ජීවිතේ විවිධ කාලයන්හිදී විවිධාකාර පුරුදු වලට ඇබ්බැහි වීම ම ජීවිතේට
විවිධත්වයක් එක් කරයි. ලොව සියලුම මිනිසුන් පාහේ 'ජීවත් වීම' නම් පුරුද්දට
දැඩි ලෙස ඇබ්බැහි වී සිටිති. එම ඇබ්බැහි වීමෙන් නොගැලවෙනු වස් සත්වයා තව තව
ඇබ්බැහි වීම් වලට පෙළඹේ. ආදරය යනු ජීවත් වීම නම් පුරුද්ද කෙරෙහි මිනිසාව
තදින් අලවන හෝ එහෙම් පිටින්ම ගලවා දමනට හැකි ප්‍රබල ඇබ්බැහි වීමකි.
සතියට එක් වරක්
හෝ මුහුදු වෙරළට යාමට මා ඇබ්බැහි වී ඇත.
හැන්දෑවට මුහුදු
වෙරළ යනු වෙනමම මායාකාර ලෝකයකි. එය විටෙක ජීවත් වීම නම් පුරුද්දෙන් මා
මුදවාලීමේ ආසන්නතම ස්ථානයට මගේ සිතිවිලි මෙහෙය වීමට සමත් වෙයි.
සුනාමි
අනතුරු ඇඟවූ දිනයකදී හැරෙන්නට ගල්කිස්ස මුහුදු වෙරළ සතියේ ඕනෑම දිනෙක ජනාකීර්ණ ය.
කුඩා දරුවෙකු සමඟ සතුටු වන තරුණ දෙමාපියන්, ආසාවෙන් මුහුදු රැල්ලට පනින
බූල් දිග බල්ලන්, පෙම්වතුන්ට බලෙන් කඩල විකුණන වෙළෙන්දන්, කුඩයක් අස්සේ
ලෝකයක් මවන පෙම්වතුන් සියලොලෝම ජීවත් වීමට තදින්ම ඇබ්බැහි වී ඇති සැටියකි.
ගල් බංකුවක් මත තනිව සිටිනා තරුණියෙකි.
"කොල්ලා එනකං වෙන්නැති" මම සිතමි.
සිතුවිලි එසේ වුවත් පැය කාලක් පමණ මා නෙතු මටත් හොරා ඈ පිළිබඳ ඔත්තු බලමින් සිටියි.
ඇගේ
මුහුණේ සිනහවක්ද නැත, දුකක සේයාවක්ද නැත. ඈ ඈත ක්ෂිතිජය දෙසට නෙත් යොමා බලාගත් අතම
බලාගෙන සිටියි. ඈ ද මා මෙන්ම මුහුදු වෙරළේ මායාකාරී බව විඳිනවා විය හැක.
නමුත් ඇගේ වතෙහිද මායාකාරී බවක් දිස් වෙයි. මා දෙපා ඉබේටම මෙන් ඈ කරා
පියනගයි. මා ඈ අසල සිට ගනිමි.
ඕනෑවට එපාවට මෙන් ඈ සෙමින් හිස හරවා මා දෙස බලයි.
"මම විකිණෙන්න නෙමෙයි"
ඈ වචන වලින් මා ඔසවා පොළොවේ ගැසීය.
"මං ආවේ මිලදී ගන්නත් නෙමෙයි"
"එහෙනං? සල්ලි නැතුවම ගෙනියන්න පුළුවන්ද බලන්නද?"
"නෑ මං ආවේ එහෙම දේකට නෙමෙයි"
"එහෙනං කොහොම දේකටද?"
"නෑ මං ආවේ එහෙම දේකට නෙමෙයි"
"එහෙනං කොහොම දේකටද?"
ඈ ක්ෂිතිජය දෙස බලාගෙනම වදන් වලින් කනට ගසන්නීය.
