ඌ ෆේස්බුක් එකේ ලින්ක් එකක් ක්ලික් කළා. කවුදෝ ශෙයාර් කරලා තිබ්බ එකක්. ඒ මීට අවුරුදු තුනකටත් කලින්. ඒ ලින්ක් එකෙන් ඇරුනු වෙබ් පිටුව ඌට තාමත් මතකයි. කළුපාට බැක්ග්‍රවුන්ඩ් එකේ සුදුපාට අකුරු. ලස්සන හෙඩර් එකක්. ඒකෙ මෙහෙම ලියලා තිබ්බා "ටොපිය, හරිහමන් හැඩයක් නැතිවුනාට රහ තීරණය කරන්නෙපා සූප්පලා මිසක්". ඌ කියවගෙන ගියා. මුළු බ්ලොග් එකම. ඌ කියවීමට යම් තරමක කැමැත්තක් තිබ්බ එකෙක් වීමටත් වඩා ඒ ලිපි වල සිත් ඇදගන්න සුළු ගතිය ඒකට හේතු වෙන්න ඇති. එදා ඉඳං ඌ ඒ බ්ලොග් එකේ(ඔය බ්ලොග් එක ළඟක් වෙනකම් ඔතන තිබ්බා) වැටෙන ලිපි පස්සේ පන්නන එකෙක් උනා. අන්තර්ජාලේ අකුරු කුරුටු ගාන එකත් මාර ආතල් වැඩක් කියලා හිතුනා. ටික කාලෙකින් ඌත් බ්ලොග් එකක් අටවා ගත්තා ඒ හරියටම 2009 නොවැම්බර් මාසේ. එකම එක පෝස්ට් එකකුත් දැම්මා. ඒකට ටොපියේ අයිතිකාරයත් කමෙන්ට් එකක් දැම්මා. ඒත් ඒ එක පෝස්‍ට් එකෙන්ම උගේ බ්ලොග් ලිවිල්ල නතර උනා. ඌට මොනවා ලියන්නද කියලා හිතාගන්න බැරි වුණු හන්දා. ඒත් ඌ කියවිල්ල අතෑරියේ නෑ. ඌ තව තව බ්ලොග් හොය හොයා කියවන්න ගත්තා.
කාලය ගෙවිලා ගියා. ඌ ආදර දැලේ පැටලුනා. ඒ හින්දම ඌ ආයෙත් බ්ලොග් එකක් පටං ගත්තා. අලුත් බ්ලොග් එකේ ඌ උගේ පළවෙනි පෝස්ට් එක දානවා 2010 සැප්තැම්බරේ. එදා ඉදං ඒ ආදර දැලෙන් ගැලවෙනකම්ම ඌ කවි ලිව්වා. කතා ලිව්වා. අන්න ඒ නිසයි ඌ තාමත් කියන්නේ, ආදරේ කියන්නේ ජීවිතේට කවි නොලියපු උන්ව කවි කාරයෝ කරපු දෙයක් කියලා. ආදර දැලෙන් ගැලවුණු ඌට ඉතිරි උනේ වැඩකට නැති කවි කතා ටිකක් එක්ක බ්ලොග් එකක්. ඌ පරණ පෝස්ට් ගලවලා දාන්නත් කල්පනා කළා. අතීතයේ අසුන්දර සිද්ධිවල මතකයන් සුන්දරයි. ඌ පරණ පෝස්ට් නොගලවන්න තීරණය කළා.
ඌ බ්ලොග් ඉතිහාසයේ දෙවෙනි සුහද හමුවේ ඉඳන් සෑම සුහද හමුවකටම වගේ සහභාගී උනා. ඒ දේවල් නිසාම මේ අඟල් කීපයක පුංචි කොටුව ඇතුලේ හිර වෙච්චි අදහස් වලින් මිතුරුන් වෙලා හිටි උදවියව හැබෑ ලෝකේ මිතුරන් බවට පත් උනා. තමන් දරණ අදහස් වලට තරමක් හෝ සමාන අදහස් දරණ මිතුරු මිතුරියන් ඌට හමුවුණා, තමන්ගේ අදහස් වලට හාත්පසින්ම විරුද්ධ අදහස් දරණ මිතුරු මිතුරියනුත් හමුවුණා. මේ බ්ලොග් ලිවිල්ලට ඌ තාමත් ආස ඒ විවිධත්වය නිසා වෙන්න ඇති. ඔය අස්සේ "ඔහෙම ලියන්න එපා කැතයි. ඕකම මෙහෙම ලිව්වැකි. එතකොට ලස්සනයි" වගේ ගොං ආතල් දෙන්න ආපු ඈයොත් හිටියා. පොඩි වෙනසකටත් එක්ක උනුත් ඉන්න ඕනේ. නැත්තම් එකම විදිහට හැමදාම ගියාමත් කම්මැලි හිතෙන්න පුළුවං. ඌ හිතා ගත්තා.
