Sunday, December 19, 2010

බ්ලොග් කරුවන්ගේ හමුවේ වතගොත.....




ඔන්න ඉතිං මම උදේ පාන්දරින් මගේ යාලු අන්තිමයාත් එක්ක ගමන යන්න සෙට් උනා.  මිනිහා මට පැයක කට්ටක් සෙට් කළා නොවැ. කොහොමින් කොහොමින් හරි පාර හොයාගෙන ගොඩ උනා. 8.30 ට එන්ට කීවාට මොකෝ 9.30 පොඩ්ඩ්ඩක් පහු වෙලා වැඩේ පටන් ගත්තා. කාලිංග අයියා කිව්වේ එයාලා ප්ලෑන් කරල තිබ්බේ වැඩේ 9.30 ට පටන් ගන්නලු. 8.30 ට එන්න කිව්වේ කට්ටියගේ හැටි දන්න නිසා වෙන්න ඕනේ. මිනිහා මොළ කාරයා නිසා හොඳයි.
 
ඔන්න එතනට ගිය ගමන්ම පූසාට වත් අක්කාව මුණගැහුනා අප්පේ මාර සතුටුයි. බ්ලොග් අවකාශේ ප්‍රසිද්ධ චරිතයක් ඒ වගේම මම ආසාවෙන් කියවන බ්ලොග් එකක අයිතිකාරි. වැඩේ පටන් අරන් ඉතින් එක් එක් කෙනාව ඒ අය විසින් හඳුන්වා දුන්නා. පූසාත් කලින් කට්ටිය ඉස්සරහා ම්යික් කටුවකින් කතා කරලා තිබ්බේ නෑ ගැහි ගැහී හඳුන්වලා දුන්නා එයා ගැනම.

කාලිංග අයියා ඇතුලු පිරිසගේ කැපවීම ගැන විශේෂයෙන් සඳහන් කරන්න නම් ඕනෙමෙයි. නැත්තම් ඒක ලොකු අසාධාරනේකටත් වඩා ලොකු පවක්. මම ඒ අයියා කියනකම් දැනගෙන හිටියේ නෑ එයාලගේ සින්ඩිය වගේම මේ හමුව ඇතුලු නොයෙක් නොයෙක් වැඩ කටයුතු එයාලගේ අතින් වියදම් කරගෙන කරනවා කියලා. ඔයාලත් දැනගෙන හිටියේ නෑ නේද?

තව සුහද හමුව පවත්වන්න අනුග්‍රහය දක්වපු මයික්‍රොසොෆ්ට් ආයතනයටත් ස්තූති කරන්න ඕනේ. ඒකට සහාය දීලා තිබ්බේ අපේ කාලිංග අයියගේ යාලුවෙක් නේ. එයාටත් බොහෝම ස්තූතියි ඕං. අද ගොඩාක් කතා වුනේ තාක්ෂණික පැත්ත ගැන නිසා ඒ පිළිබඳ වැඩි දැනීමක් නැති උදවියටනම් ටිකක් කම්මැලි වුනා වගේ දැනුනා ඒ වෙලාව.

ඒ සේරම ඉවර වෙලා තමයි මට මාරයා අයියාවයි, මුචලින්දවයි සෙට් වුනේ. (මම කලින් පෝස්ට් එකේදී කිව්වනේ මුචලින්ද නිසා තමයි මම බ්ලොග් ලියන්න ආවේ කියලා) ඉතිං ඒ වගේ පුද්ගලයෙක් හම්බ වුනාම කොච්චර සතුටුයිද. පස්සේ ආව ඔක්කෝමලා සමූහ ඡායාරූපෙකටත් පෙනී හිටියා. තව අපිට දිවා ආහාර වේලකුත් ලෑස්ති කරලා තිබ්බානේ.

පස්සේ කාලා බීලා කට්ටියත් එක්ක චැට් එකක් දාලා පොටෝ ටිකක් එහෙම ගත්ත. ඔය වෙලාවේ තමයි අපේ මාරයා අයියා දකින දකින කැමරාව ඉස්සරහා හිටගන්න පටන් ගත්තේ. හරි අමාරු උනා මිනිහාව නවත්තන්න.

