Thursday, December 22, 2011

අපෝ මචං උඹ ඔය කරන වැඩේ මුළු කොල්ලෝ සංහතියටම ලැජ්ජාවක් මචං!


මමත් කොල්ලෙක් මචං.

මම හිතනවා උඹත් කොල්ලෙක් වෙන්න ඇති කියලා මචං.


ඉතිං ඒ හන්දා මට වගේම උඹටත් කවුරු හරි කෙල්ලෙක්ට හිත යන එක සාමාන්‍ය දෙයක් මචං. 

ඒත් මචං ඒ හිත ගිය කෙල්ලට කොල්ලෙක් ඉන්නවානම් මම කරන්නේ මගේ හිත හදාගන්න එක මචං.

ඒත් උඹ? 

මොකක්ද බං උඹ ඔය කරන ජාරා වැඩේ මචං?

උඹ හිතන්නේ උඹ කරන වැඩේ මගේ යාළුවා දන්නේ නෑ කියලද මචං?

මගේ යාළුවා දන්නවා ඌගේ ඉස්කෝලේ පරණ යාළුවෙක් වගේ ඌට කෝල් කරන්නේ උඹ කියලා මචං. 

උඹ ඌට පළවෙනිම පාරට කෝල් එක ගත්තු වෙලේ මම හිටියේ මගේ යාළුවත් එක්ක පාර්ටි එකක මචං.

මගේ යාළුවා උඹේ කෝල් එක ගැන සැක හිතුන නිසයි උගේ කෙල්ලට, ඒ කියන්නේ උඹ කැමැත්තෙන් ඉන්න කෙල්ලට උඹේ නම්බර් එක දීලා දන්න එකක්ද කියලා අහලා තියෙන්නේ මචං. 

ඒ වෙලාවේ තමයි මචං ඒ කෙල්ල කියලා තියෙන්නේ ඒ නම්බර් එක, එයාගේ ඔෆිස් එකේ වැඩ කරන, එයාට හැමතිස්සෙම කෝල් කර කර කරදර කරන උඹේ කියලා මචං.

ඔය ගැන මගේ යාළුවාට ඒ කෙල්ල කලිනුත් කියලා තිබ්බලු මචං.

ඔෆිස් එකේදී උඹ එයාගේ ෆෝන් එක උදුරගෙන මගේ යාළුවා එවන මැසේජ් කියවනවලු නේද මචං?


සිරාවටම උඹට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද මචං?


උඹ එහෙම කරලා මගේ යාළුවාගේ නම්බර් එක අරගෙන මගේ යාළුවාට, උගේ ඉස්කෝලේ පරණ යාළුවෙක් වගේ කෝල් කරා නේද මචං?

උඹ එහෙම කරලා දවස ගානේ කෝල් කර කර මගේ යාළුවත් එක්ක ෆිට් වෙලා උගේ වැරදි හෙව්වා නේද මචං?


ඒවා හොයලා ගිහින් අර කෙල්ලට කිව්වා නේද "ඔයාගේ කොල්ලා මෙන්න මේ වගේ කෙනෙක්" කියලා මචං.


අපෝ මචං උඹ කරපු වැඩේ අහනකොටත් කොල්ලෙක් හැටියට
මට අම්බානකට ලැජ්ජා හිතෙනවා මචං.

උඹ දන්නේ නෑ නේද මගේ යාළුවා උඹට කිව්ව තරමක් කිව්වේ බොරුයි කියලා මචං?


ඌ කිව්වා නේද තව කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්කම යාළුයි කියලා මචං? 


ඌ කිව්වා නේද ඌ එක එක ඩ්‍රග්ස් වර්ග ගන්නවයි කියලා මචං?


ඌ කිව්වා නේද එක එක කෙල්ලොන්ව අරං රූම්ස් වලට යනවයි කියලා මචං?


ඒත් උඹ දන්නවද ඒ සේරම බොරුයි කියලා මචං?


ඒ වගේම මගේ යාළුවා උඹව අන්දපු හැටි උඹේ කෝල් කට් කරන සැනින්ම උගේ කෙල්ලට කියන බව උඹ දන්නේ නෑ නේද මචං?


