Monday, February 4, 2013

මම නිදහස් වුණෙමි! ඔබ නිදහස්ද?


මට නිදහස කියන්නේ තනියම විඳින්න ඕනේ දෙයක්. තව කෙනෙක් හෝ පිරිසක් එක්ක නිදහස කොහොම විඳින්නද?අපි විඳින නිදහසට නෙමෙයි තව කෙනෙක් නිදහස කියන්නේ. කෙනෙක් ආසයි නිදහසේ චිත්‍ර පටියක් බලන්න. තව කෙනෙක් ආසයි නිදහසේ සිංදුවක් අහන්න. උන් දෙන්නම එකට සෙට් උනොත් දෙන්නටම නිදහස නැතුව යනවා.

මම මගේ නිදහස සමරන්න අවශ්‍ය ද්‍රව්‍ය කීපයත් අරන් දෙහිවල බීච් එකට ගියා. යාළුවොත් එක්ක හැමදාම සෙට් වෙන තැන. එතන සුමිත් අයියා දැන් අපිව අඳුරනවා. සුමිත් අයියගෙන් පුටුවක් ඉල්ලගෙන මම මුහුද පේන හරියෙන් වාඩි වෙලා වැඩේ පටං ගත්තා. මගේ නිදහස මගේ අත්ල මත රෝල් වෙන්න පටං ගත්තා.

මගේ ඉස්සරහා මේසේ ඉන්න සෙට් එක ශීෂා ගහන්න ලෑස්ති වෙනවා. මේ මගේ නිදහස වගේ ඒ උන්ගේ නිදහස වෙන්න ඇති. ඒත් උන් හූකඃ එකට වතුර දාලා වැඩියි. මම මගේ නිදහස විඳින ගමන්ම උන්ට උන්ගේ නිදිහස විඳ ගන්න සපෝට් එකක් දෙන එක හොඳ වැඩක්.

"මචං ඕකේ වතුර වැඩියි" මම උන්ට කිව්වා.
උන් උන්ගෙම සෙට් එකේ එක එකාට විහිළුවට බැණ බැණ වතුර අඩු කළා. උන්ට ලැජ්ජා හිතුනද දන්නෑ. මම උන්ගේ නිදහසට බාධා කළාද කියලත් හිතුණා.

මගේ නිදහස ලෑස්තියි. මම නිදහස පත්තු කළා. අරුං ශීෂා ගහන්නත් පටන් අරං. සමහර උන් ජීවිතේ පළවෙනි වතාවටද කොහෙද ශීෂා ගහලා තියෙන්නේ. මටත් මතකයි මාත් පළවෙනියටම ශීෂා ගහපු දවස. මත් වෙන්නෙත් නැති, කිසිම තේරුමක් නැති දුම් ගොඩක් මගේ ඇස් ඉස්සරහා නිදහසේ රටා මැව්වා. ශීෂා දුමයි මගේ නිදහසේ දුමයි අතරේ කිසිම වෙනසක් නෑ. ඒ දෙකම එකම තරමට නිදහස්. සීමාවක් නැතුව ඔහේ පාවෙන්න දුමට පුළුවන්. ඔහේ පාවෙන දුම් අතරින් මම දැක්කා විශේෂ දෙයක්. ඒ සෙට් එකේ එකෙක් බෙල්ලේ ධර්ම චක්‍රයක්  දාගෙන. අතේ වොඩ්කා වීදුරුවක්.

ඒත් එක්කම මට මතක් උනා එන ගමන් බස් එකේ පිටි පස්සේ සීට් එකේ හිටපු කොල්ලෝ දෙන්නා කතා උනු මාතෘකාව. හලාල්!. හිනහත් යනවා මේවා මතක් වෙනකොට. මේ ලෝකේ මිනිස්සු විසින් දෙවියන්ව මැව්වා, මිනිස්සු විසින්ම ආගම් ඇති කළා. ආයෙමෙත් මිනිසුන් විසින් මවපු දෙයියන්ට කියලා මිනිස්සුන්වම මැවෙව්වා. ඒකම මාරම විකාර වැඩක්. ආගම් හදාගත්තු මිනිස්සු ඒ ආගම කියන කූඩුව ඇතුලේ හිර වෙච්චි රිලා මොටෙක් වගේ වෙලා. ඒ විතරක් නෙමෙයි ඒ රිලව් තමන්ගේ කූඩුවට වෙලා පාඩුවේ නොඉඳ අනික් කූඩු වල ඉන්න රිලවුන්ට විරිත්තන්නත් පටන් අරං. අනික් කූඩු වල ඉන්න උන්ට කූඩු වෙලාවත් නිදහසේ ඉන්න දෙන්නෙ නෑ. ආගම කියන කූඩුවේම මිනිසාගේ හිතීමේ නිදහසත් කූඩු වෙලා නේද?.