ඇත්තටම බොහෝම සතුටුයි බ්ලග් ලියන ගොඩාක් අයව හම්බ වෙලා කතා කරන්න පුලුවන් උනා. හම්බ උන ඔක්කෝගෙ නම් ලියන්න නම් අමාරුයි. කොහොමහරි මේක සංවිධානය කරපු අනුග්‍රහය දක්වපු හැමෝටම තව පාරක් ස්තූතියි.

ප.ලි: මේ පොටෝ ටික හොරකම් කලේ රෝස වලාකුළු ලියන නෙරංජිගෙන්.
ආ කියන්න අමතක උනා බ්ලොග් කියවන අයත් ආවා.

34 comments:

  1. මේ තියෙන්නේ පිතූර ! නියමයි කිටියෝ .මම ඉල්ලපු විදිහටම වැඩේ දීල තියෙන්නේ .මේ මචං මට ඔය මැද රූපේ ඉන්න උදවියව හඳුන්වා දෙන්න පුලුවන්ද ? අඩේ ලොකූ උදවුවක් මචං

    ජයවේවා !!

    ReplyDelete
  2. පූසා මල්ලි, තැන්ක් යූ වේවා මේ ෆොටෝ දැම්මට. කෝ මේ ෆොටෝ වල පූසෙක් නෑනෙ... පූසද ෆොටෝ ගත්තෙ ?

    හප්පේ, මාරය කිව්වෙ ඇත්ත නේන්නන්, තිසා මේකෙත් හිටගෙන බුදිනෙ....!

    ReplyDelete
  3. කෝ අපිට නම් දාලම කියන්නකෝ මේ ඉන්නේ මෙයා එයා කියලා...

    ReplyDelete
  4. @හිස් අහස:සමාවෙයන් හිස් හිස් අහස සහෝ මට ඔතන ඉන්න ඔක්කෝගෙන්ම අහන්න බැරි උනා එයාලගේ පොටෝ මූණු පොතේ හරි බ්ලොග් එකේ හරි දැම්මාට කමක් නැද්ද කියලා. ඒක ප්‍රශ්නයක් නෑ කිව්ව දෙන්නක් ඉන්නවා එයාලගේ නම් කියන්නම්. මොකද සමහර අය කැමති උනේ නෑ එයාලගේ පින්තූර දානවට :|

    ඒ පොටොඉ එකේ ඉන්න එකම ගෑණු පරානේ රෝස වලාකුළු ලියන නෙරංජි. ඊට වම් පැත්තෙන් අත් බැඳගෙන ඉන්නේ වෙන කව්ද ඉතිං ඒ අපේ මාරයා අයියා :)

    ReplyDelete
  5. @දුමී:පූසා ඔතන නම් නෑ. ඕකේ මැද්දේ තියන පොටෝ එක ගත්තේ මම මට මතක විදිහට. කැමරාව නෙරංජිගෙනේ. ඔය පොටෝ අයිති එයාට. මගේ මූණු පොත් ගිණුමට හෙට එයාගේ පොටෝ ටිකයි මගේ යාලුවාගේ පොටෝ ටිකයි දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

    ReplyDelete
  6. මොනව කිව්වත් ඔය දෙවෙනි ෆොටෝ එකට නම් මාරයා සෙට් උනේ මම කරපු ආරාධනාවක් උඩ, ඒ නිසා එහෙම කියන එක වැරදී මිනිහට. :)
    පසු පෙළ (වමේ සිට):
    1. සමාවෙන්න නම මතක නැත.
    2. ගයාන් කණිෂ්ක (කණියා)
    3. සමාවෙන්න නම මතක නැත.
    4. යොහාන් කණිෂ්ක (ගයාන් කණිෂ්කගෙ මලයා)
    ඉදිරි පෙළ:
    1. උදිත සේනාරත්න
    2. තිස්ස දොඩන්ගොඩ
    3. මාරයා
    4. මාධව හබරකඩ (මේ මං)
    5. නිරන්ජි කොහොන (අර අහසෙ නැති රෝස පාට වළාකුළු ලියන්නෙ.;) )

    ReplyDelete
  7. @නිම්ශා: සමාවෙන්න නංගියෝ මම පළවෙනි කොමෙන්ට් එකේ කියලා තියනවානේ හේතුව

    ReplyDelete
  8. හප්පටසිරි එතකොට මෙයාද මේ පූසා ? මගේ එහා පැත්තෙන් වාඩිවෙලා හිටියේ :D

    ReplyDelete
  9. හප්ප්ටසිරි Madhawa Habarakada කියලා තියෙන්නේ ඔක්කෝමව :)) ඔන්න මම නෑ ;)

    ReplyDelete
  10. @Dar[K]:හි හී ඒ මම තමයි :D

    ReplyDelete
  11. ඔන්න උඩ පින්තූරෙනම් මාත් ඉන්නවා....