උඹ මගේ යාළුවා කියන සේරම අහං ඉඳලා උගේ කෙල්ලට ගිහින් කියනවා නේද "ඔයා යාළු වෙලා ඉන්න එකා හොඳ එකෙක් නෙමෙයි" කියලා මචං.


උඹ හිතන්නේ ඒ කෙල්ල උඹ කියන ඒවා අහලා උඹ ගැන තියෙන විශ්වාසේ වැඩි උනා කියලද මචං?


නෑ.... එහෙම නෙමෙයි උනේ මචං.


ඒ කෙල්ල මගේ යාළුවාට කියලා තිබ්බා උඹ කරන වැඩ නිසා දැන් උඹේ මූණ බලන්නත් අප්පිරියයි කියලා මචං.


උඹ හිතාගෙන හිටියේ උඹ ඔහොම කේලම් කියලා ඒ කෙල්ලව මගේ යාළුවාගෙන් තරහා කළාම ඒ කෙල්ල උඹත් එක්ක යාළු වෙයි කියලද මචං?


උඹ හෙන මෝඩයි මචං.


මගේ යාළුවා කිව්වා ඒ කෙල්ලට උඹ කෝල් කර කර කරදර කරන නිසා තව දුරටත් උඹව අන්දන්නේ නෑ කියලා මචං.


ඊළඟ සැරේ උඹ කෝල් කරාම උඹට යහපත් ලෙස තේරුම් කරලා දෙනවා කිව්වා මචං.


බය වෙන්න එපා මචං.

උඹේ දත් දෙකක් බඩට යවන්න ඌට උවමනාව තිබ්බත් ඌ එහෙම කරන්නේ නෑ කිව්වා මචං.


මොකද මගේ යාළුවාගේ කෙල්ල වැඩ කරන්නෙත් උඹ වැඩ කරන ඔෆිස් එකේම නිසා මචං.


ඒ කෙල්ලගේ ජොබ් එක ගැන හිතලා මචං.


මට අන්තිමට උඹෙන් අහන්න තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි මචං.


සිරාවටම අහන්නේ....... උඹ පිරිමියෙක්ද බං?




ප.ලි : මෙම ලිපියෙන් දැක්වෙන්නේ මගේ මිත්‍රයෙක්ගේ පෙම්වතිය සමඟ යාළු වීමට උත්සහ කරන, ඇය සේවය කරන ආයතනයේම සේවය කරන එකෙක්ගේ පිළිකුල් සහගත ක්‍රියාව පිළිබඳව, ඒකා වැරදීමකින් හෝ මුණ ගැහුනොත් විමසන ආකාරයයි.




[පින්තූරෙ - http://www.queerty.com/wp/docs/2010/04/boyintu39230.jpg]

36 comments:

  1. කවුද කින්ද මන්දා.. සීන් එක නම් මීටර් වුනා.. ඔහොම උන්ට කරන්න ඕනි ඔහොම තමයි !

    ReplyDelete
  2. නරක යාලුවෙක්නේ. ඔය වගේ යාලුවන්ගෙන් වැඩක් නෑ.

    ReplyDelete
  3. මෙහෙම යාලුවොත් ඉන්නව.

    ReplyDelete
  4. අප්පා..... මගෙ යාලුවෙකුටත් ඔහොම වැඩක් වුනා. හැබැයි ඒ ගෑණු ලමයාගෙ යාලුවෙක් තමයි ඒ වැඩේ කරලා තිබුනෙ.ඒ කතාව ලියලා දාන්න ඕනෙ ඒකත්.

    ReplyDelete
  5. ඔය වගේ සීන් කිහිපයක්ම මමත් අහලා දැකලා තියෙනවා! අනේ මන්දා! කොහොම එහෙම කරන්න හිතෙනවද කියලා ????

    ReplyDelete
  6. හප්පේ ඔ‍ෆිස් වල මේ වගේ නපුංසකයෝ ඉන්නවා ඕනේ තරං....මුන්ට මේවගේ වැඩ ආයිත් නොකරන්න පාඩං උගන්නන්න ඕනේ !!!

