Tuesday, June 7, 2011

මේ සිද්ධස්ථානවලට ඔබ ගිහින් තියෙනවද? (මුහුදු මහාවිහාරය-පොතුවිල්, මඟුල් මගාවිගාරය-ලාහුගල)

මුහුදු මහා විහාරය


මා කලින් ලිපියේ සඳහන් කළ සුන්දර ගම්මානයේ සිට කිලෝමීටර් සීයකටත් වඩා දුරින් පිහිටි පෞරාණික සිද්ධස්ථානයකි පොතුවිල්හි පිහිටි මුහුදු මහාවිහාරය. දැන් දැන් පිරිස් තරමක් මේ සිද්ධස්ථානය නැරඹීමට පැමිණීයද සාමාන්‍ය සතියේ දවසකට එය බොහෝවිට වන්දනා නඩ දෙක තුන වඩා වැඩි නොවිය හැකියි. අනුරාධපුරයට පොළොන්නරුවට ඕනෑම දවසක යන ඔබට ඒ ස්ථාන දැක බලාගැනීමට පැමිණි බොහෝ පිරිස් දැක ගැනීමට හැකියි. නමුත් අප මුහුදු මහාවිහාරයට ගිය අවස්ථාවේ සහ එහි සැරිසැරූ පැය කිහිපයක කාලය තුළ ඒ ස්ථානයට පැමිණියේ එකම එක වන්දනා නඩයක් පමණකි.
මුහුදු මහා විහාරයේ පිහිටීම මෙම සිතියමේ බලන්න


මෙහි 'A' අකුරින් මුහුදු මහාවිහාරයත් 'B' අකුරින් මඟුල්මහා විහාරයත් දැක්වේ. ඔබ කොළඹ අවට පදිංචි වී සිටින අයෙක් නම් මුහුදු මහා විහාරය නැරඹීමට ලංකාවේ මෙහා කොනේ සිට එහා කොනටම යාමට සිදිවෙනු ඇත
මේ සිතියමත් බලන්න


මුහුදු මහාවිහාරය ලකුණු කර ඇති ස්ථානයට තරමක් පහලින් බලන්න. ඔබ මුහුදු මහාවිහාරය ගැන නොදන්නවා වුවත් ඔබ හොඳින් දන්නා ස්ථානටක් දිස්වේවි. ඔව් ඒ ආරුගම් බොක්ක සහ ආරුගම් කලපුව ආශ්‍රිත ප්‍රදේශයයි.

විහාරමහා දේවිය ගොඩ බැස්සේ ලංකාවේ කිනම් ප්‍රදේශයටද? කිසිවෙක් ඔබෙන් ප්‍රශ්න කළොත් බොහෝ දෙනෙක්ගේ පිළිතුර වන්නේ 'කිරින්ද වෙරළට' යන්නයි. නමුත් සත්‍ය වශයෙන්ම විහාර මහාදේවිය ගොඩ බැස්සේ මේ මුහුදු මහාවිහාරය ආශ්‍රිත ප්‍රදේශයට බව පුරාතන සෙල්ලිපි වල සඳහන් කරුණු මඟින් දැන් අනාවරණය වී ඇත. මා මේ සඳහන් කළේ පොත පතින් සොයා ගත් කරුණු නොව. මුහුදු මහා විහාරයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ වදාළ කරුණුය.

තවදුරටත් උන්වහන්සේ වදාළ පරිදි මේ අවට ගම් වලට නම් ලැබී ඇති අයුරුද පුදුමාකාරය. මගේ මතකයේ ඇති පරිදි ඒ කතා කිහිපයක් දක්වන්නම්.

