Monday, December 5, 2011

මිත්‍යා ෂුයි!


හිල් කාසියක් කටේ රන්දා
කාසි ගොඩක් උඩ ඉන්නා
තඩි හැල ගෙම්බා
චීනෙන් මෙහාට පැන්නා

කවුදෝ එකෙක් එන්නා
"ගෙම්බා වාසි ගේනා"
ටීවී එකෙන් කියනා
මිත්‍යාව වපුරන ගෙම්බා!

වාසි ගේන හන්දා
අපේ උන් පැන්නා
ගෙම්බාව දෝතින් ගත්තා
ගේ ඉස්සරහා තිබ්බා
දොහොත් මුදුනේ රන්දා
ගෙම්බාට වැන්දා
අනේ ගොං ගෙම්බා!



තවත් කෙනෙක් ඉන්නා
අලි කටත් බලියා
සුද්දා පොට්ට හන්දා
එයාට නමක් දැම්මා
"ලාෆින් බුද්ධා"


සුද්දා කිව්ව හන්දා
හිස් මුදුනින් පිළිගත්තා
අනේ ලාෆින් බුද්ධා!
පුංචි මැදුරක් තනවා
ගේ මැද්දෙන් තිබ්බා
දොහොත් මුදුනේ රන්දා
එයාටත් වැන්දා
අනේ ගොං ගෙම්බා!

සටහන  
ගෙම්බෙකුට තබා මේ ලෝකයේ තිබෙන කිසිම පිළිමයකට තමන්ගේ ආදායම් තත්වය හෝ තමාගේ ජීවන තත්වය උසස් කිරීමට නොහැකි බව සාමාන්‍ය දැනුමක් ඇති අයෙකුට වුවද පහසුවෙන් තේරුම් ගත ගැකි සත්‍යයක් වුවද, මෙවැනි දෑ විශ්වාස කරන උසස් වෘත්තිකයක් පවා දැකගත හැකි වීමෙන් පැහැදිලි වන්නේ බොහෝ මිනිසුන්ගේ දැනුම පරයා මිත්‍යා විශ්වාස ඉදිරියට පැමිණ ඇති බවය. මෙවන් දෑ විශ්වාස කිරීමෙන් තමන්ට ලැබෙන ලාභ/වාසි කෙසේ වෙතත් මෙවන් මිත්‍යාවන් පතුරවන අයටනම් මේවායින් බොහෝ ලාභ ලැබෙන බවනම් නොඅනුමානය.



[පින්තූර-http://www.glogster.com/media/5/29/28/7/29280721.jpg, http://lorettaecogirl.files.wordpress.com/2011/06/fengshuitoad.jpg]

33 comments:

  1. ඕවා ගනන් මිනිස්සුන්ට කෙසේ වෙතත් විකුනන මිනිස්සුන්ට නම් ඔය ගෙම්බා සැහෙන්න සල්ලි ගොඩක් ලබලා දීලා තියෙනවා

    ReplyDelete
  2. අලි කටක් ඇති බලියෙක්
    මගේ කඩෙත් ඉන්නා
    නැත කිසිවක් දන්නා
    ඌත් ඔහේ ඉන්නා....

    එනයන අය කියති
    එල්න්නලූ රතු පලසක්
    දමන්නලූ කාසි හැමදාම
    සරැ කර ගන්නලූ ව්‍යාපාරය

    ලැබුණු නිසා පිනට
    තැබුවත් ඔහු එහෙම
    ඒ බඩා මොනා දෙන්නද
    අපි මහන්සි නොවුනොත් හෙම

    ReplyDelete
  3. එල පෝස්ට් එකක් පූසා. කාලෙට ගැලපෙන එකක්....

    ReplyDelete
  4. ඔව්වා විතරක් නෙමේ බන්.තව තියෙනවා වාලම්පුරි කියලා දේකුත් දැන් මිනිස්සු පිස්සුවෙන් වගේ ඉල්ලන ගානක් දීලා ගන්න.ලගදි බැලුම්ගලෙත් මේ ගැන කතා උනා.

