Tuesday, February 14, 2012

මගේ පස්වන වැලන්ටයින් සැමරුම!


වැලන්ටයින් යනු හොඳ දෙයක් දැයි නරක දෙයක්දැයි යන්න විසඳාගන්නට බැරිව කරනා තර්ක එදත් පැවතිනි අදත් පවතියි හෙටද නිසැකවම පවතිනු ඇත. තර්ක කරනා උන් උන්ගේ ලෝකවල එසේ තර්ක කරද්දී මමත් ඇයත් අපේ ලෝකයට වී වැලන්ටයින් සැමරුවෙමු. කවුරු මොන බයිලා කීවත් අපිටනම් වැලන්‍ටයින් යනු අපේ ආදරේ වැඩි කරගැන්මට, විඳගැන්මට අපූරු දවසකි. වැලන්‍ටයින් නිසා වෙළෙන්ඳා පොහොසත් වෙන බවට ඇතමෙන් කෑ ගසනු ඇසෙයි. එය ඇයටත් මටත් ප්‍රශ්නයක් නොවේ. වැලන්ටයින් දිනය පොහොසත් වන වෙළෙන්දාට වඩා අපේ ආදරේ වැඩියෙන් පොහොසත් වන බව අපි හොඳාකාරවම දනිමු.

වැලන්ටයින් යනුවෙන් පෙම්වතුන්ට වෙනම දිනයක් උවමනා නැති බවට ඇතැම් නාකි පත්තරකාරයින් තර්ක කරයි. උන්ට උඩගෙඩි දෙන තරණ තරුණියන්ද නැත්තේම නැත. නමුත් බොහෝ වේලාවට ඒ තරුණ තරුණියන්ද පෙරදාක මහත් ආසාවෙන් වැලන්ටයින් සැමරූ පසුව පෙම්වතා පෙම්වතිය විසින් බූට් එක තබනු ලැබූ ඇත්තන්ය. මටද ඇයටද ඔවුන් ගැන තරහක් නැත. ඇත්තේ අනුකම්පාවක් පමණකි. පෙම්වතුන්ගේ දිනය වැඩක් නැතැයි පත්තරවල පිටු පුරවන ඇත්තෝම පසුව වැඩිහිටි දිනයේ, ගුරු දිනයේ ඇති වැදගත්කම් ගැන මහා ලොකුවට පිටු පුරා ලියයි. මගේ තර්කයනම් පෙම්වතුන්ට විශේෂයෙන් දිනයක් අවශ්‍යය නැතිනම් අනෙක් විශේෂ දිනයන්ද අවශ්‍යය නොවන බවයි. නමුත් සමහරවිට ආලයෙන් අන්ධ වී සිටන මගේ තර්ක බොළඳ විය හැකිය. කෙසේ නමුත් මොනයම්ම හේතුවකින් හෝ මගේ ආදරේ මට අහිමි වුනත් වැලන්ටයින් කුහකයෙකු බවට පත්වී පත්තර පිටු බ්ලොග් පිටු පුරවන්නේ නැති බව මම දිනක් ඇයටද පැවසීමි. "ආ.... දැන් ඉතිං මගෙන් බේරිලා යන්න හිතුවා මදි" හුරතල් හඩින් මීට වසර කීපයකට ඉහතදී ඈ දුන් පිළිතුර මට තාමත් මතකය.