"නිකං තනියම ඉන්නවා දැකලා ආවේ"
"නිකං තනියම ඉන්නවා දැකලා ආවේ"
"හ්ම්ම්"
ලියන්නට යමක් නැති මගේ සිතුවිලි වේලී ඉරිතලා ඇත. මෙය අලුත් කතාවකට මුල පිරීමක් විය හැකිය. මම අනවසරයෙන්ම බංකුවේ අනෙක් කොන අසුන් ගනිමි.
"කවුරු හරි එනකං ඉන්නවද?"
ලියන්නට යමක් නැති මගේ සිතුවිලි වේලී ඉරිතලා ඇත. මෙය අලුත් කතාවකට මුල පිරීමක් විය හැකිය. මම අනවසරයෙන්ම බංකුවේ අනෙක් කොන අසුන් ගනිමි.
"කවුරු හරි එනකං ඉන්නවද?"
"ඔව්! කෙනෙක්ව හම්බවෙනකං ඉන්නවා"
"කාවද?"
"මාවම"
"මමත්" මගේ ඒ පිළිතුර මුවින් පිට නොවිනි. සිතින් පිට විනි.
අලුත් කතාවක් හමුවේයැයි සිතා කතාව ඇරඹුවද ඇය කතාවක් නොව ප්‍රෙහේලිකාවකි.
ඇයත් ක්ෂිතිජය දෙස බලාගෙනය.
මමත් ක්ෂිතිජය දෙස බලාගෙනය.
"මිනිස්සුන්ට බලෙන් ලං වෙන්න එපා. පස්සේ දුකක් විතරයි"
මදෙස නොබලාම පවසන ඇගේ හඩ පැහැදිලිය වදන් තියුණුය.
"හ්ම්ම්ම්"
මිනිත්තු කීපයක නිහැඩියාවෙන් පසු ඇය නැඟී සිටියි.
"මං යනවා"
"මාත් දැන් යන්න ඕනේ. ගාලු පාරටද යන්නේ?"
"කාවද?"
"මාවම"
"මමත්" මගේ ඒ පිළිතුර මුවින් පිට නොවිනි. සිතින් පිට විනි.
අලුත් කතාවක් හමුවේයැයි සිතා කතාව ඇරඹුවද ඇය කතාවක් නොව ප්‍රෙහේලිකාවකි.
ඇයත් ක්ෂිතිජය දෙස බලාගෙනය.
මමත් ක්ෂිතිජය දෙස බලාගෙනය.
"මිනිස්සුන්ට බලෙන් ලං වෙන්න එපා. පස්සේ දුකක් විතරයි"
මදෙස නොබලාම පවසන ඇගේ හඩ පැහැදිලිය වදන් තියුණුය.
"හ්ම්ම්ම්"
මිනිත්තු කීපයක නිහැඩියාවෙන් පසු ඇය නැඟී සිටියි.
"මං යනවා"
"මාත් දැන් යන්න ඕනේ. ගාලු පාරටද යන්නේ?"
"හ්ම්ම්ම්"
"මාත් යන්නේ ගාලු පාරට. මාත් එක්ක යන්න අකමැතිද?"
"ම්ම්ම්..... නෑ"
ඇගේ පිළිතුරේ අවිනිශ්චිත බවක් කැටිවී ඇතැයි මට සිතේ.
"එහෙනම් යං"
ඇය මන්තර කාරියකගේ බන්ධනයකට හසුවූ හැඟීම් දැනීම් නොමැති තරුණියක් මෙන් වචනයකුදු නොදොඩා පාර දෙස බලාගෙනම ගමන් කරයි. ගමන වේගවත්ද නැත. මන්දගාමීද නැත.
මම ඈ දෙස බලමි. ඇය කැතයැයි කීමට මට නොහැකිය. මා ඊට වඩා කැත කෙල්ලන් අනන්තවත් දැක ඇත. මට ඇය ලස්සනයි කීමටද නොහැකිය. මා ඊට වඩා ලස්සන කෙල්ලන්ද අනන්තවත් දැක ඇත. තළෙලු පැහැ ඈ ප්‍රියමනාප බවනම් මට නිසැකවම කිව හැක.