    නිකන් බොරුවට මිනිස්සු ‍රැවටෙනවා.මිනිහෙක්ට දියුණු වෙන්න ඕනේ ආත්මවිශ්වාසයයි ,කැපවීමයි.........

    ReplyDelete
  5. මෙව්වා ගැන කියල වැඩක් නෑ මල්ලි මේ මෝඩ මිනිස්සුන්ට කොච්චර ඕව කිවත් වැඩක් නෑ.ඔය ගෙම්බො ඉබ්බො බඩගෙඩි මිනිස්සු තියාගන වදිනව පුදනව .ලොල්

    ReplyDelete
  6. ඔයින් පිළීම දාහක් හමාරක් විකුනාගන්න තියෙනව නං ආර්තීකේ නරක් වෙලා තියෙයි!

    ReplyDelete
  7. අනේ මම නම් ගෙම්ඹන්ට ආදරෙයි. (පින්තූරේ ඉන්න එක්කෙනාට නෙමේ. මගේ ගෙඹි කුමාරයට.)...:D

    අර "ලාෆින් බුද්ධා"ට නම් මාත් කැමති නෑ.

    ReplyDelete
  8. ඔය ලාෆිං .. කියන්නෙ එච්චර හොඳ එක්කෙනෙක් නෙවෙයිලු!

    හිතූ අක්කගෙ post එකට වගේම මේකටත් කියන්නෙ ඔය ගොංපාට් අැත්ත උනානං ඔ්ව වපුරන මිනිස්සු ලෝකෙ පොහොසත්ම මිනිස්සු වෙන්න එ්න කියල!

    ReplyDelete
  9. මේවානම් කියලා වැඩක් නැත.
    බට්ටිගේ කවියත් මරුය..

    ReplyDelete
  10. හලේ... සංසාරේ..... මෙව්වත් මට බලන්න උනානේ...:-D

    ReplyDelete
  11. සුද්දො අපිටත් වඩා මිත්‍යාවල් විස්වාස කරනව කියල හිතෙනව. මෙහෙ 'ලොටෝ' කියන ලොතරැයි විකුණන කඩ හුඟාක් චව්වො (චීන්නු) රන් කරන්නෙ. හැම එකේම වගේ 'ලාෆින් බුද්ධ' කෙනෙක් කවුන්ටරේ උඩ වැඩල ඉන්නව. සුද්දො ලොටෝ එක සල්ලි දීල අරගෙන ඒක අර පිළිමෙ බඩ ගෙඩියෙ අතුල්ලල තමා අරං යන්නෙ, ඒකෙන් වාසනාව පෑදෙනවා කියන විස්වාසෙන්. හෙහ් හෙහ්

    ReplyDelete
  12. හිකිස්...හැබෑම කතාව පූසෝ...ඔය මොනව තිබ්බත් මොකටද අනේ...උත්සහය නැත්නම්..

    ReplyDelete
  13. අපිට කෙසේ වෙතත් කිවුවත් වගේ ඕවා විකුණන අයට තමයි වාසි...

    ReplyDelete
  14. සම්පූර්ණ ඇත්ත කතාව ! ඒ ඒ අයගෙ උත්සාහය මත තමයි දියුණු වෙන්නෙ.. ඒත් ක්‍රෙඩිට් එක යන්නෙ කොහෙවත් ඉන්න පිළිමයකට !

    ReplyDelete
  15. මේවාම වැඳගෙන සෞභාග්‍යය හොයනවානම් ඉතින් ඒක හොයනවා බොරු. හොඳ පෝස්ට් එකක් මල්ලි. කාලෙකින් මේ පැත්තේ ආවේ...:DDD

    ReplyDelete
  16. මට එහෙම මොකුත් කිව්වෙ නෑ නේද?
    අනේ අහිංසකය....

