Friday, February 11, 2011

ලස්සන වෙන්න ගිහින් කැත වෙන කෙල්ලෝ.....


කොළඹ අවට සැරිසරනකොට දැකපු කෙල්ලෝ නිසා ලියන්නට හිතුනු........... හ්ම්ම්ම්ම්............ මොකක්ද? කතාවක්? හ්ම්ම්ම්...... නෑ.....
හ්ම්ම්ම්ම් කොළඹ අවට සැරිසරනකොට දැකපු කෙල්ලෝ නිසා ලියන්න හිතුනු මොකක් හරි එකක්........

ඔය කොළඹ අවට සැරි සරනකොට, කොල්ලො හැටියට අපිට ඉබේටම වගේ ඇහැ යන විදිහේ කෙල්ලෝ ඕන තරම් ;) බොරුද? එයාලා අතරින් කිසිම විදිහක බාහිර අලංකාරයක් නොකර(තොල් පාට නොකර, කොන්ඩ මෝස්තර නැතුව,මූණේ පාට නොගා, බාගෙට ඇඳුම් නොඇද) හිටපු අය කීදෙනයිද? :t දෙතුන් දෙනෙක්? සමහර විට එක්කෙනෙක්වත් නැතුව ඇති.

කෙල්ලෝ වුනාම ලස්සනට ඉන්න පුදුම උත්සාහයක්නේ ගන්නේ. ඒ එයාලගේ හැටිනේ. ඉස්සර රජකාලේ ඉඳන්ම කෙල්ලෝ මූණේ එක එක ජාති ගාලා ලස්සන්ට හිටියයි කියනවනේ. ගල් යුගයේත් එහෙම වෙන්න ඇති. ඊට කලිනුත් එහෙම වෙන්න ඇති. ඒ කියන්නේ ඒක කෙල්ලන්ගේ හැටියක්. ඇත්තටම එයාලා එහෙම හිටියයි කියලා ඒකේ වැරැද්දක් නෑනේ :) කොල්ලෝ අපිනම් ඔය මූණේ එක එක ජාති ගාගෙන පැය ගනන් ඇස් වලට පිපිඤ්ඤා කෑලි තියාගෙන ඉන්නේ නෑනේ. එහෙම ඉන්න කොල්ලොත් ඇති ඕන තරම් :O හැබැයි කෙල්ලෝ නම් ඔය එක එක ජාති මූණේ උලාගෙන කොහොම හරි තමන්ගේ ලස්සන වැඩි කරගන්න තමයි උත්සාහ කරන්නේ.
මම කියන්නේ කෙල්ලෝ මොනදේ කරලා හරි ලස්සනට හිටියට ප්‍රශ්නයක් නෑ. ඒත් පාරේ යන කොට මම දකිනවා සමහර කෙල්ලෝ ලස්සන වෙන්න කියලා හිතාගෙන එක එක දේවල් කරගෙන කැත වෙලා ඉන්නවා :( සමහරු ලස්සනට කෙලින් තිබ්බ කොණ්ඩෙට මොකක් හරි මෝස්තරයක් දාගන්න ගිහින් කැතවෙලා. කොණ්ඩ මෝස්තරේ ලස්සනයි ඒ වුනාට ඒක ඒ කෙල්ලට ගැලපෙන්නේ නෑ.

තව කෙල්ලෝ ලස්සන වෙන්න කියලා හිතාගෙන(වෙන්න ඕනේ) කරන මරුම වැඩක් තමයි ලස්සන ලස්සන ඇඳුම් ඇඳීම. ඔය ලස්සන ලස්සන් ඇඳුම් කියලා මම අදහස් කලේ අර ඇඟෙන් භාගයක් විතරක් වහගෙන යන ඒවා.(එතකොට ඉතුරු භාගේ?)  ;) තව අර, ඇඳුම ඇන්දේ කොහොමද කියලා පුදුම හිතෙන තරමට හිරට හිරේ ඇඳගෙන යන ඒවා. වැඩිපුරම අපේ ඇහැ යන්නේ ඒ වගේ අයව දැක්කාම තමයි නේද? මම කියන්නේ බොරුද? :O මම දැකලා තියනවා ඒ වගේ කෙල්ලෝ දිහා සමහර වෙලාවට කෙල්ලොත් පුදුම වෙලා බලනවා :D එතකොට ඒ ඇඳුම ඇදන් ඉන්න කට්ටියට හිතෙනවා ඇති මේ කට්ටිය හැරි හැරී බලන්නේ මම ලස්සන නිසා කියලා :$