"ඔයාගේ නම මොකක්ද?"
ඇගේ නිහඩ බව බිඳීමට මම අසාර්ථක උත්සායක් ගනිමි.
"මං කිව්වේ.... මිනිස්සුන්ට බලෙන් ලං වෙන්න එපා"
ඒ හඩේ තරහවක්ද නැත. සතුටක්ද නැත. දුකක්ද නැත.
ඈ තනිකරම ප්‍රෙහේලිකාවක්මය. නිහඩවම ප්‍රෙහේලිකාව සමඟින් ගමන් ගත් මා ගල්කිස්ස උසාවිය අසලින් ගාලු පාරට පැමිණ සිටිමි.
ඈ තනිකරම ප්‍රෙහේලිකාවක්මය. නිහඩවම ප්‍රෙහේලිකාව සමඟින් ගමන් ගත් මා ගල්කිස්ස උසාවිය අසලින් ගාලු පාරට පැමිණ සිටිමි.
"ඔයා කොයි පැත්තටද යන්නේ?"
මුලු දෙබස් පුරාවටම දෙවන වරට මදෙස බැලූ ඈ මේ ප්‍රශ්න කරන්නේ මගෙන් ගැලවීමටයැයි මට සිතෙයි.
"ගල්කිස්ස පැත්තට"
"මං යන්නේ දෙහිවල පැත්තට. එහෙනම් මං යනවා"
"ලංකාව පොඩියි. අපි ආයේ මුණ ගැහෙයි."
"ජීවිතේ කෙටියි. සමහරවිට අපි ආයේ මුණ ගැහෙන එකක් නෑ"
"ගල්කිස්ස පැත්තට"
"මං යන්නේ දෙහිවල පැත්තට. එහෙනම් මං යනවා"
"ලංකාව පොඩියි. අපි ආයේ මුණ ගැහෙයි."
"ජීවිතේ කෙටියි. සමහරවිට අපි ආයේ මුණ ගැහෙන එකක් නෑ"
ඇගේ වචන වෙඩි උණ්ඩ වගේය. ඇගේ මුවේ සිනහවක්ද නැත. වත ශෝකාකූලද නැත. ඇත්තේ ශූන්‍ය බවකි.
ඇය ආපසු හැරී දෙහිවල දෙසට ගමන් කරයි. මම ගල්කිස්ස දෙසට අඩි කීපයක් ගමන් කර නැවතත් හැරී ඈ දෙස බලමි. හැඟීම් දැනීම් නැති ප්‍රෙහේලිකාවක් දෙහිවල දෙසට ගමන් කරයි. ඒ ගමන වේගවත්ද නැත. මන්ද ගාමීද නැත.
ඈ ජිවත්වීම නම් ඇබ්බැහි වීම ප්‍රහීණ කළ කෙල්ලෙක්ද?
[පිතූරෙ-http://www.zepaltaswines.com/files/imagecache/photo-page/files/beach-man.jpg]
ඇය ආපසු හැරී දෙහිවල දෙසට ගමන් කරයි. මම ගල්කිස්ස දෙසට අඩි කීපයක් ගමන් කර නැවතත් හැරී ඈ දෙස බලමි. හැඟීම් දැනීම් නැති ප්‍රෙහේලිකාවක් දෙහිවල දෙසට ගමන් කරයි. ඒ ගමන වේගවත්ද නැත. මන්ද ගාමීද නැත.
ඈ ජිවත්වීම නම් ඇබ්බැහි වීම ප්‍රහීණ කළ කෙල්ලෙක්ද?
[පිතූරෙ-http://www.zepaltaswines.com/files/imagecache/photo-page/files/beach-man.jpg]
මේවගේ පෝස්ට් නිසා මම බ්ලොග් වලට ඇබ්බැහිවෙලා.
