Monday, October 3, 2011

චූට්ටක් ගැඹුරු රංගයාගේ දෙකේ ඇළ......


පහුගිය දවසක අපේ ගෙවල් ළඟ පවුල් හතර පහක් එක්කහු වෙලා අපි ගියා ට්‍රිප් එකක් පොළොන්නරුව පැත්තේ. ඔය එක ගෙදරක කුළියට නැවතිලා රස්සාවට ගිය අයියා කෙනෙක් හිටියා. මිනිහත් පොළොන්නරුවේ. හැබැයි දැන් අවුරුදු ගානක ඉඳන් මෙහේ ජොබ් එක කරන නිසා අර ගෙදරම අවුරුදු කීපයක් ඉඳලම මිනිහා දැන් අපිත් එක්කත් ෆිට්. මිනිහගේ නම තමයි රංග. ඉතිං රංගයා කිය කියාමයි හිටියේ මිනිහා ඉන්නේ පොළොන්නරුවේ නටඹුන් තියන හරියට පයින් යන දුරින් කියලා. ඇයි තව කියනවා "අපි ඔය පැළයක් හිටවන්න වලක් කපන කොටත් සෙල්ලිපි කෑලි මතු වෙනවා බං" කියලා එහෙම. ඔන්න ඒ හින්දම මිනිහව අපේ නඩේ ගුරා කරගත්තා.

හැබැයි රංගයා කිව්වා වගේම මිනිහාගේ ගෙවල් තිබ්බේ පොළොන්නරුවේ නටඹුන් තියන හරියට හරිම කිට්ටුවෙන්. මිනිහාගේ ගෙදර පොඩි පොකුණක් හදලත් තිබ්බා. ඒකේ හරි මැද්දෙක් ලස්සනට කපපු කොටු කළු ගලක් තිබ්බ නිසා මාත් පොඩ්ඩක් කිට්ටු කරලා බැලුවා. අප්පට සිරි ඒකත් සෙල්ලිපියක්! ඉතිං කොහොම හරි මිනිහා ඒ කිට්ටුවෙන්ම අපිට නවතින්නත් හොඳ තැනක් සෙට් කරලා දුන්නා. 

ඔන්න පළවෙනි දවසේ පොළොන්නරුවට එන ගමන් අතර මඟ සිද්ධස්ථාන වැද පුදාගෙන නවතින තැනට එනකොට රෑ 7.30 ට විතර ඇති. ඇඟටත් මාර තෙහෙට්ටුයි. තාත්තලා නම් පොඩි වොෂ් එකක් දාන් තෙහෙට්ටුව නිවා ගන්න හිතාගෙන බයිට් එක හදනවා. අපේ සෙට් එකත් තෙහෙට්ටු නිවන අරිෂ්ඨ ගෙනිහින් තිබ්බේ. ඒත් මඟ දිහටම ඇළවල් එහෙමත් පහු කරගෙන ආව නිසාම වෙන්න ඇති "මේ පැත්තේ ඇළක්වත් නැද්ද බං පනින්න" කියලා අපේ එකෙක් රංගගෙන් ඇහුවේ. 
"අයියෝ බං දෙකේ ඇළ ඔය පොඩ්ඩක් ඉස්සරහින් යන්නේ. යමං ඕන්නම් නාගෙන එන්න" රංගයත් කිව්වා.

ඌ කිව්වට කරුවලේ නාන්න අපිට පොඩි බයකුත් තිබ්බා. අපේ එකෙක්ටවත් හරියට පීන ගන්නත් බෑ. ඇරත් අම්මලා සුවර් එකටම දෙන්නේ නෑ රෑ ඇළේ බහින්න. 
අපේ සෙට් එකේ ප්‍රදීපයා නොදන්න තැන් වල කළුවලේ නෑම වගේ ත්‍රාසජනක වැඩ වලට යන්න බයයි. ඒක නිසාමයි ඌ රංගයාගෙන් ඇහුවේ. 
"යකෝ මේ කරුවෙලේ උඹනම් පීනයි මාළුවා වගේ අපිට පීනන්නත් බෑ මොනවා හරි උනොත්. ඕක කොච්චර විතර ගැඹුරුද?" කියලා.
"අයියෝ චූට්ටයි ගැඹුරු. මගේ පපුව ගානට වතුර බං. බය වෙන්න දෙයක් නෑ" රංගයත් කිව්වා.
පස්සේ කොහොම හරි කට්ටියම කතා වෙලා අම්මලාට නොකියා අපි තාත්තලාට කියලා යමු කියලා කතා වුනා. අපි රංගයාටම කිව්වා තාත්තලාට කියපං කියලා. මිනිහා කිව්වාම ඉතිං තාත්තලාට විස්වාසයිනේ. ඇයි මේ මිනිහාගේ ගමනේ.
"අයියෝ බයවෙන්න දෙයක් නෑ මේං මෙතෙන්ට වතුර" තාත්තල ඇළ කොච්චර ගැඹුරුද ඇහුවාම රංගයා කිව්වේ බුරිය හරියට අත තියලා පෙන්නලා.

