Friday, December 3, 2010

දෙදෙනෙක්ට එකවර ආදරේ කිරීම.......



ඔන්න මුලින්ම කියන්නම් මම මේ ලිපියෙන් කතාකරන්නේ කෙල්ලෙක් එකවර කොල්ලෝ දෙන්නෙක්ට ආදරේ කිරීම ගැනයි. හැබැයි එකවර කෙල්ලෝ දෙදෙනකුට ආදරේ කරන කොල්ලොත් ඉන්නවා. ඒක ගැන ලිපියක් ලියන්න මට තේරෙන්නේ නෑ. ඔන්න අපේ ගැහැණු පාර්ශවයට බාරයි ඒ ගැන ලියන්න.

ඔන්න මුලින්ම කියන්නම් මේකත් ඉස්සෙලා ලිපියට (මූණු පොතෙන් ආදරය සොයා යාම) ටිකක් සම්බන්ධයි. මොකද මේ සිදුවීමත් වැඩිපුරම සිද්ධ වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ නිසා වගේම මේ සිදුවීමේත් මූලික පදනම වෙන්නේ "බොරුව" කියන එක නිසා.

මේ සිදුවීම සම්බන්ධයෙන් මම පොඩි අධ්‍යයනයක් කළා ඉතින් මම ඒ දේවල්. මාතෘකා යටතේ කරුණු වශයෙන් දක්වන්නම්.

කෙල්ලෙක් එකවර කොල්ලන් දෙදෙනෙකුට ආදරය කිරීම සම්බන්ධව කළ අධ්‍යයනයට කරුණු සපයා ගත් ආකාරය. 

  • මාගේ අත්දැකීම්.
  • මගේ මිතුරන් විසින් පැවසූ ඔවුන්ගේ මිතුරන්ට සිදුවූ සිදුවීම්.

කෙල්ලෙක් එකවර කොල්ලන් දෙදෙනකුට ආරය කිරීමට පෙළඹීමට හේතු.
  • කොල්ලන් දෙදෙනෙකුට එකවර ආදරය කරමින් කාලයක් සිටිමින් ඔවුන් දෙදෙනාගෙන් වඩාත් හොඳ පුද්ගලයා තෝරා ගැනීමට. 
  • වෙනත් රටක සිටින කෙල්ලෙක්නම් බොහෝවිට ඇයගේ පාලුව නිවාගැනීමට( කොල්ලෝ දෙන්නෙක් එක්ක යාලු වෙලා ඉන්නේ මේකයි කොල්ලෝ දෙන්නට වෙලාවක් දෙකක් දීලා තියනවා එක්කෙනෙක් එක්ක කතාව ඉවර වුනාම අනිත් කෙනාත් එක්ක. එතකොට කෙල්ලට කම්මැලි නෑනේ. ගොඩාක්වෙලා ඔහේ කියව කියවා ඉන්න පුළුවන්නේ)
  • දෙදෙනක් සමඟ යාලු වී සිටින විට ඔවුන්ගෙන් ලැබෙන තෑගි ආදිය නිසා.(එක්කෙනෙක් එක්ක ඉන්නකොට වගේ නමෙයිනේ දෙන්නෙක් එක්ක ඉන්නකොට )
(තවද මෙම ලිපියේ සභ්‍යත්වය ආරක්ෂා කළ යුතු බැවින් සඳහන් කළ කොහැකි හේතූන් කිහිපයක්ද ඇත.)


