Monday, June 27, 2011

අදෘෂ්‍යමාන බලවේගය සහ කල්පනා සාගරයේ ගිලී හොඳ හැටි නා ගැනීම.............


එතරම් සෙනඟක් නොසිටි බසයේ මම සීට් දෙකක් අල්ලාගෙන සිටගෙන සිටියෙමි. දෙහිවල හන්දියේදී බසය සුළු මොහොතක් නවතා තැබූ අතර බසය අද්දන්නට මොහොතකට පෙර ඇය ඉදිරි පස දොරෙන් බසයට ගොඩවිය. ඇය තරමක් පැහැපත්ය. ඇගේ දිග කොණ්ඩය ලේයර් කර තිබිණි. ඇය හැඳ පැළඳ සිට අයුරු මෙන්ම ඇගේ රූපස්වභාවයද මගේ සිත් ගත්තේය. ඇය පා පුවරුවේ පළමු පඩි දෙක නඟිනවාත් සමඟ මේ සිතුවිලි සියල්ලම මගේ සිතේ ඇති වුනු ඒවාය. ඇය අවසන් පඩිය නැඟ බසයට ගොඩවත්ම ඇය වෙත ලෙංගතු සිනහවක් පෑවේ මගේ උවමනාවින් නොව එය කිරීමට කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් මාව පොළඹවන්නට ඇත. නමුත් ඒ අදෘෂ්‍යමාන බලවේගය පිළිබඳව සිතීමට මට අවස්ථාවන් නොලැබිණි. ඇය මාවෙත හෙලූ හසරැල්ල මා සුළු මොහොතකට දැහැන් ගත කිරීමට සමත් විය. 

බසයේ ඉදිරිපසටම වන්නට සිටි මා පසුකර ගිය ඇය මට වම්පසින් සිට ගෙන සිටියි. මම නැවතත් ඒ මුහුණ දෙස බැලීමි. ඇය මගේ දෑස් දෙස එක එල්ලේම බැලුවාය.  ඒ බැල්මද මා නැවත වරක් දැහැන් ගත් කිරීමට සමත් විය. මට තරමක් අසලින් වූ අසුන ඇයට හිමිකරමින් කරුමක්කාර බසය ඊළඟ බස් නැවතුමේ නැවතිනි. මගේ ඇස ඇය සිටි අසුනේ සිටි අනෙක් පුද්ගලයා වෙතට යොමු අතර ඔහු තරමක් මැදි වියේ පුද්ගලයෙකි.  ජනේලයෙන් එළියට ඔළුව දමාගෙන ඔහු බැසිය යුතු බස් නැවතුම තහවුරු කර ගැනීමට වෙහෙසෙයි. 

"වැඩේ හරි! මිනිහා බහින්නයි හදන්නේ මට දැන් එයා ළඟින්ම වාඩි වෙන්න පුළුවන්
මම නැවතත් ඇය දෙස බැලීමි. ඇයත් මා දෙස බලාගෙන සිටියි. ඇය අතේ ෆයිල් කවරයකි. මා මීට කලකට ඉහතදී පාඨමාලාවක් හැදෑරූ පෞද්ගලික අධ්‍යාපන ආයතනක නම එහි සඳහන්ය. මම කල්පනා කරන්නට වීමි.

"දැන් එයා ළඟින් වාඩි උනාම එක පාරටම නම අහන්න හොඳ නෑ. එහෙම වුනොත් කෙල්ල බයවෙයි. මොකාද වගේ පැනපු ගමන් නම අහලා හරියන්නේ නෑනේ. මමත් ටිකක් දන්න එකේ අර ඉන්ස්ටිටියුට් එකේද කියලා අහන්න ඕනේ. ඔව් එහෙම කතාව පටන් ගන්නවා........"

සිතුවිලි අතරේ තවත් බස් නැවතුමක් පසුවිය. මැදි වයසේ පුද්ගලයා තාමත් පෙරසේම කලබලෙන් හාත්පස බලයි. මම නැවතත් ඇය දෙස බැලීමි. ඇය නැවතත් සිනාසෙයි සිනාසී අහක බලාගනියි. මම නැවතත් කල්පනා සයුරේ කිමිදන්නට වීමි.