අපෝ ඒ වගේ ඒවා ඇඳන් යන කෙල්ලෝ දන්නවානම් එයාලා ගැන අපේ උන් කියන කතා. සමහරවිට ආයේ එහෙම අඳින එකක් නෑ :r

ඊට පස්සේ අර මූණේ පාට ගාන එක. අර මේක් අප් කියන්නේ. ඒක හරියට කරගෙන ලස්සනට යන කෙල්ලෝ ඉන්නවා. ඒ අතරේ එක එක පාට ගානෙන හරියට පාට වැඩි වුන චිත්‍ර වගේ යන අයත් ඉන්නවා.

ඔය ටික මට ලියන්න හිතුනේ පහුගිය දවස් වල බස් එකේ යනකොට දැකපු හරි අපූරු කෙල්ලෝ කිහිප දෙනෙක් නිසා. මම කියන්නේ ලස්සන වෙන්න කරන ඕන දෙයක් තමන්ට ගැලපෙන විදිහට, ගැලපෙන තරමට කළානම් හොඳයි. නැත්තම් තමන්ගේ තියන ලස්සනත් නැති වෙයි.

ප.ලි: හා හා දැන් මදෑ ඔය කෙල්ලන්ගේ විච්චූරණ බැලුවා. 

මතක ඇතුව හෙට හවස දෙකට විහාර මහා දේවී උද්‍යානයට එන්න ඉලංදාරියා අයියාගේ ශල්‍යකර්මයට අවශ්‍ය මුදල සොයා ගන්නට අපිට එකතු වෙලා කරන්න පුළුවන් දේවල් ගැන සාකච්චා කරන්න. අපි හැමෝම එකතු වුනොත් අපිට මොනවද කරන්න බැරි!

41 comments:

  1. මම නම් එකගයි.... :D
    අපි කියන කතා ඇහුනොත් :O
    මාර කේස් එක නෙ බන් :P

    ReplyDelete
  2. @තොප්පියා: උඹ ඇත්ත කියන කොල්ලෙක්! ;)

    ReplyDelete
  3. පට්ට ඇත්ත බං... `x(
    සමහරු තට්ටුවක් මූනේ උලාගෙන යනවා බලන්න ආසයි.. ;;) ඇවිදින මළමිනී වගේ.... =))

    සමහර අය නම් ඉතිං ඉන්නවා ලස්සන.. ;) හැබැයි එයාල අමුතුවෙන් සුකුතරුත්තන් නොකලත් ලස්සනයී.. :x

    ReplyDelete
  4. @සෝරෝ: අනිවා අනිවා... :)
    සමහර අයගේ තට්ටුව සෙන්ටිමීටර කීපයක් විතර ඝනකමට පේනවා. බලන්න ආසයි කැතේ බෑ :))

    ReplyDelete
  5. මොළයක් තියෙන කෙල්ලෝ නම් දන්නවා තමන්ගේ limit එක. එත් එහෙම අය හොයාගන්න හරි අඩුයි නේ, හැබැයි අමාරුවෙන් හරි හොයාගත්තොත් නම් ඵල ම තමයි!

    ReplyDelete
  6. කතාව නං 200%ක් ඇත්ත පූස් අයියා... හ්ම්ම්ම්... අකුරු 4 ඇතුලෙ මෙහෙම අය ඕන තරන් දකිනවා.කොලඹ සමාජෙ මහ පුදුමයි.. මට තාමත් පුදුමයි..

    මේකට තව එකක් මාත් ඇඩ් කරනෝ හොදේ.. බස් එකකට නැගලා හිටගෙන යන කොල්ලෙක් නිකන් හරි දැක්කම අපිට ලැජ්ජ හිතෙන කාලයක් දැන් ඇවිත් තියෙන්නෙ. නිව් ෆැශන් කියලා කලිසම ඔන්න වැටුනා මෙන්න වැටුනා ගානට ඇදගෙන යනවා. බස් වල යන මිනිස්සු අපහසුතාවෙට පත් වෙනවා.

