Thursday, September 13, 2012

සර්වඥ ධාතූන්, බිලි පූජා සහ අපි!


මෙහෙම ලිපියක් ලියන්න හිතකවත් තිබ්බේ නෑ. ඒත් මේ දවස් වල අහන දකින දේවල් ඔළුවට දරාගන්න අමාරුයි වගේ. ඒ බර හෑල්ලු කරගන්න මට සුටුස් ගාලා මතකෙට ආවේ බ්ලොග් එක! 

පෙරේදා අපේ ගමේ සෙට් එකක් ගියා සර්වඥ ධාතු බලලා එන්න කියලා. අපේ අම්මත් යන්න හිටියේ. ඒත් ටීවී එකේ සෙනඟ දැකලා, යම්දෝ නොයම්දෝ කියලා දෙගිඩියාවෙන් ඉඳලා කොහොමහරි  නොයන තැනට වැඩේ සිද්ධ උනා.  පෙරේදා හවස ධාතු බලන්න ගිය කට්ටිය ආවේ ඊයේ හවස තුනට. ධාතු බලාගන්නත් බැරි උනාලු. එතකොට මේ දවස් ටිකේ ඔය ධාතු පෙන්නපු හරියෙන් වැඩ ඇරිලා යන කට්ටිය පට්ට දුකක් වින්දලු. මට මේ ධාතු පස්සේ මිනිස්සු යන දැක්කාම හිතෙන්නේ ඇත්තටම මේ අය මොකක්ද මේ කරන්නේ කියලා! 

මේ දවස් ටිකේම සැරෙන් සැරේට ටීවී චැනල් වලත් පෙන්නුවේ ඔය ධාතු ටිකමනේ. මං බලාහෙන ආච්චිලා සීයලාට කැමරාව අල්ලලා අදහස් අහනවා. ඒ ගොඩ දෙනෙක් කිව්වේ "අප්පේ ජීවමාන බුදුන් දැක්කා වගේ සතුටක් දැනුනා" කියලා. මුලින්ම ඒක ඇහුවාම මට බකස් ගාලා හිනා ගියා. තව තව අය ඒ කතාවම කියනවා ඇහුවාම මම පට්ට අප්සට් ගියා. වැරදිලාවත් ඒ අයට ඇත්තටම බුදු හාමුදුරුවන්ව මුණගැහුනොත් අනිවාර්යයෙන් කියාවි "අනේ යන්න මෙයා යන්න ඔයා එනවා අපිට කොලොප්පම් කරන්න" කියලා. 

සහෝදර මුස්ලිම් බ්ලොග් ලියන්නෙක් අපි කට්ටියක්ගෙන් ඇහුවා "මොකක්ද මචං ඇත්තට ඔය සර්වඥ ධාතූන් කියන්නේ" කියලා. ඒකට තවත් සහෝදර බ්ලොග් ලියන්නෙක් දීපු උත්තරෙන් කොටසක් තමයි මේ. "ධාතු කියන්නේ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙ නොදැවුනු කොටස්. හැගීම් දැනීම් තියෙන්න විදියක් නැහැ. ප්‍රාතිහාර්ය පාන්න හැකියාවක් නැහැ. නමුත් ශ්‍රේෂ්ඨ මිනිසෙක්ගේ ශරිර කොටස් නිසා එතුමන්ගේ ගුණයන් සිහිකරන්න මිනිස්සු අදටත් ඒවාට වැඳුම් පිදුම් කරනවා."  

දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි සර්වඥ ධාතූන් බලන්න ගිය මහා ජනකායෙන් කී දෙනෙක් අපේ සහෝදර බ්ලොග් කරුවා පැහැදිලි කරලා තියෙනවා වගේ, ප්‍රාතිහාර්ය පාන්න හැකියාවක් නැති බව දැනගෙන ශ්‍රේෂ්ඨ මිනිසෙක්ගේ ශරීර කොටස් නිසා එතුමාගේ ගුණ සිහිකරන අදහසින් පමණක් ඔතනට ගියාද කියලා. මම නං හිතන්නේ නෑ ඒ ගිය පිරිසෙන් 2%ක් වත් එහෙම හිතාගෙන යන්න ඇති කියලා. මොකද එතැනට ගිය අය කියනවා ඇහුනේ සර්වඥ ධාතූන් වහන්සේලාගේ අනුහස් ගැන! ඇත්තටම ආගම කියලා මිනිස්සු මේ මොනවද කරන්නේ?

ඊළඟට මහා වීරයෝ සෙට් එකක් බිලි පූජාවක් කරන එක කල් දාගත්තලු. කකුල් හතරේ සත්තු සෙට් එකක් බේරගත්තයි කියලා සමහරු කතා වෙන්නේ රෑ සෙට් වෙලා තටු ගැහුවත් පියාඹගන්න බැරි කුරුල්ලෙක්ගේ කටු සූප්පු කර කර! 

බිලි පූජාව කියන්නේ හින්දු ආගමිකයින්ගේ යම් විශ්වාසයක් නිසා කරන දෙයක්. හරියට අපේ බෞද්ධයෝ ලෙඩකදි දුකකදි බෝධි පූජා තියෙන්වා වගේ! ඔන්න දැන් වැරදියට තේරුම් ගන්න එපා. මං මේ කතා කරන්නේ එක එක ආගම් අදහන අයගේ විශ්වාස ගැන මිසක් සත්තු මැරීම පව්ද පින්ද කියන එක ගැන නෙමෙයි!  බෝධි පූජාව කියන්නේ ගහකට වැඳිමක්, ඒක හෙන ගෝත්‍රික හැසිරීමක් ඒක තහනම් කරන්නැයි කියලා වෙන ආගමක සෙට් එකක් අධිකරණයකට ගියොත් අපේ බෞද්ධ උපාසක ඇත්තන්ට කොයි වගේ සිතුවිලි පහල වෙයිද? ඒ හා සමානම සිතුවිලි හින්දු ආගමිකයින්ට මේ වෙනකොට ඇති වෙලා නොතිබ්බොත් තමයි පුදුමේ!

කොහොමහරි පහුගිය දවසක අධිකරණෙන් කියලා තිබ්බා බිලි පූජාව නවත්වන්න නියෝග දෙන්න අධිකරණෙට බලයක් නැහැයි කියලා. මටනම් සතුටුයි. බෞද්ධයින්ටත් විශ්වාස ඇදහීම් තියෙනවානම්, අනික් ආගම් වල ඒවා නැති කරන්නැයි කියලා පෙළපාලි යන එක පිස්සුවක්! ඒකත් හරියට නිකං "ඔයා ඔහොම කමෙන්ට් කරනකොට කැතයි. අපි ඕකම මෙහෙම කියනවා. ඒවා ලස්සනයි" කියනවා වගේ! කෝකත් එකයි නම් ඇයි එකකට එහෙම කියන්නේ?

මේ කාටවත් යමක් තේරුම් කරන්නවත්, කාගෙවත් ඔළුවට යමක් බලෙන් දාන්නවත් ලියපු ලියවිල්ලක් නෙමෙයි. මගේ ඔළුවේ කැකෑරි කැකෑරි තිබ්බ වචන ටිකක් විතරයි! කොහොම හරි මේ දේවල් මේ විදිහට දිගින් දිගටම සිද්ධ උනොත් අපිට "අනේ යුද්ධේ තිබ්බනං හොඳයි" කියලා කියන්න වෙන කාලේ වැඩි ඈතක නෙමෙයි! මොකද යුද්ධයකට වඩා ආගමික උමතුව සෑහෙන්න දරුණුයි!


ප.ලි : මේ ලිපියටම දේශපාලනේ ගැනත් යමක් ලියන්න උවමනාව තිබ්බත් මට ඒ ගැන කිසිම දෙයක් හිතාගන්න බැරි උනා. මොකද කෑගහගෙන, කුණුහරුප කියාගෙන, ගහගෙන, මරාගෙන, අපහාස කරගෙන මේ පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ බලයට එන්න හදන්නේ අපේ රට සෞභාග්‍යමත් කරලා අපි වගේ සාමාන්‍ය ජනතාවට යහපතක් කරන්නනේ කියලා මතක් වෙනකොට මගේ පපුව රිදෙන්න ගන්නවා!


[ පිතූරෙ - http://www.rudyh.org/rudyh-images/religion-heaven.jpg ]

103 comments:

  1. සහතික ඇත්ත.. අන්ධ භක්තියයි මමත්වය ඉස්මතුකරගන්න ආගම යොදාගැනීමයි හැර වෙන යමක් නැහැ.. සියලු සත්වයන්ට මයිත්‍රී කිරීමෙන් පටන් ගත යුතු කාරිය ගෙනියන්නේ සමහරක් සතුන් කමින් වැඩි දෙනෙකුට වයිර කරමිනුයි..

    ReplyDelete
  2. ඕකට කියන්නේ ධතූ මාකටින්. ගූ බෙට්ටකට උනත් රජා වඳිනවනම්. අපේ හරක් පෙරලි පෙරලි වඳිනවා. දන්නවනේ ඉතිහාස කතන්දරෙත්.

    ReplyDelete
    Replies
    1. තිස්ස ධාතු ප්‍රදර්ශනය ලඟ තිබුනු, දාහෙකොල වැටුනු පිං පෙට්ටි 5ක් 6ක් විතරත් හැලිකොප්පරේට පටවගෙන ගියාලු.

      Delete
  3. මිනිස්සුන් මෝඩ වන තරමට රටක් පාලනය කිරීම පහසුය..
    සාදු කියන්න පින්වතුනේ,...සාදු....

    ReplyDelete
  4. මේ කතාවත් එක්ක අත් දෙකම උස්සලා මම එකඟයි. බුදු දහමේ වුණත් හරවත් දේවල් යට ගිහින් තියෙන්නේ...