වැලන්ටයින් දිනයේ තෑග්ගක් ගැනීමට තමන් වැයකළ මුදල, ඒ තෑග්ග නිසා ඇය ලබන සතුටට අනුලෝමව සමානුපාතික නොවන බව මට වැටහුනේ මීට වසර කීපයකට ඉහතදීය. ඒ සඳහා අවශ්‍යය වන්නේ ඇගේ ආශාවන් හොඳින් හඳුනා ගැනීම පමණකි. ඇය ටෙඩි බෙයන්ට බොහෝ ආසා කරන බව මා දැනගත්තේ මීට වසර දෙකකට පෙර වැලන්ටයින් දිනයට ආසන්න දවසකදීය. ටෙඩි බෙයන් යනු සාම්ප්‍රදායික වැලන්ටයින් තෑග්ගක්යැයි සිතාගෙන සිටි නිසාමදෝ මා ඇයට ඊට කලින් ටෙඩි බෙයෙකු තෑගි දී තුබුණේ නැත. ඒ ටෙඩි බෙයාර් ගැනීමට වැයවූ මුදලට වඩා වැයෙන් වියදම් කොට ඇයට විවිධ තෑගි මා ලබාදී ඇති නමුත් මීට වසර දෙකකට පෙර වැලන්ටයින් දිනයේ මා ඇයට තෑගිදුන් තරමක් විශාල ටෙඩි බෙයාර්ව ඇය සලකන්නේ එදා මෙදා තුර ඇයට ලැබුණු හොඳම වැලන්ටයින් තෑග්ග ලෙසය.

වැලන්ටයින් දිනට ඇයට තෑග්ගක් දී ඇගේ මුහුණේ ඇදෙනා දහසක් සිතුවම් අතරේ අතරමං වීම තරම් මා ප්‍රිය කරනා වෙනත් යමක් මෙලොව ඇත්දැයි මම නොදනිමි. ඉතිං පස්වන වතාවටද එසේ අතරමං වීමට මට අද අවස්ථාව ලැබෙනු ඇත. හමුවීමට කතා කරගත් තැන පේන්නට තරමක් දුරින් හිඳ ෆෝන් එක ඕෆ්කර දමා ඇයට හොරෙන් ඇය දෙස බලා හිදිමි. ඇස් රතුවී මුහුණ කළු වී ආහසු හැරී යන විට පසුපසින් ගොස් ඇයට කතා කරමි. ආදරේට පුංචි විහිළුවක් කළාට වරදක් නැත. මක්නිසාද යත් ඇගේ මුහූණේ පෙර නුදුටු සිතුවම් රාශියක් මතුකරගැන්මට හැකිවන නිසාය. විටෙක එය ආත්මාර්ථකාමී සිතුවිල්ලක් ලෙස ඔබට පෙනෙනු ඇත. ඊට කමක් නැත ආදරවන්තයෝ කොහොමත් ආත්මාර්ථකාමීය.
ඔබ සැමට සුභ වැලන්ටයින් දිනයක්!



ප.ලි : නිර්මාණය සහ නිර්මාණකරුවා යනු දෙදෙනෙකි!



[පින්තූරෙ-http://www.4to40.com/images/egreetings/Valentine_Day/What_is_LOVE-Valentine_Day-507_big.gif]

67 comments:

  1. //ප.ලි : නිර්මාණය සහ නිර්මාණකරුවා යනු දෙදෙනෙකි!\\

    හුහ් හූ...... :D

    ReplyDelete
    Replies
    1. ඇයි බං හූ කියන්නේ? :D

      Delete
  2. හොඳ අදහසක් වෙනස්....
    ඒත් ආදරය අන්ධයිලු...:P:P

    ReplyDelete
    Replies
    1. ඔව් ආදරය අන්ධයි අත්දැකීම් තියෙනවා. යාළුවෝ කරන වැඩ දැකලා තියෙනවා!

      Delete
  3. එහෙම කරන එක හොඳා කියලයි මටත් හිතෙන්නෙ ...

    ReplyDelete
    Replies
    1. කොහොම කරන එකද වෙනී අයියේ? :D

      Delete
  4. ඇත්තනේ. වැලන්ටයින් දිනය එපානම් අනික් දිනත් ඕනි නෑ නේද?...
    අන්තිමටනේ ප.ලි කෑල්ල දැක්කේ....:DDD
    ආදරයෙන් පිරුණු හදවත් ආදරයෙන් පිරී ඉතිරී යන ප්‍රීතිමත් වැලන්ටයින් දිනයක් වේවා...!!!!!

