Monday, March 28, 2011

ඇත්තම ආදරේද? මෝඩ කමද? (සංවාදයට විවෘත්තයි)


වෙනදා වගේම ඊයෙත් රෑ 8ට ටීව් එක ඉස්සරහින් වාඩිවුනේ ප්‍රවෘත්ති බලන්න. කාටූන් සහ ක්‍රීඩා වැඩසටහන් හැරුනාම මම බලන එකම දේ තමයි ප්‍රවෘත්ති. ඉස්සර තරම් කොලිටියක් නැතත් තාමත් අනිත් චැනල් වලට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා හිතෙන නිසා ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති තමයි බලන්නේ. ඊයේ ඒකේ ලස්සන ජපන් කෙල්ලෙක් සිංහල කතා කරනවා පෙන්නුවා.  සිංහල කතා කරගන්න බැරි සිංහල බෞද්ධ කෙල්ලෝ ඉන්න රටේ, ජපන් කෙල්ලෝ ඇවිත් සිංහල කතා කරනවා දැක්කම පුදුම හිතුනා. ඒත් මම ඒක ගැන නෙමෙයි කියන්න හදන්නේ.

තම සැමියාගේ හදිසි වියෝව දරා ගැනීමට නොහැකි වූ තරුණිය සියදිවි නසා ගනී!

කෙටියෙන්ම කිව්වොත් ඕක තමයි ප්‍රවෘත්තිය. ඒ අයගේ නම්, ගම් විස්තර අනං මනං නැතුව සරලව ඔය තියෙන්නේ. ඉතිං ඔය ප්‍රවෘත්තිය ඇහුවට පස්සේ මම මගේම සිතුවිලිත් එක්ක තර්ක කරගත්තු හැටියි මේ.

"අප්පේ මේ දෙන්නා කොච්චර ආදරෙන් ඉන්න ඇතිද? දෙන්නත් එක්ක දිවි නහගන්න කියලා ගිහින් ගඟට පැනලා පීනන්න දන්න නිසා මම බේරුනා, අරයා පීනන්න දන්නේ නැති නිසා මැරුනා කියන උන් ඉන්න රටේ මේ කෙල්ල ඒ කොල්ලට කොච්චර ආදරෙන් ඉන්න ඇතිද? මම ආදරේ කරපු කෙනා නැතුව මට ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතෙන තරමටම කොච්චර ආදරක් තියෙන්න ඇද්ද? මම ඔයාට පණ වගේ ආදරෙයි කියලා ටික කාලෙකින් වෙන එකෙක් එක්ක යාළුවෙන උන් ඉන්න රටේ මේ නම් පුදුම කෙල්ලක්. පුදුම ආදරක් ඇත්තටම හරිම පුදුමයි"

ආයේ තව ටිකකින් මට මෙහෙම හිතුනා

"එක අතකින් බලාගෙන ගියාම මේ කෙල්ල මෝඩයි. මිනිහා මැරුණයි කියලා එයා දිවි නහගෙන හරියවද? නෑනේ. ඒකෙන් ඒ දෙන්නගෙම පවුල් වලට තවත් දුක වැඩි වෙන එකයි වෙන්නේ. අනික තාම ළයිනුත් නැති එකේ ඒ කෙල්ලට වෙන කසාදයක් කරගන්නත් පුළුවන්නේ. ඇයිද මන්දා මෙහෙම දුර දිග නොබලා තීරණ ගන්නේ"

ඔන්න ඔහොම තමයි මට හිතුනේ... 
මට තාමත් තේරුම් ගන්න බැරි ඒ කෙල්ල ජීවිතේ නැති කරගත්තේ ඒ කොල්ලට පණ වගේ ආදරේ කරපු නිසාද නැත්තම් දුර දිග නොබලා ගත්තු මෝඩ තීරණයක් නිසාද කියලා. මොකද හිතන්නේ?

ප.ලි: අද දාන්න හිටියේ වෙන පෝස්ට් එකක්. ඒත් ඒක ප්ස්සේ දානවා කියලා හිතුනේ ඊයේ රෑ ප්‍රවෘත්ති බලපු වෙලේ.

මේ කතාව සංවාදයට විවෘත්තයි. හැමෝම අදසක් දීලා යන්න.

