මාර්ගය දෙපසම කොන්ක්‍රීට් ගොඩනැඟිලි වලින් පිරි ප්‍රදේශයකින්, උදේ පාන්දරින් ගමන් ඇරඹූ අපි පැය ගණනාවක ගමනකින් පසු මාර්ගය දෙපසම ගස්කොළන් වලින් පිරිපුන් ප්‍රදේශයකට පැමිණියෙමු. කොන්ක්‍රීට් වනාන්තර පසුකර සැබෑ වනාන්තර මැදින් ගමන් කරන විට හිතට මෙන්ම ගතටද සුවපහසු හැඟීම් නිතැතින්ම දැනෙන්නට විය. මා මේ ප්‍රදේශ පසුකරන්නේ වසර 9කට හෝ 10කට පසුවය. එදා අප පණ බයේ ගමන් ගත් දහඅට වංගුව අද එහි නොවීය. එය පුළුල් පාරක් බවට පත් වෙමින් පවතී. බොහෝ කම්කරුවන් යුහුසුළුව වැඩ වල නිරත වී සිටිනු අපි දුටුවෙමු. දහඅට වංගුවද බැස වල් අලි ගැවසෙන කැළෑ පසුකරමින් තවත් බොහෝ දුරක් ගමන් කර සවස් යාමය වන විට අපි අදාල ගම්මානය වෙත පැමිණියෙමු.
මේ මගේ කැමරාවට හසුවූ වල් අලි කිහිප දෙනෙකි.
අප පවුලේ සැම හා තවත් අසල්වැසියන් පිරිසක් සමඟ අප මේ පැමිණියේ මගේ මව කුඩාකල හැදී වැඩුනු ගමටය. මේ ගම්මානය කොළඹ සිට කෙලෝමීටර් 250කටත් වඩා දුරින් පිහිටියා වූ ගම්මානයකි. ඉතින් කොළඹ ඉපිද කොළඹම හැදී වැඩුනු මා මේ කියන්නට සැරසෙන්නේ මා දුටු ඒ ගම්මානයේ අසිරියයි.
මේ ප්‍රදේශයේ නගරබඳව තට්ටු නිවාසයක් දෙකක් දැක ගත හැකි වුවද ගම්මානවල නම් එකදු තට්ටු නිවාසයක්වත් මා දුටුවේ නැත. කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවිකාව වූ ගම් වැසියන්ට තට්ටු නිවාස සෑදීමට තරම් තට්ටු ගැසූ සිහින නොමැති විය හැකිය. ගම්මාන වල සිට ළඟම පිහිටි ප්‍රධාන නගරයට යනතෙක් වූ ප්‍රධාන මාර්ගය තාර දැමා තිබුණද බොහෝ තැන් වලවල් සහිතය. ගම්මානය තුලට වන්නට බොහෝ පාවරවල් දිස්වන්නේ මේ අයුරිනි.
එම පළාතේ ගැහැණු පිරිමි කියා වෙනසක් නැත දෙගොල්ලන්ම හරි හරියට කුඹුරේ හේනේ වැඩ කරයි. කොළඹ පළාතේ සිටින කෙසඟ සිරිරු හෙබි ළාමක යුවතියන් දැක පුරුදු මම උදැල්ලක් කරේ තබාගෙන ගමන් කරන යුවතියන් දෙස බැලුවේ පුදුමයෙනි. කොළඹ සිටින බොහෝ තරුණියන් උදැල්ලකින් හේනක් කුඹුරක් කොටනවා තබා උදැල්ලක් අල්ලා තිබේද යන්න සැක සහිතය. මා මේ පවසනා ගමේදී මා දුටු එවන් වූ දිරිය තරුණියන් දෙදෙනෙකි මේ.