    ReplyDelete
  5. Replies
    1. ඇයි මුකුත්ම හිතාගන්න බැරිද? :D

      Delete
  6. ආදරේ කරනකෙනෙක්ගෙ ලස්සන ලස්සන හැඟීම් ගොඩාක් එකට එකතුකරපු ලස්සන නිර්මාණයක්.....

    ඔයාටත් සුභ ආදරවන්තයින්ගේ දිනයක් වේවා පූස්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...
      ඔයාටත් එසේම වේවා! :)

      Delete
  7. මගේ නම් අදහස මෙහෙම දවසක් එන එක හොදයි.මොකද එතකොට ආදරේ Refresh වෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් ඊයේ බට්ටිගේ ආදරේ රීෆ්‍රෙශ් උනාද? :)

      Delete
  8. මෙහෙමවත් දවසක් නැත්තං ලව් එකේ කිසි ගෝ එකක් නෑ අප්පා....

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ සාක්කි කාරයෝ!

      Delete
  9. මාත් කෑමතියි මෙහෙම දවසක් තියන එකට . ඒත් තාමත් බෑරිඋනානේ මේ දවස හරියට සමරන්න .

    …පූසටත් සුභ ආදරවන්තයින්ගේ දිනයක් වේවා !

    ReplyDelete
    Replies
    1. අයියෝ අක්කේ ලබන පාර එකවත් සමරන්න!(රහසින් : මාත් කවදාවත් සමරලා නෑ :D)
      එසේම වේවා!

      Delete
  10. වැලන්ටයින් දිනයත් එපා. අනිත් දිනයනුත් එපා.
    ඕක මේ කපටි වැඩක්නෙ. මම පෙම්වතියට (බිරිඳත් පෙම්වතියක් නේද?) ආදරේ බව පෙන්වන්න එයාගේ උපන් දිනේට තෑග්ගක් අරන් දෙනවා. ඒත් මට එයාගෙ උපන් දිනේ අමතක වෙනවනෙ. මාධ්ය වල පළ වෙන්නෙ නෑනේ අපේ උන්දැගෙ උපන්දිනේ අහවල් එක කියල.
    ඒ වුනාට වැලන්ටයින් දිනේට තෑග්ගක් අරන් දුන්නම ඒක ශේප් කරගන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. අපොයි වයිෆ්ගේ උපන්දිනෙත් අමතක වෙනවදැ? :D

      Delete
  11. සුභ ආදරවන්තයින්ගේ දිනයක් පූසා... :)

    ReplyDelete
  12. දවස් 365 ම අන්දන්න පුළුවන් හැම එකාම අන්දන් කන ඔය මිනිස්සු 14 වෙනිදට විතරක් බොරුවට කෑගහනව වෙළෙන්දෝ තරුණ තරුණියෝ අන්දන් කනවලු..... ජංගම දුරකතනේ ඉදන්, බල්බ් එකේ ඉදන් ලියන බ්ලොග් එක දක්වා බටහිරින් එන හැම මගුලක්ම බදාගෙන දඟලන ගමන් පොර ටෝක් දෙනව වැලන්ටයින් බටහිර සංකල්පයක්ලු..... පැහැදිලි ඉරිසියාව මිසක් වෙන මොනවාද ඉතින්....:D මම නම් කොහොමත් මාසෙකට සැරයක් වත් වයිෆ්ට ප්‍රසන්ට් එකක් දෙනවා... අදත් මොනව හරි අරගෙන තමයි ගෙදර යන්නේ...:D උඹටත් හැපී වැලන්ටයින් මචන්....!!!!!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ!
      මේං ආදර්ශමත් හස්බන්ඩලා! :D
      එසේම වේවා!

      Delete
  13. සුභ ආදරවන්තයන්ගේ දිනයක් පූසා....

    ReplyDelete
  14. පූසට මීයෙක් වත් අහු වෙලාද ?

