Friday, January 13, 2012

පෙම්වතුන් දෙකඩ කරනා යක්ෂයෙක් පිළිබඳ හෙළිදරව්ව!


වසර ගණන් එකතු කරපු
අනේක විධ පැතුම් පොදිය
පොඩි පට්ටම් කර විසිකොට
ආදරවන්තයින් හැඩවූ
යක්ෂයෙක්ය ඌ

විශ්වාසයේ ගඩොල් වලට
හාදු වලින් බදාම ලා
හැදූ සිහින මාළිඟ සැම
එක මොහොතින් පුපුරවා හැරි
යක්ෂයෙක්ය ඌ

සිහිකොට ගෙන සිනහ නඟපු
ඒ සුන්දර හැම මතකෙම
සිහිවන විට දෙනෙත් අඟින්
රුහිරු බිංදු කඩා හැලන
කටුක මතක බවට හැරවූ
යක්ෂයෙක්ය ඌ

තෝ හන්දා වෙන්වී ගිය
පෙම්වතුන්ගේ කඳුළු වලට
ඇවිදින්නට දොඩවන්නට
හැකි වූවානම්,
උන් සැම එක් වී දවසක
ලිප්ටන් වට රවුමට විත්
මහා හඩින් කෑ ගසාවි
මා ලියනා මේ දේවල්
සත්‍ය බව කියා

තවත් කුමට බලන් ඉන්නේ
තෝ හින්දා වෙන්වෙන අර
පෙම්වතුන්ගේ කඳුළු බිංදු
ඒ හන්දා තවත් නොයිඳ
හෙලිකරනෙමි උඹගේ නම!

පැතුම් පොදිය විසි කරාපු
සිහින මැදුරු කුඩු කරාපු
කටුක මතක ඉතිරි කරපු
ඌගේ නම
"කේන්දරය"

වසර ගණන් නොකැඩි තිබුණු
ඔබ දෙපලගේ විශ්වාසෙද?
සම්භාවිතාවේ බලෙන්
කණා ගහන කේන්දරෙද?
ඒ බව තීරණය කෙරුම
ඔබටම බාරයි!




[පින්තූරෙ-http://fc06.deviantart.net/fs71/i/2011/354/3/8/dont_know_by_love_struck_heart-d4jn3lf.jpg]

98 comments:

  1. සෙනසුරා හතේ...

    ReplyDelete
  2. අනේ මන්දා පූස්... සංසාරේ........

    ReplyDelete
    Replies
    1. ඇයි මුකුත් කියන්න බයද අයියේ? :D

      Delete
  3. මටනම් සිකුරු මහ දසාව මේ දවස්වල . :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් පරක්කු කරන්න එපා අක්කා.:)

      Delete
    2. ඒක නම් අපිත් දන්නවා :-D

      Delete
    3. ඒක ලැබුවාම මොකද වෙන්නෙ අක්කේ? :D

      Delete
  4. හැක හැක .....සහතික ඇත්ත...

    ReplyDelete
    Replies
    1. අක්කා උනත් දැකලා ඇති නොවැ අක්කාගේ යාළුවන්ටම වෙච්චි දේවල්! :D

      Delete
  5. ඕනම බැඳීමක් පදනම් වෙන්නෙ විශ්වාසය මත, කේන්දරෙන් දෙන්නෙක්ගේ අදහස් ගැලපෙනවද නැද්ද කියලා තරමක් දුරට හිතා ගන්න පුලුවන්, ඕන කේන්දරයක් වෙනස් කරන්න පුලුවන් විශ්වාසය කියන දේ තියනවා නං ........

    ReplyDelete
  6. ලස්සනට ගලපලා ලියලා තියනවා, එල ........

    ReplyDelete
    Replies
    1. "කේන්දරෙන් දෙන්නෙක්ගේ අදහස් ගැලපෙනවද නැද්ද කියලා තරමක් දුරට හිතා ගන්න පුලුවන්"
      අනේ මන්දා!
      ඔව් විශ්වාසයයි වටින්නේ ඔය කොයි දේටත් වඩා..
      ස්තූතියි

      Delete
  7. වේලාවට ගැලපුනා

    ReplyDelete
    Replies
    1. හෙහෙහ් වෙලාවට! පොඩ්ඩක් හිතලා බලන්න ඕක නොගැලපුනා නම්? අද ආදරෙන් ඉන්න ඔය දෙන්නා වෙන් වෙලා නේද?

