරුද්දක් වේවා මචං...

    ReplyDelete
  15. සුභ නව වසරක් වේවා මචො!

    ReplyDelete
  16. ලෝකය විනාශ වෙන්න කාල දින වකවානු නෑ.. ඕනි වෙලාවක වෙන්න පුළුවන්..ඉතින් ඒ වෙනකම් සුබ නව වසරකට ආසිරි පූසා මල්ලි,

    ReplyDelete
  17. merena eka genama kiyavanna epa..aluth avurudda subavadee vidiyata dakimu.obata siyalu yahapath pethum itu vana subama suba nawa wasarak..

    ReplyDelete
  18. සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  19. මචං පූසෝ . තොපි ඒනං මට කෝල් කලා නේද බඩු දාලා ඈ අවුලක් නෑ අවුලක් නෑ . ලෝක විනාසේ වෙන්ඩ කලින් තියන රසවත් පානයන් වල රස බලාපල්ලා ..

    සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත නව වසරක්ම වේවා !!

    ReplyDelete
  20. සුභ අලුත් අවුරුද්දක් වේවා පූසා....

    ලෝක විනාසෙ නේද??? වුනාට පස්සෙ එලොවෙදිම හම්බ වෙලා කතා කරමුකො ඈහ්...:D

    ReplyDelete
  21. ලෝක විනාශය සිදු වෙනවා; ඒක අනිවාර්යයයි. ඒත් ඒක වෙන්න පටන්ගන්නේ තව අවුරුදු කෝටි 140 කින් පමණ. ඒ වන විට හිරුගේ උණුසුම වැඩි වී පෘථිවිය මත ජලය මත පදනම් වූ ජීවය පැවතීමට හැකියාවක් නැතිවී යනවා. ඒ පෘථිවියේ උෂ්ණත්වය වැඩි වීම නිසා මුහුදු, ගංගා සහ වැව් වාශ්පීකරණයට භාජනය වීම නිසායි. ජීවයේ පරිණාම ගුණය නිසා මෙම තත්වයෙන් සමහරවිට මිදෙන්නට හැකියාවක් ලැබුණත්, තව අවුරුදු කෝටි 550 කින් පමණ සිදුවන හිරුගේ ඉදිමුම හේතුවෙන් ජීවයත් පෘථිවියත් (බොහෝ දුරට) අවසානයකට පැමිණෙනු නියතයි.

    ඒ ඈත අනාගතය ගැන දැන් ලත නොවී 2012 අවුරුද්ද සතුටින් ගත කරන්නට ඔබට හැකි වේවා යයි මම ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  22. ම්ම්ම්ම්ම්ම්.. මම මැරුනාට කමක් නෑ.. හැබැයි රිදෙන්නෙ නැති ක්‍ර්මයකින් මැරෙන්න කැමති..:(

    හ්ම්ම්... පූසා අයියාටත් ලැබුවාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා!!!!

    ReplyDelete
  23. මැරෙන්න නම් බය නෑ තමා . .ඒත් හුස්ම හිරවෙන එකට බයයි වගේ නේද පූසෝ . . . හික්ස්

    ReplyDelete
  24. මැරෙන්න ? පිස්සුද .. පොඩ්ඩක් ඉන්න මගේ ඩොන්ගල් එකට රිලෝඩ් දාගන්නකම්..

    ReplyDelete
  25. ඇත්තට මේ අවුරුද්දෙ ලෝකෙ විනාවෙනවලුද බං පූස්? මම කල්පනා කලේ එහෙනම් සැප්තැම්බර් දිහාට ටික ටික ගෙවන්න මොනවහරි බඩුවක් ගන්න. ‍ෆිනෑන්ස් කාරයින්ට හොඳ පාඩමක් උගන්නන්න. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    henryblogwalker the Dude

    ReplyDelete
  26. මට නම් මෙරෙන්න බැ වගේ බන්...
    ඒ හැටි වයසකුත් නැනේ...
    කොමත් මෙරෙන්න තියේ නම් ඔඕක වෙඉනේ..

