අපි ඒ ලෙවල් ඉවර වෙලා උසස් අධ්‍යාපනේ විශ්වවිද්‍යාලෙකින් හරි වෙනයම් පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් හරි ලබාගන්න යනවනේ. එතකොට බොහෝමයක් වෙලාවට අපිට ඒ දේවල් කරන්න වෙන්නේ කඩ්ඩෙන්. විශ්වවිද්‍යාල වල කෙසේ වෙතත් පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට එනවා පොඩිකාලේ ඉඳන්ම කඩ්ඩෙන් ඉගෙන ගත්තු කට්ටිය. සමහර අය හරි අමාරුවෙන් සිංහල කතා කරන්නේ. තවත් කට්ටිය බොරුවට පේන්න සිංහල බෑ වගේ කතා කරනවා. කොහොම හරි මේ තියෙන්නේ ඒ වගේ සමහර අයගේ ගැන ඇත්තම ඇත්ත සිද්ධීන් කීපයක්.
ඔන්න ඉතිං ඉන්නවා එක කොල්ලෙක්. මිනිහා හරිම පොෂ් හරි අමාරුවෙන් සිංහල කතාකරන්නේ. හැබැයි මිනිහා සිංහල බෞද්ධ. සිංහල ලියන්න පොඩ්ඩක්වත් බෑ කියවන්නත් බෑ. මිනිහගෙන් අහුවාම මිනිහා සිංහල ලියන්න කියවන්න බෑ කියන්නේ බොහෝම ආඩම්බරෙන්. හැබැයි මම හොඳටම දන්න දෙයක් මිනිහගේ දෙමව්පියෝ මිනිහත් එක්ක සිංහලෙන් කතාකරනවා. අපි එයාට මෙනැන් ඉඳන් සුපුන් කියමුකෝ.
ඔන්න ඉතිං ඉන්නවා එක කොල්ලෙක්. මිනිහා හරිම පොෂ් හරි අමාරුවෙන් සිංහල කතාකරන්නේ. හැබැයි මිනිහා සිංහල බෞද්ධ. සිංහල ලියන්න පොඩ්ඩක්වත් බෑ කියවන්නත් බෑ. මිනිහගෙන් අහුවාම මිනිහා සිංහල ලියන්න කියවන්න බෑ කියන්නේ බොහෝම ආඩම්බරෙන්. හැබැයි මම හොඳටම දන්න දෙයක් මිනිහගේ දෙමව්පියෝ මිනිහත් එක්ක සිංහලෙන් කතාකරනවා. අපි එයාට මෙනැන් ඉඳන් සුපුන් කියමුකෝ.
දවසක් මමයි මගේ යලුවෙකුයි අවසන් වරට වෙනස් වූ අය වැය ගැන සාකච්චාවක්. සුපුන් ළඟින් ඉන්නවා එයාගේ මාමා ඇමෙරිකාවෙන් එවපු ලැප්ටොප් එක ඔබ ඔබා.
සුපුන්: මොකක්ද බං අය වැය කියන්නේ?
මම: (කතාකරමින් සිටි යාලුවාට) මූට ඉතිං සිංහල බෑනේ. කඩ්ඩෙන් කිව්වම තේරෙයි. (සුපුන්ට)අය වැයට කඩ්ඩෙන් කියන්නේ බජට් එක කියලා. දැන් උඹට තේරුනා නේද මොකක්ද අය වැය කියන්නේ කියලා.
සුපුන්: ආහ් හරි හරි.
ආයෙත් මමයි යාලුවයි කතාව පටන් අරන් ටිකක් වෙලා යනකොට
සුපුන්: මේ...... මොකක්ද බං බජට් එකෙන් වෙන්නේ?
මගේ කටට ආවා හොඳ වචන දෙක තුනක් අමාරුවෙන් ඒවා නවත්තගෙන සුපුන්ට සරලව පැහැදිලි කළා මොකක්ද බජට් එක කියන්නේ කියලා. කියපුවා තේරුනාද දන්නේ නෑ.
------------------------------------------------------------------------------
මේ කතාවත් සුපුන් ගැනමයි.
සුපුන්ගේ තියෙන්නේ හරි ලොකු කතා. කතා කලොත් කතා කරන්නේ කෝටි ගණන් වලින්. ඒත් කිව්වම මොකෝ හදිස්සියකට සුපුන්ට කෝල් එකක් දෙන්න ගියාම අපිට පිස්සු හැදෙනවා මොකද අද කාලේ මොන්ටිසෝරි ළමයි ළඟ උනත් තියන ජංගම දුරකතනයක් සුපුන්ගාව නැති නිසා. තව දවසක්
මම: මචං ෆෝන් එකක් ගනිංකෝ බං හදිස්සියකට උඹට කෝල් එකක්වත් දෙන්න විදිහක් නෑනේ.