අතලොස්සක් වූ දිග කලිසම් ඇඳි තරුණියන් ආසන්නම නගරයේදී දැකගත හැකි වුවද ගම්මානවලදී නම් එවන් තරුණියන් නොදැකිය හැකි තරම්ය. මා මෙහිදී පවසන්නේ අප කොළඹදී දකින, කිටි කිටියේ හිරට පස්සා පැත්තෙන් භාගයක් පෙනෙන්නට තරම් පහලින් සමහර කෙල්ලන් ඇඳගෙන යන ඩෙනිම් කලිසම් ගැන නොව සාමාන්‍ය කලිසම් පිළිබඳවය. අනෙක් සෑම තරුණියක්ම පාහේ පුංචි මල් වැටුනු දණහිස තෙක් දිග ගවුම් අඳී. මෙම තරුණියන් දුටු විට, පළල් කර සහිත බ්ලවුස්, බුරිය පෙනන්ට ටී ෂර්ට්, අඩියක්වත් දිග නැති සායවල් ඇඳගෙන යන කෙල්ලන් දුටු විට පහල වන සිතිවිලි නම් කිසි විටෙකත් පහල නොවන්නේය.
ගම්මානය මැදින් ගලා යන ඇළය. ගම්මානයේ සියළුම දෙනා තම දවසේ වැඩ රාජකාරි නිමවා සවසට ඇළෙන් ස්නානය කරයි. ගමේ සියළුම දෙනා පාහේ හොඳ පිහිනුම් කරුවන්ය. තවද ගම්මාන කිහිපයක් පුරාවට විහිදි සුන්දර වැවය. මේ තිබෙන්නේ එම වැවයි.
වැව අසල පදිංචි කුඩා දරුවන් පවා පිහිනීමේ අති දක්ෂයන්ය. අප සැම වැවේ ස්නානය කරමින් සිටිනවිට එතැනට පැමිණි වයස අවුරුදු 11ක පමණ කුඩා දරුවෙකු පිහිනන අයුරු දුටු අපි මවිතයට පත්වීමු. ඔවුන්ව පිහිණුම් ක්‍රීඩාවට යොමුකළ හැකිනම් නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවට පිහිනුම් ක්‍රීඩාවෙන් බොහෝ කුසලාන හිමිවනු නොඅනුමානය. නමුත් මේ ගම්මානයේ ඔවුන්ව පිහිණුම් ක්‍රීඩාවට යොමුකරනු තබා ආසන්න නගරයක ඇති පාසලකවත් පිහිනුම් තටාකයක් තිබේද යන්න සැක සහිතය.
මේ මා ඉහත පැවසූ කුඩා දරුවා රැඟුම් දක්වමින් ජලයේ පිහිනූ ආකාරයයි.
තවද කොළඹ වෙසෙන බොහෝ දෙනා දෙහිවල සත්වෝද්‍යානයට ගොස් නරඹන කූඩු කරසිටින සතුන් බොහෝමයක් මේ ගම්මානයේ නිදැල්ලේ සැරිසරයි. එමෙන්ම් කොළඹ අවට ප්‍රදේශවල ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන සමහර සතුන් එම ගම්මානයේදී සාමාන්‍ය දසුනක්ය. මේ එවන් සතුන් දෙදෙනෙකි.
මෙම ගම්මානයේ හා අප වෙසෙනා නාගරික පරිසරයේ ඇති වෙනස්කම් බොහෝය. සහලින් ස්වයංපෝෂිත් එම ප්‍රදේශයේ මිනිසුන් පාන් ආහාරයට නොගන්නා තරම්ය. අපි නැවතී සිටි ප්‍රදේශයේ පාන් විකිනීමට ඇත්තේ සවස් වරුවේ පමණකි. උදෑසන ආහාරයට පාන් අවශ්‍යනම් කලින් දා ඇඳිරි වැටීමට ප්‍රථම පාන් ගෙඩියක් මිලදී ගත යුතුය. තවද උපන් දා පටන් එම ප්‍රදේශයේ වෙසෙන මගේ ලොකු අම්මා පවසන පරිදි ඔවුන් මතක ඇති දිනෙක දෙහි මිලදීගෙන නැත. තවත් මුදලට නොගන්නා එවන් දෑ බොහෝය.
