Monday, June 20, 2011

අප්පටබොල හිඟන්නා!


යනවිට දිනක් හරහා අපි මරදානේ
රතු දැල්වී වාහනේ නැවතුනානේ
දිස්වන තුරු බල්බය කොළ පාටින්නේ
නොකර කතා සැම ඉවසා සිටින්නේ

වාහනේ නවතා සිටිනා මේ වෙලාවේ
දෙකට නැමී යාචකයෙකි මේ ආවේ
"කෑම ටිකක් ගන්නට මට මේ අව්වේ"
පැවසුවේ ඌ දමමින් අපි මුලාවේ

රියදුරු අසුන එහා පැත්තෙ සිටි අංකල්
දෙන්න යමක් සාක්කුවට අත දැමුකල්
සාක්කුවේ තිබී ඇත්තේ පහකිය රුපියල්
එය යාචකයා හට දුනි පාමින් හසරැල්

රුපියක් පහ අතට ගත්තා යාචකයා
දෙකට නැමී තිබුණු කොන්ද කෙලින් වුනා
රුපියක් පහක්! මොන හු***ද කියමින්නා
පහත් අරං බැණ බැණ දැන් මූ යන්නා

පහත් අරං බැණ බැණ කුණු හරුපෙන්
මූ යයි දැන් අපේ වාහෙනේ පසුකරමින්
බැහැලා ගිහින් උගේ හොම්බට අනිමින්
මට එන්න හිතයි පහත් අරං හනිකෙන්

කොළ පැහැයත් දැල්වුනේ මේ වෙලාවේ
වාහනේ සිටි සැම තීරණේකට එලබුණානේ 
ට්‍රැෆික් ලයිට් වලට වාහන නැවතුනාවේ
එන එකෙකුටවත් රුපියලකුදු දෙන්නෑනේ



[පින්තූරෙ - http://images.travelpod.com/users/redheadgrrl/1.1234919700.traffic-beggar.jpg]

34 comments:

  1. ඔව්වා ගනන් ගන්න එපා බං. දැන් හිඟන්නෝ අපිට වැඩිය හම්බ කරනවා. ඉතිං උන්ට ආඩම්බර නැද්ද බං...

    ReplyDelete
  2. ඔහොම හිගන්නො ඉන්නව.දවසක් එකෙක් අපේ ගෙදර බෙල් එක ගහනව.බලද්දි හිගන්නෙක්.

    ReplyDelete
  3. අපෝ ඔහොම හිගන්නො ඉන්නවා. දැන් උන්ට පහක් දීලා පිරිමහන්න බෑ. අඩුම තරමේ 10ක්වත් දෙන්න ඕනේ.

    ReplyDelete
  4. මචෝ මගේ ආගමේ හැටියට පුන්‍ය කර්මයක ආනිසංස ලැබෙන්නෙ, ඒක කළාට පස්සෙ ඇතිවෙන පහන් සිතුවිළි වලින්. ඉතින් ඒ දීපු රුපියල් පහ උනත් හොද හිතින් දීල අර කතා සෙට් එකත් අහන් බුදු ෆිට් එකේ හිටිය නම්. ඒ කියන්නෙ උඹට ඒ පුන්‍ය සිතුවිලි වලින් හොද ආනිසංස ලැබෙනව කියන එකයි. හික් හික්...

    ReplyDelete
  5. prasanna86k: ඔව් බං බලං යනකොට අපි තමයි හිඟන්නෝ!

    -----------------------------------------------------------------------------------------------------------------------

    නදී: ඈ :-B දැන් බෙල් ගහලා අඩගහනවද සල්ලි ඉල්ලං කුණුහරුපෙන් බණින්න? අනේ කාලේ...

    -----------------------------------------------------------------------------------------------------------------------

    මධුරංග: ඔව්! මුන්ට දැන් කාසි හරියන්නේ නෑ. කොලමයි හොයන්නේ!