ඇළ ගාවට යන ගමන් ප්‍රදීපයා කිය කියා ගියේ "මූ කිව්වාට මම මුලින්ම ඇළට බැහැලා බලන්නම් ඒක ගැඹුරුද කියලා"
අපිට කොහොමත් ප්‍රදීපයාව සුවර්. ඌ බොහොම පරිස්සමට පිළිවෙලට වැඩ කරන එකා. ඒ මොනවා කිය කිය ගියත් ප්‍රදීපයා හිමීට ඇඳුම් ගලවලා නවලා පැත්තකින් ලස්සනට තියන අතරේ චම්පකයා ඇළේ පඩි දිගේ බහින්න ගත්තා. මිනිහා තුන් වෙනි පඩියට බැහැලා හතර වෙනි පඩියට බහින්න බැලුවා.
"යකෝ මේකේ හතර වෙනි පඩියක් නෑ. තුන්වෙනි එකත් කැඩිලා එකෙක්ට විතරයි හිටගන්න පුළුවන්" කියලා ගොඩට ආවා. ප්‍රදීපයා තාමත් ඇඳුම් නමනවා. 

"අපෝ උඹලා ගෑනු වගේනේ" කියලා රංගයා පැන්නා ඇළට ජබෝස් ගාලා. ඌට මොකද ඌ පීනනවා ඇළේ ඒ කොනේ ඉඳන් මේ කොනට. 

ප්‍රදීපයා පරක්කු නිසා මම ගියා ඇළේ ගැඹුර බලන්න.

පළවෙනි පඩියට බැස්සා. කකුළේ විලුම්බෙන් පොඩ්ඩක් උඩට වතුර. දෙවෙනි එකට බැස්සා. දණිස්ස ගාවට වතුර. තුන් වෙනි එකට බහින්න බැළුවා. අප්පා ඒක කැඩිලා ගිහින් අඩි 2ක් වත් දිහ නැති කෑල්ලක් විතරයි. ඒකටත් බැස්සා. බුරිය ගාවට වතුර. හතර වෙනි පඩියට අඩිය තියන්න බැළුවා හුටා! එහෙම එකක් නෑ. ඇළේ පතුලවත් අහුවෙයිද බැළුවා ඒත් නෑ. මමත් ගොඩට ආවා. රංගයානම් අපිට හිනා වෙවී පීනනවා.

"මේ උඹ ඔය ඉන්න හරිය කොච්චර ගැඹුටද" අපිට වඩා මීටරයක් විතර එහායින් හිටපු රංගයාගෙන් ප්‍රදීපයා ඇහුවා. 
"ඕං බලාගනින්!" රංගයා එක අතක් උස්සන් වතුර යටට ගියා. අපිට උගේ අතින් පෙනුනේ අල්ල විතරයි. 
"අන්න එච්චරයි ගැඹූරු" රංගයා වතුරෙන් මතුවෙලා වැඩ කාරයා වගේ කිව්වා.