කැළණිතිස්ස රජු රාජ්‍ය කරන කාලයේ මුහුද ගොඩගැලූ කතාව සියලු දෙනාම පාහේ දන්නවා ඇති. එදා ඒ ව්‍යසනයෙන් ගැලවෙන්න කැළණිතිස්ස රජ තුමාගේ දූ කුමරිය වුනු විහාරමහා දේවිය මුහුදේ පා කරලා හැරියා. ඒ ආරංචිය ලැබුණූ රුහුණේ රජ කරපු කාවන්තිස්ස රජු පිරිවර යොදලා විශාල අට්ටාල ගහලා කුමාරිය රැගත් නැව වෙරලට ගොඩ ගසයිද බලන්න පිරිස යොදවලා තිබුණලු. ඉතිං ඒ අට්ටාල ගහලා තිබ්බ ගම පස්සේ කාලෙට "අට්ටාලගාම" විදිහට තිබිලා පස්සේ දෙමළ ජනයා ඒ ප්‍රදේශයේ බහුල වීමත් සමඟම අද මේ වෙනකොට ඒ ගම හදුන්වන්නේ "අඩ්ඩාලච්චේනෙයි" කියලලු. 

ඊට පස්සේ කුමරිය රැහත් නෞකාව වෙරලට ගොඩ ගැසූ විට ඒ බව පැවසීමට පැමිණි පුද්ගලයා රජුට විස්තර පැවසීමෙන් පසු රජු ඒ පුද්ගලයාගෙන් "කෝ කුමාරිය" යැයි විමසුවාලු. එසේ විමසූ ප්‍රදේශය අද හඳූන්වන්නේ "කෝමාරිය" නමිනි.

රජු "කෝ කුමාරිය" යැයි විමසූ විට එයට පිළිතුරු වශයෙන් පණිවිඩය රැගෙන ආ පුද්ගලයා අත දිගු කොට පෙන්වමින් "අර ගමේ" යැයි පැවසුවාලු. ඔහු එසේ "අර ගමේ" යැයි පෙන්වූ ප්‍රදේශය අද "ආරුගම" නම් වෙයි.

මේ විස්තර සියල්ලක්ම පැවසුවේ මුහුදු මහා විහාරයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ විසිනි. ඔබ ලංකා සිතියමක් රැගෙන නිරීක්ෂණය කළොත් මේ සියළුම ගම්මාන එකිනෙකට ආසන්නව පිහිටා ඇති අයුරු දැක ගත හැකියි.




මේ ඡායාරූපයෙන් දිස්වන්නේ මුහුදු මහාවිහාර භූමියේ තිබෙන නටබුන් වී ගිය ගොඩනැඟිල්ලක කොටසකි. මේ ප්‍රතිමා වලින් කාවන්තිස්ස රජු හා විහාරමහා දේවිය, රහතන් වහන්සේ නමක් ඉදිරියේ සිටින අයුරු පෙන්නුම් කෙරෙන බව විහාරයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ අපිට පැවසුවා.



මේ තවත් නටඹුන්...........
මෙවන් නටඹුන් විහාර භූමියේ තැනින් තැන දැක ගත හැකියි.

තරමක් දුරට ඇවිද ගිය පසු මුහුදු වෙරළ හමුවේ. ඒ ප්‍රදේශයද අයිති විහාර භූමියටමය. එහිද තැනින් තැන නටඹුන් දැකිය හැකියි.




මේ විහාරයට අක්කර දෙසීයත් තුන්සීයත් අතර භූමි ප්‍රමාණයක් අයතව තිබුණත් අද ඉතිරි වී තිබෙන්නේ අක්කර කිහිපයක් පමණයි. අනෙක් සියළුම භූමි ප්‍රදේශ අන්‍යාගමික ජනයා විසින් අත් කරගෙන ඇති බවයි ස්වාමීන් වහන්සේ සඳහන් කළ සිටියේ. තව ඒ ජනයා අතින් සිදුවෙන බවට පැවසූ අකටයුතුකම්ද බොහෝමය. ඇත්ත වශයෙන්ම පන්සල අවට ප්‍රදේශයේ එකදු සිංහල ගෙයක්වත් තිබේදැයි සැක සහිතය. (කරුණාකර ඔබ මේ ලිපිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වද්දී අන්‍යාගමික ජනතාව පිළිබඳව අදහස් දැක්වීමෙන් වලකින්න. මක්නිසාදයත් සිංහල ගම්මාන රාශියක් මැද වෙනත් ආගම සිද්ධස්ථානයක් තිබූණද තත්වය මෙයම විය හැකි බැවිණි.)




මේ ඡායාරූපයේ සිටින්නේ මා ඉහත සඳහන් කළ සියළුම තොරතුරු දේශනා කළ, පන්සලේ වැඩ සිටි ස්වාමීන් වහන්සේයි.


