Tuesday, March 13, 2012

නිදිමත දෙවියා.......

ඔයාලා හැමෝම හිතාගෙන ඉන්නේ දිව්‍යලෝකේ ඉන්න ලොකුම දෙවියා සක්‍ර දෙවියා කියලා නේද? ඒත් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. සක්‍ර දෙවියා හිට පිළිඅරගෙන තිබ්බා දිව්‍යලෝකේ ඉන්න ලොකුම දෙවියා තමයි නිදිමත දෙවියා කියලා. සමහරුනම් කිව්වේ සක්‍ර දෙවියා නිදිමත දෙවියාව යාප්පුවෙන් තියාගන්න ඕනේ නිසා ඔහොම කියනවයි කියලා. කොහොම උනත් මේ නිදිමත දෙවියා තමයි මුළු විශ්වයේම සියළුම සත්වයන්ගේ නිදිමත පාලය කරන්නේ. ඒ කියන්නේ නිදිමත දෙවියා තමයි එක එක අයගේ ක්‍රියා වලට අනූව ඒ ඒ අයට නින්ද යන හැටි, නින්ද යන වෙලාව, නින්දෙදි පේන හීන, උදේට අවදි වෙන විදිහ වගේ දේවල් පාලනය කරන්නේ. 

තවත් පැහැදිලි වෙන්න මම ඔයාලට උදාහරණයක් දෙන්නම්කෝ. දැන් හිතන්නකෝ රෑ ගෙවල් වලට පනින හොරෙක් ගැන. ඒ හොරා කරන්නේ ගෙදර මිනිස්සු සේරම තද නින්දේ ඉන්නකොට හොරෙන් ගෙට ඇතුලු වෙලා ගෙදර තියෙන වටිනා බඩු භාණ්ඩ හොරකම් කරන එකනේ. ඉතිං ආන්න ඒ වගේ තවත් කෙනෙක්ගේ සුව නින්ද අයුතු විදිහට ප්‍රයෝජනයට අරං අනුන්ගේ දේවල් හොරකම් කරන අයට නිදිමත දෙවියා කළේ රෑට නින්ද නොයන්න සැලැස්සුව එකයි. නින්ද ගියත් එක පාරටම නපුරු හීන දැකලා භයවෙලා නැඟිටින්න සැලැස්සුව එකයි. මං කියන්නේ බොරුයි කියලා හිතෙනවානම් ඔයාලා හොරෙක්ගෙන් අහලා බලන්නකෝ විස්තරේ.

ඉතිං මම ඔය උදාහරණේ කිව්වා වගේ ඒ ඒ සිද්ධීන්ට අදාලව ඒ ඒ පුද්ගලයන්ගේ නින්ද පාලයට මේ දෙවියා දක්වපු දක්ෂතාවය අති විශිෂ්ඨයි. දිව්‍යලෝකේ මෙච්චර කාලෙකට මේ නිදිමත දෙවි තනතුර බාරගත්ත කිසිම දෙවි කෙනෙක් මේ නිදිමත දෙවියා තරම් හොඳට  මේ වැඩේ කරලා තිබ්බේ නෑ. අනික මේ නිදිමත දෙවියා ඔය සක්‍ර දෙවියා වගේ ලොකු ලොකු තනතුරු දරපු දෙවි වරුන්ට බොහොම සුව දායක නින්දක් ලැබෙන්න සලස්සවන්න අමතක කළෙත් නෑ. ඒ නිසාම ඔය ලොකු ලොකු දෙවි වරුන්ගෙන් මේ නිදිමත දෙවියා බොහොම ප්‍රශංසා ලැබුවා.

