Thursday, July 7, 2011

මදුරුවෝ මොන රහද දන්නවද???



දිනක් මහා රාත්‍රියේ
මැච් එකක් බැලුවනේ
පරදින ලකුණු දිස්වුනේ
නිදිමතකි මට පැමිණුනේ

හිඳි තැනින් නැඟිටුනේ
අත් දෙපසට විහිදුනේ
කටත් හැකිතාක් අරිමිනේ
හොඳ හුස්මක් ගත්තනේ

ඕං ඔය වෙලාවේ
මහා විපතකි සිදුවුනේ
මදුරුවෙකි පැමිණුනේ
ඌට බ්‍රේක් නොතිබුණේ

මදුරුවා උගුරේ හිරවුනේ
හිස්ම මඟ නැවතුනේ
දෙතුන් වරක් කැස්සනේ
නෑනේ ඌ පැමිණුනේ

දන්න ශිල්ප දැම්මනේ
හැකිතාක් කැස්සනේ
කාරලත් බැලුවනේ
යළි කටින් නොඑන්නේ

මළ කෙලියකි සිදුවුනේ
මොකද දැන් කරන්නේ
මම මදක් සිතුවනේ
අදහසක් ආවානේ

කුමට මම තැවෙන්නේ
කටින් උගුරට ගියානේ
තවත් ඇතුලට ගියාවේ
බඩට නොවැ වැටෙන්නේ

කුස්සියට මම දිව්වනේ
කෝප්පයක් වතුර බිව්වනේ
මදුරුවා බඩට වැටුනනේ
දැන් කිසිත් නැත දැන්නේ



[පින්තූරෙ-http://www.istockphoto.com/file_thumbview_approve/15926201/2/istockphoto_15926201-cartoon-mosquito.jpg]

45 comments:

  1. ඒ මදුරුවාට අමා මහ නිවන් සුව ලැබේවා. සංසාරේ කෙදිනකවත් මෙවන් අකල් මරණ නොලැබේවා.

    ReplyDelete
  2. ඊයා බං... දවසක් මම ස්කූල් වෑන් එකේ එද්දී දිමියෙක් වැටුනා බං කටට. ඌ නම් මගේ දිව හැපුවත් එක්ක. ඈඹුල්ම ඇඹුල් රහයි....

    ReplyDelete
  3. ගෙදර බල්ලගෙ ලේ බීල හිටපු එකෙක් වෙන්නත් පුළුවන්

    ReplyDelete
  4. ඇට තියනවා කියලයැ :P :P

    ReplyDelete
  5. ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයා..........................

    ReplyDelete
  6. මදුරුවා මොන රහද අයියේ ??? ඕවා නම් මොනාද අපේ නන්දගේ පොඩි එකා හකරැල්ලෙක් මැගී නුඩ්ලස් කනව වගේ කෑවේ. ඊක්..... ඩිස්ගස්ටින් !!!!!! :)

    ReplyDelete
  7. පූසා හින්දම හොඳයි. :))

    ReplyDelete
  8. හික්ස් මීට පස්සේ වැඩිය කට අරින්න එපා ඕන්. කරපොත්තෙක් එහෙම රින්ගුවොත් මොකෑ කොරන්නේ.
    මෑච් එක දින්නනම් ඔය අකරතෑබ්බෙ වෙන්නේ නෑනේ.

    ReplyDelete
  9. ඉකේයියා.................... :-O :-a ^#(^

    ReplyDelete
  10. වැරදිමකින් නිසා කමක් නෑ. අනික් පාර කන කොට කපල කන්න. නැතන්ම් දිරවන්ට ගොඩක් වෙලා යනවා...

    ReplyDelete
  11. මදුරුවා මොන රහයිද අයියේ?? අනේ බ්රේක් නති මදුරුවෙකුට උන දෙයක්.. හොද වෙලාවට පූසගේ හුස්ම හිර් උනේ නැත්තේ.... :)

    ReplyDelete
  12. පව් බං මදුරුවා...