    එ කතාවම මං කියුවෙ තරහකට් අනෙවි හොදේ.. කොලොම්පුරේ දැකපු තවත් එපාමකරපු ෆැශන් එකක් නිසා,,,,

    ReplyDelete
  7. @ලහිරු: ඕනෑවට වඩා වැඩ දාන්න ගිහිල්ලා කැත වෙන කෙල්ලෝ ගොඩාක් ඉන්නේ මේ කොළඹ පැත්තේ තමයි. කොළඹින් පිටට යනකොට ඒක ගොඩාක් අඩුයි. හැමදේම පිළිවෙලටක කරගෙන ඉන්න ලස්සන කෙල්ලොත් ටික දෙනෙක් කොළඹ ඉන්නවා :)

    ReplyDelete
  8. @නිරහංකාර අහිංසකාවි: ඒක නම් දැන් අඩුයි නේද නංගී. මීට අවුරුදු කීපෙකට කලින් නම් එහෙම ඇදන් යන උන් හැමතැනම හිටියා. ඔයාලත් දකිනවා ඇතිනේ කොල්ලන්ගේ විකාර. ලියන්නකෝ පෝස්ට් එකක්. කොල්ලොන්ගේ ෆැෂන් ගැන ලියන්න පුළුවන් කෙල්ලන්ටනේ :D

    ReplyDelete
  9. ඉකේයියා.....කෙල්ලන් වනාහි කුප්පය..කුජීතය...අසික්කිතය...
    ප.ලි අනේ දැන් ඉතින් මට හොද බැනුම් බලන කෙලි අක්කලාගෙන්..
    මේ පොඩි ඉකෙයියා කොමෙන්ට් එකක් දැම්මේ හරිය..මම මුලු හදවතින්ම ඔයාලට ආදරේයි..ඔයාලා කොහොම ඇන්දත් මට කමක් නෑ...හික්ස්...(කුප්ප කම)

    ReplyDelete
  10. තමන්ට ගැළපෙන විලාසිතා...විච්චුරණ කලාට කමක් නැ අනිත් අයට විහිලුවක් නොවි... ලස්සන කියන දේ හැමොටම වටිනවා කවුරුත් කැමති නැතුව ඇති කැතට ඉන්න...අනික මම දන්න තරමින් මම ඉගෙන ගන්නෙත් මේ විෂය සම්බන්ධ යන කරුණු නිසා මේ ලොකේ කිසිම කෙනෙක් නැ කැතයි කියන්න පුලුවන්..හැමෝටම තමන්ටම ආවේනික ලස්සනක් තියෙනවා..එක අඩු වැඩි කරන්න පුලුවන් තමන් යන මාර්ගයයි සුදුසු තොරාගැනිම් මතයි... :)

    ReplyDelete
  11. @රත්ගමයා: මේ කමෙන්ට් එකෙන් නම් උඹේ කුප්පකම කදිමට පිළිබිඹු වෙයි :))

    ReplyDelete
  12. @නිම්ශා: "තමන්ට ගැළපෙන විලාසිතා...විච්චුරණ කලාට කමක් නැ අනිත් අයට විහිලුවක් නොවි... " ඔන්න ඕකම තමයි නඟේ මමත් කියන්නේ.

    "මේ ලොකේ කිසිම කෙනෙක් නැ... හැමෝටම තමන්ටම ආවේනික ලස්සනක් තියෙනවා"
    සහතික ඇත්ත! :)

    ReplyDelete
  13. ඔය පාට කරගෙන ඉන්න් උන් කොහොමද පොද වෑසකට තෙමුනොත් එහෙම නේ... යක්කු වගේ ඉදි නේ..

    ReplyDelete
  14. මේක නම් ඇත්ත තමයි. තමන්ට විතරක් නෙවෙයි - තැනට ගැලපෙන්නත් ඕන. පෝය දාට කැලණියේ කළුතර පන්සල් ගිහින් බලන්නෝන - සමහර අය පන්සල් එන්නෙත් නයිට් ක්ලබ් යන්න වගේ ඇඳන්.