    ReplyDelete
  7. නේ මන්ද සමහර කොල්ලොන්ට 'කැමති නැහැ', ' බැහැ' කියන එක තේරෙන්නේ නැහැ.
    කොල්ලෝ විතරක් නෙවෙයි ඔහොම කෙල්ලොත් ඉන්නවා. මානසික රෝග ඕව

    ReplyDelete
  8. මේ මොන හුන්නස්ගිරියක්ද මචං ?

    දැන් ඔය කියන බුවා(බුවී) මේක කියවනවද මචං?

    ReplyDelete
  9. කවුද කියන්න දන්න්නේ නැති උනත් මටත් ඒ බුවා ගැන පිළිකුලක් ඇති උනා..

    ReplyDelete
  10. දුක හිතුන අප්ප, බැරිද ඌටත් පූසියෙක් වත් සෙට් කොරල දෙන්න?

    ReplyDelete
  11. ඕවා ඔහොම තමයි මචං... අනිත් එකාට හෙණ ගැහිලා ගිහිං හරි තමං ගොඩ යන්න ඕනි කියන අය එමටයි නෙ මචං.. කොරපු ගොංකං වල තරම කවදා හරි තේරෙයි මචං.. කොහොම හරි වෙලාවක මූව හම්බ වෙලා මේ ටික කියලා දීපං මචං..

    තෙරුවන් සරණයි මචං..!

    ReplyDelete
  12. මුගෙ හැටියට මට මූම කරපු වැඩක් කියලමයි හිතෙන්නේ.. කවුද මචන් මේල් එකකින්ද ඒක එව්වේ..

    ReplyDelete
  13. fb එක හරහා ආවේ මේ මම ඔයාගේ බ්ලොග් එකට ආපු මුල්ම පාර ඇත්තටම මේ වගේ කොල්ලෝ ඕනතරම් මම සෑහෙන්න දුක් විදලා තියෙනවා මේ නිසා ඒත් නිවටකමකට නෙමෙයි යාළුවෝ නැතිකරගන්න බැරි කමට ඉවසන් හිටියා.මේ විදියට කරාම ගොඩින් බේරගන්න පුළුවන් තමයි බොහෝම ලස්සන අදහසක් නියමයි දිගටම ලියන්න මම දිගටම එනවා

    ReplyDelete
  14. මම නම් ඔය කියන යාළුවා ගැන සැබැවින්ම දුක් වෙනවා.... මොකද එයා ඒ ගැහැණු ළමයට සැබැවින්ම ආදරය නිසා,තමන් කරන කියන දේ ගැන තමන්වත් දන්නව ද කියල මට සැකයි... ආදරේ මිනිසුන්ව අන්ධ කරනවා....

    සිහි නුවණ පහල වෙත්වා... ආදරයෙන් මිදේවා.

    ReplyDelete
  15. ඇයි මචං ඌට මචං කියන්නෙ.. සිංහලෙන්ම කියපං මචං.. ## වැඩ කරන්න එපා කියලා.. මචං..!

    ReplyDelete
  16. යාලුවා,ලෝකේ ගොලාකාරය් මිනිස්සු විවිදාකාරය් ,ආදරේ රසවත් වෙන්න හතුරෙක් ඉන්නම ඕන.හතුරෙක් නැති ආදරේ නිකන් ...හි හි...

    ReplyDelete
  17. මොන මගුලක් ද බං මේ !! ඕ වගේ එවුන්ට යාළුවෝ කියලා කියනවා යෑ.

    ReplyDelete
  18. ඈ බං . . . මේ කතාව පැත්තකටම දාමු . . . මට කොහොමද උඹේ බ්ලොග මගෑරුනෙ මෙච්චර කල් ?????

    ReplyDelete
  19. අවාසනාවට ඇත්ත කතාවක්.... අපෝ ඔහොම උන් දුලබ නෑ...... මොනවා හිතාගෙන ඉන්නවද මන්දා උන් ???