"ඈ යකෝ තෝ කිව්වා නේද පපුව හරියට වතුර තියෙන්නේ කියලා?" දර්ශනයට නම් තරහා ගිහින්ද මන්දා. 
කොහොම හරි ප්‍රදීපයා දෙවෙනි පඩියේ ඉදන් ලාවට ඇඟ තෙමා ගත්තා. මමයි අනිත් උන් දෙන්නයි සැරෙන් සැරේට තුන් වෙනි පඩියට බැහැලා ලාවට ඇඟ තෙමා ගත්තා. රංගයානම් පීන පීන අපිට විහිළු කර කර ඉන්නවා. ඒ ගමන් මූ අපි නාන තැනට පොඩ්ඩක් එගා ඉවුර අයින පෙන්නලා කියනවා

"අන්න අතන තමයි බං ගිය මාසේ ට්‍රිප් එකක් ආව පොඩි කෙල්ලෙක් මේක් ගිලිලා මැරිලා හිටියේ" 

ඒක ඇහුව වෙලේ ඉඳන්  ප්‍රදිපයා "යං යං" ගගා කෑ ගහන්න ගත්තු නිසා අපි ගොඩට ආවා(කොහොමත් ගොඩ තමයි හිටියේ). එන ගමන් ඉතිං රංගයාට බැනුම් ගොඩයි. ඒ අස්සේ රංගයා කියනවා.
"නෑ බං මමත් මේ මෙතනට නාන්න ආවේ අවුරුදු 15කින් විතර බං. නැත්තම් මම යන්නේ අපේ ආච්චිලාගේ ගේ ගාව තැනට. එතන රෑට පට්ට කළුවරයි. ඒකයි මම උඹලව මෙතන්ට එක්කං ආවේ. හරි අපි හෙට රෑට එතනට යමු"
"එතන කොච්චරද බං ගැඹුරු මෙතනට වඩා චූට්ටක් ගැඹූරුද?" මං ඇහුවා.
"යකෝ උඹ දැන්ද කියන්නේ අවුරුදු 15 කින් එතන නාලා නෑ කියලා? අපේ එකෙක් එහෙම ගියානම්" ප්‍රදීපයාට ඒ පාරනම් සිරාවටම කේන්ති ගිහින්.

"උඹලගෙන් එකෙක් ගියානම් මම කියනවැයි මම මෙතන අවුරුදු 15 කින් නෑවේ නෑ කියලා. ඇරත් ගොඩ නාන උන් කොකොමද ඇළේ ගහගෙන යන්නේ" රංගයා කිව්වා.

ප.ලි : 
මට ඔය වැඩේම මගේ නෑ වෙන මල්ලි කෙනෙකුත් කළා අර සුන්දර ගම්මානෙට ගිය වෙලේ. රෑ ගියා නාන්න ගේ ඉස්සරහින්ම යන ඇළට. ඒකට බහින්න පඩි තිබ්බෙ නෑ. බැස්ස ගමන් මගේ බෙල්ල ගාවට වතුර. ඒකනම් අවුලක් නෑ. වැඩේ කියන්නේ ඒකේ මාර වේගෙන් වතුර එනවා. මම පැත්තට හිටගෙන නෑවේ. වතුරට ලම්භකව(මෙතෙනට දාන්න සාමාන්‍ය වචනයක් හොයාගන්න බැරි උනා) හිටගන්න බෑ ගහගෙන යනවා. පස්සේ නාලා ගොඩට එනකොට අරූ මම නෑව තැනව මීටර් තුන හරක් ඈත තැනක් පෙන්නලා මට කියනවා 
"ආං අර හරිය ඔයා වගේ දෙකක් විතර ගැඹූරුයි" කියලා. අන්න එවෙලෙනම් මට &$%$#^&@##.

කොහොම උනත් කියන්න ඕනෙම දෙයක් තියනවා. තෙහෙට්ටු වෙලාවක ඇළකට බැහැලා නෑවාම තියන සනීපේ අපිට කවදාවත් ෂවර් එකකට ඔළුව අල්ලලා ලබාගන්න බෑ!


මෙහි එන නම් ගම් සහ කතාව ඇතුළු සියල්ල  සත්‍ය වේ!


[පින්තූරෙ - http://www.turnbacktogod.com/wp-content/uploads/2008/07/sacred-jordan-river-0106.jpg]

33 comments:

  1. ඇලේ කිඹුල්ලු එහෙමත් හිටියද දන්නෙ නෑ, රංගය නොකිව්වට.

    ReplyDelete
  2. දුක තමයි, ලංකාවේ බහුදරයකට පීනන්න බැරි එක!