මඟුල් මහාවිහාරය



පෙර රජ දවස අප සමාජයේ සියළුම සුභ කටයුතු පන්සල ආශ්‍රිතව සිදුකෙරිනි. එකල විවාහ කටයුතු පවා සිදු කෙරුනේ පන්සල ආශ්‍රිතවය. මඟුල් මහා විහාරය අපට වැදගත් වන්නේ එම විහාරස්ථානය කාවන්තිස්ස රජු විසින් විහාරමහා දේවියව සරණපාවා ගත් ස්ථානය වීම නිසායි.

මෙම පන්සල් භූමියේ සැරි සැරූ කාලය තුල නම් එකඳු වන්දනා නඩයක්වත් එහි පැමිණියේ නැත. නමුත් පන්සලට ඇතුල් වන ස්ථානයේ දෙපස කුඩා කඩවල් තිබිමෙන් කියා පාන්නේ මේ ස්ථානයට සාමාන්‍යයෙන් පිරිස් පැමිණෙන බවයි.

මේ විහාර භූමියේ ඉපැරණි ගොඩනැඟිලි වල ඉතිරව ඇති නටඹුන් රාශියකි. 

මේ විහාරයේ තවත් සුවිශේෂ දෙයක් තිබෙනවා. එනම් ඇතා පිට නැඟි ඇත් ගොව්වාගේ කැටයම රැගත් ලංකාවේ ඇති එකම සඳකඩ පහන හමුවන්නේ මේ ස්ථානයේදී වීමයි.

මේ තිබෙන්නේ එම සඳකඩ පහනයි.


පහළ ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඇතා පිට නැඟි ඇත්ගොව්වා කැටයම දිස්වන ආකාරයයි.



මේ විහාරය බොහොම සුන්දර වට පිටාවකින් හෙබි පරිසරයක පිහිටා තිබේ. අති විශාල නෙළුම් මල් සහිත විශාල පොකුණක් පන්සල් භූමියට පැමිණෙන මාර්ගයේදී හමුවිය. එතරම් විශාල නෙළුම් මල් මම ඊට පෙර දැක නොතිබ්බෙමි.

මේ ඡායාරූපයේ සිටින්නේ මඟුල් මහාවිහාරයේ වැඩ සිටි, අපට විහාරයේ අතීතය පිළිබඳව විස්තර පැවසූ ස්වාමීන් වහන්සේයි.


ප.ලි: මම මේ ලිපිය ලියන්න හිටියේ කලින් ලිපිය ලිව්වට පස්සේ සතියේ ඒත් එක එක වැඩ යෙදුනු නිසා මේ ලිපිය ලියන්න වුනේ නෑ. ඒ පිළිබඳව සමාවෙන්න. 

මඟුල් මහාවිහාරය ගැන බොහෝ දෙනක් දන්නවා වුනත් මුහුදු මහා විහාරය ගැන වැඩි දෙනෙක් දන්නේ නෑ. ත්‍රස්ථවාදී උවදුරු එහෙම ඉවර වුන නිසා දැන් දැන් ගොඩ දෙනෙක් මේ ඓතිහාසික සිද්ධස්‍ථාන වලට යන්න පටන් අරන්. 

පොඩි ප්‍රශ්නයක් අහන්නද? සල්ලි තියන අපේ සමහර මිනිස්සු පිටරටවල් වලට යනවා ඒ රටවල් වල තියන දේවල් නරඹලා එන්න කියලා. එයාලා අපේ රටේ තියන සේරම තැන් බලලා ඉවරද?

25 comments:

  1. ඔය සිද්ධස්ථානය ගැන කතා කරන කොට ඉස්ලාම්භක්තිකයන්ගෙන් එයට සිදුවන හානිය ගැන කතා නොකල යුතුයි නම් මේ ලිපියට ප්‍රතිචාර දක්වලා වැඩක් නෑ මිත්‍රයා. රැකගන්න ඕන දේ රැකගන්න කියන්න බයවෙන්න ඕන නෑ. සිංහල ගම්මාන රාශියක් මැද වෙනත් ආගම සිද්ධස්ථානයකට සිදුවෙලා තියන එක හානියක් උදාහරණ ලෙස දෙන්න. මං දෙන්නම් ඉහත ආකාරයේ සිදුවීම් දුසිම් දෙකක්...