    ReplyDelete
  5. මගේ යාළුවෙක් මේ හා සම්භන්ධව කියපු මරු කථාවක් මතක් වුනා...

    මචන්, බුද්ධාගම කියන්නේ දර්ශනයක්.. ඒක තියෙන්නේ ජීවිතේ හැටි සිහි කරගන්න.. අපි පන්සලකට ගිහින් මලක් පූජා කරලා හිතන්න ඕන අනේ අපේ ශරීරයත් මේ මල වගේම සුවඳ ගහලා පරවෙලා යනවා කියලයි.. ඒත් අපේ මිනිස්සු ඒක පූජා කරලා තම තම අභිමථාර්ත මුදුන් පමුණුවා ගන්න ප්‍රාර්තනා කරනවා....

    බලපුවාම ඒකත් වැරදි නෑ....

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි. අපේ ජීවිතත් අනියතයි. අපි ගන්න ණයත් අනියතයි.

      Delete
  6. මට මෙහෙම ප්‍රශ්නයක් ආවා. දැන් කොහේ හරි තිබිල හම්බ වුණොත් බුදු හාමුදුරුවන්ගේ අසුචි ගොඩක්, අපි ඒකටත් වඳිනවද ශ්‍රේෂ්ඨ පුද්ගලයකුගෙ අසුචි කියලා?

    ReplyDelete
    Replies
    1. මේ යන විදිහට ඒකටත් වඳින දෙතුන් දෙනෙක්වත් නොහිටියොත් තමයි පුදුම වෙන්න ඕනේ! ;)

      Delete
  7. බෝධි පූජාව ගෝත්‍රිකයි ?..මෝඩයෝ ගිහිල්ලා ඔලුව චෙක් කරගනින් .බෝධි පූජාවෙ විද්‍යාත්මක පදනමක් තියෙනබව තමුසෙට වඩා මොලේ තියෙන මිනිස්සු පිළිගන්න දෙයක්

    ඔයා කියන තර්කෙ පිළිගන්න බෑ බෝධියට වැන්ඩහ්ය කියලා කිසිස් එනෙකුට හානියක් වෙන්නෙ නෑ.ඒත් බිළි පූජාව ස්ත්තුන්ගෙ ජීවිතේ හා සම්බන්ද දෙයක්.කාලි මෑනියො කියලා කෙනෙක් ඇත්තටම ඉන්නව නම් මම හිතන්නෙ නෑ එයා ඔය වැඩේට එකඟ වෙයි කියලා .

    මහනුවර ඇසළ පෙරහැරේ අලින්ට වද දෙනවය කියලා කෑගහන අය මේ වැඩේට කඩේ යන එකෙන්ම ඒ අයගෙ කුහක කම පේනවා

    ReplyDelete
    Replies
    1. @ Kay Cee

      බුදු හාමුදුරුවෝ බෝධි වන්දනාව කරන්න ඕනේ මොන අරමුණෙන්ද කියලා දේශනා කරපු කරුණු මුල් කරගෙනද අද කාලේ හුඟක් දෙනෙක් බෝධි පූජා කරන්නේ ???

      Delete
    2. එහෙම නෙවෙයි කියලා ඔයා කොහොමද කියන්නේ ? බෝදි පූජ තියන අයව ඉන්ටවිව් කරනවද ඔයා :D

      Delete
    3. විද්‍යාත්මක පදනමපොඩ්ඩක් පැහැදිලි කරල දුන්න නම් තමා හොඳ.

      Delete
    4. @ Kay Cee

      අමුතුවෙන් ඉන්ටර්වීව් කරන්න දෙයක් නැහැ මිත්‍රයා. පෝය දවසකට හරි සෙනසුරාදා දවසකට හරි කැලණි පන්සල වගේ ප්‍රසිද්ධ පන්සලකට ගිහින් බෝ ගහ වටේ ඉන්න මිනිස්සු කියන දේවල් අහගෙන ඉන්න.... "එහෙම නෙමෙයි" කියන එක මොනවට පැහැදිලි වෙයි :D

      Delete
    5. කේසී මහත්මයා මං මෙතන කියන්න උත්සාහ කරපු දෙයක් නියමෙට රඟ දැක්වුවා! මං කිව්ව එක කාරණයක් තමයි බෞද්ධ කට්ටියක් කරපු වැඩේ හින්දා හින්දු භක්තිකයින්ගේ හිතේ ඒ කට්ටිය ගැන මොනවගේ හැඟීමක් දැන් ඇද්ද කියන එක. බලන්නකෝ වැඩේ කියන්නේ මම මෙතන පොඩි උපකල්පන කීපයක් කළා විතරයි ඔබතුමා වගේ සැදැහැවතෙක් මේ බ්ලොග් පෝස්ට් එක පුරා හැසිරුණු අපූරුව! තව වෙන ආගමක කට්ටියක් බෞද්ධයින්ට විරුද්ධව අධිකරණයට ගියොත් ඔබතුමාලා කොහොම හැසිරෙයිද? :D
      ඒ අතිං බැලුවම හින්දු භක්තිකයෝ හරිම හොඳයිනේ! :D

      Delete
  8. "අප්පේ ජීවමාන බුදුන් දැක්කා වගේ සතුටක් දැනුනා" කියලා. මුලින්ම ඒක ඇහුවාම මට බකස් ගාලා හිනා ගියා.

    ඇයි මල්ලි ඒ?

    ReplyDelete
    Replies
    1. මේගොල්ලො හෙන බුද්දිමත් අයනෙ.. අර වගේ 'මෝඩ' මිනිස්සු දැක්කම මේ අයට පශ්චාත් බාගෙන් හිනා යනවලු

      Delete
    2. සරල උදාහරණෙකින් පහදන්නම්....
      හිතමුකෝ කෙනෙක්ගේ ළඟම ඥාතියෙක් මිය ගිහිල්ලා. කාලෙක පස්සේ ඒ මිය පුද්ගලයාගේ ඇඟේ ඇට කැබැල්ලක් දකින්න ලැබෙන අර පුද්ගලයා කියනවා "අප්පේ මේක දැක්කාම මට අරයා ජීවත්වෙලා ඉන්නවා වගේ සතුටක් දැනුනා" කියලා. ඒක අහන අපිට මොනවා හිතෙයිද? මටනම් හිනායයි! :D

      Delete
    3. ත්‍රිවිධ චෛත්‍ය වන ශාරීරික, පාරිභෝගික, උද්දේසික කියන තුනෙන් ශාරීරික චෛත්‍ය කියන්නේ මොකද්ද කියල දන්නවද ?
      ඔයා කැමති නම් හිනා වෙන්න හැබැයි ඒ හිනාවෙන්නේ බුද්ධ වචනෙට බව මතක තියාගන්න. අනුන්ට බුදුදහම විකෘති කරනවා කියල චෝදනා කරන්න කලින් තමන් කියන දේ ගැන සැලකිලිමත් වෙන්න

      Delete
    4. චතුර මං පොඩි ප්‍රශ්න කීපයක් අහන්නද? දැන් පොත් පත් වල ලියවිලා තියෙන්නේ එදා බුදුන් වදාළ දේවල්මයි කියලා ඔබ හිතනවද? මොකද ඔබ කලින් කිව්ව අතුල සිරිවර්ධනලා වගේ අය බුදුන් වදාළ ධර්මයට අතින් දාලා පොත් ලිව්වා වෙන්න බැරිද? එතකොට පොතක ලියවුණු පලියට අපි ඒවා පිළිගත යුතුද? බුදුන් වදාළයි කියනවනේ විමසා බලා අවබෝධ කරගන්නැයි කියලා. අපි ඒ විදිහට දේවල් අවබෝධ කරගන්නේ කවදාද?

      Delete
    5. එහෙම ගත්තොත් ධර්මයක් ඕනෑ නැහැනේ මල්ලි. එදිනෙදා වෙන දේවල් තම තම නැණ පමණින් විමසලා හරියි කියලා හිතෙන දෙයක් කරගෙන ඉන්නනේ තියෙන්නේ. අනිත් එක මල්ලී අතුල සිරිවර්ධන හෝ මෑත කාලින කිසිවෙකු කියපු දෙයක් නෙමෙයි ත්‍රිවිධ‍ චෛත්‍ය කථාව. පුරාණ කාලේ ඉඳන් පැවතගෙන එන හැම පන්සලක ම වාගේ ත්‍රිවිධ චෛත්‍ය අනිවාර්යය අංගයක්. කෙනෙකුට පුළුවන් නම් හොඳයි ආමිස පුජාව ලඝු කොට ප්‍රතිපත්ති පූජාව උසස් කොට කටයුතු කරන්න. ඒත් පොත පතේ තියෙන විදිහට ආමිස පුජාව පැවැත්වීමෙන් ම කාල්ප කාලයකට සුගතියට පත් වුනු, නැවතත් දුගතියේ කවදාවත් නොඉපදුනු, සුගතියේ අවසානයේ මනුලොව ඉපදී නිර්වාණය ලඟා කරගත් පිරිසත් ඉන්නවා.

      හා ඕක ඔය කිව්වාට කවුද දන්නේ ඇත්ත නැත්ත කියලා ඔයාට කියන්න පුළුවන්. :)

      Delete
    6. ත්‍රිපිටකය ග්‍රන්තාරූඩ කලේ මාතලේ අළු විහාරයේදී 500 ක් රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාට අතින් දාල පොත් ලියන්න ඕනි කමක් නෑ. ත්‍රිපිටකය පිළිගන්නෙත් නැති බෞද්ධයෙක්ගේ පදනම මොකද්ද ?

