ඔන්න මේක ඉස්සෙල්ලා පෝස්ට් එකට සම්බන්ධයි. ඒක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න.
සාපෙ ඉවර වුනාට පස්සේත් උපේක්ෂායි මායි වෙනදා වගේම කතා කළා. ඒත් ලොකුම ප්‍රශ්නේ වුනේ මට එයාව හම්බවෙන්න විදිහක් නැති එක. මම දැනගෙන හිටියා එයා අපේ ඉස්කෝලේ ලඟ තියන මහජන පුස්ථකාලෙට නිතරම එනවා කියලා. ඒත් වැඩේ කියන්නේ මට ගෙදරින් පැනගන්න විදිහක් නෑ. ඇයි ක්ලාස් යන්නේත් නෑ ඔහේ ගෙදරට වෙලා ඉන්න ගමන් එළියට යන්න අම්මාට කියන්න දෙයක් නෑ. ඒක නිසා මමත් හිතුවා පුස්ථකාලෙට බැඳෙන්න ඕනේ කියලා. ඒත් වැඩේ කියන්නේ පුස්ථකාලෙට බැඳෙන්නනම් අදාල ප්‍රදේශයේ කෙනෙක් කියලා පෙන්නන්න ඕනේ. ඕකට මට මතක විදිහට ග්‍රාමසේවකගෙන් අත්සනයි සීල් එකයි තව ඒ ප්‍රදේශයේ ආදායම් බදු(වෙන්න ඕනේ මට හරියට මතක නෑ) ගෙවන කෙනෙක්ගේ අත්සනත් එක්ක බදු ගෙවපු රිසිට් දෙකක කොපියි(ඔය වැඩේට ඕන වුනේ ඒ ප්‍රදේශයේ ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්ව ) තව ඉගෙන ගන්න පාසලේ විදුහල් පතිතුමාගේ අත්සන.
ඔය හැම දේම කරගන්න එක මහා ලොකු දෙයක් නෙමයි අදාල ප්‍රදේශයේ කෙනෙක් වුනානම්. ඒත් වැඩේ කියන්නේ මම පදිංචි වෙලා ඉන්නේ ඔය කියන ප්‍රදේශයේ නෙවෙයි. මම ඉන්න පැත්තේ තියෙන්නේ වෙන පුස්ථකාලයක්. ඒ කොහොම වුනත් වැඩේ කරගන්න එපැයි. ඔක්කෝම කරගන්න පුළුවන් ඒත් වැඩේ කියන්නේ ග්‍රාමසේවකගේ අත්සන තමයි. හොඳ වෙලාවට මගේ යාළුවෙක් හිටියා මිනිහාගේ තාත්තා ඒ ගමේ ග්‍රාමසේවකගේ හොඳ යාළුවෙක්ලු. ඉතින් මම කරපු වැඩේ මගේ නමට යාළුවාගේ ගෙදර ඇඩ්‍රස් දාලා ඒකා අතේ යැව්වා අත්සන් කරගන්න. යාළුවා ගිහින් එයාගේ තාත්තගේ නම ග්‍රාමසේවකට කිව්ව ගමන් අනේ කිසිම දෙයක් බලන්නේ නැතුව ෂෝක් එකට අත්සන් කරලා දැම්මලු ග්‍රාමසේවකත්. අනික ඒක අත්සන් කරලා මගේ මිත්‍රයා ඒක මට නිකම්ම නෙවෙයි ගෙනත් දුන්නේ. එයා අදුරන කඩයක් කරන කෙනෙක් බදු ගෙවපු රිසිට් දෙකකුත් එක්ක. වැඩේ ගොඩ. (ඒ දවස්වල අයිඩින්ටි තිබ්බේ නෑනේ නැත්තම් ඒවත් බලනවා ඇති.)
කොහොම හරි ඒ වැඩේ කරගත්තාට පස්සේනම් ගෙදරින් පැනගන්න එක හරිමලේසියි. මොකද අපේ අම්මා කොහොමත් දන්නවා මම පොත් කියවන්න ආසයි කියලා. ඒක නිසා ගේන පොත් දෙක දවස් දෙකෙන් තුනෙන් කියවලා ඉවර කළත් අම්මා ඒක ගනන් ගත්තේ නෑ. (අපේ අම්මාට බොරුකරන්න බෑ සුවර් එකටම එයා දැනගෙන ඉන්න ඇති මම පුස්ථකාලේ පටලවා ගත්තේ ගෙදරින් පනින්න කියලා) ඒ කොහොම වුනත් අපි දෙන්නා අඩුම ගානේ සතියකට සැරයක්වත් හම්බවුනා.