සුද්දා අපිව හිර කරගෙන හිටියා. පස්සේ ඌටම එපා වෙලා අපිව නිදහස් කළා. ඌ, අපිව නිදහස් කරපු වෙලේ ඉඳන් අපි හැසිරිලා තියෙන්නේ පිස්සු බල්ලෙක්ව කූඩුවෙන් නිදහස් කළා වගේ නේද කියලා අතීත, වර්තමාන සිද්ධි දිහා බලනකොට හිතෙනවා. අතීතයේ ඉදන් තාමත් දේශපාලකයෝ තමන්ට අහුවෙන අහුවෙන දේ විනාස කරගෙන කරගෙන යන්නේ පුදුම නිදහසකින්. ඔවුන්ගේ නිදහසට බාධා කරන්න සමතෙක් අපේ රටේ නෑ. මිනිස්සු හිර වෙලා කර කියා ගන්න දෙයක් නැතුව. එහෙම ඉන්න ගමනුත් මේ මිනිස්සු තමන් හිර වෙලා ඉන්න කූඩුවේ තියෙන පුංචිම නිදහසත් නැති කරගන්න හදනවා ආගමයි, ජාතියයි තව මොන මොනවදෝ ටිකකුයි පටලවගෙන. ඒක හරිම විකාරයක්. ඇත්තටම මේ වගේ මිනිස්සුන්ව සුද්දට එපා උනු එක ආයේ පුදුමයකුත් නෙමෙයි. තමන්ගේ නිදහස තමන් විසින්ම නැති කරගන්න උත්සහ කරන මිනිස්සුම ආයේ තමන්ගේ නිදහනුන්ගෙන් ඉල්ලලා කෑ ගහනවා. ඒකත් පුදුම හිතෙන විකාර වැඩක්.

මම දල්වපු නිදහස නිවිලා ගියා. නිදහස දැල්වෙනකම්ම මගේ සිතුවිලිත් නිදහසේ පාවෙලා ගියා. මගේ හිතට පුදුම නිදහසක් දැනෙනවා. දැන් මට දැනෙනවා මමත් නිදහස් වේගෙන යනවා............ ගුරුත්වයෙන්!








[පින්තූරෙ - http://24.media.tumblr.com/tumblr_l3utughdRr1qahlbyo1_500.png ]

36 comments:

  1. නියම ලිපිය... මේකට ඔයාට කැමති නං කවි සහ නිසඳැස් අතරින්, හොඳම කෙටිකතාවට දෙන්න පුළුවන්, පුද්ගලික කැටගරියෙන්. :D

    ReplyDelete
    Replies
    1. :D හරි හරි! දැන් එහෙම වෙන්නෑ!

      Delete
  2. මිනිස්සු විසින්මයි තමන්ගේ නිදහස නැති කරගන්නෙ . මේක තේරුම් ගන්නෙ කීයෙන් කී දෙනාද ? නිදහස් දවසේ කියවන්න හොඳ ලිපියක් .

    ReplyDelete
  3. තනියම ඉද්දි ඔහොම දේවල් හිතෙනවා බං

    ReplyDelete
    Replies
    1. කාලෙකින් සෙට් උනෙත් නෑ නේද බං? ;)

      Delete
  4. චී... නෝටි පූස් තඩියා.....

    ReplyDelete
  5. නියම නිදහස ආහ් !

    ReplyDelete
  6. මේකා නම් අද උදේම බීලා නිදහස සමරනවා වගේ

    ReplyDelete
    Replies
    1. අපෝ උදේ පාන්දර බොන්න පුළුවද? අපි බේබද්දෝ කියලද හිතං ඉන්නේ? :D

      Delete
  7. ඔව් පූස්. නමුත් මගේ නිදහසේ සීමාව අනිකාගෙ නහය කිට්‍ටුවෙන් ඉවරවෙනවා. :)

    මට මතක් වෙන්නෙ අමෙරිකාවේ කලු මිනිස්සුන්ට නිදහස ලැබුනාම ඒ මිනිස්සු වික්ෂිප්ත වුනාලු ඊ ලඟට මොකද කරන්නෙ කියලා හිතාගන්න බැරුව.:O

    ReplyDelete
    Replies
    1. "නමුත් මගේ නිදහසේ සීමාව අනිකාගෙ නහය කිට්‍ටුවෙන් ඉවරවෙනවා" ගොඩ දෙනෙන් ඕක නොදන්න එක තමයි අද වෙලා තියෙන අවුල. එක අතකින් බැලුවම නිදහසක් ඉල්ලලා නිදහස ලැබුණම එහෙමනම්, එකපාරටම නිකංම නිදහස ලැබුණ නිසා එදා ඉදන් තාමත් මෙහෙම හැසිරෙන එකත් පුදුමයක් නෙමෙයි!