එමෙන්ම එම ප්‍රදේශයේ තරුණයන් "සාමාන්‍යයෙන් කොණ්ඩය වවන්නේ නැත" යන්න මට සිතුණු සිතුවිල්ලකි. මන්ද යත් තරමක් කොණ්ඩය වැවී සිටි මාගෙන් බොහෝ දෙනෙක් "මොකද මේ කොණ්ඩේ වවාගෙන" යැයි විමසූ බැවිණි.
විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් ඇත. එනම් අප දවස් තුන හතරකට මෙවන් ගම්මානයක නැවතී එහි සුන්දරත්වය ඡායාරූප මඟින් මෙන්ම වචනයෙන් මෙලෙස ලියුවාට, උපන්දා පටන් වසර ගණනාවක් තිස්සේ එහි වෙසෙන පුද්ගලයන් දවස් තුන හතරට අප නොදකින ගමේ කටුකත්වය අත්විඳිනවා ඇත. මේ ලස්සන වැව වැසි කාලයට උතුරා පිටාර ගලා ගම්මාන යට වෙනවා ඇත. වගා පාළු වෙනවා ඇත. එමෙන්ම පායන කාලයට වැව් සිඳී ජලය නොමැතිව මහත් පීඩා විඳිඅනවා ඇත. නැවතත් වගා පාළුවෙනවා ඇත. වල් අලි සිටින ඡායාරූප බලා "ෂා.... ලස්සන අලි" යැයි ඔබ කියනවා ඇත. නමුත් ඒ අලින්ම උන්ට ආහාර හිඟකාලයට ගම් වැදී මිනිසුන්ගේ නිවාස කඩා බිඳ දමනවා ඇත. වගා පාළු කරනවා ඇත. ලස්සනට පෙනෙන කැළෑ රොදවල් වලින් පැමිණෙන විෂකුරු සර්පයන් නිසා මිනිසුන්ට කරදර වෙනවා ඇත. මේ පෙනෙන සුන්දරත්වය මැද ඒ කටුකත්වයද නිසැකවම මේ ගම්මාන වල පවතිනවා ඇත.
ප.ලි : මේ ගමනේදී මට බොහොම සුවිශේෂී පුද්ගලයෙකුත් මුණ ගැහෙන්න පුළුවන් වුනා. ඒ ගැන නම් මට බොහොම සතුටුයි.
මේ ගම මොකක්ද කියලා මේක කියවන ඔයාලාට හිතාගන්න බැරි වෙයි. මම ඊළඟට මේ ගමනේදී හමුවුනු පෞරාණික වශයෙන් බොහොම වැදගත් ඒත් එතරම් ප්‍රසිද්ධ නැති සිද්ධස්ථාන දෙකක් පිළිබඳව ලිපියක් ලියනවා. අන්න එතකොට ඔයාලා හිතාගන්නකෝ මම මේ ලිව්වේ ඒ සිද්ධස්ථාන වලට ටිකක් ආසන්නයෙන් පිහිටි ගමක් ගැන කියලා.
ඡායාරූප වලට අනුව හා ගමන් විස්තර අනුව මේ තියෙන්නේ අම්පාර දමන කිට්ටුව තියෙන පැත්තක් වෙන්න ඕන මල්ලි.. මම හරිද කියලා විතරක් ලාවට කියලා දාන්න...
ReplyDelete@අභීත : :-o අප්පේ අභීත අයියට බොරු කරන්න බෑ නොවැ. බොහෝ දුරට නිවැරදියි.
