Thursday, January 6, 2011

සයිස් එක මොකක්ද?(තවත් අවාසනාවන්ත සත්‍ය කතා දෙකක්)


ඔන්න බ්ලොගයට අලුත් ඇඳුමක් එහෙම අන්දලා නව වසරේ පළවෙනි පෝස්ට් එක දාන්න යන්නේ. මූණුපොතේ මගේ ආදරී ලියලා මම ලියපු කවියක්(අනේ මන්දා ඒවාට කියන්නේ කවි කියලද දන්නේ නෑ)ඊයේ mini කවි එකේ දාලා තිබ්බනේ.. ඒක මම ලිව්වේ හරියටම ගිය අවුරුද්දේ නොවැම්බර් 16 වෙනිදා. ගොඩාක් දුක හිතුනු වෙලාවක ආපු තරහත් එක්කම...... ඔන්න විකාර කියවන්න ගත්තා කතා දෙක කියන්නේ නැතුව.

කතා දෙක පටන් ගන්න කලින්ම කියන්නම්. මේ පළවෙනි කතාව මට යාළුවෙක් කිව්වේ. එයාගේ යාළුවෙක් කරපු මරු වැඩක් කියලා. අනිත් සිද්ධිය වෙනකොටනම් මම හිටියා. මම කලින් පෝස්ට් එකක ලිව්ව සත්‍ය කතා ටික ඇත්තටම මම අත්විඳපු දේවල්. ඔන්න එහෙනම් පටන් ගත්තා කතා දෙක.

කතා අංක 01
ඔන්න දවසක් රුක්ෂාන්ට එයාගේ ඇඟ හදාගන්න ජිම් එකකට යන්න හිතුනලු. ඉතිං මෙයා සේරම අවශ්‍ය බඩු බාහිරාදිය ගත්තලුම් හැබැයි මෙයාට තනියම ගිහිල්ලා සපෝටර් එකක් ගන්න ලැජ්ජයිලු.

(හපොයි සපෝටර් දන්නේ නැති උදවිය නෑ නේද? ඔව් ඔව් අර පටි සීන් එක තමයි. මොකද බොල හිනා වෙන්නේ. මේවා මිනිස්සු අඳින ඇඳුම්. හුටා ඔය කෙල්ලට තාම මීටර් නැද්ද? ඔය දන්න කෙනෙක්ගෙන් අහලා දැන ගන්නකෝ)

ඕං ඉතිං මිහිහා එයාගේ යාළුවෙන් වුන අරුණව ඇදගෙන ගියාලු සපෝටර් එක ගන්න. රුක්ෂාන් මීට කලින් කවදාවත් සපෝටර් එකක් අරන් තිබ්බේ නෑලු. ඉතිං මේකා අරුණ එක්ක යන ගමනුත් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරිලු ගියේ. කොහොම කොහොම හරි කඩේට ගිහින් සපෝටර් එක ගන්න යනකොට රුක්ෂාන්ගේ කරුමෙටම එතන ඉන්නේ අක්කා කෙනෙක්ලු. දැන් මූ එතන තවත් ඇඹරෙනවලු. අරුණයා අරූට බණිනවලු.

අරුණ: මොන මඟුලක්ද බං කරන්නේ ගිහිල්ලා අර අක්කාට කියලා ඉල්ලගනින්කෝ.

රුක්ෂාන්: බලපන්කො බං එතන කෙල්ලෙක්නේ ඉන්නේ.

අරුණ: කවුරු හිටියාම මොකද බං. උඹ ගිහින් උඹට ඕන එක ඉලපංකෝ. උඹ නිකං ළඳක් වගේනේ.
ඔන්න කොහොමහරි අරුණ රුක්ෂානයාව අක්කා ළඟට බලෙන් වගේ ඇදගෙන ගියාලු.

රුක්ෂාන්: අක්කේ මේ සපෝටර් එකක්.......
මිනිහා ඇදලා කියනකොට අක්කට තේරුණාලු.

අක්කා: මොකක්ද මල්ලි සයිස් එක?
මළකෙලි හතකි.... රුක්ෂානයා ආයෙත් ඇඹරෙනවාලු.

අරුණ: මොකක්ද බං කරන්නේ අක්කට කියපන්කො සයිස් එක.

රුක්ෂාන් වටපිට බලා මැදගිල්ලට පොඩ්ඩක් පහල තැනක් පෙන්වමින්.
රුක්ෂාන්: අක්කේ...... මේ.......... මෙච්චරක් විතර ඇති.

----------------------------------------------------------------------------------------

කතා අංක 02

ඔන්න දවසක් යාළුවෝ සෙට් එකක් එක්ක මමත් ගියා පොඩි ට්‍රිප් එකක්. ඔන්න අපේ කට්ටියට උදේ සීතලේ ගැහෙන ගමන් ඕන වුනා කියපංකෝ පූල් එකක නාන්න. ඔන්න ඉතිං දැන් කට්ටියකට නාන්න අඳින කලිසම් නෑලු. ඔන්න බලනකොට තුන් දෙනෙක්ට ඒවා නෑලු. ඔන්න ඒ තුන්දෙනාව යැව්වා යඩේකට. ගිහිල්ලා ඕන ඒවා අරගෙන වරෙල්ලා කියලා. මේ තුන් දෙනාගෙන් දෙන්නෙක් උස මහතෙන් ටිකක් එකම සයිස් වගේ. අනිත් එකා ටිකක් පොඩියි.(ටිකක් කිව්වට ඉතිං ටිකක්මත් නෙවෙයි )

ඔන්න තුන් දෙනත් එක්ක කඩේට ගියා. එතනත් ඉන්නේ අක්කා කෙනෙක්. අක්කා කිව්වට නංගිද මන්දා. ඔන්න කට්ටිය ගියා.