    ReplyDelete
  27. මධුරංග : මම නම් කැමතියි ලෝක විනාසේ වෙනවානම් ඒත් අනාගතේ වෙන දේවල් ගැන කලින් අනාවැකි කියන්න කිසිම කෙනෙක්ට බෑ. ඔය මායාන් කට්ටියගේ කැලැන්ඩරේ තනිකර මිත්‍යාවක්.

    -------------------------------------------------------------------------------------------------------------------------

    Beetle : බීටාලායියාටත් එම! :D

    -------------------------------------------------------------------------------------------------------------------------

    Ano 1 : මට පුනුරුප්පත්තිය ගැන ඒ හැටි විශ්වාසයක් නෑ :) ඒ වගේම අනාවැකි කොහොමටවත් විශ්වාස කරන්නේ නෑ :) මේක නිකම් හිතේ මැවුනු කතාවක්!

    -------------------------------------------------------------------------------------------------------------------------

    hare :-) : ඒක තමයි සුරයක්වත් විකුණන්න ගත්තානම් "ලෝක විනාසෙන් මැරුණාම යහපත් තැනක උපදින්න ඕනෙනම් මේක දාන්න" කියලා... හොඳ ගානක් හොයාගන්න තිබ්බා :D
    ලෝකේ ලොකුම අහවල් එව්වා ගැන තමයි කොහොමත් සෙට් උනාම කතා කරන්නේ :D

    -------------------------------------------------------------------------------------------------------------------------

    වර්ණා : එහෙම වෙනවානම් හොඳයි තමා. වෙන්නැති එකනේ අවුල :D

    -------------------------------------------------------------------------------------------------------------------------

    metta : ස්තූතියි ඔබේ අදහසට! මේක මම ගොතපු කතාවක් විතරයි.

    -------------------------------------------------------------------------------------------------------------------------

    Dinesh : ඔව් ඔව්... එසේම වේවා!

    -------------------------------------------------------------------------------------------------------------------------

    ඔබ නොදු‍ටු ලොවක් : එම!

    -------------------------------------------------------------------------------------------------------------------------

    පැණි දොඩම් : ඒක නේන්නම්.. කොහෙද ඕක වෙන්නේ නෑනේ :D

    -------------------------------------------------------------------------------------------------------------------------

    Podi Kumarihami : අක්කාටනම් මේ අවුරුද්දේ කොච්චර දේවල් කරන්න තියෙනවද නේද? වෙඩිමත් මේ අවුරුද්දෙමද? :D

    -------------------------------------------------------------------------------------------------------------------------

    සාතන් : නොවෙන බව දනිමි.. :D

    -------------------------------------------------------------------------------------------------------------------------

    අභීත : හික් හික්.. කවුද දන්නෑ හරියටම 12ට ඊ මේල් එකක් යැව්වේ. තව පොඩ්ඩෙන් තරුණ ජීවිත රැසක් විනාස වෙනවා ඒක නිසා :D එදා කී දෙනෙක්නම් හිතේ බයෙන්ද අවුරුද්ද ඇරඹුවේ :D

    ReplyDelete
  28. prasanna86k : පොතක් පතක් බලං හැදෙන්න තිබ්බා "රුවැති යුවතියක් පැමිණියා" නම් :D

    -------------------------------------------------------------------------------------------------------------------------

    Sabith : එසේම වේවා!

    -------------------------------------------------------------------------------------------------------------------------

    Weni : අනිවාර්යයෙන්ම වෙනී අයියේ... ඔයාටත් නව වසර සුභ වේවා!

    -------------------------------------------------------------------------------------------------------------------------

    Ano 2 : මේක නිකම් නිර්මාණයක් විතරයි... ඔබටත් එසේම වේවා!

    -------------------------------------------------------------------------------------------------------------------------

    Observer : ඔබා මාමාටත් එසේම වේවා!

    -------------------------------------------------------------------------------------------------------------------------

    හිස් අහස : උඹට කෝල් එක ගත්තු එක්කෙනාගේ අදහස් තමයි බං ඕවා. ඔය උඩ කමෙන්ට් කරලා තියෙන්නේ! මම ඉතිං එදාම උඹට කිව්වනේ :D
    උඹටත් එසේමයි!