ReplyDeleteමම ලියන ඊළඟ ලිපියට අයියගෙනුත් උදව් ගන්න වෙනවා. පොඩි හෙල්ප් එකක් දෙන්න හොඳේ :)
මාහට කියන්නට දෙයක් නැත........... සුන්දරත්වය වගේම කටුක වූ ගම ගැන මට කියන්නට දෙයක් නැත........ ඔබ ඒ සියල්ල අපූරුවට ලියා තිබුණා. ඊලග ලිපිය බලාපොරොත්තුවෙන් සිටිමි...
ReplyDeleteඅම්පාරෙ ඉඳන් ලාහුගල පැත්තෙන් පානමට යද්දි මේ වගේ පරිසරය මම දැකල තියෙනව. ඇත්තටම දුරින් බලන කොට ලස්සන වුණාට කටුක බව තමයි මටනම් තේරුණේ.
ReplyDeleteගමේ තියන අවය්‍යාජත්වයත් සුන්දර බවත් ඒ අතරින් පෙනෙන කටුකබවත් අපූරුවට සටහන් කරලා...ඊළග ලිපියත් බලාපොරොත්තුවෙන්....
ReplyDeleteපට්ටා ඤාව්වෝ....
ReplyDeleteඅභී අයියා කියන්නේ අම්පාර පැත්තේ කියලා..හම්බුනේ නැද්ද අපේ සදරු සර්ව...
ඒ ගම්මානේ ලස්සන හිතට දැනෙන විදිහට අකුරුවලට හරවපු හැටිනම් අපූරුයි මචං . ඉතින් උඹලගේ අම්මාගේ ගමනම් ඇයි ඔයතරම් කාලයක් ඒ ගම අමතක කරලා හිටියේ අවුරුදු නිවාඩුවකට හරි ඒ පැත්තේ ගිහිල්ලා එන්න එපෑය .. දැන් ඒ ගම දැක්කනේ ..ආයේ දවසක නිවාඩුවක් ලැබුවාම ආයේමත් සැරයක් ඒ පලාතට ගිහිල්ලා .ඔය සුන්දරත්වය විඳගෙන එන්නත් අමතක කරන්න එපා ..
ReplyDeleteහැම සුන්දර දේකම අසුන්දර පැත්තක් තියනවාමයි ..දුරකතන පහසුකම් එහෙම කොහොමද මචං ඔය ගම්මානෙට .මම දන්න විදිහට ගම්මාන වලට ඔය දුරකථන පහසුකම් ගොඩක් අඩුයි ..
මේ ලිපියේ තවත් කොටසක් තියනවා නේද ? මගෙත් මම වැඩ කරන ඉන්ස්ටිටියුට් එකේ යාවොත් මේ ලිපිය බලනවා මොකද අපිත් ඉන්නේ ගමක අපි හැමෝගෙන්මයි මේ කමෙන්ට් එක ..
කොන්ක්‍රීට් වනන්තරේ හිනා වෙන්න බැරි ගල් වෙච්ච මූණු තියෙන මිනිස්සුත් එක්ක බලද්දි ගමේ නිරහංකාර අහිංසක මිනිස්සු කොච්චර හොඳද?
ReplyDeleteකොන්ක්‍රීට් වනන්තරේ හිනා වෙන්න බැරි ගල් වෙච්ච මූණු තියෙන මිනිස්සුත් එක්ක බලද්දි ගමේ නිරහංකාර අහිංසක මිනිස්සු කොච්චර හොඳද?
ReplyDeleteඅහා.... හොඳම හොඳ යාළුවෙකුත් හමුවුනා කියල ආරංචියි.... දෙන්නම ඉතින් මගෙත් හොඳම යාළුවන් නිසා සතුටුයි....
ReplyDeleteයකෝ සුන්දර ප්‍රදේශය කියලා ගෑණු ළමයිව photo ගන්න ඕන නෑනේ.මූ පූසා උනාට හෙන කුප්පයිනෙ... 8-}
ReplyDeleteමොනා උනත් නියමයි...හික්ස්.... :D
;;)
ReplyDeleteනියමයි නියමයි.... හොඳටම ලියල තියෙනවා කියවගෙන යද්දි ඒ පරිසරය මැවෙන තරමටම... මේ පැත්ත අපේ පැත්තෙං වැඩි දුරක් නෑ මයෙ හිතේ... හැබැයි තව අවුරුදු කීපෙකින් ඔය සුන්දරත්වය ඒ විධියටම තියෙන එකක් නෑ නේද?