      Delete
  9. සාධාරණීකරණය කරන්න තිබ්බ ජීවිත හානියක් වෙන්නේ නැත්තන්. අවිහිංසාව පතුරුවන මෝඩ ශ්‍රද්ධාව උනත් හිංසනයට වඩා දස දහස් ගුණයක් වටිනවා. ආගම දර්ශනය මොන ලබ්බ උස්සගෙන හිටිය උනත් තව එකෙක්ගේ ජීවිතයක් ගන්න අයිතියක් දෙන්නේ කොහොමද ?

    අතුල සිරිවර්ධන මහත්තයාගේ අදහසක් උපුටාගෙන දාන්නම්...

    "ශ්‍රද්ධාව තියෙන්නෙ
    බුදුන් වහන්සෙ ගැනනම්
    ඒක අන්ධ වුණත්
    වරදක් වෙන්නෙ නැහැ.

    අමූලික ශ්‍රද්ධාව කියන්නෙ
    මුල් නැති පැහැදීම.
    හිස් බෝතලයකුයි පිරුණ බෝතලයකුයි
    දෙකක් දිහා බලල ඒ දෙක ගැනම
    පිරුණු බෝතල් කියල
    ශ්‍රද්ධාවක් ඇති කර ගත්තොත්
    පිරුණ බෝතලය ගැන ඔහුගෙ ශ්‍රද්ධාව
    අන්ධ අමූලික ශ්‍රද්ධාවක් වුණත්
    එය නිවැරදියි.
    මන්ද, කවදා හරි
    ඔහු බෝතලය විවෘත කල දවසට
    පිරුණු බෝතලය ගැන
    ඔහු සැබැවින්ම පැහැදෙනවා."

    ReplyDelete
    Replies
    1. මම දන්නෑ කවුද අතුල සිරිවර්ධන කියන්නේ කියලා. හැබැයි බුදු දහමේනං අමූලිකා ශ්‍රද්ධාව ප්‍රතික්ෂේප කරනවයි කියලයි කියවෙන්නේ!

      Delete
    2. තව දෙයක් ඔය අතුල සිරිවර්ධනලා වගේ අය එයාලා කැමති විදිහට විවිධ ආගම්වල එන කියැවීම් වෙනස් කරනකොට කිසිම හොයාබැලීමකින් තොරව ඒවට එකඟවෙන අය දැක්කාම මට මතක් වෙන්නේ අපේ දේඟපාලයින්ගේ වචන වලට රැවටෙන ඡන්ද දායකයින්ව!

      Delete
    3. අතුල කියන්නේ කවුද කියන එක නෙමෙයි ඒ පෙන්නපු උදාහරණේ තියෙන වැරැද්ද මොකද්ද කියන්න ? බුදු හාමුදුරුවෝ කොතනද දේශනා කරලා තියෙන්නේ තමන්ට වැන්දම නරකක් වෙනවා කියල. එක උදාහරණයක් කියන්නම්. දවසක් බුදුහාමුදුරුවෝ පාරේ වඩිනකොට මගදී පුද්ගලයෙක් දකිනවා. බුදුහාමුදුරුවන්ට පේනවා මේ පුද්ගලයා ඊට ටික වෙලාවකට පස්සේ මැරෙන බවත් තමන් වහන්සේට වන්දනා කලොත් ඒ පිනෙන් දෙව්ලොවට යන්නට අවස්තාව ඇති බවත්. ඊට පස්සේ බුදු හාමුදුරුවෝ ඒ පුද්ගලයා ලඟට වැඩම කරත් ඔහු බුදුහාමුදුරුවෝ ගැන දන්නේ නෑ. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා වන්දනා කරන්න කියල. ඔහු නොදැන උනත් වන්දනා කරලා ඊට ටික වෙලාවකට පස්සේ මැරිලා දේව ලොව උපත ලබනවා. බුදු හාමුදුරුවෝ කවුද කියල දන්නෙත් නැති කෙනෙක් එහෙම විපාක ලබනවා නම් ශාරීරික චෛත්‍ය වන්දනාව කරන එකේ පිනක් නෑ කියල කියන්නේ කොහොමද ? බුදු දහම තියෙන්නේ කැමති කැමති විදියට වෙනස් කරන්න නෙමෙයි විමසලා තේරුම් ගන්න. ඔයත් හොයල බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි

      Delete
    4. දෙව් ලොව, පුනුරුප්පත්තිය.... ඕවා හැබෑවටම තියෙන දේවල්ද? අප්පේ මට පෝස්ට් 1000ක් ලියලවත් මේක නතර කරන්න වෙන එකක් නෑ චතුර! :D

      Delete
    5. ආ දැන් ඔයා කියන්නේ දෙව් ලොවක් නෑ පුනර්භවයක් නෑ කියලද. එහෙනං ඉතිං මම තවත් මොකුත් කියල වැඩක් නෑ. ඔයත් ගිහින් කාලෝ ෆොන්සේකාගේ කල්ලියට එකතු වෙන්න :)

      Delete
  10. Bohoma amaruwen mobile eken kiyewwe. Oya dhathu eeye airport road eke giya. Polisiye aya paara depatte idan mura kale. India we ochchara safety ekak tiyamawada danne naa. :P
    Sorry poo saa no sinhala. :(

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙ වැඩවලින් අපිට වැඩක් නෑ නෙ. අපේ රටට වැඩම කෙරෙව්වෙ බුදුන්වහන්සෙගෙ ධතුන්වහන්සෙලා.අපි ඒකට උපරිම ගරුත්වය දක්වන්ඩ ඕන්

      Delete
    2. @ Kay Cee

      එතකොට උන්වහන්සේ දේශනා කරපු ධර්මයට උපරිම ගරුත්වයක් දක්වනවා වගේම ඒක පිළිපදින්නත් ඕනේ නේද ? තමන්වහන්සේට කරන ලොකුම පූජාව ඒකයි කියලා බුදු හාමුදුරුවෝම නේද දේශනා කළේ ??

      Delete
    3. ඇයි පිළිපදින මිනිස්සු නැද්ද .??

      Delete
    4. @Kay Cee ඔයා පිලි පදිනවද??

      Delete
    5. @ Kay Cee

      නැත්තේද නොවේ :D බොහෝ.....ම ස්වල්ප ප්‍රමාණයක්

      Delete
  11. උඹ හරි පූසා... බිලිපූජා තියෙන්න ඕනේ... ඒක ඒ මිනිස්සුන්ගේ ආගමේ දෙයක්. මට මල පැනල ඕක ලියන්න යද්දි නොසලකා හැරිය නොහැකි කෙනෙක්ගේ අකමැත්ත මත නොලියා ඉන්න වුනා බං....

    ReplyDelete
  12. ගං ඉවුරේ තිබ්බ වැලි ගොඩකින් චෛත්‍යක් හදල ඒකට මල් පූජා කල පිනෙන් කල්ප ගානක් දෙව්ලොව සැප විඳින්න පුළුවන් උනා නම්, මේ වගේ දෙයකින් ජීවමාන බුදුන්ට වැන්දා වගේ තරමේ ප්‍රීතියක් ඇති කරගන්න එකේ ආනිශංශ නෑ කියල කියන්නේ කොහොමද ? සතෙක් මරල එකම හරි සැප විපාකයක් ලබපු එකම එක අවස්තාවක් වත් පෙන්නන්න පුළුවන් නම් ඔය ඝාතන අනුමත කරන්න පුළුවන්. ආගමික කියන දේම වෙන්න ඕනි නෑ පොඩ්ඩක් මානුෂිකව හිතන ඕනිම එකෙක්ට ඔය බිලි පූජා වල වැරැද්ද පේනවා. ඒ වගේ දෙයක් සාධාරණීකරණය කරනවා කියන්නේ තමුනුත් ඒ පාපකර්මය අනුමෝදන් වීමක් තමා

    ReplyDelete
    Replies
    1. ඔබ හැමදේම පැහැදිලි කරන්න යොදාගන්න දිව්‍යලෝකෙයි පුනුරුප්පත්තියයි හැබෑවක්ද කියන එකයි මට එන පළවෙනිම ප්‍රශ්නේ!

      Delete
    2. ""ගං ඉවුරේ තිබ්බ වැලි ගොඩකින් චෛත්‍යක් හදල ඒකට මල් පූජා කල පිනෙන් කල්ප ගානක් දෙව්ලොව සැප විඳින්න පුළුවන් උනා නම්, මේ වගේ දෙයකින් ජීවමාන බුදුන්ට වැන්දා වගේ තරමේ ප්‍රීතියක් ඇති කරගන්න එකේ ආනිශංශ නෑ කියල කියන්නේ කොහොමද ?"" මේ වගේ එවුන් ඉන්න රටකෙන් උඹ මේ පොස්ට් එක දැම්මේ පූ... මම මේ තාම හිනාවෙන්න පැත්තක් හොයනවා.....:D

      Delete
    3. දිව්‍යලෝකෙයි පුනුරුප්පත්තියයි පිළිගන්නේ නෑ කියන්නේ බුදු දහමේ මූලිකම ඉගැන්වීමක් ප්‍රතික්ෂේප කරනවා. එතකොට මට නම් පේනවා කවුද දහම විකෘති කරන්නේ කියනදේ :P
      @ගුනේ මචං අංගුලිමාල 999 ක් මරල නිවන් දැක්ක නම් මේ වගේ එවුන් ඉන්න රටක මොනා වෙන්න බැරිද ? උඹට ඕනි දිහාකින් උඹ හිනා වෙයන්

      Delete
    4. @ chathura - මචන් මම දන්න සිධාර්ත ගොවුතම අනාත්ම වාදියෙක්. තමන් අමාරුවෙන් අවබෝධ කරගත්ත දර්ශනයක් යොදුන් ගණන් දුර ඉන්දියාව පුරා ඇවිදිමින් දේශනා කල සාමාන්‍ය මනුස්සයෙක්. පසුකාලීනව හින්දු දහමේ බලපෑම නිසා බෞද්ධ සාහිත්‍යට එකතු වෙච්ච ඔය පුනුරුප්පත්තිය, දෙවියෝ, දිවිය ලෝක, වගේ ගොන්පාර්ට් අයින් කළා නම් අවුරුදු 2500 කට පස්සෙත් පිලිපැද්දට කෙනෙකුට වරදක් නොවෙන සිරා දර්ශනයක්. බෞද්ධ දර්ශනය සහ සාහිත්‍ය පටල ගන්න එපා... උඹල වගේ අන්ධ භක්තිකයොත් එක්ක වාද කරල වැඩක් නෑ. මෙන්න මම ගියා... උඹට දෙවු මිනිස් සැප කෙළවර අමා මහා නිවන් සැප ලැබේවා!!!!!!!!!!!