එහෙම ප්‍රශංසා ලබන්න ලබන්න මේ නිදිමත දෙවියා තව තව මහන්සි වෙලා වැඩ කළා. එයාට ඕනේ උනේ වසරේ හොඳම දෙවියාට හිමි සම්මානය කොහොම හරි ලබාගන්නයි. ඒ නිසාම මේ නිදිමත දෙවියා නිදි වරාගෙන බොහොම මහන්සියෙන් වැඩ කළා. හැබැයි ටිකෙන් ටික තරඟේ ලං වෙන්න ලං වෙන්න තමයි අපූරු වැඩක් වෙන්න පටං ගත්තේ. තරඟේ ලං වෙන්න ලං වෙන්න මේ නිදිමත දෙවියාට නින්ද යන එක අඩුවෙන්න ගත්තා. පස්සේ පස්සේ රෑට නිදාගන්න ගියාම නිදිමත අහලකටවත් ආවේ නෑ. එයාට එක එක ඒවා හිතෙනවා. තරඟේ ගැන හිතෙනවා, තෑග්ග වෙන කෙනෙක්ට ලැබෙයිද හිතෙනවා. තමන්ගේ මහන්සිය අපතේ යයිද හිතෙනවා. තරඟේ දිනන්න තව කරන්න ඕනේ දේවල් ගැන හිතනවා. ඔන්න ඔය වගේ දේවල් හිතේ ඇතුලේ පොර කනවා මිසක් පැය ගානක් ඇස් පියාගෙන හිටියත් නිදිමත නෙමෙයි නිදිමත දෙවියාගේ අහලකටවත් එන්නේ.

කොහොමින් කොහොම හරි මේ දේවල් නිසා අන්තිමට තරඟෙට සතියක් තියෙද්දී මේ නිදිමත දෙවියා හොඳටම අසනීප වුනා. කිසිම වැඩක් කරන්න ඇඟට පණක් තිබ්බේ නෑ. නින්ද යන්නෙත් නෑ. නිදිමත දෙවියාට තේරුණා මෙහෙම ගියොත් තමන්ට තරඟේ පරදින්න වෙන බව. ඒ නිසා නිදිමත දෙවියා පොඩි හොර වැඩක් කරන්න කල්පනා කළා. නිදිමත දෙවියාගේ අදහස උනේ මුළු විශ්වයෙන්ම හොඳම නිදිමත අයිති කෙනාගේ නිදිමත හොරකම් කරන එකයි. නිදිමත දෙවියා පොඩ්ඩක් ගණනය කිරීම් කරලා බැලුවාම වැඩිම ලකුණු අරං හොඳම නින්ද හිමි කෙනා බවට පත්වෙලා හිටියේ මනුෂ්‍ය ලෝකේ කෙනෙක්. ඒක ගැන තරමක පුදුමයක් දැනුනත්, ඒ වෙලාවේ නිදිමත දෙවියාට ඊට වඩා ලොකු සතුටක් ඇති උනේ දෙවියෙක්ගේ නින්දක් හොරකම් කරනවට වඩා මනුෂ්‍යයක්ගේ නින්දක් හොරකම් කරන එක ලේසි හන්දයි. ඉතිං දවසක් මහ රෑ මේ නිදිමත දෙවියා හොරන්ම මනුෂ්‍ය ලෝකෙට පිටත් වුනා විශ්වයේ හොඳම නින්ද හිමි කෙනාගේ නිදිමත හොරකම් කරන්න.

ඒත් විශ්වයේ හොඳම නින්ද තියෙන පුද්ගලයා ගාවට ගියාම නිදිමත දෙවියාට පුදුම හිතුනා. විශ්වයේ හොඳම නිදිමත තියෙන කෙනා ගොරෝසු රෙද්දක් පොරවගෙන නිදාගෙන හිටියේ කඩ පිළක් අයිනේ. ඔව් ඔයාලා හිතුවා හරි. එයා හිඟන්නෙක්. නිදිමත දෙවියන්ට හරිම පුදුමයි. නිදිමතට අධිපති දෙවියා වෙච්චි තමන්ටවත් හරි හමං නින්දක් නැතිකොට පාරේ නිදාගන්න හිඟන්නෙක්ට විශ්වයේ හොඳම නින්ද ලැබුණේ කොහොමද කියලා. ඔන්න ඔය වෙලා තමයි නිදිමත දෙවියා නිදිමත හොරකම් කරන එක පැත්තකින් තියලා තමන්ගේ දිව්‍යඥාණය පාවිච්චි කළේ. නිදිමත දෙවියා තමන්ගේ දිව්‍යඥාණයෙන් මේ මනුස්සයාගේ හිතට එබිකම් කරලා බැලුවා. එතකොට තමයි නිදිමත දෙවියාට මේ හැමදෙයක්ම පැහැදිලි උනේ.

