Tuesday, February 22, 2011

එදා පෙම් පත් අද ලොවෙත් නැත!


පෙම් කරන්නට මූණුපොත ඇත
 
මල් කඩන්නට ස්කයිප් ඇත
 
කවි ලියන්නට බ්ලොග් පිටුත් ඇත
 
උපන් දිනයට ඊ කාඩ් ඇත
    
වැඩක් නැති විට ඊ මේල් ඇත
 
පොත් අතර සඟවා හුවමාරු කළ
 
එදා පෙම් පත් අද ලොවෙත් නැත!


(මූණුපොතේ කෙනෙක් ලියා තිබූ කවියකට මම ලියූ කමෙන්ටුවක් මදක් වෙනස් කර බ්ලොගයට දැමුවෙමි.) 

41 comments:

  1. මේක ටික තේරුම් ගන්න අපිට ගිය කාලයක්...

    ReplyDelete
  2. පෙම් පත් ගැන නම් පොතක් ලියන්න තරම් දේවල් තියෙනවා. අපෝ ඉස්සර ලියුම් ගත්තා වගේ නෙමේ ඒවා පරිස්සම් කරන්න තියෙන අමාරුව. මගෙ ලියුම් නම් හැංගුවෙ අර ලේයර් දෙකක් තියෙන මෙට්ට තියෙන්නෙ අන්න ඒක අස්සෙ. පොත් කවර එහෙම ඉස්සර හෙන බරයි. ලියුම් හංගලා.

    ReplyDelete
  3. එදා ලියු පෙම්පත් තරම් මේ කිසිවක් අගේ නැත.....

    ReplyDelete
  4. පූසාට විතරනේ තේරුනේ.. ලොවෙත් නෑ :D

    ReplyDelete
  5. සිය දහස් වාරයක් කතාව ඇත්ත.. :D :D :D :D

    ReplyDelete
  6. මම x නම් කෙනෙක්ට කිව්වා මට ලියුමක් එවන්න කියලා.. එවයිද දන්නෙ නෑ.. ;;) :X

    ReplyDelete
  7. @පිණිබිඳු...: "පොත් කවර එහෙම ඉස්සර හෙන බරයි"
    :))
    අක්කටනම් වැඩිය ලියුම් හම්බවෙලා නෑ වගේ ;)

    ReplyDelete
  8. @..ChAnDiKa..: ඇත්ත ඇත්ත හොරන් පොත් අස්සේ හංඟලා ලියුමක් දෙන ආතල් එක ඊ මේක් එකක කොහෙද ;)

    ReplyDelete
  9. @හසී: හි හී ඒකනේ අක්කේ :))

    ReplyDelete
  10. @සුළඟිල්ල | pinkie: මම ඉතිං බොරු ලියන්නේ නෑනේ ;)

    ReplyDelete
  11. @චතුවා (ළමයා): තාක්ෂණේ මෙච්චර දියුණු වෙලා තියනවා. ෆෝන් තියනවා උඹ කිව්වද ලියුමක් එවන්න කියලා :))
    අම්මා ලියුම බැලුවොත් තමයි වැඩේ :D

    ReplyDelete
  12. ඔව් බං.. පේස්බුක්‍ එකේදී තමා කිව්වේ ලියුමක් එවන්න කියලා.. :)) අම්මට මාට්ටු නොවෙන්න ඉතින් මොනා හරි කරගන්න වෙනවා...

    ReplyDelete
  13. ඉලව්ව තමා....පෙන්නනෙයි...... ගොඩ ගහලා තියෙනවා....
    අමා...ජයනි,නයනි,සුකුමාලි,ඉමල්කා,කුමාරි.සිරියාවති....තව අය එවපු එව්වා

    ReplyDelete
  14. @ පිණි බිඳු,

    තාමත් තියනවද හලෝ එව්වා.කිව්වත් වාගෙ මෙයාටනම් වැඩිය හම්බවෙලා නෑවාගෙ.හික්....හික්....
    ***********************************************************************

    කියන්නත් ලැජ්ජයි බං මට, sms එකක් තරම්වත් නව තාක්ශනයෙන් නම් පෙම් පණිවුඩ ලැබිල නෑ.හැබැයි මෙහෙ එන්න කලින් තිබුන පරණ ලියුම් තොගේකුයි,සමරු පොත් දෙක තුනයි එකෙක්ගෙ ගෙදර පරිස්සමට තියල ආවෙ.ගිහින් ඒ ටික ආපහු ගෙදර අරන් එන්න ඕනෙ.

    ReplyDelete
  15. සැබෑ පෙම අද ලොවෙත් නැත =(( =((

    ReplyDelete
  16. ඇත්තටම ඇයි අප්පා මෙහෙම ඒවා ලියන්නෙ ..මට ඇඬෙනවා...මම ලියුමක් ලියන්න ඕනේ මොකෙක්ට හරි

    ReplyDelete
  17. @චතුවා (ළමයා): :)) අනේ අහුවෙයන් අම්මාට!
    කොහෙද අක්කට කියලා වැඩකුත් නෑනේ නැත්තම් මම අක්කට කියනවා :D ;)

    ReplyDelete
  18. @මගේ සිතුවිල්ල: අප්පේ පරිස්සම් කරලා තියාගනින් පස්සේ කාලෙක උඹේ ළමයිට පෙන්නන්න පුළුවන් වෙයි. ඉස්සර මෙන්න මෙහෙමයි ආදරේ කළේ කියලා :D

    ReplyDelete
  19. @රත්ගමයා: උඹ ළඟ නැත්තම් තමයි පුදුම වෙන්න ඕනේ. යන යන තැන කෙල්ලොන්ට කරදර කරනවානේ. සිරීපාදේ ගියොත් එකයි අනුරාධපුරේ ගියොත් එකයි... ඉකේයියා! =))

    ReplyDelete
  20. අනේ මට ඉස්සෙල්ලම දුන්න ලියුම නොදන්න කමට මම අපේ පුංචි ට ආසවට පෙන්නුවානේ...බි.බි.සි.. එක පරදායි...පුංචි ගෙන් ආච්චි ට ආච්චි ගෙන් දුන්න කෙල්ලට..හොද වැඩ උනේ...ඊට පස්සේ නම් ෆොන් ආව කාලේ නේ ..මොන ලියුම්ද...

