Monday, August 22, 2011

ඔබ නොදන්න තවත් එක් ආදර කතාවක්....


පොළව,
අහසට ආදරේ කළා
..........
තමන්ගේ මුළු ගතම
තෙත් කරපු
වැහි කඳුලට
පොළව ආදරේ කළා
පුර පෝයට
අහසේ ඉන්න
සඳ ලපයට
පොළව ආදරේ කළා
තරු පායපු රෑ
අහස් කුසේ
තරු මාලෙට
පොළව ආදරේ කළා

පොළව....
ඒ ආදරේ
හිතේ තියාන උන්නා

අහස
ක්ෂිතිජයේදී
මුණ ගැහුනාම
ඒ ආදරේ
කියනවාමයි කියලා
හිතාන උන්නා
...................
...............
ඒ ආදරේ
හිතේ තියාන
පොළව තාමත් ඉන්නවා

අහස
ක්ෂිතිජයේදී 
මුණ ගැහෙනකම්......

21 comments:

  1. වෙනස් සිතුවිල්ලක්. ලස්සනයි පූසො.

    ReplyDelete
  2. අද මාතෘකාව දැකලා මම බය උනු තරමක්...:)

    හරිම ලස්සනයි පූසෝ. පොලව පව් නේද? කාන්තාවන්ට උනොත් වෙන්නේ ඔය වගේ වැඩක් තමා. පොලව 'මහී කාන්තාව'ලුනේ...:D

    ReplyDelete
  3. අපිට මේවා පුරුදුනේ ඉතින්. ඇතට වෙලා හරි බලන් ඉන්නවා.

    ReplyDelete
  4. පොලොව තියෙන්නේ අහසේ.. කෙඳිරුවත් අහසට ඇහෙනවා

    ReplyDelete
  5. හ්ම්.. සමහර හිත් වගේම තමා පොළවත්... ක්ෂිතිජය හම්බුවෙනකං බලාගෙන ඉන්නවා...

    ReplyDelete
  6. පූසා කෙල්ලට ආදරේ කියාගන්න බැරිව ඉන්නවා වගේ.. (එහෙම කෑල්ලක් නැතිව ඇති නේ? :)) :)) )

    ReplyDelete
  7. පූස්,
    මමත් මේ ලඟකදි ඉඳලයි කවි කියවන්න පටන්ගත්තෙ. ඔයා මගෙ බ්ලොග් එක පැත්තෙ ඇවිත් ගිහින් මෙම්බර් කෙනෙකුත් වෙලා තියෙනව. ස්තුතියි. නමුත් මට ඔයාගෙ සයිට් එක හොයා ගන්න බැරුව ගියා. පස්සෙ අද මේ මකුළු පැංචිගෙ මකුළු දැලේ කමෙන්ට් වල තිබිලා තමයි හොයා ගත්තෙ.
    නියම කවිය. මට නම් කවි ලියන්න බෑ.
    මම පූස්ගෙ අනිත් පෝස්ට් කියවන්නයි යන්නෙ.
    මගෙ සිංහල සයිට් එක "මට හිතෙන හැටි" http://matahithenahatty.wordpress.com/

    ReplyDelete
  8. පූසා වෙනස් වෙලා !! දැන් පූසා ලියන එවුවා කලින්ට වඩා ගොඩාක් වෙනස් සුපිරිවටම තියනවා ..

    මේක නියමයි බං ..

    ReplyDelete
  9. පිණිබිඳු... : ස්තූතියි අක්කේ :)

    ----------------------------------------------------------------------------------------------------------

    Podi Kumarihami : කෝ මාතෘකාවේ බය වෙන්න දෙයක් නෑනේ අක්කේ...
    ස්තූතියි අක්කේ :)
    ඔව් පොළව පව්! මම මේක ලිව්වේනම් පොළව පුරුෂ ලිංග කරලයි. කොහෙද ඉතිං අපි මොනවා කිව්වත් අක්කා හදන්නේ ඒක ස්ත්‍රී ලිංග කරලා කාන්තාවගේ පැත්තෙන් කතා කරන්නනේ :)) කමක් නෑ ඉතිං අක්කා කියන එකත් හරි.

    ----------------------------------------------------------------------------------------------------------

    Gimhani : පිස්සුද අනේ... ඔන්න ඔහේ කියලා දාන්න :D

    ----------------------------------------------------------------------------------------------------------

    සරත් ලංකාප්‍රිය : ඔව් ඒක ඇත්ත ඒත් අපිට ඇහැට පේන්නේ අහස ගොඩාක් ඈත තියනවා කියලනේ :)

    ----------------------------------------------------------------------------------------------------------

    prasanna86k : ඔව් බං!