    ReplyDelete
  12. අනේ අනේ හොර පූසෝ.....ඔයයි අන්තිමයයියා එක්ක කන කං මම කාපු කට්ට මේකෙ නෑ....මගේ ෆොටෝ හොරකම් කරලත් එක්ක....ඉන්නවකො .....

    මාධව අයියා ,,,මම නෙරංජි-නිරන්ජි නෙවෙයි..

    ReplyDelete
  13. @Neranji___නෙරංජි: ඔන්න බොරු කියනවා x( අන්තිමයා කිව්වේ නැද්ද වාඩි වෙලා ඉන්න කියලා කෝ හිටියේ නෑනේ. අනික අපිට කන්න විනාඩි 5ක් වත් ගියේ නෑ :p

    ReplyDelete
  14. හික්.. මාත් මේ ඉන්නේ :D

    ReplyDelete
  15. @Kanishka | කණියා: ඔව් ඔව් :)

    ReplyDelete
  16. සිරා සිරා මිත්‍රයා. මම හින්දා එකෙක්වත් කාළකණ්ණි වීම මට මාරම කාළකණ්ණි සතුටක් ඇති කලා. උඹට ජය!

    ReplyDelete
  17. උඹත් එක්ක කතා කරන්න පුලුවන් උන එක ගැන මට ඊට වඩා සතුටුයි........ බොක්කෙන්ම :)

    ReplyDelete
  18. අහ් දෙවැනි පින්තූරේ මාත් ඉන්නවා එළ එළ. මේකත් බලන්නකෝ
    http://kasuntec.blogspot.com/2010/12/blog-post.html

    ReplyDelete
  19. මිස් යූ ඕල් අනේ... එන්න බැරි වුණ එකට මාරම අවුල්.. අපහු හිරේ යන්න හිතෙනවා.. :( :(

    ReplyDelete
  20. කෝ මලයා... මගේ පොටෝ කට්ටක් හෙම නැතෙයි...

    ReplyDelete
  21. @සිරකරුවොත් මනුෂ්‍යයො‍් ය:දැන් ඉතිං මොනවා කොරන්නද ලබන පාරවත් එමු :)

    @jeew: මේකට ඔය පොටෝ කෑලි තුනක් හොයලා දැම්මේ අයියේ ඕං මූණු පොතේ අයියාගේ පොටෝ ඕන තරම් තියනවා මම දැක්කා :D

    ReplyDelete
  22. මමත් බ්ලොග් ලියන්න පටන් ගත්තෙ මුචය නිසා. ආවට දෙතුන් දෙනෙක් එක්කට වඩා කතා කරන්න හම්බ උනේ නැහැනෙ. යන්තම් මාරය, ලිශා, මුචේ එක්ක නම් කතා කරා. එච්චර තමයි.

    ReplyDelete
  23. අනේ මටත් හැමෝ එක්කම කතා කොරන්ට බැරි උනා. කොච්චර සේනාවක් නම් හිටියාද?

    ReplyDelete
  24. එහෙනම් අපිත් සෙට් වුනානේ .... :D

    ReplyDelete
  25. දුක තමා එන්න වුණේ නැහැනේ. ලබන පාර තමා බලන්න වෙන්නේ..............

    ReplyDelete
  26. @Hasitha:එහෙනම් ඉතිං ආයේ ලබන සැරේ තමයි

    ReplyDelete
  27. අයියෝ අපරාදෙ මටත් එන්න බැරි උනානේ... දැන්නම් දැක්කම ඉරිසියයි අප්පා..

    ReplyDelete
  28. ඕං ඉතින් ආවේ නැත්තම් කොරන්න දෙයක් නෑ දැන් ඊරිසියා කොරලා පලක් නෑ :p

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...