    ReplyDelete
  2. @රොබින්: උඹේ තර්කය සාධාරණයි. සිංහල ගම්මාන ගොඩක් මැද තියන වෙන ආගමක සිද්ධස්‍ථානයක් ගැන මම ඩ්හන්නේ නෑ. මම ඒ කතාව උපකල්පනය කරලයි කිව්වේ. ඒත් මම ඒ ගැන කතා කරන්න එපා කිව්වේ මෙතන ජාතිවාදය ආගම් වාදය ඇදගන්න අකමැති නිසා. මට වගේම උඹටත් ඇති වෙන ආගම් වල යාළුවෝ. ඔක්කොම එක වගේ නෑ. කීප දෙනෙක්ගේ වැරදි නිසා සමස්ථ ජාතියක්ම විවේචනය කරන එක හොඳ මදි. දැන් කට්ටිය ඕක ගැන ලියන්න ගත්තොත් කරන්නේ වෙන වෙන ආගම් වලටයි ජාතීන්ටයි අපහාස කරන එක. මම ඒකට කැමති නෑ.

    ReplyDelete
  3. කැලණිතිස්ස රජතුමාගේ කාලේ මුහුද ගොඩ ගලුවේ හාමුදුරු නමක් තෙල් කටාරමකට දාලා මරාදාපු හින්දා කියලා තමයි මම අහලා තියෙන්නේ. මේ මුහුද ගොඩ ගලපු එක නවත්වන්න රාජ්‍ය ලේ තියෙන කෙනෙක්ව මුහුදට බිලි දෙන්න ඕනේ ලු. ඒකටලු විහාරමහා දේවි මුහුදට බිලි උනේ.

    නියම ලිපියක් පූසෝ.

    ReplyDelete
  4. පට්ට හොදේ පූසෝ..මේක නිකන් අර වාර්ථාමය චිත්තර පටිය තිබ්බේ..මට නම මතක නෑ..අන්න ඒක වගේ...
    :))

    ReplyDelete
  5. මේ පෝසට් එකට මං ලයික්... දිගටම ලියපං මේ වගේ එව්වා...

    ReplyDelete
  6. නොදන්න කරුණු හුඟක් දැනගත්තා. ස්තූතියි පූසෝ..

    ReplyDelete
  7. මුහුදු මහා විහාරය. මාරයියගේ පෝස්ට් වලින් තමා මම ඒක දැක්කේ........
    බොරු කියන්නේ මොකටද මං නම් බලපු කිසි දෙයක් නැති තරම්. හැබැයි හැමදේම බලලා තියනවා. මට මතක නැති කාලේ.:(( :((

    වැදගත් ලිපියක්......... මගෙත් පොලොන්නරුව ලියන්න ඉතුරුයි කියලා මතක් උනේ දැන් ඕන්...... හී.....

    ReplyDelete
  8. නියමම නියම ලිපියක් සහෝ.... දිගටම ලියන්න......

    ReplyDelete
  9. අශෝක හඳගම ගේ හැදු මේ පාරෙන් එන්න ටෙලියේ කතාව මොන පන්සල ආශ්‍රීතවද කියලා දන්නවාද?

    ReplyDelete
  10. හුඟක් වැදගත් ලිපියක්. මේ වගේ ස්ථාන දැක බලාගන්න ආස අයට හොඳින් කරුණු විස්තර කර දී තියෙනවා.