    ReplyDelete
  3. පීනන්න බැරි වීම නම් හරිම කනගාටුයි තමයි. කොච්චර නම් මැරෙනවද නාන්න ගිහින් මුහුදේ, ගංගා ,ඇල, දොලවල් වල ගිලිලා !

    ReplyDelete
  4. උඹ ඔය කියන්නේ පොලොන්නරුවේ වාරි ඈලක් ගැනද? මමත් ලොකුවට බෝඩ් ගහන් හිටියට පීනන්න බෑ බං.

    ReplyDelete
  5. වතුරට බය නැති කෙනෙක් වගේ පේනවා...හිටගන නාලා තියන විදියෙන්ම...:D

    ReplyDelete
  6. වැවකිං නාන්න තිබ්බනං ටොප්! අරවගේ දෙකක් ගැුර වැවකිං නෑවම ඊටවඩා ටොප්! ගිලුනම ටොපේ ටොප්! :D

    ReplyDelete
  7. මටත් පීනන්න බෑ බං. වතුර පොඩ්ඩම පොඩ්ඩයි නේ තියෙන්නේ.

    ReplyDelete
  8. මට නිකන් මැවිලා පේනවා පුසෙක් සිතල වතුරට අන්ඩක් දානවා ..ආයේ ගන්නවා . පුසෝ කොහොමත් වතුරට කැමති නැහැ

    නොදන්නා වතුර වලවලට බැහීම බයානකයි . පුසා හරි . පීනන්න දන්නවා වුනත් ඒ ඒ තැන්වල පිහිටීම වතුර ගලන වේගය හෙම වෙනස් . පුල් එකේ පීනන්න පුරුදු වුනාට ගඟේ පිහිනීම වෙනම කලාවක් . වතුර ගලන නිසා .හැබැයි ගඟේ පිනපු කෙනාට පුල් එක කජු කනවා වගේ . අපේ නැන්දම්මා වක් ඔයේ පිනල හොඳ පළපුරුදු කාරී. මෙහෙ ඇවිත් පුල් එකේ පිනුවේ නැද්ද නික අමුතුම කලාවකට .
    මුහුදේ පිනන එක වෙනමම දෙයක් රැල්ලත් එක්ක ඔට්ටු වෙන්න පුළුවන් වෙන්න ඕන . මොක වුනත් පිහිනීම අනිවාර්ය කරන්න තියෙනවා නම් හොඳයි . රට වට මහා සයුර තිබිලත් බහුතරයට පීනන්න බැරි වීම කණගාටුවක්. මන් නම් මෙහෙ ඇවිත් ආයේ ඕන උලව්වක් කියල ඉගෙනගත්ත . ළඟ පාත ඇලක් දොළක් තියෙනවා නම් ළමයින්ට පීනන්න නොදෙන එක මහා අපරාධයක් .

    ReplyDelete
  9. නොදන්නා තැන්වල නාන එක නම් ටිකක් බයානකයි...

    ජය

    ReplyDelete
  10. ඇලක බැහැලා නාපු කාලයක් මතක නැහැ.ඉස්සර නම් ඉතින් ගමනක් යනකොට වතුරක් දැක්කොත් නෑවා . අපිත් ඔහොම ගැඹුරු තැනකට කියල එකෙක් රෑ අරගෙන ගියා. ඌ විතරක් මැද අපි ඉවුර කිට්ටුව.. ඌ අපිට වැඩ පෙන්නනවා. ටිකක් දාගෙන හිටිය එකෙක් තව එකෙක්ව වතුරට තල්ලු .. කළා බැලින්නම් වතුරේ ගැඹුර අඩි හතරක් විතර.. අරූ වතුරේ ඉඳගෙනයි වැඩ පෙන්නලා තිබ්බේ.. වටකරගෙන ඌට නෙළුවා අපි..

    ReplyDelete
  11. මටනම් ෂවර් එකකින් නානව වගේ සනීපයක් දැනෙන්නෙ නෑ. මොකද ඔය ඇලවල්,ගඟවල්, වැව් දැක්කම පීනන්නත් බැරි නිසා කිට්ටුවෙන්නත් බයයි.

    ReplyDelete
  12. මරු කථාවක්...මගෙත් ඔය වගේ යාළුවෙක් ඉන්නවා මැප් එකක් අරගෙන ට්‍රිප් යන්නේ පස්සේ ගෙදර එන්න පාර අහගන්නේ කාටහරි කෝල් කරලා....එළ එළ....