    ReplyDelete
  13. =P~ ඊයා... කමක් නෑ කෙලින්ම උගුරට ගියාම මොන රහක්ද අනේ.. ටිකක් හපලා බලන්න එපාය මොන වගේ රහක්ද එන්නේ කියලා. මම නම් හිතන්නේ ටිකක් විතර මලකඩ රහ එක්ක ඇත්තේ...

    ReplyDelete
  14. ඔය විදියට ගිලින්න පුරුදු වුනා නම් මදුරු කොයිල් ඕන නැහැනේ

    ReplyDelete
  15. වෙලාවට මදුරුවා උනේ.. කැරපොත්තෙක් වගේ උනා නම් ? :D

    ReplyDelete
  16. @ ඇනෝ : බල්ලා මොකද පූශා මොකද

    ReplyDelete
  17. අනේ අසරණ මදුරු තඩියා :D

    ReplyDelete
  18. මදුරුව මැරෙන්න ඇත්තේ ගඳ ඉවසන්න බැරුව වෙන්න ඕනේ :))

    ReplyDelete
  19. මදුරුවාගේ අවසානේ
    එහෙම කැතවේයැයි නම් දන්නේ
    වෙන කිසිත් නොකරන්නේ
    බ්‍රේක් හදා ගන්නේ... =))

    ReplyDelete
  20. මොනවා උනත් මදුරු ගෑණු සතෙක් තමයි ඔය රහ බලලා තියෙන්නෙ. ඇයි ඉතින් පිරිමි මදුරුවො ලේ උරා බොන් නෑ නොවැ!

    ReplyDelete
  21. පව් බං මදුරුවා.......

    සිරාවට මොන රහද බං ඌ?

    ReplyDelete
  22. එල කිරි.. මදුරුවා රහ බලන්න වෙලා නෑනේ බං...

    ReplyDelete
  23. දතින් නොහැපුණු නිසා
    දිවේ නොගෑවුණ නිසා
    රස කිමැයි නොදනිතත්
    කෑවනේ මදුරු මස්.. :D

    ReplyDelete
  24. හැක් හැක් ශ්‍රී ලංකාව මැච් එක පැරදීමේ දුකට පූසා මදුරුවෝ කයි.....

    ReplyDelete
  25. මම හිතන්නෙ ඊලග දවසෙ ටොයිලට් වලේ ඉන්න ඇති. :))

    ReplyDelete
  26. අනේ ඉතින් රස කොහොමද මදුරුවාගේ..?

    ReplyDelete
  27. බඩේ ඇසිඩ් වලට ඒකා දාලා පිච්චිලා යන්ඩ ඇති අප්පේ පව්.

    ReplyDelete
  28. පිණිබිඳු... : සාධු සාධු සාධු! :D

    ----------------------------------------------------------------------------------------------------------

    prasanna86k : අපෝ චීයා උඹ මහා ජරා සතෙක්වනේ කාලා තියෙන්නේ. ඒ වගේද බං මදුරුවා :D

    ----------------------------------------------------------------------------------------------------------

    Ano1 : ඔව් ඔව් සම්හර විට වෙන්න පුළුවන්! හැබැයි අපේ ගෙදර බල්ලගේ වෙන්න බෑ මොකද අපේ ගෙදර බල්ලෙක් නෑ :D

    ----------------------------------------------------------------------------------------------------------

    මදුශාන් : ආ ආ උඹත් කාලා තියන පාටයි :))

    ----------------------------------------------------------------------------------------------------------

    තාරා : ඇයි අනේ ඊයා කියන්නේ? මදුරුවෙක්නේ :D

    ReplyDelete
  29. මධුරංග : මදුරුවගේ රහ දැනගන්න වෙන්නේ මම දාන අන්තිම කමෙන්ට් එකෙන්. ඩිස්ගස්ටින් වෙන්නේ කොහොමද ඒ හැකරැල්ලෙක් නේ :))