ReplyDeleteසීතල අයියට වැඩේ තේරුනා :D ශුවර් එකට මේ හොර පූස වැවට බහින්න ඇත්තෙ අර මූ කිව්ව හේනට ගිය කෙල්ලො ටික වැවට බහින වෙලාවෙදි වෙන්න ඇති 8-} ......
ReplyDeleteනචියා : ඒ ලිපිය ලබන සතියේ දානවා :)
ReplyDelete----------------------------------------------------------------------------------------------------------
``` Outsider``` : ඇත්තටම අයියේ පරිසරේ ලස්සන වුනාට අපිට තියන පහසුකම් වලින් 1% වත් එයාලට නැතුව ඇති :(
----------------------------------------------------------------------------------------------------------
නදී... : බොහොම ස්තූතියි අක්කේ. ඒ ලිපිය ලබන සතියේ ලියනවා :)
----------------------------------------------------------------------------------------------------------
රත්ගමයා : සඳරු ඒ පැත්තෙද? :-/ නෑ....
----------------------------------------------------------------------------------------------------------
හිස් අහස : අම්මගේ ගම වෙලත් එච්චර කාලෙකට ඒ පැත්තේ නොයන්න හේතු ගොඩාක් තිබුණා බං. ඒ ගැන කියන්න නම් වෙනම පෝස්ට් එකක් ලියන්න වෙනවා. මම වෙලාවක උඹට ඒ විස්ත්‍රේ කියන්නම්කෝ.
ඔව් බං දුරකතන පහසුකම් නම් හරිම අඩුයි. මම නැවතිලා හිටිය පැත්තේ නම් රැහැන් සහිත ස්ථාවර දුරකථන නෑ. තියෙන්නේ සී ඩී එම් ඒ විතරයි. අනික මගේ මොබිටෙල් සිම් එක එහෙට වැඩ කරන්නේ නෑ. ගෙදරින් එළියට බැහැලා පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදලා අමාරුවෙන් සිග්නල් දෙක තුනක් අල්ලගෙන තමයි කෝල් ගත්තේ :(
තව පෝස්ට් එකක් ලියනවා හැබැයි මේ ගම්මානෙට තවත් කිලෝමීටර් ගානක් දුරින් තියන සිද්ධස්ථාන 2ක් ගැන.
උඹටත් උඹේ ඉන්ස්ටිටියුට් එකේ හැමෝටමත් බොහොම ස්තූතියි මගේ බ්ලොග් එක කියවනවට :)
:| :)
ReplyDeleteතත්පර කීපයක් නෙවෙයි පැය ගානක් අරන් ලියන්න දේවල් මතක් කරලා දුන්නට බොහෝම ස්තුතියි සහෝදරයා.වැලි කතරේ කොන්ක්‍රීට් වනාන්තරයක් මැද්දේ ඉන්න මට මේ ලිපිය දැකල ආපහු ගෙදර දුවන්න හිතුනා.ඔබට පිං!!!