      Delete
  8. නියම ලිපියක් පූසෝ........
    අපි කරන කියන දේ ගැන අපි අපිම පුනර්විමර්ශනයක් කරනවනම් අපෙන්ම මේ ප්‍රශ්න අහගන්න පුළුවන්.
    අපි ඇත්තටම නිදහස්ද.... නිදහස කියන්නෙ මොකද්ද...?

    මමනම් තාමත් හිර ගේක. මැරෙනතුරාවට

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නිදහස කියන්නෙත් එක්තරා සීමාවක් නේද කියලත් මට හිතෙනවා වෙලාවකට!

      Delete
    2. සමහරවිටත් අපි විසින්ම දාගත්තු සිමාවක් විය හැකියි... හැම ‍දේම කඩාබිඳ දා‍ගෙන නිදහසක් ‍හොයනව වුණත් යම් අවස්ථාවක ආ‍යෙම අපිට වැට‍හේවි අපිට කුමක ‍හෝ ‍දෙයක අඩුවක් ඇති බව... ඒකට සමහරවිට ‍හේතුවක් ‍වෙන්න පුළුවනි,,,, “අපි කිසි ‍දෙයකින් තෘප්තිමත් ‍නොවිම“

      Delete
  9. පෝස්ට් එක පටන් ගත්ත විදියට පට්ට ලයික්..

    ReplyDelete
    Replies
    1. ඔය පටන් ගැන්ම කීප දෙනෙක්ම දන්න හැබෑම සිද්ධියක්!

      Delete
  10. බොහොම සුන්දර නිදහසක්නේ විඳල තියෙන්නේ...ඉතිං මොනවටැයි අපි බාදා කොරන්නේ...අපිනං ඉතිං නොටි කියල කියන්නේ නෑ ඕං
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  11. හැමදාම වගේම, නියමයි!! අමුතුයි!!! (Y)

    ReplyDelete
  12. ,
    බළල් තඩියෙක් දෑස් අඩවන් කර
    වෛවර්ණ දුම්වළලු
    අනන්තයට විසිකරන
    ගුරුත්ව ත්වරණය
    ඌට, නිදහසට විවරණ දෙන
    මම අන්තයක සිට
    ඉරිසියා කරන


    ReplyDelete
    Replies
    1. මහන්සිත් ඇති නෙවෙද
      ඔටු හුරතල් බලා?
      මෙහෙ වරෙන් නිවාඩුවට....
      දුම් වළල්ලක් උඩ නැගන්
      අනන්තයට යන ගමන්
      කතා කරමු අපි
      නිදහස ගැන!

      Delete
  13. සුපිරි නිදහසක් ආ :)
    හොඳ පෝස්ට් එකක්.

    ReplyDelete
  14. maxxaaaa..... mama mage FB eke meke podi keellak uputaagena demma.... kamak ne needdaaa???? :)

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයේ හැමෝටම පේන්න තියෙන දෙයක් කෙනෙක්ට කොපි කරලා ගන්න පුළුවන් නිදහස දීලා තියෙන තැනක්. මට කියන්න බෑ කාටවත් මෙතන තියෙන දේවල් කොපි කරන්න එපා කියලා! හැබැයි යම් තැනකින් අපි දෙයක් අරගෙන තවත් තැනක දානවානම් ඒක ගත්තු තැන ගැන දාන්න ඔනේ. ඒක අන්තර්ජාලයට විතරක් පොදු දෙයක් නෙමෙයි. කොහොම උනත් අන්තර්ජාලයෙන් යමක් උපුටා ගන්නවානම් ඒ තැනට ලින්ක් එකක් දැමීමයි යුතුකම :)

      වැල් වටාරම් ගහලා කිව්වේ උපුටා ගත්තට කමක් නෑ කියලා :)

      Delete
  15. Ane pako thopi nidahase den inne rata wenuwen merichch kollo nisa wena mokakawath pakak nisawath newi.

    ReplyDelete
    Replies
    1. ඔබට මගේ කතාවේ දකින්න තියෙන අදහසට වඩා විරුද්ධ අදහසක්නම් තියෙන්නේ ඒක ඔයිට වඩා පැහැදිලිව කියන්න තිබුණා. බොහෝ වෙලාවට ඔහොම කුණුහරුප කියන්නේ කියාගන්න කිසිම දෙයක් නැතිව ලේඛකයාට බණින්න ඕන උනාමයි. ඔබේ අදහස පැහැදිලිව කියන්න. මගේ මතයට විරුද්ධ මතයක් ඉදිරිපත් කළාට මම ඔබට බණින්නෙවත් ඔබත් සමග තරහා වෙන්නෙවත් නෑ. අනික ඔබේ අදහස් දැක්වීමේ නිදහස වැරදි ලෙසට පාවිච්චි කරන්න එපා!