ඔය පුස්ථකාලේ ඇතුල් වෙන තැන ඉන්න(බෑග් තියන තැන ) ඇන්ටි අපි දෙන්නට දවසක් නැත්තම් දෙකක් කිව්ව හයියෙන් කතා කරන්න එපා කියලත් පුස්ථකාලේ ලඟ. කොහෙද ඉතින් මට එයා එක්ක ඉන්නකොට අහල පහල ගැන මීටරක් තිබුණේ නෑනේ. අපි දෙන්නා ඒ විදිහට වැඩි දවසක් හම්බවෙන්න වුනේ නෑ මට උපෙ අමතර පංති පටන් ගත්තු නිසා. අපි පුස්ථකාලෙට ඇවිත් හම්බවුනු දවස් කීපයකදීම මම අහුවා අපි කඩේකින් මොනවාහරි බීලා යමුද කියලා. ඒ හැම සැරේකම එයා මොකක් හරි බොරුවක් කියලා පැනලා ගියා.එයා එහෙම එක දවසක් හරි ආවනම් මම එයාට කැමතියි කියලා කියන්න බොහෝදුරට ඉඩ තිබුණා. අපි දෙන්නා හම්බ වුනු හැම වෙලාවකම උපේක්ෂා බොහොම බයෙන් හිටියේ. මාත් එක්ක පාරේ ඇවිදන් යනකොට වුනත් හුඟාක්ම බයෙන් හිටියේ. එයාගේ ඇස් දෙකන් වගේම එයාගේ කටහඩිනුත් මට ඒක දැනුනා. කොහොම වුනත් ඔය කාලේ මගේ හිතේ තිබ්බ දේ එයාට නොකියපු මම මහා ගොං පූසෙක්. ඒත් මම ඒක එයාට නොකියන්න හේතුව මේකයි. මට කිසිම වෙලාවක දැනුනේ නෑ එයාගේ හිතේ මගේ ගැන විශේෂ කැමැත්තක් තියනවා කියලා. එයා මාත් එක්ක හැම වෙලාවෙම හිටියේ නිකම්ම නිකම් යාළුවෙක් ගානට.
ඔය යාළුකමට එහා ගිය දෙයක් මම එයාගෙන් දකිනකම් මම ඉවසන් හිටියා. හොඳ යාළුවෝ වගේ හිටියා. ඔයකාලේ අපි දන්නා අතරේ එක එක ජාතියේ කාඩ් හුවමාරු උනා.(බර්ත්ඩේ කාඩ්, වෙසක් කාඩ්, අළුත් අවුරුද්දට ) එයා කොමස් කළේ. එයාගෙත් ටිකක් පහු වෙලා පංති පටන් ගත්තා. කොහොමින් කොහොම හරි රිසාල්ට් ආවා. බහුතරය 'ඒ' අකුරු වෙච්ච ප්‍රතිඵල දෙකක් අපි දෙන්නාට ආවා. එයාට මට වඩා එක 'ඒ' අකුරක් වැඩියෙන් තිබ්බා. අපි රිසාල්ට් ආපු දවසේ ගොඩාක් සතුටු වුනා. ඒත් එයාට හොඳම විශයන් දෙක විදිහට හැමෝම සලකට විශයන් දෙකට 'ඒ' සාමාර්ථ තිබුණේ නෑ. ඔන්න රිසාල්ට් ආවට පස්සේ තමයි මම අදටත් පසුතැවෙන දෙවෙනි ගොංකම කළේ. ඒ තමයි මට තිබ්බ රිසාල්ට් වලින් කොළඹ තරමක් ජනප්‍රිය පිරිමි පාසලකට මට ඇතුලත් වෙන්න තිබ්බා ඒත් මම ඒකට කැමති වුනේ නෑ. ප්‍රධානම හේතුව උපේක්ෂා තමයි. ඒ ඇර තවත් මෝඩ හේතු නොතිබුණාම නෙමෙයි.