ReplyDeleteපිණිබිඳු... : ඇත්තටම අක්කේ :)
ReplyDelete----------------------------------------------------------------------------------------------------------
සොඳුරු සිත: හි හී බලන්නකෝ අක්කේ ආරංචි පැතිරෙන ඉක්මන :D
----------------------------------------------------------------------------------------------------------
සීතල අයියා: බොලාට පෙන්නන්න තමයි පොටෝ ගත්තේ. මොකද උඹලගේ ගෙවල් පැත්තේ ඉන්නවද උදලු කරේ තියන් කුඹුරු කොටන්න යන කෙල්ලෝ? නෑ නේ උඹලා දැකලා නැති නිසා පෙන්නන්න පොටෝ ගත්තේ :p
----------------------------------------------------------------------------------------------------------
රන්දික කුලතුංග : :)
----------------------------------------------------------------------------------------------------------
hare :-) : බොහොම ස්තූතියි මචං. ඔව් උඹලගේ ගෙවල් පැත්තේ ඉඳන් මේ ගමට කොළඹ ඉඳන් තියන දුර තරම් දුරක් නෑ. මම මේ ගමට ගියේ අවුරුදු 9කට 10 පස්සේ කියලා කිව්වානේ... දැන් යනකොට පුංචි පාරක් දෙකක් කොන්ක්‍රීට් දාලා තිබුණා ඇරෙන්නෙ වැඩි වෙනසක් ගමේ වෙලා තිබුණේ නෑ බං. ඉතින් ඉස්සරහට වැඩි වෙනසක් වෙයි කියලා නට හිතෙන්නේ නෑ :(
----------------------------------------------------------------------------------------------------------
කිඩෝ : සීතල අයියාට මම දුන්නු උත්තරේම තමයි උඹටත් දෙන්න තියෙන්නේ :D :p
අනේ මෙහෙම පැත්තකට යන්නත් ආසයි.. හැමදාම බිල්ඩින් දැකලා එපා වෙලා අප්පා මේ කොන්ක්‍රීට් වනාන්තරේ :(
ReplyDeleteලස්සන පෝස්ට් එකක් පූසෝ...ඔය සඳරූගේ ගමම තමයි. මට මේ දිව අග නම තියනවා. පොඩ්ඩකින් එලියට දාන්නම්.
ReplyDelete//මෙම තරුණියන් දුටු විට, පළල් කර සහිත බ්ලවුස්, බුරිය පෙනන්ට ටී ෂර්ට්, අඩියක්වත් දිග නැති සායවල් ඇඳගෙන යන කෙල්ලන් දුටු විට පහල වන සිතිවිලි නම් කිසි විටෙකත් පහල නොවන්නේය.//අනේ පව්. ටික දවසක් ඔහෙම පදිංචි වෙලා ඉන්ට.
අර නැට්ට දිග සතා මොකාද?
ගමේ අගය හොදටම දැනෙනව ගමක ටික කාලයක් ඉදල කොළඹ වගේ නගරයක රැකියාවක් කරනවිට. ඒ වගේම ගමක අපිට ජීවත් වීම වඩාත් දුශ්කරයි කියල හිතෙනවිට ඒ අය කොහොම ඉන්නවද කියන එක ගැටළුවක්. මම පුචිලාගෙ ගෙදර ගිහින් ඉන්න ට්‍රයි කලත් දවස් දෙකක් ඉන්නකොට එපා වෙනව. එ නිසාම නොයා ඉන්න අවස්ථාත් නැතිවම නෙවෙයි. විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් නැති නිසා කරන රැකියාවත් එක්ක අපහසුයි.
ReplyDeleteගම්මානේ ඇති සුන්දරත්වය වගේම කටුකත්වයද මිනිසුන්ගේ අව්‍යාජත්වය පිලිබිබු වෙන ලස්සන ලිපියක්...ඇත්තටම ෆොටෝ ටිකනම් මාරු
ReplyDeleteපෝස්ට් එක නියමය්, ගෑනු ළමයින්ගෙ පින්තුර ගත්තෙ හොරෙන් නේද? පින්තුර දෙකේම ගෑනු ලමය් දෙන්න ඉන්නෙ අනිත් පැත්ත හැරිල.
ReplyDeleteසිරකරුවා : කියෙව්වාම ලියන්න දෙයක් හිතාගන්න බැරුව ගියාද?
ReplyDelete----------------------------------------------------------------------------------------------------------
nimthera laga hinda : මමත් ඔය වැලිකතර පැත්තට ගොහින් තියෙනවා. හරිම පාළුයි නේද?