සුපුන්: එකක තිබ්බා බං
මම: කොහේද ඇමෙරිකාවේ මාමා ගාවද?
සුපුන්: නෑ බං මා ගාව තිබ්බා N95 එකක්.
මම: නෑ....... කෝ ඉතිං ඒක?
සුපුන්: ඒක නැති උනානේ බං.
මම: අපරාදේ කවුරුහරි හොරකම් කරලද?
සුපුන්: නෑ බං.
මම: එහෙනම්
සුපුන්: මගේ කාමරේ මචං ඇඳවල් දෙකක් තියනවා. එකක් ලැප්ටොප් එක තියාගෙන වැඩ කරන්න. අනික නිදාගන්න. ඔය ලැප්ටොප් එක තියන ඇඳ ටිකක් හැඩිවෙලා තියෙන්නේ. ඒකේ උඩ ෆෝන් එක දැම්මා දැන් ඒක නෑ බං.
සුපුන් මට ඔය කතාව කියලා දැන් මාස 6කට කිට්ටුයි. හැබැයි මිනිහට තාම ෆෝන් එක හම්බවෙලා නෑ. අනේ උගේ N95 ........
------------------------------------------------------------------------------
මේ කතාවට සම්බන්ධ කෙනාගේ නම අපි තරුෂි කියලා ගමුකෝ.
ඔන්න දවසක් මම යාලුවෙක් එක්ක ළමයි පොඩි කාලේ ඉඳන්ම ඉනර්නැෂනල් ඉස්කෝල වලට යැවුවාම එයාලට අපේ සංස්කෘතිය, අතීතය ගැන දැනුමක් නැති තරම් කියලා කතාවෙනවා.
මම: බලපන් දැන් අපේ සුපුන් මිනිහට සිංහලත් බෑ. ආයේ උගෙන් අතීතේ ගැන මුකුත් අහන්න පුළුවන්ද?
සුපුන්: (ආඩම්බරෙන්)අනේ අනේ මේ මගෙන් නම් ඕවා අහන්න එපා. මම ඕවා දන්නේ නෑ.
මම: බලපන් දැක්කනේ... තරුෂිත් ඔයවගේම තමයි.
තරුෂි: අනේ මේ ඉන්නවා... මට සිංහල ලියන්න කියවන්න පුලුවන් ඉන්ටර්නැෂනල් ගියාට මම අපේ රටේ සංස්කෘතිය අතීතෙ දන්නවා.
මම: හරි එහෙනම් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?
තරුෂි: හා අහන්න ඕන එකක්.
මම: හ්ම්ම්ම්ම්ම් හරි කියන්න බලන්න කවුද විජය කුමාරයා කියන්නේ කියලා.
තරුෂි: අයියෝ ඕකද ප්‍රශ්නේ..... ඕක සිම්පල් නේ.
මම: හරි ඉතිං සිම්පල් නම් උත්තරේ දෙන්නකෝ.
තරුෂි: විජය කියන්නේ............. චන්ද්‍රිකාගේ හස්බන්ඩ්නේ අනේ.
චන්ද්‍රිකාගේ හස්බන්ඩ්???? o_O මොකටද මගේ කට...........
ඔන්න දවසක් මම යාලුවෙක් එක්ක ළමයි පොඩි කාලේ ඉඳන්ම ඉනර්නැෂනල් ඉස්කෝල වලට යැවුවාම එයාලට අපේ සංස්කෘතිය, අතීතය ගැන දැනුමක් නැති තරම් කියලා කතාවෙනවා.
මම: බලපන් දැන් අපේ සුපුන් මිනිහට සිංහලත් බෑ. ආයේ උගෙන් අතීතේ ගැන මුකුත් අහන්න පුළුවන්ද?
සුපුන්: (ආඩම්බරෙන්)අනේ අනේ මේ මගෙන් නම් ඕවා අහන්න එපා. මම ඕවා දන්නේ නෑ.
මම: බලපන් දැක්කනේ... තරුෂිත් ඔයවගේම තමයි.
තරුෂි: අනේ මේ ඉන්නවා... මට සිංහල ලියන්න කියවන්න පුලුවන් ඉන්ටර්නැෂනල් ගියාට මම අපේ රටේ සංස්කෘතිය අතීතෙ දන්නවා.