      Delete
  13. ඕනෑම රටක යම් යම් ඇදහීම්වලට පුද පූජාවලට සීමා පැනවෙනවා. නැතිනම් ඉඩ ලැබෙනවා. ඒවා පැනවෙන්නේ ඒ රටේ තිබෙන ප්‍රධාන සංස්කෘතියට අනුව. උදා ලෙස ඉන්දියාවේ හරකෙක් වාහනේකට හැප්පුනොත් ලොකු කේස් එකක්. ඒක හින්දු සංස්කෘතියට අනුව. මුස්ලිම් රටවල් ගැන කියන්ඩ දෙයක් නෑනේ.ක්‍රිස්තියානි කතෝලික රටවල උනත් වෙනත් ආගමක් පතුරවන්ඩ ගියොත් ඔවුන් බලනවා මොනවාද මේකේ උගන්වන්නේ මොනවාද පුද පූජා විධි ආදිය කියලා. දැං අපි හිතමු ළමයි බිලි දෙන පූජාවක් තියෙනවා කියලා එක ආගමක (එවැනි ආගම් ඉස්සර තිබ්බා). ඒකට ඉඩ දෙන්ඩ බෑනේ. ඒකෙන් තේරෙනවා නිරපේක්ෂ ආගමික නිදහසක් කිසි රටක නැති බව. ඒ ඒ රටේ සංස්කෘතියට සාපේක්ෂව ආගමික නිදහසක් තමයි තියෙන්නේ.


    ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය නොවේ. අතීතයේ නම් එහෙමයි. නමුත් යටත් විජිත යුගෙයේ පටන් අද දක්වාම එහෙම නෑ. උදා ලෙස ලංකාවේ නීතිය රෝම ලන්දේසි නිතියයි. ඒක ක්‍රිස්තියානි සංස්කෘතියක හැදුන නීතියක්. බෝධි පූජාව සිංහල බෞද්ධ සංස්කෘතියට එකගයි. අනිත් ආගමවල ඇති පුද පුජාත් ප්‍රශ්නයක් නැහැ. සමහර පුද පුජා අනිත් ආගම්වලින් අරගෙනත් තිබෙනවා (උදා කපුරු පූජාව, පහන් පූජාව වගේ දේවල්). බිලිපූජාවේ ප්‍රශ්නය එයට සතුන් බිලිදීමයි. බෝධි පූජාව වගේ කාටවත් හානියක් නොව දේකයි සතුන් බිලිදීමෙයි වෙනසක් පේන්නේ නැති මිනිස්සුන්ගේ මොළය ටිකක් පරීක්ෂා කළ යුතුයි. ඔබලා වන්දනා කරන බටහිර රටවලත් (සතුන් කෑවත්) සත්ව හිංසාවට සීම තිබෙනවා. ඒ රටවල (ඔවුන්ගේ සංස්කෘතියේ ඇති යම් යම් සංකල්පවලට අනුව, විශේෂයෙන් සත්ව අයිතිවාසිකම් වැනි සංකල්ප) ඒවාට සීමා දාලා තියෙනවා. සිංහල බෞද්ධයන් ඊට විරුද්ධ වන්නේ සත්ව අයිතිවාසිකම් නොව පව් පින් කියන සංකල්පත් එක්කයි. ප්‍රතිඵලය එක උනාට හේතු දෙකක් තියෙන්නේ.


    අවසාන වශයෙන් ධාතු වලට වදිනවා කියන එක වැරදියි. ධාතු කියන්නේ සංකේතයක් පමණයි. මිනිස්සු වදින්නේ බුදු හාමුදුරුවන්ටයි.බුදු දහමට අනුව එයින් ශ්‍රද්ධාව වැඩෙනවා. ශ්‍රද්ධාව ධර්මය පුරුදු කරන කෙනාට අත්‍යවශ්‍යයි. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙත් ආනන්ද බෝධිය කියලා බේා්ධියක් පිහිටුවලා බුදුහාමුදරුවෝ නැති අවස්ථාවල මිනිස්සුනට ඊට වදින්ඩ පුදන්ඩ අවස්ථාව ලබා දුන්නා. ඒක සංකේතයක්. අතීතයේ සිට විවිධ සංකේත භාවිතා කළා මිනිස්සු බුදු හාමුදරුවන්ට වදින්ඩ. අර ආච්චි කියපු එක හරියට හරි. එයා වැන්දේ ධාතු වලට නෙමෙයි බුදු හාමුදුරුවන්ටයි. ප්‍රශ්නේ ආච්චිට තියෙන මොළෙන් කාලක්වත් මුණුපුරාට නැති එකයි. ඒක අපේ වදපීදුන අධ්‍යාපනයේ ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නේ ආච්චිට තියෙන මොළෙන් කාලක්වත් මුණුපුරාට නැති එකයි :D

      Delete
    2. /* ප්‍රශ්නේ ආච්චිට තියෙන මොළෙන් කාලක්වත් මුණුපුරාට නැති එකයි */ +++++

      Delete
    3. Good reply, I am happy that at least few people among us having better understanding about our culture and religon.

      Delete
    4. අතීතයේ සිට විවිධ සංකේත භාවිතා කළා මිනිස්සු බුදු හාමුදරුවන්ට වදින්ඩ
      Eserotama kalin budun wahanse kiwwa, thaman nathi dineka e thana ganne sri sadharmayay kiyala.
      budu hamuduruwo kiyapu de ape achchilata wadak neee.
      eyalata kamathi de thamai wadagath.

      Delete
    5. ඔබතුමා කොහොමද ආච්චි ධමය අනුගමනය කරනවද නැද්ද කියාල තීරනේ කරන්නෙ ? :)

      Delete
    6. ඒක හරිම සරල ක්‍රමයකින් කියන්න පුලුවන්.
      ආච්චි ධර්මය අනුගමනය කරනවානම්..
      ඔය පොලිමේ තෙරෙපෙන්නේ නැතිව බුදුන් කිව් දෙයක් කරාවී නේද?
      උඩ ඇනෝ

      Delete
  14. WelaawK nae inna minusu tikawatth balalaa enna dhaathu wendhiila kesea wethath....

    ReplyDelete
  15. අනිත් කාරණය ආගම් ප්‍රචණ්ඩත්වය වපුරනවා කියන කතාව. ඒකේ යම් ඇත්තක් තිබෙනවා දේවවාදී ආගම් සම්බන්ධයෙන්. කොහොම වෙතත් 20වන සියවසේ හිටපු විශාලම සමූලඝාතකයන් මැරුවේ නම් (හිට්ලර්, පොල්පොට්, ස්ටාලින්, මාවෝ සේතුං) මැරුවේ ආගමික මතවාද මුල් කරගෙන නෙමෙයි (මාක්ස්වාදය ආගමක් නෙමෙයි කියලා ටිකක් වැරදි උපකල්පනයක් මෙතනදී කරන්ඩ වෙනවා). ඔවුන් එක්කෝ මාක්ස්වාදීන් නැත්තං ෆැසිස්ට්වාදීන්.

    ReplyDelete
    Replies
    1. මම ලිපියේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මම කතා කරන්නේ සතුන් මැරීම පව්ද පින්ද කියන කාරණේ ගැන නෙමෙයි. විවිධ ආගම් අදහන අයගේ විශ්වාස කිරීම් ගැනයි.

      ආච්චිලා බලාපොරොත්තු වෙන්නේ ධාතු වලට වැඳලා දිව්‍යලෝකේ යන්න.(ඊළඟට දිව්‍යලෝකයක් කියලා දෙයක් තියෙනවද නැද්ද කියන එක තව අවුලක්!) මිනිස්සු හොය හොයා ඇවිදින්නේ ප්‍රාතිහාර්යය. මොකක් හරි එහෙකින් රැස් විහිදෙනවයි කිව්වොත් බලන්න ඕනේ යන සෙනඟ! මෙහෙම ගියොත් අවසානේ ඉතුරු වෙන්නේ ඔබ ඔය කියන සංකේත විතරයි!

      Delete
  16. දඹදිව වන්දනාවේ යන අපේ ඇත්තෝ කීයෙන් කී දෙනාද කපිලවස්තු ධාතු වන්දනා කරන්න ඇත්තේ...දැක්කත් එච්චර ගාණක් නෑ. නිකං සාදු කියල එනවා. ඒත් හැතැප්ම 3ක් විතර පෝලිමක් තියනවනම්, මහරජතුමා වදිනවනම්, මීඩියා වල පුම්බලා පෙන්නනවනම් බලු බෙට්ටකටත් දුක් විදලා වදින සැදැහැවතුන් තමා අපේ ඉන්නේ. හැබැයි ඉස්සරහින් එකෙක් පෝලිම් පැන්නොත් සැදැහැවත් බව දෝරෙ ගලා යනවා.