    ReplyDelete
  15. වැලන්ටයින් දිනයට නෙමෙයි ඕනෑම දවසක මොනා හරි තෑග්ගක් දුන්නාම කෙල්ලගේ මුනේ ඇඳෙන ඒ හිනාව එකම විදියයි මට නම්... මට විශේෂයෙන් කියලා වැලන්ටයින් සමරන්න බෑ තියෙන දුර ප්‍රශ්නේ නිසා ඒත් ඒ තෑගි බෝග දෙන වෙලාවට වඩා සෑහෙන සතුටක් එයාගෙන් මම දකින්නේ අපි දෙන්නා කාලෙකට පස්සේ හම්බුවෙන වෙලාවට... එක අතකට සමහර අය කැමතියි තමන්ව වැලන්ටයින් දිනවල තවත් සුවිශේෂ වෙනවට ඒක ඉතින් කැමැත්තනේ....සුභ ආදරවන්තයින්ගේ දිනයක් වේවා එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ගැමියාගේ ආදරේ LDR එකක් වගේ!
      එසේම වේවා!

      Delete
  16. අදහස නම් හරි. නමුත් මොකක්ද අර අන්තිමට දාලා තියෙන ඩිස්ක්ලේමර් එක? ඒකෙන් කියවෙන්නෙ ඔය කිව්ව සේරම බොරු කියලද?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම දෙයක් නෙමෙයි අයියේ ඒකෙන් අදහස් කලේ. මම ඒ කියලා තියෙන්නේ මේ කතාව මගේ ජීවිතයට සම්බන්ධයක් නෑ කියන එකයි. ඕක නොලිව්වානම් මෙතන කට්ටිය කමෙන්ට් කරන්නේ "ආ උඹ බොරුවට අපිට කිව්වා නේද කෙල්ලෙක් නෑ කියලා?"
      "මුගේ ලව් එක අවුරුදු 5කටත් පරණයි මූ අපිට බොරුනේ කියලා තියෙන්නේ"
      ඔන්න ඔහොමනේ! :D

      Delete
  17. බොහෝ නිර්මාණකරුවෝ තමන්ගේ ජීවිත අත්දැකීම් අනුන් පිට දමමින් නිර්මාණකරණයේ යෙදෙනවා කියල ලඟදි කියවපු පොස්ට් එකක හරි කමෙන්ට් එකක හරි දැක්ක.
    මට නම් හිතෙන්නේ එක ඇත්තක්මයි කියල...

    මොනවා වුනත් පුසගේ කතාව ඇත්ත...ආදරේට එක දවසක් වෙන් කිරීම ගැන කවුරු මොනවා කිවත් එහෙම දවසක් වත් තියන එක ගැන සන්තෝස වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. "බොහෝ නිර්මාණකරුවෝ තමන්ගේ ජීවිත අත්දැකීම් අනුන් පිට දමමින් නිර්මාණකරණයේ යෙදෙනවා" ඒ කතාව ඇත්ත. අත්දැකීමක් ලියන එක කතාවක් මනසින් මවාගෙන ලියනවට වඩා හොඳට ලියන්න පුළුවන්. ඒත් ඕක හැම වෙලාවකම ඇත්ත වෙන්නේ නෑ.

      Delete
  18. මට හම්බුනු හොඳම ,එලම වැලන්ටය්න් ලිපිය!!!! නියමයි පූසා අයියේ!!! මම හිතන්නෙත් එහෙමයි..කියන්න ඕනෙ ටික උපරිමේට කියලා තියෙනවා..මේ හැම කෙනෙක්ම "14 විතරක් මොකට්ද වෙනසක්?" "ආදරේ හැම දවසකම එක වගේ" "ඕක බිස්නස් දවසක්" ගගා ලොකු ලොකු කතා කියන කාලෙ... නියම උත්තරයක් ලියලා තියෙනවා..