      Delete
    2. ඒවනං සුම්මා පුතා. මම දන්න විදිහට කේන්දරේ කියන්නෙ නයිට් විෂන් කන්නාඩි කුට්ටමක්. නයිට් විෂන් කන්නාඩියෙන් නියම ප්‍රයෝජනේ ගන්න ඒක ගැන ටිකක් දැන ගෙන ඉන්ඩ ඕනැ.

      Delete
  8. මගෙත් සිකුරු. මේ අවුරුද්දේ නම් බඳිනවාමලු. කේන්දරේ සමහර වෙලාවට ඇත්තත් තියනවා. ඉතින් ඒක විශ්වාස කරනවද නැද්ද කියන එක දෙන්නා අතේ තියෙන්නේ...

    ඇයි මොකක් හරි කේන්දර ප්‍රශ්නයක් එහෙම ආවද?...:D

    ReplyDelete
    Replies
    1. අක්කාගෙනම් සිකුරා ටිකක් සැර වැඩිද මන්දා :D

      අපේ ගෙදර කට්ටිය දන්නවා මම ඔය කේන්දර විශ්වාස කරන්නේ නෑ කියලා. කවදා හරි හම්බවෙන කෙල්ලගේ ගෙදරින් කොහොම වෙයිද දන්නේ නෑ. :D

      Delete
  9. අනේ මන්ද බං සීයට සීයක්ම අයින් කරලා දාන්නත් බෑ ඕක මට තේරෙන විදියට නම්. ප්‍රශ්න තමයි ඉතින්...

    ReplyDelete
    Replies
    1. 100% අයින් කරන්න බෑ අපේ මිනිස්සුන්ගේ හිත්වලට මේවා කා වැදිලා!

      Delete
  10. අනේ මන්දා මගේ නම් ඉන්න ඕන හතුරෝ ඔක්කොම 7 කියලා කියනවා. මම මේ කල්පනා කලේ ඔය කියන සිකුරා කවදාවත් මේ කොටුවක උච්ච වෙන්නැද්ද? කියලා.

    ReplyDelete
    Replies
    1. කොටු බල බලා හිටියොත්නම් කවදාවත් ගොඩ ඒමක් නැති වෙයි බට්ටියේ!

      Delete
  11. මටනම් පිස්සුවග්.........

    ReplyDelete
  12. ලිප්ටන් එකටමයි යන්න ඕන. කස්ටිය සෙට්වෙමුද බැනර් එහෙම ඇදගෙන...

    ReplyDelete
    Replies
    1. අමතක කරන්න එපා අපේ රටේ ඉන්න ලොකුම නායකයාගේ හිටං සෑහෙන පිරිසක් මෙව්වා හිස් මුදුනින් පිළිගන්න බව. එහෙව් නායකයෝ ඉන්න රටේ මේ ගැන බැනර් ඇඳන් පාරට බැස්සොත් සුදු වෑන් එන්න බැරි නෑ :D

      Delete
  13. කේන්දරේ කියන්නෙ මක්කටද?

    ReplyDelete
    Replies
    1. සමහරුන්ට දිගමාගලක් වගේ එකකී
      මට නම් ඇත්තේ පුංචි පොතකී
      කොටු දොලහක් ඇදලා ඇතේ
      ගහයොත් ඒ වටේ යතේ....

      Delete
    2. අප්පේ ඕක නොදැන ඉන්න තරමට හොඳයි අයියේ! :D

      Delete
  14. කේන්දරේ බල්ලට දාල බැඳල, දැනට අවුරුදු 32 වෙනව. තාම අපි දෙන්න නං ජොලියෙ ඉන්නව.

    ReplyDelete
    Replies
    1. නියමයි ඔබා මාමේ ජය වේවා

      Delete
    2. මේං සාක්ෂි! තව මොන කතාද?

      Delete
    3. ඕකට කියන්නෙ ඔබා , කේන්දර පලිය කියල

      Delete
    4. නිහාල් අයියා . . . ශුවර් එකටම ඔබාගෙ නැකත් පලවෙන්න ඇති

      Delete
  15. ඕය හැම බම්බුවම තියෙන්නේ හිතේ බං....කේන්දරේට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑ....

