"අපි දෙන්නා බැන්දයින් පස්සේ දරු පැටියෙකුත් හදාගෙන ඔය තියෙන විදිහකට කාලා ඇඳලා ජීවත් වෙමු කුමුදුනී"
විවාහ උත්සවයට මාස තුනක් තිබියදී එක හැන්දෑවක වැව් බැම්මට වී කුමුදුනී එක්ක අනාගතේ ගැන මැව්ව හීන අජිත්ට අද ඊයේ වගේ මතකය. ඉතා සරලව පෙනුනු එම හීන යතාර්ථයක් කර ගැන්ම මෙතරම් වේදනාකාරී හැඟීම් ජනිත කරවාවි යැයි එදා ඔහුට නිකමටවත් නොසිතුනි. ගමේ තමන්ගේ නෑදෑ හිත මිත්‍රයෝ කීප දෙනෙකුගේ සහභාගිත්වයෙන් චාම් විවාහ උත්සවයකින් කුමුදුනීව නිවසට කැන්දාගෙන විත් ලබන මසට දෙවසරක් සපිරෙයි.
"අවුරුදු දෙකක්... අද ඊයේ වගේ..... මේ අවුරුදු දෙකත් ඒ වගේම ගෙවිලා යාවි" තට්ටු තුනේ ඇඳේ ඉහලටම වී අජිත් තමාවම රවටා ගැන්මට වෙහෙසෙයි.
අජිත්ගේ විවාහයෙන් පසු දස මසක පමණ කාලය අජිත්ගේත් කුමුදුනීගේත් ජීවිත වල ප්‍රීතිමත්ම කාලය බවට පත්විය. ඉඳ හිට ඇති වූ බහින් බස් වීම් පවා ඔවුන් අතර බැඳීම ශක්තිමත් කිරීම් පමණක්ම විය. ඒ ඔවුනොවුන් දුටු හීන හැබෑවෙමින් යනවා යැයි ඔවුන්ට හැඟුනු කාලයයි. පවුලට එක්වීමට යන නව සාමාජිකයා පිළිබඳ ආරංචිය ඔවුන්ගේ සතුට තවත් තීව්‍ර කරවීය.
"මම නම් ආස කෙල්ලෙක්ට"
"මටනම් කවුරු උනත් එකයි. කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් අපි දෙන්නගෙනේ"
අජිත්ගේ උරහිස මත හිස තබා එදා කුමුදුනී ඒ කී වදන් යලිත් කන අසලින්ම කොඳුරන්නාක් මෙන් ඇසුනු බැවින් අජිත් ඇඳ මත නිදා සිටි ඉරියව්ව වෙනස් කර භාවනාවකට මෙන් ඇඳ මත වාඩි විය.
තමාත් කුමුදුනීත් දුටු හීන කෙමෙන් කෙමෙන් දුරස් වෙමින් යන්නට පටගත් බවක් අජිත්ට දැනෙන්නට පටන් ගත්තේ දරුවා ලැබෙන්නට ලංවත්මය. කුමුදුනී ගාමන්ට් රස්සාවට සමුදී තිබිණි. වෛද්‍යවරුන්ගේ නියමය පරිදි කුමුදුනීට පෝෂදායි ආහාර පාන ලබා දිය යුතු විය. ඇයව ක්ලීනික් එක්කන් යන්නට සිදුවිය. කෙමෙන් කෙමෙන් වියහියදම් වැඩි වන්නට විය. අජිත් රියදුරෙකු වශයෙන් උපයන රුපියල් දහ අට දහසක මුදල ඔවුන් දුටු ලස්සන හීනය වෙත පාර කපා දෙන්නට මද බව කෙමෙක් කෙමෙක් අජිත්ට වැටහෙමින් තිබිණි.
අජිත් බලාපොරොත්තු වූ පරිදිම කුමුදුනීට දුවක් ලැබුණි.
