Wednesday, February 27, 2013

අපිට පිස්සු ඕයි !!!

අනික් උන්ව එළියේ දාලා
අපි සේරම ඇතුලෙ දාලා
පිස්සන් කොටුව නම තැබුවේ
මොන පිස්සද ඕයි?
පිස්සෝ සැවොම එළියේ ඉඳන්
පිස්සු කෙලියි ඕයි!

සයිමන්ගේ බෝට්ටුවේ
ගුජු ගුජු ගා දුමත් දාං
ඇඳක් වටේ පැද්දි පැද්දි
බෝට්ටුවේ රවුං යන්න
පුළුවන් වෙන තවත් තැනක්
ලොවෙත් නෑනේ ඕයි!

කෝසලයගේ කෝච්චියේ
කුචු කුචු ගා මහ සද්දෙට
සුදුම සුදුම  නර්ස් නෝනා
වටේ වටේ පැද්දි පැද්දි
කෝච්චියේ රවුං යන්න
පුළුවන් වෙන තැනක් ආයේ
ලොවෙත් කොහෙද ඕයි?

ඕන දෙයක් ඕන විටෙක
නෑයි බෑයි කියන්නෙ නැති
ඕනයියා ඔතාගෙනම
හනික ඇවිල්ලා,
මේං බොලේ හඳට යන්න කතා කරනවා

අප්පේ දුර වැඩියි වගේ
හඳට මෙහා වංගුවවේදී
මූන් ලයිට් හෝටලේ ළඟ
මම බහිනවා ඕයි!
මාත් එක්ක පාවෙන්නට
උඹ එනවද ඕයි?

අපි දෙන්නා එකතු වෙලා
හේලිගේ වල්ගා තරුවේ
වල්ගහෙට ගිණි අවුලාලා
හිනා වෙවී දුරට වෙලා
බලා හිඳිමු ඕයි!


පුංචි පුංචි තරුකැට ගෙන
දිව උස්සා යටින් තබා
තරු සේරම නිවා දමා
කිසිම දෙයක් නොවුනා වගේ
මාරු වෙමුද ඕයි?

මහ දවාලේ ගිණි අව්වේ
සෙනසුරාට කවර් වෙලා
අල්ලේ සීනි දිවෙන් අරං
හෙමි හෙමීට ප්ලේන්ටියක්
සූස් සූස් මහ සද්දෙට
උරා බොමුකො ඕයි!

මහ විශාල උල්කාශ්ම
සුළඟිල්ලෙන් තල්ලු කරලා
වෙනස් නොවෙන ප්‍රවේගෙයෙන්
අනන්තයට යන දිහාව
ඇස් හතරම පුංචි කරං
බලං ඉඳිමු ඕයි!

මටනං දැන් පිස්සු වගේ ඕයි!
වගේ නෙමේ ඕයි...
පිස්සු තමයි ඕයි !!!

**********

මාත් එක්කම ඇඩ්මිට් වුනා : ඕනයා | සිහින | අවංක පැට්ටා | ආගන්තුකයා | STRANGER | රනා | පසන් | බුල්ටෝසෝඩා ගුණේ | නචී | ජීවිතේ මල් | ලිෂාන් පුවක්ඕවිට | සංජුපිස්සා | අශාන් | හිතුවක්කාර කෙල්ල | රුචක| හසී | මුචලින්ද | අමිල චතුරංග

11 comments:

  1. අල්ලේ සීනි දිවෙන් අරං
    හෙමි හෙමීට ප්ලේන්ටියක්
    සූස් සූස් මහ සද්දෙට
    උරා බොමුකො ඕයි!

    කියනකොටත් ආසයි ඕයි..........

    ReplyDelete
  2. වැඩේ නැගලම යනවා

    ReplyDelete
  3. දැන් නම් හොදටම ෂුවර්.... හි හි

    ReplyDelete
  4. හේලිගේ ආච්චි‍ටත් පිස්සුලු ඕයි....

    ReplyDelete
  5. හැමෝටම ස්තූතියි!
    හැමෝටම එක එක විදිහේ පිස්සු තියෙනවා. වෙලා තියෙන්නේ තමන්ගේ පිස්සුව තමන්ට නොපෙනෙන එකයි. අපි පාරේ යන එනකොට සමහර වෙලාවට මුණ ගැහෙනවා මානසික ආබාධ සහිත පුද්ගලයන්. ඒ අය ඔහේ කියවනවා. සමහර අය සමාජය ගැන කියවනවා පිළියන්දල ඉන්නවා එක්කෙනෙක් මෑන් දේශපාලනේ ගැන කඩ්ඩෙනුත් කියවනවා! තවත් සමහරු මුකුත්ම නොකියා ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ සිතුවිලි කොයි වගෙ ඇද්ද? අපිට වඩා නිදහසේ ඒ මිනිස්සු හිතනවා ඇතිද? ඔවුන්ගේ සිතුවිලි වලට සීමා නැතුව ඇතිද?
    පිස්සෙක් වෙන්න ගත්තු පුංචි උත්සහයක් මේ!

    ReplyDelete
  6. පිස්සුව නොමැති නම් අප බ්ලොග් ලියාවිද?

    (තනි පදයේ පිස්සු කවියකි)

    ReplyDelete
  7. මට පිස්සු කියලා උඹ දන්න තරමටම මමත් උඹට පිස්සු කියලා දන්නවා ඕයි!!! නැත්තම් මං මේක කියවයිද ඕයි.. මමත් එකක් ලියයිද ඕයි!!

    ReplyDelete
  8. පිස්ෂු පීකුදු ඕයි !

    ReplyDelete
  9. උඹ දන්නවද හමුදා කඳවුරක් කියල වැරදිලා ජපන අංගොඩ පිස්සංකො‍ටුවට බෝම්බ දාන්න එනකොට සිද්ධීන් දෙකක් උනා කියල

    සිද්ධි අංක එක : ප්ලේන් වල සද්දෙට බයවෙච්ච පිස්සො සේරම ගේට්‍ටු තාප්ප පෙරළගෙන පිස්සංකො‍ටුවෙන් එළියට පැන්න

    සිද්ධි අංක දෙක : ප්ලේන්වල සද්දෙට බයවෙලා ඔළුව හැටිච්ච අතේ දුවන මිනිස්සු ජපනා ගමට බෝම්බ දැම්මත් පිස්සො ඉන්න පිසංකො‍ටුවට දාන එකක් නෑ කියල හිතල ඒකට රිංගුව.

    ජපනා පිස්සංකො‍ටුවට බෝම්බ දැම්මා !!!

    ReplyDelete
  10. හපොයි... මටත් දැන්නම් පිස්සු වගේ ඕයි...

    ReplyDelete
  11. “අපිට පිස්සු ඕයි“ කියනාවා මම මීට පෙර දෙවතාවක් දැක්කා. නමුත් මාතෘකාවයි අවසන් පද පෙළ පමණයි වෙනස් නැත්තේ. දැන්නම් අපිටත් පිස්සු වගේ....

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...