    ReplyDelete
  16. ඉක්මනට මාරයියාට කතා කරලා කේන්දරේ බලාගන ඕනේ

    ReplyDelete
    Replies
    1. ඇයි කේන්දර නොගැලපෙනවානම් කෙල්ලව අතාරින්නද?

      Delete
  17. උඹ මගේ එකේ අහල තිබුන ප්‍රශ්නෙට උත්තරේ මම දන්නවෝ.. කේන්දරේ නේ ;)

    මම නම් ඕව ගනන් ගන්නෙ නෑ.. හැබැයි ඕව විස්වාස කරන්න වෙන විදිහෙ දේවල් අහල දැකල තියෙනව... එක සිද්ධියක් විතරක් දාන්නම්.. මේක කිව්වෙ අඳුරන අංකල් කෙනෙක් තමන්ගෙ යාලුවෙකුට වුන දෙයක් කියල...

    කසාද බන්දල දෙන්න කියල පොරෙන්දම්ද ‍නැකතක්ද(හරියට මතක නෑ) බලන්න ගිහින් දුන්නහම කේන්දර බලන මනුස්සය එක දිහා බලන් ඉඳල කියල තියෙනව මේක බලල වැඩක් නෑ මේ දෙන්න දැන් ජීවතුන් අතර නෑ කියල.. පස්සෙ පොරටත් බැනල කොල්ලගෙ තාත්ත ගෙදර ඇවිත්.. ටික වෙලාවක් යද්දි නිවුස් එක ආවලු කෙල්ලයි කොල්ලයි දෙන්නම ඇක්සිඩන්ට් වෙලා එතනමයි කියල...

    මම නම් මොන ග්‍රහය කොහෙ තිබුනත් මට කරන්න ඕන ‍එක කරන්න උත්සහ කරනව.. :)

    ReplyDelete
    Replies
    1. හෙහෙහ්! අහු උනා නේද? මම කාලෙක ඉඳන් ලියන්න හිටපු දෙයක් මේ. ඒකත් මං දන්න අඳුනන අක්කා කෙනෙක්ට වෙ‍ච්චි සිද්ධියක් හන්දා...

      "මේක කිව්වෙ අඳුරන අංකල් කෙනෙක් තමන්ගෙ යාලුවෙකුට වුන දෙයක් කියල" අඳුරන අංකල්ටත් එයාගේ යාළුවෙක් කිව්ව දෙයක් වෙන්න බැරි නෑ! ;)

      Delete
  18. ශා.... නියමයි පූස් අයියා!!! ලස්සනට ගලපලා තියෙනවා... නියමයි!! ඔය හඳහ්න් කතානම් මටත් සෑහෙන්න අත්දැකීම් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි :)
      අත් දැකීම් කිව්වේ? කේන්දරේට කියවිලා හරිගිය ඒවද? එහෙනම් හරි නොගිය ඒවා ගාන ඊට වැඩිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න :)

      Delete
  19. මාත් ඔය කේන්දරේ ගැන හිතන්නේ ඔබා මමා හිතනවා වගේ අදහසක්.. දෙන්නා ගැලපෙනව නම් එච්චරයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඔව් දෙන්නට දෙන්නා විශ්වාසනම ආයේ තව මොනවද :)

      Delete
  20. කේන්දරය යකෙක් රකුසෙක් නොව හිස් පඹයෙකි!

    ReplyDelete
    Replies
    1. එක එක අයට එක එක විදිහට අර්ථකතනය කරන්න පුළුවන්...
      සමහරු කියාවි "කේන්දරය යනු මනුෂ්‍යයාට තමාගේ අනාගතය පිළිබඳ ඉඟි සපයනු වස් දෙවියන් විසින් හඳුන්වා දුන්නා වූ අසමසම විෂ‍යක්ය" කියලා :D

      Delete
  21. කේන්දර නම් මහා හෙන ගෙඩියක් තමයි..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. සහතික ඇත්ත මට නම් තඹ සතේකට ෂුවර් නෑ කේන්දරේ බදින දවසට ඉල්ලුවොත් මම කියනවා හැමෝටම බම්බු ගහගන්න කියලා.එකෙක්ට දෙන්නේ නෑ