    -----------------------------------------------------------------------------------------------------------------------

    Hishan Melanga: පහන් සිතුවිලි? හිත හොඳින් දීපු එකට කුණුහරුපෙන් බණිනකොට පහන් නිවුනා මගේ X(

    ReplyDelete
  6. ඇයි බං හිඟන්නන්ගෙත් ජීවන වියදම වැඩි වෙනවනෙ. අපිට විතරද පාන්ගෙඩිය, බත්පැකට් එක, හාල් කිලෝ එක වැඩි වෙන්නෙ දවසින් දවස. ඉතින් පාන් භාගයක් ගන්නත් හිඟන්න පහක් දෙන එවුන් හත් දෙනෙක් ළගට යන්න ඕනි. ඉතින් ඒ හත් දෙනාගෙනුත් පස් දෙනෙක් විතර ශතයක්වත් දෙන්නෙ නෑ. ඉතින් අඩුම ගාණෙ 15 ක් ළඟටවත් යන්න වෙයි. ඊට පස්සෙ පාන් භාගෙ නිකන් ගිලින්නද?
    හිඟා කාල පළපුරුද්දෙන් කියන්නෙ. :))

    ReplyDelete
  7. අය්යෝ දුන්නත් බැනුම්. නොදුන්නත් බැනුම්.
    මේක මොකක්ද අර බස් එකේ කියන කවි නෙව කවි.

    ...අනේ . ඉතින් සුදු මැනිකෙත්.10ක්.. මට. පිනට දුන්නෙ..
    හොරෙන් බලන සුදු අය්යත් මැනිකෙ ලගට කිට්ටු වෙන්නෙ..



    මට පනින්න හිතුනා බස් එකෙන් එලියට... හික්ස්

    ReplyDelete
  8. ටැෆික් ලයිට් ලඟ හිඟා කෑම තමයි දැන් ටෙන්ඩ් එක ... අනික ඒවා බූක්තියට ලියං ඉන්නේ ...
    [අපිටවත් චැන්ස් එකක් දෙන්නේ නැ හැ උන්]

    ReplyDelete
  9. අපෝ මම නම් දැන් දෙන්නේ නෑ පව් කියලා දෙන්න ගිහින් බැනුම් අහගන්නේ මොකටද?

    ReplyDelete
  10. දැන් කාලේ හිඟන්නොත් මොඩ් වෙලා... දැන් වෙන වෙන අපූරු විදියට හිඟාකනවා..

    ReplyDelete
  11. උගෙ අම්මට පින් දෙනව මම නම් එවෙලෙම ඇයි යකෝ පහ හරි අපි හම්බ කොරපු එක නේ...

    ReplyDelete
  12. ``` Outsider``` : මරුවට තියෙයි! අත අල්ලන අල්ලන උන්ට පාන් කන්න සල්ලි දෙන්න ගියොත්. අපිත් අමාරුවෙන් හම්බකරගෙන ජීවත් වෙන මිනිස්සුනොවැ. සමහර විට ඔය හිඟාකන හිඟාකෑමට උන් අපිට වඩා පොහොසත් ඇති.

    -----------------------------------------------------------------------------------------------------------------------

    Gimhani : මිනිහා ඇත්ත කියන්න ඇත්තේ :))

    -----------------------------------------------------------------------------------------------------------------------

    වැප්: ආයෙත් අහලා... අපිට චාන්ස් ගන්න අලුතෙන් ටැෆික් ලයිට් හයි කොරන තැනකට වෙලා බලං ඉන්න වෙනවා. ඒත් සුවර් නෑ!

    -----------------------------------------------------------------------------------------------------------------------

    හසී : ඒක තමයි හොඳම වැඩේ....

    -----------------------------------------------------------------------------------------------------------------------

    sameerausa: මොඩ් බැරිනම් ඕන එකක්. මුන්ට දුන්නාමත් බණින එකනේ අවුල :-?