12 වසරේදිත් අපි යාළුවොමයි. ඉස්කෝලේ ඉවර වුනාම මම ඉන්නවා එයා එනකම්. මුල දවස් වල අපි ඉස්කෝලේ ඇරිලා කතා කර කර ගියත් පස්සේ පස්සේ එයා ඒකට අකමැති ගතියක් මට දැනුනා. ආ තව දෙයක් වුනා ඊට කලින්. අපේ ඉස්කෝලේ ආට් කරන්න ඇවිත් හිටියා මරු සුකුරුත්තම් කෙල්ලෙක්. ලස්සනයි ලස්සනටත් වඩා විශේෂ මේකයි. එයා කොළඹ ප්‍රසිද්ධ ගැහැණු ඉස්කෝලෙක ඉඳන් ඇවිත් තිබ්බේ අපේ ඉස්කෝලට. ඉතින් අපේ උන් හරි ආසාවෙන් හිටියා ඒකිත් එක්ක කතා කරන්න. අහ් මේ අපිට එයා කිව්වේ ඒ ඉස්කෝලේ නැටුම් නැති නිසා අපේ ඉස්කෝලට ආවා කියලා. පස්සේ නම් අපිට වෙන වෙන ඒවා ආරංචි වුනා. ඇත්ත නැත්ත මම නම් දන්නේ නෑ. කොහොමහරි මගේ මිත්‍රයෝ සෙට් එක එයත් එක්ක චැට් එකකට සෙට් වුනා. මමත් ඔතන ඉඳලා එයාත් එක්ක ටිකක් කතා කළා. යකෝ මෙන්න එදා නැත්තම් පහුවෙනිදා රෑ මට අස්.එම්.එස් එකක් එනවා පුළුවන්නම් කව්ද කියන්න කියලා.කව්ද කියලා කියාගන්න අමාරු වුනේ නෑ ඒක කඩ්ඩෙන් කොටලා තිබ්බ නිසා. මොකද ඒ දවස් වල කඩ්ඩෙන් කොටලා එස්.එම්.එස් එවන යාළුවෝ කවුරුත් මට හිටියේ නෑ.
මම ඒ කෙල්ල්ට එස්.එම්.එස් යවනවට උපේක්ෂා කැමති නෑ කියලා මට තේරුණ නිසා ඒකත් මම නැවැත්තුවා. 12 වසරෙදී මම උපේක්ෂාගේ උපන්දිනේ දවසේ මම එයාට තෑග්ගක් දෙන්න කියලා හිතාගෙන හිටියා. තෑග්ග දීලා ටික දවසකින් මම එයාට කැමතියි කියලා කියනවාමයි කියලා හිතාගෙන මම ගිහින් එයාට දෙන්න තෑග්ගක් ගත්තා. ලස්සන අත් ඔරලෝසුවක්. ඒ දවස් වල අම්මලා දෙන සල්ලි වලින් කීයක් හරි ඉතුරු කරගන්න සල්ලි වලින් මහාලොකු දේවල් ගන්න බෑනේ. ඒක මම ලස්සනට පාර්සල් කරලා තිබ්බා. උපන්දිනේ දවසේ මම එයාල කෝල් කළා. මම කිව්වා එයාව හම්බවෙන්න ඕනේ කියලා. එයාට එදා බෑ කිව්වා. එදා බෑ කිව්වට මොකෝ එයා ඊට පස්සේ මාව හම්බවෙන්න ආවෙම නෑ. එක එක දේවල් කිය කියා මඟ හැරියා. සති දෙකකට විතර පස්සේ මම තෑග්ග දෙන අදහස අත හැරලා දැම්මා.(ඒක මම මගේ නංගිගේ උපන්දිනේ දවසේ එයාට දුන්නා. ඒක අරන් එයා හොඩාක් සතුටු වුනා. එදා ඉඳන් අද වෙනකම් හැම උපන්දිනේකදීම මම එයාට මොනවා හරි අරන් දෙනවා)
එදා ඉඳන් ටිකෙන් ටික එයා මාගෙන් ඈත් වෙන්නම හැදුවා. මම අදටත් දන්නේ නෑ ඇයි ඒ කියලා. අන්තිමට උපෙට මාස හත් අටක් තියලා මට ඉවසන්නම බැරි තැන මම තීරණය කළා එයාට කියන්න මම එයාට කැමතියි කියලා. ඒත් කොහොමද මම ඒක එයාට කියන්නේ. ඒ වෙනකොට එයා මාත් එක්ක කතා කරන්නෙවත් නෑ. මම තීරණය කළා ලියුමකින් ලියලා දෙනවා කියලා. මම රෑ එළි වෙනකම් ලිව්ව ඒ ලියුම. මහා ලොකු නැතත් මම කෙල්ලෙක්ට ලිව්ව පළවෙනි ලියුම. පහුවෙනිදා ඒක මම එයාට දුන්නා. ආපහු ලියුමක් මට එයාගෙන් ලැබුණා. ඒක ඇරලා බැලුවේ මොනතරම් බලාපොරොත්තු හිතේ තියාගෙනද? ඒත් ඒකේ පේළි තුන හතරකින් ලියලා තිබ්බේ අපි යාළුවෝ වගේ ඉමු කියලා. ආදරේ කරන කෙල්ලෙක් දිහා යාළුවෙක් වගේ බලන්නේ කොහොමද එහෙම බලාගෙන හිත හදාගෙන එයත් එක්ක වචන දෙකක් කතාකරන්නේ කොහොමද?