    ReplyDelete
  17. ඕක පොඩි විද්‍යාවක් එකයි වෙනස

    ReplyDelete
  18. ඇත්තටම ඔය ලාෆින් (ලාෆ්ස් වගේ නේද?) චීනෙ හිටපු සල්ලි තිබ්බ මනුස්පයෙක් කියලා කවුරු හරි කීව වගේ මතකයි. ඩයල් එක හැම වෙලේම හිනා වෙලා හිටියාළු. ඇත්ත නැත්ත හරියටම දන්නේ නෑ. පොඩ්ඩක් හොයල බලන්න ඕනේ

    ReplyDelete
  19. ම : ඔව් සහතිකේටම මේවා විකුණන හෙවත් මේ මිත්‍යා විශ්වාස පතුරන අයට නම් ගෙම්බගෙන් සෑහෙන්න වාසියි.

    ----------------------------------------------------------------------------------------------------------------------

    බට්ටි : ඔව් බට්ටි තම තමන් වපුරන විදිහට තමයි අස්වැන්න. පිළිමයක් ගෙනත් තියා ගත්තට ඒකේ වෙනසක් වෙන්නේ නෑ..

    ----------------------------------------------------------------------------------------------------------------------

    prasanna86k : කොච්චර කිව්වත් අපේ මිනිස්සු මේවා පස්සෙම යන එකනේ බං වැඩේ.

    ----------------------------------------------------------------------------------------------------------------------

    ඔබ නොදු‍ටු ලොවක්..... : පිස්සෝ නෙමෙයි එයාලා මුලා වෙලා ඉන්නේ.....

    ----------------------------------------------------------------------------------------------------------------------

    Rajith : ඔව් මාත් අහගෙන හිටියා ඒ වාලම්පුරි කතාව. ඒවා ලොකු ලොකු සල්ලි කාරයෝ හොරෙන් කරගන්න ඒවානේ. කොච්චර ලොකු සල්ලි කාරයෝ උනත් බලන්න එයාලාගේ මිත්‍යා විශ්වාස.........
    ඒත් මේ ෆෙන් ෂුයි කියන බොරු ප්‍රසිද්ධියේම කෙරෙන එක සහ අපේ මිනිස්සු ප්‍රසිද්ධියේම මේවාට අහුවෙන එකනේ වැඩේ.

    ----------------------------------------------------------------------------------------------------------------------

    නදී : අනේ මන්දා අක්කේ සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුටනම් හිතලා බලන්න පුළුවන් පිළිමයකට ඔච්චර දෙයක් කරන්න පුළුවන්ද කියන එක.

    ----------------------------------------------------------------------------------------------------------------------

    කතන්දර Kathandara : හෙහ් හෙහ් විකුණන්න තියෙනවානම් ඉතිං විකුණන කෙනාට හෙවත් මිත්‍යාව පතුරන කෙනාට නම් පට්ටම ලාභයි.

    ----------------------------------------------------------------------------------------------------------------------

    Podi Kumarihami : අපි නොදන්න ගෙම්බෝ! හෙහ් හෙහ්

    ----------------------------------------------------------------------------------------------------------------------

    තනි අලියා : ඕවා පතුරන අයට අඟ හිඟ කමක් නැතිව සල්ලි ලැබෙනවා ඇති. නැත්තං ඉතිං ඔය ටීවී එකේ හිට ඇවිත් මේවා කියයියැ...

    ----------------------------------------------------------------------------------------------------------------------

    නිසුපා : මේවා කියවලා එක මිනිහෙක්වත් සත්‍ය තේරුම් ගන්නවානම්.....

    ReplyDelete
  20. පිණිබිඳු... : ස්තූතියි අක්කේ!

    ----------------------------------------------------------------------------------------------------------------------

    Pasan : ඇයි පසන් අයියේ අයියලාගේ ගෙදරත් ගෙම්බෙක් ඉන්නවද? :D

    ----------------------------------------------------------------------------------------------------------------------

    Observer : අපෝ ඔව් බොහෝමයක් සුද්දෝ තනිකරම මිත්‍යා විශ්වාස වලමයි ජීවත් වෙන්නේ.

    ----------------------------------------------------------------------------------------------------------------------

    මකුළු පැංචි : ඔව් අක්කේ උත්සාහයයි වැදගත්.

    ----------------------------------------------------------------------------------------------------------------------

    Dinesh : ආයේ ඉතිං ඒ ගැන සැකයක් නෑ.