"ඔන්න පුතේ උඹනම් මෙදා සැරේ ගොඩම තමයි. දෙන දෙයියෝ  බස් එකටම ගෙනත් දීලයි තියෙන්නේ. මෙයානම් මට බස් එකේදිම කැමැත්ත දෙයි වගේ. අහ් අමතක නොකර ෆෝන් නම්බර් එක ඉල්ලගන්න ඕනේ. නැත්තම් ආයේ කොහෙන් හොයන්නද. මෙයා හිනාවෙන හැටියටනම් මට ඉල්ලන්න කලින්ම නම්බර් එකයි එඩ්‍රස් එකයි දෙකම දෙයි වගේ. බලගෙන යනකොට අපි වගේ මෙලෝ රහක් නැති කොල්ලන්ටත් කැමති ලස්සන කෙල්ලෝ ඉන්නවනේ. බලමුකෝ ඒකෙත් හැටි................."

සිතුවිලි කෝටියකි. කල්පනාව අතර බසය ඊළඟ නැවතුමේද නවතා දැන් සෙමෙන් සෙමෙන් වේගය වැඩි කරමින් ගමන් කරයි. අංකල් කාරයා බැස්සද දන්නෙත් නෑ. මම අසුන දෙස බැලීමි. අංකල් පෙර සේම ජනේලයෙන් එළියට ඔළුව දමාගෙන බසය නවතවා ගත යුතු ස්ථානය සොයයි. 

අහ් කෝ එයා! 
ඇය ඒ අසුනේ නැත. මම ක්ෂණිකව බසයේ පිටුපස සීට් පේළියට ඉහළින් ඇති වීදුරුවෙන් පිටත බැලීමි. ඈත බස් නැවතුමේ ඇය ඔරවාගෙන බසය දෙස බලා සිටියි. දැන් බසය පිඹගෙන යයි. අදෘෂ්‍යමාන බලවේගය නැවත්ත් මා මෙහෙය වීය. එය මා සෙමෙන් කැඳවාගෙන ගොස් ඇය නොමැතිව හිස් වූ ආසනයෙන් වාඩිකරවූයේය. නමුත් ඒ අදෘෂ්‍යමාන බලවේගය ගැන සිතීමට වෙලාවක් නැත. මට නැවතත් කල්පනා සාගරයේ ගිලී හොඳ හැටි නෑමට අවශ්‍ය විය.



ප.ලි : 
මෙය හුදෙක් නිර්මාණයක් පමණක්මය. අත් දැකීමක් නොවේ!




[පින්තූරෙ - http://www.flickr.com/photos/rstromberg/2936463705/sizes/z/in/photostream/]

29 comments:

  1. අපරාදේ හිත හිත ඉන්නකොට පෙරහැර ගිහින්. ආයේ මොකට හිත හිත හිටියද මන්දා. කෙලින්ම ගිහින් වාඩි උනා නම් ඉවරයි නේ පූසෝ. ඊලඟ පාර වාඩි වෙන්න. අත්දැකීමක් නෙමේ උනත් ලස්සනට ලියලා තියෙනවා.

    ReplyDelete
  2. හොඳ නිර්මාණයක් .......

    ReplyDelete
  3. නින්ද ගියා නේද බස් එකේදී.

    ReplyDelete
  4. චික්. අපරාදේ. මටත් ඔහොම දේවල් වෙලා තියෙනෙවා.අපි බස් එකෙන් බහිනකොට තමා එයාල සක්‍රිය වෙන්නෙ. බැරිද ටිකක් කලින් සක්‍රීය වෙන්න.

    ReplyDelete
  5. පට්ට සීන් එක..... මේක ඇත්තටම වුන එකක් නෙව් කිව්වේ අපිට එහෙම හිතෙන දේ උඹ වැරදියි කියලා කියන්න වෙන්න ඇති නේද.... අනේ පල පුෂා......

    ReplyDelete
  6. ඔන්න ඔන්න අත්දැකිමක් නෙමෙලු...හා හා හාකෝ...

    සිතුවිල්ල නම් ලස්සනයි අයියේ...

    ReplyDelete
  7. අපරාදේ චාන්ස් එක... අත්දැකීමක් නොවෙයි කිවුවට හොදින් හිතට දැනුන අත්ශැකීමක් වගෙයි මේක...

    ReplyDelete
  8. පා.ලි එක නැත්තං හොද දෙකක් කියන් අත ලෑස්ති වෙලා තිබුනේ B-)

    ReplyDelete
  9. පුවාගේ ප්‍රොඩාව :P
    හිනෙන් වත් කෙල්ලෙක් නම් මං දිහා බලලා හිනා වෙන්නැ... හිනා උනත් ආච්චි කෙනෙක් :P

    ReplyDelete
  10. මමත් හිතුවේ යාන්තම් කවුරු හරි සෙට් උනා තමා කියලා. මදෑ. හීනයක් දැක්කද?...:)

    ReplyDelete
  11. හරි මේක උඹට උනේ නැහැ..:D

    ReplyDelete
  12. මේක නිර්මාණයක්මද කියලා අහනවා..