මේ හිඟන්නා හැම වෙලේම ලද දෙයින් සතුටු උන කෙනෙක්. මෙයා ගාව විශ්වයේ අනිත් හැමෝටම වඩා තිබ්බ එකම වෙනස ඒකයි. මෙයා කවදාවත් අනිත් හිඟන්නෝ වහේ  සල්ලි කාරයෝ දිහා බලාගෙන "අනේ මට අර වගේ සල්ලි නෑනේ" කියලා හූල්ල හූල්ලා හිටියේ නෑ. තමන්ට ලැබෙන ගාණින් සතුටු උනා. තමන්ට තියෙන දේවල් ගැන සතුටු උනා. තමන්ට නැති දේවල් ගැන හිත හිතා අඩ අඩා දුක් උනේ නෑ. තමන්ට රුපියක් සීයක් දෙන කෙනාටත් සත පනහක් දෙන කෙනාටත් වෙනසක් නැතිව මුළු හදවතින්ම සතුටු වෙලා අව්‍යාජ හිනාවකින් ස්තූති කළා. ඒ හන්දම මෙයාට එක දවසක් සල්ලි දුන්න කෙනෙක් ඊළඟ දවසේ ඊට වඩා වැඩි ගාණක් දීලා යන්න අමතක කළෙත් නෑ. ඒ නිසාම මේ පුද්ගලයාට අනෙක් හිඟන්නන්ට සාපේක්ෂව වැඩියෙන් අත මිටේ සල්ලිත් තිබුණා. එහෙමයි කියලා මෙයා කවදාවත් ආඩම්බර උනෙත් නෑ. ලෝභ උනෙත් නෑ. තමන්ට ලැබෙන දෙයක් හැම තිස්සෙම තමන්ගේ යාළුවොත් එක්ක පුළුවන් විදිහට බෙදා ගත්තා. සල්ලි ටිකක් වැඩියෙන් ලැබුණු දවසට යාළුවොත් එක්ක සෙට් වෙලා සිංදුවක් කියලා විනෝද වෙන්න අමතක කළෙත් නෑ. නැති වෙන්න කියලා දේපල, තාන්න මාන්න, නම්බු නාම මේ හිඟන්නා ගාව තිබ්බේ නෑ. හැබැයි එයා ඒ දේවල් ගැන කිසිම වෙලාවක දුක් උනෙත් නෑ.

ඔන්න ඔය දේවල් තමන්ගේ දිව්‍යඥාණයෙන් දැක්ක වෙලේ තමයි නිදිමත දෙවියාට තේරුණේ මේ හිඟන්නාට වඩා කෝටි වාරයකටත් වඩා වැඩියෙන් භෞතික සම්පත් තමන්ට තිබුණට, මේ හිඟන්නාගේ හිතේ තියෙන සතුට සහ නිදහසින් ප්‍රකෝටි ගාණකින් එක් කොටසක තරම්වත් සතුටක්, නිදහසක් තමන්ගේ හිතේ නැති බව. නිදිමත හොරකම් කරන එක අමතක කරපු නිදිමත දෙවියා දිව්‍යලෝකෙට යන්න ආපහු හැරෙන ගමන් කල්පනා කළේ කොච්චර නම්බු නාම ලැබුණත් හිතේ සතුටක් නැති මේ පට්ටම් මොකටද කියලා.






[පින්තූරෙ - http://images.wikia.com/olympians/images/1/1f/Hypnos-God-of-Sleep-Study.jpg ]

67 comments:

  1. සිරා තකාව මචං, ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං!
      පළවෙනියා උනත් අන්තිමයා උනත් වෙනසක් නෑ. අදහස තමයි වටින්නේ!