      Delete
    3. නඟාටත් අත්දැකීම් තියෙනවද මන්දා :D

      Delete
  22. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. වචන භාවිතයේදී ඔයිට වඩා සංවර උනානම් ඔය ප්‍රතිචාර කොහොමටවත් මකා දාන්නේ නෑ :)

      Delete
  23. උඹට නම් අවුලක් නැහැ පූසා, පූසන්ට මොන කේන්දරද? :-D

    ReplyDelete
    Replies
    1. මේ යන විදිහටනම් ඉස්සරහට ගෙදරකට බල්ලෙක් පූසෙක් ගේන කොට උනත් කේන්දර බලන්න පටන්ගන්න බැරි නෑ :D

      Delete
  24. මම නම් සත පහකට විශ්වාස කරන්නේ නෑ මගේ යාළුවෙක් යාළු වෙලා හිටිය කෙල්ලත් මේ බම්බු කේන්දරයක් පිටින් දාලා බූට තිබ්බා මේක මහා විකාරයක් මම නම් එකෙක්ට දෙන්නේ නෑ මගේ කේන්දරේ ඕවා බලලා වැඩකුත් නෑ විස්වාසෙයි වැදගත්....ඉසුරු යෝගය මතක් වුනා(මම කවදාවත් කේන්දරේ බලවන්නෙත් නෑ)

    ReplyDelete
    Replies
    1. මගේ කේන්දරේ තියෙන්නේ අම්මා ගාව. අම්මානම් ඉඳලා හිටලා ගිහින් ඕක බලං එනවා. බලං ඇවිත් මටත් එක එක එව්වා කියනවා. මම ඉතිං ඒවා මේ කනෙන් ඇහුවව මේ කනෙම් පිට කළා. :D ඒ වගේම එයා දන්නවා මම ඕවා විස්වාස කරන්නේ නෑ කියලා.

      Delete
  25. ඕකට සරළම උත්තරේ "ගනන් ගන්න එපා" කියන එක, ඒත් සමජීය සහ පවුල් බලපෑමත් එක්ක තත්වය වෙනස් වෙනව. ඕකට හොඳ අවබෝධයකුත්, ස්ථීරසාර හිතකුත් තමයි උවමනා කරන්නෙ. ඒවගේම කේන්දරයට පි‍ටුපාල බඳිනවනම් ඊටපස්සෙ ආයෙ මොනම හේතුවකටවත් කේන්දරේ ලංකරගන්න එපා. මොකද විවාහයේ ගැටළු වලට උත්තර කේන්දරෙන් හොයන්න ගියොත් සේරම විනාසයි.

    ReplyDelete
    Replies
    1. "කේන්දරේට පි‍ටුපාල බඳිනවනම් ඊටපස්සෙ ආයෙ මොනම හේතුවකටවත් කේන්දරේ ලංකරගන්න එපා"

      නියමයි නවම් අයියේ නියම උපදෙස් ටිකක්! බොහෝම ස්තූතියි :)

      Delete
  26. කතාව හරියටම හරි

    ReplyDelete
  27. ඔන්න අපිනම් කේන්දර බැලුවෙ නෑ ඕං.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ ඒ උනාට කිසිම අවුලක් නැතුව බොහොම ආදරෙන් ඉන්නවා නොවෙද අයියණ්ඩි? :)

      Delete
  28. කතාවනම සහතික ඇත්ත.. ඒත් ඔය කේන්දර වලටත් වරදින වෙලාවල් නැත්තෙමත් නෑ..

    ReplyDelete
    Replies
    1. කේන්දර වලට බොහෝවිට වරදිනවා!

      Delete
  29. වෙලාව පොඩ්ඩක් ඇජස් කලානම් ඕනේ විදියට කේන්දරේ ගන්න තිබ්බා... රැවුලයි කැඳයි දෙකම බේරිලා...

    ReplyDelete
    Replies
    1. එහෙම තැනක් දන්නවානම් මටත් කියලා තියන්ට බීටලයියා. මෙහෙම කතා කියෙව්වට මට කවදා හරි සෙට් වෙන කෙල්ල මෙව්වා හිස් මුදුනින් පිළිගන්න එකියක් උනිත් මළකෙලියයිනේ! :D

      Delete
  30. යකෝ ඕක හොයාගත්ත එකා දන්නවනම් මම කනව...