"ඔයා වගේම ලස්සන දුවෙක්"
"ඇස් දෙකනම් තාත්තගේ"
පුංචි දියණියගේ සිනාවන් හවසට වැඩ නිමවී ගෙදර එන අජිත්ගේ ගතේ විඩා නිවා දමන්නට සමත් වුවද කෙමෙන් කෙමෙන් හිස ඔසවන අඟ හිඟ කම් නිසා ඇතිවන චිත්ත පීඩා මකා දමන්නට සමත් නොවිනි. දියණියගේ කිරිපිටි, ඇඳුම් පැළදුම්, බේත් හේත් ආදියට අජිත්ගේ වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවීය. අනාගතය ගැන අජිත්ට බියක් දැනෙන්නට පටන්ගෙන තිබිණි.
"කුමූ... මං මේ කල්පනා කළේ අපේ රට ඉන්න කොළඹ මාමාට කියලා රට රස්සාවක්වත් හොයාගන්න කියලා. මෙහෙම කරන්න අමාරුයි. අපිටනම් ඔය මොනා හරි. ඒත් අපේ දුව ගැන බලන්න එපායැ."
දියණිය ඉපදී මසක් යන්නට මත්තෙන් තමන් ගත් තීරණ ගැන කුමුදුනීට පළමුවරට අජිත් පැවසුවේ එසේය.
"අනේ ඔයත් නැතුව මේ කෙල්ලෙක් එක්ක මම තනියම කොහොම කරන්නද?"
"මේ සොච්චං පඩියට මම මෙහේ හිටියොත් තව ඉස්සරහට රටටම ණය වෙන එක විතරයි කුමුදු. අනික බලන්න මේ ළමයා ලොකු වෙන කොට ඉස්කෝලෙකට දාන්න, පොත් පත් අරන් දෙන්න කෝ ඕවට සල්ලි? අනික ඔයාට උදව්වට අපේ අම්මලත් ඉන්නවනේ"
එදා සිට රට යන ගමන ගැන කුමුදු, අජිත් සහ අජිත්ගේ පවුලේ අය අතර ඇතිවුණු සාකච්ඡා වාර ගණන මෙපමණකැයි කිව නොහැකි තරම්ය. සාකච්ඡා අතරතුරම මැදපෙරදිග සිටින මාමාට ඇමතුම් ගණනාවක් දී රට රස්සාවක් සොයා ගැන්මට අජිත්ට හැකි විය. ඒ රස්සාව ලැබී පළමු මාස හතර ඇතුලට මාමාට රුපියල් අසූ දාහක මුදලක් ලබා දීමේ පොරොන්දුව මතයි.
"දන්නැද්ද පුතා මෙහේ උන් නිකං රස්සා හොයලා දෙන්නෑනේ. ඔය මම කියලා කියලා අඩු කරලා තමයි ඔහොමවත් කර ගත්තේ. කොහොමත් ඉතිං රස්සාව හම්බවෙලා මාස හතරකින් ඔය ගාන ගෙවන එක මහ දෙයක් නෙමෙයිනේ"
රට රස්සාව පිළිබඳ සහ අනාගතය බලාපොරොත්තු රාශියක් හිතේ කැටි කොට ගෙන සිටි අජිත් ගමනට අවශ්‍ය ගුවන් ටිකට් පත සහ තවත් බඩු බාහිරාදිය මිලට ගත්තේ තම මිත්‍රයන් කීප දෙනෙකුගෙන් මුදල් ණයට ගැනීමෙනි.
රට යන දිනෙය කෙමෙන් කෙමෙන් ලං වත්ම අජිත්ගේ හිතේ ඔහුටත් තේරුම් ගත නොහැකි අන්දමේ චකිතයක් සහ ශෝකයක් මුසු හැඟීමක් වැඩෙන්න විය. එම හැඟීම උපරිමයට ලඟා වූයේ ගුවන් තොටුපලේදී කුමුදුනීගෙන්, තම දියණියගෙන් සහ පවුලේ උදවියගෙන් සමු ගන්නා මොහොතේදීය. කුමුදුනීගේ දෑසට ඉනූ කඳුළු තව දුරටත් රඳවා තබා ගන්නට නොහැකි වී තිබිණි. කුමුදුනීගේ නලලත සිප දියණියගේ නලියන දෑස් දෙස බලා ඇයවද සිපගත් අජිත් වචනයකුදු කතා කරගන්නට නොහැකිව ගොලු විය. රට යාම නවතා ගෙදර යන්නටද සිත් විය.