එදා ඌ බ්ලොග් එක පටං ගනිද්දී ලියුපු දේවල් සහ අද ඌ ලියන දේවල් ගත්තාම පැහැදිලි වෙනසක් ඌටම දැනෙනවා. වෙලාවට ඉස්සර ලියපු ලිපි කියෙව්වම ඌටම ලැජ්ජා හිතෙනවා. මේ ඌ ලියපුවාමද කියලා හිතෙනවා. ඒ අතරේ උගේ ඉස්සර ලිපි කියවලා කමෙන්ට් කරපු සමහර අය, අද පැත්ත පලාතේ නොඑන බවත් ඌ දන්නවා. ඒ එදා සහ අද වෙලා තියෙන වෙනස නිසා වෙන්න ඇති. කියෙව්වාම කොච්ච්ර ලැජ්ජා හිතුනත් පරණ ලිපි නොගලවා ඉන්න ඌට ලොකු හේතුවක් පෙනුනා. එදා සහ අද ගත්තාම උගේ අදහස් කොච්චර නම් පරිණාමය වෙලාද කියලා ඌට පෙනුනේ ඌ ලියපු බ්ලොග් ලිපි වලින්. ඒ දිහා බලන කෙනෙක්ට ඒ වෙනස හොඳයි කියන්නත් පුළුවං නරකයි කියන්නත් පුළුවං. කවුරු මොනවා කිව්වත් උගේ දැන් විදිට ඌට හොඳයි කියලා හිතුනා.
අවුරුදු දෙකකටත් වැඩි කාලයක් තිස්සේ අකුරු කෙටුව ඌ දැන් අකුරු කරමින් ඉන්නේ උගේ සියවෙනි පෝස්ට් එකයි. සියය කියන්නේ මහාලොකු ඉලක්කමක් නෙමෙයි අවුරුදු දෙකක් කියන්නේ මහාලොකු කාලයකුත් නෙමෙයි. නමුත් අවුරුදු දෙකක් සහ ලිපි සියයක් කියන්නේ ඌට වෙනම පෝස්ට් එකක් ලියන්න තරම් දෙයක්! ඒ ඌට සාපේක්ෂව. ඌ ලිවීමට (හෝ මැලවීමට) කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් දැන් ඌ කතන්දර එක බ්ලොග් එකකත්, කවි(ද මන්දා) වෙන බ්ලොග් එකකත් ලියන අතරෙම ඌ කියවන පොත්වල හිත ඇදිලා ගිය කොටසක් එහෙමත් නැත්තම් පොත ගැන අදහසක් වෙන බ්ලොග් එකකත් ලියනවා. ඒ එක්කම ඌ සියයටත් කතා සෑහෙන ප්‍රමාණයක් ලියලා.
විශේෂම දේ නම්, ඌ ලියන ඉලව් කියවන පිරිසක් සහ ඒ කියවන පිරිස අතරින් අදහසක් දාලා යන කීප දෙනෙක් සිටීමයි. ඒ දෙපිරිස නොහිටින්න ඌ මේ කරුමාන්තේ මෙච්චර කල් කරගෙන නොයන විත්තිය ඌ දන්නවා. ඒකයි ඌ ඒ කට්ටියට කියන්නේ "උඹලට ස්තූතියි!" කියලා. බ්ලොග් එක පටන් ගත්තු අලුත කාලයක් තිබ්බා හිට්ස්, කමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා වැඩි වෙනකොට උගේ හිතට සතුටක් දැනුනු. ඒත් දැන්නම් එහෙම කියන්න තරම් මහා සතුටක් ඌට දැනෙන්නේ නෑ. හැබැයි උගේ නිර්මාණයක් ගැන විවේචනයක් දකින්න ඌ කැමතියි.