    ----------------------------------------------------------------------------------------------------------

    ``` Outsider``` : ආයෙත් අහලා :D

    ----------------------------------------------------------------------------------------------------------

    Gimhani : කැරපොත්තෙක් රිංගුවත් ඉතිං මොනවා කරන්නද? වතුර වීදුරුවක් බීලා කවියක් ලියනවා :)) ඔව් අෆ්ෆා මැච් එක දින්නනම් මේ මුකුත් නෑ

    ----------------------------------------------------------------------------------------------------------

    හසී : ඇයි අනේ ඉකේයියා කියන්නේ මම ඕනකමින් ගිල්ලා වගේනේ :D

    ----------------------------------------------------------------------------------------------------------

    සුළඟිල්ල | pinkie : ආ උඹ එහෙමද කන්නේ :))

    ReplyDelete
  30. මචං ඩෙගු මදුරුවෙක්ද බරවා මදුරුවෙක්ද ? ඔය බඩට ගිය මදුරුවා . අභ්‍යන්තර අවයවයකට ඇන්නොත් තමා තේරෙන්නේ .

    මදුරු කොයිල් කෑල්ලක් කාලා වතුර බීවනම් තමා හරි

    ReplyDelete
  31. Dinesh : අන්තිම කමෙන්ටුවෙන් කියනවා මොන රහද කියලා :) ඔව් හොඳ වෙලාවට හුස්ම හිරවුනේ නෑ. නැත්තම් කවි ලියලා හමාරයි :D

    ----------------------------------------------------------------------------------------------------------

    පුතා : ඔව් බං මටත් මාරම දුකයි :((

    ----------------------------------------------------------------------------------------------------------

    ප්‍රාර්ථනා1: රහ කියනවා අන්තිම කමෙන්ට් එකෙන්. ආ ඔයාට දැනුනේ මළකඩ රහක්ද? =))

    ----------------------------------------------------------------------------------------------------------

    Bindi : ඒ වුනාට ඒකා තාමත් උගුරේ ඉන්නවා වගේ දැනෙන්නේ. මදුරු කොයිල් කෑල්ලකුත් කෑවනම් හරියයි නේ? :))

    ----------------------------------------------------------------------------------------------------------

    Bunny : ඒත් ඔයවගේම තමයි බං. කුස්සියට දිව්වා වතුර වීදුරුවක් බිව්වා ආවා කවියක් ලිව්වා :))

    ----------------------------------------------------------------------------------------------------------

    ශානු : බල්ලා වගේද බොල පූසා? :D

    ----------------------------------------------------------------------------------------------------------

    Ano2: මේං කවුදෝ ඇනෝ ඇවිත් මොනවදෝ කියලා ගිහින් :))

    ----------------------------------------------------------------------------------------------------------

    ChammA : මටත් දුකේ බෑ :))

    ----------------------------------------------------------------------------------------------------------

    අඳුරෙන් එළියට : ආ එහෙමද? කවුද මදුරුවාද කිව්වේ? :D

    ----------------------------------------------------------------------------------------------------------

    මන්තරකාරි : ඒකනේ......... :))

    ReplyDelete
  32. විසිතුරු : බොහොම හොඳ නිගමනයක්! :D

    ----------------------------------------------------------------------------------------------------------

    මකුළුවා..... : මටත් දුකයි :(
    අන්තිම කමෙන්ට් එකෙන් රස කියනවා :D

    ----------------------------------------------------------------------------------------------------------

    ආගන්තුකයා | Stranger : එහෙනම් වෙලාවට ට්‍රයි කරලා බැලුවනම් :D

    ----------------------------------------------------------------------------------------------------------

    hare :-) : ආං උඹට විතරයි තේරුණේ..... :)

    ----------------------------------------------------------------------------------------------------------

