Sunday, January 23, 2011

ඇයට පෙම් කළ පාසල් කාලය.......


කලින් කතා දෙකකදී මම කිව්වානේ සුමුදු ගැනයි චාමි ගැනයි. ඔන්න බලපු නැති අයට ඒ කතා දෙක
මම ඒ දෙකේදිම කිව්වා මගේ හිතේ තිබ්බේ උපෙක්ෂා ගැනමයි කියලා. අද කියන්න යන්නේ මම උපේක්ෂාට ආදරෙයි කියලා වුන දේ ගැන.

අර දෙන්නා ගැන මුලින් කිව්වා වගේම මම මුලින් උපේක්ෂා ගැනත් පොඩ්ඩක් කියලා ඉන්නම්. උපේක්ෂා සුමුදුටයි චාමිටයි දෙන්නටම වඩා ලස්සනයි.(උන් දන්නා කැත නෑ හොඳේ). ඒ වගේම අපේ පංතියේ හිටපු ඉගෙන ගන්න දක්ෂම කට්ටියගෙන් එක්කෙනෙක්. ඉගෙන ගන්න දක්ෂයි කිව්වට අර ලෝකේ පෙරළුනත් දන්නේ නැති ගානට  පොතේ ඔළුව ඔබන් ඉන්න ජාතියේ කෙල්ලෙක් නෙමෙයි ඕං ;) ඒ වගේම වැඩි දැඟලිලක් නෑ.(අර දෙන්න වගේ). ඔන්න ඔය හේතු නිසාම වෙන්න ඇති එයාට මගේ හිත ගියෙත්.

10 වසරෙදි(සුමුදුගේ කතාව යන කාලේ) එක දවසක් මම උදෙන්ම ඉස්කෝලේ පටන් ගන්න කලින් ඔහේ කැරකි කැරකි ඉන්න ගමන් ගියා අපේ එහා පංතිය පැත්තේ පොඩි රවුමක් දාන්න. එතන මගේ යාළුවෝ දෙන්නෙක් පොඩි කතාවක්. යාළුවෝ උනාට ඉතින් අර චණ්ඩි කියලා ගණන් ගන්න කට්ටියගෙන් දෙන්නෙක්. මාව දැක්ක ගමන් එකෙක් මගෙන් අහනවා

අඩෝ මේ උපේක්ෂා උඹලගේ පංතියේ නේද?

ඔව්

ආයේ උන් දෙන්නා කතා වෙනවා
මම උපේක්ෂාට ට්‍රයි බං. වැඩේ අවුලක් නෑ වගේ.

ඒක ඇහුවාම මම ෆුල් අප්සට් වෙලා ගියා. මගේ මූණ වෙනස් වෙනවා දැකපු අරුන් දෙන්නාගෙන් එකෙක් මගෙන් අහනවා.

මොකද උඹත් ට්‍රයිද?

අහ් නෑ..... නෑ බං එහෙම එකක් නෑ

එහෙම එකක් නෑ කියලා කිව්වට මොකද ඒ වෙලාවේ මට වැඩේට හොඳටම අප්සට්. ඒත් මට හොඳටම විශ්වාසයි උපේක්ෂා වගේ කෙල්ලෙක් අරූ වගේ එකෙක් එක්ක යාළු වෙන්නෙ නෑ කියලා. ඒත් කියන්න බෑනේ. ඉතින් මම හිතා ගත්තා ෂේප් එකේ මේක ගැන උපේක්ෂාගෙන් අහන්න. කොහොමත් ඒ වෙනකොට අර තුන් කට්ටුව(සුමුදු,චාමි,උපේක්ෂා) මගේ හොඳම යාළුවෝ. දවසක් මම හොඳ වෙලාවක් බලලා නිකම් විහිළුවෙන් වගේ අහලා බැලුවා

අන්න රොෂාන්(අරුන් දෙන්නාගෙන් එකෙක්) ඔයාට කැමතියිලු

රොෂාන්???
ඊයා මම ඒ වලහාට කැමති නෑ.

ඒ වෙලාවෙනම් හිතේ තිබුණ ලොකු බරක් නිදහස් වුනා වගේ දැනුනා :D ඊට ටික දවසකට පස්සේ රොෂානයා උපේක්ෂාගෙන් අහලා තිබ්බා. ඒත් උපේක්ෂා ඌට කැමති වුනේ නෑ. ඔන්න ඔයවගේ සිදුවීමුත් එක්ක 10 වසර ගෙවිලා ගියා. හැබැයි මම උපේක්ෂාට ගොඩාක් ලං වුනා.