    ReplyDelete
    Replies
    1. අත් විඳලා තියෙනවා වගේ! :D

      Delete
  31. අපේ කේන්දර පළ හිලව්ව ඇහුවා නම් උඹට යස කතාවක් ලිවිය හැකි...
    කොහොම නමුත් අපි ඌව කෑවා....අපි හොඳාන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඕං මගේ කතාවට උඹේ කතාවත් සාක්කි! උඹනම් නූලෙන් බේරිලා තියෙන්නේ ඈ....

      Delete
  32. ඔහෙප් පලයන්... ,.. ඇත්තටම ඕක හදපු එකාගේ කෙන්දරේ මොනවගෙද දන්නෙ නැනේ..!

    ReplyDelete
    Replies
    1. කවුරු උනත් හොඳ බුද්ධියක් තිබ්බ මිනිහෙක්!

      Delete
  33. හප්පා.... කේන්දරත් කරන දේවල් හැබෑට...

    ReplyDelete
    Replies
    1. ඕං අක්කාත් පරිස්සමෙන් ඈ :D

      Delete
  34. ස්තුති සහො මෙ ලිපිය පල කරාට මට මෙ දවස් වල ලොකු හිසරදයක් වෙලා තියෙන් නෙ මෙ කෙන්දර"" කෙන්දර වල තියෙන දෙවල් ඇත්ත කරන් නෙ ඒක විශ්වස කරන මනුශයා මෛයි. ""අවුරුදු ගනනක් අදරය කරපු කෙනවත් අත් හරින් න වෙල තියෙන් නෙ මෙ කෙන්දරයක් නිසා ගෙදර අයට මෙ ඇත්ත වටහා ගන්න බරි විම තම ලොකුම හෙනහුරා වෙලා තියෙන් නී

    ReplyDelete
    Replies
    1. ඔය උඩ ඔබා මාමාගේ ප්‍රතිචාරයයි පහල ඕනයියාගේ ප්‍රතිචාරයයි බලන්න..
      මටනම් ඔබට කියන්න තියෙන්නේ මම ලියලා තියෙන කවි පෙලේ අන්තිම කවිය තමයි!

      Delete
  35. ඔව්වා හිස් මුදුනින්ම පිළිගන්න කෙල්ලක් වගේම නැන්දම්ම කෙනෙකුත් හම්බුනා කියපන්කො.
    ඔය උඹ කියපුවා ඔක්කොම ඒ විදිහටම වුනා.
    ලොවෙත් නෑ මචන් සිරාම පබැදුමක්.
    මම මේක කොපි කරල ඒකිට ඊයකුත් යවලා දැම්ම මේ දැන්.

    ReplyDelete
    Replies
    1. උඹ ගැන කණගාටුයි මචං. නැන්දම්මාට කෙසේ වෙතත් ඒ කෙල්ලටවත් සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්!

      Delete
  36. මගෙයි මගෙ හාමිනේගෙ කේන්දරෙයි බලපු හැමෝම කිවුවෙ ගැලපෙන්නෙ නෑ කියල. ඒත් අපි දෙන්න කසාද බැඳල පැටියෙකුත් හදාන ජොලියෙ ඉන්නව.

    ප.ලි.
    උඹල අපි දන්න බ්ලොග් වලිංම සෙට් වෙච්චි බ්ලොග් කාරයෙකුටයි බ්ලොග් කාරියෙකුටයි මේ ලඟදි වෙං වෙන්න උනා කේන්දර අවුල නිසා.

    ReplyDelete
  37. ඕං මං මතුකරන කාරණේ ඔප්පු කරන්න තවත් සාක්කි!

    "උඹල අපි දන්න බ්ලොග් වලිංම සෙට් වෙච්චි බ්ලොග් කාරයෙකුටයි බ්ලොග් කාරියෙකුටයි මේ ලඟදි වෙං වෙන්න උනා කේන්දර අවුල නිසා"
    පව් වැඩේ! ගෑණු ළමයිටනම් ඕවා නිසා පවුලෙන් එන බලපෑම වැඩියිනේ. ඒත් එන ඕන දේකට මූණ දෙන්න බලාගෙන කේන්දර අමතක කරන කෙල්ලොත් නැත්තෙම නෑ....