    දවසකට මස් වලට මරන සත්තු ගාණත් එක්ක බිලි පූජාවේ ගාණ නම් පොඩි ගාණක්. හැබැයි උනුත් අහිංසක සත්තු. මෙතන අවුල තියෙන්න මරණ විදිහ. සමහරු කියනව කොහොම මැරුවත් එකයි කියල. ඒත් එහෙම නොවන බව විද්‍යාත්මකවත් හොයාගෙන තියනව. ඒත් දැන් ඔය බිලි පූජාවට විරෝධය දක්වන 'බහුතරයගේ' අදහසනම් වෙනම එකක්. සත්තු ටික බේර ගන්න එකම නම් නෙමේ.

    තවත් දෙයක්, මුන්නේෂ්වරම් බිලි පූජාවෙ නම් 70% දායකත්වය සිංහළ යො කියල ආරන්චි. ඒකෙනුත් අනිවාර්යෙන් 30% වත් ධාතු වන්දින්න ගිය 'සැදැහැවතුන්' වෙන්න පුළුවන්. ඇත්තටම බැලුවොත් මේ දමිළ සහෝදරයන්ගේ පූජාවක්ම නෙමේ. ඒක නිසා මේ බිලි පූජාව ඇත්තටම නවත්වන්න ඕන නම් වෙන්න ඕන අධිකරණයට යන එක නෙමේ.බෞද්ධ, කතෝලික ආගමික ස්ථානවලට යන එක. මිනිස්සුන්ගේ ඔළු හදන එක.

    @ Kay Cee සහෝදරයා - මම හිතන්නේ ඔබතුමා සුදු පූසගේ ලිපිය හරියට තේරුම් අරන් නෑ වගේ. සුදු පූසා බෝධි පූජාව ගෝත්‍රිකයි කියල නෑ නේද? එයා කියල තියෙන්න අබෞද්ධ ජනතාවගෙන් එල්ල වෙන්න පුළුවන් එක චෝදනාවක් ගැන විතරක් නේද?

    ReplyDelete
    Replies
    1. තද බදයක් නැතුව දකිනකොට බුදුන්ව දැක්කත් ගාණක් යන එකක් නෑ අපේ සැදැහැවතුන්ට! ;)

      Delete
  17. ඊයෙ හවස කෙල්ලෙක් මට කතා කරල අහනවා කැළණි විහාරේ බුදු රැස් විහිදෙනවලු නේද කියලා..

    මට හිනා ගියා. මම ඇහුව..

    ඇයි යකෝ බුදුහාමුදුරුවො ජීවමානව ඉන්න කාලෙත්, ඉර්ධියෙන් ගමන් කිරීම, ප්‍රාතිහාර්්‍ය පෑම පවා සීමා කරන්න කියල දේශනා කළා නේද කියල.

    බුද්ධාගම අන්ධ විදිහට අදහන උන් ගැන දුකයි.

    ජය !

    ReplyDelete
  18. කොහොම වුනත් හොඳ සංවාදයක්. පෝලිම් දැකලා ඇත්තටම මොන ‍දුකක්ද කියලා නොහිතුනා නෙමෙයි. ඒත් ධාතුන් වහන්සේලා දැක ගන්න ලැබුනා නං සතුටුයි කියලාත් හිතුනා. පැය දෙකක තුනක රස්තියාදුවක් නං කොහොම හරි යනවා. ඒත් පැය විසි හතරක් හිටගෙන දුක් විඳින්න නං හිතුනේ නැහැ. බුදු රජානන් වහන්සේත් දුෂ්කරක්‍රියාව ප්‍රතික්ෂේප කරලා තියෙද්දි මිනිසුන් රොඳ බැඳ ගෙන දුෂ්කර ක්‍රියා කලා. එයාලාගේ සතුටනේ. ඒක නිසා කමක් නැහැ. ඒක මෝඩ කමක් විදිහට දකින්න මං කැමති නැහැ. ඔයිට වඩා දරුණු මෝඩ කම් සමහරවිට අපේ අතින් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මං ලිපියෙන් කියන්න උත්සාහ කළේ තම තමන්ගේ විශ්වාස ඇදහිලි තම තමන් ගාව තියාගන්න. අනුන්ගේ විශ්වාස ඇදහිලි වලට අනවශ්‍ය විදිහට බලපෑම් කරන්න එපාය කියලයී! :)

      Delete
  19. ප්‍රඥාවට අමතරව ශ්‍රද්ධාව කියල එකකුත් තියෙනවනෙ පූසො... ඒක උඹේ මගේ ප්‍රඥාවට ගෝචර වෙන්නෙ නැති ප්‍රශ්නයක් මෙතන තියෙන්නෙ... මමත් ධාතු බලන්න යන්න හදපු උදවියට කිව්වෙ සෙනඟ ගොඩේ පොරකාගෙන ඕක වදින්න යන්න පිස්සුද කියල... උඹේ පෝස්ට් එක කියෙව්වහම හිතුන මම වැරදී නේද කියල...

    /* "අප්පේ ජීවමාන බුදුන් දැක්කා වගේ සතුටක් දැනුනා" */ කියනව මිසක් සෙනඟ ගොඩේ තැලිල පොඩිවෙලා පැය ගනන් පෝළිම් වල ඉඳල අමාරුයි කිව්වෙ නෑ නේද?..(මම ඕක ටීවි එකේවත් දැක්කෙ නෑ) ඒ ටික කියවන කොට මට නම් හිතුනෙ මේ මිනිස්සු මිනිහෙක්ට හෝ සතෙක්ට වචනෙකින්වත් හානියක් නොකර සතුටක් විඳල නේද කියල... ඒ සතුට, සැහැල්ලුව හරි වෙන මොකක් හරි එක මම කලින් කිව්ව උඹෙයි මගෙයි ප්‍රඥාවෙන් ලබාගන්න බැරි එකක්... ඒ වගේම අපි ඉන්නෙ ඔය මෝඩයන්ටත් පහල මට්ටමක... අපි නොදන්න අමුතු එකක් උන් දන්නව... මට හිතෙන්නෙ එහෙමයි

    බෝධි පූජා වගේ කිසිම සත්ත්වයෙක්ට හානියක් නැති එකකුයි බිලි පූජාවකුයි සමාන කරන එකටනම් මම එකඟ නෑ..

    ReplyDelete
    Replies
    1. ප්‍රඥාවෙන් තොරව ශ්‍රද්ධාව පමණක් ඇති තැන එය අමූලිකා ශ්‍රද්ධාවයි!

      Delete
    2. ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාව ?..

      Delete
  20. බුදුදහම කියන්නේ දර්ශණයක් කියන දේයින් බැහැර වෙලා අදහන්ඩ ගත්තම ඔහොමදේවල් වෙනව නේව හික්ස් පිරිමි උන්දලනං අවුරුදු 14 විතර ඉඳං ධාතු දකින එකේ මොකට ඔය පොලිං වල චාටර් වෙනවැයි නේද

    ReplyDelete
  21. බෝධි පූජාවේ කොතරම් ගෝත්‍රික ලක්ෂණ තිබුනත් එයයි බිලි පූජාවයි එකම තලයක තියන්න බැහැ. සරලම හේතුව බිලි පූජාව කෙනෙකුගේ (මේ අවස්ථාව හැටියට සතුන්ගේ) ජීවත්වීමේ අයිතිය උදුරගන්න හින්දා. අනිත් එක කෙනෙක් ආගමානුකූල වීම හෝ නොවීම පෞද්ගලික දෙයක් හින්දා බාහිරින් එය මනින්න යන එක සාධාරණ නෑ.

    කොහොම වුනත් මෙතන ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා,

    -සතුන්ගේ ජීවිතය මිනිස් ජීවිත තරම් වටින්නේ නැද්ද?
    -සතුන් මැරීම බුදුදහමට අනුව වරදක් නිසා මැරෙන විදිහ අනුව, ඒකියන්නේ මිනිස් පරිභෝජනයට මරද්දියි දෙවියන් උදෙසා බිලි දෙද්දියි වෙන්නේ එකම වැරද්දනම් ඇයි එක අවස්ථාවකට විතරක් විරුද්ධ වෙන්නේ?
    -ආගමක් වෙනුවෙන් සතුන්ව බිලිදීම නවත්වන්න අපට බැහැ කියන අධිකරණය මිනිස් බිලිදීම් වෙනුවෙනුත් ඔය අදහසම දරයි ද?

    ReplyDelete
    Replies
    1. බෝදි පූජාව ගෝත්‍රික යැයි ඔබ කියන්නේ කෙසේද ?

      Delete
    2. වෘක්ෂ වන්දනාව ගෝත්‍රික චාරිත්‍රයක් කියල අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෙද? කැමති නම් මේ පාරෙන් ගිහින් ලෝකයේ විවිධ ජන සමාජ ගස් වන්දනා කරන/කරපු හැටි ගැන කියවන්න.

      http://en.wikipedia.org/wiki/Tree_worship#Religion_and_folklore

      Delete
    3. සෑහෙන්න බරපතල ප්‍රශ්න ටිකක්!

      Delete
    4. @ Kay Cee - බෝදි පූජාව ගෝත්‍රික නොවේ යැයි ඔබ කියන්නේ කෙසේද???

      Delete
  22. // බෝධි පූජාව කියන්නේ ගහකට වැඳිමක්, ඒක හෙන ගෝත්‍රික හැසිරීමක් ඒක තහනම් කරන්නැයි කියලා වෙන ආගමක සෙට් එකක් අධිකරණයකට ගියොත් අපේ බෞද්ධ උපාසක ඇත්තන්ට කොයි වගේ සිතුවිලි පහල වෙයිද? ඒ හා සමානම සිතුවිලි හින්දු ආගමිකයින්ට මේ වෙනකොට ඇති වෙලා නොතිබ්බොත් තමයි පුදුමේ! //

    උඩ උපුට ගත්ත ටික ඇරෙන්න පූස කියපු හැමදේම ඇත්ත.....