පිටරට සිටින කෙල්ලන්, දෙදෙනෙකුට එකවර ආදරය කිරීම සඳහා එරට කෙනෙක් සොයා නොගෙන ලංකාවේ කොල්ලන්වම අල්ලා ගන්නේ ඇයි?
  • එරට සිටින ලංකාවේ කොල්ලන් දෙදෙනෙක් අල්ලා ගත්තද වැඩේ මාට්ටු වුන දවසට දෙදෙනාගෙන්ම රිටර්න් එක ලැබේ යැයි ඇති බිය.
  • ලංකාවේ කෙල්ලන්ට සුද්දෙක්ව දැලේ දාගැනීම පහසු නොවීම.
  • අමාරුවෙන් හෝ සුද්දන් දෙදෙනකු දැලේ දාගෙන සිටින විට උන්ට මාට්ටු වුනොත් උන්ගෙන් ලැබෙන රිටර්න් එක පිළිබඳව සිතා ගැනීමටවත් නොහැකිවීම.
  • කෙල්ල  වෙනත් රටක සිටින නිසා එරට රැදී සිටින ලංකාවේ කොල්ලන්ට බොරු කියනවාට වඩා ලංකාවේ සිටින කොල්ලන්ට බොරු කීම පහසු වීම.(බොරුව පවසන්නේ කිසියම් වෙබ් අඩවියක් හෝ වෙන යම් මාධ්‍යයක් හරහා නිසා බොරුව අල්ලා ගැනීමට ඇති නොහැකියාව බොරු කීම පහසු වීමට ඇති හේතුවයි. )
  • වැඩේ මාට්ටු වුනොත් පහසුවෙන් මුණු පොත් ගිණුම අක්‍රීය කිරීම හෝ දුරකතන අංකය වෙනස් කිරීම මඟින් සියලු සබඳතා පහසුවෙන් නවතා දැමිය හැකි වීම.
  • එසේ සිදුකල විට පහසුවෙන් නැවත වෙනත් නමකින් මුණු පොත් ගිණුමක් හා අලුත් දුරකතන අංකයක් ලබා ගැනීමේ පහසුව.
ඔන්න ඕවා තමයි මගේ අධ්‍යයනයේදී මට තේරුම් ගිය කරුණු. මෙතන ලියවිලා නැති ඔයාලා දන්න තව කරුණු තියනවානම් සඳහන් කරන්න.

මේක කියවලා අපේ ගැහැණු උදවිය කලබල වෙන්න ඕනේ නෑ. හැම කෙල්ලෙක්ම මේ වගේ නෑ. මේ ජාතියේ කෙල්ලෝ ටික දෙනායි ඉන්නේ. හැබැයි ටිකදෙනා කරන හානිය නම් පොඩි නෑ.මොකද මේවට ගොඩක් වෙලාවට අහුවෙන්නෙත් අහිංසක කොල්ලෝ (මමයි මගේ යාළුවයි වගේ :D ) උන් එහේ ඉඳන් පාලුව මකාගන්න ආදරේ කරනවා. අපි මෙහේ ඉඳන් ඇත්තටම ආදරේ කරන්න ගිහින් පුක බිම ඇනගෙන උඩ බලන් ඉන්නවා. 
ආයෙත් කියනවා මේ දේවල් අදාල වෙන්නේ ඒ වගේ වැඩ කරන කෙල්ලන්ට විතරයි.
ආ තව දෙයක් එක පාර දෙන්නෙක්ට ආදරේ කරන්න සමහර කෙල්ලන්ගේ මානසිකත්වය වෙනස් කරන්න ඔය මම උඩින්ම දාලා තියන පින්තූරේ කට්ටිය ඉන්න චිත්‍රපටි මාලාව(twilight movie series) බෙහෙවින් දායක වුනා කියන එක මම සෑහෙන්න විශ්වාස කරනවා.

ප.ලි: මෙවන් ලිපියක් බ්ලොගයේ ලිවීමට මා හට අදහස පහල කළ උදිත් සහෝදරයාට මාගේ ස්තූතිය පිරිනමනවා.

28 comments:

  1. මචං නියම මාතෘකාව. මට මේකම උනා දැන් මාසෙකට කලින්. වෙනස කෙල්ල ගෙදරින් හොයපු proposal එකක්. ඒත් පස්සෙ ලව් එකකට convert උනා. අනික කෙල්ල ඉන්නෙත් ලන්කාවෙ.මාස 3ක් විතර ලව් එක යද්දි කෙල්ලගෙ සමහර වැඩ ගැන සැක හිතුනා. පස්සෙ හොයල බලනකොට වැඩේ අහුවුනේ. තව කොල්ලො එකෙක් නෙමේ දෙන්නෙක් ඉන්නවා.