    ReplyDelete
  20. Weni : මේ මගේ යාළුවෙක්ට වෙච්චි වැඩක් වෙනී අයියේ!

    -------------------------------------------------------------------------------------------------------------------------

    Podi Kumarihami : 'මචං' කියලා කතාවෙදි ලිව්වාට දන්න අඳූරන කෙනෙක් නෙමෙයි අක්කේ...

    -------------------------------------------------------------------------------------------------------------------------

    න දී : අපොයි යාළුවෙක් නෙමෙයි.. යාළුවෙක්නම් දනී කරන වැඩේ!

    -------------------------------------------------------------------------------------------------------------------------

    නිසුපා : ලියමු ලියමු අපිටත් බලන්ට :)

    -------------------------------------------------------------------------------------------------------------------------

    විසිතුරු | visituru : ඒකම තමා මටත් ප්‍රශ්නේ.... ඔය වගේ කැත් වැඩ කරන්න හිතෙන්නේ කොහොමද මන්දා....

    -------------------------------------------------------------------------------------------------------------------------

    amila chathuranga : අනේ මන්දා කිව්වේ?

    -------------------------------------------------------------------------------------------------------------------------

    ඔබ නොදු‍ටු ලොවක් : මෙතනදි එහෙම කරන්නත් බෑනේ... කෙල්ල ගැනත් හිතන්න එපායැ.

    -------------------------------------------------------------------------------------------------------------------------

    niroshini : ඒකනම් හැබෑව!

    -------------------------------------------------------------------------------------------------------------------------

    Dar[K] : අනේ මන්දා කිව්වේ බං?

    -------------------------------------------------------------------------------------------------------------------------

    නිශ් : මං හිතන්නෑ මේ කතාවේ එන එක චරිතයක්වත් මේවා කියවනවා ඇති කියලා.

    -------------------------------------------------------------------------------------------------------------------------

    Dinesh : මටත් ඔය කතාව ඇහුවාම එහෙම්මම හිතුනා.

    ReplyDelete
  21. Observer : හනේ හනේ ඔබා මාමා හොරා වගේ මට හින්ට් එකක් ගැහුවද මන්දා :D

    -------------------------------------------------------------------------------------------------------------------------

    Chathura Wijekoon|චතුර විජේකෝන් : අනිවා මචං...

    -------------------------------------------------------------------------------------------------------------------------

    අභීත : ඕකනේ අභියයියා අපි ගැන වැරදියටනේ හිතං ඉන්නේ! :D

    -------------------------------------------------------------------------------------------------------------------------

    ගැමියාගේ පත් ඉරුව : බොහොම ස්තූතියි මේ පැත්තට ගොඩ වැදුනට :)

    -------------------------------------------------------------------------------------------------------------------------

    ෴සොඳුරු සිත෴ : ආදරේ අන්ධයි කියන එක නම් අත් දැකීමෙන්ම දන්නවා අක්කේ... ඒත් මේ තරම්ම?

    -------------------------------------------------------------------------------------------------------------------------

    Bunny : කෙල්ල වැඩ කරන තැනම වැඩ කරන එකෙක් නිසා කෙල්ල ගැනත් හිතන්න එපැයි මචං :)

    -------------------------------------------------------------------------------------------------------------------------

    Tharinduhw122 : හෙහ් හෙහ් හැබෑව හැබෑව

    -------------------------------------------------------------------------------------------------------------------------

    මධුරංග : ඒ මගේ යාළුවෙක් නෙමේ.... අයියාට කතාව වැටහිලා නෑ වගේ..

    -------------------------------------------------------------------------------------------------------------------------

    ඕනයා : ඔහොම වෙනවා ඕනයියේ.... මටත් ඔය වගේ මඟෑරුනු බ්ලොග් තාමත් ඉඳ හිට හම්බවෙනවා....

    -------------------------------------------------------------------------------------------------------------------------

    පිණිබිඳු... : චාටර් එකෙත් හොඳම එක අක්කේ!

    -------------------------------------------------------------------------------------------------------------------------

    ගොඩයා : අනේ මන්දා මෝඩ කමද කොහෙද බං.