"මම යන්නම්"
ඔහුට කියාගත හැකි වූයේ එපමණකි. යළිත් පසු නොබලාම ගුවන් තොටුපලින් ඇතුලට ගිය ඔහු ඉකිගසනා හඩ ඇසී ඔහු සිටි පෝලිමේ ඉදිරියෙන් උන් තරුණයා ඔහු දෙස හැරී බැලීය.
"මල්ලි මේ කටාර් යන ප්ලේන් එකට නේද?" ගමන් මළු ගුවන් යානයට දැමීමට බාර ගන්නා ස්‍ථානයේ ඔහු දෙස බැලූ තරුණයාගෙන් අජිත් විමසුවේ කඳුලු පිසින ගමන්මය.
"ඔව් අයියේ. අයියා මේ පළවෙනි පාරටද යන්නේ"
"ඔව්. දුවට තාම මාස හතරයි මල්ලි" අජිත්ට යලික් ඉකි ගැසෙන්නට විය.
"අයියා කොහෙද ගම?"
"පොළොන්නරුවේ. මගේ නෑ කෙනෙක් ඩ්‍රයිවින් ජොබ් එකක් සෙට් කළා"

අජිත්ට මේ සිදුවීම් සිහිනයක් මෙන් මතයකය. අජිත්ට මුණ ගැසුනු මල්ලි යලි ඔහු ගුවන් යානයට නගින තෙක්ම ඔහුත් සමග දොඩමලු වීම නිසා අජිත්ට කුමුදුනීව සහ දරුවාව මතක් කරමින් දුක් වන්නට වැඩි අවස්ථාවක් නොවීය. මල්ලී ඔහු සමග දොඩමලු වූයේ උවමනාවෙන්ම යැයි දැන් ඔහුට සිතෙන්නට විය. මල්ලිගේ දුරකතන අංකය කටාර් ගුවන් තොටුපලේදී ඉල්ලා ගත්තත් පසුගිය දිනෙක මතක් වී සෙවූවද එය ඔහුට හමුවූයේ නැත. ඔහුට ඒ පිළිබඳ කණගාටුවක් ඇති විනි. ගුවන්යානයට ඇතුල් වීමට රැදී සිටින ටික වේලාවේදී මල්ලී අජිත්ට තමාගේ දුරකතනය ලබා දී ගෙදර අයට ඇමතුමක්ද ලබා ගන්නට දුන් හැටි ඔහුට මතකය. එවේලේ කුමුදුනීගේ ජංගම දුරකතනයට ඇමතුම ලබා දුන්නද කුමුදුනී ඉකි ගසන හඩ නිසා යළි අජිත්ට හැඩුම් ආ බැවින් ඔහු කතාව ඉක්මනින් අවසන් කළේය.
පැය හතර හමාරක් වූ ගුවන් ගමනේදී ඔහුට කීප වරක්ම නිවස සිහි වී හැඩුම් ආවේය. මල්ලි ඔහුට ටිකක් ඈතින් වාඩි වී සිටිනවා ඔහුට පෙනුනි. ඔහු ළඟ සිටියානම් හොඳ යැයි අජිත්ට සිතිණි. ගුවන් යානයෙන් එළියට බසිද්දී ඔහුට නැවත් මල්ලිව මුණ ගැසෙන්නට හැකි විය. එවෙලේ නොදන්නා රටක සිටින තමන් දන්නා අදුනන එකම පුද්ගලයා ඒ මල්ලි යැයි ඔහුට සිතෙන්නට විය. ගුවන් යානයෙන් එළියට බසිනවාත් සමඟම හමා ආ සුළඟින් තම ගත පිච්චී යන්නාක් මෙන් අජිත්ට දැනුනි. එවන් රත් වූ සුළඟක් ඔහු මින් පෙර විඳ තිබුණේ නැත. ඔහුට ආගන්තුක බවක් දැනෙන්නට පටන් ගත්තේ එතැනදීය. ඒ ආගන්තුක බව අජිත්ට තාමත් දැනෙයි. දැන් වුවද මග තොට ඇවිදින විට නොදන්නා භාෂාවන් දොඩන මිනිස්සුන් මැද අජිත්ට ආගන්තුක බවක් දැනෙයි.