    -----------------------------------------------------------------------------------------------------------------------

    indi : වෙන තැනකනම් දත් ටිකත් බඩට යවන්න තිබ්බා. කොහෙද මුන් ඉන්නේ ට්‍රැෆික් ලයිට් ළඟනේ. ඒ නිසාම තමයි බය නැතුව ඔහොම බණින්නෙත්. උන්ට සල්ලි දෙන අපි තමයි වැරදි

    ReplyDelete
  13. මාර හිඟන්නොනේ ඔහෙ ඉන්නේ. මෙහේ නම් හිඟන්නෝ දකින්ට නෑ. ඒ උනත් නිවාඩු දවස්වල ෂොපින් සෙන්ටර්ස් ඉස්සරහා ගිටර් ගහලා සින්දු කියලා සල්ලි එකතු කරන අය ඉන්නවා. ලංකාවේ විරිදු කියනවා වගේ තමා.

    හැබෑටම පූසා මලයෝ අර උඩ පින්තූරේ ඉන්නේ ඒ හිඟන්නාද? නැත්නම් වෙනත් හිඟන්නෙක්ද?

    ReplyDelete
  14. මටත් ඕකම වුනා රුපියල් දෙකක් දීල . ඕව එච්චර හිතන්න එපා . හැබැයි මේක කියවල හිඟන්නෝ හදෙය් සමහර විට . [හිගන්නෝ බ්ලොග් කියවන්නේ නැහැ කියල ඔප්පු කරන්න බැහැනේ

    ReplyDelete
  15. ඔහොම හිගන්නෝනම ඕන තරම් ඉන්නවා.. සල්ලි දුන්නමත් බැන බැන යන..

    ReplyDelete
  16. ඕකට ගැහුවා නම් තව හිඟන්නෝ 1000 ක් එයි, පූසට ගහන්න.. ඔය හිඟන්නෝ කියන්නේ තනි මිනිස්සු නෙවේ.. ලොකු සංවිධාන..මූලිකම අරමුණ හිඟා කන එකම නෙවේ සමහර උන්ගේ..

    ReplyDelete
  17. මීට පස්සෙ පූසො අරන් යන්න 10 කොලවත් නැත්නම් වැඩේ චකල් වෙනව

    ReplyDelete
  18. හිඟන්නෝද මනුෂ්‍යයෝය....

    ReplyDelete
  19. ඌට දෙන්න තිබ්බා පහ වෙන්න ..බලහං ඉතින් අදකාලේ හිඟන්නන්ගෙත් මාර ලොකු ටෝක් තමයි තියෙන්නේ .

    කවි ටික පට්ටයි

    ReplyDelete
  20. Podi Kumarihami: ඒ ගිටාර් ගහලා සිංදු කියන අය හිඟන්නෝ නෙමෙයිනේ අක්කේ. එයාල්කා තමන්ගේ ගැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නනේ හදන්නේ. අපිට හිතුනොත්නේ අපි එයාලට කීයක්හරි දෙන්නේ. ඒකට මෙහේ! බලන් වගේ ඉල්ලන්නේ ඔය පේනවනේ දුන්නාම කියන කතා.
    නෑ නෑ ඕක මම ගත්තු පොටෝ එකක් නෙමෙයි. ඔය යටින් පුංචි අකුරෙන් තියෙන්නේ පොටෝ එක ගත්තු තැන.

    -----------------------------------------------------------------------------------------------------------------------

    Bindi : හිඟන්නෝ බ්ලොග් කියවනවත් ඇති. උන් අපි වගේ නෙමෙයි හෙන සල්ලි කාරයෝ. නැත්තම් 5ක් දුන්නාම අරහෙම කියයියැ

    -----------------------------------------------------------------------------------------------------------------------

    Dinesh : ඒකෙන් වෙන්නේ අපිට එකෙක්ටවත් සල්ලි දෙන්න හිතෙන්නේ නැති වෙන එකයි.