25 comments:

  1. දුර දිග නොහිතා ගත්ත තීරනයක් වෙන්න අමාරුයි. කෙල්ලට උන්නු එකම පිහිට ස්වාමියා වෙන්න පුලුවන් . එය නැති ලෝකෙක තමාත් ඉදල වැඩක් නෑ වගේ හැගීමක් කෙල්ලට එන්න ඇති..

    ජය...

    ReplyDelete
  2. මම කියන්නම් ඔය නිව්ස් එක ගැන මගේ වචන ස්වල්පයක්..ඔය නාලිකාවේ නිව්ස් මම නම් බලන්නේම නෑ..මොකද ඔකේ නිව්ස් නෙමේ පෙන්නන්නේ..මිනිස්සුන්ගේ දුක...කවුරු හරි මැරුනොත් ඕකුන්ට රජ නිව්ස් එකක් වෙනවා..ඒක දානවා සම්පූර්න කතාව එක්කම විනාඩි දහයක් විතර..ඕක තමා නිව්ස්..මම දන්නේ නෑ ඔය වස බීල මැරෙන එක ඔච්චර මාකට් ක්‍රන්න ඕන මොකද කියලා..ඒක කරන්නේ උන්ගේ රේටින්ග්ස් වැඩි කර ගන්න..මිනිස්සු අඩවන්න..එතකොට කට්ටිය පව් පව් ගගා අඩනවා...කිසිම නිව්ස් එකක් නෑ..
    ඔය සීන් එකේ මොකක්ද අපිට ගන්න පුලුවන්//පොඩි එකෙක ඔය නිව්ස් බලන්න පුලුවන් ද....චික් විතරක් මුන්ගේ නිව්ස්

    ReplyDelete
  3. ඔය වගේ කෙල්ලෝ අඩුයි ,කෙල්ලො බහිතරයක් ආත්මාර්තකමේ උපරිමය.එත් මටාම් හිතෙන්නේ අපි බෑදලා තම කෙනෙක් එක්ක ජිවත් වුනත් දෙදෙනා අතර ආදරය කොතරම් දෑඩිව තිබුනත් මෙවෑනි අර්තවිරහිත වෑඩනම් මම අනුමත කොරන් නෑ ඔන්.ගොඩක් ප්‍රශ්න වලට කාලය පිලිතුරු සපයන්වා කියලා මටනම් හිතෙන්නේ.

    ReplyDelete
  4. මට නමි හිතෙන්නේ ඔය සිද්ධියේ ඔය දෙකම තියෙනවා.නමුත් ආදරය වැඩියෙන් තියෙනවා..

    ReplyDelete
  5. ඕක ඉතින් ආදරයම කියල කියන්න බෑ. වේදනාත්මක අවස්ථාවක නැගෙන ආවේග දරාගන්න බැරිවීමයි.

    ReplyDelete
  6. මමත් ඔය ප්‍රවෘත්තිය දැක්ක පූසා. මට නම් හිතෙන්නෙ මෙහෙමයි. තමන්ගෙ කෙනා නැතිවුණාට පස්සේ හිතට දැනෙන තනිකමත් එක්ක ජීවත් වෙලා වැඩක් නෑ කියන එක හිතට එන්න ඇති. ඒ වගේ වෙලාවට වෙන මොනවත් කල්පනා වෙන්නෙ නෑනෙ. කරන වැඩේ (සමාජයට අනුව) වැරදි වෙන්න පුලුවන්. ඒත් ඇත්තටම ආදරෙන් හිටියනම් ඉතින් එයා නැතුව ජීවත් වෙලා වැඩක් නෑ කියල හිතුනම මැරෙනව ඇරෙන්න වෙන මක් කරන්නද? එයාට දැනුනු විදියට අවසන් විමඳුම ඒක වේන්න ඇති.

    ReplyDelete
  7. අනේ මන්ද?මට නම් හිතාගන්න බෑ.අපිට සමීපතම කෙනෙක් මියයාම දරාගන්න බෑරි දුකක්.ඒක මම් අත්දෑකීමෙන් දන්න දෙයක්.ඒත් කාලයත් එක්ක ඒ දුක තුනීවෙලා යනවා.ඒක ලෝක ස්වභාවය කියල තෙරුන් යනවා.සියදිවි නසාගන්න තරම් හිතක් පහල වුනේ ඒ දෙන්නා අතර තියන දෑඩිබෑදීම වෙන්න පුලුවන්.ලෝකෙම කඩාවෑටුනා වගේ දෑනෙන්න ඇති.ඒත් මෝඩ තීරණයක් කියල මට නම් හිතෙන්නෙ.

