Monday, December 13, 2010

බීපං............

බීපං
හතුරෝ ඇතිකරගන්න නෙමෙයි
මිතුරෝ වැඩි කරගන්න

බීපං
පොඩි වෙලාවකට දුක අමතක කරන්න නෙමෙයි
බොන වෙලාවට සතුටින් ඉන්න

බීපං
බීලා රණ්ඩු වෙන්න නෙමෙයි
සින්දුවක් කියලා සොමියක් දාන්න

බීපං
දුක හිතෙන වෙලාවට නෙමෙයි
සතුටින් ඉන්න වෙලාවට

බීපං
ප්‍රශ්න වැඩි වෙලාවට නෙමෙයි
ප්‍රශ්න නැති වෙලාවට

බීපං
අනුන්ට ණය වෙලා නෙමෙයි
තමන්ගේ අතේ සල්ලි තියන වෙලාවට


පූසාගේ අවවාදය බීම දුක නැතිකර ගැනීම සඳහා හෝ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සුදුසු ප්‍රතිකර්මයක් නොවන බවයි

17 comments:

  1. තිතටම. දුකට, ප්‍රශ්න වලට බොනව කියන එක මටත් තේරෙන්නේ නැහැ.

    ReplyDelete
  2. ඒකනේ මචං මටත් තේරෙන්නේ නෑ :D

    ReplyDelete
  3. දුක කියන කුනාටුව හදවතට හමනකොට හදවත චන්ඩ සයුරක් වෙනවා !
    ඒ කුනාටුව නවත්වන්න මත් බිඳුවකට හැකියි. ඔවු තාවකාලිකව !

    මත් බව ටිකෙන් ට්ක අඩුවෙද්දී හදවත නැමති මුහුදත් සන්සුන් ..

    මේ මගේ ඇසින් ..
    කොච්චර බීවත් මොකද මචං අපි කාටවත් කරදරයක් නොවෙනවානම් ?

    මම එකඟ නොවුනට මොකද ඔයාගේ සිතුවිල්ල නම් පට්ට ...

    ජයවේවා !!

    ReplyDelete
  4. @හිස් අහස: උඹ වගේම මාරයා අයියා මේක කියෙව්වත් මේකට එකඟ නොවෙන බව මම දන්නවා ;)

    ReplyDelete
  5. ko "Marane" tama meka dakala naha wagei. miniha mokadda danne naha me gana kiyanne.

    ReplyDelete
  6. මාරයා. මෙන්න මේකට මොකක් හරි කියන්ඩ

    ReplyDelete
  7. හසිත මදුශංක: ඔව් ඔව් තාම දැකලා නෑ මම හිතන්නේ..

    ඇනෝ: බලමු අපි මාරයා අයියාට කතා කරලා කොමෙන්ටුවක් දාගමු

    ReplyDelete
  8. බීපං
    උඹට විතරක් සතුටු වෙන්න පුලුවන්
    උඹට ආදරය කරන අය දුක් විඳින හැටි බලපං

    ReplyDelete
  9. හපෝයි..මගේ හර බර මත් බර අදහස් මෙ වගේ අඩවිවල මෙ වගේ ලිපිවලට පළ කලහම..අන්තිමට බොන්න වෙන ප්‍රශ්න හදාගෙන තමා නවතින්න වෙන්නේ...

    කෙටියෙන් කියනවනං මම මත් පැන් පානයට සම්පූර්ණ විරුද්ධයි..
    කිසිම කෙනෙක් මත් පැන් බොන්න එපා..මෙලෝ වැඩක් නැහැ.
    බිව්වා කියලා දුක නැති වෙන්නෙවත්, ප්‍රශ්න නැති වෙන්නෙවත් නැහැ.
    බොන එක මහ මෝඩ වැඩක්,සරීර සෞඛ්‍යයට අන්තිම නරකයි.

    ඔව් ඒ හින්දා ඔය එක්කෙනෙක්වත් බොනවා එහෙම නෙවෙයි...ගෙනාපු බෝතල් එහෙම තියේනං මෙන්න මෙහාට ගන්න එකයි ඇත්තේ මං ඒවා වීසි කරලා දාන්නං...

    ඔන්න ඔහොම කිව්වාම අපි කාට කාටත් සතුටින් විසිර ගියහැකි නෙව...
    ඒ සතුටට මං අද බොන්නංකෝ..හිහ්...දැන් කියන්න බැහැනේ දුකට බොනවා කියලා...

    ReplyDelete
  10. @පිණිබිඳු: හප්පොච්චියේ අක්කාට තරහා ගියා නේද? :-/

    ReplyDelete
  11. @මාරයා:විශේෂඥ අදහස් ගන්න කියලා හිතාගෙන එක්කෙනෙක්ට කතා කරලා මදැයි අහගත්තා :( ~x(

    ReplyDelete
  12. පිණිබිඳු..

    හෆෝයි...සමා වෙන්ටෝ...

    ReplyDelete
  13. නියමයි ම​චෝ... මම නම් එකඟයි.

    ReplyDelete
  14. හරියටම හරි මලේ,

    මමත් කවදාවත් දුකකට බොන්නෙ නම් නැහැ,මම කරන්නෙ ඒ දුක අමතක කරන්ඩ මට පුලුවන් කියල අධිෂ්ඨාන කරගන්න එක, අන්න දැං හරි,ඔන්න ආව මුඩ් එකට, ඊ ලඟට බොන්නෙ...... අර දුක අමතක කරපු සන්තෝසෙට,තේරුනානෙ වැඩ පිළිවෙල,

    හරවන්න මධු බඳුන පහළට,
    හලාගන්න බෝතලයෙන්ම කටට,

    ReplyDelete
  15. "හරවන්න මධු බඳුන පහළට,
    හලාගන්න බෝතලයෙන්ම කටට,"

    හපෝයි වතුර බොනව වගේ නොවැ අයියා බොන්නේ :-o

    ReplyDelete
  16. එපා කියන ටික කරන්නමනේ පුසෝ මේ කට්ටිය බොන් නේ

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...