    බිළි පුජාවට විරුද්ධව නගන හඬට මමත් විරුද්ධයි... ඒ අපි ගෝත්‍රිකයෝ වගේ ගහකට වැඳින ජාතියක් හින්ද නෙවෙයි... හිතට එකඟව අපිට අපි බෞද්ධයෝ කියල හඳුන්වගන්න බැරි හින්දා


    ReplyDelete
    Replies
    1. බුදුන්වහන්සේම අනුදැන වදාල දෙයක් ගෝත්‍රික යැයි ඔබ කියන්නේ කෙසේද ?

      Delete
  23. පොඩි දෙ‍යක් කියන්න ඕනේ හැමෝටම. මම බෝදි පූජාව සහ බිලි පූජාව නෙමෙයි එකම තලයකට ගේන්න හැදුවේ. බෝදි පූජාව සහ බිලිපූජාව නිසා තමාට යහපතක් වේයැයි ඒ දෙගොල්ලො අතර තියෙන විශ්වාසයයි. මං ඒ ගැන ලිපියෙ සදහන් කරලත් තියෙනවා. දැන්නම් හිතෙනවා ඒ පැහැදිලි කිරීම මදි කියලා. මේ වෙලාවේ එක එක අයගේ අදහස් ගැන මගේ අදහස කියන්න විදිහක් නෑ. හවසට එන්නම්. ජය!

    ReplyDelete
  24. aththatama buddagama kiyanne aagamakda? nathnam darshanyakda? buddagama darshanyak kiyala kiyanawa nam bodi wandanawak dhathu wandanawak thiyenne kohomada? ane manda mole kachal wenawa

    anika dan oya dhathu wandanawa kiyanneth baluwahama adaheemakne?

    ReplyDelete
    Replies
    1. @ Anonymous September 13, 2012 3:03 PM

      බුදුන් වැඳලා හරි සර්වඥ ධාතු වැඳලා හරි බෝධියට වැඳලා අපි අපේ ලෞකික වේවා ලෝකෝත්තර වේවා දියුණුවක් අපේක්ෂා කරනවා නම් එතැනයි වැරැද්ද තියෙන්නේ කියලයි මම හිතන්නේ. කලින් කිව්ව දේවල් අපි උපයෝගී කරගන්නේ උතුම් වූ දහම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ කියන උත්තරීතර පුද්ගලයාව සිහිපත් කරගන්න වගේම උතුම් වූ දහම දේශනා කරලා කරපු සේවයට කෘතගුණ දැක්වීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේව පූජාවට ලක් කරන්න. එපමණයි....

      Delete
    2. මට නම් බුද්ධාගම දර්ශණයක්.... හැබැයි මේකෙ කමෙන්ට් කරලා තියෙන බහුතරග බෞද්ධ ආගමේ භක්තිකයෝ නේද? ;)

      Delete
    3. bahutharaya newei mamanam hithanne okkoma wage bakthikayo.e mokada kiyanawanam ada minissu pansalakata yanne labana athme niwan dakinna pin ekathukaraganna.daanayak denne pin balagena.bodi pooja karanne apala nathi karaganna nathnam leda hoda karaganna.wassa nathi unama pirith kiyanawa wahinna kiyala.ape minissunta one haskam.nathuwa me darshanya niyamakarawa therum ganna newei kiyalai mata hithenne

      Delete
  25. http://siragekamare.blogspot.com/2012/09/blog-post_12.html

    ඔන්න ගිය කෙනෙක් ම ලිපියක් දාලා

    ReplyDelete
  26. මට කියන්න තියෙන දේ ගලප ගන්න බෑ වගේ. සමස්තයක් විදියට පූසාගෙ පෝස්ට් එකේ තියෙන දේවල් වලටත්, The Modern Patriot සහ සැමා කියන දේටත් මම එකගයි. රාජ් කියනව වගේ බුදු දහමේ හරය ගැන අවබෝධය අඩුවෙලා ප්‍රාථමික කරුණු මත යැපෙන බෞද්ධ සංස්කෘතියක් ඇති වීම මේ විදියේ තත්වයන්ට හේතුව කියලයි මට හිතෙන්නේ. ඒ නිසයි ආගමට මුවා වෙලා දේශපාලනය කරන්න පාලකයන්ට හැකි වෙලා තියෙන්නේ. බුදු දහම දර්ශනයක් කියන තැන ඉන්නවානම් සහ අදහනවාට වඩා ඒ දර්ශනය අනුගමනය කරනවා නම් හොදයි කියන එකයි මගේ විශ්වාසය. ජය...!

    ReplyDelete
  27. මගේ ප්‍රශ්නේ මේකයි,

    දන්ත දාතුව කිව්වාම අපි දන්නවා
    ලලාට ධාතුව කිව්වාම අපි දන්නවා
    ඉල ඇට ධාතුව කිව්වාම අපි දන්නවා
    ග්‍රීව ධාතුව කිව්වාම අපි දන්නවා
    කේෂ ධාතුව කිව්වාම අපි දන්නවා

    දැන් ඔය මේ දවස්වල ඇක්සිබිට් කරන්නේ මොන තැන ඒවාද?

    ReplyDelete
    Replies
    1. පිළිතුර පහල ලැබී ඇත! :)

      Delete
  28. @ Kathandara Karaya

    බුදු සිරුර ආදාහනය කළාට පස්සේ මහා ධාතූන් වහන්සේලා 7 නමකුත් අනෙකුත් සියලුම ශරීර කොටස් මුං පියලි, අබය පියලි, කඩ සහල් ඇට ආදී ප්‍රමාණවලින් ද්‍රෝණ 8 කුත් ඉතුරු වෙනවා.

    කපිලවස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේලා කියලා අපි වන්දනා කළේ සර්වඥ ධාතු ද්‍රෝණ 8 න් ශාක්‍යයන්ට හිමිවුණු කොටසෙන් ස්වල්ප ප්‍රමාණයක්. ඒවා බුදු සිරුරේ ඕනෑම ස්ථානයක අස්ථි කොටසක් වෙන්න පුලුවන්. හැබැයි ඒ මහා ධාතූන් වහන්සේලා 7 නම වෙන සතර දළදා, ලලාට ධාතුව, ග්‍රීවා ධාතුව, අකු ධාතුව හැර.

    ReplyDelete
  29. බිලි පූජාවට එදිරි වීමෙන් හින්දුන් ගේ සිත් රිදෙන බව කීම වැරදි බව කරුණාවෙන් සලකන්න, සැබෑ හින්දු වරයෙක් ප්‍රබල අවිහින්සා වාදියෙකි. ඔහු බිලි පූජාවක් කිසි විට අනුමත නොකරන්නෙකි. වේද ග්‍රන්ථ වලින්ම සත්ව ඝාතනය ඔහුට තහනම්ය. මේ කාලි පූජාව යම් ගෝත්‍රික ආගමක නෂ්ටාවශේෂයකි. ඉන්දියාවේ අදහන කාලි මෑණියන් කිහිප ආකාරයක් ඇත. උතුරු ඉන්දියාවේ බහුල ලෙස අදහන දුර්ගා නමින්ද හඳුන්වන කාලි මෑණියන් බිලි පූජා ගන්නියක් නොවේ.
    කවරකු වුවද මෙවන් මාතෘකා සම්බන්ධව ලිවීමේදී නිවැරදි තොරතුරු සොයා ගැනීමට උත්සුක විය යුතුය. නැතිනම් වැරදි මතවාද අතර පැටලී අනවශ්‍ය ගැටුම් වලට මග පෑදෙනු ඇත.
    කුමන ආගමක් නමින් වුවද කරන හිංසනයක් අනුමත කල නොහැක. ඔබේ ලිපියේ ඉහළින්ම ඇති කාටුනයේද ගැඹුරු අරුත එයයි.

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා... මං මෙතනදී කතා කළේ මේ වෙනකොට අපේ රටේ දකින්න තියෙන දෙයක් ගැනයි. ඔබ ඇවිත් කතා කරන්නේ සැබෑ හින්දු වරයෙක් ගැන. හැබැයි මොනම හෝ හේතුවක් අද අපේ රටේ කෝවිලේ බිලි පූජාව සිද්ධ වෙනවා.
      ඔබ ඔය හින්දු ආගම පිළිබඳ කරන තර්කේ මම බුද්ධාගමට යෙදුවොත් කිව්වැකි නේද සැබෑ බෞද්ධයා ගස් වලට වැඳ ලෙඩ සුවකරන මෙන් ඉල්ලා නොසිටියි කියලා?
      ඔය කියනා සැබෑ හින්දු වරයා, සැබෑ බෞද්ධයා, සැබෑ කතෝලිකයා සැබෑ ස්ලාම් වරයා කොහෙද ඉන්නේ?
      ඔබ ඔබේ ආගමේ "සැබෑ" චරිතයක්නම් මට අනූව ඔබ සිරා පුද්ගලයෙක්! ඉතින් ඔබ සිරා පුද්ගලයෙක්ද?

      Delete
    2. අනෙක් අය නම් මා දන්නේ නැහැ, ඒත් සැබෑ හින්දුන් මෙන්ම සැබෑ බෞද්ධයන් මා නම් එමට දැක තිබෙනවා.
      එසේම බිලි පුජාවට යමෙකු විරුද්ධ වීම පිළිඹඳ මා හඳුනන කිසිදු හින්දු වරයෙකුගේ හිත රිදී නොමැත. එබැවින් වර්ග වාදී ඇසකින් මේ දෙස බැලීමෙන් වලකින මෙන් සැමගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.

      Delete
    3. හැබැයි මේ ලිපිය කියෙව්ව වෙලේ මටනම් හිතුනේ බිලි පූජාව නවත්තලාම දාන්න අපේ බෞද්ධයෝ මොකක් හරි පියවරක් ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නෙකට මුල වෙයි කියලා!
      http://www.divaina.com/2012/09/09/feature13.html

      Delete
    4. තව දෙයක් ලිපිය කියවද්දී ඔබ ඔබගේ ආගමෙන් බැහැර වෙලා විවෘත මනසකින් එය කියෙව්වොත් පූජකයාගේ විශ්වාස හා ඇදහීම් ගැන පුදුම වෙන එකක් නෑ! මොකද විශ්වාස හා ඇදහීම් දැන් හැම ආගමකම වගේ තියෙන නිසා!