    -----------------------------------------------------------------------------------------------------------------------

    රවින් : එක ඇත්ත. ඇරත් ට්‍රැෆික් ලයිට් වලට වාහනේ නැවතිලා තියනකොටනේ. වාහනෙන් බහින්නත් බෑනේ.

    -----------------------------------------------------------------------------------------------------------------------

    සංජු : 10ක රටකජු කනවා ආයේ දෙන්නේ නෑ එකෙක්ටවත්!

    -----------------------------------------------------------------------------------------------------------------------

    Observer : මුන් මනුස්සයෝ නෙමෙයි අමුනුස්සයෝ. නැත්තම් දුන්නු එකට කුණුහරුපෙන් බණීයැ

    -----------------------------------------------------------------------------------------------------------------------

    හිස් අහස : කොහෙද බං ට්‍රැෆික් ලයිට් වලට සෙට් වුනු වෙලාවනේ. වාහනෙන් බහින්නත් බෑ.

    ReplyDelete
  21. මේ කාලෙ හිගන්නො එහෙම තමා. :))

    ReplyDelete
  22. හිඟන්නෙක් ඇත්තටම සතුටු වෙන්නෙ අවම වශයෙන් රු20 ක් වත් දුන්නොත් විතරයි. නැත්තං ඕවා තමයි අහන්න වෙන්නෙ...

    ReplyDelete
  23. මමත් තාම මගපල ලබලා නැති හින්දා ඕවට යකා නගිනවා. හිත සතුටෙන් දෙන්නට පුළුවන් කෙනෙකුව තෝරා බේරා දෙන එක තමයි හොඳම. විශේෂයෙන් ඔය සඥ්ඥා පුවරු ළඟ ඉන්නෙනම් බිස්නස් කාක්කො.

    ReplyDelete
  24. අනේද කියන්නෙ මෙහෙමත් ගිඟන්නො X(
    ඩබල් ටිං වෙන්න කියලා හොම්බ හරහට යන්න දෙන්න තිබ්බෙ පූසෝ :-/

    හිඟන්නො කියලා සමහර උන් කෙරන්නෙ මහා ෆට්ට ෆල් බොරු අනේ..උන්ට සිගරැට් එක ගහන්නයි,සැර බීම බෝතලයක් බොන්නයි සල්ලි හොයා ගන්න ඕන උනාම එනෝ මෙතන හිඟා කන්න.ගොඩක් උන් එහෙමයි.හරි හිඟන්නා නම් ඌට කීය දුන්නත් අව්ලක් නැහිව අරන් යයි.

    ReplyDelete
  25. දකින දකින හැම එකාටම හැම දේම දෙන්න එපා කියන්නේ ඕක තමයි :ar!

    ReplyDelete
  26. හපොයි අපොයි හිගන්නන්ට ගිය කල..
    අනේ කාලේ වනේ වාසේ කිව්වලු.. #:-S හෙහ්..

    ReplyDelete
  27. සීතල අයියා : මේ කාලේ හිඟන්නන්ට ආයෙනම් සල්ලි දෙන්නේ නෑ

    -----------------------------------------------------------------------------------------------------------------------

    තාරා : හිඟන්නෙක්ට එච්චර දෙන්න? මේවා ඇහුවාම මටත් හිඟාකන්න යන්න හිතෙනවා 8-|

    -----------------------------------------------------------------------------------------------------------------------

    නලිනි චන්දිමා : ඔව් ඔව් සංඥා පුවරු ළඟ ඉන්න උන් තමයි කීයක් හරි දුන්නම ඔය වගේ කතා කියන්නේ. උන් දන්නවනේ වාහනෙන් බැහැලා එන්නේ නෑ කියලා.

