Tuesday, November 1, 2011

කුමක් කරම්දෝ මා?

 
පෙරදා උත්සවයකි
ඇරයුම් කළේ මගේ සකි
ඔහුගේ නෑයෝ රාශියකි
පුංචි සෙට් වීමකි

මධු බඳුන් හිස් විනි
සමහරුන් වැනි වැනී
ගිටාර නාදයෙනි
කවි ගීත කියවිනි

පුංචි සුරඟනක් වැනි
රුවක් මට දිස් විණි
ඇගේ එක බැල්මෙනි
මගේ හද නැවතුනි

විටෙක නෙත් කොනින් බලා
නැවතත් හැරී  බලා
සිනා කැළුම් සලා
ඒවි  මතකයට ගලා

උත්සවය නිම වුනා
පිරිස විසිරුනා
ඇයත් නික්මුනා
මතකයේ නැවතුනා

පසුව දා එළි වුනා
 
රුව සිතේ මැවෙනා
අමුතු හැඟුමකිනා
සිත පිරී ඉතිරෙනා

මිතුරාට කියම්දෝ
ඔහු මොනා කියයිදෝ
ප්‍රශ්නයක් වේදෝ
මා කුමක් කරම්දෝ

හිතාගන්නට බැරුව
කියා ගන්නට බැරුව
අමුතු හැඟීමක් මතුව
හදේ ඇත සිරව
 


 [පින්තූරෙ - http://thumbs.dreamstime.com/thumb_309/1220919805U6p9oE.jpg]

25 comments:

  1. මෙහෙමනෙ!
    1. පුරුපුරු ගාගෙන ලඟට ගිහිල්ල, අතරපස් පාරක් අැඟේ ගෑවෙන්න ඔ්න!
    2. ඊට පස්ස මූන දිහා බලල ඤා.....ං කියන්න ඔ්න!

    එතකොට එයා කිව්වොත් "අනේ ෂෝයි කිටිය" කියල ගොඩ
    චිප් පූස/ දුවපිය බලල අාදී වශයෙන් කිව්වොත් ෂොරිම තමා!

    ReplyDelete
  2. තනි අලියගේ කතාව හරි.. ඒකටම ටිකක් එක්කාසු කරන්නම්. ඉස්සෙල්ල වටෙන් පිටෙන් හොයල බලන්න , දැනටමත් සුරතල් සතෙක් ඉන්නව ද? හිටිය ද? නැත්තම් හොයනව ද , කියලා.

    අන්න සුරතල් සතෙක් හොයන දැරිවියක් නම් , ලොම් ගසා බසා දාලා අර තනි අලියා කීව වගේ ළඟට ගිහින් ටිකක් දැවටිලා පුරු පුරු ගෑවට කමක් නැහැ.

    හැබැයි ඉතින් සමහර ගැහැණු දැරිවියන්ට පුෂන් ඇලජික්... “හජින් , හචිස්සෝං ,“

    ReplyDelete
  3. මේ ඇඳුම ලස්සනයි සුදු පූසෝ.... සුදු නිල් මම ආසම පාට දෙකක්.. සුන්දරයි සරලයි ලස්සනයි........

    ReplyDelete
  4. කොහේ ගියත්, ඉතින් ගෑනු ලමයෙක් පස්සෙම තමයිනේ...:D

    ReplyDelete
  5. ආව් ආව්.... නියමනේ ඉතිං... මොනා හිතන්නද තව..
    ඤාව් ඤාව් කියල වැඩේට බහින්න ඉක්මනින්ම...

    ReplyDelete
  6. කියලා දාපං පූස්... නැත්තං ආයේ පුරු පුරු ගායි පරක්කු වුනා කියලා...

    ReplyDelete
  7. gihin oya kellagen ahanna pooso........ apayata giyath kalin yanna ona kiyala kiyamanak thiyenawane........ :D

    ReplyDelete
  8. යාලුවාට කියලා දැම්මා නම් හරි. බාග දාට ඔය වැඩෙන් කේක් කෑල්ලක් කන්නත් පුලුවන් වෙයි අපට. !!! හික් හික් :)

    ReplyDelete
  9. හොඳ ගටක් අරං කියලා දමන්න කියන්න ඕනි ටික.. ඊට පස්සෙ අපිටත් කියන්න.. අපි එන්නම් කේක් කන්න ..

    ReplyDelete
  10. මේ බ්ලොග් එකේ ලින්ක් එක යාලුවට ඊ මේල් කලානම් දෙකෙන් එකක් වෙයි වාගෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
  11. පූවෝ. මොකක් හරි කෙරේමයක් තියේ මලේ. හොයලා බලාපං. ඉක්මං කොටයි කීවාට අපායට උනත් කලින් යන්න ඕනා කියලා කථාවක් තියේ පූවා මලේ. ඒක හින්දා උබේ ඔය ඤාව් පාර දාපං රතු එලිය වැටෙන්ට කලියෙන්.