මගේ යාළුවන්ගේ අදහස වුනේ ඒ කෙල්ලොන්ගේ හැටි තව ටිකක් බලපන් ඔහොම තමයි එකපාරට කියන්නේ නෑ කියලා. ඒ කොහොම වුනත් එයා මට කෙලින් කැමති නෑ කියලා කිව්වේ නෑ. අපි සතියක් විතර ආයෙත් එස්.එම්.එස් වලින් කතා කළා. මම අන්තිමට කිව්වා මට අකමැතිනම් හේතුවක් කියන්න කියලා. ඒත් මුකුත් නෑ. ආයේ ටික දවසකට පස්සේ එයා මට කියනවා එයාට බෝයි කෙනෙක් ඉන්නවාලු. මට විශ්වාසයි එයා කාත් එක්කවත් යාළුවෙලා හිටියේ නෑ. අනික එහෙම හිටියානම් මම යාළුවෙන්න අහපු වෙලාවේ මට ඒක කියන්නේ නැතුව සති දෙකකට පස්සේ කියන්න ඕනේ නෑ. ඒත් මගේ හිතට හරි මදි. ඉතින් මම උපේක්ෂාට කිව්වා මට එයාගේ බොයි ෆ්‍රෙන්ඩ්ව හම්බවෙන්න ඕනේ කියලා. එයා හා කිව්වා. ඔය දවස්වල එක දවසක් මම එයාට කෝල් කරපු වෙලාවක එයාගේ ෆෝන් එකෙන් මට කතා කළේ කොල්ලෙක්. එතන කෙල්ලෝ සෙට් එකක් හිනා වෙනවත් මට ඇහුනා. මම හිතන්නේ එයාට මාව විහිළුවක් වුනාද දන්නේ නෑ.
පස්සේ එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියන කෙනා මට කෝල් කළා. ඒත් ඒකා කතා කළේ මහා රස්ති විදිහට.ඔන්න දවසක් ඒ කියපු හාදයා මාව හම්බ වෙන්න ආවා. ආවේ ත්‍රී වීල් එකකින්. ඒකෙන් බැස්සේ කොන්ඩේ වවා ගත්තු මහා රස්ති පෙනුමක් තියන එකෙක්. මෙන්න මොහෙමයි අපි අතර වුනු සංවාදය. මොකා වුනත් දැන් එනවයි කිව්වේ බෝයි ෆ්‍රෙන්ඩ් නේ ඉතින් හොඳට කතා කරන්නත් එපාය.
මම:හලෝ මචං
ඌ:ආ හා හා
මේ මල්ලි බොයි ෆ්‍රෙන්ඩ් #කුං නම් නෑ මල්ලී මම එයාගේ අයියා.
මම: අහ් එහෙමද අයියේ එයා මට කිව්වේ බෝයි ෆ්‍රෙන්ඩ් එනවා කියලනේ. අනික එයාට අයියලා නෑ නේ.
ඌ: හරි හරි බං මම එයාගේ එහා ගෙදර ඉන්නේ. ඒකිට කොල්ලෙක් නෑ. ඒකි මේ කිව්වා කොල්ලෙක් කරදර කරනවා කියලා ඒකයි මම මේ බලන්න ආවේ.
මම: ආ එතකොට අර අයියාද ෆෝන් එකෙන් කතා කළේ?
ඌ: ඔව් ඒකි පන්සල් ඇවිත් හිටියේ එවෙලේ. කොල්ලෙක් කෝල් කරලා කරදර කරනවා කිව්ව නිසා මම කතා කළේ.
උගේ පට්ටපල් බොරු. ඒකා එදා මාත් එක්ක කතා කරනකොට කිව්වේ බොයි ෆ්‍රෙන්ඩ් කියලයි. ඔය කතාවෙන් පස්සේ නම් මට ගොඩාක් දුකයි ඇයි එයා ඒ වගේ දෙයක් කළේ කියලා. ඊටත් වඩා මට තරහයි. මට කැමති නැත්තම් ඒක කෙලින් කියන්නේ නැතුව හරියට කතාකරන්නවත් දන්නේ නැති රස්තියාදු කාරයන්ව එවාට. උන්ව කොහෙන් අඳුරගෙනද මන්දා..... එදා නම් මම එයාට කිව්ව ආයේ කරදර කරන්නේ නෑ කියලා. තව මොනවා කිව්වද කියලා මට ඇත්තටම මතක නෑ. එදා රෑ මට පිස්සු හැදුනේ නැති එක විතරයි. පහුවෙනිදා ඉස්කෝලෙදී එයාගේ යාළුවෙක් මම එයාට යවපු කාඩ් සේරම උපේක්ෂා මට දෙන්න කිව්වා කියලා මේස උඩට ඉව්සික් කරලා ගියා. ඒක විසික් කළේ හරියම මම ඒකි එක්ක යාලු වෙන්න ඇහුවා වගේ.