    ඉස්සර අපේ නැදැ අක්කා කෙනෙක්ට නම් එයාගේ කොල්ලා ලියුම් දෙනවා මම දැකලා මුර කරලත් තියෙනවා බාත් රුම් එක ඉස්සරහ අක්කා ලියුම කියොනකම්....අප්පා...
    අනේ කලේ වනේ වාසේ ලු...

    ReplyDelete
  21. ඔකේ අන්තිම කැල්ල මට අනුව...........
    " ඔය මොකක් තිබ්බත් මට තවම කෙල්ලෙක් නැත ;) "
    හික්xxxxxx ෆට්ටයි ඇ :)

    ReplyDelete
  22. @dinesh: දැන් ඉතින් ඕවා අම්මා තාත්තා දැක්කට මොකෝ බං. උඹ දැන් ලොකු ළමයෙක්නේ ;)

    ReplyDelete
  23. @සිරකරුවා: ඒක වෙනම කතාවකේ බං ඒ ගැනනම් කවි නෙවෙයි පොත් ගණන් ලියන්න පුළුවන් :(

    ReplyDelete
  24. @නීනු නෙරංජි: අනේ ලියන්න ලියන්න :) කොච්චර දෙයක්ද

    ReplyDelete
  25. තාත්ත ලියපු සෙනහෙ කොලයක් තවම මගේ ලඟ තියනවා තියනවා .. මටනම් SMS වලට වඩා හම්බවෙලා තියනවා සෙනෙහෙ කොල..

    මගේ සෙනෙහෙ කොල වගයක් අම්ම ගිනිබත් කලා ..! :(

    ReplyDelete
  26. @නිම්ශා: "අනේ මට ඉස්සෙල්ලම දුන්න ලියුම නොදන්න කමට මම අපේ පුංචි ට ආසවට පෙන්නුවානේ"
    අනේ අම්මියෝ! ඒ කියන්නේ කොච්චර පොඩි කාලෙද මේ කෙල්ලට මුලින්ම ලියුමක් ලැබිලා තියෙන්නේ :-o

    ReplyDelete
  27. @ජේ.ඩී: උඹට අනූව විතරක් නෙවෙයි බං මට අනූවත් අන්තිම කෑල්ල එහෙම තමයි :D කමක් නෑ බං ඔය කවදා හරි අපිටත් සුවිප් එක ඇදෙයි ;)

    ReplyDelete
  28. @හිස් අහස: අඩේ තාත්තා ලියපු එකක් තවම තියනවානම් ෆට්ටනේ! :)

    අපරාදේ අම්මා ඒවා ගිහිබත් කොරනකම් උඹ ඔහේ බලන් හිටියද බං :(

    ReplyDelete
  29. ලෝකය දියුණු උනයින් වෙච්ච දේවල් තමයි මේ..

    ReplyDelete
  30. http://tikakhinawenna.blogspot.com/2010/07/blog-post_31.html

    ඔන්න මගේ කතාව..

    ReplyDelete
  31. @අභීත: ඔන්න අභීත අයියලා තමයි පෙම් පත් හොඳටම භාවිතා කරපු උදවිය. අපිනම් වැඩිය නෑනේ. ඔය කතාවෙත් තියෙන්නේ කරපු මරු මරු වැඩ :D

    ReplyDelete
  32. ඔය මොනව තිබ්බත් ලියුම් කඩදාසියක් වගේ නෑ

    ReplyDelete
  33. මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
    මිහිරාවිය වෙතටයි
    ඔබ සිහිකර කර එබට ලියන එක
    මට ඇති එක සතුටයි

    --------------
    අකුරු මුතු කැට වගේ නම්
    කවි පද සූකිරි වගේ නම්
    ලියුම් ලියන්න කියල ඉල්ලීම් ද නැත්තේ.....

    සමහර වෙලාවට ලියුම් කවරය ලියා ගන්නෙත් ඒ වගේ අයට කියල...

    --------------

    මට නම් පෙම් හසුන් ලැබිල නැහැ. වෙන වෙන අයට නම් ලියල දිල තියෙනවා...
    ඊමේල් පෙම් හසුන් නම් ලියපු කාලයක් තිබ්බ... දැන් ඒකත් නැහැ නෙව ........

    ReplyDelete
  34. @සොඳුරු සිත: මම නම් එකම එක පාරක් ලියුමක් දීලා තියනවා. එකම එක පාරක් මූණුපොතන් ආදරේ කරලා ස්කයිප් එකෙන් මල් කඩලත් තියනවා :D

    ReplyDelete
  35. ඔය මොනව ආවත් පරණ පෙම් පතක වටිනා කම ගන්න බෑ, සම්පූර්ණ ඇත්ත කතාව.

    ReplyDelete
  36. ඇත්ත කතාවක් තමයි...

    ReplyDelete
  37. කතාව ඈත්තයි... හෙහෙ ...

    මගේ ලගත් තියනවා යලුවොන්ගේ ලියුම් සෙට් එකක්... හික්z

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...