    ReplyDelete
  13. මම මොකුත් නොකියමි...මන්ද ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වන බැවිනි........

    ReplyDelete
  14. මධුරංග : මට වුනානම් මම ඔහොම කරගන්නේ නෑ ;)

    -----------------------------------------------------------------------------------------------------------------------

    ``` Outsider``` : හිනාවෙන්නේ හරියට මට වුනා වගේනේ :-/

    -----------------------------------------------------------------------------------------------------------------------

    පන්සල් හංදිය : බොහොම ස්තූතියි! :)

    -----------------------------------------------------------------------------------------------------------------------

    Bindi : නෑ නෑ මේ හීනෙන් නෙමෙයි නිර්මාණයක්. හැබැයි මෙන්න මේකනම් හීනයක්! ගිහින් බලන්නකෝ
    නින්ද ගියාද ඇහුවාමයි මතක් වුනේ නින්ද යාම ගැන මම ලියන්න හිටියනේ. බොහොම ස්තූතියි මතක් කළාට. :)

    -----------------------------------------------------------------------------------------------------------------------

    Gimhani : බහින තැන කලින් කිව්වනම් මොනවා හරි කරන්න තිබ්බා නේද? :))

    ReplyDelete
  15. ෴ හසියා ෴ : ඔන්න ඕකනේ උඹලට අපිව විශ්වාස නෑනේ :-?

    -----------------------------------------------------------------------------------------------------------------------

    නිම්ශා : සිතුවිල්ල ලස්සනයි කිව්ව එකට ස්තූතියි නඟේ. හැබැයි ඊට කළින් කිව්ව කතාව තමයි හරි නැත්තේ :D

    -----------------------------------------------------------------------------------------------------------------------

    Dinesh : මට වුනු එකක් නෙමෙයි බං. බස් එකේ එනකොට නිකමට හිතුනු දෙයක්! :)

    -----------------------------------------------------------------------------------------------------------------------

    Yohan Kanishka | යොහාන් කණිෂ්ක : උඹලට සිංහල තේරෙන්නේ නෑනේ.ඔය අන්තිමට ලියලා තියෙන්නේ මට වුනු දෙයක් නෙමෙයි කියලා ;)

    -----------------------------------------------------------------------------------------------------------------------

    කිඩෝ : බොලා ගැන දන්න නිසා තමයි ඒක කලින්ම ලිව්වේ :D

    ReplyDelete
  16. Bunny : මගේ නෙමෙයි ප්‍රෝඩාව උඹේ තමයි. ඇයි උඹ දවසක් උඩ පැන පැන හිටියේ කෙල්ලෙක් උඹට කියුට් කිව්වයි කියලා =))

    -----------------------------------------------------------------------------------------------------------------------

    Podi Kumarihami : 8-7 අනේ අපිට කවදා හරියයිද මන්දා අක්කේ. ඕං ඊයේ අපේ බ්ලොග් අවකාශේ බොහොම ප්‍රසිද්ධ කෙනෙක් මගේ කේන්දරේ බලලා කිව්වනේ මට හරියන්නේ 2015 පස්සේ කියලා. (රහසින්: ඕං එයා උඩින් කමෙන්ට් කරලත් තියනවා)

    -----------------------------------------------------------------------------------------------------------------------

    මාරයාගේ හෝරාව : සික්! ඒක කිව්ව කැත විතරක් :-S
    ඇත්තටම මට වුනු දෙයක් නෙමෙයි ඔය. බස් එකේ යනකොට හිතුනු එකක් :)

    -----------------------------------------------------------------------------------------------------------------------

    චතුවා (ළමයා) : කවුද දැන් ඔය ඕන නැති ප්‍රශන් අහන්නේ? :D

    -----------------------------------------------------------------------------------------------------------------------

    මකුළුවා..... : ප්‍රමාදය නිසා මම පසුතැවුනු කතාව කොටස් දෙකකට මෙන්න මෙතනින් බලන්න පුළුවන්

    ReplyDelete
  17. කෙහෙමල් අදෘෂ්‍යමාන බලවේගය ;;-) තව ටිකකින් කියපං මම නෙවයි බොල මෙක පොස්ට් කළේ අදෘෂ්‍යමාන බලවේගයක් කියලා :))

    ReplyDelete
  18. හිතට ආපු අදහසක් හින්දම හොඳයි නැත්තං ඉතින් මම දත කට මැදගෙන හිටියේ . එල එල ආසාවෙන් කියවගෙන ගියා පලි එක දැකලා එපා වුණා .