    // කෙසේ නමුත් මොනයම්ම හේතුවකින් හෝ මගේ ආදරේ මට අහිමි වුනත් වැලන්ටයින් කුහකයෙකු බවට පත්වී පත්තර පිටු බ්ලොග් පිටු පුරවන්නේ නැති බව මම දිනක් ඇයටද පැවසීමි//

    තමන් වැලන්ටයින් සමරන්නෙ නෑ කියලා ,ඒ සංකල්පෙට කැමති නෑ කියලා කුහක වෙන්න නරකයි!!!
    ජය වේවා!! පූසා අයියාටත් සුභම සුභ වැලන්ටයින් දිනයක්!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගී!
      ඔයාටත් එසේම වේවා! :)

      Delete
  19. අනේ මන්දා මට නම් ඔය දවස දිරවන්නෙම නෑ සමහරවිට අතේ මිටේ සල්ලිය බාගේ මේදවස් වල හිඟ නිසා මට එහම හිතෙනව ඇති .

    මම අද දවස ඉක්මනට ගෙවිලා යනකම් ඇඟිලි ගනින එකෙක් බං ..

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ගෙවිලා ගියත් හිමීට ගෙවිල ගියත් කෙල්ලට තෑග්ගක් නොදුන්නොත් නඩුවක් වැටෙයි නේද මචං? :D

      Delete
  20. එහෙනම් හැම ආදරවන්තයෙක්ම අද සතුටින් හිඳියි යයි මගේ පැතුම . ඕවට අකමැති නම් නිකන් ඉන්න බැරිය . මොකටද ඉරිසියා කරලා .

    සඳරු ...තෑගි නොදුන්නට කමක් නැහැ . අඩු ගානේ අද ඔයාට එයාව මතක් වුනානේ විශේෂයෙන් .

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ... සමරන එක නැති එක ඒ අයගේ කැමැත්තනේ. ඒත් මේවා මහාලොකු වැරදි වගේ විවේචනය කරන්නේ මොකද නේද :)

      Delete
  21. පූසාට හැපි වැලන්ටයින් වේවා....!!!

    ReplyDelete
  22. වෙනමම අදහසක් තමා මාත් එකගයි.

    ReplyDelete
    Replies
    1. මම ලියපු කෙනා නිසා වෙන්න ඇති මටනම් ඒ හැටි වෙනසක් දැනෙන්නේ නෑ මචං :)

      Delete
  23. මමත් තාම වැලයින්ටයින් සමරලා නෑ.. මේ අදහස් ටිකනම් නියමයි..

    ReplyDelete
    Replies
    1. රහසින් : මාත් එහෙම තමයි බං :D

      Delete
  24. seriously මට අද වැලාඩේ කියලා අමකත වෙලානේ හිටියේ... :)

    සුබයි සුබයි!!

    ReplyDelete
    Replies
    1. අමතක් වුනාට මොකෝ තෑග්ග ලැබුණ හැටියේ මතක් වෙන්න නැතෑ :D

      Delete
  25. [වැලන්ටයින් යනුවෙන් පෙම්වතුන්ට වෙනම දිනයක් උවමනා නැති බවට ඇතැම් නාකි පත්තරකාරයින] එකඟය(සීමාවන් තුල! මා ප්‍රේමයට එකඟ නැති බවින්!).

    මේ කට්ටියට ලොකුකම් දී තිබෙන්නේ ද අපමය. එම වරද නිවරද කල හැක්කේ ද අපටම පමණි.

    ReplyDelete
    Replies
    1. ප්‍රේමයට එකඟ වීම හෝ නොවීම තම තමන්ට අයිති දෙයක්. වැලන්ටයින් දිනය සැමරීම හෝ සමරන්නේ නැතිව සිටීමත් තම තමන්ගේ කැමැත්ත විදිහට සිද්ධ වේවි. ඒ ඒ දේවල් විවේචනය කිරීම හෝ නොකිරීමත් අදාල අයගේ කැමැත්ත අනූව සිද්ධ වේවි. සිදුවිය යුත්තේ හැම දෙයක් දිහාම විවෘත මනසකින් බැලීම පමණයි!

      Delete
  26. පුසාටයි,පූසීටයි දෙන්නටම හැපි වැලන්ටයින්ස් ඩේ !!!!..

    ReplyDelete
    Replies
    1. "පුසාටයි,පූසීටයි" :D :D
      එසේම වේවා මචං!