    ----------------------------------------------------------------------------------------------------------------------

    Weni : අන්න ඒකයි වැඩේ. වැරදීමකින් හරි ඔය පිළිමේ ගෙනාවට පස්සේ පුංචි වාසියක් උනත් ඒක දාන්නේ පිළිමේ පිටින්. හැබැයි පිළිමේ ගේන්න කලින් ඊට වඩා වාසි ලැබිලා තිබ්බත් ඒවා පේන්නේ නෑ.

    ----------------------------------------------------------------------------------------------------------------------

    priyantha : ස්තූතියි ප්‍රියායියේ මේ පැත්තේ ආවට. මේ ඒක නෙමෙයි ගෙම්බෝ බලන්නද ආවේ? ;)

    ----------------------------------------------------------------------------------------------------------------------

    හසී : මොකෝ මේ එකතු කරන්නේ? :D

    ----------------------------------------------------------------------------------------------------------------------

    වැලිමැඬියා : නෑ නෑ මේ වෙන ගෙම්බෙක්!

    ----------------------------------------------------------------------------------------------------------------------

    අසරණයා : අනේ අසරණයා! හැබෑටම මේකේ කොතනටද විද්‍යාව ඇප්ලයි කරන්න පුළුවන්?
    දැන් ගොඩාක් අයට වෙලා තියෙන්නේ විද්‍යාවයි මිත්‍යාවයි වෙන් කරලා අඳුරගන්න බැරි එක. මම නම් මේවට කියන්නේ මිත්‍යාව කියලයි.
    හැබැයි මං කලින් කමෙන්ට් එකකදිත් සඳහන් කළා වගේ මේ දේවල් විශ්වාස කරගෙන ඉන්න කෙනෙක් ඔය පිළිමයක් තියාගෙන ඉන්න වෙලාවට වෙන පොඩි වාසියකදිත් හිතන්නේ ඒක ලැබුණේ ඔය පිළිමේ නිසා කියලා.

    ----------------------------------------------------------------------------------------------------------------------

    ළහිරු හිමේෂ් : ඔව් ඒ කතා ඇත්ත. අන්තර්ජාලයේ පොඩ්ඩක් හෙව්වොත් එයාගැන හොයාගන්න පුළුවන් හරිම ලේසියෙන්.

    ReplyDelete
  21. කතාව ඇත්ත තමයි. ඔය මනුස්සයා TV එකේ කියන එවායින් තෙරෙන්නේ ඔය සාස්තරේ ඇත්ත උනත් මේ ගෙම්බා එක හරියට දන්නේ නැති බව. කියන දේවල් එකකට එකක් වෙනස්, පරස්පරයි. අපේ ගෙවල් ලග කෙනෙක් ඉන්නවා ඕවා බොහොම විශ්වාස කරන. නිතරම ඔය කාසි අරවා මේවා ගෙනත් අපේ අම්මටත් පෙන්නනවා. ඔය ප්ලාස්ටික් වලින් ඔච්චරම වාසනාවක් ගේනවානම් ඔව ඔක්කොම විකුනන්න තියලා තියන කඩ වල මාරම වාසනාවක් තියෙන්න එපැයි. ඒවා ලෝකේ දියුණුම ආයතන වෙන්න එපැයි.

    ReplyDelete
  22. මම පොතක කියැව්වා ඉස්සර කාලේ චීනේ හිටියාලු හැම තිස්සේ ම හිනා වෙන හාමුදුරු කෙනෙක්. ළමයින්ට හරිම ආදරෙයිලු. කිසි කෙනෙකුට කරදරයක් නැහැ. හැබැයි පාරවල් පුරා ඇවිද ඇවිද තමයි ඉඳලා තියෙන්නේ. පස්සේ උන්වහන්සේ පාරේදීම අපවත් වෙලා. ඒ දරුවන්ට දෙන්න ගෙනා රසකැවිලි වගයක් අතේ තියාගෙන හිනාවීගෙනමලු. මිනිස්සු ජීවත්ව ඉද්දි එච්චර එයාව ගණන් නොගත්තාට පස්සේ විශ්වාස කලාලු ඒ මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ කියලා. ඔය කථා කොහොම වුනත් ඒ ලාෆින් බුද්ධා කියන වදන ඇවිත් තියෙන්නේ ඔය කථාන්දරයෙන් තමයි කියලා තමයි මං ඒ පොතින් කියැව්වේ. කොහොම හරි අර ආසිරි වනිගරත්න මොටා හොඳට අන්දනවා අපේ අයව..... එච්චරයි මේකේ අන්තිමට වෙලා තියෙන්නේ.