"අනුන්ගේ ඒවා උස්සන් එන්න එපා" මම ඒකිට තරහෙන් කිව්වා වගේ මතකයි. එතන කාඩ් මිටියක් තිබ්බා. මට පුදුම විදිහට දුක හිතුනා.
මට අදටත් හිතාගන්න බැරි ඇයි එයා එහෙම කළේ කියලා. මට අකමැතිනම් ඒක එයාට කියන්න තිබ්බා. මේ මෑතකදී එයා මගේ යාළුවෙක්ට කියලා තිබ්බා එදා බෝයි ෆ්‍රෙන්ඩ් වෙස් අරන් ඒ ආපු එකාව එයා දන්නේ නෑ කියලා. මගේ යාළුවා ඒ බොරු පිළිගත්තාට මම නම් ඒවා පිළිගන්නේ නෑ. ඔන්න ඔහොමයි සිද්ධ වුනේ. උපේක්ෂාව මම අර සයිබර් ලව් එකට පැටලෙනකම්ම මූණු පොතේ බ්ලොක් කරලයි තිබ්බේ. වෙන මුකුත් නිසා නෙමෙයි එයාව දකිනකොට මට දුක හිතෙන නිසා. ඉස්සරනම් මේ කතාව මතක් වෙනකොටත් ගොඩාක් දුක හිතුනාට දැන්නම් නිකන් රස කතාවක් කියවනවා වගේ. උපේක්ෂා අද වුනත් මගේ ඉස්සරහට හම්බ වුනොත් මාව නොදැක්ක ගානට යයි. දැන්නම් එයා කොයි විදිහට ගියත් මූණුපොතේ මට එයාව පෙනුනත් මට ගානක් නෑ. පොඩි කාලේ කරපුවානේ :D
ප.ලි කෙටිකරන්න එපා කියන දැඩි ප්‍රෙක්ෂක ඉල්ලීම නිසා කොච්චර දිග වුනත් තනි පෝස්ට් එකට දානවා.
දැන් රෑ 2යි. අන්තිම ටික හදිස්සියෙන් ලියන් ගියේ. රෑට මේක දානවයි කියලා පොරොන්දු වුන නිසා දාන්නම් ඕනේ. පොරොන්දු කඩන්න හොඳ නෑනේ.
මේ මේකේ කොළඹ කියලා ලියලා තිබුණාට මමත් ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කේම තමයි. මේකේ කොළඹ කියලා හැඳින්නුවේ කොළඹ 01 සිට තියන ඒවාටයි.
මේක ලියන් යන ගමන් ඉස්කෝලේ කාලේ වුන රස කතා මතක් වුනා. ඉස්සරහට ලියන්න බලාපොරොත්තු වෙනවා.

හපොයි! බලාගෙන ගියාම හැම කොල්ලෙකුටම වගේ ඔහොම අත්දැකීම් තියනවා නේද මචෝ
ReplyDeletehmmmmmmmmmmmmmmmmmmmmmmmm අනේ මංදා...... ඒළමයා ඔයා ගැන වැරදි මොනවහරි ආරංචියක් විශ්වාස කරලාවත් වෙන්න ඇති.:-/
ReplyDeleteඅයියෝ . . .
ReplyDeleteහෙන දුකයි බන් . .
මොනව වුනත් ගොඩක් කොල්ලෝ වගේ උඹ ඒ දුක මුලු ජීවිතේම කරගෙන දුක් විඳින ජාතියේ කොල්ලෙක් නෙමෙයි කියලා තේරෙනවා.
ඒක ලොකු සතුටක්.
දුක්වෙන්න එපා මල්ලියො . .
උඹට හොඳ ආදරයක් හම්බුවෙයි.
මට විස්වාසයි ඒක.
mata una wage deyak thama mekath ........ mulu hadawathinma adare karana kella diha best friend widiyata balana kohomei ane wachanayak dekak hothata ekagawa katha karanne ..... ai ane meka kellanta therenne naththe ...... :(
ReplyDeletelipiya hodai puuso .. dukai
අපොයි කාඩ් වලට ගිය සල්ලි!
ReplyDeleteවිහිළු කෙසේ වෙතත් ඔය වගේ දෙයක්වත් වෙලා නැතිනං ජීවිතේ ඇති වැඩේ මොකක්ද?