    ReplyDelete
  13. කොයි තරම් ආස වුණත් ඔය තැන් වලට අදිමදි කරන්නෙ පීනන්න බය හින්දමයි. අවස්ථා කීපයකදීම පීනන්න දන්න එකෙක්ගෙන් උපදෙස් අරන් තිබුණත් පීනන්න පුළුවන් තැන් වල නාන්න හම්බවෙන්නෙ ඔහොම ට්‍රිප් ගියාම විතරයි. ඒ කියන්නෙ අවුරුද්දකට අතේ ඇඟිලි ගාණට.

    පොළොන්නරුවෙ වන්දනාමය ට්‍රිප් ගිහින් තියෙන්නෙ එකපාරයි. ගියෙ එහේ ඉන්න යාළුවෙක් එක්ක. ඒකෙන්ම උන්ව එපා වුණා. අපට ඔය ගල් පතුරක්, නටබුන් කෑල්ලක් මහා වස්තුවක් වුණාට එහේ එවුන් ඒවයින් ෆුට් බෝල් ගහන්නෙ නැති එක විතරයි. ඒ තරමට එහෙ තියෙනව නටබුන්.

    මොනව වුණත් කාලෙකින් දාපු ගද්‍ය සටහන ටොප්!

    ReplyDelete
  14. අනේ අපිටනම් වතුරකට වැටුනොත් බයක් නෑ . පීනල ගොඩ එන්න දන්නවා..

    ReplyDelete
  15. ඔය වගේ තැන් වලට මාත් මාරම ආසයි.. ඒත් වතුරට බහින්න ටිකක් විතර පස්සගහනවා පීනන්නබැරි නිසා...

    ReplyDelete
  16. දෙකේ ඇලේ ඔච්චර ගැඹුරු තැන කොහෙද තියෙන්නේ? ගැඹුරු වෙන්න පුළුවන් වැවෙන් වතුර එන සොරොව්ව හොඳටම ඇරලා තිබුණු වෙලාවට නම්. එත් වතුර පාර ඒතරම් සැර බවක් කියල නොතිබුණු හින්ද ඒක වෙන්නත් බැහැ. අනිත් එක පොළොන්නරුවට මේ දවස් වල සෑහෙන්න පායනවා කියලයි ආරංචිය. ඒ කියන්නේ කොල්ලෝ රංගය බොරු ගැඹුරක් පෙන්නලා උඹලව අන්දලා තියෙනවා. දෙකේ ඇලේ නානවා නම් වැවේ සොරොව්ව ලඟම වැව් බැම්ම අයිනේ තියනවා නියම තැනක්. පීනන්න බැරි උන්ට උනත් වතුරේ බැහැල ජොලියේ නාන්න පුළුවන්. පොළොන්නරුවේ ටික කාලයක් ජීවත් වෙච්ච අපි වගේ පිට පළාත් වල උන් ඒ පැත්තේ උන්ට වඩා සමහරවිට ඕව දන්නවා. මොකද ගමේ උන් අලුත් දේවල් හොයන්න යන්නේ නැහැ මේ අපේ ගමනේ අපි මේ ගැන දන්නවා කියල.

    ReplyDelete
  17. අනේ දෙකේ ඇල බලන්න ආයෙත් යන්න තියේ නම්...හ්ම්.....:((

    ReplyDelete
  18. ඉතිං අරිෂ්ඨ වලට මොකද කලේ, කතාවේ හොඳම හරිය කියල නෑනෙ?

    ReplyDelete
  19. කසූ ගේ කථාව වැදගත්...
    ලංකාව වටේම මූද තිබිලත් ඇයි බහුතරයක් පීනන්න ඉගෙන ගන්නේ නැත්තේ...?