මම: හරි එහෙනම් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?
තරුෂි: හා අහන්න ඕන එකක්.
මම: හ්ම්ම්ම්ම්ම් හරි කියන්න බලන්න කවුද විජය කුමාරයා කියන්නේ කියලා.
තරුෂි: අයියෝ ඕකද ප්‍රශ්නේ..... ඕක සිම්පල් නේ.
මම: හරි ඉතිං සිම්පල් නම් උත්තරේ දෙන්නකෝ.
තරුෂි: විජය කියන්නේ............. චන්ද්‍රිකාගේ හස්බන්ඩ්නේ අනේ.
චන්ද්‍රිකාගේ හස්බන්ඩ්???? o_O මොකටද මගේ කට...........
ඔන්න පොෂ් කට්ටිය. පොෂ් ද පුස් ද?
සමහරු හිතන් ඉන්නේ සිංහල බැරි කම තමයි පොෂ් කියන්නේ කියලා. පොෂ්????? මොකක්ද හැබෑට ඔය පොෂ් කියන්නේ......
හික්.. කතා කරලා වැඩක් නැ බං.. ඒ උනාට ටැඩේ කියන්නේ අපේ සමහර තැන් වල සලකන්නේ ඔය පොස් උංට විතරනේ :D
ReplyDelete@ Kanishka | කණියා: ඔව් බං සමහර තැන් වල අපේ කමට සලකන්නේ නෑ :( අපේ කම තියන මිනිස්සුන්ව සමහර උන් දකින්නේ ගොඩයෝ විදිහට :-L
ReplyDeleteහිහ්... අන්තිම එ තමා මරු.... පුස් කට්ටිය............. :D
ReplyDeleteපුස්ම නේන්නම්.. :D :D
ReplyDeleteගමේ වෙලෙන් පැනල ඉස්කෝලෙ යනකොට මඩ ගෑවෙනවට සපත්තු ගලවපු අය ටිකක් උඩට ගියහම කොළ පාගනව කියන එකත් දන්නෙ නැහැනෙ
ReplyDeleteමම කලින් වැඩ කරපු ආයතනයක ඔය වගේ කෙනෙක් හිටියා. එයා පොඩි කාලෙ ඉඳන්ම පිට රට ඉඳලා එහෙම ඉගෙනගෙන ඩිග්‍රි එකත් කරල පවුල පිටින් ආයෙ ලංකාවට ආපු කෙනෙක්. මෙයාට සිංහල කතා කරන්න වැඩිය බෑ. ලියන්න කියවන්න කොහොමටවත් බෑ. අපේ කම්පැනි එකේ පොදු බයිට් එක මෙයා තමා. අපේ උන් කරන්නෙ මෙයා ඉස්සරහ මෙයාට නොතේරෙන දෙපිට කැපෙන දේවල් කියන එක. එක දවසක් එහෙම කියද්දි මෙයා අහනව ඒ මොකද්ද කිව්වෙ කියලා. එතකොට එතන ඉන්න කෙනෙක් කිව්වා අපෝ බං උඹව නම් යවන්න තිබුනෙ තුම්පනේට කියල. ඒ පාර මූ අහනව මචං තුම්පනේ කියන්නෙ මොකද්ද කියලා. කට්ටිය හෝ ගාල හිනාවෙනවා. අරූට මෙලෝ දෙයක් තේරෙන්නැතුව එත් බලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් අපි නොදන්න පුස්..
ReplyDeleteපුස් කියන්නේ ඇතුලෙ මොකවත්ම නෑ...වැඩිදෙනා බොරුවට පොෂ් කියල පෙන්නන උන්. උන් ළඟ ඇත් මඟුලක් නෑ.
ReplyDeleteN95..හිහ්
ඔය වගේ තවුසන් ටෝක් දෙන එවුන් මටත් අනන්ත හම්බවෙලා තියනවා මචං ...උං එක්ක කතාකරලා දිනන්න බෑ ඒවගේ උං ඉන්න තැන්වලින් මමනම් පුලුවන්තරම් මාරු වෙන්න තමයි බලන්නේ
ReplyDeleteජයවේවා !!