මේ බ්ලොග් ලිවිල්ලට ඌ ආසයි. බ්ලොග් ලිවිල්ලෙං මුණගැහුනු අපූරු යහළු යෙහෙළියන්ට ඌ කැමතියි. මේ බ්ලොග් ලිවිල්ල නිසාම මුණ ගැහිච්ච සමහර උන් දැන් උගේ හොඳම යාළුවෝ වෙලා. ශොට් එකක් දාලා කරට අත දාගෙන සින්දුවක් කියන්න තරමටම ලං වෙච්චි යාළුවෝ වෙලා. ඌ පුළුවන් තරම් කාලයක් බ්ලොග් ලියන්න තීරණය කරලා ඉවරයි. පුළුවන් තරම් කාලය කියන එක හෙට උනත් ඉවර වෙන්න පුළුවන්. හරියට ඌට බ්ලොග් ලියන්න සිතුවිල්ලක් පහල වෙන්න හේතු වෙච්චි ටොපිය බ්ලොග් එකේ අයිතිකාරයා ඒක වහලා දැම්මා වගේ. බ්ලොග් වහන්නත් වැහෙන්නත් හේතු තියෙනවා. ඒ හේතු අද ඇති වෙන්නත් පුළුවං හෙට ඇති වෙන්නත් පුළුවං. හෙට ගොඩාක් දුර වෙන්නත් පුළුවං. අවසානයේ මේ බ්ලොග් කරුමාන්තේ පටං ගන්න යන කවුරු හරි ඉන්නවනං ඌට දෙන්න තියෙන්නේ එකම එක උපදෙසයි..... "පරිස්සමෙන්! ඇබ්බැහි වෙයි!"
ප.ලි :
මේ බ්ලොග් ලිවිල්ලට ඌ ආසයි. බ්ලොග් ලිවිල්ලෙං මුණගැහුනු අපූරු යහළු යෙහෙළියන්ට ඌ කැමතියි. මේ බ්ලොග් ලිවිල්ල නිසාම මුණ ගැහිච්ච සමහර උන් දැන් උගේ හොඳම යාළුවෝ වෙලා. ශොට් එකක් දාලා කරට අත දාගෙන සින්දුවක් කියන්න තරමටම ලං වෙච්චි යාළුවෝ වෙලා. ඌ පුළුවන් තරම් කාලයක් බ්ලොග් ලියන්න තීරණය කරලා ඉවරයි. පුළුවන් තරම් කාලය කියන එක හෙට උනත් ඉවර වෙන්න පුළුවන්. හරියට ඌට බ්ලොග් ලියන්න සිතුවිල්ලක් පහල වෙන්න හේතු වෙච්චි ටොපිය බ්ලොග් එකේ අයිතිකාරයා ඒක වහලා දැම්මා වගේ. බ්ලොග් වහන්නත් වැහෙන්නත් හේතු තියෙනවා. ඒ හේතු අද ඇති වෙන්නත් පුළුවං හෙට ඇති වෙන්නත් පුළුවං. හෙට ගොඩාක් දුර වෙන්නත් පුළුවං. අවසානයේ මේ බ්ලොග් කරුමාන්තේ පටං ගන්න යන කවුරු හරි ඉන්නවනං ඌට දෙන්න තියෙන්නේ එකම එක උපදෙසයි..... "පරිස්සමෙන්! ඇබ්බැහි වෙයි!"
ප.ලි :
එක එක කාලෙට එක එක රහ! සුබ වේවාර්!
ReplyDeleteනව වසර සුභ වේවා !
ReplyDeleteපරිස්සමින් ඈ........
ReplyDeleteඔව්! ඇබ්බැහි වෙයි!
Deleteසුභ පැතුම් පූස්!...
ReplyDeleteස්තූතියි මචං
Deleteසුභ අළුත් අවුරුද්දක් වේවා....
ReplyDeleteඑසේම වේවා!
Deleteඅවුරුදු දෙකටත්..ලිපි සියයටත් සුභ පැතුම් පුසා... සුඵ නව වසරක් වේව..!
ReplyDeleteමේ ඒක නෙවෙයි අරූ අර ටොපියත් නවත්තලාද..?
ස්තූතියි මාරයියේ..... මාරයියාටත් එසේම වේවා!
Deleteනවත්තලානේ!
සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....
ReplyDeleteසීයට සුබ පැතුම් පූස්
ReplyDeleteකෙල්ලෙක් හින්දා අඬන හොටු කොල්ලෙක් ගෙ
ඉඳන් කලින් පෝස්ට් එක වගෙ නිර්මාන බිහි කරන්න තරම් උඹ ආපු ගමන ගැන සතුටුයි....