    ----------------------------------------------------------------------------------------------------------

    පිස්සු පුසා : බොහොම ස්තූතියි :)

    ----------------------------------------------------------------------------------------------------------

    චතුවා (ළමයා) : නෑ නෑ එහෙම සිද්ධියක් නෑ...
    කොහොම උනත් උඹේ තේරුම් ගැනීම හොඳයි. මේක එහෙම එකක් නොවුනට මම හිතාගෙන ඉන්නේ මට වෙන සිදුවීමුත් මේ වගේ ලියන්න. එතකොට ඒවා තේරෙන්නේ උඹ වගේ හිතන කීප දෙනෙක්ට විතරක් වෙයි....

    ----------------------------------------------------------------------------------------------------------

    Dude : කමක් නෑ දැන් ආවනේ ඒ මදෑ...
    ආයේ බොරු කියන්න ඕනේ නෑනේ.. ඔයාගේ සිංහල බ්ලොග් එකට වඩා ඉංග්‍රීසි බ්ලොග් එක නියමයි! මම ආසාවෙන් කියවනවා ඒක :)

    ----------------------------------------------------------------------------------------------------------

    හිස් අහස : ස්තූතියි මචං...
    උඹ වගේ ලස්සනට ගලපලා කතා ලියන්න නම් මට බෑ බං.
    ඔව් බං මටත් තේරෙනවා මගේ ලියවිල්ල දැන් වෙනස් වෙලයි කියලා. හැබැයි උඹ ඔය කියන තරම් ලස්සන වෙලාද කියන්න නම් දන්නේ නෑ...

    ReplyDelete
  10. බලාගෙන ගියාම පොලොව කීප දෙනෙකුට එක සැරේ ආදරේ කරලා. එකයි තාම එකක් හරි ගිහින් නැත්තේ.

    ReplyDelete
  11. කිව්වෙ නැතත් ආදරය කියන එක දැනෙනවනෙ.

    ReplyDelete
  12. ලස්සන ආදර කතාවක් පූසෝ !!!!

    ReplyDelete
  13. අහස පොළවට ක්ෂිතිජයේදි හම්බ වෙන්නේ නැහැ කියලා දැන දැනමත් ආදරය කරනවා ......

    ReplyDelete
  14. එකම දේ කියන්න පුළුවන් විදි කීයක් තියෙනවද බලන්න....හොඳට ලියල තියෙනව.. :-bd

    ReplyDelete
  15. පොත් ගුල්ලා : හ්ම්ම්ම්ම් හරියට කියවලා නෑ වගේ, තව පාරක් කියවලා බලන්නකෝ...

    ----------------------------------------------------------------------------------------------------------

    ``` Outsider``` : ඔව් දැනනවා... දෙන්නට දෙන්න්නා මුණ ගැහෙනවනම්.

    ----------------------------------------------------------------------------------------------------------

    මධුරංග : ස්තූතියි :)

    ----------------------------------------------------------------------------------------------------------

    වැප් : ඔව්! ඉතිං මේ සිද්ධියේදී ඔයා වගේ ආදරවන්තයෙක්ට කියන්න පුළුවන් "පොළව හරි පුදුමයි, නොලැබෙන බව දැන දැනම ආදරේ කරනවා. අන්න නියම ආදරයක්" කියලා. හැබැයි මම වගේ ලව් ඉලව් වෙච්චි අයට කියන්න පුළුවන් "අපෝ පොළව හරි මෝඩයි, නොලැබෙන බව දැන දැනම ආදරේ කරනවා. පොළව මහ පිස්සික්!" කියලා. :D

    ----------------------------------------------------------------------------------------------------------

    පිසාචයා : ඔව් එකම දේ එක එක විදිහට කියන්න පුළුවන්. ස්තූතියි :)

    ReplyDelete
  16. අහස
    ක්ෂිතිජයේදී
    මුණ ගැහෙnawamai polawata...

    ReplyDelete
  17. ඇනෝ : නෑ අහස ක්ෂිතිජයේදී මුණ ගැහෙනවා වගේ පේනවා විතරයි. ඒත් කවදාවත් මුණ ගැහෙන්නේ නෑ :)

    ReplyDelete
  18. එහෙනම් ඇයි ඒ ආදරේ හිතේ තියාගෙන පොළව තාමත් බලන් ඉන්නෙ, අහස ක්ෂිතිජයේදී
    මුණ ගැහෙනකම් ?

    ReplyDelete
  19. ඇනෝ : අන්න එතන තමයි මේ කවියේ(හෝ කතාවේ) පාඨකයාට හිතාගන්න තියෙන කෑල්ල. කෙනෙක්ට කියන්න පුළුවන් පොළව නියම ආදර වන්තයෙක් කියලා. තව කෙනෙක්ට කියන්න පුළුවන් පොළව මහම මහා මෝඩයෙක් කියලා. තව කෙනෙක්ට තවත් දෙයක් කියන්න පුළුවන්... කැමති විදිහකට හිතාගන්න!

    ReplyDelete
  20. මහී කත
    බැඳී පෙම
    නොලැබෙනා
    නුබට

    සමනයි
    මාගේ පෙම
    බැඳ මා
    නුඹට..

    ලස්සන සිතුවිල්ලක් පූසෝ...

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...