      Delete
  2. අපූරු කතාවක්!

    //වසරේ හොඳම දෙවියාට හිමි සම්මානය//
    හී හී ...

    අද මම එක. :D

    ReplyDelete
    Replies
    1. හපොයි මම හිතුවේ මම එක කියලා. :(

      Delete
    2. ස්තූතියි අක්කේ!
      පළවෙනියා උනත් අන්තිමයා උනත් වෙනසක් නෑ. අදහස තමයි වටින්නේ!

      Delete
  3. සිරා කතාව බන්... සම්පූර්ණ ඇත්ත....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අභීතයියේ!

      Delete
  4. වටිනා අදහසක් පූසා . සම්පූර්ණ ඇත්ත .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම් අක්කේ!

      Delete
  5. නියමයි පූසෝ ...
    මට නම් අර හිගන්නට වගේම හොදට නින්ද යනවා. ෆෝන් එකේ සිංදුවකුත් දාන් රෑට නිදා ගන්න හදනවා විතරයි මතක වැඩේ කියන්නේ එක සිංදුවක්වත් ඉවර වෙන්න කලින් මම නිදි...ඉන්න ගෙදර ආත්තම්මා අහනවා කොහොමද බට්ටෝ ඔය වගේ වැටෙන කොටම නිදා ගන්ාන් කියලා..
    හේ හේ දැන්නම් කියනවා ඒවා දේව රහස් කියලා... නේ පූසෝ....

    ReplyDelete
    Replies
    1. දේව රහස් වලටත් වඩා ඒවා හිතේ රහස් නේද? හිත සංසුන් නම් කලබල නැත්තම් හොඳට නින්ද යනවනේ!

      Delete
  6. මටත් හොඳටම සුවර් නිදිමත දෙවියගෙ බැල්ම මටත් තියනවා කියලා..
    අපරාදෙ කියන්න බෑ කොට්ටෙට ඔළුව තියනවා විතරයි මතක...

    ReplyDelete
  7. ගිඟන්නේකුට නිදාගන්නව ඇර වෙන මොනවා කරන්නද.

    ReplyDelete
    Replies
    1. මාතලන් අයියා කාලෙකින්.....
      මාතලන් අයියා ඔය කියලා තියෙන විදිහට තමයි ගොඩක් මිනිස්සු හිතන්නේ. අපි හිගන්නෙක් දිහා බලලා කියනවා "අරූටනම් මොකද නිකං හම්බෙන දෙයින් කාලා නිදාගන්න විතරයි තියෙන්නේ කියලා" එතකොට අපි ලොකු සල්ලි කාරයෝ දිහා බලලා හිතන්වා "අපෝ අරූට මොකද නිකං වාඩිවෙලා ඉන්නකොටත් අතට සල්ලි එනවා. ඕකට ඉතිං නිදාගන්නවා ඇරෙන්න් වෙන වැඩක් තියෙන එකක්යැ" කියලා.
      ඒ වුනාට ඇත්තටම එහෙම නොවෙන්න පුළුවන්. හිගන්නා මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරගෙන එදා වේල හොයාගන්න මහන්සි වෙනවා ඇති. සල්ලි කාරයෝ තම තමන්ගේ ව්‍යාපාර දියුණු කරන්න හොර හතුරන්ගෙන් ආරක්ෂා කරන්න මහන්සි වෙනවා ඇති. ඒත් ඒ අය දිහා පිටින් බලන අපිට ඒවා නොපෙනෙනවා ඇති! :)

      Delete
  8. එල මචං කතාව සහතික ඇත්ත.

    ReplyDelete
  9. මටනම් මොන ප්‍රශ්නෙ තිබ්බත් ඕනෙ වෙලාවක ඕනෙ විදියකට නිදාගන්නනම් පුළුවන්.....
    මරු කතාව පූස්....:)

    ReplyDelete
    Replies
    1. හොඳට නිදාගන්න පුළුවන් එක කොච්චර හොඳද...
      ස්තූතියි!