    ReplyDelete
  20. පූල් එකක නම් බැහැලා නැ.. ඒත් පීනන්න බැරි කමක් නෑ.. අපි ඉතින් පුංචි සන්දියේ ඉඳල නැවෙ සේදුවෙ වක් ඔයෙන්... මගෙ උපන් ගම මැදිනුත් ගලන වක් ඔය මගෙ මහත්තයගෙ ගම මැදිනුත් ගලනවා.. පටන් ගන්නෙ ලබුගම වැවෙන්... අනේ ඒත් දැන්නම් යන්නෙ නැ.. ඇත්ත පොඩි උන්ව ගෙනියන්නෙත් නැ.. දැන් හැම ජරාවක්ම ඕවට හරවනවනෙ ඒ බයටයි.. අනිත් එක කෝ වෙලාව.. ඉස්කෝලෙ, ටියුෂන්.. හ්ම්..

    @ Bindi - ඔයාගෙ වක් ඔය ගැන දැනගන්න ආසයි.. කීපයක් එකම නමින් තියෙන්නත් බැරි කමක් නැ තමා..

    ReplyDelete
  21. ඔහොම වතුර දැකලත් නාන්නේ නැතිව ඉන්න. මම නම් යන යන තැන වෙනම බෑග් එකක් තියාගෙන ඉන්නේ හදිස්සි අවස්තාවල නාන්න. ඉස්සර කාලේ මම ගෙම්බෙක් කියලා හිතාගෙන මම නම් වතුර දැක්කම ජබොන් තමයි.

    ReplyDelete
  22. ඇත්ත ඇළක දොළක වැවක ගඟක නාන සනීපේ වෙන කොහෙන් ගන්නද ???

    ReplyDelete
  23. මට හිතුනෙම තුන් වෙනි පඩියෙන් එහාට ඇලේ පතුල කියල.හික් හික්....

    ReplyDelete
  24. පොත් ගුල්ලා : කිඹුල්ලු නැතුව ඇති. මොකට ට්‍රිප් ආව සෑහෙන පිරිසක් දවාලට ඒ ඇළෙන් නානවා.

    ----------------------------------------------------------------------------------------------------------

    කතන්දර : ඒකනම් හැබෑව. මට නම් ඔය වැව් වල ඇළවල් වල බැහැලම ටිකක් ටිකක් පීන ගන්න පුළුවන්.
    වෙලා තියෙන්නේ අපේ අම්මලා පොඩි කාලේ ඉඳන්ම අපිට ඕවට යවන්න බයයි නේ.

    ----------------------------------------------------------------------------------------------------------

    weni : හ්ම් හ්ම් හැබෑව හැබෑව

    ----------------------------------------------------------------------------------------------------------

    prasanna86k : මේං වැඩක් මාළුන්ට පීනන්නත් බෑලු. අපි ගැන කවර කතාද! :))

    ----------------------------------------------------------------------------------------------------------

    Podi Kumarihami : ආයේ...... මම බය නෑ. දැන් මට වතුරේ නොගිලී ඉන්න පුළුවන්! ඒ මදෑ :D

    ----------------------------------------------------------------------------------------------------------

    තනි අලියා : අලින්ට පීනන්න පුළුවන්ද?

    ----------------------------------------------------------------------------------------------------------

    මධුරංග : වතුර පොඩ්ඩම පොඩ්ඩයි කිව්වේ?

    ----------------------------------------------------------------------------------------------------------

    bindi : බෑනේ මේක කරන්න. මම මොක ලීවක් අක්කාට ඇත්ත පූසෙවමනේ මැවිලා පේන්නේ :D
    අක්කාගේ කතාව ඇත්ත. පූල් එහෙකනම් මාත් පීනනවා. ඒත් වතුර ගලාගෙන යනකොට නම් අමාරුයි. ඒකට අපේ අම්මාටයි තාත්තාටයිනම් හොඳට පීනන්න පුළුවන්. තාත්තාටත් වඩා හොඳට අම්මාට පීනුවැකි. මොකද එයා අර සුන්දර ගම්මානේ එක්කෙනෙක්නේ. හැමදාම ඇළේ වැවේ තමයි නාලා තියෙන්නේ.

    ----------------------------------------------------------------------------------------------------------

    Gayan Rupasinghe : ඒක හැබෑව. ඔය ගමන ගිය අපේ කට්ටිය කල්පනාවෙන් වඩකරන අය ඒක නිසා අවුලක් නෑ.

    ----------------------------------------------------------------------------------------------------------

    සරත් ලංකාප්‍රිය : ඔය බිව්වාම පිස්සු කරන එවුන් එක්කනම් කිසි දෙයක් කරන්න බෑ. උන් සමහර වෙලාවට හෙනම ඇණ.