11 වසරට ආවාමනම් අපි ඔක්කෝටම තිබුණේ සාපෙ සිහිය. සාපෙ ඇරුනාම මගේ නම් සිහියේ තිබ්බේ උපේක්ෂා ගැන. ඔය කාලේ මට ජංගම ෆෝනයක් තිබුණේ නෑ. හැබැයි ගෙදර පාවිච්චියට කියලා ජංගම ෆෝනයක් තිබ්බා. දවසක් ඒකට එස්.එම්.එස් එකක් ආවා මට තාම මතකයි ඒ එස්.එම්.එස් එක. බොරුවට අකුරු ගොඩාක් ටයිප් කරලා අන්තිමට එයාගේ නම ලියලා තිබ්බා අකුරු දෙකක් හිස් තැන් තියලා මෙන්න මේ වගේ UPEK_ _A. ඒ වගේ එව්වේ ඇයි කියලා මම අහුවාම නම් කිව්වේ අපේ ගෙදර උදවිය දැකලා මට බනී කියලා බය හිතුන නිසා එහෙම එව්වයි කියලා. එදානම් මට හරිම හැපී. මම ඒ එස්.එම්.එස් එකට ප්‍රතිචාර දක්වලා එස්.එම්.එස් තුනක්ම යැව්වා. හැබැයි එයාගෙන්නම් එදා වෙන එස්.එම්.එස් ආවේ නෑ. එදායින් පසේනම් ඕන තරම් අපි දෙන්නා අතරේ  එස්.එම්.එස් හුවමාරු වුනා. ඔය එස්.එම්.එස් සීන් එකට පින් සිද්ධ වෙන්න තමයි මම උපේක්ෂාට ගොඩාක්ලං උනේ. ඔය කාලේ මගේ ඔළුවේ මහා ගොං අදහසක් තිබුණා. ඒ තමයි සාපෙ ඉවර වෙනකම් කෙල්ලෙක් එක්ක යාළු වෙන්නේ නෑ කියන එක. ඔය අදහස මගේ ඔළුවට දාන්න ඇත්තේ ඒ දවස්වල ගිය අතිරේක පංතිවල ගුරුවරු තමයි. ඉතින් මම හිතාගෙන හිටියේ සාපෙ ඉවර වෙලාම උපේක්ෂාට කියනවා කියලා.

10 වසරේ ඉඳන්ම මම ගණන් කාරයා. ඒ කිව්වේ ගණිතය විෂයට වැඩියෙන්ම ලකුණු ගත්තේ මම. නැතුව ඔය වලි වලට ගිහින් නම් නෙමෙයි මම ගණන් කාරයෙක් උනේ. කොහොම හරි 11 වසරට එනකොට මම තමයි ශ්‍රේණියේ ගණන් වලට වැඩිම ලකුණු ගන්න එකා වෙලා තිබ්බේ. (එහෙම හිටපු එකාව අද මේ ඉන්න තැන ඇදලා දැම්මේ උපෙ තමයි :( )ඉතිං ඔය දවස් වල අපේ පංතියේ කෙල්ලෝ එනවා මගෙන් ගණන් අහගන්න. අප්පේ මගේ වටේට කෙල්ලෝ හතර පස් දෙනෙක් වට වුනාම අපේ පන්තියේ කොල්ලෝ ටිකට උන්ව එළවනකම් මෙලෝ සිහියක් නෑ ;) ලෝකේ නැති දේවල් කියවනවා. උපේක්ෂානම් මගෙන් දෙයක් අහගන්න එන්නේ බොහෝම කලාතුරකින් වුනත් එයා ආපු වෙලාවට ළඟින් වාඩි වෙලා කියලා දෙන්න මම ගොඩාක් ආසා කළා.

කොහොමින් කොහොම හරි සාපෙ ලං වෙනකොට අපි දෙන්නා ගොඩාක්ම හොඳ යාළුවෝ වෙලා හිටියා. (අහ් තව අර බර්ත් ඩේ කාඩ් සීන් එක වුනෙත් ඔය කාලෙදිමයි.) දන්නවානේ සාපෙ ලං වෙනකොට කට්ටිය වැඩිය ඉස්කෝලේ යන්නේ නෑනේ. ඉතින් ඒ දවස්වල දවසක් හැර දවසක් අපි දෙන්නා කෝල් කරලා කතා කරන්න තරම් හොඳ යාළුවෝ වෙලා හිටියේ. ඉස්කෝලේ එනවානම් අපි කතාවෙනවා. සමහර දවස් වලට උදේන්ම කතාකරලත් අහපු දවස් තිබ්බා ඉස්කෝලේ එනවාද කියලා. තව රෑ වෙනකම් පාඩම් කරනකම් වැඩ කළේ අර රිං කට් කියන මෙ'ත'ඩ් එකෙන්. එකට දෙකට එයා නිදා ගන්න යන වෙලාවට එස්.එම්.එස් එකක් එවනවා.