කටාර් ගුවන්තොටුපලේදී මල්ලිව රැගෙන යාමට පැමිණි යාළුවෙක්ගේ දුරකතනයෙන් අජිත් මාමාට ඇමතුමක් ලබාදුන් අතර ටික වේලාවකින් මාමා අජිත් සිටි තැනට පැමිණියේය. ලංකාවේ බොහෝ අත් දැකීම් තිබූ අජිත්ට එරට වාහන ධාවනයට බලපත්‍ර ලබා ගැනීම එතරම්ම අපහසු නොවිනි.
අජිත් ඉදහිට නිවසට දුරකතනයෙන් අමතයි. සති කීපයකට සැරයක් ලියුමක්ද යවයි. දියණියගේ සිනාවන් අජිත්ට නිතරම මැවී පෙනෙයි. රට ආ දිනේ පටන් තවමත් අජිත්ට හරියාකාරව නින්ද නොයයි. නිදි යහනේදී කුමුදුනීව දරුවාව සිහිවෙයි. තවම එක සතයකුදු ඔවුන්ට යවන්න අජිත්ට.නොහැකි විය. මාමාගේ කතාව ඔහුට යලි යලිත් ඇසෙයි.
"දන්නැද්ද පුතා මෙහේ උන් නිකං රස්සා හොයලා දෙන්නෑනේ. ඔය මම කියලා කියලා අඩු කරලා තමයි ඔහොමවත් කර ගත්තේ. කොහොමත් ඉතිං රස්සාව හම්බවෙලා මාස හතරකින් ඔය ගාන ගෙවන එක මහ දෙයක් නෙමෙයිනේ"
අරාබිකරයට පැමිණ මාස දෙකක් පමණ ගෙවී ඇතත් අජිත්ට රස්සාව ලැබී තවම එක් මාසයක් පමණි. ඒ මාසයේ වැටුප රට ඒමෙන් පසුව මාමාගෙන් ඉල්ලාගත් ණය මුදල් පියවීමට, කාමර කුලී සහ වෙනත් අවශ්‍යයතාවන්ට වියදම් වී ඇත. රට ඒමට සූදානම් වීමට සහ ගුවන් ටිකට්පත් වලට ගමේ මිතුරන්ගෙන් ගත් ණයද රුපියල් ලක්ෂයක් පමණ තව ගෙවීමටද ඉතුරු බව මතක් වනවිට අජිත්ගේ හිසට මහා බරක් දැනෙයි.
අජිත් ඇඳේ ඒ මේ අත පෙරලෙයි. නින්ද අහලකටවත් නොඑයි. හිත ඒ මේ අත දුවයි. කුමුදුනී සහ දරුවා සිහිවී දෑසේ කඳුලු පිරෙයි.
"අජියා මොන හු***ද බං කරන්නේ ඔය ඇඳේ පෙරලි පෙරලි. වද නොදී නිදා ගනිංකෝ"තට්ටු තුනේ ඇඳේ දෙවෙනි තට්ටුවෙ සිටින තම සගයා ගෝරණාඩු කරයි.
"කමක් නෑ කුමුදුනී තව අවුරුදු දෙකයිනේ. ඊට පස්සේ හැමදේම හරියයි"
ඊයේ හවස ඇමතුමක් දුන් වෙලේ කුමුදුනීට කී වදන් අජිත්ට යලිත් සිහි විය.
"ඇත්තටම හැම දේම හරියාවිද?" අජිත්ට දැන් සැකයක් ඇතිවෙයි.
෴෴
[පින්තූරෙ - http://fabquote.co/wp-content/uploads/My-dreams.jpg ]