    ReplyDelete
  11. නොදන්න තැනක් ගැන ලියවුනු තවත් නියම සටහනක්. ඇත්තට පූසා කිව්ව වගේ ඔය ජනප්‍රිය තැන් වලට වඩා මේ වැගේ තැනක් දැකබලාගන්න එක සෑහෙන්න වටිනවා... වතාවක් අපි ආරුගම් වෙරළට ගියා.. මූදෙ නාල තවත් ඒව නාල වෙන දෙයක් කරන්න වුණේ නෑ... ගෙදර ආව විධියත් මතක නෑ... :D

    කතන්දර කිව්ව හඳයගෙ කතාව 'නැගෙනහිර වෙරළින් ඇසෙන...' කියන එකද? මටත් ඒක ෂුවර් නෑ.... :-(

    ReplyDelete
  12. මධුරංග : ඔව් මමත් අහලා තියෙන්නේ එහෙම තමයි ඒක කතාවට වඩා මට උලුප්ප්ලා ගන්න ඕන වුනේ ගම්මාවන වලට නම් ලැබුණු හැටි. ඒකයි ඒ හැන නොලිව්වේ.
    ස්තූතියි මචං :)

    -----------------------------------------------------------------------------------------------------------------------

    රත්ගමයා: සිරාවටම? 8-7

    -----------------------------------------------------------------------------------------------------------------------

    Prasanna: එළ මචං :)

    -----------------------------------------------------------------------------------------------------------------------

    පිණිබිඳු... : :)

    -----------------------------------------------------------------------------------------------------------------------

    හා පැටික්කි (MS) : දුක් වෙන්න දෙයක් නෑ දවසක හාවත් එක්ක ලංකාව වටේම යන්න බැරියැ :7
    ආ හොඳයි හොඳයි ලියන්න....

    ReplyDelete
  13. ලහිරු : ස්තූතියි මචං :)

    -----------------------------------------------------------------------------------------------------------------------

    කතන්දර Kathandara : ම්... හරියටම දන්නේ නෑ. හැබැයි මේ පන්සල් දෙකෙන් එකක් ආශ්‍රිතවනම් අනිවාර්යයෙන්ට මුහුදු මහාවිහාරය ආශ්‍රිතව වෙන්නම ඕනේ. මොකද ඒ ආශ්‍රිතව මට ඕනෙනම් වෙනම ලිපියක් ලියන්න පුළුවන් :(
    ඇත්තටම අයියේ ඒ පන්සල ආශ්‍රිතවද?

    -----------------------------------------------------------------------------------------------------------------------

    නලිනි චන්දිමා : බොහොම ස්තූතියි අක්කේ :)

    -----------------------------------------------------------------------------------------------------------------------

    hare :-) : අම්මලා තාත්තලා එක්ක මේ ගමන ගියේ. අපේ තාත්ත ඇතුළු යාළුවෝ සෙට් එකත් ඔහොම්මම තමයි. ඒත් අම්මලා ඉන්නවනේ එයාලා වැඳ පුදාගත්තට පස්සේ තමයි අනිත් වැඩ :)) ඒකනිසා අපි මුලින් පන්සලට ගිහින් පස්සේ නෑවා :D
    -----------------------------------------------------------------------------------------------------------------------

    ReplyDelete
  14. ඉතාමත් වටිනා ලිපියක්. ඔබේ සිතියමේ හැටියට මුහුදු මහා විහාරයට යනවනම් පොතුවිල් පහුකරලා පානම දෙසට ගිහින් නැවත වමට හැරිලා යායුතුයි. මගුල් මහා විහාරය තියෙන්නේ පොතුවිල් වල ඉදන් ලාහුගල පැත්තට වෙන්න වගේ.

    ReplyDelete
  15. නියමට ලියලා තියනවා පූසෝ ! මම දැනුයි මේක දැක්කේ ඔන්න අපිත් ආසාවෙන් කියෙවුවා . මමනම් මේ හැමතැනකම ගිහිං තියනවා මචං .

    "උඹට මෙච්චර හොඳට ලියන්න පුලුවන්කම තියේදි මොකද කම්මැලිකමට හැංගිලා ඉන්නේ ?"
    ඒ ප්‍රශ්නය මගේ නෙවෙයි මම වැඩකරන තැන කෙනෙකුගෙන්

    ReplyDelete
  16. මේ පිටරට ඉන්න කට්ටිය නම් ඊලඟට එන්නේ ඔය ප්‍රදේශ දැක ගන්ට. පූසා මල්ලි ගයිඩ් වැඩේ කරනවද? අර කාරෙකක් දෑවැද්දට දෙන සුදු මාගේ සුදු දුවවත් අරගන එන්නම්.