    හොඳ ලිපියක් පූසා.........

    ReplyDelete
  23. මෙහෙ ලාෆින් බුද්ධා කියන්නැ. ලාෆින් ගෝඩ් කියන්නෙ. නැත්තං කේස්නේ....

    රන්දිල්ගෙ කතාව මමත් ඇහැව්වා ටීවී එකෙන්. එදා ඒක කියලා දුන්නෙ සිරිධම්ම හාමුදුරුවො.

    ඒත් ස්වාමින් වහන්සේලා ඔය විදිහට හැසිරෙනවා කියලා එදාත් අදත් මටනං විශ්වාස කරන්න අමාරු උනා.

    ReplyDelete
  24. මොකක් හරි රටක් දියුනු වෙනකොට ඒ රටවල් වල තියෙන සංස්කෘතිය අනිත් රටවල් වලට යන එක සාමාන්‍ය දෙයක්... ගෙම්බෙක්ටවත් ඔය අනිත් ඒවටවත් මොනම දෙයක් වත් කරගන්න බෑ.. අපේ උත්සාහෙ තමයි වටින්නෙ... එහෙම නැතුව ඔය හිනා වෙන බඩගෙඩි ෂුයි නෙමි.... මොකක් උනත් ඔය ලංකාවට ෂූයි ගෙනාපු අංකල් මේක දැක්කොත් අම්මප දිවි නහගන්නව... පට්ට කතාව පූෂෝ...

    ReplyDelete
  25. පට්ට ඇත්ත පුසෝ.... අනේ ඉතින් එහෙම ලැබෙනවා නම් මමත් ඉන්නවා ඔවයින් දෙකක් ගෙදර තියාගෙන කකුල් දෙකත් උඩ තියාන සපාන් එකේ....

    ReplyDelete
  26. ආසිරි ලොක්කගෙ බිස්නස් නැඟල යන්නව, අහන්න දෙයක් නෑ. ඉන්නෙ සම හරක් නේ.

    ඔය සංකල්පය සමහරුන්ගෙ ජීවිත වලට කොච්චර බද්ධවෙලාද කියනවනං පිළිම පිළිකෙව් කරන මුස්ලිම් ආගමිකයෙක් කරන කඩේකත් ලා‍ෆිං බුද්ධෙක් ඉන්නව මේසෙ උඩ - වැල්ලම්පිටිය කොටිකාවත්ත අතරෙ.

    ReplyDelete
  27. දැක්කේ දැන් නෙව මේක ..

    ඔය බඩ තඩි බහිරව රූපේ අපේ අම්මත් දවසක් සල්ලිවලට ගෙනල්ලා පීරිසියක් උඩ තියලා ඒක වටේට පොඩි සල්ලි දැම්මා දවස ගානේ .. උඹට කියන්න මචං ඒකෙං තිබුනු ආනිසංස මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා ..

    ඔය කියන දවස් ටිකේ මට සිගරට් එකක් බොන්න ඕනෙ වෙලාවට පොඩි සල්ලි නම් අඩුවක් වුණේ නෑ .. ඔන්න බලාපල්ලා පෙංසුයි වල බලේ .. අන්තිමට ඒ පින්තූරේ අම්මා අල්ලපු ගෙදරට විකුනලා .. දැන් අතේ පිච්චිය නෑ ..

    ReplyDelete
  28. නියම කවිටික.. සහතික ඇත්ත මලේ..
    මිනිසුන්ව නොමග යවන බොරුවැඩ

    ReplyDelete
  29. Eye opener dude, eye opener, (ඇස් තිබේ නම් පමණයි)
    henryblogwalker the Dude

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...