      Delete
  16. මේ ඔබ කතා කරනු ලබන්නේ සමාජ විද්‍යාමක විමර්ශනවාදි හෝ විවේචනවාදි දෘෂ්ටි‍ කෝණයකට අනුව නම් ඔබතුමා කියන පරිදි හිතන කල; මේ ලියමන තුළ, මා දුටු ආකාරයට, ඔබ අනෙක් අයගේ 'නිදහස' යැයි ඔබම අර්ථ දක්වන ආකාරයට අනුව පෙනෙන ප්‍රස්තූතයට ඔබම ඔබේ ඇඟිල්ල දිගු කොට ති‍බේ.(මාත් මේ කරන්නේ එවැන්නක් යැයි ඔබට කිව හැකි උනත් මා එය බැහැර කරන්නේ ඔබේ සිතුවිලි ඔබට අනුගත වුවත් මට සාපේක්ෂව එය මට අනුගත නොවන බැවිනි.)

    නමුත් මේ හුදෙක් සිතක පහල වු නිර්මාණාත්මක සිතුවිලි සමුදායක් නම්, එය චරිතයක පැතලි ස්වභාවය කඩොතොළු කරමින් රසාලිප්ත කරන්නට ගත් වැයමක් යැයි මට සිතේ. එනයින් බලන කල එය පරිකල්පනයේ ආයාසයෙන් මතුවු නිර්මාණයක් නම් මාත් කියන්නේ එය අගේය.

    ReplyDelete
    Replies
    1. "ඔබ අනෙක් අයගේ 'නිදහස' යැයි ඔබම අර්ථ දක්වන ආකාරයට අනුව පෙනෙන ප්‍රස්තූතයට ඔබම ඔබේ ඇඟිල්ල දිගු කොට ති‍බේ"
      මම දන්නවා අපේ රටේ කැමති කෙනෙක්ට කැමති ආගමක් ඇදහීමේ හෝ කිසිම ආගමන් අදහන්නේ නැතුව සිටීමේ නිදහසක් තියෙනවා. ඒ වගේම මම දකිනවා සමහර අය අනෙක් අයෙක් ආගමක් අදහන්න යනකොට ඊට බාධා කරනවා. ඒ කියන්නේ කෙනෙක් තව කෙනෙක්ගේ කැමති ආගමක් ඇදහීමේ නිදහස අහුරනවා. එතකොට කෙනෙක්ට කැමති ආගමක් ඇදහීමට ඇති නිදහස තනි මම අර්ථ දැක්වූ දෙකක්ද? නෑ ඒක අර්ථ දැක්වූයේ මම නෙමෙයි. බහුතර්ය යි. එතකොට තවත් කෙනෙක් තමන් කැමති ආගමක් අදහන ගමන් අනෙක් ආගම් වලට අකටයුතුකම් සිද්ධ කරනවා. එහෙම වෙනත් ආගමකට අකටයුතු කම් කරන්න නිදහසක් ඔවුන්ට ලැබුණේ කොහොමද? මම මෙතනදී ඇගිල්ල දික් කළේ අනෙකාට තියෙන නිදහස අහුරන කෙනා දිහාවටයි. (ආගම යනු රටේ බහුතරය අදහන ආගම නොවේ. සියලුම ආගම්ය!)

      "නමුත් මේ හුදෙක් සිතක පහල වු නිර්මාණාත්මක සිතුවිලි සමුදායක් නම්"
      හැම නිර්මාණයක්ම සිතක පහළවෙන නිර්මාණාතම සිතුවිලි සමුදායක එකතුවක් තමයි. ඒක හැඩ කරන්න අපි(මම) අපේ(මගේ) අත්දැකීම්, අදහස්, විවේචන, ස්ථාන, සිදුවීම් සේරම කවලම් කරනවා!

      Delete
  17. වෙන වෙනම උත්තර නොදුන් අයට : ස්තූතියි වචන කීපයක් ලියලා ගියාට! :)

    ReplyDelete
  18. ඒ වුනාට ගංජා ගහන්න එපා පූසා ශීෂා ගහන්න... :)

    ReplyDelete
    Replies
    1. ශීෂා නේන්නම් අපි ගැහුවේ! ;)

      Delete
  19. සිකේ මේකා එදාත් මලක් ගහලද ?

    ReplyDelete
  20. අවංකෙන්ම සෑහෙන්න රහයි....

    ReplyDelete
  21. උඹ නිදහස අත්දෙකේ රෝල් කර කර ගුරුත්වයෙන් නිදහස් උනේ කොහොමද කියලා කියන්න නැද්ද එතකොට? :D

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...