    ReplyDelete
  8. මම හිතන විදිහට නම් දුර දිග බලල ගත්ත තීරණයක් නෙමේ මේක..

    ReplyDelete
  9. දැන් ඉතිං මේ පෝස්ට් එක බලපු මෝඩකමට, කමෙන්ට් කරන්න වෙනවා. බෑ බං ඒ කෙල්ල ඇත්තටම මැරෙන්න ඇත්තේ ආදරේ නිසා. සමහර විට ජීවත් වුනානම් කෙල්ලට පිස්සු හැදෙන්න තිබුනා... ඒක ඊට වැඩිය දුකක්. මොනා වුනත් රත්තරං කෙල්ලෙක්...

    ReplyDelete
  10. ස්වර්ණවාහිනියෙන් ප්‍රවෘත්ති කියලා කරන්නේ මිනිස්සුන්ගේ දුක විකුනන් කන එක හැමදාම මලගෙයක් මරනයක් පෙන්නනවාමයි,,උන් ඒවට අතින් කෑලි දාලා නාට්‍යය හදලා අහිංසකයන්ගේ දුක විකුණන් කනවා,,ඔවාට කිසිම විචාරයක්වත් ලියන්න වටින් නෑ බං,ඔකේ පෙන්නන්නේ සත්‍යය සිදුවීම නෙවෙයි නාට්‍යයක් විතරයි ප්‍රවෘත්ති නිසා මිනිස්සුත් ඒවායෙ පෙන්නන හැමදේම ඇත්ත කියලා විශ්වාස කරනවා,උන් කරන්නේ තක්කඩි වැඩක්,,

    ReplyDelete
  11. ආදරයයි මෝඩකමයි දෙකම වෙන්න පුලුවන්. කොහොමවුනත් වැඩිදුර විශ්ලේෂණය අවශ්‍ය නැහැ. ඔය වගෙ දේවල් වෙන එක නවත්තන්න බැහැ.

    ReplyDelete
  12. ගයාන් එක්ක එකඟයි ..........:)
    මගේ පන කියන කටින්ම වෙන එකෙකුට අනේ ඔයා තමයි මගේ පන කියන ජාතියේ කෙල්ලො ඉන්න මේ ලෝකේ ~x( .. ඔය මරුණ කෙල්ල ලබන්න ඒ කොල්ල මාර වාසනාවන්තයෙක් වෙන්න ඇති... ඒත් මොකක් හරි පෙර කරුමයක් තිබිලා අකාලේ යන්න වුනාට ... සංසාරෙ පුරාවටම උන් දෙන්න එකට ඉදීවි. ...........

    ලිපිය හොදයි පූසා ... ජය

    ReplyDelete
  13. මම ඇනෝ එක්ක එකගයි :)

    ReplyDelete
  14. ලොල්ය.. නිවුස් ගැන වාද කිරීමට නොකැමැත්තෙමි. :P ඔයිකට කියන්නෙ ක්ෂනික විශාදය කියල. ඒක අවිල්ල මානසික ලෙඩක්. අඹුද්දස්ස කාලෙ නොවැ...

    ReplyDelete
  15. මෙතනදි ඇනෝ කියන දේ 100%ක් හරි. මමත් එකඟයි.

    ReplyDelete
  16. මචන් මල්ලි පුසා.. මෙවා මෙහෙම භාෂාවෙන් විස්තර කරන්න පුළුවන් දෙවල් නෙමෙ බන්. ගොඩක් අය තර්ක විතර්ක සංවාද විසංවාද බයිලා ගොඩයි. තෙරුමක් නැහැ බන්. කෙල්ලට ජිවත් වෙන්න බැරිම නම්, මැරෙන්න තරම් හිතෙ හයියකුත් ඇත්නම් මැරෙන්න දිපල්ලා.
    මොඩකම කියන දෙත් ගොඩක් සාපෙක්ෂයි.
    මිනිස්සු අන්තිමට පස් කනවා කියලා දැන දැනත් බලහන්කො මිනිස්සු නටන නැටිලි. කල්බ්වල පාරෙ තොටෙ, රස්සාව ඇතුලෙ පුදුම නැටුම්, අඩව්, කස්තිරම් අල්ලන්නෙ. නමුත් එහෙව් මිනිස්සුන්ට ශ්‍රෙෂ්ඨයො කියලා සම්මානත් දෙනවා.
    කිසිම කෙනෙකුට මොඩයි කියලා කියන්න බැහැ.... තම තම නැණ පමනින් තමයි :D:D:D:D:D