    ----------------------------------------------------------------------------------------------------------

    ``` Outsider``` : අඩේ ෂවර් එක වගෙද බං ඇළක බැස්සාම. ගලාගෙන යන සීතල වතුර ටික.

    ----------------------------------------------------------------------------------------------------------

    ඔබ නොදු‍ටු ලොවක්..... : හෙහ් හෙහ් හොඳ වෙලාවට මටනම් එහෙම යාළුවෝ නෑ :D

    ReplyDelete
  25. hare :-) : කොහොමත් අපිට අපේ ළඟ තියන දේවල් වල අගයක් නෑනේ. උදාහරණෙකට කියනවානම් සත්තු වත්තට අපේ ගෙවල් වල ඉඳන් බොහෝම ළඟයි. ඒත් අපි සත්තු වත්තට යන්නේ අවුරුදු ගානකට සැරක්. හැබැයි ලංකාවේ බොහෝම දුර පැතිවල ඉඳන් මිනිස්සු අපිට වඩා යනවා සත්තු වත්ත බලන්න.

    ස්තූතියි අයියේ!

    ----------------------------------------------------------------------------------------------------------

    Gimhani : මම නම් නොගිලී ඉන්නත් දන්නවා :D

    ----------------------------------------------------------------------------------------------------------

    Dinesh : බලාගෙන ගියාම ගොඩ දෙනෙක්ට තියෙන්නේ එකම ප්‍රශ්නේ!

    ----------------------------------------------------------------------------------------------------------

    චීටා : මේක මේ දවස් වල ගිය ගමනක් නෙමෙයි දැන් මාසයක් 2ක් විතර ඇති. කළුවරේ නෑව නිසා තැන හරියට දැක්කේ නෑ. හැබැයි දවාලේ බලනකොට අපි නාලා තියෙන්නේ බස් හිටං යන පාර අයිනක. එතන ඇළෙන් එහා මෙයා යන්න හදපු පොඩි පාලමකුත් තිබ්බා. මෙන්න මෙතනයි හරියටම තැන කියන්නනම් දන්නේ නෑ.

    ----------------------------------------------------------------------------------------------------------

    නිසූපා : අපි සෙට් වෙලා යමුකෝ අක්කේ වෙලාවක :D

    ----------------------------------------------------------------------------------------------------------

    Observer : හරි මෙතන ලියන්නම්
    අපි සැම රංගයාට දෙහි කපමින් අපේ නවාතැන වෙත පැමිණියෙමු. අප පැම්ණෙනවිට අප සැමගේ පියාණන් වහන්සේලා ගල් භාවිතා කරනිත් තෙහෙට්ටුව නිවා ගනිමින් සිටියෝය. එබැවිත් අපිත් හනි හනිකට අපේ අරිෂ්ඨ බෝතල් රැහෙන වැඩේට සෙට් වීමු. රංගයාට දෙහි කපමින් පැමිණියද වීදුරුවට දැමීමට දෙහි නොමැති බැවින් අපේ අයියා කෙනෙකු කුස්සියට ගොස් දෙහි ගෙඩියක් කපාගෙන පැමිණියේය.
    ඉනික්බිති පියාණන් වහන්සේලා සහ අපි සැම ගීත ගායනා කළෙමු. අංකල් කෙනෙක් අපූරු රැඟුමක් ඉදිරිපත් කළේය.
    සැම අවසානයේ සියලු දෙනා සතුටු සිතින් නින්දට ගියේය. උදෑසන අවදි වී සතුටු සාමීචියේ යෙදෙන අතරේ අංකල් කෙනෙක් අප භාවිතා කළ අරිෂ්ඨ බෝතලය දැක මෙසේ පැවසුවේය.
    "අම්මටහුඩු මේ බලහල්ලකෝ අපි ගල් ගහනකොට කොල්ලෝ ටික වොඩ්කානේ ගහලා තියෙන්නේ"

    ----------------------------------------------------------------------------------------------------------

    Nushi : ඔයාටනම් හිනා... බැරිවෙලා වත් මාව ගහගෙන ගියානම්?