(ෆෝන් කතා කියනකොට තව දයක් මතක් වුනා කතාවට අදාල නැති වුනත් කියන්නම්. ඔය කාලේදිත් මම පාවිච්චි කළේ මේ දැන් තියන මොබිටෙල් නොම්මරේමයි. ඒ දවස්වල මම කෝල් ගත්තේ විනාඩියට රුපියල් 13 යි ශත ගානකුත් දීලා. අපේ තාත්තා නම් විනාඩියට රුපියල් 15ක් දීලත් කෝල් ගන්නවා මතකයි. අහනකොටත් බය හිතෙනවා නේද දැන් කාලේ නම් විනාඩි කීයක්ද :o )

ඔන්න ඔහොම සාපෙ ඉවර වුනා කියමුකෝ. ඊට පස්සේ ෆුල් ආතල් නිවාඩු කාලේ. ඔය දවස් වල තමයි හොඳ හොඳ දේවල් වුනේ.(ෆුල් ආතල් නිවාඩු කාලේ කිව්වාට මහාලොකු නිවාඩුවක් තිබ්බේ නෑ. සති දෙක තුනක් යනකොට උපෙ අතිරේක පංති පටන් ගත්තා :( )

අනේ මේ කතාව දිග වැඩියි වගේ. එක දිගට කියන් ගියොත් හොඳම හරියෙදී කම්මැලි හිතෙයි. එහෙම වුනොත් අපරාදේ. කණගාටුවෙන් වුනත් කතාව කුට්ටි කරලා දාන්න වෙනවා. වැඩිය අදින්නේ නෑ ඊළඟ කොටසින් ඉවර කරනවා :)

ප.ලි: සාපෙ = සාමාන්‍ය පෙළ
         උපෙ = උසස් පෙළ

18 comments:

  1. අයියෝ ඉක්මනට අනික් ටික ලියපන් ...

    ReplyDelete
  2. එල එල පූසෝ! ඔහොම යං.........ඉතුරු ටිකත් ඉක්මනට දාන්න

    ReplyDelete
  3. තවම පොඩි එකෙක් වගේ.
    පාසල් සමයෙ මේ වගේ කතා ඇත්තටම රසවත් මුඵ එකම ලිව්වනම් ඉවරනෙ එක සැරේටම.

    ReplyDelete
  4. :(( :(( :(( :(( කතා කුට්ටි එපෝ......................

    ඒ කාලේ ඒ ගනන් වලටත් ෆෝන් වලින් මල් කඩපු අය හිටියනේ ඉතින්...... =))

    ReplyDelete
  5. @all: ඉතුරු ටික දිගයි එකයි කුට්ටි කළේ ඉන්න ඒ ටිකත් අද හෙටම දාන්නම්..... :)

    @``` Outsider```: බ්ලොග් ලියන ඔක්කෝම කට්ටියත් එක්ක බැලුවාම නම් මම ටිකක් පොඩියි තමයි. ඒ වුනාට එච්චරම පොඩිත් නෑ :D

    @හා පැටික්කි (MS): බොල හාවියේ ඔහොම කොලොප්පමට හිනා වෙන්න එපා බං මට ලැජ්ජයි ;))

    ReplyDelete
  6. හ්ම හ්ම්ම්ම්ම්... දහය එකොළහ තමා ඉතින් මොලේ විකාර වෙන කාලේ... ;)

    ReplyDelete
  7. @චතුවා (ළමයා): උඹටත් ඉතින් ඇක්ස්පීරියැන්ස් ඇතිනොවැ :))

    ReplyDelete
  8. මාත් අද තමයි ගොඩ වැදුනෙ. ඊලග එකත් දාන්න ඉක්මනින්ම. ඔය O/L, A/L කරන කාලෙ කෙලපු පිස්සු නම් එමටයි තමා. දැන් ඒවා මතක් වෙනකොට ඉන්ටරෙස්ට් තමයි.

    ReplyDelete
  9. අඩෙ මටත් මුලින් ම මොබයිල් ෆොන් 1ක් සෙට් උනේ ඔය සා.පෙ.න් පස්සෙ තමයි. යසයි සා.පෙ ලග තියන් කරල තියෙන එව්ව.. හික්zzz

    ReplyDelete
  10. @Gayan Rupasinghe: අප්පේ අපි කරපුවා මොනවද අපේ සමහර උන් කරපුවා හැටියට ;)

    ReplyDelete
  11. එල කතාවනේ... ඉතුරු ටිකත් දාපන් මචන්..

    ReplyDelete
  12. හොඳ හොඳ දේවල් එලිවෙන ජාමෙට ...නිවාඩු කාලේ තමයි මම හිතන්නේ හොඳම දේවල් සිද්දවෙන්නේ ..නියමෙට ලියලා තියෙන්නේ ...

    සාපේ ඉවර වෙනකම් කෙල්ලෙක් එක්ක යාළු නොවී උන්න එක එක අතකින් හොඳයි බං ...මොකද සාප දෙකක් එකපාර විඳින්න අමාරුයිනේ ..

    ජය වේවා !!

    ReplyDelete
  13. හරි මෙන්න මේකත් කියෙව්වා.
    සා පෙ ගොඩ ගියා වෙන්ටැ
    උ පේ කෙලෝ ගත්තද??

    ReplyDelete
  14. @හිස් අහස:
    සිරාවට පාන්දරට මරුවට ලියවෙනවා බං :)

    හිහී සාප 2ක් :))

    ReplyDelete
  15. @දුකා: අපෝ උපෙ ගැනනම් කතා කරන්න එපා :(

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...