    -------------------------------------------------------------------------------------------------------------------------

    නිසුපා : එසේම වේවා අක්කේ....
    එලොවෙදි මුණ ගැහෙන්න නේද? හි හී මගේ මුල්ම කමෙන්ට් ටික කියවන්නකෝ :)

    -------------------------------------------------------------------------------------------------------------------------

    Ano 3 : ලෝක විනාසේ කවදා උනාම මොකෝ!
    මේක නිර්මාණයක් විතරයි. කවදා කොහොම වෙයිද කියලා නොදන්න ලෝක විනාසයක් ගැන මම කොහොමටවත් ලත වෙන්නේ නෑ :)

    -------------------------------------------------------------------------------------------------------------------------

    හිතුවක්කාරි : හි හී ඔය මැරෙන දවසක මැරෙන්නේ නැතෑ නඟේ...
    ඔයාටත් නව වසර සුභ වේවා!

    -------------------------------------------------------------------------------------------------------------------------

    දුකා : මැරෙන වෙලාවක මැරෙන්නේ නැතෑ දුකා අයියේ! එතකම් කාලා බීලා ජොලියේ ඉන්න තියෙන්නේ :)

    -------------------------------------------------------------------------------------------------------------------------

    සරත් ලංකාප්‍රිය : දැන් දා ගත්තද අයියේ :D

    -------------------------------------------------------------------------------------------------------------------------

    Dude : ලෝක විනාසේ වෙන්නේ නෑ අයියේ. අප්පේ ෆිනෑන්ස් කරලා මුකුත් ගන්න එපා. වෙනදා වගේම ෆිනෑන්ස් කාරයෝ ඔයාට පාඩමක් උගන්නයි! :D

    -------------------------------------------------------------------------------------------------------------------------

    සිරිපාල : මැරෙන එකා මැරෙනවා වයස කීය උනත්! :D

    ReplyDelete
  29. බැදීම් ඔක්කොම අමතක කරලනම් මැරෙන්න බයවෙන්න දෙයක් නැ.
    කස්ස

    ReplyDelete
  30. මට නම් ඔය ඕනි එකක් බන්... අද කාල බීල ඉන්න තියෙන්නේ...

    ReplyDelete
  31. මේ ලෝකේ මොකද්ද ඉතින් අමුතුවෙන් ආයේ විනාස වෙන්ඩ තියෙන්නේ...මිනිහා කියන සතා මේ ලෝකේ එහෙම් පිටින්ම විනාස කරලා ඉවරයි...

    අනේ මිනිස්සු නොහිටියානම් මේ ලෝකේ කොච්චර ලස්සනට තියෙයිද ? ඔය මට හැම දාම හිතිච්ච තාමත් හිතෙන සිතුවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. මිනිස්සු නොහිටියානම් ඔය කියන ලස්සන බලන්නේ කවුද?

      Delete
  32. මං මැරෙන්න බයයි. මොකද මං කලින් මැරිලා නැති නිසා..!
    තාමත් මං නාද්දී පළවෙනි වතුර බාල්දිය දාන්නේ අහකට.., සීතල නිසා..! :)
    සමාවෙයන් මෙහෙම කිව්වට,
    මං සාම්ප්‍රදායිකයි..! :)

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම මොනයම්ම විදිහකින් හරි සාම්ප්‍රදායිකයි ලිෂාන් අයියේ. පොඩි කාලේ ඉඳන්ම හැදුනු වැඩුනු මේ රටේ ඉඳන් සම්පූර්ණයෙන්ම සම්ප්‍රදායෙන් පිට යන්න අමාරු ඇති! අනේ මන්දා!

      Delete
  33. මැරෙන්න හිතෙන ප්‍රශ්නයක් ....

    ReplyDelete
  34. tungsten titanium, titanium, aluminum, titanium - Tinium
    Tungsten-Tetten ford fusion titanium 2019 Titanium is black titanium rings a lightweight aluminum oxide made from a titanium core, titanium sponge a type of titanium core, which can be applied to titanium ring any other titanium structure. In 2020 ford ecosport titanium

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...