    -----------------------------------------------------------------------------------------------------------------------

    ටිං Tin : ඇත්ත ඇත්ත ගොඩක් උන් කුඩු කාරයෝ X(

    -----------------------------------------------------------------------------------------------------------------------

    malee_msg : දකින දකින් එකාට හැම දේම දෙන්න ගියේ නෑ අනේ. හිඟන්නා ගැන අනුකම්පා හිතිලනේ දුන්නේ. ඒ දීලත් මදැයි අහගත්තා :(

    -----------------------------------------------------------------------------------------------------------------------

    හිම කුමාරි : ඔව් අනේ මහ පුදුම එවුන් දැන් ඉන්නේ!

    ReplyDelete
  28. ~X( හැක් හැක්.... හොදවෙලාවට 5ක් දුන්නෙ කියල හිත හදාගනින් බං. ඔකුන්ට 10ක් දුන්නත් වෙන්නෙ ඔය ටිකමයි.

    ReplyDelete
  29. සල්ලි දුන්නොත් අමා මහ නිවන් සම්පත්තිය. නුදුන්නොත් තොපෙ අම්මට..........

    ReplyDelete
  30. චාල්ස් ඩිකන්ස් කාලේ ඉඳන් අද වෙනකම් ඉන්න ජාතියක්! මෙහෙ නම් හිඟන අයට වෙබ් අඩවි,අයි ෆෝන් හිටන් තියනවා. www.homelssvoice.org www.streetsense.org
    රුපියල් පහකට වඩා දෙන්න වෙයි!!

    ReplyDelete
  31. සුළඟිල්ල | pinkie : ඒකත ඇත්ත!

    -----------------------------------------------------------------------------------------------------------------------

    පිණිබිඳු... : =)) අක්කටත් වුනාද මේ වගේ වැඩක්?

    -----------------------------------------------------------------------------------------------------------------------

    arunishapiro : මම හිතන්නේ මේ පැත්තේ කමෙන්ට් කරපු පළවෙනි වතාව. බොහොම සතුටුයි මේ පැත්තට ඇවිත් ගියාට :)
    එතකොට හිඟන්නෝ එක්දාස් අටසිය ගණන් වලට කලින් හිටියේ නැද්ද? මම හිතන් හිටියේ ඉස්සර රජ කාලේ ඉදන්ම කට්ටිය ඉන්න ඇති කියලා.
    අප්පේ අපේ ගිඟන්නන්ටත් වෙබ් සයිට් නැති වුනාට අයි ෆෝන් නම් ඇති. මම කිව්වේ හොරකම් කරන එව්වා :))

    ReplyDelete
  32. ඇත්තෙන්ම දෙන්න නරකයි රුපියලක්වත්

    අපි අනේ අපොයි කියලා දෙන හින්ඳා තමයි පොරවල් නිකම් ඉඳන් කන්න ලෑස්ති වෙලා ඉන්නේ.

    අනික මිනිස්සුන්ගේ කතිරෙන් නායකයෝ වෙච්චි උන්ට බඩු මිල අහස උසට නග්ගලා කතිර ගහපු උන් හිඟන්නෝ කරනවා . . .

    ඒ හිඟන්නෝම උන්ට ආපහු ආපහු හුරේ දානවා . . .

    එහෙව් උන් ගැන කතිර ගත්තු නායකයන්ට නැති කැක්කුමක් අපි මොකට අර ගන්නවාද?

    දෙන්න නරකයි රුපියලක්වත්

    ReplyDelete
  33. දෙන දේ හිත හොඳින් දීලා අහක බලාගෙන අපේ ගමන යන එක තමා කරන්න තියෙන්නෙ ....

    ReplyDelete
  34. ඉඳල හිටල බස් එකේදි හිතුණාම
    දෙනවා මමත් රුපියල් දහයක් එහෙම
    ඒත් ඉතිං ඉල්ලන හැම උන්දැටම
    දෙන්නට නොහැක මම ජීවත් වෙනු කෝම

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...