      Delete
  10. මටත් ඕන වෙලාවක ඕනෙ තරම් නිදා ගත්ත හැකි.අපේ අම්මනම් කියන්නෙ කම්මැලි කම කියලලා.:D ගෙදර ගිහින් කියන්න ඕනෙ එහෙම නෙවේ කියලා...:D

    නියම කතාව.

    ReplyDelete
    Replies
    1. නිදි දෙයියා නිසා කියන්න :D

      Delete
  11. ඇත්ත.., කොච්චර සැප සම්පත් තිබුනත් සුවදායක නින්දක් තරම් වෙන මොනවද වටින්නේ.,
    ගතියට ගොතල තියෙනවා කතාව..!
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලිෂාන් අයියේ!

      Delete
  12. ඔය මොනා තිබ්බත් හිතේ සතුට නැත්නම් වැඩක් නෑ......ඕක කිව්වම පිස්සට සින්දුවක් මතක් වුනා.

    මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා....
    අපි හෙට මැරෙයිද කියල දන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. ඔය ඉරිසියාව අතෑරපල්ලා
      යන දාක මේවා අරගෙන යන්නෑ

      Delete
  13. මුලින් දාන්න හිතුන කමෙන්ටුව අන්තිම වෙද්දි දාන්න හිතුනෙ නෑ... :) කතාව එල...

    ReplyDelete
    Replies
    1. මම දන්න මනුස්සයෙක් ඉන්නව තමන්ගෙම බිස්නස් එකක් කරන... මිනිහට වැටුන සැනින් නින්ද යනව... ආයි නැගිට්ටන්න හෙන ගේමක් දෙන්න ඕන... හැබැයි උදේ 4 වෙනකොට පොර නැගිටල :)

      මනුස්සය කියන්නෙ මට රෑට කල්පනා කර කර ඉන්න ප්‍රශ්න නෑනෙ බන් කියල :)

      Delete
    2. මුලින් හිතුන එකත් දැම්මානම් තමයි හොඳ!
      ප්‍රශන නැත්තම් නින්ද නැති වෙන්නේ නෑ :)

      Delete
  14. මට නම් ඕනේ වෙලාවක නිදාගන්න පුළුවන් හැබැයි රෑට බෑ දවස් දෙක තුන ඇහරිලා ඉන්න පුළුවන් ඒත් උදේ පොතක් එහෙම අතට ගත්තොත් දෙයියා පරාදයි ඔන්ද ස්පොට් බුදි හැබැයි කොම්පීතරේ දාලා තිබ්බොත් ආයේ ඕන මගුලක් අලේ මන්දා

    ReplyDelete
    Replies
    1. නිදාගන්න ඕන්නම් පොතක් අතට ගත්තාම හරි නේ :D

      Delete
  15. මෙහෙම හිටියට අපිත් හොඳ හිඟන්නු තමයි. ඒත් ලද දෙයින් සතුටු නොවීම නිසා නින්දෙ ආතල් එක අඩුයි.
    අර නිදි දෙවියට තිබ්බෙ ෆාමසියකට පැනල ස්ලීපින් ටැබ්ලට් බෝතලයක් උස්සන්නයි..

    ReplyDelete
    Replies
    1. ලද දෙයින් සතුටු නොවෙන එක නම් අපි හැමෝටම තියෙනවානොවැ!
      බෑ බෑ මොන ටැබ්ලට් බිව්වත් දෙයියාට නින්ද යන්නේ නෑ :D

      Delete
  16. මට පොඩි අවුලක් තියනව! දැං දෙයියංගෙ නිදිමත කන්ට්‍රෝල් කරන්නෙ කවුද?

    ReplyDelete
    Replies
    1. ඒක විතරද අවුල? ඔහොම බැලුවොත් දෙයියෝ කියලා කට්ටියක් ඇත්තටම ඉන්නවද නැද්ද කියන තැනේ ඉඳන් හැම දෙයක්ම අවුල් නේද?