ස්තූතියි!
Deleteකවුද බොල හොටු කොල්ලා! :D
හැමදේටම හේතුව මේ බ්ලොග් නිසාම මගේ කියවීම වෙනස් වීම වෙන්න ඇති. තාමත් කියවනවා තව තව වෙනස් වෙනවා :)
තවත් අපූරු රසවත් දේ ලිවීමට මැලවීමට හැකියාව ලැබෙන්න සුභ පැතුම් පූසාට..
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් ..
ස්තූතියි රූ..
Deleteඑසේම වේවා!
සුබ අලුත් අවුරුද්ද්දක් වේවා ..
ReplyDeleteඑසේම වේවා!
Delete//"පරිස්සමෙන්! ඇබ්බැහි වෙයි!"//
ReplyDeleteඒ ඇබ්බැහිය නරක දෙයක් නෙවෙයි.... හි හි...
සුබ නව වසරක් වේවා...
හොඳ දේකට උනත් ඇබ්බැහි වීම පසු කාලීනව අනෙකුත් හොඳ දේවලට බලපෑම් ඇති කරන්න පුළුවන්!
Deleteඑසේම වේවා!
සැලබ්‍රේසොන්වලටත් අවුරුද්දටත් සුභ පැතුම්.....!!!
ReplyDeleteසුබ අනාගතයක්....!!!
ස්තූතියි!
Deleteඑසේම වේවා!(ඒත් දැන් ඔය 'සුභ අනාගතයක්' කියන වචන දෙක ට්‍රේඩ් මාර්ක් එකක් වගේ වෙලා නිසා දකිනකොටත් තරහා යන ගතියක් තමයි තියෙන්නේ!) :D
සුබ වේවා!!!
ReplyDeleteඑසේම වේවා!
Delete"ඌ" හම්බ උනහම මගේ සුබපැතුම් මමම කියන්නම් ! මෙතන බොට ඒක කියලා වැඩක් ඇතෑ ?! :-D
ReplyDeleteමට කිව්වනං මං උට කියනවනේ! :D
Deleteසුභ අළුත් අවුරුද්දක් වේවා.. ශතකයට සුභ පැතුම්!
ReplyDeleteඑසේම වේවා! ස්තූතියි මචං!
Deleteනියම ලිපියක්.ඔයාට සුභ නව වසරක් වේවා.මම සිංහ පීඩියාව ලියන යසිරු
ReplyDeletehttp://sinhapedia.blogspot.com/
සුබ නව වසරක් වේවා !
ReplyDeleteඑසේම වේවා!
Deleteඔක්කොටම සුබ පැතුම්,,
ReplyDeleteසුභ නව වසරක් වේවා! "පරිස්සමෙන්! ඇබ්බැහි වෙයි!"
ReplyDeleteඑසේම වේවා!
Deleteඌට මමත් සුභ පැතුවා ඔන්න,,ඌගෙ බ්ලොග් එකට මම එනවා ඒත් උගේ අර කවි මගුලට ආවට එතන නිකමටවත් කමෙන්ට් කරන්න හිතෙන්නේ නෑ,,, ඌ හොද මිතුරෙක් නම් තමා ඒත් ඕකා මහා නොසන්ඩාලයා
ReplyDeleteනොසන්ඩාලයා කිව්වත් කමක් නෑ උඹ ඌට හොඳ මිත්‍රයෙක් කිව්වනේ(බොරුවට හරි) :D
Deleteස්තූතියි මචං! :)
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන්ම සියවෙනි පෝස්ට් එකටත් සුභ පතනව ඔයාට.....
ReplyDeleteහී....තා මතකයි අයියො ඔයාට මතකද දන්නෙ නෑ....
“අයියො ඔයාගෙ කමෙන්ට් එක මගෙ බ්ලොග් එකේ නෑ.....ඒවුනාට ඊමේල් එකේ තියෙනවනේ......:( “
ස්පෑම් පාඩම.....:)
තව තවත් දිගටම ලියන්න ඔයාට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව....!
එසේම වේවා!
Deleteමතකයි මතකයි. දැන්නම් ඒ කාලේ වගේ කමෙන්ට් ස්පෑම් වෙන්නේ නෑ :D
ස්තූතියි!
සුභ පැතුම් මචන්
ReplyDeleteස්තූතියි රුචා!