    කිඩෝ : දුක නැද්ද බං පරදිනකොට :(

    ----------------------------------------------------------------------------------------------------------

    සීතල අයියා : කියන්න බෑ... මම දැක්කේ නෑ බං :))

    ----------------------------------------------------------------------------------------------------------

    ප්‍රාර්ථනා : අන්තිම කමෙන්ටුවෙන් කියනවා :)

    ----------------------------------------------------------------------------------------------------------

    ගලායන ජීවිතය : පිච්චිලා ගියාද තම ඉන්නවද මන්දා අෆ්ෆා :(

    ----------------------------------------------------------------------------------------------------------

    හිස් අහස : අනේ බං ඌ කාගේ කවුදවත් නොකියා බටට ගියේ බං. හැබෑට ඇතුලේ එකකට ඇන්නොත්. හිටපං මේ දැන්මම ස්ටෑන්ට් එක පිටින්ම මදුරු කොයිල් එකක් ගිලිනවා

    ReplyDelete
  33. කලින් කමෙන්ටු වල සඳහන් කළ අවසාන කමෙන්ටුව
    මේක හරියට කියවලා තියෙන්නේ බොහෝම ටික දෙනෙක් විතරයි වගේ. කතාවට මාතෘකාවත් ඇතුලත්. බලන්න මම මාතෘකාවෙන් ඔයාලගෙන් ඇහුවේ මදුරුවෝ මොන රහද දන්නවද කියලා. එහෙම ඇහුවේ මට මදුරුවාගේ රහක් දැනුනේ නැති නිසා. ඇයි ඌ එක පාරටම උගුරටමනේ ගියේ :-bd

    ReplyDelete
  34. අනේ...මෙහෙම කරුමක්කාර මදුරුවෙක්.... :((( :(

    ReplyDelete
  35. හික් හික් !!!!! මදුරුවෙක් ගිල්ල දාට රහ කියන්නංකො බං.

    ReplyDelete
  36. හරියටම මැල්ලුම් කොල රහයි...:)

    ReplyDelete
  37. මදුරුවන්ගෙ ලෝකෙ නිව්ස් එක: පසුගියදා රාත්‍රියේ බළල් බොක්කේ ඇති වූ හදිසි පීඩන අවපාතයක් නිසා එතුළට ඇදී ගිය මදුරුපාල ඩෙංගුගේ මහතා අභාවප්‍රාප්ත විය. සිරුර තවමත් සොයා ගත නොහැක.

    ReplyDelete
  38. මම උඹට හැමදාම කියනවා කට ඇරං ඉන්න එපා කියලා........ :ar!

    ReplyDelete
  39. anith dawase wathura jogguwak laga thiyagenama hitapan.mokada uba kussiyata yana welawe thawa maduruwek awoth uw miss wenawane 8-7

    ReplyDelete
  40. යකෝ අපි හිතුවෙ පූසො අල්ලන්නෙ මීයො කියල බැලින්නම් මුන් මදුරුවොත් අල්ලනවනේ

    ReplyDelete
  41. මටත් ඔහොම මදුරුවෙක් උගුරෙ ගියා. හැබැයි කාරල කාරල එලියට ගත්ත.
    මදුරුවෝ මෙලෝ රහක් නෑ.

    ReplyDelete
  42. meka kage nirmanayak da??? umbeda... ehema nathnan fmderana.lk (http://www.fmderana.lk/blog/?p=15465) unngeda???? meka ungenan umba credit eka deela nahe... meka umbenan unn credit eka della nahe... meka degollagema nirmanayak neweida?????

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං පෙන්නුවට. මේක මගේ නිර්මාණයක්. උනේ ඒක ලින්ක් එකක්වත් නොදා කොපි පේස්ට් කරලා! වැදගත් වෙබ් අඩවියක් විදිහට උන් කරලා තියෙන වැඩේ වැරදියි!

      Delete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...