    නොදන්න තොරතුරු ගොඩාක් දැනගත්තා. ගොඩක් ස්තූතියි.:D

    ReplyDelete
  17. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  18. sancharakaya : බොහොම ස්තූතියි මචං. අනේ ඔය පාරවල් නම් මට ඒ හැටි මතක නෑ

    -----------------------------------------------------------------------------------------------------------------------

    හිස් අහස : පේනවනේ බං අපිට ඕවට යන්න ලංකාවේ එක කොණක ඉඳන් අනිත් කොණටම එන්න එපායැ. මම නම් ඉතිං කොහොම හරි ගියා.
    පහුගිය දවස් ටිකේම ඔය වගේ තැන්වල ඇවිදපු එකමයි කළේ. ඒකයි ලියන්න උනේ නැත්තේ. නැතුව කම්මැලි කමට නෙමෙයි කියලා උඹ වැඩ කරන තැන කෙනාට කියන්න :)
    ආ තව උඹ වැඩ කරන තැන කෙනෙක්ව මම මතක් කළා කියලත් අමතක නොකර කියන්න :)

    -----------------------------------------------------------------------------------------------------------------------

    Podi Kumarihami : අප්පේ එයාව එක්කගෙන එනවනම් මීට කළින් මම නොගිය තැනක යන්න වුනත් ගයිඩ් කරන්නම්කෝ! ;;)

    -----------------------------------------------------------------------------------------------------------------------

    රිෂාන් : ඇයි එපා කියන දේම කරන්නේ? X(

    ReplyDelete
  19. පූසා මේ ලිපිය පරපුරක සටහන් එකෙත් පලකරමුද? අවශ්‍යනම් සංස්කරණ කිහිපයකුත් කරලා....

    ReplyDelete
  20. පූසා මට ඔයාගෙ මේල් එක මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් විදිහට දානවද?
    මගෙ මේල් එක මෙතන දාන්න බෑ හැමෝටම පේන නිසා.. මගෙ බ්ලොග් එකේ කමෙන්ට් මොඩරේට් කරලා තියෙන්නේ...

    ReplyDelete
  21. පුසා ඔයා මගේ කොම්මෙන්ට් එක මැකුවේ ඇයි .මම රොබින්ගේ කොම්මෙන්ට් එකට පිළිතුරක් විදියට නේ දැම්මේ

    ReplyDelete
  22. රිෂාන්: රොබින් මෙතනදී කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කියලා නෑ. එයා අදහස් දක්වලා තියෙන්නේ මගේ පෝස්ට් එක ගැනයි. අනිත් හැමෝමත් එහෙමයි. ඉතිං ඔයාටත් පුළුවන් මේ පෝස්ට් එක ගැන ඔයාගේ අදහසක් කියලා යන්න.
    මම මේ ලිපිය ලිව්වේ මේ සිද්ධස්ථාන ගැන නොදන්නා අයට දැනගෙන්න මිසක් ඒ ස්ථාන වලට තියන කරදර අපහසුතා ගැන හෝ ඇත්තටම එහෙම දෙයක් තියනවාද නැද්ද කියලා හොයලා බලන්න නෙමෙයි. ඒ නිසයි මම කිව්වේ ඒ දේවල් ගැන සඳහන් දේවල් කමෙන්ට් වල දාන්න එපා කියලා. ඉතිං ඔයා ඒ ගැන ගිහින් හොයලා බලලා තියනවානේ. ඒ ගැන ඔයාගේ බ්ලොග් එකේ තියන ලිපියේ කමෙන්ට් තීරුවේ ඒ ගැන කතා කරන්න. මෙතන ඒ දේවල් ගැන කතාවෙන්නේ නෑ :)

    ReplyDelete
  23. මටත් ආසයි ගිහින් බලන්න....

    ReplyDelete
  24. මුහුදු මහා විහාරය ගැන මම ලියපු ලිපියක් තමයි මේ.....

    http://eatuwawa.blogspot.com/2010/11/muhudu-maha-viaharaya.html

    ReplyDelete
  25. Sirage kamare harha ada tami isara welama awy. dan itin enwa.
    "Anonymous"awy mata g mail acc; blog nati nisa,
    Jayawewa,
    Sajith Mendis.

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...