      Delete
    5. මේ ලියන්නේ ඔබ දුන් ලින්ක් එක ඔස්සේ ගොස් සම්පූර්ණ ලිපිය කියවීමෙන් පසුය.
      ඒ අනුව බිලි පූජාව අමුතුවෙන් නවත්වන්නට දෙයක් නැත. එය '77 දී සම්මත වූ අමාත්‍ය මණ්ඩල යෝජනාවක් අනුව නීතියෙන් තහනම්ය. අනෙක එම යෝජනාව ගෙනවිත් ඇත්තේ ද්‍රවිඩ ජාතික, හින්දු මන්ත්‍රීවරයෙකි. හින්දුන් බිලි පූජා පිළිකෙව් කරන බවට එයම මොනවට සාක්ෂියකි.
      // සතුන් බිලි පූජාවට යොදා ගැනීම සම්බන්ධයෙන් 1977 ආණ්‌ඩුවේ ඇමැතිවරයකු වූ. සී. රාජදුරෙයි මහතා අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කර සම්මත කරගත් යෝජනාව මෙහිදී වැදගත්කමින් යුතුය. ශ්‍රී ලංකාව තුළ කිසිම ස්‌ථානයක සතුන් බිලි පූජා කිරීම තහනම් කරමින් එය සම්මත වී ඇත. //

      Delete
    6. මං දැන ගත්තා ඔබ ඔය වාක්‍ය අරගෙන එන බව! :)
      "එතැන් පටන් කාලයක්‌ යනතුරු නොපැවතිව තිබූ සත්ත්ව බිලි පූජාව යළි ආරම්භ කර ඇත්තේද දේශපාලකයකුගේ බල පුළුවන්කාරකමටය." ඔන්න ගෑවුණා දේශපාලනේ.

      නීතිය 77 කියන්නේ බොහොම ඈත කාලයක්. මට ආව අනික් ප්‍රශ්නේ තමයි ඔහොම නීතියක් තාමත් තියෙනවානම් ඇයි අධිකරණයට බිලි පූජාව නවත්වන්න බලයක් නැහැයි කිව්වේ කියන එකයි.

      කොහොම උනත් මං ඔබට ලිපිය කියවන්නැයි කිව්වේ මේ දැන් වෙනකොට ඒ ආගමේ පූජකවරයන් ඒ පිළිබඳව දරන අදහස ගැන දළ අවබෝධයක් ඒකෙන් ලබාගන්න හැකි නිසයි. හැබැයි ඔබ කලින් කිව්ව තරම් සුන්දර අදහසක් ඒ අයගේ හිතේ ඇති බවක්නම් මට දැනුනේ නෑ!

      Delete
  30. මෙතනදී මන් නම් දකින්නේ තම තමන්ගේ තේරුම් ගැනීම අනුව භක්තිය නිසා හෝ වෙන දෙයක් නිසා හෝ මෙවැනි වන්දනාවන් කිරීම තමන්ගේ වැඩක් බවයි . අපිට අකමැති නම් නොබලා ඉන්න පුළුවන්නේ . උදාහරනෙකට මන් අකමැතියි පෝලිම් වල ඉඳල තෙරපිලා දිව්‍යලෝකේ යන්න වුනත් . ඒ වුනාට අපේ අම්ම කැමතියි පෝයදාට වුනත් වට වන්දනාවේ යන්න . එය එයාගේ කැමැත්ත සහ නිදහස . අනික අපේ මේ වයසක ආච්චිලා සතුටු වෙන්නේ මේ දේවලින් . දරුවන් ලොකු මහත් කරලා ඔවුන් පිටවෙලා ගිහින් සෑහෙන්න මානසික හුදකලා බවකින් ඉන්න අපේ වයසක පරම්පරාව මේ දේවලින් තමයි මානසික සහනයක් ලබාගන්නේ . සමහර විසඳුම් නැති ප්‍රශ්න වලට බෝධි පුජා වගේ දේවලින් මානසික හය්යක් ලැබෙනවා . ගසේ බලයක් නිසා සිදු වෙන දෙයක් කියල ඔප්පු නුනත් බෝ ගහක් නුග ගහක් යට ඉන්නකොට දැනෙන සැනසීමම කොපමණද . ගස් ගල් වලට වැඳීම ගෝත්‍රික වුනත් සිද්ධ වෙන පරිසර හානි දිහා බැලුවම ආයේ ගස් ගල් වලට වඳින්න ගරු කරන්න පටන් ගත්තට වරදකුත් නැහැ .


    ඊ ගාවට බිලි පුජාව . ශිෂ්ට සම්පන්න මනුස්සයෙක් විදිහට ආහාර දාමයෙන් පිට ඒ කියන්නේ පැවැත්ම සඳහා ආහාරයට ගැනීම හැරුණකොට නිස්කාරනේ සතුන් මැරීම පින් පව් පැත්තකින් තිබ්බත් පරිසර විද්‍යාවට අනුව වුනත් පිළිගන්න බැහැ. අපි දන්නා හින්දු ආගම නම් අවිහින්සාවදියි. යාග හෝම කලේ බුදු දහම ඇති වෙන්නත් පෙර ඉන්දියාවේ . හින්දු ආගම කියන්නේ නම් සතුන් මැරීම වැරදියි කියල . එච්චරක් නෙමේ බොහොමයක් තවමත් නිර්මාන්ශියි. අපේ රටේ එක පාරටම මේ වගේ බිලි පුද ක්‍රම ඇති වුනේ කොහොමද මන්ද .

    මෙතනදී තියෙන්නේ විරුද්ධවන්නාගේ දේශපාලනය ගැන ප්‍රශ්නයක් . ඒ යකාව අමතක කරලා ප්‍රශ්නේ දිහා බැලුවොත් මන් නම් විරුද්ධයි බිලි පුජා වලට . ධාතු ප්‍රදර්ශනයේදී වෙන අහිංසක මිනිස්සු පෝලිමේ ඉඳිද්දී හොරු තක්කඩි පෝලිම් වලින් පැනල ධාතු වන්දනාවටත් මන් විරුද්ධයි .

    මුන්නේස්වරම් බිලි පුජාව වගේම යුරෝපයේ වෙන තල්මස් දඩයමත් ගෝත්‍රිකයි .

    ReplyDelete
    Replies
    1. "මෙතනදී මන් නම් දකින්නේ තම තමන්ගේ තේරුම් ගැනීම අනුව භක්තිය නිසා හෝ වෙන දෙයක් නිසා හෝ මෙවැනි වන්දනාවන් කිරීම තමන්ගේ වැඩක් බවයි"

      අනිවාර්යයෙන්ම ඒකම තමා මමත් කියන්නේ. තම තමන් තම තමන්ගේ ඇදහීම් විශ්වාස තම තමන්ගාව තියාගන්න. අනුන්ගේ අදහීම් විශ්වාස වලට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න යන්න එපා! :)

      ඒ වගේම මමත් මගේ ලිපිය අවසානයේ මෙහෙම කිව්වෙත්, මේ ලිව්වේ මගේ අදහස් නිසයි
      "මේ කාටවත් යමක් තේරුම් කරන්නවත්, කාගෙවත් ඔළුවට යමක් බලෙන් දාන්නවත් ලියපු ලියවිල්ලක් නෙමෙයි. මගේ ඔළුවේ කැකෑරි කැකෑරි තිබ්බ වචන ටිකක් විතරයි!"

      "ශිෂ්ට සම්පන්න මනුස්සයෙක් විදිහට ආහාර දාමයෙන් පිට ඒ කියන්නේ පැවැත්ම සඳහා ආහාරයට ගැනීම හැරුණකොට නිස්කාරනේ සතුන් මැරීම පින් පව් පැත්තකින් තිබ්බත් පරිසර විද්‍යාවට අනුව වුනත් පිළිගන්න බැහැ"

      අක්කා දන්නවද බිලි පූජාවෙන් පස්සේ ඒ මස් පූජාවට එන බැති මතුන් ආහාරයට ගන්නවා. එතකොට ඒක ආහාර දාමයෙන් පිට නෙමෙයි!

      Delete
    2. ආ ඒ කියන්නේ එතන මස් මඩුවක් . ඔව් ඉතින් මස් මඩුවක සත්තු මරණ එක තහනම් කරන්න බැහැනේ .

      Delete
  31. පූස් විශ්වාසකරයිද මන්දා මම බ්ලොග් කීපයකම මේ ධාතු කතාවක් දැකලා මම ඔය සිංහල බ්ලොග් ලියන කිහිපදෙනෙක්ගෙන්ම ඇහුවා මොකක්ද මේ ධාතු කියලා.
    ඒත් මට තේරුම් ගන්න පුළුවන් යමක් ලැබිලා තිබුනේ නෑ.
    ඒක සමහරවිට මගේ අවුලක් වෙන්න ඇති.
    ධාතු කියන දේ දැන් වෙද්දි තේරුනත් කපිලවස්තු ධාතු කියන එක තවම තේරුනේ නෑ.

    අන්තිමට මම හිතුවා මාත් ඕක හොයන්න යන්නේ හරියට මිනිස්සු පෝලිමේ යනවා වගෙමයි කියලා අතෑරලා දැම්මා.


    දැන් පෝස්ට් එක ගැන කිව්වොත් අපිට අපේ රටේ මේ ධාතුයි අරවයි මේවයි ඇරෙන්න දැවෙන ප්‍රශ්න ඇත්තේම නැද්ද?