මරු තරුශි තමා එක... :D
ReplyDeleteමේවා ඇවිල්ලා දෙමව්පියන්ගේ වැරදි.ජාත්‍යන්තර පාසැල් නිසා නෙවේ ළමයි මේ තත්වෙට පත්වෙන්නේ. අම්මල තාත්තලගෙම හීනමානෙ නිසා. හොඳම උදාහරණ දෙකක් දෙන්නම්. එකක් තමයි අපේ දහම්පාසැලේ ප්‍රධානාචාර්යතුමාගේ මිනිපිරී ඉන්නෙ මගේ පන්තියේ.ලංකාවේ තියෙන ප්‍රධානම ජාත්‍යන්තර පාසැලකට යන ඒ ළමයගේ තාත්තත් ඉංජිනේරුවරයෙක්. ඒත් ඒ ළමයට හොඳට සිංහල පුළුවන්.ලස්සනට කතාකරනවා, ලියනවා. ඒ වුණාට ඔයා දන්නවද ඔය අපේ පෙළපොත් වල එහෙම හිටපු අර පිස්සු විකාර ලියන අති දේශප්‍රේමී කරුමක්කාර ලේඛක උන්නැහැගේ පවුලේ හිතවතියක් වන මගේ ගුරුවරියක මා සමඟ කිව්වා ඒ උන්නැහැගේ මුනුපුරාට සිංහල වචනයක් වත් දන්නේ නෑ කියලා. ;))
ReplyDelete@හසී: ඒකනේ :
ReplyDelete@සුධාරක: ඇත්ත ඇත්ත :)
@පිණිබිඳු :))
@ඇනෝ: හිහ් හිහ් :))
@හිස් අහස: හිහ් මම නම් ඒවා අහන් ඉන්න හරි ආසයි ;)
@නිම්ෂා: ;)
@ලකී වික්‍රමසිංහ: ඔව් පොඩි කාලේ ඉඳන් දහම් පාසල් යනවානම් සිංහල පුළුවන් වෙනවා වගේම අපේ සංස්කෘතිය, ඉතිහාසේ ගැනත් දැනුමක් එනවා.
ReplyDeleteඅනික මමත් අහලා තියනවා ඔය පත්තරවල සමහර රූපවාහිනී වැඩසටහන්වල අපේ සංස්කෘතිය, ඉතිහාසේ ගැන මහා පම්පෝරි ගහන ඇතැම් උදවියගේ මුණුපුරු මිණිබිරියන්ට සිංහල බෑ කියලා :(
100% ඇත්ත! මෙහෙම උන් දැන් ඕනේ තරම්..
ReplyDeleteනියම කතා ටික සමහර අය ඔය විදිහට පොශ් වෙන්න මාරම ටි්‍රයි එක.
ReplyDeleteඅපේ පැත්තේ ඇන්ටි කෙනෙක් අපේ පැත්තේ ඇන්ටි කෙනෙක් හිටියා දවසක් ඔහොම කතා කර කර ඉද්දි එයා කියපි '' මට ඉතින් ස්විට් කෑම කන්න බෑනේ ඩයබිටිස් නේ '' කියලා
ඒකත් හෙනම උජාරුවෙන් කිව්වේ. ඩයබිටිස් කියන්නෙ ලෙඩක් මිසක් කාගෙවත් පුද්ගලික බූදලයක් නෙමෙයි නේ . ලෙඩක් හැදුනාම මොන මෝඩයාද ආඩම්බර වෙන්නේ.
හොදට ලියලා තියෙනවා සහෝදරයා. මගේ මේ පලමු පැමිනීම.
ජය වේවා !!!
පව්බන් . ඔහොම අයට අනුකම්පා කරන්න ඕන.
ReplyDeleteඇඟ වැඩුනට මොලේ වැඩිලා නැති අය . .
හික්ස්
හපොයි...
ReplyDeleteඔය පියරු බබාල නම් වෙලාවකට මහ වදයක්..........
ඇඩ් දාන්න ගත්තම ඉවරයක් නැහැනේ..................
මම නම් ඒ අයට දෙන අවවාදය තමයි මොළය වැඩෙන කන් මොන්ටිසෝරියකට යන්න කියන එක....
ඇයි අර ඇක්සන්ට් එක දාල සින්හලෙන් කතාකරන එක ඒක ඔය කට්ටියගේ ජන්ම පුරුද්දක්..
@චතුරංග:ඔව්.......
ReplyDelete@මධුරංග:හිහී හිතන් ඉන්නවද දන්නේ නෑ පොෂ් ලෙඩක් කියලා :)) ලෙඩ වල මොන පොෂ් =))
@දුකා: හික්ස් ;)
@කැන්ඩි...: ඇක්සන්ට් එක දාල සින්හලෙන් කතාකරන එක මට පේන්න බැරි දෙයක් :-L