Thursday, December 30, 2010

එපා නැවත ඔන්ලයින් ප්‍රේමයක්......


මූණුපොතෙන් හමුවී දොඩා
ඇය 'බොරුව' නම් ලැංවේජයෙන්
'ආදරය' නැමැති වෛරසය සාදා
මගේ 'හදවත' නැමති හාඩ් ඩිස්කයට
ඇතුලු කළාය
අපි ස්කයිපයෙන් මල් කැඩුවෙමු
එකල ප්‍රේමය ඔන්ලයින්ය
මූණුපොතෙන්ම ලද විශ්වාස කටයුතු
ආරංචි නිසා
'මම' නැමති සිස්ටමයට
'අවිශ්වාසය' නැමති ස්පයිවෙයාරයද ඇතුලුවී
'මම' නැමති සිස්ටම් එක අවුල් කළේය
"හැමදේම වෙන්නේ හොඳටයි" නැමැති
වෛරස් ගාඩය යෙදූ මම
වෛරසය ඉවත් කළෙමි
දැන් 'ආදරය' නැමති වෛරසය නැත
'අවිශ්වාසය' නැමති ස්පයිවෙයාරයද නැත
නමුත්
වෛරසය මැකී යාමේදී
'හදවත' නැමති හාඩ් ඩිස්කය
පළුදු වී ඇත
ඒවා කෙමෙන් කෙමෙන්
යථා තත්වයට පත් වෙමින් පවතියි
ඒ ප්‍රේම කතාව දැන් සදහටම ඕෆ්ලයින්ය


ප.ලි: ඇය හමුවූ දා සිට මා ඇයට අවසා ඊමේලය යවන දිනය දක්වාම 'ආදරය' නැමති වෛරසය මෙන්ම තව දුක, සතුට, තරහව ආදී තව නොයෙක් නොයෙක් කුඩා ප්‍රෝග්‍රෑම සෑදීම සඳහා භාවිතා කර තිබුණේද 'බොරුව' නැමති ලැංවේජයයි. 

19 comments:

  1. සියල්ල අවසන මා ඈ නමින් විවුර්ත කල ගොණුව මකා දැමීමි. එහෙත් පද්ධතිය කිසිදිනක මගෙන් නෑසුවේය ඔබට හොඳටම විශ්වාසද යන වග (Are you sure..)

    ReplyDelete
  2. ඔය කියන වයිරස් ජාතිය නම් වයිරස් ගාඩ් එකකින් අයින් කලත් ඉදලා හිටලා හරි පොඩි පොඩි errors දානවා. ඒවත් නැතිවෙන්නනම් ඉතින් හාඩ් එක ෆෝමැට් කරලා අලුතින් සිස්ටම් දාන්න වෙයි..

    ReplyDelete
  3. @චතුරංග (ළමයා): :D ඒ වැඩේ සංකීරණ පාටයි බං. මටනම් හිතෙන්නේ ආයේ පස්සේ කාලෙක 'අලුත් ආදරයක්' නැමති සිස්ටම් රිකවරි ටූලයක් හමුවේවි. ඊට පස්සේ හාඩ් එකේ පරණ පළුදුවීම් නැති වෙලා සිස්ටම් එක රිකවරි වේවි :X

    ReplyDelete
  4. හාඩ් ඩිස්ක් එකට "නැටුම් තෙල්" ටිකක් දැම්මා නම් සේරම වෛරස් හේදිලා යනවා පුසෝ...

    ReplyDelete
  5. @-HacKrisH- | හැක්ක්‍රිෂ් : නැටුම් තෙල් වලින් වෛරස් හේදෙන්නේ ටික වෙලාවකට විතරයි නොවැ. තෙල් වල බලේ බැස්ස ගමන් වෛරස් එහෙම්මමයි ;) :))

    ReplyDelete
  6. පූසෝ.. "අලුත් ආදරයක්" ටූල් එක දාලා බැලුවා.. මාර වැඩේ කියන්නේ ඒක අස්සෙත් පරණ වයිරස් එකේ එරර්ස් එනවා.. හික් හික්..

    ReplyDelete
  7. චතුරංග (ළමයා): :-o හපොයි මටත් එහෙම වෙයිද දන්නේ නෑ ~x(

    ReplyDelete
  8. බොරුව නමැති ලැන්වේජයෙන්ම තමයි ඔන් ලයින් ආදර කතා ගියවෙන්නේ... හොද වෛරස් ගාඩ් එකක් දාගන්න මල්ලි.. තවත් අපිට මේ සයිබරේ ඉන්න වෙනනේ... විරහව නැමැති පලුද්ද හාඩ් එකෙන් අයින් කරන්න ‍සයිබරේ ඔයාට උදව් කරයි....
    (මටනම් එහෙමයි)

    සුදු හංසි

    ReplyDelete
  9. සුදු හංසි: ඔව් අක්කේ මටත් ඒක තේරිලා තියෙන්නේ :)

    ReplyDelete
  10. බෑඩ් වෙක්ටර් ආවයි ? දැං ඉතිං මක්කොරන්නද ? එක්ස්ටර්නල් හදවතක්වත් නැතෙයි ..?

    එලම කිරි ! පට්ට වදන්ටික . සිරාවටම එලටම ලියල තියෙන්නේ අපට තේරෙන බාසාවෙන්ම ..

    ජයවේවා !!

    ReplyDelete
  11. හොද වයිරස් ගාඩ් එකක් දෙන්න අයියේ... නැත්නම් බැ නේ..


    ගති... :D

    ReplyDelete
  12. හිස් අහස: ඔව් බං කොරන්ට දෙයක් නෑ. එක්ස්ටර්නල් හදවත්??? කොහෙද බං එහෙම ඒවා තියෙන්නේ? :))

    ReplyDelete
  13. නිම්ශා : ඔව් නගේ මොනවා හරි කොරන්ට වෙනවා ;)

    ReplyDelete
  14. හ්ම්ම්... දුක හිතුනා :(( :((

    ReplyDelete
  15. ජීවිතේ හැටි ඔහොම තමයි.......

    ReplyDelete
  16. owa ohoma thamaiiiii! hamoma bokkan love karan na neeeee

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...