    ReplyDelete
  17. මම හිතන්නේ සුපුන් මල්ලිගෙ කියපු දේ හරි..

    ReplyDelete
  18. ආදරෙ කරන ගොඩක් දෙනෙක් හිතන්නේ ඔහොම තමා

    ReplyDelete
  19. මේගැන මොනවා කියන්නද බං මගේ තාත්ත මැරුන වෙලේ මගේ අම්මත් සිහියෙන් නෙවේ වැඩ කලේ . මගේ නෑදෑයෝ ටික අම්මව සති ගානක් බලා කියාගෙන අම්මගේ හිත හැදුවේ නැත්නම් . සමහරවිට මගේ අම්මත් මේවගේ තීරණයකට යන්න තිබුනා කියලා මට එදා හිතුනා .නියම ආදරෙන් දවසක් ලංවෙලා හිටියත් වෙන් වෙනකොට දුකයි බං ...කියන්න බැරි තරම් දුකයි ...

    ReplyDelete
  20. මෙහෙමයි, අපි තාර්කිකව (ඒ කියන්නේ මොළෙන්) කල්පනා කලොත් මේක මෝඩ වැඩක්. ඒත් ඇත්තටම ආදරයේදී මිනිස්සු කල්පනා කරන්නේ මොළයෙන් නෙමෙයි හදවතින්. ආදරය අන්ධයි කියන්නෙත් ඔය හේතුව නිසාමයි. නැත්තම් ඔය කොච්චර නොගැලපෙන ජෝඩු ඉන්නවාද? පිටින් ඉඳන් තර්කයෙන් හිතන අපට පේන විධියට නෙමෙයි ආදරය තුල ඉන්න අයට ඒක පෙනෙන්නේ. අර ශේක්ස්පියරුත් A Midsummer Night's Dream නාට්‍යයේ කියන්නේ "Love looks not with the eyes, but with the mind, and therefore is winged Cupid painted blind". ඕකම තමයි. :X

    ප.ලි. : දැං ඉතින් දොස්තර මහත්තුරු ටික මට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරාවි මිනිස්සු කොහොමත් හිතන්නේ මොළයෙන් තමයි කියලා. :D ඒගොල්ලන්ට තියෙන්නේ ඔතන මම හදවත කියපු තැන් වලට Amygdala කියලා දාගෙන ආපහු කියවන්න :))

    ReplyDelete
  21. සමහරවිට ඒ කෙල්ලට තමන්ගෙ ස්වාමියා නැතුව මූණ දෙන්න වෙන ලෝකෙට එයාට යන්න ශක්තියක් නැතුව ඇති. අනේ මන්දා. මිනිස් ජීවිතේ කියන්නෙ ලේසියෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙමෙයි.

    ReplyDelete
  22. මට උනා නම් මමත් ඕකම කර ගනී....ස්වර්නවාහිනියෙත් යාවි මම... :( :x =((

    ReplyDelete
  23. අදහස් දක්වපු හැමෝටම ස්තූතියි..... :)

    ReplyDelete
  24. adare wadi kamata ehema hithennath puluwan.eth eya hithanna one eyage mahaththaya eyage theerane gana monawa hithay da kiyala.maruna unath mahaththaya hitiyanam eya kamathi wena de kala nam hodai kiyalay mata hithanne.oyala kamathiy da hithanna oyala marunoth oyalage partner siyadivi nasa gannawata?

    ReplyDelete
  25. Mata ehema deyak unanam math e theeranayama thamai ganne.mokada me loke mangena hithanta,hoyanta,adare karanta inna ekama ekkena mage husband nisa.

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...