    ----------------------------------------------------------------------------------------------------------

    තිස්ස දොඩන්ගොඩ : මම නම් හිතන්නේ තිස්ස අයියේ අපේ අම්මලා පොඩි කාලේ ඉඳන්ම අපිව වතුරට යවන්න බය වෙච්චි නිසා තමයි අපිට පීනන්න ඉගෙන ගන්න බැරි උනේ. පොඩි කාලේ තියා තාමත් එහෙමනේ!

    ----------------------------------------------------------------------------------------------------------

    තනෝජා රාජපක්‍ෂ : පූල් එකේ පීනලා නැතත් වෙන තැනක පීනන්න පුළුවන් කෙනාට පූල් එකත් මහා ලොකු කජ්ජක්ද අක්කේ :)

    ----------------------------------------------------------------------------------------------------------

    Il mondo di una povera pazza : ආයේ ඉතිං අපිත් ඔහොම්මම තමයි අක්කේ. අක්කාට කියන්න අර සුන්දර ගම්මානෙය ගිය දවසේ(පළවෙනිම දවසේ) තැන් 5කින් නෑවා කිව්වාම :D

    ----------------------------------------------------------------------------------------------------------

    Hasitha : ආයෙත් අහලා ඒ ගැනනම් කවර කතාද! :)

    ----------------------------------------------------------------------------------------------------------

    සිහින : ඇළේ පතුල තිබ්බානම් මෙච්චර වද වෙනවයැ බං.....

    ReplyDelete
  26. ඇත්ත නේන්නං....තාත්තල අම්මලට වඩා , දරුවො ඉදිරියට යන්ඩ ඕනෙනේ....හෙහ්..හෙහ්..හෙහ්...:x

    ReplyDelete
  27. ඕක තමයි කියන්නේ පනින්න පෙර සිතා බලනු ! කියලා

    උඹ වරෙං ආයෙමත් මේ පලාතේ සතියක් ඉන්න මම උඹව ඇලේ දාලා ගන්නම් ආයේ ගෙම්බර වඩා හොඳට පීනන්න හැකි වෙන්න

    ReplyDelete
  28. Observer : අන්නේ ඒකනේ ;)

    ----------------------------------------------------------------------------------------------------------

    හිස් අහස : ඔය උඹලාගේ පැත්තට ආව පාර තමයි බං වැවේ ඇලේ බැහැලා පොඩ්ඩන් නොගිලී ඉන්නවත් පුරුදු උනේ. :) අනිවා ආයේ දවසක එන්නඕනේ ටික දොහක් නතර වෙලා උඹේන් පීනන්න ඉගෙන ගන්නම :-bd

    ReplyDelete
  29. අනේ අම්මේ පූසෝ . .

    නොදන්න තැන් වලින් නාන්නේ නම් බලාගෙන . .

    උඹලා මොලේ පාවිච්චි කොරපු නිසා හොඳයි . .

    ReplyDelete
  30. මතක තියාගන්න ලමායි, පීනන්න පුලුවන් එවුනුත් අනන්තවත් නොදන්නා තැන්වල පීනන්න ගිහින් වලකජ්ජ ගසා ඇතිබව. ඇත්තම කිව්වොත් නොදන්න එවුන්ට වඩා දන්න එවුනුයි මැරෙන්නෙ, මොකද නොදන්න එකා තමන් නොදන්න බව දන්නා නිසා පරිස්සන් වෙන නිසායි. Read Narrow Escapes on "Hey Dude"

    ReplyDelete
  31. පූවන්ට පණ නමයක් තිබ්බට ඔය වගේ වැඩ වලදී පරිස්සමෙන් පූවෝ ......:D

    ReplyDelete
  32. මම නම් එකපාරක් ගිලිලා එලව යන්න ඔන්න මෙන්න කියලා ආපහු බේරිච්චි එකෙක් නිසා වතුරට බහිද්දි බොහෝම ප්‍රවේසමෙන් තමයි බහින්නේ.නොදන්න තැනක නාන්න යනවා නම් පීනන්න පුලුවන් එකෙක් ඉස්සරල බස්සලා වටේම ගැඹුර බැලුවට පස්සේ තමයි මම නම් වතුරට බහින්නේ.මොකද අප්පා වතුරෙ ගිලිලා මැරෙන්න යද්දි හරි අමාරුයි.. පරිස්සමින්....

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...