    ReplyDelete
    Replies
    1. @ Il mondo di una povera pazza

      "ධාතු කියන දේ දැන් වෙද්දි තේරුනත් කපිලවස්තු ධාතු කියන එක තවම තේරුනේ නෑ...."

      බුදු සිරුර ආදාහනය කළාට පස්සේ මහා ධාතූන් වහන්සේලා 7 නමකුත් අනෙකුත් සියලුම ශරීර කොටස් මුං පියලි, අබය පියලි, කඩ සහල් ඇට ආදී ප්‍රමාණවලින් ද්‍රෝණ 8 කුත් ඉතුරු වෙනවා.

      කපිලවස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේලා කියලා අපි වන්දනා කළේ සර්වඥ ධාතු ද්‍රෝණ 8 න් ශාක්‍යයන්ට හිමිවුණු කොටසෙන් ස්වල්ප ප්‍රමාණයක්.

      ඒවා බුදු සිරුරේ ඕනෑම ස්ථානයක අස්ථි කොටසක් වෙන්න පුලුවන්. හැබැයි ඒ මහා ධාතූන් වහන්සේලා 7 නම වෙන සතර දළදා, ලලාට ධාතුව, ග්‍රීවා ධාතුව, අකු ධාතුව හැර.

      Delete
  32. පූස් සහ හසිත දෙන්නම ගානට දෙබරෙකට ගල් ගහලා තියෙන්නෙ!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete

  33. http://www.weebly.com/uploads/3/1/7/3/3173298/_6_bodhi_poojawa.pdf

    //""ගං ඉවුරේ තිබ්බ වැලි ගොඩකින් චෛත්‍යක් හදල ඒකට මල් පූජා කල පිනෙන් කල්ප ගානක් දෙව්ලොව සැප විඳින්න පුළුවන් උනා නම්, මේ වගේ දෙයකින් ජීවමාන බුදුන්ට වැන්දා වගේ තරමේ ප්‍රීතියක් ඇති කරගන්න එකේ ආනිශංශ නෑ කියල කියන්නේ කොහොමද ?"" මේ වගේ එවුන් ඉන්න රටකෙන් උඹ මේ පොස්ට් එක දැම්මේ පූ... මම මේ තාම හිනාවෙන්න පැත්තක් හොයනවා.....:D ‍‍\\

    ඔයා ඔය හිනා වෙන්න පැත්තක් හොයන කථාව තියෙන්නේ මේ පොතේ.

    පස් පවින්වත් වැලකෙන්න බැරි පුහුදුන් මිනිසුන් කියනා දේ වලට වඩා බො‍හෝ පිරිස් අති ගෞරවයෙන් සිහි කරන, අදටත් වැඳුම් පිදුම් කරන උතුම් මිනිසුන් කී දේවල් විශ්වාස කරන්න මං කැමතියි.

    ReplyDelete
  34. රචකයා කියනවා
    {{මං ලිපියෙන් කියන්න උත්සාහ කළේ තම තමන්ගේ විශ්වාස ඇදහිලි තම තමන් ගාව තියාගන්න. අනුන්ගේ විශ්වාස ඇදහිලි වලට අනවශ්‍ය විදිහට බලපෑම් කරන්න එපාය කියලයී! :)}}

    ඒ කියන ගමන් තවත් කෙනෙක්ගෙ විශ්වාසයක් හා ඇදහීමකට නිර්ධය ලෙස ගරහනව. එතකොට රචකයට අමතකඉ ඒ ධාතු වදින්න ගිය පිරිසත් එතෙනට ගියේ විස්වාසයක් හා ඇදහීමක් නිසා බව.

    දැන් අන්තර්ජාලෙ පොරක් වෙන්න පුලුවන් කියල හිතන ට්‍රෙන්ඩ් එකක් නෙ මම බෞද්ධ ඒත් අපි කරන දේවල් නොවේ හරි දේ අනිත් ආගම් කරන දේ තමා හරිය කියල උඩ පනින එක.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න ඔබට අවශ්‍ය උනේ ලිපියේ කරුණු අමතක කරලා මාව විවේචනය කරන්නයි. ඒකෙන් සිද්ධු උනේ බුදු දහම යනු විශ්වාස කිරීම සහ ඇදහීම නොව විමසාබලා අවබෝධ කරගැනීමයි කියන එක අමතක වීමයි.

      ඔබ ඔය කියන කාරණා ත්‍රෙන්ඩ් එකක්නම් මම ඒ ත්‍රෙන්ඩ් එකේ නෙමෙයි. මොකද මට ආගමක් නෑ!
      අනික මට දැන් කිසිම ආගමක් හරි දෙයක් කරන පාටක් නම් පේන්නෑ...

      Delete
  35. බිලි පුජා, බෝධි පුජා, ධාතු වන්දනා, මේ සේරටම මුල අන්ධ භක්තිය. දේවවාදී ආගම් වල ඇත්තෝ මේ දේවල් කලාට දුක නෑ මොකද ඒ ආගම් වල හිතන්න දෙයක් ඉතුරු නොකර දේව වචනයම පිළිගන්න ඕන කියල තියන හින්ද.... ඒත් මේ බෞද්ධ යෝ??? මේ තරම් හිතන්න නිදහසක් තියන දර්ශනයක් ඇතුලේ අන්ධ විස්වාස පසුපස පැන්නීම??????????

    ReplyDelete
  36. ආ.....මම බැලුව කවුද මේක ලියල තියෙන්නේ කියලා මේ අපේ..පූස් පැටියනේ.....තාම පැටියනේ ඒකයි මේ....

    ReplyDelete
  37. ඇත්තම කතාව මචං.. හැම ආගමිකයෙක්ටම තමන්ගේම විශ්වාස තියනවා.. බිලි පූජා කියන දේ අපිට පවක් වගේ පෙනුනට සමහර ආගම්වල ඇත්තොන්ට ඒක පවක් වගේ පේන්නේ නෑ.. දෙවියන් වෙනුවෙන් කියල පූජා කරන්නේ ඒකෙන් තමන්ගේ පවු සේදිලා යයි කියන විශ්වාසයෙන්.. ඒත් මොනවා වුනත් මං අර ඇනොනිමස් කෙනෙක් විදිහට කමෙන්ට් කරපු කෙනාගේ ප්‍රකාශයට එකඟයි.. අපි එහෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ගේ අසූචි කියලා ඒකට වඳින්නේ නෑනේ.. අන්ධ විශ්වාසය මත පදනම් වුන සමහරුන්ගේ ඇදහිලි අපිට පිළිකුල් වුනාට උන්ට ඒක අවුලක් නෑනේ.. බලහන් අර ජෛන ආගමේ උන් හෙළුවැල්ලෙන්නේ ඉන්නේ?? ඒ උන්ගේ ආගමේ ඇදහිලි ක්‍රමය ඉතින් අපි කොහොමද ඒකට විරුද්ධ වෙන්නේ??

    ReplyDelete
  38. අත්තටම සතුටුයි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගෙ ආගම වෙනුවෙන් කෑ ගහන මිනිස්සු අතරෙ මෙ වගෙ බුද්ධිමත් විදිහට ලියල තියෙන පොස්ට් එකක් කියවන්නත්.. ඔබේ විමසුමට ජය!

    ReplyDelete
  39. අනේමන්ද ජීවිත.... එක එක ඒවයින් ආයෙ ආයෙමත් නිර්වචනය වෙමින්....

    ReplyDelete
  40. සියයට සියයක් එකගයි

    ඒ වගේම අන්ධ විශ්වාසය සහ අන්ධ භක්තිය නැති තැන,, නිවැරදි දැක්මක් තියන පිරිසක් අළුතින් බිහි කරන්න පුළුවනි. යම් ආගමක නිර්වචනය වන යථාර්ථය අද වෙද්දි සැගවිලා තියෙන්නේ මිනිස්සුන්ගෙ අන්ධ විශ්වාස නිසා.

    හැම ආගමක් විසින්ම කරන්නෙ යම් ආකාරයකට ඒ ඒ පුද්ගලයන් හැඩගැස්විමක්
    ඕක තේරුම් නොගත්ත බහුතරයක් ඉන්නව ස්වාර්ථයම මුදුන්පත්කරගෙන තමන්ගෙ ආගම විතරයි පෙරටු කරගෙන යන අය.

    ReplyDelete
  41. aparade pusa blog ekak athule hira wela inne.. oba thumata me lipiya livime pradhana aramuna,oba thumage hithata ena de livimanam eke kisima waradak naha..... eth oba thumata hithenawanam me asarana moda minissu andha bakthiyen mudawagena yaha margaya penwala denna..oba thuma buduhamuduruwontath wada sheshtai. sadu sadu sadu. mata jiwamana budun dakka ha samanai. oba thumage danuma theruma gana pahadila mata sathutu kadulu awa.ane aththamai.ane eka deyak mata kiyala denna sama wela.... oba thuma kiyala thibuna eka thanaka ada kale kisima pothaka ho nathilu buduhamuduruwo ki dharmaya e akarayenma.. mata e gana wada karanne danumak naha.eth teruna eka deyaknam oba thuma dannewa athi buduhamuduruwonge asu harashasak wu daramayen eka binduwak ho un wahanse kiyu akarayenma. ane mata sama wela e darmayen bidak kiyala dennako. eka oba thuma egena gaththeth kohomada kiyala kiyanawanam godak watinawa.mokada mamath oba thumage anugamikayek wenawa. maka dewa rajathuma dharmaya biduwak ahanne thamange jivithaya kapa karala yakakuge katata paninneth sudanam una kiyala man pothakin kiyawala thiye, ane oba thumath ewani kaleka pahala wu sak deviyo wage kiyalai mata hitenne. habai mama nam maka dewa rajjuruwo neme. mata sama wela darmaya biduwak deshna kala manavi

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...