    මම අදටත් දන්නෙ නැහැ හේතුව. ඒ මේ තියෙන්නෙ මට හිතෙන දේ

    කෙල්ල තාම ඉගෙනගන්නවා. ප්‍රදාන subjects IT and Chemistry

    එක කොල්ලෙක් මොර‍ටුවෙ Industrial Chemistry කරන එකෙක්. උගේ ලව් එක chemistry ගොඩ දා ගන්න වෙන්න පුලුවන්.

    කෙල්ලගෙ ගෙදර තියෙන්නෙ මහපාරට 2 Km දුරින්. ගෙදර ලඟ වෑන් එකක් තියෙන එකෙක් සෙට් කරගෙන ඉන්නෙ ප්‍රවාහන පහසුකම් වලට වෙන්න පුලුවන්.

    මාව සෙට් කරගෙන හිටියෙ IT අහගන්න, ආතල් ගන්න සහ තෑගිබෝග වලට.

    මාත් එක්ක වෙච්ච දේ අනිත් උන් එක්ක නොවුන කියල හිතනව නම් මම මෝඩයෙක්.

    කොහොම උනත් දැන් ඒක නවත්තල මාසයක් විතර. තාමත් පොඩ්ඩක් දුකයි ඇයි මෙහෙම ගෑනියෙක්ට බොක්කෙන් ලව් කරේ කියල.

    ReplyDelete
  2. @Ranga: අන්න මචං මට ලියන්න අමතක වුන හොඳ පොයින්ට් එකක්. ඔය අපි ඉස්කෝලේ යන කාලෙදි එහෙම හොඳට ඉගෙන ගන්න පුලුවන් කොල්ලොත් එක්ක කෙල්ලෝ යාලු වෙනවා. මොකද සටහන්, ටියුට් ඉල්ල ගන්න දන්නේ නැති දේවල් අහගන්න වගේ. ඉස්කෝලේ යන කාලේ විතරක්ම නෙමෙයි කැම්පස් වලත් ඒ සිද්ධිය එහෙම්මමයි කියලා ආරංචියි.
    බොහෝම ස්තූතියි මට මගහැරුනු හොඳ පොයින්ට් ටිකක් තියනවා ;)

    ReplyDelete
  3. වංචාවෙන් පවත්වාගෙන යන සම්බන්දකම් වලට ආදරය කියන්න බෑ නේද. ආදරය එහි පදනම නම් වංචාව තියෙන්න බෑ නේද.

    ReplyDelete
    Replies
    1. hmmm. it's true.just using others

      Delete
  4. @පිණිබිඳු...: ඒක ඇත්ත. ඒත් ඒ වංචාව කරන්නේ ආදරේට මුවා වෙලානේ. වංචාව කරන කෙනා තමයි දන්නේ එයා මොකක්ද කරන්නේ කියලා. අනිත් කෙනා ඒක දැනගන්නේ පස්සේ. එතකොට තමයි දන්නේ තිබිලා තියෙන්නේ ආදරේ නෙමෙයි වංචාව කියලා :(

    ReplyDelete
  5. ගොඩක් වෙලාවට වැ‍රැද්ද කොල්ලගෙ.ලොකු,ලොකු එව්වට බැහැපුවාම තමයි ගොඩක් වෙලාවට ඔහොම වෙන්නෙ.

    ReplyDelete
  6. @dinesh:හිතන්නේ කෙල්ලෝ අල්ලගන්නේ එයාලගේ තරමට නොගැලපෙන කොල්ලන්ව කියලද? =)) එහෙම නෑ එයාල හොයාගන්නේ එයාලගේ තත්වෙට ගැලපෙන අයව තමයි ;)

    ReplyDelete
  7. මටත් ලවුකරපු පලවෙනි වතාවේ එහෙම උනා මම දන්නේ නෑ මගේ පලවෙනි කෙල්ල මගේ යාලුවත් එක්කත් ලවු කියලා ..මට වැඩේ මාට්ටු උනාට පස්සේ ..මම මොකවත් කරේ නෑ කෙල්ල අරූටම තියාගන්න කියලා මම මම යන්ඩ ගියා අම්මපා දැං වගේනම් කන්න ...හිතෙනවා ඒ කාලේ මම පොඩි එකා නිසා හොඳයි ...