    @නිරහංකාර අහිංසකාවි ඔයාගේ කතාව හරි. බස් වලදී ඔය වගේ අය ඉන්දැද්දී ඉස්සරහ බලන්නත් බැරි ගානයි.
    ඇයි ඔය කොල්ලෝත් විකාර විදියට කොන්ඩේ හදා ගන්නේ. අර නිකන් හුළඟට ගහගෙන ගිහින් වගේ. ඕව ගැලපෙන අයත් ඉන්නවා - නමුත් හැමෝම නෙවෙයිනේ. හික්ස්

    මගේ නැන්දා වෙන කෙනෙක් ඉන්නවා - එයා ඇඳුම් මහන්න දක්ෂයි. දවසක් එයාට කියල සාරි බ්ලව්ස් මහගන්න ගියාම කියපු කතාවක් මතක් උනා : 'සිල් සාරියට අඳින්න ඕනැ එහෙන් මෙහෙන් පෙන්නේ නැති විච්චුරන නැති හැට්ටයක්. මගුල් ගෙදරට ඕනැ පුළුවන් තරම් ගෑණු ඇඟේ ලස්සන පේන ඇඟට ගැලපෙන හොඳ අලුත් මොස්තරේ පැටන් එකක්. හැබැයි දුවේ ඔය දෙක පටලවා ගෙන සිල් ගන්න වාගේ උසට කර දාල මඟුල් හැට්ටයි, සිගිරි ලලනාවෝ වාගේ කර කපල හිරට සිල් හැට්ටයි මහගන්න ගොන් නැම්බියොත් ඉන්නවා' හික්ස්

    ReplyDelete
  15. @ඉලංදාරියා: හෆ්ෆේ යක්කු හොඳයි කියලා හිතෙයි :))

    ReplyDelete
  16. අනේ බං , අපි මේ ඉදලා හිටලා ගන්න ආතල් එකට නේ මේ කෙලවන්ට යන්නේ, එ ගොල්ලො කැමති හින්දනේ බං ඇදන්යන්නේ, ඉතින් අපිට මොකො, අපිටත් හොදයි නේ

    ReplyDelete
  17. මේ ඊයේ පෙරේදාවක මේවා මටත් හිතුනා බං නුවරදී කෙල්ලේා සේට එකක් දැකලා.. අනේ මන්දා ඉතින්.. කොල්ලෝ අපි මේ මුකුත් නැතිව ඉන්නේ.. ;) ;;)

    ReplyDelete
  18. @ama: නැන්දාගේ කතාව මරු :))

    ReplyDelete
  19. @Iresh: බය වෙන්න එපා බං. එහෙම යන කෙල්ලෝ මේ සිංහල බ්ලොග් කියවන්නේ නෑ. උන් කඩ්ඩෙන්මයි වැඩ. කියවන්න බැරිනම් කඩ්ඩ පොතක් අතේ තියන් හරි යනවා =))

    ReplyDelete
  20. හික්ස්ස්.....ලොවෙත් ඇත්ත..... :) .....

    ReplyDelete
  21. @mahathun: හි හී මේ පූසා බොරු කියන්නේ නෑ ;)

    ReplyDelete
  22. උඹත් අඩු නැතුව බලලා ඇවිල්ලා, අපිට කියනවා බලන්න එපා කියලා... මොනාද බං ඇස් දෙකට නිකං හම්බුවෙන ආතල් එකත් නැති කරන්නද හදන්නේ?

    උඹ කියන කකාව සම්පූර්ණයෙන් ඇත්ත බං. අපිට ඒ වගේ කෙල්ලෝ දැක්කම හිතෙන්නේ මං අර උඩ පේලියේ කිව්වා වගේ දේවල්. ඒත් හොඳට හැටඩ ඈඳන් යන කෙල්ලෙක් දැක්කම මාර ගෞඑවයක් ඇතිවෙනවා බං. අර කෑලි හැලෙන මල් අස්සේ හොඳට පිපුන මලක් වගේ ...

    හැබැයි අපි කොයිතරම් කිව්වත් ජරා විදියට අඳින එකා ඒ විදියටම අඳිනවා, අර හොඳට අඳින කෙන​ෙ ඒ විදියට අඳිනවා.

    ReplyDelete
  23. @prasanna86k: මම නම් කිව්වේ නෑ බලන්න එපා කියලා. පේන දෙයක් බැලුවාම මොකද වෙන්නේ :))

    "අපි කොයිතරම් කිව්වත් ජරා විදියට අඳින එකා ඒ විදියටම අඳිනවා, අර හොඳට අඳින කෙන​ෙ ඒ විදියට අඳිනවා" සහතික ඇත්ත! :)

    ReplyDelete
  24. සරල බව පහසුයි ....ලස්සනයි..

    ReplyDelete
  25. @පූසා යකෝ මේ පූසගේ චර කම.. මං කීවේ බොල ඔය හැඩවැඩ කෑලි නැතිව සාමාන්‍ය විදියට ඉන්න එක...