එකෙක්: අක්කේ ස්විමින් ට්‍රන්ක්ස් තියෙන්නේ කොතනද?

අක්කා: ආ මේ තියෙන්නේ..
ඔන්න ඉතිං දැන් කට්ටිය එක එක පාට ඒවා අරං තෝර තෝර බලනවා. ඇඟට තියලා බලනවා. එක විකාරයයි. ෆිට් ඕන් කරන්න විතරයි අහුවේ නැත්තේ මම හිතන්නේ.

අක්කා: තුන් දෙනාටම එකම සයිස් හරියයි නේද?
ඔන්න එකතකොට අර මම කලින් කිව්වේ එකෙක් පොඩියි කියලා. ඒකා පැන්න ගමන් කියපි

පොඩි එකා: අක්කේ මගේ ටිකක් පොඩියි.

ළඟ හිටි අයියා කෙනෙක්ට කතා කළ අක්කා අපේ උන්ට ස්විමින් ට්‍රන්ක්ස් තෝරා දීමේ කාරිය අයියාට පැවරුවාය.

32 comments:

  1. අප්පොස්සියේ............ පට්ට සීන් නේ.....

    සපෝටරේ එක තමා මරුම සීන් එක....

    එළ එළ දිගටම ලියමූ....

    ජය වේවා...!!

    ReplyDelete
  2. ඔබේ අඩවිය ඇතුල් කරන්න
    සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

    අවශ්‍ය තොරතුරු
    ඔබේ නම :
    වෙබ්/බ්ලොග් ලිපිනය
    ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

    ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

    ReplyDelete
  3. නොදරුවාJanuary 6, 2011 at 10:18 AM

    මොකද්ද බන් අර සපෝටර් මම් දන්නෙ නෑ නොවෑ.

    ReplyDelete
  4. අවාසනාවන්ත සත්‍ය කතාම තමා

    ReplyDelete
  5. ඔය සයිස් වැඩේනම් මටත් දවසක් උනා.පස්සෙ කඩේ කෙල්ල ටිකක් බලල එහෙම "මේක ගන්න,මීඩියම් සයිස්" කිව්වා....

    ReplyDelete
  6. හූ කියපියවු ...

    මේ අපේ පූසට වෙච්ච සුද්දියක්ද කොහෙද ..

    ඇත්තට මොනා සපෝටර් ? ඊලඟ මාසේ පඩියෙන් එකක් ගන්න ඕන .

    නියමයි නියමයි ..

    ජය..!!

    ReplyDelete
  7. :)) =)) :)) =)) :)) =)) :)) =)) :)) =)) :)) =))

    ReplyDelete
  8. මරු කතා දෙක මල්ලි, තව නෑ?

    ReplyDelete
  9. http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/2.gif

    terune na

    ReplyDelete
  10. @නොදරුවා:කරුණාකර වැඩිහිටියෙකු ගෙන් අසා දැනගන්න :D

    ReplyDelete
  11. @මුචලින්ද:ආයෙත් අහලා පට්ට කට්ටිය :D

    ReplyDelete
  12. @හිස් අහස:හි හී අපෝ නෑ. මගේ සාමාන්‍ය දැනීම ටිකක් හොඳයි. ඔවා මට වුන දේවල් නමෙයි.

    අරගනින් අරගනින් :D

    ReplyDelete
  13. @Ravi:මේ ජාතියේ එව්වානම් වෙන නෑ. බලමු තව ඉස්සරහට හොඳ හොඳ ඒවා ලියවෙයි

    ReplyDelete
  14. @Anonymous haffoi mokadha karanne ehenam.... hmmmm dhanna kiyana kenekgen ahagannakoo ;)

    ReplyDelete
  15. අඩේ අක්කට හිතෙන්න ඇති, මුං එන පොට හොඳ නෑ කියලා. ඒක තමා අයියට සීන් එක පවරන්න ඇත්තේ...

    ReplyDelete
  16. අප්පේ , විලි ලෑජ්ජාවේ සන්තෝසේ බෑරුවා ..

    ReplyDelete
  17. අඩේ අර කිව්වත් වගේ විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා..
    :D :D :D :D :D :D :D :D :D :D :D :D

    ReplyDelete
  18. මචං . . . උඹේ ඇඩ් එක වැඩ කොලා ඈ . . ඔන්න මම නං ආව

    ReplyDelete
    Replies
    1. යන්තං ඇති! එකෙක් හරි ආවනේ! :D

      Delete
  19. he he really nice .....
    supporter kathawa tamaa elama.

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...