ReplyDeleteසා.. ඒකාංගික ටෙලි නාට්‍යයක් වගේ.. නියමයි මචං..
ReplyDeleteහඳයගේ ටෙලියක් බැලුවා වගේ..!
ReplyDeleteහැබෑටම ඇබ්බැහිය ශූන්‍ය කරන්නට පුලුවන්නම්..!
හොඳ හෝ නරක ඇබ්බැහිවීම් එපාම තමයි...
ReplyDeleteමෙච්චර සංකීර්ණ දෙයක් නෙමේ වුනත් මමත් ඇබ්බැහිවීම ගැන පෝස්ට් එකක් දැම්මා... ඇත්තම කිව්වොත් සින්දුවක් ගැන...
ඇඩ් එක දාගන්න පුළුවන් නිකං ඩීල් වගේ... :)
http://akurublog.blogspot.com/2012/01/45-addiction.html
හ්ම්.... සිරා කතාවක්....
ReplyDeleteනියම දෙබස් ටිකක්....
කමෙන්ට් එකක් දමන්නත් හිතෙනවා...නොදා ඉන්නත් හිතෙනවා...
ReplyDeleteගොඩක් දේවල් හිතෙන්නෙත් නෑ! නොහිතෙන්නෙත් නෑ! :D හරිම අගෙයි පෝස්ටුව!
ReplyDeleteජීවිතේ අරමුණක් නැති කෙනෙක්... හ්ම්ම්
ReplyDelete//මිනිස්සුන්ට බලෙන් ලං වෙන්න එපා. පස්සේ දුකක් විතරයි\\ - මේක නම් ඇත්ත කියලා දන්නවා :DDD
ReplyDeleteමරේ මරු! ඔහොම පෙහෙලිකාවල් නොහිතන මොහොතක ආයෙසත් ජීවිතේට එනවා... ජීවිතේ කෙටි වුණාට මිනිහෙක් කියන්නෙ සම්පූර්ණ විශ්වයක්...
ReplyDelete" මිනිස්සුන්ට බලෙන් ලං වෙන්න එපා. පස්සේ දුකක් විතරයි.."
ReplyDeleteඒකනම් ඇත්ත.. අපි බලෙන් ලංකර ගත්ත මිනිස්සු අපෙන් ඈත් වෙලා යද්දි හිත සෑහෙන කාලෙක්ට හදා ගන්න බැරි විදිහට බිදෙනවා.. ජීවිතයත් ප්‍රෙහෙලිකාවක්.. ඉතින් ඇයත් ප්‍රෙහෙලිකාවක්..
අනන්තය තෙක් හිතන්න පුළුවන් මාතෘකාවක්. සුපිරිම කතාවක්. දෙබස් ටික සුපිරිම සුපිරියි.
ReplyDeleteසුපිරී.................
ReplyDelete//"මිනිස්සුන්ට බලෙන් ලං වෙන්න එපා. පස්සේ දුකක් විතරයි"//
ReplyDeleteඇත්ත!!සහතික ඇත්ත!!! කටට මසුරන් දාන්න ඕනෙ එයාගෙ..:D
සුපිරිම කතාවක්.. දෙබස්, ඒ ලියලා තියෙන හටි.. අවසානය... ඔක්කොම සුපිරියි!!
මම හුගක් ඉස්සර ඉදන් මේ බ්ලොග් එක කියෙව්වත් අදයි කොමෙන්ටුවක් දමන්නේ..සුපිරි කතාවක්..ඇත්තටම සැහෙන්න හිතන්න තියනවා...
ReplyDelete//මිනිස්සුන්ට බලෙන් ලං වෙන්න එපා//
ජීවිතේ කෙටියි. සමහරවිට අපි ආයේ මුණ ගැහෙන එකක් නෑ//
නියම දෙබස් ටික..
අගනා පෝස්ට් එකක් . වෙනස් සිතුවිල්ලක් .
ReplyDeleteමේක සිරා !