    එලකිරි මචං පෝස්ට් එක මගේ අදහස නම් මූනු පොතෙන් ලවු කරන එක ප්‍රායෝගික නොවන බවයි ...කවුරු හරි දෙන්නෙකුට එකවර ආදරේ කරාද එතන ආදරයක් නෑ තියෙන්නේ ..ආසාව විතරයි ..

    ජයවේවා !!

    ReplyDelete
  8. @හිස් අහස: සහතික ඇත්ත :)

    ReplyDelete
  9. ලිපිය ගොඩක් හොඳයි පූසෝ ....... මටත් උනේ ඔය ටිකමයි ..... ඒකි මාව පාවිච්චි කරලා තියෙන්නේ ඒකිගේ පාලුව මකා ගන්න විතරයි ........ මම මෙහේ ඉදන් පිස්සා වගේ ෆුල් බොක්කෙන් ලවට බැස්සේ ..... මට දැන් මම ගැනම තරහයි........ මොනා කරන්නද .....
    මම ඉතින් මගෙ හිත හදා ගන්න ට්‍රයි එකක් දානවා ඇරෙන්න ...... ඒ උනාට මම ආයෙමත් රැවටෙනවා ඒකාන්තයි .......!!!!

    ReplyDelete
  10. @Anonymous: මම එපා වෙනකම්ම රැවටිලා තමයි බං ඒකිව අතහැරියේ. උඹටත් තේරෙනවා නම් රැවටීමමයි වෙන්නේ කියලා අතහැරලා දාපන් බං කල් යන්න යන්න දුක වැඩියි :(

    ReplyDelete
  11. මට කරන්න දෙයක් නෑ පූසෝ !!!! අනේ මන්දා ඒකි මට ආයේ කතා කරනවා..... දැන් ඒකි කියනවා "tin tin ඔයා තම මගේ හොදම යාලුවා,මම ඔයා ගැන මගේ BF ටත් කිව්වා,ඔයා මාව දාලා FB එකෙන් යන්න එපා!!!" ... මම මොනා කරන්නනද මන්දා .. ඒකි මාව නැති කරනවා... මට අමතක කරන්න දෙන්නෙම නෑ ... මටත් අමතක වෙන්නෙම නෑ ....

    ReplyDelete
  12. @Anonymous: අනේ මන්දා බං උඹ මාත් එක්ක තරහා වෙන්න එපා මෙහෙම කියනවාට :( උඹ ලොකු අමාරුවක වැටෙන්නයි යන්නේ :(

    ReplyDelete
  13. උබ එක්ක මොකට තරහා වෙන්නද පූසෝ!!! උබ මට වැරද්දක් කරලා නෑනේ බන්!!!!
    උබ කියපු දේ ගැන මම ගොඩක් හිතුවා .. ඇයි මටම මෙහෙම උනේ කියලා මට හිතුනා .....
    අන්තිමට බලද්දී ගොඩක් කොල්ලන්ට වෙන දේම තමා මටත් උනේ කියලා මම හිත හදා ගන්න තීරණය කළා..ඒකි මට තාම කතා කරනවා මම දැන් ඒකිව වැඩිය ගනන් ගන්නෙ නෑ..ඒත් බන් මම හිතින් විදවනවා බන්..!! මගේ මුල්ම ආදරේටද මෙහෙම උනේ කියලා..මොනා උනත් මම ඒකිගෙන් දුරස් වෙන්න තීරණය කරලා ඉවරයි..උබට ගොඩක් ස්තූතියි පූසෝ!!!!
    උබට ජය!!!!

    ReplyDelete
  14. @Anonymous: හැමදාම විඳව විඳවා ඉන්නවාට වඩා උඹ ගත්තු තීරණය හරි. මේ පෝස්ට් එක කියෙව්වාම උඹ්ටම තේරෙන්න ඇතිනේ බං මම ඒකේ කියලා තියන ඒවා ඇත්තද බොරුද කියලා. උඹට හොඳ කෙල්ලෙක් ලැබෙයි බං කවදා හරි :)

    ReplyDelete
  15. පෝස්ට් එක නම් මරු. දැන් මටත් බයයි මටත් බූට් එකක් වදීවි කියල මචෝ. එයා හැබැයි මට AL වලට මාරම බැකප් එකක් දුන්න. මට සමහර වෙලාවට chemistry පාඩම් මතක හිටිනකන් ෆෝන් එකෙන් කියවනව.(සමහර වෙලාවට මට තරහත් යනව). දැන් මේපාර එයා AL කරනව. මට මේක කියෙව්වම පුදුමාකාර බයක් හිතට ආව.