    ReplyDelete
  22. ෆොටෝ එකත් ෆට්ට බොල.. කොහෙන්ද හොයාගත්තේ.. කතන්දරේට නියමෙට මැච් වෙනවා..

    ReplyDelete
  23. අපෝ පිරිමි ජාතිය ඔහොම්මමයි

    ReplyDelete
  24. නොදකිං මේ වගේ පූසෙක්..... :D

    ReplyDelete
  25. ඇල්ෆා මේල් වෙන්න දඟලන දැඟලිල්ලක්....! පොර හිතාගෙන ඉන්නෙ මුහුදේ ඉන්නෙ එක මාළුවයි කියලයි....!

    ReplyDelete
  26. "මචං"
    ආඛ්‍යාතය "මචං" කියලා යොදාගෙන මෙච්චර සිරාවට බ්ලොගක් ගොඩ දාන්න පුලුවන් කියලා මම හිතාගෙන හිටියේ නෑ..!
    උපරිමයි "මචං"
    :)

    ReplyDelete
  27. අනේ ඇත්තයි ඔය වගේ බලු වැඩ කරලා ඔලුවට අත හෝදන්න එන පාප මිත්‍රයෝ මේ සමාජේ ඕන තරම්... පෝස්ට් ඒක සුපිරි වදින අයට හොඳට වදින්න ලියල තියෙනවා.

    ReplyDelete
  28. ඊයා........ මොකෙක්ද බං වූ.කොහේ ඉන්න හෙලපයෙක්ද .

    ReplyDelete
  29. පව් බං ඌ..... කියල එකෙක්ටවත් නොහිතුනේ මොකෝ... ඒ මේකෙ සබ්ජක්ට් එක කෙල්ලක් නිසාද ?

    ReplyDelete
  30. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete
  31. පැණි දොඩම් : සොයන්නාට සම්බවේ කියනවනේ!

    -------------------------------------------------------------------------------------------------------------------------

    වර්ණා : අපිටත් සමහර කාරණා වලදී ගෑණු ජාතියම ඔහොමයි කියලා හිතන්න පුළුවන්. ඒත් ප්‍රශ්නේ කියන්නේ අපි එහෙම හිතන එක සාධාරණද කියන එකයි :)

    -------------------------------------------------------------------------------------------------------------------------

    සෝරෝ : ඇයි බං? :D

    -------------------------------------------------------------------------------------------------------------------------

    දුමී : අනේද කියන්නේ අයියේ!

    -------------------------------------------------------------------------------------------------------------------------

    Lishan Puwakowita : ලිශාන් අයියලාගෙන් කමෙන්ට් එකක් වැටෙනවා කියන්නේ මම දන්නවා ඒ පෝස්‍ට් එක අනිවා හොඳයි කියලා! :)

    -------------------------------------------------------------------------------------------------------------------------

    Shani : ස්තූතියි :)

    -------------------------------------------------------------------------------------------------------------------------

    අසරණයා : ඉන්න කියන තැන් නම් මාත් දන්නේ නෑ....

    -------------------------------------------------------------------------------------------------------------------------

    nawammawatha : වත් අක්කාටනම් පව් කියලා හිතුනා. මං හිතන්නේ ගොඩක් අයට එහෙම නොහිතුනේ සබ්ජෙක්ට් එක කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් ඒ කරපු වැඩේ හරි නැති හන්දා වෙන්න ඇති.

    -------------------------------------------------------------------------------------------------------------------------

    නවම් අයියාටත් පවුලේ හැමෝටමත් නීරෝගිමත්, ප්‍රීතිමත් සුභම සුභ නව වසරක් වේවා! :)

    ReplyDelete
  32. පව් බන් ඌ , උබේ යාළුවා තමා උව අන්දලා අතල් අරගන වැඩේ අල කරලා තියෙන්නේ. මුලින්ම තේරුම් කරලා දෙන්නේ නැතුව.

    ReplyDelete
  33. සාගරගේ කතාව ඇතත නේ මචෝඕ
    ඒකෙනුත් අරූ ටමන්ගේම කෙල්ල දාල ආතල් අරන්...

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...