----------------------------------------------------------------------------------------------------------
හසී: යන්න අක්කේ. ඕවා ගිහින් බලන්නම වටිනවා :)
----------------------------------------------------------------------------------------------------------
Podi Kumarihami: ස්තූතියි අක්කේ. මට පේන විදිහට ගොඩක් අය සඳරුටත් වඩා හොඳට සඳරුගේ ගම ගැන දන්නවා වගේ :))
මම ඒත් බලාගෙන හිටියේ අක්කා ඇවිත් මම ලිව්වා ඒ කෑල්ල අල්ලගනී කියලා. මම හිතාගෙන උන්නු හැටියටම ඒක වුනානේ :D
ඒ සතාට කියන්නේ "දඬු ලේනා" කියලා අක්කේ
----------------------------------------------------------------------------------------------------------
Harshana: ගමේ අපිට පේන ලස්සන වගේම අපිට නොපෙනෙන කටුක බවත් තියෙනවා......
----------------------------------------------------------------------------------------------------------
සිතුවිලි : බොහොම ස්තූතියි :)
----------------------------------------------------------------------------------------------------------
Observer : ස්තූතියි අයියේ. ඔව් හොරෙන් නම් තමයි ගත්තේ කියලා ගත්තානම් පින්තූර අතාත්වික වෙන්න තිබුණා :)
අද තමා මේ අඩවියට ගොඩ බැස්සේ.ලිපිය නම් අනර්ඝයි සහෝදරයා.ඇත්ත ගමේ පිටට පේන සුන්දරත්වය ඇතුලේ ලොකු කතාවත් තියෙනවා.මම පෞද්ගලිකව ඒක අත්විඳලත් තියෙනවා.
ReplyDeleteතවම මෙහෙම ගම් තියනවද කියල හිතෙනවා. ලස්සන පොස්ට් ඒක . මම ආසම රටාවක ලිපියක්. මාරය තුමා නොහිටින්න මේක මට මග ඇරෙනවා. පිහිනීම කොළඹට පැෂන් එකක් වුනාට මේ ළමයිනට ඒක ජීවිතය . නොදැන හිටියොත් වැවේ ගිලෙන්නයි වෙන්නේ.
ReplyDeleteඅප්පේ පූසෝ.. පිංතූර දකිද්දී ආසාවේ බෑ බං..! අපේ ගෙවල් පැත්තෙත් තියෙනවා එකම එක කුඹුරු යායක්.. මම නම් පුලුවන් හැම වෙලාවකම ඒ පැත්තට ගිහින් ඒ ලගින් ගලාගෙන යන ඇලක් තියෙනවා ඒක ළගට වෙලා ඉන්නවා.. :D
ReplyDeleteගමේ සුන්දරත්වයයි කටුකත්වයයි දෙකම විස්තර කෙරෙන හොඳ විවරණයක්. අර වැවේ පින්තූරෙනම් සුපිරි. හරිම ආකර්ෂණීය තැනක්.
ReplyDeleteපොඩි කාලේ අම්මලා ගේ ගමේ ගිය හැටි සිහිවුණා. ගේ වත්ත මැද්දෙන් පොඩි දොලක්. පේන දුරින් දිය ඇලි වගේ වතුර කඳන්.
ReplyDeleteකූඩැල්ලෝ. පාට පාට මාළු.
අවුරුදු 25 කට පස්සේ ගිහින් බලන කොට ඒ සේරම විනාස වෙලා. දැන් පාරේ පයිප්පයෙන් වතුර ගන්නේ ගෙදරට!
පූස් උඹනම් නියමයි බං... පුළවං කමක් තියෙන්නම් අර ගඟේ ඔරු පදින එක එවපං... ඒක නම් මැක්සා පින්තූරයක් බං.... කියලා වැඩක් නෑ.... මාරම ගති...
ReplyDeleteඑල ......
ReplyDelete