    ReplyDelete
  26. මචං පූසා ! උඹ ඔය කොළඹ ලස්සන ගැන ලියලා තියන දේවල් දැක්කම මටත් කොළඹ ඇවිල්ලා පදික වේදිකාවේ හරි පදිංචි වෙන්න හිතෙනවා

    අඩේ එහෙම තමයි නවීන තාක්‍ෂනේ ! දැන් හැමදේම එන්න එන්න කුඩා වෙන කාලේ ඇඳගෙන ඉන්න ඇඳුමත් ටිකෙන් ටික කුඩා වෙනවා .ජීවන ගමනේදී ඇයි අපි බර උසුලාගෙන යන්නේ ? අපි මේ ගෙනියන බර අඩු කරන්න ඕන ..ඒකට තමයි ටිකෙන් ටික ඇඳුම් අඩු කරන්නේ ..

    බලහං අපේ පැත්තේ තවම ඔය දියුනුව නෑ නේ ! ...ෂි:හ්

    ReplyDelete
  27. @සොඳුරු සිත: ඇත්තටම අක්කේ සරල අයට මම බොහොම කැමතියි :)

    ReplyDelete
  28. @හිස් අහස: අනේ බං ඒ වුනාට උඹලගේ පැත්තේ සරල ඇඳුමක් ඇඳලා ඉන්න ලස්සන කෙල්ලෙක් දැක්කාම හිතට හරිම ප්‍රිය මනාපයි බං :) ඒකට මේ උන්ව දැක්කාම ඉතිං :t

    ReplyDelete
  29. අපි පැත්ත මාරුකරගනිමු ?

    ReplyDelete
  30. @හිස් අහස: හැබෑට ඒකත් හොඳයි :))

    ReplyDelete
  31. බුවහ්හහ් හාහ හා.. =))
    අඩේ මේ වගේ ලාවට මඩක් තාම කොල්ලන්ට ගහල නෑ නේද.. කෙල්ලො අපිට මොනා කියනව ඇත්ද බන් :-/ :-o

    ReplyDelete
  32. හලේ ඔය කතාව නං සහතික ඇත්ත පූස් මලේ.... අපේ සමහර සහෝදරියන්ගේ විකාර කොටියයි.. ඔපීසියේ උනත් උදේට වොෂ්රූම් එකට වෙලා පැය ගෘනත් පාට උලනවා... මේව දැකලා පන පලයන් ළබන පෙරේදා කිව්වලු... අතපය ත‍ලේලළුයි.. මූන දේදුනිනක් වගේ නිල් පාට රතු පාට දම් පාට... ~x( හෆොයි... මට මේවා දැකලම පික්ෂු හැදිලා තියෙන්නේ....

    ReplyDelete
  33. "ඒ අතරේ එක එක පාට ගානෙන හරියට පාට වැඩි වුන චිත්‍ර වගේ යන අයත් ඉන්නවා":D

    ReplyDelete
  34. @සිරකරුවා: සිරාවට කවුරුහරි ලිව්වානම් බලන්න තිබ්බා නේද? ;)

    ReplyDelete
  35. @සුදු හංසි: ඒක නේන්නම් අක්කේ :-/ ඔන්න ඕක ගැන තමයි මාත් කිව්වේ

    ReplyDelete
  36. මමත් ඔය make up වලට කැමතිම නෑ

    ReplyDelete
  37. මේකනේ බං සීන් එක...ගෑණුන්ව හදලා තියෙන්නේ එකම අච්චුවෙන්..ඉඳලා හිටලා පොඩි වෙනසක්වුනු එක්කෙනෙක් හිටියොත් තමා.

    ReplyDelete
  38. මචං මම දවසක් විභාගයකට ගියා විශාකා විද්‍යාලය ලඟට. එතන පැයක් විතර හිටගෙන හිටියා ගේට්ටුවෙන් ඇතුලට ගන්නකම්. එතකල් මම යන එන මිනිස්සු, ළමයි දිහා බලාගෙන හිටියා. ඒ පාසලේ ක්‍රීඩා පුහුණු වෙන්න ආපු ගැහැණු ලමයි දැක්කා. ඒ ඔක්කොම ආවේ මූනේ මේක්-අප් උලාගෙන.
    ;))
    මට තනියම හිනා ගියා.. ගැහැණු නිසා මුවින් මොකුත් නොකියා ඉවසන් හිටියා.
    :D ;))

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...