@blog gadol: හි හී ඔව් බං උඹලා පූස් සෙට් එකටත් තියෙනවා මම පූසාටත් තියනවා :))
ReplyDelete@හා පැටික්කි (MS): :o හාවි හිටියෙත් මගේ ඉස්කෝලෙම නෙවෙයි නේද? ඔව් ඇත්තමයි ඔයා කිව්වාම තමයි මට මතක් වුනේ. ඒ දවස් වල අපේ කෙල්ලෝ අතරේ මං ගැන මොකක් හරි වැරදි ආරංචියක් ගිහින් තියෙනවා. පස්සේ දැන ගත්ත විදිහට මම වැඩිය අඳුරන්නේවත් නැති කොල්ලෙක් මං ගැන මොනවාදෝ කියලා.
ReplyDeleteමම අදටත් දන්නේ නෑ ඒ මොකක්ද කියලා. මගේ යාළුවෙක් ඇහුවා මගෙන් මොකද කියන්නේ අපි පොඩ්ඩක් හොයලා බලමුද මොකක්ද සීන් එක කියලා
මම කිව්වා ඕනේ නෑ බං මම කිසිම වැරදි දෙයක් කාටවත් කිව්වෙත් කළෙත් නෑනේ. ඇත්ත එයාලා කවදා හරි දැන ගනී කියලා. මට මතකයි ඒ දවස් වල කොමස් එකෙයි ආට් එකෙයි කෙල්ලෝ මාත් එක්ක කතා කළේ නෑ.
හාවිට මාර ඉවක්නේ තියන්නේ :D
උඹත් බං මං කොරපු වැඩේමනේ කරගෙන තියෙන්නේ.. ටිකයි වෙනස්.. :( ඒ වුනාට දැන් දුක් විඳ විඳ ඉන්නේ නැති එකනම් සතුටුයි..!
ReplyDeleteමමත් උපන්දින තෑග්ගක් ගත්තා ගිය අවුරුද්දේ සැප්තැම්බර් වලදී විතර කෙනෙක්ට දෙන්න. ඒක දෙන්න බැරි වුනා මට එයාව හම්බවෙන්න යන්න බැරි වුන නිසා.. තාම ඒක මං ළඟ බං. ඒ වුනාට කෙල්ල නෑ මං ළඟ..නෑ මත් නෙවෙයි.. ඉන්නවා.. හැබැයි නෑ වගේ.. දෙනවා වෙන කාට හරි.. නැත්තං මේ අවුරුද්දේ උපන්දිනේට දෙනවා.. :D
ඔව්වා ඔහොම තමයි මචෝ.... ඔය වගේ දේවල් වලින් තමයි ජීවිතේ ඉස්ස‍්රහට අරන් යන්න කික් එකක් එන්නේ.....
ReplyDelete@දුකා: :)
ReplyDelete@Anonymous: ow ban oya yaaluwo wage imu kiyana uththareta mamath poddakwath kamathi na :(
ReplyDelete@Kathandara:ඔව් අයියේ සල්ලිනම් අපරාදි තමයි. ඔය වගේ නාස්ති නම් හැම කොල්ලෙක්ම වගේ කරලා ඇති මම හිතන්නේ :D
ReplyDelete"ඔය වගේ දෙයක්වත් වෙලා නැතිනං ජීවිතේ ඇති වැඩේ මොකක්ද?"
ඔය කතාව අයියා ගොඩාක් තැන් වල ලියනවා මම දැකලා තියනවා. ඇත්තටම ඔයවගේ අත්දැකීමක් නැති ජීවිතයක් වැඩක් නෑ :D
@චතුවා (ළමයා): බලපන් බං කොල්ලෝ හුඟ දෙනෙක්ට මේවා වෙලා තියෙනවා නොවැ :D
ReplyDelete@අනුරාධ: හිහී ඔව් ඔව් ඔය අත්දැකීමෙන් පස්සේ මම හිතාගෙන හිටියේ ආයේනම් කවදාවත් පරක්කු වෙවී ඉන්නේ නෑ කියලා. ඒ කික් එකට දවෙනි පාරට සයිබර් ප්‍රේමයක පැටළුනා :( ඒත් පස්සේ මට තේරුනා මම ඉක්මන් වැඩි වුනා කියලා. බලමු ඊළඟ සැරේවත් හරියට හොයලා බලලා හරි වෙලාවෙදී කරගන්න ඕනේ :D
ReplyDeleteහපොයි වෙච්චි දෙයක්, මක් කොරන්නද ඉතිං, හිතා හදාගනිං, ළමයා,
ReplyDeleteජීවිතේ හැමදාම එකවගේ පවතින්නේ නෑනේ. හිත හොදනම් යන කලත් හොදවෙනවාමයි. මං විශ්වාස කරන්නේ ඒ තියරියයි මටත් වැරදුනාම.