    ReplyDelete
  16. @nextstepcherub: අනේ බය වෙන්න එපා බං හැම කෙල්ල්ක්ම ඔයවගේ නෑ. මෙක දැම්මේ කාවවත් බය කරන්න හිතන් නෙවෙයි බං මේ වගේ අයත් ඉන්නවා කියලා පෙන්නන්න. උඹට AL වලට එච්චර උදව් කරන කෙල්ල හොඳ කෙල්ලෙක්නේ බං :)

    ReplyDelete
  17. Ayye
    Mama nam adare karanna baya........mama adare karana kolla mawa dala yay kiyana bayata.....
    ethin mama thama katawathma adare karala na.........
    dala giyoth aye wena kath ekkawath yalu wenna hitha hadaganna bari wena hinda.............
    me dewal kiyanne exprnce 1kn newey......e mama mawa hondata andurana hinda......

    ReplyDelete
  18. @Anonymous: oya boruwatane baya welaa inne. yaaluwena kolla oyaawa daala yayi kiyala baye kollek ekka yalu nowi inna eka moda kamak kiyalayi mama hithanne.
    daala yanna balagena yalu wena ayath innawa. e wagema ehema nathi hoda ayath innawa.
    poddak hithala balanna oyaa akamathima dewal karana kenek ekka oya yalu unaa kiyala. oya kochchara kiwwath eyaa hadenneth naththam eyaawa daala yanawa arenna wena karanna puluwan monawada?
    ape jiwitheta lan wena aya wagem athwena ayath innawa. e wage dewal kohoma hari daraganna purudu wenna one. ekayi jiwithe kiyanne :)

    ReplyDelete
  19. Thankx a da advice...........
    Try to find a good guy..........
    :)

    ReplyDelete
  20. කමෙන්ට් කරන්න දිග වැඩි නිසා මම මගේ කතාව,මගේ දුක බ්ලොග් එකක ලිවුවා,
    කැමති අය බලන්න,මේ වගේම කතාවක්
    www.mageadare.blogspot.com/

    ReplyDelete
  21. සාතන්ට කියලත් වැඩි වෙනසක් වෙලා නෑ... එක‍ම බෝට්ටුවෙ

    ReplyDelete
  22. ----meka kavikak hodeee-----

    asai kiyawanna hithuna paminenna
    danuna sulu biyak hemihita wage onna
    aththata kello aido mechchara naraka
    pathanemi labannata kellak poosata

    ReplyDelete
  23. honda kalaa kaami hithak thiyena sanwedi kenek ekka yalu wunanam dala yay kiyala baya wenna deyak na. mama kiyanne nikamata nemey, mage dihama harila balala.

    ReplyDelete
  24. ela ela saho. math eka love ekakade kawa ahema. da eke aneth paththe. unta ekai. mate dekai.

    ReplyDelete
  25. petaratesetaleyame mage rata gana : කොල්ලෙක් කළත් කෙල්ලෙක් කළත් මම ඔය වැඩේ හොඳයි කියන්නේ නෑ.

    ReplyDelete
  26. ආදරේ කියන්නේ ආදරේ.... මට ඊට එහා දෙයක් හිතා ගන්න බැ....:/

    ReplyDelete
  27. කාලීන ලිපියක් .... ඔය බොරුවලට අහු වෙන්න එපා ළමයිනේ...ඕවායේ ලියවෙන දේවල් හුඟක් විට බොරු.ගැහැණු පිරිමි කියලා බේදයක් නෑ හැමෝම අන්දනවා.ඒවා අපි කියවන විදිහට තමයි අපි නොදැනුවත්වම ඇන්දෙන්නේ... අවසානයේදී ඇත්තටම සංවේදී කෙනා ජීවිත කාලෙටම දුක් විඳිනවා.

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...