      Delete
  27. සැබෑ ආදරවන්තයෙක්....සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. මනසේ මැවුනු සැබෑ(ද නොදනිමි) ආදරවන්තයෙක්!
      ස්තූතියි මචං!

      Delete
  28. යකෝ කෙල්ලගෙ මූනෙ චිත්‍ර අඳින්නේ? ගනිංකො හාෆ් ෂිට් ටිකක් :P

    මම අවුරුදු 10-12කට උඩදි නම් ඕක ඒ තරම් ගණංගත්තෙ නෑ. දැනුත් නෑ. ඒත් ඒක එකම විධියට ගෙවෙන ජීවිතේට වෙනසක් ගේනව. එක එක ඔල්මොරොන්දම්කාරයො බයිල ගැහුවට අපි ගණං ගනියි ඕව. මමනං ජොලියට වගේ අපෙ අම්මටත් මැසේජ් එකක් ගැහුව. :-)

    ReplyDelete
    Replies
    1. "යකෝ කෙල්ලගෙ මූනෙ චිත්‍ර අඳින්නේ? ගනිංකො හාෆ් ෂිට් ටිකක් :P"

      අඩේ මම ආයෙත් ගිහිං කියවලා බැලුවා මගේ අතිං වැරදියට ලියවෙලාවත්ද කියලා :D

      Delete
  29. මම උඹට වැලන්ටයින් තෑග්ග ලෙස කුප්පමේනියා ගසක් එව්වෙමි. ලැබුණාද?? හික් හික්

    ReplyDelete
  30. ලස්සන අදහසක් සහෝ! හැබැයි මම නම් පුද්ගලිකව ඔහොම දවසක් වැඩක් නෑ කියලයි කියන්නේ. ඒක ඉතින් මගේ මතේ. අනිත් අය සමරන එකට මම මුකුත් කියන්නේ නෑ. මට ඉරිසියත් නෑ, තරහකුත් නෑ. කොහොමත් මට ඕක සමරන්න අවශ්‍ය මූලික සුදුසුකම තිබුලත් නෑ (පෙබ 14 වෙනිදා වනවිට පෙම්වතියක් සිටීම:)). හිටියත් සමරන්නේ නම් නෑ. උඹ කිව්වා වගේ ඔය වාදය හැමදාටම තියේවි. ඕකට දෙපැත්තටම කරුණු කියන්න පුළුවන්. ඒ ගැන තර්ක කරනවා කියන්නේ තේරුමක් නැති වැඩක්.

    ReplyDelete
    Replies
    1. කවදා හරි උඹේ කෙල්ල උඹට වැලටයින් දවසර තෑග්ගක් දුන්නොත් උඹ ඒක එපා කියනවද? තෑග්ග අරං එයාට තෑග්ගක් නොදී නිකම් ඉන්නවද?

      Delete
    2. ඒ ගැන මම කලින්ම හිතලා තියෙන්නේ මචන්.:) මම එහෙම වුනොත් ඕක කිට්ටු වෙනකොට කලින්ම කියනවා මගේ මතේ. ඒ කියන්නේ තෑගි බලාපොරොත්තු වෙන්න එපා කියල නොකිය කියනවා. එහෙම කරලත් ඒකි තෑග්ගක් දුන්නොත් නොගෙන ඉන්නේ නෑ. හැබැයි මම නම් දෙන්නේ නෑ, මොකද මම ඒක කලින්ම කියල නේ තියෙන්නේ.

      Delete
  31. ඔබටත් එසේම වේවා...

    ReplyDelete
  32. හරි. හරි. මේ ලියලා තියෙන්නේ ඔයා ගැන නෙමේනේ. :D

    ReplyDelete
    Replies
    1. "නිර්මාණය සහ නිර්මාණකරුවා යනු දෙදෙනෙකි!" :D

      Delete
  33. පූස්තඩියටත් හිතෙන දේවල් ඕං.

    ReplyDelete
  34. අම්මෝ පට්ටම එකගයි

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...