    ReplyDelete
  12. යකෝ පූසන්ටත් හිතෙන දේවල්. මුල්ම කමෙන්ට් දෙකේ වෙන්න ඕන දේවල් කියල තියනවනේ. ඒ විදියට කරලා බලපන්.

    ReplyDelete
  13. දැන් ඉතින් පරක්කු වෙන එක ඇගට ගුණ නෑ ගොයියෝ

    ReplyDelete
  14. දෙකක් අනුමත වෙලා හිටි වෙලාවෙ ඇහුවනන් ඉවරනෙ දෙකෙන් එකක් වෙන්න, කෙල්ලගෙන් නෙමේ යාලුවගෙන්.

    ReplyDelete
  15. දැනටමත් පරක්කු වැඩියි....ආයිත් හීනියට සෙට්වෙලාම යාළුවට ටෝක් කරන්න....මේවා ඉතින් හැමෝටම කියන්නේ නෑ.....

    ReplyDelete
  16. මංගල කාරනා වලට කල් බලන්ට හොඳ නෑ...කියලා දාපං ඕක.....
    අපිටත් වාං පාටියක් වත් හම්බුවෙන්නේ නැතෑ.....
    නොවැම්බර් කියලා බය වෙන්ට ඕනෙත් නෑනේ...මධුරංග අයියා ඒ බයත් නැති කරානේ අර මාසේ මුලම අවවාදයක් දීලා.....
    ඔන්න ජය සිරි මංගලං..! අනේ මංදා මං කී දෙනෙක්ට මේ බ්ලොග් වල කිව්වද ජය සිරි මංගලං කියාලා..මොනා වෙන්ට යනවද දන්නැ...කේක් කාලා එපා වෙයිද දන්නේ නෑ.....
    ම්ම්ම් බොහෝම ලස්සනයි අලුත් ඇඳුම..අපූරුයි..නෙත හිත අලවලා තියනවා...
    අර මාධව අයියා කියනවා වගේ පලමු 10එස් වැදගත් නේ..ඒ 10එස් නම් තියාගන්න මේ ඇඳුම බොහෝම අපූරුයි...........

    ReplyDelete
  17. ඉන්නේ නැතුව බලා ...
    කියන්ට නේද ඕනා..
    නොකිය හිටියොත් ඒ පූසී...
    යාවි වෙන පූසෙකුත් එක්කා....

    ReplyDelete
  18. අර උඩ ඉන්න පූසා නම් හරිම ලස්සනයි....
    ඔන්න ඕක කියලා දාන්න පූසෝ... :))

    ReplyDelete
  19. ඕකට මචං කල් අරගෙන බෑ බීපු වෙලාවක තමයි ඔය වගේ දෙයක් කියලා දාන්න ලේසි මොකද කීවොත් ගුටි කෑවත් දැනෙන්නෑ නේ !

    ReplyDelete
  20. ඔන්න ඔහේ කියලා දාන්න,. නැත්නම් පහු වුනොත් අන්තිමේ මුකුත්ම නැතුව යාවි,.

    ReplyDelete
  21. හිතේ තියාගෙන ඉන එපා පූසෝ.. කියලා දාන්න...

    ReplyDelete
  22. අදහසක් දාලා ගිය හැමෝටම ස්තූතියි! ඔක්කෝටම කියන්න තියෙන්නේ.... "බලමු!"

    ReplyDelete
  23. මම කවි කාරයෙක්නම් නෙමේ.කවිවල අරෑතනම් පන්කාදුට්යි.දිගටම ලියන්න
    ජය වේවා......!!

    ReplyDelete
  24. ඹාලු ෆිටි එකව කන්ටේ නෑ කියලා පුවා පොරොන්දු වෙන්වා නමි හිතෙ දේ කියනවෝ....
    මධුවිත වැදිචිච සමයට
    වැනි වැනි ඉන්ටා විට
    මෝහිනිත් ඉන්නා සුදු ඇඳගෙන
    පෙනෙයි සුරලියක් විලසින

    එක වගේ අය සෙටි වෙනවාය කියා කථාවක් අපේ පුරාණ පත පොතේ ඇත...ඇය මෝහිනියක් නමි...?

    පුවා ට පෙනුන ලිය
    ලස්සනයි නමි එහෙමට
    පුරු පුරු ගා හනිකට
    සුරතලා වෙන එක කදිමය
    (දැං ඹාලුවා ගුටිකන්ටේය...)

    ReplyDelete
  25. හිතාගන්නට බැරුව
    කියා ගන්නට බැරුව
    අමුතු හැඟීමක් මතුව
    හදේ ඇත සිරව

    ඕක නේන්නම් පූස් අය්යෙ අපි හැමෝටම වෙන්නේ..සමහරු තොහොම හරි කියා ගන්නවා..මං වගේ කට්ටිය නම් ඒක හැමදාම හිතේ තියාගෙන දුක් විදිනවා..

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...