      Delete
    2. එ්වනං එහෙම තමයි ඉතිං. අපි හිතමුකො සිරාවටම ඉන්නවයි කියල ! :D

      Delete
  17. // සල්ලි ටිකක් වැඩියෙන් ලැබුණු දවසට යාළුවොත් එක්ක සෙට් වෙලා සිංදුවක් කියලා විනෝද වෙන්න අමතක කළෙත් නෑ//

    සොට් එකක් දාගත්තෙ නැද්ද දන්නෑ

    ReplyDelete
    Replies
    1. සෙට් උනයි කිව්වේ ඒක තමයි ඔබා මාමේ! :D

      Delete
  18. "තවත් කෙනෙක්ගේ සුව නින්ද අයුතු විදිහට ප්‍රයෝජනයට අරං අනුන්ගේ දේවල් හොරකම් කරන අයට නිදිමත දෙවියා කළේ රෑට නින්ද නොයන්න සැලැස්සුව එකයි. නින්ද ගියත් එක පාරටම නපුරු හීන දැකලා භයවෙලා නැඟිටින්න සැලැස්සුව එකයි. මං කියන්නේ බොරුයි කියලා හිතෙනවානම් ඔයාලා හොරෙක්ගෙන් අහලා බලන්නකෝ විස්තරේ."

    ඉතිං කියන්නකො පූස් විස්තරේ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හෙන්රි අයියේ මේකට මං මේං මෙහෙම උත්තරක් දුන්නයි කියලා හිතාගන්නකෝ! &%(*%^$&^$% @#@#$$ :D:D

      Delete
    2. අනේ මගෙ කටින් මොකුත් වැරදි කතාවෙක් හෙම කියවුනාද වත්ද?

      Delete
  19. වටිනා අදහස පූස්.කතාව සම්පුර්ණ ඇත්ත.

    ReplyDelete
  20. නිදියන් ඉන්නකොට නිදි දෙයියා එනවද ? #@$#%# සරම අතහැරලා පිජාම කලිසමට බහින්න ඕනේ .
    කතාව මරු පුසෝ .......

    ReplyDelete
    Replies
    1. දෙවියා ඒවා චෙක් කරන එකක් නෑ :D
      ස්තූතියි!

      Delete
  21. එළ මචන්...

    මට නම් වැටෙන පමාව විතරයි... හික් හික්

    ReplyDelete
    Replies
    1. දේව බැල්ම දේව බැල්ම! :D

      Delete
  22. කතාවනම් සුපිරියි අයියේ!!! ඇත්තටම ශෝක් කතාවක්... සමහර ව්එලාවට ඔය නිදි දෙයියාටත් කොන්ට්‍රෝල් කරන්න බැරි අවස්ථා තියෙනවානෙ...;)

    ReplyDelete
    Replies
    1. මොකක්ද කන්ට්‍රෝල් කරන්න බැරි වෙන්නේ? ඔයාට නින්ද ගියාම ආයේ ඇහැරවන එකද? :D

      Delete
  23. සුපිරි ඈ... හැබැයි උඹට ඔය කතාවෙ කෑල්ලක් මිස් වෙලා.. නිදි මත දෙවියට මුලින්ම රේඩාර් වුණේ මාව. මිනිහ මගෙ ගාවට ඇවිත් නිදිමත හොරකම් කරනව වෙනුවට මගේ සුවපත් නින්දෙ රහසත් කල්පනා කර කර ඉන්න ගත්තා. එතකොට පොරව මට මාට්ටු වුණා. පස්සෙ මගෙ ගාව දණින් වැටිල සමාව ඉල්ලල තමයි පොර යන්න ගියේ. ඔය හිඟන්නා නම්බර් 2 මචං!

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑට මේ හොර දෙයියා මට ඔහොම කතාවක් නිකමටවත් කිව්වේ නෑ නොවැ! එක්කෝ ඒකාට ලැජ්ජා හිතෙන්න ඇති මනුස්පයෙක් ගාව දණින් වැටිච්ච සීන් එක කියන්න. :D

      Delete
  24. ආදර්ශමත් කතාවක්.. ඇත්ත මොන දේ තිබ්බත් හිතේ සතුට නැත්තනම් වැඩක් නෑ..