    ReplyDelete
  38. ඇත්ත කථාව...මගේ කේන්දරෙත් හැදුවේ ගෙදර එක්කෙනාගේ එකට හරියන්න....

    ReplyDelete
  39. මමනම් ඔය යකත් එක්ක බජනයක් නෑ... :D

    ReplyDelete
  40. මම නම් හිතන්නෙ බොරු වැඩ කියලා, ඇත්ත තමයි යකෙක් ම තමයි!

    ReplyDelete
  41. මාත් මේ කවි සෙට් එක සේව් කර ගත්තා.
    පහු කාලෙක ඕන වෙයි නෙව.

    ReplyDelete
  42. හිත ෆිට් නම් ඔය මොකුත් අදාල නෑ බන් . .

    ReplyDelete
  43. කේන්දර විශ්වාස කරන්නේ බහුතරයක් බෞද්ධ අය.. කතෝලික අයට කේන්දරත් නෑ, සිකුරොත් නෑ, සෙනසුරොත් නෑ. අපිට තමා මේ හැම උලව්වම... !!!

    ReplyDelete
  44. කේන්දරය ගැන කතාකරන්න කිසිම හැඟීමක් නෑ පූසා මටනම් :-D
    ඒකෙන් මට හොඳක්වත් නරකක්වත් නෑ ඒක ඔහේ කවරයක් ඇතුලෙ අල්මාරියේ තිබුණාවේ :-D

    ReplyDelete
  45. සහතික ඇත්ත පුසා... සහතික ඇත්ත....

    ReplyDelete
  46. කේන්දර - පොරොන්දම් පෑහිල , අෂ්ඨක කියල පෝරුවේ නැගල හත් දා මගු කාපු මඟුල් කීයක් කැඩිල තියෙනවද ? මේ එකක්වත් නොකර හඳ පානේ ගිය ජෝඩු කීයක් උඹ නොදකින් කියා ගන්නෙ නැතිව පවුල් කනවද ?

    ReplyDelete
  47. කේන්දරයෙන් කියන දේ අවබෝධ කරගෙන එවැනි තත්වයන් ඇති නොවීමට දෙදෙනා අවබෝධයෙන් කටයුතු කරනවා නම් කිසිදු ගැටලුවක් ඇති නොවන බව මගේ හැඟීමයි..

    ReplyDelete
  48. මම මේක දැක්කේ නෑ නෙව වෙනත් බ්ලොග් රෝලක තිබිලා දැකලා තමයි මේ දුවගෙන ආවේ

    උඹට කියන්න ඔය පොරොන්දම් නම් අනිවා ගැලපෙන්න ඕනෙ නැත්තම් ඉතින් බඩු බනිස් . මගේ කෙල්ලගේ ගෙවල් වල අය ඔවුවා ඉහලින්ම විස්වාස කරනවා . ඉතින් මම එහේ ගිය විගහින්ම මගෙන් ඉල්ලුවේ ඔය කේන්දරේ .. අවුලක් නෑ මම ඒකෙන් පාස් ..

    උඹට කියන්න බං ඒලෙවල් පේල් වුණත් කමක් නෑ පොරොන්දම් පෑහෙනවා නම් එච්චරයි .. අද්දැකීමෙන් කියන්නේ

    ReplyDelete
  49. අනේ මන්දා.. මන් නම් ඔව්වා විශ්වාස කරන්නෙ නෑ..විශ්වාස කර න අයට අකුල් හෙලන්නෙත් නෑ

    ReplyDelete
  50. මටත් ගැලපෙන්නේ නෑ කිව්ව බන් ඒත් අපි බැන්ද තාම නම් කිසි අවුලක් නෑ....:D

    ReplyDelete
  51. හොද කවි පන්තියක්,,
    මටනම් සිරාවටම ගැලපුනා.
    ඒ නිසා තමයි දැන් කෙලවෙලා ඉන්නේ :/

    ReplyDelete
  52. ඒත් ඉතින් කේන්දරේ නොගැලපෙනවා කිව්වයින් පස්සෙ ගෙවල් වල මිනිස්සුන්ගෙ හිත් වලට එන හැඟීම නැති කරන්නෙ කොහොමද මල්ලි.? :(

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...