    දිගටම ලියපියකෝ පූසා .! දැන් උඹගේ ලියවිල්ලක් කියවන්න ආසාවේ බෑ . අර කොහෙදෝ ඈත ගමක ඇවිදලා ආපුදා ඉඳලා උඹ ලියන එවුවයේ අමුත්තක් තියනවා . මාර ගති .

    ReplyDelete
  19. පුවා පව්... #-o දැන් ඉතින් මේක නිර්මාණයක් කියලාවත් කියමු ;;-)

    ReplyDelete
  20. @පූසා ඕක ඇහුවේ අදෘෂ්‍යමාන බලවේගයක් බං.. :)) :))

    ReplyDelete
  21. චතුමිතු : අදෘ‍ෂ්‍යමාන බලවේගය හෑල්ලුවට ලක කරන්න එපා ඕං @-)

    -----------------------------------------------------------------------------------------------------------------------

    හිස් අහස : පලි එක දැකලා එපා වුනානම් ආයේ පලි කෑල්ල දානේනෑ කිසිම නිර්මාණයකට. ඔන්න ඔහේ කට්ටියගෙන් කතා අහගෙන වුනත් කරබාගෙන ඉන්නවා :-?
    දැන් සතියකට එකයි ලියන්නේ බං. අර ගමේ ගිහින් ආවට පස්සේ තමයි එහෙම ලියන්නේ. ගමේ සුන්දරත්වය නිසා ලියන විදිහ වෙනස් වුනාද දන්ණේ නෑ. බලමු හිතුනොත් ලියන වේගේ වැඩි කරන්නම්. බොහෝම ස්තූතියි මචං :)

    -----------------------------------------------------------------------------------------------------------------------

    හසී : නිර්මාණයක් තමයි අනේ මේක #:-S

    -----------------------------------------------------------------------------------------------------------------------

    චතුවා (ළමයා): ඔය අදෘෂ්‍යමාන බලවේග කියන ඒවා අහන්න එපා බං. පේනවනේ කතාවේ කතා නායකයට වුනු දේ ;)

    ReplyDelete
  22. අය්යෝඕඕඕඕඕ! :D ලස්සනට ලියලා තියෙනවා, මුල සිට අග දක්වාම කුතුහලය රඳවගෙන. ජය! (පූසා ඔහොම කරගන්න එකක්නම් නෑ හැබැයි, නේද?)

    ReplyDelete
  23. මේක නම් පුතේ අනිවා උඹට උණ එකක්... මොකටද බන් අහක බැලුවෙ.. කෙල්ල දිහා බලාගෙන ඉන්නෙ නැතුව.. ඊළග පාරවත් මිස් වෙන්න දෙන්න එපා... ජය..!!!

    ReplyDelete
  24. නිර්මාණයක් බැරිනම් ඕන මගුලක් ...........

    ෆට්ට නයිස් පූසා :D ........ නියමයි

    ReplyDelete
  25. අනේමන්ද දුක තමයි... මටනං තාමත් ඔහොම ඒව ඕන තරම් වෙනව! හැබැයි හොඳක් තියෙන්නෙ බස් එකෙන් බහිද්දි සේරම අමතකයි!

    ReplyDelete
  26. නලිනි චන්දිමා : බොහොම ස්තූතියි අක්කේ :)
    අප්පේ මම නම් ඔහොම කරගන්නේ නෑ :D

    ----------------------------------------------------------------------------------------------------------

    නචියා: මුන් කියන්නෙම මේක මට වුනා කියලමනේ :-/

    ----------------------------------------------------------------------------------------------------------

    ටිං Tin : අන්න එහෙමෙනේ ඉන්න ඕනේ! ස්තූතියි මචං :)

    ----------------------------------------------------------------------------------------------------------

    hare :-) : ආයේ ඉතිං ඕවා මතක් කර කර ඉන්න අපිට වෙන වැඩ නැද්ද බං :D

    ReplyDelete
  27. අත්දැකීමක් උනා/නැතා මේක නං මරු පූසෝ...

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...