ReplyDeleteහැබැයි මෙහෙම කෙල්ලො හැබෑ ජීවිතේදි හමු වෙයිද. මම හිතන්නෑ දැං ඉන්න කෙල්ලො ඔය තරම් දාර්ශනිකයි කියල.
ජීවත් වීමත් ඇබ්බැහි වීමක් .....ජීවත් වීමට ඇබ්බැහි වෙන්නේ ජීවතේ විදින්න තියෙන ආසවටද?මරණය ,වේදනා විදින්න තියන අකමැත්තටද?
ReplyDeleteහිතා ගන්න බැහැ සමහර විට හොද දර්ශනයක් තියෙන කෙනෙක් වෙන්න ඇති.
ReplyDeleteඇය නම් මයකාරියක්ම තමයි
ReplyDeleteඉඳල හිටල තැනක හරි මෙහෙම එකක් තියෙන එකෙන් තමයි කියවන්න හිතෙන්නෙ... ඒ තරමටම හොඳයි කියන්න පුළුවන් ඒව අඩුයි දැන් කියවන්න... නියමයි පූසා...
ReplyDeleteඇත්තෙන්ම සුපිරි ලිවීමක්. කෙටියි සුන්දරයි සහ කාවදින සුලුයි.. ජය!
ReplyDeleteනියමයි. කාලෙකින් කියවපු හොඳම පෝස්ට් එකක්
ReplyDeleteමොකක්ද කියලා තේරැම් ගන්න මම මෝරලා මදිද කොහෙද
ReplyDeleteකෙල්ල දීපු උත්තර වලට පට්ට ලයික්... මම මාර කැමතියි මේ වගේ ගුප්ත චරිත වලට...
ReplyDeletejust වාව්
ReplyDeleteනියමයි බං.. කාලෙකින් මේ වගේ පෝස්ට් එකක් කියෙව්වේ..! නාට්‍යක් බැලුවා වගේ..
ReplyDeleteකෙල්ල නම් කිව්වත් වගේ ගුප්ත චරිතයක් වගේ.
ජීවිතේ කෙටි වුනාට ආයිත් හම්බ නොවෙන එකක් නෑ..
මිනිස්සුන්ට බලෙන් නෙමෙයි.. කොහොමත් ලංවෙන්න එපා.... ඒක පස්සේ කණගාටු වෙන්න වෙන කාරණයක්...
ReplyDeleteඒකත් ඇත්ත, අහක යන නයි අන්තිමට රෙද්ද අස්සෙ..
Deleteඇත්තටම උන දෙයක්ද? 2 3 න් පාරක්ම කියෙව්වා. ජය.....
ReplyDeleteමටත් ආපහු ගල්කිස්සේ යන්න හිතෙනවා දැන්..
ReplyDeleteවෙඩි වගේ වචන කියන එක උපතින් එන පුරුද්දක්ද කොහෙද?
ඇඩෙනවා තනි ඇහැට. පට්ට....
ReplyDeleteපූසෝ, මීට මාස කීපෙකට කලින් දැම්මානම් මේක මට දැනෙන විදිහත් අද දැනෙන විදිහත් වෙනස්. ඒත් මල්ලි, මේ කෙල්ල ඇබ්බැහිය ශුන්‍ය කළ කෙනෙක් නෙමෙයි. හුදකලාවට ඇබ්බැහි වුණු කෙනෙක්.
ReplyDelete"ලංකාව පොඩියි. අපි ආයේ මුණ ගැහෙයි."
ReplyDelete"ජීවිතේ කෙටියි. සමහරවිට අපි ආයේ මුණ ගැහෙන එකක් නෑ"
අවිනිශ්චිතතාවය එක්ක ජීවත් වීම. ඒකත් ඇබ්බැහියක් වෙන්න පුඵවන්. ඒත් මිනිස්සුන්ගෙ ඇබ්බැහියන් කාලෙන් කාලෙට වෙනස් වෙනව.
ලස්සන කතාවකි..
ReplyDeleteඥාව් ඥාව් ඥාව්.