ReplyDelete@Ravi: ඔව් :)
ReplyDelete@රතී,: අපි දන්නාගේම තියරිය එකයි වගේ :D
ReplyDeleteඒක හා ඉව...... :D :D :D :D
ReplyDeleteඅපෝ නැ අපේ ඉස්කෝලේ පිරිමි ළමයි හිටියේ නෑ.......=))
@හා පැටික්කි (MS): හොඳ වෙලාවට කොල්ලෝ නොහිටියේ :)) නැත්තම් කොල්ලෝ කීදනෙක් නම් මේ වෙනකොට හිතේ දුකට බොන්න පටන් අරන් තියෙයිද? =))
ReplyDeletex( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( අපි එහෙම කරන අය නෙමේ........
ReplyDelete@හා පැටික්කි (MS): හිහී මම නම් දන්නේ නෑ අර බස් අයියලාගෙන් අහලා බලන්න ඕනේ :))
ReplyDeleteනියමයි. දිගටම ලියන්න.
ReplyDeleteමේකනම් මම කොහොමවත් බලා පොරොත්තු උනේ නැති කතාවක් .. ඔයවගේ සිද්දියක් උනාම කොල්ලෙකුට කොහොම හිතෙනවද කියලා මට හිතාගන්න පුලුවන් ... උඹට තිබුනේ මචං උපෙක්‍ෂාට පේන්න වෙන කෙල්ලෙක්ව සෙට් කරගන්න ...මහ ආඩම්බර කෙල්ලෙක් ..අවුලක්නෑ උඹ ප්‍රශ්නෙට කොල්ලෙක් වගේ මුහුනදීල තියනවා ..
ReplyDeleteඋපේක්‍ෂා කරල තියෙන්නේ මෙන්න මේකයි ..පූසා මගෙන් යාළුවෙන්න ඇහුවා කියලා හැමෝටම කියලා කස්ටිය ඉදිරියේ ලකුනු දාගන්න ඇති ...
කොහොම උනත් බං බොක්කට නෙවේ ඊට එහා මේ පෝස්ට් එක වැදුනා .. නැත්නං මොකටද මේ කොහේවත් ඉන්න මගේ හිත රිදුනේ ?
පට්ට යන්න ලියලා තියනවා ...
ජය වේවා !!
@ismk1982: :)
ReplyDelete(අයියේ ඔයාගේ එකම කමෙන්ට් එක දපාරක් තිබුණ නිසා මම එකක් මැකුවා)
@හිස් අහස: ඔව් බං සමහරවිට එහෙම වෙන්න ඇති. සමහරවිට නෙවෙයි බොහෝවිට :(
ReplyDeleteඋඹ කමෙට් දාන එක නම් වරද්දන්නේ නෑ. ඒක ලොකු හයියක් බං :)
ඕක නමේ අවුලක්ද කොහෙද, අපෙත් හිටිය ඔය නමම තියෙන ඔය ජාතියෙම එක්කෙනෙක්. ඒ කථාව චුට්ටයි වෙනස්. අපේ මනුස්සයනම් දැන් කෙල්ලො දිහා බලන්නෙත් නෑ. උඹ ඒ අතින් හොඳයි. උඹේ හිත හොඳ නිසා කවද හරි ඉක්මනටම Superම එක්කෙනෙක් සෙට් වේවි.(“Superම එක්කෙනෙක්“ කිවුවෙ ගැලපෙනම & හොඳම කියන එක හොඳද?)
ReplyDeleteජය වේවා...!
@nextstepcherub: අනේ ඔය නම නම් වෙන එකක් බං. කතාවනම් ඇත්ත. ඔක්කොම කෙල්ලො එක වගෙ නෙවෙයිනේ බං. යාළුවාට ඒක පැහැදිලි කරලා දෙන්න බලපන්.
ReplyDeleteඋඹ වගේ පූසෙක්...
ReplyDeleteයකෝ කෙල්ලෙක් ගැන හිතුනොත් අහපිය, අහලා ඒක බෑ කිව්වොත් වෙන එකක් අහපිය. ෂිඃ මේ පූසා කරලා තියෙන ගොං වැඩ..
