කොළඹ අවට සැරිසරනකොට දැකපු කෙල්ලෝ නිසා ලියන්නට හිතුනු........... හ්ම්ම්ම්ම්............ මොකක්ද? කතාවක්? හ්ම්ම්ම්...... නෑ.....
හ්ම්ම්ම්ම් කොළඹ අවට සැරිසරනකොට දැකපු කෙල්ලෝ නිසා ලියන්න හිතුනු මොකක් හරි එකක්........
ඔය කොළඹ අවට සැරි සරනකොට, කොල්ලො හැටියට අපිට ඉබේටම වගේ ඇහැ යන විදිහේ කෙල්ලෝ ඕන තරම් ;) බොරුද? එයාලා අතරින් කිසිම විදිහක බාහිර අලංකාරයක් නොකර(තොල් පාට නොකර, කොන්ඩ මෝස්තර නැතුව,මූණේ පාට නොගා, බාගෙට ඇඳුම් නොඇද) හිටපු අය කීදෙනයිද? :t දෙතුන් දෙනෙක්? සමහර විට එක්කෙනෙක්වත් නැතුව ඇති.
කෙල්ලෝ වුනාම ලස්සනට ඉන්න පුදුම උත්සාහයක්නේ ගන්නේ. ඒ එයාලගේ හැටිනේ. ඉස්සර රජකාලේ ඉඳන්ම කෙල්ලෝ මූණේ එක එක ජාති ගාලා ලස්සන්ට හිටියයි කියනවනේ. ගල් යුගයේත් එහෙම වෙන්න ඇති. ඊට කලිනුත් එහෙම වෙන්න ඇති. ඒ කියන්නේ ඒක කෙල්ලන්ගේ හැටියක්. ඇත්තටම එයාලා එහෙම හිටියයි කියලා ඒකේ වැරැද්දක් නෑනේ :) කොල්ලෝ අපිනම් ඔය මූණේ එක එක ජාති ගාගෙන පැය ගනන් ඇස් වලට පිපිඤ්ඤා කෑලි තියාගෙන ඉන්නේ නෑනේ. එහෙම ඉන්න කොල්ලොත් ඇති ඕන තරම් :O හැබැයි කෙල්ලෝ නම් ඔය එක එක ජාති මූණේ උලාගෙන කොහොම හරි තමන්ගේ ලස්සන වැඩි කරගන්න තමයි උත්සාහ කරන්නේ.
මම කියන්නේ කෙල්ලෝ මොනදේ කරලා හරි ලස්සනට හිටියට ප්‍රශ්නයක් නෑ. ඒත් පාරේ යන කොට මම දකිනවා සමහර කෙල්ලෝ ලස්සන වෙන්න කියලා හිතාගෙන එක එක දේවල් කරගෙන කැත වෙලා ඉන්නවා :( සමහරු ලස්සනට කෙලින් තිබ්බ කොණ්ඩෙට මොකක් හරි මෝස්තරයක් දාගන්න ගිහින් කැතවෙලා. කොණ්ඩ මෝස්තරේ ලස්සනයි ඒ වුනාට ඒක ඒ කෙල්ලට ගැලපෙන්නේ නෑ.
තව කෙල්ලෝ ලස්සන වෙන්න කියලා හිතාගෙන(වෙන්න ඕනේ) කරන මරුම වැඩක් තමයි ලස්සන ලස්සන ඇඳුම් ඇඳීම. ඔය ලස්සන ලස්සන් ඇඳුම් කියලා මම අදහස් කලේ අර ඇඟෙන් භාගයක් විතරක් වහගෙන යන ඒවා.(එතකොට ඉතුරු භාගේ?) ;) තව අර, ඇඳුම ඇන්දේ කොහොමද කියලා පුදුම හිතෙන තරමට හිරට හිරේ ඇඳගෙන යන ඒවා. වැඩිපුරම අපේ ඇහැ යන්නේ ඒ වගේ අයව දැක්කාම තමයි නේද? මම කියන්නේ බොරුද? :O මම දැකලා තියනවා ඒ වගේ කෙල්ලෝ දිහා සමහර වෙලාවට කෙල්ලොත් පුදුම වෙලා බලනවා :D එතකොට ඒ ඇඳුම ඇදන් ඉන්න කට්ටියට හිතෙනවා ඇති මේ කට්ටිය හැරි හැරී බලන්නේ මම ලස්සන නිසා කියලා :$
අපෝ ඒ වගේ ඒවා ඇඳන් යන කෙල්ලෝ දන්නවානම් එයාලා ගැන අපේ උන් කියන කතා. සමහරවිට ආයේ එහෙම අඳින එකක් නෑ :r
ඊට පස්සේ අර මූණේ පාට ගාන එක. අර මේක් අප් කියන්නේ. ඒක හරියට කරගෙන ලස්සනට යන කෙල්ලෝ ඉන්නවා. ඒ අතරේ එක එක පාට ගානෙන හරියට පාට වැඩි වුන චිත්‍ර වගේ යන අයත් ඉන්නවා.
ඔය ටික මට ලියන්න හිතුනේ පහුගිය දවස් වල බස් එකේ යනකොට දැකපු හරි අපූරු කෙල්ලෝ කිහිප දෙනෙක් නිසා. මම කියන්නේ ලස්සන වෙන්න කරන ඕන දෙයක් තමන්ට ගැලපෙන විදිහට, ගැලපෙන තරමට කළානම් හොඳයි. නැත්තම් තමන්ගේ තියන ලස්සනත් නැති වෙයි.
ප.ලි: හා හා දැන් මදෑ ඔය කෙල්ලන්ගේ විච්චූරණ බැලුවා.
මතක ඇතුව හෙට හවස දෙකට විහාර මහා දේවී උද්‍යානයට එන්න ඉලංදාරියා අයියාගේ ශල්‍යකර්මයට අවශ්‍ය මුදල සොයා ගන්නට අපිට එකතු වෙලා කරන්න පුළුවන් දේවල් ගැන සාකච්චා කරන්න. අපි හැමෝම එකතු වුනොත් අපිට මොනවද කරන්න බැරි!