Deleteසුභ පැතුම් පූසා..! සුභ නවවසරක් වේවා..!
ReplyDeleteස්තූතියි බීටලයියේ! බීටලයියාට එසේම වේවා!
Deleteපූසාට උණුසුම් සුභපැතුම් පූසන්ගෙන්!!!
ReplyDeleteස්තුතියි මචංලා!
Deleteසුහ පැතුම් සහ සුභ නව වසරක් වේවා!!
ReplyDeleteස්තූතියි! එසේම වේවා!
Deleteමටනම් නෙල්ලි වගේ ..රස දන්නෝ දනිති
ReplyDeleteබෙහෙත් නෙල්ලිද? සීනි නෙල්ලිද? ;)
Deleteඒ කිව්වේ? මුලින් පට්ට තිත්තයි ඒත් ටිකකින් එක එක රස දැනෙනවද? :D
ස්තූතියි බින්ගෝ ඔයා වගේ අය කාලෙකින් ඇවිත් කමෙන්ට් කරනකොට දැනෙනවා මට නිහඩ පාඨකයෝ සෙට් එකකුත් ඉන්න බව! :)
ස්තූතියි!
අම්මෝ! මේ කමෙන්ට් එක දැක්කාම මතක් වෙන්නේ කතන්දරගේ බ්ලොග් එකයි ඇනෝ කමෙන්ට් ටිකයි! :D
ReplyDeleteස්තූතියි!
100ටත් අළුත් වසරටත් ජය පිට ජය වේවා!.. ටොපිය ගැන කීවම මතක් වුනා.. මමත් ටොපිය කියවන්න තාමත් ආසයි. දැන් ඒ අවස්තාව මගහැරිලනෙ. දිගටම ලියන්න ශක්තිය ලැබේවා.. ජය!
ReplyDeleteඈහ් පූස් ගෙඩියෝ උඹ තාම සීයද? අවුරුදු දෙකට ඕක හොඳ ගාණක් congrats.....!
ReplyDelete(මම අවුරුදු හයක්ම ලියලත් තාමත් සීය පන්නලා විතරයි. ඒක දන්නෙත් මේ ඊයේ පෙරේදා මොකක්ද ලේ අවුට් එකක් මාරු කරන්න ගියාම.)
සීයට කෙසේ වෙතත් ලියන සටහන් හා කියවන්න යමක් දෙනවාට බොහොම ස්තුතියි පූස්.
ඌට මගේ උණුසුම් සුබ පැතුම්! තව තවත් වැඩියෙන් ලියන්න අවස්ථාව මේ උදාවූ නව වසරේවත් ඌට ලැබේවා.
ReplyDeleteඅපිත් ඌට බොහෝම මනාප බව ඌට කියන්න කැමතියි.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මගේ මුල්ම ආගමනය....
ReplyDelete...//"පරිස්සමෙන්! ඇබ්බැහි වෙයි!"//... අනතුරු ඇඟවීම ලැබෙන්න පරක්කු වැඩියි පූසෝ.
මගෙන් සුභ පැතුම්! සීයට හා නව වසරට.
ඔන්න අපිත් ගොඩවුණාලු...
ReplyDeleteසුභ පතනවා 100 ඉක්මනින්ම 200 ක් වෙන්න කියලත්..
" බ්ලොග් එක පටන් ගත්තු අලුත කාලයක් තිබ්බා හිට්ස්, කමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා වැඩි වෙනකොට උගේ හිතට සතුටක් දැනුනු"
මෙක මම හිතන්නෙ කාටත් පොදුයි කියලා.....
ජයවේවා... පෝස්ට් 100. සුභ නව වසරක් වේවා... :D
ReplyDeleteචැහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්... මම පරක්කුයි අෆ්ෆා... :/ කමක් නෑ... සුභ පැතුම්ම් අයියෙ...:)
ReplyDeleteයකඩෝ අමාරුවෙන් සීයක් ගහලා තියෙන්නේ ඔය . . .
ReplyDeleteබ්ලොග් ලියවිල්ල පට්ට ආතල් වඩක් උනාට එක දිගට කරගෙන යන්න නම් හොඳ ඉවසීමක් තියෙන්නේ ඕන බන් . .
100ට ජය වේවා . .
හෙමීට හෙමීට හරි කමක් නෑ ඔන්න ඔහේ ලියනන් හිතෙන හිතෙන වෙලාවල් වලට ලියන්න ධෛර්ය ලැබේවා . .