    ReplyDelete
  25. මචං පූසා... අර හොරෙක් ගෙදරට ඇතුළු වුනාම, මිනිස්සුන්ව නපුරු හීන පෙන්නල ඇහැරවනවා කිව්වේ ඇත්තද බං...

    ReplyDelete
  26. මරු කතාව, ලස්සනට ලියලත් තිබ්බා, බූඩි පලවෙනි වතාවට තමා මේපැත්තේ ආවේ,දිගටම එන්නම් කෝ, හරිය

    ReplyDelete
  27. අඩේ උඹට පුලුවං නං ඔය දෙයියට කියපංකො මගෙ නිදිමතත් උස්සන්න කියල . . . පාන්දර දකට විතර නිදාගත්තම ආයෙ නැගිට්ටවෙන්නෙ දවල් 12 පහුවෙලා බං

    ReplyDelete
  28. නිදිමත වැඩිඋනාම දෙයියො උනත් පල්වෙනව බ නින්ද නැති උනාමත් එහෙමයි. ගානට බැලන්ස් එකේ තියන්න ඕනෙ දෙකම.

    ReplyDelete
  29. ලස්සන කතාව . කිව්වට මොකද ඔය දෙය්යට අපේ පවුල මුණගැහිලා නැහැ වගේ . අපි වගේමයි ළමයි . උදේට නැගිටින එක තමයි එපාම කරපු වැඩේ . ප්‍රශ්න නැතුව නෙමේ . ඒ වුනාට නිදා ගන්න එක නම් ආයේ කියල වැඩක් නැහැ .

    ReplyDelete
  30. අපි අහල තියෙන විදිහට නිදි දෙවුදුව ... දෙවියා නෙවෙයි...
    අර හිඟන්න අපේ රටේ ඔයවිදිහට නිදාගෙන හිටියානම් ඔලුවට ගල්පාරක් වැදිලා සදහටම සුවසේ දොයි..

    ReplyDelete
  31. ලෝකේ සුන්දරම ජිවිත ගත කරන්නේ පිස්සා සහා යාචකයා.

    ReplyDelete
  32. මට බස්වල ඔන් ද ස්පොට් නින්ද යනවා මචං. අර හරහට තියෙන යකඩ බටේ පවා ඔලුව වැදෙනවා ඇහෙරෙන්නෙ නැහැ

    ReplyDelete
  33. අනේ පලයං බං බොරු නොකියා.... :D

    ReplyDelete
  34. නින්ද නැතුව නම්බු මොටද නේද...?

    මම මුලින්ම ආවේ අද,
    හුරේ මම අන්තිමයා........!!

    ReplyDelete
  35. අනේ ඔය නිදිමත දෙයියට කියන්ඩකොඅපේ දිහාත් පොඩ්ඩක් ඇවිත් යන්ඩ කියලා...මටත් රෑට රෑට නින්ද යනව හොරයි අප්පා...ඒ වුණාට දවල්ටනං මදි නොකියන්න නින්ද යනවා... :D

    ReplyDelete
  36. අනේ දැන් මට මේකට කමෙන්ට් කරන්න බෑ. මට මාර නිදි මතයි.

    ReplyDelete
  37. හ්ම්ම්..ලස්සන කතාව..

    ඇත්තටම හිතේ ප්‍රශ්නයක් තියෙනම් හිත නිදහස් නැත්නම් මටත් චුට්ටක්වත් නින්ද යන්නෙ නෑනෙ..ඒ වගේම තමයි ඊලඟ දවසෙ මම ට්‍රිප් එකක් යන්න හරි එක්සෑම් එකක් ලියන්න වගේ දෙයක් හරි තියෙනම් නිදාගන්නව බොරු.:D

    ReplyDelete
  38. පූෂ් තඩියා උඹෙ කුඩේ??

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...