@prasanna86k: ඔව් බං මොනවා කරන්නද ඒ කාලේ හැදෙන වයසනේ :))
ReplyDeleteමල්ලී, මට දැනෙන දේ මම කියන්නම්. හැම කෙල්ලෙක්ගෙ හිතේම කොල්ලෙක් ඉන්නවා. ඒත් මල්ලි ඒ පුද්ගලයා අර සුරඟන කතාවල ඉන්න ජාතියෙ ලස්සන, පෝසත්, දක්ෂ වීරයෙක්ම නෙවේ. උදාහරණයක් විදිහට සමහරු තමන් ලඟින් ඇසුරු කරන පිරිමියෙක් (තාත්තා, අයියා හෝ යහළුවා )වගේ කෙනෙක් හොයනවා. සමහරු හොයන්නේ කතාවල ඉන්න චරිත. එකපාරක් පත්තරේක ලිපියක් තිබුණා ඩාසි වගේ කෙනෙක් වෙනුවෙන් තමන්ගේ නිසි වයසත් පහුවෙනකන් බලාගෙන ඉන්න කෙල්ලෙක් ගැන කතාවක්. සමහර විට ඔය ගෑණු ළමයාගෙ හිතේ තියෙන කෙනා ඔයා වගේ නෙවේ වෙන්න ඇති (හැබැයි ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ගොඩක් දෙනාට ප්‍රශ්න ඇතිවෙන්නෙ ඒක නොදැනීම නිසා ඇතිකරගන්න හීනමානයෙන් )
ReplyDeleteමම හිතන්නෙ මෙතනදි නම් වෙන්න ඇත්තෙ එයාට ඒක ඔයාට දන්වන්න විදිහක් හිතාගන්න බැරිවීම වෙන්න ඇති. අනිත් එක මල්ලි ගෑණුන්ට විශේෂිත ඉවක් තියෙනවා. ඒක මොන වගේද විස්තර කරන්න බැරි වුනත් අපිට යම් යම් දේවල් වෙන්න ඉස්සර වෙලාම තේරෙනවා.ඔය විස්තරය කියවනකොට මට හිතුනේ ඔයා කියන්න ඉස්සරම ඔයා එන්නේ මොකටද කියලා එයාට තේරෙන්න ඇති.
@ලකී වික්‍රමසිංහ: ඇත්ත.... අක්කා කියන කතාව හරි වෙන්න පුළුවන්. ඒත් අක්කේ මට කැමති නෑ කියලා කියන්නේ නැතුව අර කොහේවත් ඉන්න අයව බෝයි ෆ්‍රෙන්ඩ් කරලා එවාලා මාව රවට්ටන්න තරම් තිබ්බ හේතුව මොකක්ද කියලා මට තාම හිතාගන්න බ :(
ReplyDeleteඔන්න ඔහේ දැන් කමක් නෑ. කතන්දර ශූරීන් කියනවා වගේ මේ වගේ ජීවිතේ අත්දැකීමන් නැත්තම් වැඩක් නෑ :))
අකමැතියි නම් ඇත්තටම කෙලින්ම කිව්වනම් හිතේ ගෞරවයක්වත් ඉතුරු වෙන්න තිබුනා. ඒත් මෙහෙම වැඩ කරනකොට නම් කලකිරෙනව නේද?
ReplyDelete@පිණිබිඳු...: ඒකනේ අක්කේ :(
ReplyDeleteමමත් සාපෙට කලින් ..... කැමතියි කියලා කියන එක ඇගට ගුනයි වගේ මේව ඇහුවම...මටත් ඔය වගේම සීන් එකක් තමා අයියා...පොඩි වෙනසයි...අපේ ඉස්කෝලෙ පිරිමි පාසලක්....ඔයා කියන්නෙ හොදයි කියලද කියන එක..??? ලිපි ඔක්කෙම කියෙව්වා.... බොහොම ස්තූති....
ReplyDelete@Reshan Chathuranga:අහලා දාපන් මල්ලියා. හැබැයි ඒකි කැමති නෑ කිව්වොත් සාපේ කෙළ කරගන්නවා එහෙම නෙමෙයි. එයා මොන උත්තරේ දුන්නත් උපරිමෙන්ම සාපේ කරන්න පුළුවන්නම් විතරක් අහපන්. මමත් ගොනාසේ සාපේ ඉවර වෙනකම් ඉන්නවා කියලා හිතන් වැඩේ වරද්ද ගත්තේ.
ReplyDeleteඋඹ හිතලා කැමති තීරණයක් ගනින්. හැබැයි සාපේ උපරිමෙන්ම ගොඩ දාපන් :)
කෙල්ල කැමතියි කිව්වොත් එයාව හැමදාටම උඹේ ළඟින් තියාගන්න ඕනේ නිසා සාපේ උපරිමෙන්ම ගොඩ දාපන්. කැමති නෑ කිව්වොත් ඒකිට පේන්න සාපේ උපරිමෙන්ම ගොඩ දාපන්. :)
තෑන්කූ තෑන්කූ ඔන්න එහෙනම් මම ඇහුවා...... 27 හෝ 26... බිග් මැච් දවසනේ...ඕනි මගුලක් වෙන්න කියලා අහනවා....
ReplyDelete;)
ReplyDelete@Reshan Chathuranga: එළ උඹට ජය! :)
ReplyDeleteකොහෙන් ගියත් සාපෙ නේද???
ReplyDeleteඉවරයි
ReplyDelete