ReplyDeleteදැනුන ලියවිල්ලක්......
ReplyDeleteඑළ
හොඳටම ආදරේ කරලා හොඳම බූට් එකක් මදි නොකියන්න කාපු කෙල්ලකගේ වචන.. ජීවිතේම එයා ආයේ ජීවිතේ හොයාවි. ඒත් ඒ ජීවිතේම එයාව වෙනස් කරාවි... නැත්නම් එපා කරාවි.
ReplyDeleteක්සැන්ඩර් | Xander
හ්ම්ම්.කතාව නියමයි.ජයවේවා!!
ReplyDeleteජීවිතේට ජීවයක් දෙන කෙනෙක් ලැබුනම..කඩු පහර වගේ වචන නැතිවෙනවා.......
ReplyDeleteඅපූරුය කියන්නට වචන නැත. ජයතිලක කම්මැල්ලවීරයන්ගේ කෙටිකතාවක් සිහිවිය.
ReplyDeleteමමත් කියවලා බැලුවා,ටිකක් දැනුනා හිතට
ReplyDeleteපූවා.. මේකනම් පට්ටම පට්ටයි බන්. කෙටි නාට්‍යයකට මරු!! :)
ReplyDeleteපට්ට....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteපූස් පුතා මොකද්ද මේ නටන නාඩගම... පෝස්ට් එක මැක්සා බං. උඹ දැකලා තියෙනවද ආදරේ කරන්න ඇබ්බැහි වෙච්චි එවුන්ව...?
ReplyDeleteඋඹලා අපි වගේ නෙවේ... හෙන සිරා පොරවල්... අන්තිමේ උන් ලෝකෙටම මතක හිටින්න දේවල් කරලා තමා පස්ස බලන්නේ....
එක එක්කෙනාට වෙන වෙනම කියන්න දෙයක් නෑ වගේ... හැමෝටම කියන්න තියෙන්නේ එකම දෙයයි.....
ReplyDelete"ස්තූතියි!"
ෂහ්.. අර දැරිවි වචනවලින් වෙඩි තියල නේ. මමත් කැමතියි එහෙම ගෑල්ලමයෙක් එක්ක ටිකක් කතා කරන්න.
ReplyDeleteඋඹ කැමති නැද්ද ඒ කෙල්ලව බඳින්න ?
ReplyDeleteමේ කතාව මාව හොල්මන් කලා.. සමහර වෙලාවට ජීවිතේ පලවෙනි පාරට හම්බ වෙන කෙල්ලෝ පලවෙනි ඇල්මෙන්ම හිත හොරකන් කරන් සදහටම යන්ට යනවා. මේ එවන් බැදීමක් නොවේවා...
ReplyDeleteපූසත් අහගෙන තියෙන්නෙ ඔය! කෙලින් කතාව, නමුත් ජීවිතේම උසාවියක් වගෙ වෙන්නත් පුලුවන් ඒක හන්දා ඔහෙ ගියදෙන්.
ReplyDeleteඅර අතන ඉන්න අනිත් කෙල්ලට කිට්‍ටු කරලා බැලුවනම්...
henryblogwalker the Dude
පිස්සු හැදෙන ලියවිල්ලක් බන් . . මාරයි . . කාලෙකට පස්සේ කියෝපු පුදුම විදිහට ආසා හිතුනු ලිපියක් . .
ReplyDeleteදිග නවකතාවක් කියෙව්වා වගේ හැඟීමක් ආවා බන් ..
පට්ට . .
ඇත්තටම අවන්කවම හොඳ නිර්මාණයක් ..සතුටුයි කියවන්න ලැබීම ගැන..
ReplyDeleteපුංචි සිද්ධියක් ගැන කියවුණු කතාවක් උනත් ජීවිත කාලයක් හිතන්න්න පුළුවන් ගැඹුරු දෙයක් මේ පුංචි සිදු වීම තුළ තියෙනවා.
ReplyDelete